බොදු බල සේනා - නෝර්වේ කුමන්ත්‍රණය කුමක් විය හැකි ද?

**** Read:Hail Gotabhaya Rajapaksa, but prevention is better than cure
ලංකාවේ වෛරී ප්‍රකාශනයේ රජු වන්නේ ගලගොඩඅත්තේ ඥානසාර භික්ෂුවයි. ඔහු නායකත්වය දෙන බොදු බල සේනා සංවිධානය විසින් පළමු වරට සිංහල බෞද්ධ ත්‍රස්තවාදයක් ලොවට හඳුන්වා දෙන ලදී.

පහත ඇති වීඩියෝවේ තිබෙන වෛරී ප්‍රකාශ හැරුණු විට, ගලගොඩඅත්තේ ඥානසාර කොම්පඤ්ඤවීදිය පොලිසියේදී ම වටරැක විජිත භික්ෂුව ගැන කීවේ ඔහු තමන් සොයමින් සිටි ගොදුරක් බවයි. ගොදුරු ගිලින්නේ මාංශභක්ෂක සත්තු බව අපි කවුරුත් දනිති. මිනිසුන් ගොදුරු කර ගන්නේ ම්ලේච්ඡයෝ ය.

බොදු බල සේනාව බිහි වී තවම වසරක් නැත. මේ වන විට එය ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස නම් කරනු ලැබ හමාර ය. ජීවිත හයක් බිලි ගත්, නිවාස හා දේපල රැසක් විනාශ කල වර්ගවාදී කෝලාහලයක නිර්මාතෘන් වී ද හමාර ය.

බොදු බල සේනාවට මෙතරම් වේගවත් ගමනක් යන්නට ජොහොර් එක ලැබුණු ආකාරය විමසා බලන විට අවධානයට ලක් විය යුතු කරුණක් වෙත ඇස යොමු වේ.

අපි සාමාන්‍යයෙන් කුමන්ත්‍රණ න්‍යායට ඇල්මක් දක්වන්නේ නැත. එහෙත්, බොදු බල සේනා නායකයන් මේ තරම් වයින් වෙන්නේ නෝර්වේ රටට ගොස් එහිදී දෙමළ ඩයස්පෝරාව සහ එල්.ටී.ටී.ඊ. කොටස් සමග සාකච්ඡා කර ආවාට පසු ය. ඒ ඇයි?

මෙතැන තිබෙන ගනුදෙනුව කුමක්ද යන්න අපි හරි හැටි නො දනිමු. එහෙත්, සිංහල බෞද්ධයන් ලවා මුස්ලිම් විරෝධී ජාතිවාදී ගිනිදැල් ඇවිලවීමෙන් දෙමළ ජාතිවාදීන්ට එක ගලෙන් කුරුල්ලන් දෙදෙනෙකු මරා ගන්නට පුළුවන.ඒ එක් පැත්තකින් මුස්ලිම්වරුන් බිත්තියට ම තල්ලු කර ඔවුන් ද බෙදුම්වාදය පැත්තට තල්ලු කිරීමෙන් හා අනෙක් පැත්තෙන් සිංහල ආණ්ඩුව ජාත්‍යන්තර තලයේදී ඉතා අසීරු තත්වයට පත් කිරීමෙනි. 

සිංහල සමාජය ආන්තික ජාති හා ආගම්වාදයක් වෙත තල්ලු කිරීම යුද්ධ කාලයේ සිට ම දෙමළ ජාතිවාදීන්ගේ උපායමාර්ගයක් විය. කොටි සංවිධානය කිසි විටෙක සිංහල ජාතිවාදී නායකයකුට නිය පිටින්වත් හානියක් කර නැත. ඔවුන් අතින් වැඩිපුර ම මිය ගියේ සාමය, ප්‍රජාතන්ත්‍රවාදය හා බලය බෙදා ගැනීම වෙනුවෙන් පෙනී සිටි අයයි. 

මේ කොන්ත්‍රාත්තුවට ලංකාවේ ආණ්ඩුව හේත්තු වන්නේ ජාතිවාදයේ පිහිටින් බලය රැක ගන්නට උත්සාහ කිරීමේ උපන් ගෙයි පුරුද්දට ය. 

බොදු බල සේනා හා නෝර්වේ අතර ඇති සම්බන්ධය ගැන වාර්තාවක් මෙතැනින් කියවන්න. එය පළ කර තිබෙන්නේ සිංහල ජාතිකවාදී පක්ෂයක් වන ජාතික නිදහස් පෙරමුණට සම්බන්ධ වෙබ් අඩවියක ය.



මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු. Read in English blog.parakum.com

Comments

  1. 'parakum' namata!

    ReplyDelete
  2. This is your 5th consecutive article to attack Sinhala Buddhist, and justifying barbaric religion which is responsible for millions of deaths.

    ReplyDelete
    Replies
    1. SO WHAT??
      Truth is Truth

      Delete
    2. අපට එහෙම ලියන්න සිදු වුණේ මේ රට ගිල ගන්නට උත්සාහ කරමින් සිටින සිංහල බෞද්ධ ත්‍රස්තවාදී උන්මත්තකභා‍වයෙන් මේ රට බේරා ගන්න ඕනැ නිසා. ප්‍රධාන ධාරාවේ ජනමාධ්‍ය මේ රැල්ලට අසු වී ගසාගෙන යද්දි විකල්පව හිතන මිනිසුන් ශක්තිමත් කරන්න අවශ්‍ය නිසා. මේ සමාජය යම් මට්ටමකින් හෝ සමබර කරන්න ඕනැ නිසා. ඒ නිසා අපි ඒක දිගට ම කරනවා.

      හැබැයි, මෙතන ඔබ කියන අන්දමේ ඉස්ලාම් ආගම සාධාරණීකරණය කිරීමක් නැහැ. අනෙක ඔබ දකින ආකාරයට අපි එය බාබරික් ලෙස දකින්නේත් නැහැ. අපි ඔබට ආගම් අදහන්න තිබෙන ප්‍රජාතාන්ත්‍රික අයිතියට ගරු කරනවා. එහෙත්, අප පෙනී සිටින්නේ ආගම් ර‍හිත ලෝකයක් වෙනුවෙනුයි.

      සියලු ආගම් නැති වුණ ලෝකයක මිනිසුන්ට මීට වඩා ප්‍රශ්න අඩුයි.

      Delete
    3. 'ආගම් ර‍හිත ලෝකයක් වෙනුවෙනුයි'

      සම්මිශ්‍ර සමාජයක ජීවත් වෙන අප ජීවත් විය යුත්තේ සමාජවාදීවය​. කිනම් හෝ ආගමක් ලොවට බිහි වී හෝ හඳුන්වා දී ඇත්තේ ජනයා යහමග පෙන්වන්නයි. ඒවා දෙස අපි අනුගමනය යුත්තේ එයේ ශාශ්තෲන් පෙන්වා දීපු ආකාරයෙන්මෙනියි. ඉරිසියාව වෛරය ප්‍රචන්ඩත්වය කොයිම ආගමකවත් දිරිගන්වලා නැහැ. අපට ඒවා ඇතිවන්නේ ආගමේ මුල් ඉගෙන්වීමට පිටුපා යන්න වූ විටයි. තම තමන්ගේ පෞද්ගලික වාසීන් සපුරා ගන්න ආගමේ මුල් ඉගෙන්වීම විකුර්ති කර වැරදි අදහස් ලබා දීමෙන් තරුණ ජීවිත විනාශ වී යන්නේය​. එයින් වන්නේ අනාගතයේ දී තමන් අදහන ආගමේ නියම හරයන් නොහඳුනන සමාජයක් ඇති වීමකි. තරුණ වියේ දී එයේ බරපතලම කම නොදැනුනත් පසු කාලීනව අනියතාවයක් ඇති වන්නේය​. ඒවායේ වැරදි අවබෝදවීමෙන් තමන් අදහන ආගම පිළිකුල් කරන තත්වයක් උදාවන්නේය​. කවුරු මොනම ආගම ඇදහුවත් එයේ මුල් ඉගෙන්වීමට අනුකූලවම අදහනගෙන බාහිර ආශ්‍රයේ දී සමාජවාදී වීම සුදුසු යැයි මටත් සිතෙයි.

      Delete
    4. මං හිතන්නෙ මෙතැනදි පැරා හරි. ලංකාවේ භයානක සිංහලබෞද්ධ ත්‍රස්තවාදය විනා මුස්ලිම් ත්‍රස්තවාදය නෙවෙයි. ලෝකයේ කතන්දරය වෙනයි.

      Delete
    5. pera mahaththaya hariyata bauddayo gena hithanawa wage.....paw affaaa !

      Delete
    6. ඈයි මෙහේ ඉන්න මුස්ලිම්ලාට වෙනම කුරාන් එකක් තියෙනවද?
      කොහේ මුස්ලිම්ලත් එකයි. හරියට බලයක් ලබුනහම බලන්න පුලුවන්. දෑන් උනත් කාතාන්කුඩියට ගියනම් බලන්න පුලුවන්.

      Delete
    7. BBS is getting MOZAD funding through NORWAY. Jews want to kill muslims and while they do that they defame buddhism. two birds from one stone.

      Delete
  3. නානසාරය,කාගෙ හරි අතකොලුවක් වෙන්නපුලුවන්.ඒත් නානසාරය පස්සෙ යන්නෙ සිංහල බවුද්ද කට්ටියගෙ,නුගත් දුප්පත්ම කොටසයි.සමහරවිට එතන තියෙන්නෙ,ඉරිසියාව,යාවත්කාලීන නොවීම වෙන්න පුලුවන්.මොකද මුස්ලිම්,දෙමල කතෝලික අය,පිටරටවලට ගිහිල්ල හරි,ඉදිරියෙන් ඉන්නවනෙ.

    ReplyDelete
  4. Let him write what he wants, he has been writing for ages, do you think anything changed....

    ReplyDelete
    Replies
    1. Gnanasaara was ass raped when he was a saamanera

      Delete
    2. Not only Gnanasara, but almost all saamaneras are being ass raped. This happens in Tibet too. A couple of years ago, there was an article in the Geo magazine about this. The Catholic church is another place where child molesting takes place. Even in some madrassas it had happened. Religion is nothing but SWEET POISON.

      Delete
  5. එදා 1971 දී ජේ වී පී එක පිටුපසින් සිටිනවා යැයි කියවුනේ සී අයි ඒ එක නේද?

    ReplyDelete
    Replies
    1. පසුව පැරා ලා ජේවීපී කරපු කලේ (87-89) ඒ පිටුපස හිටියේ නම් මහසෝනා, ඊරියකා වැනි අය විය යුතුයි!

      Delete
    2. නැතුව නැතුව. . CIA කියයි , KGB කියයි , MSS කියයි. කවුරු කවුරුත් අනුන්ගේ පදේට නටන බළල් අත් තමයි. දැන් පැරා වචනයක් වත් ලියයිද NGO ඩොලර් කීයක් හරි සාක්කුවට නොවටෙනවා නං ? සම්පුර්ණ වෑයම බලය ලබාගෙන totalitarian regime එකක් හැදීම. පැරාල 71, 89 කරන්න හැදුවත් ඒක. දැන් නිකං ඇල්වතුරත් නිවල බොන උපාසක.

      Delete
    3. Watarekata thuthi puda karanna onaa....mokada e manussayata pin sidda wenna me "ex NGO writerge" samaajawaadaya redda pallen berenawa....

      Delete
    4. @ මහසොහොන් පිල්ලිය වෙතටයි,

      ඔබතුමා මට කරුණාකරලා ලියන්න පැරා වගේ බ්ලොග් ලිව්වොත් ඩොලර් කීයක් ලැබෙයිද කියලා. මම මේ හයිබ්‍රිඩ් එකක ලීස් එකට අරගෙන මාර හිරවිල්ලක් හිරවෙලා තියෙන්නේ. බ්ලොග් ලියලා ඩොලර් ලැබෙනවා නම් මටත් පුළුවන් මේ මාරක ණය උගුලෙන් බේරෙන්න. අනේ ප්ලීස්, උත්තරයක් නම් දෙන්නම ඕනේ ඔබතුමා.

      Delete
    5. හන්ටර් වීසිටින අසරණ ඇනෝ වෙත දයාවෙන් ...
      NGOs, Activists and Foreign Funds - Anti-Nation Industry

      මේ පොත කියවා බලන්න. වැඩේ කරන හැටි තේරෙයි. `anti-Hindu' තියෙන තැන් වලට `anti-Buddhist ' කියල දා ගන්න.
      ඊට පස්සේ හොඳ තැනකට සෙට් වෙලා නමෝ විත්තියෙන් පටාන් ගන්න තමයි තියෙන්නේ. :P

      Delete
  6. ඥානසාර විජිත බදුර්දීන් චම්පික හකීම් යනු එකම බලු බෙට්ටක ඇති කොස් ඇට වැනිය. ගඳ හැර වෙනත් කිසි වටිනා කමක් ඇත්තේම නැත

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා