Posts

Showing posts from June, 2014

බියෙන් අත්මිදෙමු! මංගල සටනේ

Image
මංගල කටට බ්‍රේක් ගසා නො ගත්තොත් ජනතාව ඔහු පිළිබඳ බලා ගනු ඇති බව ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ පවසා තිබේ. ඇත්තෙන්ම ජනතාවගෙන් පරිස්සම් විය යුතු ය. කුපිත වූ කුපිත කළ හෝ සාමාන්‍ය හෝ අසාමාන්‍ය හෝ ජනතාව මොනවා කරයිදැයි කාටවත් කියන්නට බැරි ය. මෙතෙක් කල් කොහේවත් නො සිටි ජනතාව හිටි හැටියේ පැමිණ පොලිසියේ පැමිණිලි දමති. ඒ කවුරුවත් ඔවුන්ට එසේ කරන්නැයි කී නිසා නො වේ. අනෙක හඳුනාගත නො හැකි ජනතාව ද සිටිති. උදාහරණයක් ලෙස පසුගිය දිනෙක කර්මාන්ත හා වානිජ අමාත්‍යාංශය වටලා එහි වටරැක විජිත සෙවූ, පොලිසියට ද බල්ලන්ට ගසන්නට උරුක් කරන්නා සේ අතපය උරුක් කළ සිවුරු ඇඳි ජනතාවගෙන් එකෙක්වත් හඳුනා ගත නො හැකි බව පොලිසිය අධිකරණයට වාර්තා කළේ ය. එය බොරුවක් නො වේ. පොලිසිය බොරු කියන්නේ නැත. වටරැක විජිත වැනි බොරු කියන්නෝ හිරේ ය. මෙවැනි නො හඳුනන ජනතාව ඊට වඩා එහා ගිය දේ ද කරති. ලසන්ත වික්‍රමතුංග මාධ්‍යවේදියා මහ මහමගදී මරා දැමූ ජනතාව තවමත් හඳුනා ගෙන නැත. ඒ නිසා මංගල පරිස්සම් විය යුතු ය. ලංකාවේ ගේම ඔය පකිස්තානයේ වැනි හිරේ යන, රටින් පිටුවහල් වන, ආපසු එන, ඡන්ද දිනන ආකාරයේ එකක් නො වේ. මෙහි දේශපාලන ගේම පකිස්තානයටත

කපුවා දේවාලයේ මළපහ කිරීම හෙවත් පන්විල හාමුදුරුවන්ට බෞද්ධයෝ ගසා වැදෑරීම

Image
පන්විල පත්තේ පන්සලක හාමුදුරුවන්ට සිවුරු ගලවා සරමක් අන්දා පහර දී බස්පොළක ගස් බැන්ද බව කියන 28දෙනෙක් පන්විල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඒ අය අතර ගැහැනු, පිරිමි සම සේ සිටිති. එක් අයෙක් 17 හැවිරිදි පිරිමි ළමයෙකි. ඒ පැත්තේ ජනතාව පොලිසිය වට කර පොලිසියට ගල් මුගුරුවලින් පහර දී නැත. පොලිසිය පිරිස විසුරුවන්නට කඳුළු ගෑස් ගසා නැත.  හාමුදුරුවන් රෝහලෙන් පිට වී එන විට ප්‍රදේශයේ ශාසනාරක්ෂක බලමණ්ඩලය විසින් පිළි අරගෙන ලොකු රැස්වීමක් පවත්වා නැත. ඒ රැස්වීමට මධුමාධව අරවින්ද පැමිණ කැතට එස්. මහින්ද හිමිගේ කවි කියා සිය අග්‍රගන්‍ය ගායන කුසලතාව ප්‍රදර්ශනය කළේ නැත. ඥානසාර පැමිණ ගහපු එවුන්ගේ කඩවලට, ගෙවල්වලට අබ සරණ පැතුවේ නැත. හාමුදුරුවන් අරගෙන ගහපු එවුන්ගේ ගම මැදින් පෙළපාලි ගියේ නැත.  ඒ නිසා ඒ පැත්තේ කිසිදු කලබලයක් ඇති වී නැත.  ඒ ඇයි? රහස මේකයි.  කපුවාට දේවාලයේ රෙන්න වුණත් පුළුවන් නිසා ය. මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරී

සුන්දර ඉංගිරිසි: බජාර් භාෂාව හා කැම්පස් භාෂාව

Image
කැම්පස් එකයි බජාර් එකයි කියන්නේ සම්පූර්ණයෙන් ම වෙනස් තැන් දෙකක් වුණත්, මේ ක්ෂේත්‍ර දෙකේ භාවිතා වන භාෂා උප කුලකයන් තුළ අපූරු සමානත්වයක් තිබෙනවා. මේ ක්ෂේත්‍ර දෙකේ ම අපූරු වචන නිර්මානය වෙන ආකාරය දකින්න පුළුවන්. ඒ වගේ ම සෑහෙන ඉංග්‍රීසි වචන ප්‍රමාණයකුත් මෙහි භාවිතයේ පවතිනවා. මෙහි වචන නිර්මානය වන ආකාරය හරි රසවත්. දැන් හුඟ දෙනෙක් භාවිතා කරන යෙදුමක් තමයි, කට්ට කනවා කියන එක. රූකාන්ත ගුණතිලක ගයන ගීයකත් 'කටු කාලයි මෙතෙන්ට ආවේ' කියනවා. මොකක්ද මේ කටු කෑම? මෙය නිර්මානය වුණේ 'කටුකයි' නම් වදන 'කටු කයි' ලෙස ඛන්ඩනය කර ගැනීමෙන්. ඊට පස්සෙ මෙය කටු කනවා, කට්ට කනවා ආදී වශයෙන් වෙනස් වුණා. මළ පනිනවා කිය එකත් එවැනි යෙදුමක්. අර්ශස් රෝගීන්ට කේන්ති යනවා. කේන්ති ගියා ම අර්ශස් රෝගීන්ට මළ පොඩ්ඩක් පහ වෙන්න පුළුවන්. මළ පැනීමේ මුල තිබෙන්නේ එතැන. බජාර් කියන වචනය bazar නම් වදනින් හැදුණු එකක්. එය ඉංග්‍රීසියට පැමිණියේ පර්සියානු භාෂාවෙන්. ලංකාවට පැමිණියේ ඉංග්‍රීසියෙන් නො වෙන්න පුළුවන්. කැම්පස් කියන්නෙත් ඉංග්‍රීසි වදනක්. එය සිංහල තත්සම වදනක් වෙලා. කැම්පස්  තේරෙනවා, කැම්පස් යනවා කියලා ක්‍රි

පාපන්දු ලෝක කුසලානයට පයින් ගැසූ බ්‍රසීලය

Image
බ්‍රසීලය පාපන්දු ක්‍රීඩා ලෝලී දේශයකි. එරට හය වතාවක් ම පාපන්දු ලෝක කුසලානය දිනාගෙන ඇත. මේ වතාවේ පාපන්දු ලෝක කුසලාන තරගාවලිය පැවැත්වෙන්නේ බ්‍රසීලයේ නිසා ඔවුන්ට තමන්ගේ ර‍ටේදීම ජය තහවුරු කර ගැනීමේ අවස්ථාවක් උදා වී තිබේ. බ්‍රසීලය 2014 පාපන්දු ලෝක කුසලාන සත්කාරකත්වය දිනා ගැනීම සඳහා මහත් පරිශ්‍රමයක් දැරූ අතර 2007දී ඒ අවස්ථාව තහවුරු වූ මොහොතේ ලක්ෂ ගණනින් බ්‍රසීල ජනයා වීදි බැස ප්‍රීති ඝෝෂා කළ හ. එහෙත්, සත් වසකට පසු පාපන්දු ලෝක කුසලානය ඇරඹෙන මොහො‍තේ බ්‍රසීලයේ එතරම් උත්සවශ්‍රීයක් තිබුණේ නැත. ඒ ඇයි? බ්‍රසීලය ක්‍රොඒෂියාව සමග තරග වදිමින් ලෝක කුසලානය ආරම්භ කිරීමට නියමිතව තිබුණු සාවෝ පෝලෝ නගරයේ වීදි විරෝධතාවාදීන්ගෙන් පිරී ඉතිරී ගියේ ය. නගරයේ උමං දුම්රිය මාර්ග සේවකයන් දින ගණනක සිට වැඩි වැටුප් ඉල්ලා වර්ජනය කරමින් තිබිණි. නගරයේ ප්‍රවාහන පද්ධතිය මුළුමනින් ම පාහේ අක්‍රිය වී තිබිණි. කඳුළු ගෑස් ප්‍රහාර ද එල්ල විය. පාපන්දු ලෝලීන්ට සමාරම්භක උත්සවය පැවති ඇරීනා කොරින්තියන්ස් ක්‍රීඩාංගනයට පැමිණීම ද ගැටලුවක් වී තිබිණි. උමං දුම්රිය සේවකයන් සිය වර්ජනය අත්හළේ අන්තිම මො‍හොතේ ය. මේ අතර ගුවන් තොටුපළ සේවකයෝ ද වර්

අලුත්ගම ගැන නිව්යෝක් ටයිම්ස් කතුවැකිය

Image
අලුත්ගම ගැන නිව්යෝක් ටයිම්ස් කතුවැකිය ලංකාවේ සිදු වන හදි ‍ගැන ජාත්‍යන්තර ප්‍රජාව හිතන ආකාරය ගැන ඉඟියක් දෙයි. බොදු බල සේනාව රාජපක්ෂ පවුලට හා ආරක්ෂක අංශවලට සම්බන්ධ බව එහි කියැවේ. මෙතැනින් ඒ ගැන අපේ අදහස් හා අදාළ කතුවැකියට පිවිසිය හැකි ය.  මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු. Read in English blog.parakum.com

පොලිසිය බොදු බල සේනාවේ සන්නද්ධ අංශය ද?

Image
**** Read: Hail Gotabhaya Rajapaksa, but prevention is better than cure මේ දිනවල සමාජ ජාල ඔස්සේ වයිරල් වෙමින් තිබෙන වීඩියෝවක දැක්වෙන පරිදි ශ්‍රී ලංකා පොලිසිය පාරේ යන මිනිසුන්ට වෙඩි තබා මරන්නේ අතේ ධර්ම චක්‍රය පැළඳගෙන ය. පොලිසියත්, ආගමත් අතර බැඳීම ඊටත් එහා ගොස් ඇති බව දැන් දැන් සිදු වන දෙයින් පෙනේ.  පොලිසිය යනු බොදු බල සේනා වැනි සිංහල බෞද්ධ ත්‍රස්තවාදී සංවිධානවල සන්නද්ධ අංශය ද යන සැකය මතු වන අවස්ථා කීපයකි මේ. බොදු බල සේනාවේ ගලගොඩඅත්තේ ඥානසාර විසින් අවුස්සන ලද බෞද්ධයන්ට දැඩි ආතතියක් පැවති මුස්ලිම් ආධිපත්‍යයෙන් යුත් ධර්ගා නගරය මැදින් පෙළපාලි යන්නට අවසර දුන්නේ පොලිසියයි.  ධර්ගා නගරයේ ඇඳිරි නීතිය මැද ජාතිවාදීන්ට විනාශකාරී ක්‍රියාවල යෙදෙන්නට ඉඩ දුන්නේ පොලිසියයි. මතුගම නගරයේ මොබිටෙල් නියෝජිතායතනයේ සී.සී.ටී.වී. කැමරාවේ සටහන් වී ඇති ආකාරයට කඩ කඩන විට එතනින් ට්‍රැෆික් බයිසිකලයකින් හීන් සැරේ මාරු වෙන්නේ ද පොලිසියයි. මුස්ලිම් මිනිසුන් ‍බේරා ගැනීම සඳහා ගිය එජාප මන්ත්‍රී පාලිත තෙවරප්පෙරුමට ආරක්ෂාව සපයන්නට කියා ජීපි රියකින් ඉදිරියෙන් ගොස් මැරවරයන් අසලදී ඔහු‍ගේ රථයට ඉදිරියට යා නොහැකි වන පර

බොදු බල සේනා - නෝර්වේ කුමන්ත්‍රණය කුමක් විය හැකි ද?

**** Read: Hail Gotabhaya Rajapaksa, but prevention is better than cure ලංකාවේ වෛරී ප්‍රකාශනයේ රජු වන්නේ ගලගොඩඅත්තේ ඥානසාර භික්ෂුවයි. ඔහු නායකත්වය දෙන බොදු බල සේනා සංවිධානය විසින් පළමු වරට සිංහල බෞද්ධ ත්‍රස්තවාදයක් ලොවට හඳුන්වා දෙන ලදී. පහත ඇති වීඩියෝවේ තිබෙන වෛරී ප්‍රකාශ හැරුණු විට, ගලගොඩඅත්තේ ඥානසාර කොම්පඤ්ඤවීදිය පොලිසියේදී ම වටරැක විජිත භික්ෂුව ගැන කීවේ ඔහු තමන් සොයමින් සිටි ගොදුරක් බවයි. ගොදුරු ගිලින්නේ මාංශභක්ෂක සත්තු බව අපි කවුරුත් දනිති. මිනිසුන් ගොදුරු කර ගන්නේ ම්ලේච්ඡයෝ ය. බොදු බල සේනාව බිහි වී තවම වසරක් නැත. මේ වන විට එය ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස නම් කරනු ලැබ හමාර ය. ජීවිත හයක් බිලි ගත්, නිවාස හා දේපල රැසක් විනාශ කල වර්ගවාදී කෝලාහලයක නිර්මාතෘන් වී ද හමාර ය. බොදු බල සේනාවට මෙතරම් වේගවත් ගමනක් යන්නට ජොහොර් එක ලැබුණු ආකාරය විමසා බලන විට අවධානයට ලක් විය යුතු කරුණක් වෙත ඇස යොමු වේ. අපි සාමාන්‍යයෙන් කුමන්ත්‍රණ න්‍යායට ඇල්මක් දක්වන්නේ නැත. එහෙත්, බොදු බල සේනා නායකයන් මේ තරම් වයින් වෙන්නේ නෝර්වේ රටට ගොස් එහිදී දෙමළ ඩයස්පෝරාව සහ එල්.ටී.ටී.ඊ. කොටස් සමග සාකච්ඡා කර ආවාට පසු ය.

විජිත ඇතුලේ - ඥානෙ එළියේ

Image
පොලිසිය වහා ක්‍රියාත්මක වී වටරැක විජිතට පහර දීම පිළිබඳ අල ගිය තැන් මුල ගිය තැන් වැල ගිය තැන් සොයා ගත්තේ ය. මේ වන විට වටරැක විජිත අත්අඩංගුවේ ය.  චෝදනාව මහ ලොකු එකක් නො වේ. බොරු පැමිණිල්ලක් දැම්මා ය කියා ය.  ඥානසාරට තිබෙන චෝදනා බරපතල ය. එහෙත් ඥානසාර එළියේ ය. ඔහු ඊයේ සිය බලය පෙන්වීම පිණිස මහනුවරදී මොකක්දෝ තොවිලයක් ද නැටුවේ ය. ඒ ආණ්ඩුව බිය වද්දන්නට ය. තමන් අත්අඩංගුවට ගත්තොත් දිවි දෙන්නට සූදානම් පිරිසක් ඉන්නවා ය කියා පෙන්නන්නට ය. අත් අඩංගුවට ගත්තා නම් ඒ හරිය බලා ගන්නට පුළුවන.  එහෙත්, ආණ්ඩුව ඥානසාර අත්අඩංගුවට ගන්නේ නැත. ඥානසාර ලිහා දැමුවේ තමන් බව ආණ්ඩුව දන්නා නිසා ය. තාම ඥානසාර ආණ්ඩුව හපා කන්නේ නැත. උදාහරණයක් ලෙස ජාතියේ බේබි මහනුවර පවත්වන්නට යන මහ නායක හිමිවරුන්ගේ විරෝධයට පවා හේතු වූ කාර් රේස් ගැන ඥානසාර ඊයේ වචනයක්වත් කතා කළේ නැත.  මේ අතර වටරැක විජිතව ජුලි 02දා වන‍ තෙක් රිමාන්ඩ් කර තිබේ. මේ රිමාන්ඩ් කිරීම කරන්නේ කොළඹ අපරාධ කොට්ඨාසය ඇප දීම සම්බන්ධයෙන් විරෝධයක් නැති බව කියද්දී ය.  "හැබැයි එකක් කියන්න ඕන, අලුත්ගම කඩ ගිනිතියලා, ගෙවල් ගිනි තියලා, මිනී මරලා, විනාසකරපු ඥානසාර අද

වටරැක විජිත නාටකය

Image
වටරැක විජිත නාටකය ගැන අපේ අදහස කුමක්දැයි අප‍ේ පාඨකයෙක් ඇසී ය. අප වටරැක විජිත ගැන මුලින් ම කතා කළේ මීට අවුරුද්දකට පමණ පෙරයි. මෙන්න ඒ ලිපිය: ජාතිවාදයට විරුද්ධ වීම යනු සිංහල විරෝධී වීම‍ නො වේ (වටරැක විජිත හිමියන්ට පිළිතුරක්) වටරැක විජිත බොදු බල සේනාවට අභියෝගයක් වන විට අපි ඔහු ගැන මෙසේ ලියුවෙමු.  බොදු බල සේනාවේ පය පැටලුණ කොහොල්ලෑ තලිය වටරැක විජිත හිමි වටරැක විජිත තමන්ට ම පහර දීගෙන ඇති බව පවසන පොලිසිය ඔහුට එරෙහිව නඩු පවරන්නට යයි.  ඔහු එසේ තමන්ට ම පහර දී ගන්නට ඇත්තේ ඇයි? මොහු රටේ වෙදෙකුට වඩා ගමේ ගොඩේ මෝඩ පහේ හාදයෙක්  බව පෙනේ. ඔහු එසේ කර ගත්තා නම්, එයින් බලාපොරොත්තු වන්නට ඇත්තේ ඥානසාර නිකායේ ත්‍රස්තයන් තමන්ට පහර දුන් බව පෙන්වීමට විය යුතු ය. ඥානසාර නිකාය දැනටත් ඔහුට පහර දී ඇති අතර, ඊට වඩා අපරාධ කර අවසන් ය. ඒ නිසා වටරැක විජිතට පහර දුන්නා ය කියන එක එල්.ටී.ටී.ඊ. සංවිධානය මිනිහෙක් මැරුවා ය කියන්නා වැනි දෙයකි. වටරැක විජිත මෙයින් බලපොරොත්තු වන්නට ඇත්තේ පිටරටකට පැන ගැනීමට වීසා ගැනීම ද? ඔහුට තිබෙන තර්ජන එවැනි දේකට දැනටත් ප්‍රමාණවත් ය. ඔහු මේ කරන්නේ මුස්ලිම් අන්තවාදීන්ගේ කොන්ත්‍ර

ලැජ්ජයි

Image
උසාවියකදී භික්ෂුවක් නීතිඥයකුට පහර දුන් අයුරු. කෝ නීතිය ක්‍රියාත්මක වුණා ද? අලුත්ගම ජාතිවාදී කෝලාහලයෙන් පසු මේ රටේ ඩබලක් මාර ඇඹරිල්ලක් ඇඹරුණ හ. ඒ ඩබල නම් මුස්ලිම් කොංග්‍රස් නායක රාවුෆ් හකීම් හා බොදු බල සේනාධිපති කිරම විම‍ලජෝති ය. (අලුත්ගමින් පසු හාමුදුරුවන්ට ගරු ආමන්ත්‍රණය තාවකාලිකව නවතා තිබේ.) ඇඹරෙන තරම අනුව මේ ඩබල එකට තැබුවා නම් දිග කඹයක් අඹරා ගන්නට තිබිණි. විමලජෝති භික්ෂුව ඇඹරෙන්නේ ගලගොඩඅත්තේ ඥානසාර නටන සවුදම නිසා තමන් පය ගසා සිටින පොළවත් හෙලවෙනු ඇතැයි බිය නිසා ය. විමලජෝති භික්ෂුව දැවැන්ත රාජ්‍ය නොවන සංවිධාන ව්‍යාපාරිකයෙකි.  ඔහු අලෙවි කරන්නේ බුදු දහමයි. තමන් විකුණන පොත්, පත්වල තිබෙන ආගමට සපුරා පටහැණි භාවිතාවක් පවත්වාගෙන යාම හේතුවෙන් තමන්ගේ ලාභ බිඳ වැටෙනු ඇතැයි ඔහු බිය පත් වී තිබේ. අනෙක් පැත්තෙන් විදේශ චාරිකා ආදිය සඳහා වීසා ලබා ගැනීම වැනි කාරණාවලදී ඔහුට මෙය අහිතකර බව ඔහු දනියි.  හකීම් ඇඹරෙන්නේ ඉන්නත් බැරිව, යන්නත් බැරිව ය. යන්න දොට්ට බැස්සොත් කී දෙනෙක් තමන් සමග සිටිනු ඇද්දැයි ඔහුට සැක ය. ඇත්තෙන් ම ඉන්නත් ලැජ්ජා ය. ලැජ්ජ බීටි වෙද්දෙන් කියා දොට්ට බැස විරෝධය පළ කරන්නත්, රටේ

අපි මුස්ලිමුන්ට ගහන්නේ ඇයි?

Image
ධර්ගා නගරය හා අලුත්ගම කේන්ද්‍ර කරගෙන ඇති වූ වාර්ගික ප්‍රචණ්ඩත්වය සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ ස්ථාවරය දැන් දැන් පැහැදිලි වෙමින් තිබේ. එය අසූ තුනේ ජුලි කෝලාහලයේදී ජේ.ආර්. ගත් ස්ථාවරයටත් එහා ගිය එකක් බව පෙනේ. ඇත්තෙන්ම එය බලා‍පොරොත්තු විය යුතු තත්වයකි.  හාමුදුරු කෙනෙක් හා මුස්ලිම් මදාවීන් කිහිප දෙනෙක් සම්බන්ධ සුළු සිද්ධියක් සම්බන්ධයෙන් පොලිසිය අදාළ ක්‍රියාමාර්ග අරගත් පසුව පවා එය පදනම් කරගෙන ප්‍රදේශයේ ශාසනාරක්ෂක බලමණ්ඩලය හා බොදු බල සේනාව විසින් අවුළුවන ලද ජාතිවාදී ගින්න විසින් මිනිසුන් සිව්දෙනෙකුගේ ජීවිත බිලි ගන්නා ලදී. නිවාස 150ක් පමණ ද කඩ 90ක් පමණ ද විනාශ කර දමන ලදී. පහර දෙන ලද පල්ලි සංඛ්‍යාව 15කට වැඩි ය. අවතැන් වූ සංඛ්‍යාව 2000කට වැඩි ය.  ඉහත දක්වන ලද සංඛ්‍යාවලින් හතරෙන් තුනකටත් වඩා මුස්ලිම්වරුන්ට සිදු වූ හානි ය. මෙම ගින්න අවුළුවනු ලැබුවේත්, ඇඳිරි නීති උල්ලංඝනය කරමින් විනාශකාරී ක්‍රියාවල යෙදුණේත් සිංහල ජාතිවාදියෝ ය. මුස්ලිමුන් ප්‍රචණ්ඩ ක්‍රියාවල යෙදුණ ප්‍රමාණය සිංහලයන්ගේ ප්‍රචණ්ඩ ක්‍රියා සමග සන්සන්දනය කරන්නට බැරි ය. මුස්ලිමුන් පිට ප්‍රදේශවලට කඩා වැදී පහර දුන් බවට සාක්කි නැත. ඔවුන්

සුන්දර ඉංගිරිසි - එලටියුසන්

Image
ඉංග්‍රීසි උෟරුවට සිංහල කතා කරන අනර්කලී "මේ දුව එලටියුෂන් පංති යන්නේ නැද්ද?" පසුගිය දිනෙක එක් ආච්චි අම්මා කෙනෙක් මගේ දුව පෙන්වා ඇසුවා. අපේ රටේ පැතිරී යන තවත් රැල්ලක් තමයි මේ එලකියුෂන් කියන ජාතිය. ලෝකයේ මෙහෙම ජාතියක් තිබෙනවා ද යන්න මම දන්නේ නැහැ. ඇත්තෙන් ම මේ මොකක් ද? දෙමව්පියෝ ඔහේ රැල්ලට මේ පන්තිවලට ළමයින් යවනවා. ඒවායේ උගන්වන්නේ එංගලන්තයේ ඇතැම් මධ්‍යම පංතිකයන් ඉංග්‍රීසි කතා කරන විදිය හා නාට්‍යවලදී හා කතා පැවැත්වීමේදී ඉංග්‍රීසි උච්චාරණය කරන එක් විධියක්. සිංහල කතාවට දිව හැඩගැසී තිබෙන අපේ රටේ ළමයි, මේ විධියට ඉංග්‍රීසි උසුරුවන්නට යාමෙන් එක්තරා විධියක විහිළු ස්වභාවයක් නිර්මානය වෙලා. විශේෂයෙන් ම වැරදි ව්‍යාකරණ සහිත වාක්‍ය එලකිරි එලකියුෂන්වලින් කතා කරන ආකාරය නම් ඇත්තෙන් ම නියම විහිළුවක්. වරක් මම එක්තරා යුනෙස්කෝ සමුළුවකට සහභාගි වුණා. ආසියානු පැසිෆික් කලාපයේ රටවල් 26ක නියෝජිතයෝ මෙයට සහභාගි වුණා. ඔවුන් සියලු දෙනා කතා කළේ ඉංග්‍රීසි. ඒත්, උච්චාරණ විධි 26ක් එහි තිබුණා. ඉංග්‍රීසි ලෝකයේ ප්‍රධාන ම ජාත්‍යන්තර භාෂාව බවට පත් වී තිබෙන්නේ මෙන්න මේ සුන්දරත්වය නිසායි. ඉන්දීය ජාතිකයන් ඉං

සමාජවාදය ජීවන භාවිතාවක් ලෙස: උරුගුවේ ජනාධිපති ජොසේ මුජිකා

Image
( hot news : No limit to anti-Muslim attacks in Sri Lanka. Nolimit fashion store in Panadura set ablaze ) ධර්ගා නගරයේ කලබල උණුසුම මැද මම කොළඹ සිටින මගේ මුස්ලිම් මිතුරකුට කතා කළෙමි. ඔහු විහිළුවට මෙන් කීවේ තමන්ට දැන් ලංකාවේ ඉන්නට බැරි තත්වයක් ඇති වෙමින් තිබෙන හෙයින් පිටරට යන්නට සිතමින් සිටින බවයි. ඔහු යන්නට ඉන්නේ අරාබියටදැයි මම ඇසුවෙමි. මගේ මුස්ලිම් මිතුරා කීවේ "නෑ මචං, මම යන්නේ උරුගුවේ. ඒ තමයි ලෝකයේ ප්‍රගතිශීලී ම ජනාධිපති ඉන්න රට," කියායි. උරුගුවේ ජනාධිපති ජොසේ මුජිකාගේ නම ස්පාඤ්ඤ බසින් උච්චාරණය කරන්නේ වෙනස් ආකාරයකට ය. එහෙත්, එය වැදගත් කාරණයක් නො වේ. වැදගත් කාරණය වන්නේ ඔහු උරුගුවේ ජනාධිපතිවරයා ලෙස ලොවට දී ඇති ආදර්ශයයි. ඒ පරමාදර්ශය නිර්මානය වී තිබෙන්නේ මහා ගැඹුරු න්‍යායික ඉදිරිපත් කිරීම්වලින් හෝ සියුම් උපායමාර්ගවලින් හෝ වෙනත් එවැනි ලොකු ලොකු දේවලින් හෝ නොවේ. සරළ දිවිපැවැත්මෙනි. විකල්ප ජීවන විලාසයෙනි. සමාජවාදය ජීවන භාවිතාවක් බවට පත් කිරීමෙනි. ඔහුගේ කාර්යාලයේ ඔහු හිඳ ගන්නා සරළ ලී මේසය ඉදිරියෙන් අැත්තේ ඔහුගේ පරමාදර්ශී නායකයා වන චෙ ගුවේරාගේ උඩුකය ඡයාරූපයකි. චේ යනු විප්ලව

සුන්දර ඉංගිරිසි - ඔග්ල්ලාන්ට ප්ළුවන් මේ ප්‍රෝග්‍රෑම් එකට කොඅල් කරලා ඔග්ල්ලාන්ගේ ෆේවරිට් සෝංග්ස් රික්වෙස්ට් කරාන්න

