වරෙන්තුකාර උදේනි අතුකෝරළ සභාවේ රියෙන් ගමනේ


රාජපක්ෂ ආණ්ඩුවක් හදිසියේ, හදිසියේ අවශ්‍ය අය කවුරු ද? හදිසිකාරයන් තේරුම් ගන්නට උදාහරණයක් මෙන්න.
උදේනි අතුකෝරළ පොදුජන පෙරමුණේ ලොක්කෙකි. වලල්ලාවිට ප්‍රාදේශීය සභාවේ සභාපති ය.
කලින් වතාවේ සභාපති ධුරය දරණ අතරතුර සභා බලප්‍රදේශය හරහා පස් ප්‍රවාහනයට අවසර දීම සඳහා තමන්ගේ ම පක්ෂයේ බෙන්තර ප්‍රාදේශීය සභාවේ සභාපතිගෙන් අල්ලසක් ගනිද්දී අතට ම හසු වූයේ ය. සුළුපටු අල්ලසක් නොවේ. ලක්ෂ 15කි. එයින් දහයක් ගනිද්දී අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසන් සභාවේ නිලධාරීන් විසින් 2013 වසරේ ජුනි මස 12දා ඔහු අතට ම අල්ලා ගත්තේ ය.
දැන් ඒ නඩුව විභාග වෙමින් තිබේ. පසුගිය 5දා මෙම නඩුව සම්බන්ධයෙන් කොළඹ මහාධිකරණයේ පෙනී නොසිටීම නිසා ඔහුට එරෙහිව වරෙන්තු නිකුත් කරන ලදී.
එහෙත් මේ වරෙන්තුකාරයා තවමත් ගෙදර නිදැල්ලේ සිටිනවා පමණක් නොව, ගමන් බිමන් යන්නේ ද ප්‍රාදේශීය සභාවේ ඩබල් කැබ් රථයෙන් බව ඇසින් දුටු ප්‍රදේශවාසීහු පවසති. ඔහුගේ වරෙන්තුව තවම ප්‍රදේශයේ පොලිසියට ලැබී නැතුවා වන්නට පුළුවන. කෙසේ වෙතත්, පොලිසියට කොකා පෙන්නීමේ හැකියාව තවමත් මොවුන්ට තිබේ.
ඔහුගේ නඩුව අගෝස්තු 8දාට කල් තබා තිබේ. මොවුන්ට උවමනා කර තිබෙන්නේ නඩු කල් දමාගෙන ගොස් රාජපක්ෂ ආණ්ඩුවක් බලයට පත් වූ විට ඒවායින් නිදහස් වීමටයි.
නීතියක් නැති රටක් වෙනුවෙන් ඔබත් උදේනිලා පසුපස යනවා ද? සිතන්න.
මෙවන් පගා මරුවන් බලයට පත් කර ගත් අත් වැරැද්ද නැවත සිදු නොවන්නට වග බලා ගනිමු. එකම වරද දෙවරක් නොකරමු.

Comments

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා