තමිල්නාඩුවයි අපයි කීර්ති වර්ණකුලසූරියයි


පහත පළ වන්නේ ශ්‍රී ලංකාව විසින් බිහි කරන ලද විකෘති ම මාධ්‍යකරුවන් අතරින් එක් අයෙකු ලෙස සැලකිය හැකි කීර්ති වර්ණකුලසූරිය විසින් දිවයින පුවත්පතට ලියන ලද ‘ප්‍රවෘත්තියකි.’
තමිල්නාඩු නියෝජ්‍ය මහඇමැති ලබන සතියේ යාපනේ
කීර්ති වර්ණකුලසූරිය
යාපනයේ පුස්තකාලයට පොත් බෙදාදීමේ මුවාවෙන් උතුරේ හමුදාව රැඳී සිටීම ඇතුළු තොරතුරු සොයා බැලීම සඳහා තමිල්නාඩු නියෝජ්‍ය මහ ඇමැති ඕ. පනිර් සෙල්වම් සහ අධ්‍යාපන ඇමැති ඒ. සෙන්කොටායන් ඉදිරි සතියේදී යාපනයට පැමිණෙති.
මෙවැනි ප්‍රවෘත්ති ලිවීම අපරාධයක් නොවන්නේ කෙසේ ද යන්න මට පැහැදිලි නැත. එය ප්‍රවෘත්ති කලාව හා සම්බන්ධ කිසිදු විද්‍යාවකට අයත් වන්නේ නැත. එහි තිබෙන නිගමනයට එළඹීම සඳහා අදාළ කරගත් කිසිදු මූලාශ්‍රයක් දක්වා නැත. යමෙකුට සිය මතය ප්‍රකාශ කිරීමේ නිදහස තිබෙනමුත් එම මතයට ඉවහල් කරගත් හේතු සාධක පැහැදිලි කිරීමේ වගකීමක් මතය ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරන්නාට තිබිය යුතු ය. මතයක් දැරීම හා එය ප්‍රසිද්ධ මාධ්‍යයක් ඔස්සේ ප්‍රකාශ කිරීම යනු එකක් නොවේ. දෙකකි. මතයක් ප්‍රසිද්ධ කිරීම මතයක් දැරීමට වඩා වගකීමකින් කළ යුතු දෙයකි.
කීර්ති වර්ණකුලසූරිය එතරම් බැරෑරුම්ව නොගත යුතු විහිළුවක් බව සැබෑ ය. දිවයින පුවත්පත ද ඒ මට්ටමට ඇද දමන්නට ඔහු වැනි අය හේතු වෙති. ඒ කෙසේ වෙතත්, මෙවැනි අදහස් යනු ලංකාවේ සමාජයේ එතරම් දුලබ අදහස් නොවන බව ද අප තේරුම් ගත යුතු ය. එබැවින් මේ පිළිබඳ අපගේ අවධානය යොමු කළ යුතු ය.
පනීර් සෙල්වම් යනු ජයලලිතා නායකත්වය දුන් සමස්ත ඉන්දීය අන්නා ද්‍රවිඩ මුන්නේත්‍ර කලහම් පක්ෂයේ ජ්‍යේෂ්ඨ නායකයෙකු වන අතර ජයලලිතා සිරගත වීමෙන් පසුව මහඇමති ධුරයට පත් වුණේ ද ඔහු ය. ඔහු වර්තමාන නියෝජ්‍ය මහඇමතිවරයා ය. ඔහු සමග යාපනයට පැමිණෙන ඒ. සෙන්කොට්ටායියන් ද එම පක්ෂයේ ජ්‍යේෂ්ඨ දේශපාලනඥයෙකි.
මේ පිළිබඳව විග්‍රහයක් ලියමින් සිටිමි. සති අග පුවත්පතකට යවන්නට අදහස් කරමි. ඉන් පසු මෙහි පළ කරමි.

Comments

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා