මතුගම ඡන්ද කෙරුවාව ගැන ගම්මැදි හෑල්ලක්

මතුගම ජනතාව යනු 1947 මහ මැතිවරණයේදී නිදහස් අධ්‍යාපනයේ පියා ලෙස සැලකෙන සී.ඩබ්.ඩබ්. කන්නන්ගර මැතිතුමාව ඡන්දයෙන් පරද්දා එතුමාගේ දේශපාලන අනාගතයට තිත තැබූ ජනතාවකි. 

ඒ ජනතාව 2010 මහ මැතිවරණයේදී නීති විරෝධී අවි ආයුධ ළඟ තබා ගැනීම නිසා අත් අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයේ තබාගෙන සිටි චන්ඩි හෙවත් පාලිත තෙවරප්පෙරුම පාර්ලිමේන්තු යැව්ව හ. මෙම අවි ආයුධ භාවිතා කෙරුණේ නෙල්සන් මැන්ඩෙලා මෙන් විමුක්ති අරගලයක් කිරීමට නො ‍‍වේ. සිය දේශපාලනික සතුරන් මර්දනය කිරීමටයි.

බුද්ධිමත් නායකයකු වන කන්නන්ගරයන් පැරදවූ මතුගම ජනතාව අඩ සියවසකට පසුව චන්ඩිකම පමණක් දන්නා ගුස්ති අල්ලන්නකු  පාර්ලිමේන්තු යවා තිබේ.

2010දී පාලිත තෙවරප්පෙරුමට ආධාර කළ ප්‍රධාන පුද්ගලයකු වන්නේ ඇමති කුමාර වෙල්ගමයි. තමන්ට නො දෙන ඡන්ද තමන්ගේ ප්‍රතිවාදියා වන ඇමති මහින්ද සමරසිංහට නො දී එක්සත් ජාතික පක්ෂයේ පාලිතට දෙන්නට ඔහු දිරි දුන්නේ ය.

දැන් පාලිත තෙවරප්පෙරුම යන නාමය මාධ්‍යවල නිතර කියවේ. ඔහුට මේ දවස්වල තිබෙන ලොකුම ගැටලුව ඔහුගේ පුතාගේ නාම යෝජනාවයි. ඔහු‍ගේ බලවත් විරෝධය එල්ල වන එක් අයකු වන්නේ 2010දී ඔහු සිරගතව සිටියදී ඔහුගේ මැතිවරණ ව්‍යාපාරයේ බර ඇද්ද පුද්ගලයකු වන උදිත ඉලේපෙ‍රුමයි. 

2010 මහ මැතිවරණයෙන් පසු පැවැත්වුණ පළාත් පාලන මැතිවරණයේදී ඔහු සිය බිරිය ප්‍රාදේශීය සභාවට පත් කර ගන්නට සමත් වූයේ ය. මතුගම ආසනයෙන් තමන්ට දෙවෙනියෙක් හෝ ඉදිරියට පැමිණීම වළක්වා ගැනීමේ උවමනාව ඔහුගේ දේශපාලනයේ පදනමයි. 

ඔහු මෙවර නාම යෝජනා අරන් දීමට වෙහෙසෙන ඔහුගේ පුත්‍රයා වනාහි උගත්කමක් නැති, තාත්තා දන්නා දේටවත් දක්ෂ යයි ‍නො පෙනෙන අසරණ රැකියා විරහිත තරුණයෙකි. 

එළඹෙන පළාත් සභා මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය ප්‍රදේශයේ ධනවත් පොළී ව්‍යාපාරිකයකු වන ජගත් පී. විතානට නාම යෝජනා දී තිබේ. පාලිත තෙවරප්පෙරුම තෙවරක් කරකවා ඇද වැටෙන්නේ මෙම සිද්ධියත් සමගයි. 

ජගත් පී. විතානගෙන් මතුගමට යම් සේවාවක් වී ත‍ිබේ. ඔහු ගෙවල් කුලී මණ්ඩලයට යටත්ව ව්‍යාපාරිකයන් විසින් අයිතිකරුවන්ට ඉතා සුළු කුළියක් ගෙවමින් අලුත්වැඩියා කිරීමකින් හෝ තොරව පවත්වාගෙන යන මතුගම නගර මධ්‍යයේ  පිහිටි ගරා වැටුණු හොල්මන් මන්දිර මිළ දී ගෙන, ඒවා කඩා බිඳ දමා නගරයට කලඑළියක් දෙන්නට කටයුතු කරමින් සිටියි. එම ගොඩනැගිලිවල අයිතිකරුවන්ට එම කාර්යය කර ගන්නට බැරිව සිටියදී ජගත් සියලු පාර්ශ්වයන්ට ඉහළ වටිනාකමක් ගෙවා එම දේපල නිදහස් කර ගනියි. 

වෙනත් පොදු අවකාශයක් තබා, පොදු වැසිකිලියක්වත් නැති, හරි හමන් කෑම වේලක් කන්නට පුළුවන් කඩයක් නැති මතුගම නගරයේ ඉඩම් මිළ හා කඩ කුළී ආදිය කොළඹ තරමට ම වැඩි වීමට හේතුව ජගත්ගේ පොළී සල්ලිවල මැදිහත්වීම ය යන මතයක් ද තිබේ.  

මතුගම ව්‍යාපාරික අවකාශයේදී ජගත් ආණ්ඩුව වැනි වන අතර කුමාර් වෙල්ගම විපක්ෂය වැනි ය. කුමාර් වෙල්ගම නගර මධ්‍යයේ කඩාකප්පල්කාරී තදබදයක් ඇත‍ි වන තැනක ඉන්ධනහලක් පවත්වාගෙන යනවා පමණක් නො ව, සිය රාජ්‍ය බලය පාවිච්චි කරමින් වෙනත් කෙනෙකුට ඉන්ධනහලක් ආරම්භ කිරීමට ඉඩ දෙන්නේ ද නැත.

මේ ගම්මැදි හෑල්ල ලිව්වේ එක් කරුණක් නිසා ය. ගම්වල දේශපාලනය සිදු වන්නේ ඔය කොළඹ ජනමාධ්‍යවලින් කියන ආකාරයට නො වේ. කොළඹ ජනමාධ්‍යවලට බොහෝ විට තිබෙන්නේ ගම ගැන අසම්පූර්ණ චිත්‍රයකි.

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න
Read in English blog.parakum.com

Comments

  1. මා ආදරණීය සුදු අයියා වෙත,

    අයියේ, මගේ ෆෝන් එකේ බැටරියේ ප්‍රශ්නයක් හන්දා ෆෝන් එක ඔන් වෙන්නේ නෑ. ඒක හදා ගන්නකන් ඔයාට කෝල් කරන්න වෙන්නේ නෑ.ඒක හදාගන්න මට ගල්ගමුව ටවුමට යන්න ඕන. ඔයාට පුලුවන් නම් හෙට උදේ දහයාමාරට සියබලන්ගමුව වැව ගාවට බයිසිකලෙන් එන්න.මම මීගලෑව බස් එකේ ඇවිදින් වැව ගාවින් බැහැගන්නම්. ඔයා පැරකුම් මාමාගේ බ්ලොග් එක කියවන නිසා මගේ මේ කමෙන්ට් එක ඔයා දකියි කියලා හිතෙනවා. ඔයා මේ කමෙන්ට් එක දැක්කොත් පහලින් රිප්ලයි එකක් දාන්න.

    මේ ඔයාගෙම සදා නොවෙනස් නිලුපුලී සුදු නංගි.

    ReplyDelete
    Replies
    1. බුද්ධියෙන් අදහස් පළ කරන්න. Comment Wisely.

      Delete
  2. සල් යන කාලයේ පාසල් නොගොස් කට්ටි පනිමින් සිට වැඩිහිටි වූවාට පසු යළිත් පාසල් යන්නන් ලංකාවේ බහුලය. මේ අයට ඩෙස් බංකු සහ පුටු පෙන්වන්නට බැරිය. නාන කාමරයකදී පවා සමහරු කියවන්නට උත්සහ කරයි. රමණය කරන විට කියවීම සමහර නියුරෝසිකයන් ගේ ජන්ම පුරුද්දකි.

    දැන් මේ වන විට මෙම කියවීමේ රෝගය වාමාංශිකයන්ට ද බෝ වී ඇත. ඔවුන් දිගට හරහට කියවමින් සිටිති. කුමාරෝදය පවා ඔවුන් ගැඹුරින් හදාරති. සුමිත් චාමින්ද 2005 වසරේ දී පැවසුවේ පාසල් නොගිය අය ටියුෂන් පන්තියකට හෝ යා යුතු බවයි. ලෙනින් ද හදාරන්න! හදාරන්න! හදාරන්න! කියා ඇති විට වාමාංශිකයන් ගේ මෙම හැදෑරීම කොතැනින් නතර වේදැයි කීමට මෙය සුදුසු වේලාව නොවේ.

    සම්භාව්‍ය මාක්ස්වාදය අනුදත් ලෙනින්වාදය,ස්ටැලින්වාදය,මාඕවාදය සහ ට්‍රොට්ස්කිවාදය මගින් දෘෂ්ටිවාදය විවේචනය කිරීමේ දී අදාල කරන්නේ යථාර්ථය දෘෂ්ටිවාදය මගින් අවුල් කරන බවයි. නමුත් ලැකාන් අනුදත් මාක්ස්වාදය යටතේ ( මෙහි ප්‍රධාන ප්‍රකාශකයා ස්ලොවෝ ජිජැක්ය) දෘෂ්ටිවාදය විචාරය වන්නේ කෙනෙකු අනුදත් යථාර්ථය නොව ඉන් ගිලිහී යන විනෝදයයි. දැනුම වෙනුවට අප ජීවත් වන නරුමවාදී යුගයේ දී විචාරයට ලක් විය යුත්තේ විනෝදයයි. තවම ලංකාව මෙම අදහස වටහා ගෙන නොමැත. මෙය වටහා ගත් දිනක සිට අපට දෘෂ්ටිවාදය විචාරය කිරීම දෙවන අධියරකට රැගෙන යා හැකි අතර එහි ප්‍රතිඵලයක් ලෙස විප්ලවවාදී පක්ෂයක් විසින් හදුනා ගත යුතු යථාර්ථය පිළිබද අවබෝධයද කණපිට හැරෙනු ඇත. මාක්ස්වාදී දේශපාලනයේ ඉලක්කය මිනිසුන්ට සතුට ලබා දීම නොවන බව එවිට වැටහෙනු ඇත.

    ReplyDelete
  3. අනේ නිලුපුලි දැන් නෙව මම මේක දැක්කේ...
    මක්කැයි කරන්නේ ආයම බස් එක තියෙන්නේ දොලහට නොවැ.

    ReplyDelete
    Replies
    1. කමක් නෑ අයියේ ඔයා දොලහෙ බස් එකේ ඇවිල්ලා වැව එහා පැත්තෙ හේනෙ ඉන්න උක්කුන් මාමාගෙ පැලට යන්න...... එන ගමන් වැවෙන් පුක හෝදගෙනම එන්න පුළුවන්...

      මේ ඔයාගෙම සදා නොවෙනස් නිලුපුලී සුදු නංගි.

      Delete
    2. සුදු අයියේ...
      අර යට ඉන්න කකා කියන තට්ටයට නම් අහුවෙන්න එපා.... අයියව කැලේ පෙන්නන්න කියලා එක්කන් යන්න හදයි...
      නිලුපුලී සුදු නංගි

      Delete
  4. මතුගම ගැන කළ විග්‍රහය ලංකාවෙ සියළුම මැතිවරන කොට්ඨාස වලට ගලපන්න පුළුවන්

    ReplyDelete
  5. අද ඔය තරහවෙලා හිටියාට මීට අවුරුදු 500කට කලින් ඔය තෙවරප්පෙරුමාල්ලයි, ඉලේපෙරුමාල්ලයි සේරම හොඳ යාළුවෝ!

    ඇයි, සූරියප්පෙරුමාල්, සෙන්දුප්පෙරුමාල්, (අරිට්ඨකී ) වෙන්ඩුප්පෙරුමාල්?

    ReplyDelete
    Replies
    1. එතකොට සූරියආරච්චි කියන්නෙ අති උතුම් ශුද්ධ සිංහල වෙන්න ඇති නේද ගොනෝ...

      Delete
    2. ආ, මෙන්න වරදරාජපෙරුමලුත් ඇවිල්ලා!

      Delete
    3. කොටියට පුක දෙන කකා...
      ගෙරි මස් බුදිනා කකා..
      බොන්න නැතුව බැරි කකා...
      තට්ටෙන් කොළු සැප දෙතා..

      Delete
    4. This comment has been removed by a blog administrator.

      Delete
    5. පැරා දන්නේ නැහැ කකා තට්ටෙන් සොමිය දෙන විදිය.
      මෝඩ පැරෝ, කොමෙන්ට් ඩිලීට් කරන්න කලින් තට්ටෙන් සොමිය දීම ගැන කකාගෙන් ඉගෙන ගන්නවා.

      කතන්දර: තට්ටෙන් සොමිය දීම

      http://kathandara.blogspot.com/2010/07/blog-post.html

      Delete
  6. ඔක්කෝටම ඔන චන්ඩි නේ.. අන්තීමෙදි චන්ඩින්ගෙන්ම තමයි නොන්ඩි වෙන්නෙත්..

    ReplyDelete
  7. ඇත්තමයි පැරකුම් මහත්තයා ඒ වෙලාවෙ මතුගම ජනතාව කළේ ලොකු වරදක් කියල හිතෙනව.එතුමා දිගටම හිටියානම් අධ්‍යාපන ක්ෂේත්‍රයෙ ලොකු වෙනසක් බලාපොරොත්තු වෙන්න පුළුවන්

    ReplyDelete
    Replies
    1. මතුගම ඉන්න මැටි හරක් ඔව්වා දන්නවද ආයිබොවන්...

      Delete
    2. කන්නන්ගර අද හිටියානම් අධ්‍යාපන ක්ෂේත්‍රයේ විතරක් නොවෙයි වෛද්‍ය ක්ෂේත්‍රයේත් ලොකු පෙරලියක් වෙනවා.

      Delete
  8. http://ahamudhakimu.wordpress.com/

    ReplyDelete
  9. ආව් ආව් පැරාගේ ලිපි ලංකා ඊ නිව්ස් එකෙත් යනකොට කාටද ආඩම්බර හැබෑට ආ?

    ReplyDelete
  10. මේකට හේතුව නම් ලංකාව තවමත් අසංස්කෘතික රටක් , උසස් සංස්කෘතියක් ගොඩ නැගෙන තෙක් මේ වගේ මැරයන් තමයි අපගේ නූගත් ජනතාව පාලනය සඳහා තෝර ගන්නේ

    ReplyDelete
  11. //බුද්ධිමත් නායකයකු වන කන්නන්ගරයන් පැරදවූ මතුගම ජනතාව අඩ සියවසකට පසුව චන්ඩිකම පමණක් දන්නා ගුස්ති අල්ලන්නකු පාර්ලිමේන්තු යවා තිබේ//

    හඳට පොලු ගහපු, පොල්ගහේ පන්දම පත්තුකරාපු මිනිස්සු ඉන්න ගමක තව මොන කතාද ආයිබෝන්ඩ?

    ReplyDelete
    Replies
    1. මුළු රටට ම පස් දුන්නා නේද පරාක්‍රමබාහු කාලේ?

      Delete
    2. ඔව් ටිපර් එකේ ඩ්‍රයිවර්ට හිටියෙ මාතලන්ගෙ උතුම් පැතුම් වීර විකුම්නෙ.

      Delete
  12. නිදහස් අද්‍යාපනේ කන්නන්ගර බන්දේසියේ තියල දුන්න පුකකං නෙබේ හරකෝ. සමසමාජ පක්ෂෙ ඇතුලු වර්කින් ක්ලාස් එකේ වැඩ හමුවෙ ආණුඩුවට තල්ලු වෙන්න තිබුනු තැනක්. තොපි කන්නන්ගර උඩ දාල මිනිස්සුන්ගෙ ඔලු මැටි කැනවා.

    ReplyDelete
  13. වෙනත් පොදු අවකාශයක් තබා, පොදු වැසිකිලියක්වත් නැති, හරි හමන් කෑම වේලක් කන්නට පුළුවන් කඩයක් නැති මතුගම නගරයේ ඉඩම් මිළ හා කඩ කුළී ආදිය කොළඹ තරමට ම වැඩි වීමට හේතුව ජගත්ගේ පොළී සල්ලිවල මැදිහත්වීම ය යන මතයක් ද තිබේ. Yes this is quite true, in case if you need pish go to public market that is a hell on earth. Why these idiots at least build a proper toilet facility from the money they collected from people?

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා