මේ සීදේවි පොටෝ කෑල්ල



දේශපාලකයන්ට තමන්ගේ රූපය හා නම රජයේ කාර්යාලවල සහ මහජන දේපලවල ප්‍ර‍දර්ශනය කරන්නට තිබෙන ආශාව ලාංකික දේශපාලනයේ සුවිශේෂ ලක්ෂණයකි. එසේ ප්‍ර‍දර්ශනය කරගැනීම සඳහා බොහෝ විට යොදාගැනෙන්නේ මහජන මුදල් ය. එය කලාවක් නම් මහින්ද රාජපක්ෂ එහි පිකාසෝ ය.
වයඹ ප්‍ර‍ධාන ඇමති ධර්මසිරි දසනායකගේ ඡායාරූපය බිත්තියේ එල්ලාගැනීම සඳහා විදුහල්පතිවරුන් එක්කෝ තමන්ගේ අතින් මුදල් වියදම් කළ යුතු ය. නැතිනම් පාසල් දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් වෙන් කර ඇති යම් මුදලක් ඒ සඳහා වෙන් කළ යුතු ය. එසේ බොහෝ විට වියදම් කරන්නේ පාසල් දරුවන්ට හුණු කූරු වැනි දෙයක් ගන්නට තිබෙන මුදල් ය. 
ධර්මසිරි දසනායක ජාතියේ ම නිර්මාණාත්මක විදුහල්පතිවරයකු සිටියහොත් ඒ සඳහා ගුරුවරුන්ගෙන් ගානක් පඩියෙන් කපාගන්නට වුව ඉඩ තිබේ. 

Comments

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා