පාලිත තෙවරප්පෙරුම සිද්ධියේ දේශපාලන අරුත්
අගලවත්ත නගරයේදී පසුගිය ඉරිදා එජාප මන්ත්‍රී පාලිත තෙවරප්පෙරුම ශ්‍රීලනිප පාක්ෂිකයන්ට පහර දීම හා දෙමළ ජාතික ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු ප්‍රසිද්ධියේ නගර මැද දනගැස්වීම මෙම දේශපාලන මොහොත සංකේතවත් කරන වැදගත් සිද්ධියකි. මෙහි වැදගත් ම අවස්ථාව වන්නේ පාලිත තෙවරප්පෙරුම අත්අඩංගුවට ගැනීම සඳහා ඕනෑතරම් හේතු සාධක තිබියදී පොලිසිය අකර්මන්‍ය වීමයි. සිදුවීම වෙද්දී ද හුදෙක් නිරීක්ෂකයන් වී ඇති පොලිසිය සිද්ධියෙන් පසුව ද ක්‍රියාත්මක වූයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ක්‍රියාත්මක වන්නැයි නියෝග දුන්නාට පසුව ය. එසේම, එක්සත් ජාතික පක්ෂ නායකත්වය පැත්තෙන් එවැනි නියෝගයක් නො පැමිණීම ද අවධානයට ලක් විය යුතු කරුණකි. පොලිසිය, රාජ්‍ය සේවය, අල්ලස් හා දූෂණ විමර්ශන කොමිෂම, රාජ්‍ය මාධ්‍ය වැනි යාන්ත්‍රණ තවමත් දුවන්නේ පැරණි ක්‍රමයට ම බව මෙම සිද්ධියෙන් මනාව ඔප්පු වේ. මේවා දීර්ඝ කාලයක් තිස්සේ පුරුදු පුහුණු කරන ලද ක්‍රමයකට වෙනස්ව ක්‍රියාත්මක කිරීම පහසු නැත. ස්වාධීන කොමිෂන් සභා පිහිටුවූ පමණින් මේ දීනකම, රාජපක්ෂපාතිත්වය හා අකාර්යක්ෂමකම එක වරම නැති වී යන්නේ නැත. ඒ සඳහා දැඩි සටනක් කරන්නට සිදු වනු ඇත. පාලිත තෙවරප්පෙර...