Image
ලංකාවේ ඉංග්‍රීසි අධ්‍යාපනය කියන්නේ ලොකු මාකට් එකක් නේ. ඉතින් මෙහි ඉන්න වෙළෙන්දෝ එක එක විදියට තමන්ගේ සේවාවන් විකුණනවා. පඳුරකට පයින් ගැහුවාම වුණත් ඉංග්‍රීසි ගුරුවරයෙක් එතන පංතියක් කරනවා වෙන්න පුළුවන්. ඒත්, වැඩේ කියන්නේ කොහොම ඉංග්‍රීසි විකිණුවත්, ලංකාවේ මිනිස්සු තවමත්  ඉංග්‍රීසි භාවිතයේදී සාමාන්‍යයෙන් ගත්තාම ඒ තරම් චතුර නැහැ. මට ඉන්දියාවේදී එක් කෝකියෙක් හමු වුණා. ඔහු‍ගේ නම ජෝන්. ඔහු දෙමළ ජාතිකයෙක්. ඒ නිසා ඔහු ගෙදරදී දෙමළ කතා කරනවා. ඔහු ජීවත් වන්නේ කර්ණාටක ප්‍රාන්තයේ. ඒ නිසා ඔහු එහි භාෂාව වන කන්නඩ භාෂාවෙන් තමයි ඉගෙනගෙන තිබෙන්නේ. ඔහුට හොඳින් කන්නඩ කතා කරන්න පුළුවන්. ඉන්දියාවේ සෑම පාසල් ළමයෙක් ම වාගේ හින්දි භාෂාව ඉගෙන ගන්නවා. ජෝන්ට හොඳින් හින්දි කතා කරන්නත් පුළුවන්. ඔහු කලක් ආන්ද්‍රා ප්‍රදේශ්හි කෝකියකු ලෙස වැඩ කර තිබෙනවා. ඒ නිසා ඔහුට හොඳින් තෙළිඟු භාෂාවත් කතා කරන්න පුළුවන්. ඔහු මා එක්ක කතා කළේ ඉංග්‍රීසියෙන්. ජෝන් භාෂා පහක් ඉතා පහසුවෙන් කතා කරනවා. ලංකාවේ මිනිස්සු භාෂාවන් ඉගෙන ගන්න මුදල් වියදම් කළත්, ඔවුන් භාෂාවන්ට විවෘත නැති බවයි ‍මගේ අදහස. ඒ නිසා තමයි ලංකාවේ ඉංග්‍රීසි භාෂා භාවිතය පිළිබ

මාතර දෙයියන්ගෙ හාල්වලින් පිසූ බත් දන්සැල

Image
ලියන්නට දෙයක් නැත. මාතර ජනතාවනි, ලණු කනු! කඹ රෙමු!  කුඩු පාරාදීසයක් වී තිබෙන, බුදු පා පහස ලද බව කියන කැලනිය වසා ඇති සාපයක් මාතරට දිරාමාරු වෙමින් තිබේ.  මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු. Read in English blog.parakum.com

බොලීවියාවෙන් සම්මාන ලද ජනාධිපතිගේ අලුත් ම ප්‍රජාචන්ත්‍රවාදී ගැටය

Image
ජනාධිපති මහින්ද රාජපක්ෂට සාමය හා ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් බොලීවියාවෙන් සම්මානයක් ලැබිණි.  මේක ඇසූ මට හිනා වී කෙළ ඉස්මොල්ලේ ගොස් මාර විදියට අමාරු විය. ඒත්, ඇත්තෙන් ම ජනාධිපතිතුමා බොලීවියාවේ සාමය හා ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් නම් සේවයක් කරන්නට ඇත. ඒ වනාහි ඔහු බොලීවියාවේ නො ඉපදීම හා එතෙක් එහි පස් නො පෑගීමයි.  ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ කුමක් ද?  කෙටියෙන් කීවොත් මෙසේ ය: ජනාධිපති  නම් ඒකාධිපතිවරයා සහ ඔහු‍ගේ පවුල තමන්ට කැමති වෙලාවට ඡන්ද පවත්වා, මහජන මුදල් පාවිච්චි කරමින් හා මහජන මුදලින් නඩත්තු වන පොලිසියට හා හමුදාවලට ඇති බිය උපයෝගී කර ගනිමින් ද, මැරවර බලයෙන් හා ත්‍රස්තවාදයෙන් ද,  ජනමාධ්‍යවලට අල්ලස් දීමෙන් හා බිය වැද්දීමෙන් ද, දේශපාලකයන් මිළ දී ගැනීමෙන් ද ජනමතය යටපත් කර ඡන්ද දිනා බලය තහවුරු කර ගනියි. ජනතාව ද දූෂණයට ගොදුරු කර ගනියි. ඉන්පසු අසීමිත අන්දමින් බදු පණවමින් සූරා කන මහජන මුදල් තමන්ගේ හා තම පවුලේ උවමනා එපාකම් වෙනුවෙන් නිදහසේ වැය කරයි. කොන්ත්‍රාත් හරහා සිය අන්තේවාසිකයන්ට බෙදා දෙයි.  මේක සම්මාන දෙන්නම වැඩකි.  මේ ප්‍රජාචන්ත්‍රවාදයේ අලුත්ම ජවනිකාව පාර්ලිමේන්තුවේ පසුපෙ

කළ වරද වෙනුවෙන් ආණ්ඩුව ගෙවිය යුතු වන්දිය

Image
බේරුවල, මතුගම ප්‍රදේශවල ඇති වූ වාර්ගික ගැටුම් සම්බන්ධ මුළු වගකීම රජය භාර ගත යුතු ය. බොදු බල සේනා සංවිධානය දිරි ගන්වමින්, එයට අනුග්‍රහ සපයමින්, මෙහෙයවමින් කරන ලද විනාශයේ කළු පැල්ලම මැකීමට බැරි වුණත්, කරන ලද වරද නිවැරදි කිරීමට ආණ්ඩුව උපරිමයෙන් කටයුතු කළ යුතු ය. ප්‍රචණ්ඩ ක්‍රියාවලට සම්බන්ධ සියලුම පුද්ගලයන් (සිංහල හා මුස්ලිම්) හඳුනාගෙන, අත්අඩංගුවට ගෙන නීතිමය ක්‍රියාමාර්ග ගත යුතු ය. ‍මෙම ගැටුම ඇවිළවූ බොදු බල සේනා ත්‍රස්ත සංවිධානය වහා තහනම් කළ යුතු ය. එම සංවිධානයේ හා එයට අනුබද්ධ සංවිධානවලත්, එහි නායකයන්ගේත් දේපල රාජසන්තක කළ යුතු ය. ගලගොඩඅත්තේ ඥානසාර ඇතුළු බොදු බල සේනා නායකයන්ට එරෙහිව ජාතිවාදී කුපිත කිරීම් ඇති කිරීම, මහජන කැළඹීම් ඇති කිරීම සඳහා කටයුතු කිරීම හා ජන සංහාර සඳහා උත්සාහ කිරීම සම්බන්ධ නීති ප්‍රකාරව කටයුතු කළ යුතු ය. ධර්ගා නගරය මැදින් ප්‍රකෝපකාරී පෙළපාළියක් යාමට අවසර දුන් හෝ එය වැළැක්වීමට කටයුතු නො කළ හෝ පොලිස් බලධාරීන්ගේ වැඩ තහනම් කර විනය හා නීතිමය ක්‍රියාමාර්ග ගත යුතු ය. ඇඳිරි නීතිය උල්ලංඝනය කරමින් ප්‍රචණ්ඩ ක්‍රියාවල නිරත වීමට පුද්ගලයන්ට අවසර දුන් හා නීතිය ක්‍රියාත

හොඳ හිත - පාලිත

Image
පාලිත තෙවරප්පෙරුම යනු චන්ඩියෙකි. ඔහු අපේ ගමේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා වීම පිළිබඳ මට බරපතල කණගාටුව්‍ක් තිබේ.  එහෙත්, මේ ප්‍රදේශයේ මන්ත්‍රීවරුන් වී සිටින සෙසු අය සමග සන්සන්දනය කර බැලූ විට පාලිතගේ සුවිශේෂ නරකක් නැත.  එහෙත්, පාලිතගේ නම් එක හොඳක් හෝ මම නිරීක්ෂණය කර ඇත්තෙමි. ඔහු ජාතිවාදියෙක් නොවේ. ඔහු පීඩිත දෙමළ, මුස්ලිම් මිනිසුන්ගේ මිතුරෙකි. මේ වතාවේදී ද ඔහු ප්‍රහාරයට ලක් වූයේ අනතුරට පත් මුස්ලිම් ජනයා බේරා ගැනීමට ගොස් ය. ඔහු සෑහෙන මුස්ලිම් පිරිසක් බේරා ගැනීමට කටයුතු කර ඇති බව ආරංචි ය. මුස්ලිම් මිනිසුන් බේරා ගැනීමට කටයුතු කළ නිසා ඔහු සිංහල මිනිසුන්ගේ වෛරයට පාත්‍ර වී තිබේ. ඔහු තුවාල ලබා නැතත්, ඔහුගේ වාහනයට බරපතල හානි සිදු වී ඇති බව වාර්තා වේ.  එහෙම මිනිහෙක් ‍මේ මතුගම සිටීම ගැන මට ආඩම්බරයක් ඇත. හොඳ හිත - පාලිත යනු 2010 මහ මැතිවරණයේදී ඔහුගේ තේමා පාඨයයි. ඔහු මැතිවරණය දිනු‍වේ සි‍රගෙදර සිටයි. ඔහු වෙනුවෙන් මැතිවරණ ප්‍රචාරක කටයුතු කළේ ඔහුගේ බිරිඳයි. පසුව සිය බිරිඳ ප්‍රාදේශීය සභාවට පත් කර යැවූ පාලිතට සිය පුතාව පළාත් සභාවට යවා ගැනීමට ද උවමනා විය. ඔහු මතුගම ජනයාට එපා වූයේ ඒ සමගයි.  දැන්

සැබෑ සිංහලයිනි අවදිවව්!

Image
ධර්ගා නගරය ආසන්නයේ කාලවිල පිහිටි බ්‍රීෆ් නම් ප්‍රසිද්ධ උද්‍යානයේ ඇති මූර්තියක් ධර්ගා නගරයේ සිදුවීම් නිරීක්ෂණය කරන විට ඉතා පැහැදිලිව කිව හැකි දෙයක් තිබේ. එය කල් තබා සියුම් ලෙස කරන ලද සැලසුමක් සාර්ථක කර ගන්නට ජාතිවාදී උන්මත්තකයන් පිරිසක් සමත් වූ අවස්ථාවකි. මිනිස් ඝාතන රැල්ලක්, දැවැන්ත දේපල විනාශයක් හා මේ මොහොතේත් ඇවිලී යන මහා සිංහල - මුස්ලිම් ගැටුමක් ඇති කිරීමට බොදු බල සේනාව හා එය පිටුපස සිටින ජාතිවාදී බලවේගවලට හැකි වී තිබේ.  ත්‍රස්තවාදී බොදු බල සේනාව පිටුපස ආණ්ඩුවේ ඉහළම බලවේග සිටින බව ඊයේ තත්වය සන්සුන් කිරීම සඳහා අගමැතිගේ ප්‍රධානත්වයෙන් කලුතරදී පැවැත්වුණු රැස්වීමට සිද්ධියට වගකිවයුතු, හරි නම් මේ වන විට අත්අඩංගුවේ සිටිය යුතු බොදු බල සේනාකාරයන් ද සහභාගි කර ගැනීමෙන් පෙනේ.  ‍පාලකයන් මෙසේ කරන්නේ ඇයි? මේ වන විට ඔවුන් රට කාබාසිනියා කර හමාර ය. ඔවුන්ට අනාගතයක් නැත. බලය නැතිව මේ රටේ ඉන්නටත් බැරි ය. ලෝකයේ වෙන හරිහමන් රටකට යන්නටත් බැරි ය. ඒ නිසා ඔවුන් උත්සාහ කරන්නේ මේ රට කුණු කර ඒ කුණු කකා පණුවන් සේ මෙහි රැකෙන්නට ය.  ඔවුන් මේ වනසන්නේ අපේ ජාතියයි. ඔබේ ආගමයි.  පසුගිය දින දෙක තුළ අන්තර්

ධර්ගා නගරය මැදින් චාරිකාවක්

Image
ධර්ගා නගරය හරහා අලුත්ගම ගියෙමි. ධර්ගා නගරයේ එක් කෙළවරක අඹගහ හන්දිය අසල සිංහල පිරිසක් රැස් වී සිටිය හ. ධර්ගා නගරය පුරා ම පොලිසිය යොදවා තිබිණි. මුස්ලිම් කඩ වසා තිබිණි. සිංහල කඩ හා සිංහල ද මුස්ලිම් ද ‍නො දන්නා කාගිල්ස් ෆුඩ් සිටිය ඇර තිබිණි. මහ පල්ලියේ සෑහෙන මුස්ලිම් පිරිසක් පාර දෙස බලාගෙන රැඳී උන්හ. ඔවුන් වෙතින් දිස් වුණේ කැළඹුණු ස්වභාවයකි. පල්ලියේ ගේට්ටු අගුලු ලා තිබිණි.ඒ ඉදිරිපිට පාරේ පොලිස් කුළු පොලු හමුදාව රැඳී සිටියේ ය.මුළු නගරය පුරා ම දැවැන්ත පොලිස් බලඇණියක් යොදවා තිබිණි. අලුත්ගම නගරයේ බොදු බල සේනාව රැස්වීමක් පවත්වමින් සිටියේ ය. හාමුදුරුවරු විශාල පිරිසක් එයට සහභාගි වන බව වාර්තා විය.කටකතාවල නම් කියවුණේ තුන්දාහක් හාමුදුරුවරුන් එයට සහභාගි වන බවයි. එච්චර හිටි බවක් නො පෙනුණි.  පසුගියදා මුස්ලිම් පිරිසකගේ ප්‍රහාරයකට ලක් වූ බව කියන අයගම සමිත හිමියන් පෙළපාලියකින් ධර්ගා නගරය හරහා ඔහු වසන කුරුඳුවත්ත පන්සලට රැගෙන යන්නට බොදු බල සේනාව සැලසුම් කර තිබිණි. නගරයේ කෙළවරක අඹගහහන්දිය පැත්තට වන්නට පාරෙන් ඇතුළේ පිහිටි පන්සලකට යන පාර බෞද්ධ කොඩිවලින් සරසා තිබිණි. වාර්තා වන ආකාරයට ගැටුම ඇති වී තිබෙන්

ආගමික අන්තවාදයෙන් හා ත්‍රස්තවාදයෙන් ඔද්දල් වුණ පකිස්තාන ඉස්ලාමීය ජනරජය

Image
ගල් ගසා මරා දමන ලද ගැහැනියක් පකිස්තානයේ නිල නාමය පකිස්තාන ඉස්ලාමීය ජනරජයයි. එය ජනගහණය අතින්  ලෝකයේ හයවන තැන අත් කර ගන්නා රටකි. ඉන්දියාවට, ඇෆ්ගනිස්තානයට හා චීනයට ගොඩබිමින් මායිම් වන පකිස්තානය ඕමානය සමග මුහුදු දේශසීමාවක් බෙදා හදා ගනියි. ඉතිහාසය පුරා ඉන්දු නිම්න, හින්දු, ග්‍රීක, මොංගෝලියානු, ඇෆ්ගන්, සික් ආදී විවිධ සංස්කෘතීන්ගේ බලපෑමට ලක් වූ මෙම භූමි ප්‍රදේශය නිදහස් රාජ්‍යයක් ලෙස ප්‍රකාශයට පත් වුණේ 1947දී මොහොමඩ් අලි ජින්නාගේ නායකත්වයෙන් ඉන්දීය නිදහස් සටනට සමාන්තරව දියත් වූ අරගලයක ප්‍රතිඵලය ලෙසයි. 1956දී නව ව්‍යවස්ථාවක් සකසා ගත් පකිස්තානය ඉස්ලාමීය ජනරජයක් ප්‍රකාශයට පත් කළේ ය. සිවිල් යුද්ධයකින් අනතුරුව 1971දී නැගෙනහිර පකිස්තානය ඉන්දීය සහයෝගය ඇතිව බංග්ලාදේශය නමින් වෙනම රාජ්‍යයක් ලෙස ප්‍රකාශයට පත් විය. නිදහසින් පසු පකිස්තානයේ ඉතිහාසය පුරාම වරින් වර මිලිටරි ආණ්ඩු බිහි වී තිබේ. දේශපාලන අස්ථාවරත්වයන් හා ඉන්දියාව සමග ගැටුම් ද එහි ඉතිහාසය පුරා ම ඇදී යයි. පකිස්තානය ලොව අටවන ශක්තිමත් ම හමුදාව සිටින රටයි. එපමණක් නොව එය න්‍යෂ්ටික බලවතෙකි. ඇමරිකාව සමග මෙන්ම චීනය සමග ද ඉතා සමීපව කටයුතු කරන රටකි. ප