හොඳ හිත - පාලිත

පාලිත තෙවරප්පෙරුම යනු චන්ඩියෙකි. ඔහු අපේ ගමේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා වීම පිළිබඳ මට බරපතල කණගාටුව්‍ක් තිබේ. 

එහෙත්, මේ ප්‍රදේශයේ මන්ත්‍රීවරුන් වී සිටින සෙසු අය සමග සන්සන්දනය කර බැලූ විට පාලිතගේ සුවිශේෂ නරකක් නැත. 

එහෙත්, පාලිතගේ නම් එක හොඳක් හෝ මම නිරීක්ෂණය කර ඇත්තෙමි. ඔහු ජාතිවාදියෙක් නොවේ. ඔහු පීඩිත දෙමළ, මුස්ලිම් මිනිසුන්ගේ මිතුරෙකි.

මේ වතාවේදී ද ඔහු ප්‍රහාරයට ලක් වූයේ අනතුරට පත් මුස්ලිම් ජනයා බේරා ගැනීමට ගොස් ය. ඔහු සෑහෙන මුස්ලිම් පිරිසක් බේරා ගැනීමට කටයුතු කර ඇති බව ආරංචි ය. මුස්ලිම් මිනිසුන් බේරා ගැනීමට කටයුතු කළ නිසා ඔහු සිංහල මිනිසුන්ගේ වෛරයට පාත්‍ර වී තිබේ. ඔහු තුවාල ලබා නැතත්, ඔහුගේ වාහනයට බරපතල හානි සිදු වී ඇති බව වාර්තා වේ. 

එහෙම මිනිහෙක් ‍මේ මතුගම සිටීම ගැන මට ආඩම්බරයක් ඇත.

හොඳ හිත - පාලිත යනු 2010 මහ මැතිවරණයේදී ඔහුගේ තේමා පාඨයයි. ඔහු මැතිවරණය දිනු‍වේ සි‍රගෙදර සිටයි. ඔහු වෙනුවෙන් මැතිවරණ ප්‍රචාරක කටයුතු කළේ ඔහුගේ බිරිඳයි. පසුව සිය බිරිඳ ප්‍රාදේශීය සභාවට පත් කර යැවූ පාලිතට සිය පුතාව පළාත් සභාවට යවා ගැනීමට ද උවමනා විය. ඔහු මතුගම ජනයාට එපා වූයේ ඒ සමගයි. 

දැන් ඔහු මතුගම එජාප සංවිධායකයා නොවේ. 

ඒත්, ඔහුගේ චන්ඩි මානසිකත්වය තුළ තවමත් ඉතිරි වී තිබෙන හොඳ හිත අපි අගය කරමු.

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු. Read in English blog.parakum.com

Comments

  1. චොප්පේ වගේ තගෙක්.. අපේ ආචාරය...

    ReplyDelete
  2. This comment has been removed by the author.

    ReplyDelete
  3. hodahithata jayawewa

    ReplyDelete
  4. "ඔහු පීඩිත දෙමළ, මුස්ලිම් මිනිසුන්ගේ මිතුරෙකි." එතකොට සිංහල ?

    ReplyDelete
    Replies
    1. සිංහලයා පිඩිත වෙන්නේ මහින්දයා පුකේ අරිනකොටයි, ගෑණිත් එක්ක සෙක්ස් කරනකොටයිනේ එකට තෙවරප්පෙරුමට නෙමෙයි ඔබාමාටවත් කරන්න දෙයක් නෑ.

      Delete
    2. අන් අයට පීඩකයෙකි?

      Delete
  5. උඹම නේද බාප්පේ කිව්වේ , චණ්ඩි පුතා අපට එපා , දන්න වලා අපට හොඳා කියලා.

    ReplyDelete
  6. මුණසිංහJune 18, 2014 at 8:54 PM

    පැරා, මාත් මතුගම. මේ විදිහට බැලුවොත් මර්විනුත් හොඳයිනෙ. මොකද එයා ගිහින් මුස්ලිම් පල්ලියකනෙ හිටියෙ. පැරා, ඔයා චණ්ඩි කවුද කියල නොදන්න කෙනෙක් වෙන්න බෑනෙ. මේ මිනිහට මුළු මතුගම, යටදොළවත්ත හැමෝමට භීෂණයක් වුණ යුගයක් තිබුණ. දැන් මන්ත්‍රී නිසා කොළේ වහල ගහන්නෙ.යටදොළවත්තෙ දෙමළ මිනිස්සුන්ට අවුරුදු ගාණක් තිස්සෙ චණ්ඩි කම් පෙන්නපු, නිල බලල ගහල මැරෙන්න ගහපු, ඒ මිනිස්සුන්ව තුවක්කු පෙන්නල ටිපර්වල දාගෙන ඇවිත් ඡන්දෙ දම්මගෙන ප්‍රා දේශීය සභාවට ආපු චණ්ඩි හෙවත් පාලිත මේ... (මේ විස්තර විශ්වාස නැත්නම් එයාට ඉන්නවා එදා ඉඳන් සමාජවාදයෙක් වුන එයාට වඩා දහස් වාරයක් හොඳ හිටපු ප්‍රාදේශීය සභාපති ශ්‍රියානන්ද-එයාගෙන් අහන්න)ආනන්ද මරියා බිග් මැච් දවසට ආනන්දෙ පරදින කොට ඉස්කෝල දෙකේම පොඩි එවුන්ව මර බයෙන් සීසී කඩ දුවන්න සලස්සමින්, යකඩ පොලු අරන් එකට මැඩ් බලපු උන්ට ගගහ එලවපු චණ්ඩි මේ. එකට බෝතලේ බොන ගමන් ,එදා අරයට ගහපු එක වැරදියිනෙ අයියෙ..“ කියල කිව්වම එකට බොන එකාව උස්සල පොළවෙ ගහන කරාටේ බ්ලැක් බෙල්ට්ධාරී චණ්ඩි මේ...
    මේ මිනිහව පාර්ලිමේන්තු යැව්වනෙ මතුගම මිනිස්සු! කරපු මැරකම්වලට ගල්කිස්ස පොලීසියෙ එල්ලල ගැහුව කාලෙකට කලින්. මිනී ගාණක් මරපු මේ තිරිසනා දැන් මානව හිමිකම් කතා කරද්දි අපි හිනාවෙන්නද අඬන්නද ඕනෙ? මේ ඔක්කොම ඇජෙන්ඩා.
    මේව නොදන්නව වගේ මේ බල්ලන්ට සහතක දෙන්න එපා පැරා.

    ReplyDelete
    Replies
    1. ඒ කනේ බං වෙල්ගම ගොයියා කිව්වේ හඳ වැටෙයි කියාල හිතපු හඳට ගල් ගහපු මිනිස්සු කියලා මතුගම ඉන්නේ. දෙවැනි වෙන්නේ තුම්පනේට විතරයි

      Delete
    2. මචං මුණේ,
      //ඔහු සෑහෙන මුස්ලිම් පිරිසක් බේරා ගැනීමට කටයුතු කර ඇති බව ආරංචි ය. //
      පැරාගෙ තියරියට අනුව, ඔන්න ඔය ටික මදැයි පාලිතට මැරකමෙන් ඉවත් වෙලා හොඳහිතැති සද්ගුනවත් බුවෙක් වෙන්න. ඇයි ඉතිං පොර බේරලා තියෙන්නෙ “සුළු“ මුස්ලිම් ප්‍රජාවනෙ.
      මම කියන්නෙ නෑ පාලිතය ඒ වෙලාවෙ කළේ වැරදි වැඩක් කියලා. ඒක ඇත්තටම අවදානමක් අරගෙන කරපු හොඳ මනුස්සකමක්. එහෙමයි කියලා මෑන්ව මෙච්චර නග්ගන්නෙ??????

      Delete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා