ඩිසාස්ටරය

ඩිසාස්ටරය තවමත් ඉවර නැත. ගෙදර ඉන්ටනෙට් නැත. විදුලිය ටිකක් ඇත. වෝල්ට් 230 ම නැත. කොම්පියුටර් සමහර වෙලාවට ඔන් කළ හැකි ය. (ඔන්කරනවා කියන වචනයට වෙනත් ආදේශකයක් නැති නිසා එහෙම භාවිතා කිරීම හොඳ ය.)

මම නැති අතරේ කට්ටිය මෙහේ ඇවිත් පාළු ගෙයි වළං බිඳලා ය. කමක් නැහැ තැන්කියු ය. මං නැතිව පාළු බව මට තේරෙනවා ය. ඒකත් හරියට අර යුද්දෙ නැතිව පාළුයි වගේ ය. 

සමහරු ඩොලර් ගැන කියා තිබිණි. අර කෙනෙක් කියා තිබුණා වගේ මට ඔය එන්ජීඕ තේරෙන්නේ නැත. මම කලක් එක්තරා එන්ජීයෝවක සඟරාවක් සංස්කරණය කළෙමි එතන කෙරෙන බොළඳ වැඩ සීරියස් ඒවා වගේ හැසිරෙන්නට මට බැරි විය. ලොක්කන්ගේ පුංචි විහිළුවලට හයියෙන් හිනා වීමේ කලාව ද මට පිහිටා නැත. එතන සිටි අයගේ ජීවිත යටින් විහිදුණු පරම දූෂණය මට පෙනිණි. මා ද එතන සිට කළේ ගලා යන වතුරෙන් දිය දෝතක් බීම ය. මගේ ජීවිතයේ දුෂ්කර කාලවලදී ද, දේශපාලන කටයුතුවලදී ද මට ඒ ලැබුණු සොච්චම මහෝපකාරී විය. එහෙත්, මට එතැනට ඇතුළු වන්නට ලැබුණේ නැත. මම එහි පිටස්තරයකු වීමි.

දැන් නම්, එන්ජීඕ ව්‍යාපෘති ගැන මගේ කිසිම කැමැත්තක් නැත. ලැබෙන්නේ හිඟන පඩියක් වුණත් මේ රස්සාව දාහෙන් සම්පත ය. ඒ නිසා සහෝදරයිනි, ඇත්තට ම මට ඩොලර් ලැබෙන්නේ නැත. ඔබ දෙන්න කැමති නම් ඒවා ගන්නට මගේ කිසිම අකැමැත්තක් නැත. දෙන්න කැමති අය මා අමතන්න. 

තව සමහරු කොටි සංවිධානය ගැන මගේ අදහස ගැන යම් යම් දේ කියා තිබිණි. මට කියන්නට ඇත්තේ මෙපමණ ය. කොටි සංවිධානය, ජවිපෙ පමණක් නොව කස්ත්‍රෝ බලයට එන්නට පෙර සිටි ගරිල්ලා ව්‍යාපාරය ආදී කොයිකත් මට නම් එක ය. ඒ සියල්ල ප්‍රචණ්ඩ ය. තිබෙන්නේ ප්‍රචණ්ඩත්වයේ අඩුවැඩිකම් පමණි. 

කොටි සංවිධානය මෙන් ම, ඒ සමග යුද වැදී සිටි සිංහ සංවිධානය ද ඒ තරමින් ම ප්‍රචණ්ඩ ය. ඒ නිසා ‘කොටියාගේ මූණ කැතයි' කියා එකක් මට නැත. කාගෙ කාගේත් මූණ කැත ය. කොටි සංවිධානය පැරදුණේ ප්‍රචණ්ඩත්වයෙන් දේශපාලනය තෝරන්නට යාමෙනි. සිංහ සංවිධානය දිනුවේ ද ඒකෙන් ම ය. ඒ නිසා අවසානයේදී මෙතැන ඉතිරි වන්නේ අද්දැකීමක් පමණි. 

මා කතා කරන්නේ ලංකාවේ ජාතීන්ගේ ප්‍රශ්නය ගැන මිස කොටි සංවිධානය ගැන නො වේ. ලංකාවේ ජාතීන් අතර සංහිඳියාව හා පුළුල් ලාංකික දේශපාලන ප්‍රජාවක් ගොඩනැගීම වෙනුවෙන් පුළුල් ප්‍රජාතාන්ත්‍රික ප්‍රතිසංස්කරණයක් අවශ්‍ය බව මගේ දේශපාලන ප්‍රතිපත්තියයි. එහිදී දැනට සිටින ජාතීන් අතර බලය බෙදා ගැනීම අත්‍යවශ්‍ය ය. මා එසේ කියන්නේ මා ජාතීන්ගේ පැවැත්ම අගය කරන නිසා නොව ජාතීන් අද යථාර්ථයක්  වීම හා අපට පුළුල් ලාංකීය දේශපාලන ප්‍රජාවක් වෙත සංවර්ධනය විය හැක්කේ ඒ යථාර්ථය පිළිගෙන නිසා ය. 

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු. Read in English blog.parakum.com

Comments

  1. ඔව් පැරා.....දවසකට පැරාගේ එක බ්ලොග් පෝස්ට් එකක් හරි කියෙව්වේ නැත්නම් නිකං හිතට පිස්සු වගේ.... මේක පැරා එක්ක එකඟ වෙන අයටයි එකඟ නොවෙන අයටයි දෙගොල්ලන්ටම සමසේ අදාළයි. අපේ බ්ලොග් පිපාසය අද සංසිඳෙව්වාට ස්තුතියි.

    ReplyDelete
  2. jaya weva para !!! kattiya malapaha karapu ganda nethi vela giya me post eka hinda..

    ReplyDelete
  3. Para, machan are you on tweeter. I mean have you a tweeter account and do you tweet?

    ReplyDelete
  4. කොම්පියුටරේ ඔන්කරනවා වෙනුවට පරිගනකය ක්‍රියාත්මක කරනවා යැයි කිව නොහැකිද?

    ඩිසාස්ටර් යන්නට සිංහල නම් වචනය ආපදාව නේ!

    ReplyDelete
    Replies
    1. ඩිසාස්ටර් කියන්නේ නරක තරුව කියන එකනේ...

      Delete
    2. "පරිගණකය පණ ගන්වනවා" ඊට වැඩිය හොඳ නැත් ද?

      Delete
    3. පැරා මම දැක්කා මහින්ද මහත්තයා ලම්ප්‍රයිස් බෙදනවා. පැරාලටත් හම්බ උනාද..?

      Delete
  5. ඔන්කරනවා=පණගන්වනවා....
    ඔෆ්කරනවා = ක්‍රියා විරහිත කරනවා
    මේවාකියලා දුන්නේ පහේ පන්තියේදී...

    ReplyDelete
  6. බය වෙන්න එපා.... සහනාධාරත් අරගෙන නයනා පැමිණෙයි විගසින...

    මෙතන ක්ලික් කරන්න.

    ===

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා