උතුරත්, ඉන්දියාවත් අතර ගුවන් යානා, නැව් යන එක අසභ්‍ය වැඩක් ද?
අනාකලී ජනීතා ජයතිලක හා දයාන් ජයතිලක දේශපාලනිකව සමාන ද? |
මේ යෝජනා ක්‍රියාත්මක කරන්නට පළාත් සභාවට කොහොමත් බැරි ය. ඒ සඳහා කටයුතු කළ හැක්කේ ශ්‍රී ලංකාවත්, ඉන්දියාවත් අතර රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතා ඔස්සේ ය. උතුරු පළාත් සභාව තමන් මේවා ආරම්භ කරන බවක් කියා ද නැත. ඔවුන් ද එ් හා සම්බන්ධ ඉල්ලීම් ඉදිරිපත් කරන්නට යන්නේ ලංකාවේ හා ඉන්දියාවේ ආණ්ඩුවලට ය. එහෙම යෝජනාවක් කිරීම ඔච්චර කුණුහරුපයක් ද?
මේ යෝජනාව ගැන ලංකාවේ ආණ්ඩුව කුපිත වී ඇත. ආණ්ඩවුට රිංගා ගැනීම සඳහා විශ්ලේෂණ ඔස්සේ ඇප්ලිකේෂන් ඉදිරිපත් කරන දයාන් ජයතිලක පවා දෙරණ නාලිකාව ඔස්සේ මෙය හඳුන්වන්නේ මධ්‍යම ආණ්ඩුව ලවා පළාත් සභාව විසුරුවා ගැනීම සඳහා දෙමළ අන්තවාදීන් දරන උත්සාහයේ කොටසක් ලෙසයි. මේ ඊනියා විශ්ලේෂකයා වනාහි වරක් ලංකාවේ ඊලාම් රාජ්‍යයක් ප්‍රකාශයට පත් කළ වර්ධරාජා පෙරුමාල්ගේ නායකත්වයෙන් යුත් උතුරු නැගෙනහිර පළාත් සභාවේ සිටි කුමන්ත්‍රණකාරී ඇමතිවරයකු බව ද අප අමතක නො කළ යුතු ය.
මේ අද දිනමිණ පුවත්පතේ පළ වූ ජාතික නිදහස් පෙරමුණේ ප්‍රකාශනයකි: උතුරු පළාත් සභාව විසින් පසුගිය 18 වැනිදා, “යාපනයේ පලාලි සහ ත්‍රිකුණාමලයේ චීන වරාය යන ගුවන් තොටුපළවල සිට ඉන්දියාවට සෘජු ගුවන් සේවා ආරම්භ කළ යුතුය“ යනුවෙන් යෝජනාවක් හා ‘උතුරු දුම්රිය මාර්ගය තලෙයිමන්නාරම දක්වා දීර්ඝ කොට ඇති බැවින් තලෙයිමන්නාරමේ ජැටියේ සිට දකුණු ඉන්දියාවේ රාමේෂ්වරම් අතර නැව් සේවයක් ඇරඹිය යුතුය යන යෝජනාවකුත් ඒකමතිකව සම්මත කොට ගෙන තිබෙනවා. එසේම ‘කන්කසන්තුරේ වරාය පුළුල් කොට වාණිජ වරායක් ලෙස සංවර්ධනය කළ යුතුයි හා ඉන්දියාවේ සිට පැමිණෙන නැව් කෙලින්ම කන්කසන්තුරේ වරායට ගෙන්වා ගැනීමට පියවර ගත යුතුයි යනුවෙන් තවත් යෝජනාවක්ද ඔවුන් ඒකමතිකව සම්මත කොට ගෙන තිබෙනවා.
මේ සියල්ල ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අමු අමුවේ උල්ලංඝනය කරමින් සම්මත කර ගත් නීතිවිරෝධී යෝජනා බව පෙන්වා දීමට කැමති යැයි ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් මුස්ම්මිල් මහතා පැවැසීය.
ඇත්තෙන්ම මෙය එච්චර භයානක යෝජනාවක් ද? ලංකාවේ උතුරු හා වයඹ වෙරළවල සිට ඉන්දියාවට ඇත්තේ සුළු දුරකි. තලෙයිමන්නාරමේ සිට නම් දක්ෂ පිහිනුම්කරුවකුට ඉන්දියාවට පිහිනන්නට පවා පුළුවන. ලංකාවත්, ඉන්දියාවත් අතර දේශ සීමා මේ තරම් වැදගත් වන්නට පෙර සමයේ යාපනයේ මිනිස්සු දකුණු ඉන්දියාවත් සමග ඉතා සමීප සම්බන්ධතා පැවැත්වූ හ. චිත්‍රපට බලන්නටත් මිනිස්සු තමිල්නාඩුවට ගිය බවට කතා ඇත. ආරුමුග නාවලර් නම් වූ දෙමළ සංස්කෘතික නායකයා සිය ජීවිත කාලය තුළ කිසි දිනෙක කොළඹ පැමිණි බවට සාක්කි නැති බව මම අසා ඇත්තෙමි.
ලංකා සිතියමේ ඉදිරිපස ඇත්තේ කොළඹ පැත්තේ යයි අද අප සිතා සිටිය ද මුළු ඉතිහාසය පුරා ම සියලු භූගෝලීය ප්‍රදේශයන්ට එය එසේ වී නැත. උතුරේ මිනිස්සු ඉතිහාසයක් පුරා ම දකුණු ඉන්දියාව සමග සමීප සම්බන්ධතා පැවැත්වූ හ. එහෙත්, ඒ ඉතිහාසය පුරාමත් ලංකාවේ උතුර ඉන්දියාවේ කොටසක් වූයේ නැත. සමස්තයක් ලෙස ම ලංකාවත්, ඉන්දියාවත් අතර සම්බන්ධය එවැනි දෙයකි.
මේ යෝජනාව දෙස සාධාරණ ඇසකින් බලන්නේ නම්, එසේ ඉල්ලා සිටීමේ කිසිදු වරදක් නැති බව වැටහෙනු ඇත. යාපනයේ වැසියකුට ඉන්දියාවට යාමට උවමනා නම්, ඔහු කොළඹ පැමිණ ඒ ගමන යනවා ය කියන්නේ හිස වටා අත යවා කණ අල්ලනවා වැනි වැඩකි. යාපනයත් ඉන්දියාවත් අතර ගමනාගමනයට මගීන් සිටිත් නම්, ඔවුන්ගේ සංචලනය සඳහා සේවාවන් ආරම්භ කිරීම සාමාන්‍ය ධනවාදී ව්‍යාපාරයකි. ඒ සඳහා දැන් පවතින යටිතල පහසුකම් ප්‍රමාණවත් නො වේ නම් කළ යුතුව තිබෙන්නේ යටිතල පහසුකම් සංවර්ධනය කිරීමයි. රටට බරක් වූ මත්තල ගුවන් තොටුපළ හා හම්බන්තොට වරාය වැනි අසාර්ථක යටිතල පහසුකම් ව්‍යාපෘති වෙනුවෙන් රට ණය කළ ආණ්ඩුවකට මෙවැනි ප්‍රායෝගික ව්‍යාපෘති ඒ තරම් දේ විය නො හැකි ය. ඉන්දියාව පවා මෙවැනි ව්‍යාපෘතිවලට ආධාර කරන්නට ඉදිරිපත් වනු ඇත.
යාපනයේ මිනිස්සු ඉන්දියාවට යන්නේ සිංහලයන්ට එරෙහිව දේශපාලනිකව සංවිධානය වන්නට පමණකැයි සිතන එක ජාතිවාදී මුග්ධකමකි. දෙමළ ජාතිවාදය ශක්තිමත් දේශපාලනයක් යයි සිතන එක ම මුග්ධකමකි. පශ්චාත් කොටි යුගයේ, ආනන්දි සසිදරන් සේ කඳුළු හා හොටු පෙරා ආසනයක් දිනා ගැනීම වැනි දෙයක් කර ගැනීම හැර, දෙමළ ජාතිවාදයට කළ හැකි කිසිවක් නැත. දෙමළ ජාතිවාදයට කෙළ වී තිබෙන්නේ අන් කිසිවකින් නො ව, දෙමළ ඩයස්පෝරාවෙන් එන ඩොලර්වලින් ය. ජාතිවාදය ඉදිරියට ගෙන යාම සඳහා අවශ්‍ය ළමා සොල්දාදුවන් නිරමානය කර ගැනීම මේ ඩොලර් නිසා ම දැන් අමාරු වී තිබේ. වැඩිදුර විස්තර අවශ්‍ය නම් පසුගිය ඉරිදා ඔබ්සර්වර් පුවත්පතේ කතුවැකිය කියවා බලන්න.
අනෙක් පැත්තෙන් උතුරේ ජනතාව ඉන්දියාව සමග සම්බන්ධතා ශක්තිමත් කර ගන්නට කැමැත්තක් දක්වද්දී එය මර්දනය කරන්නට යාම විසින් සිදු වනු ඇත්තේ ජාතිවාදය පෝෂණය වීම පමණි. දෙමළ සමාජය තුළ ප්‍රාග්ධන හා ශ්‍රම සංචලනය පුළුල් කිරීම තරම් දෙමළ ජාතිවාදයට පහර දිය හැකි වෙනත් මාර්ගයක් නැත. කොටි සංවිධානය දේශසීමා වැට කොටු තර කරගෙන උත්සාහ කළේ ද දෙමළ සමාජයට නවීනත්වය පැමිණීම වළක්වා ගන්නට ය.
නිදහස් සංචලනය මැද පවා ජාතිවාදය පවතිනු ඇත. එහෙත් ඒ කොටින්ගේ කාලයේ පැවත් ස්වරූපයෙන් නම් නො වේ. එය නව ස්වරූපයකි. එතුළ උදය ගම්මන්පිලලා වැනි පොෂ් ජාතිවාදීන් නිර්මානය වනු ඇති මුත්, මිනිස් බෝම්බ නිර්මානය කර ගැනීම පහසු වන්නේ නැත. හරක් වෙනුවෙන් ගිනි තබාගෙන මැරෙන කකුල් දෙකේ හරක් නිර්මානය කර ගැනීම පවා පහසු නැත.
සිදු විය යුත්තේ සමස්ත ලංකාවම ඉන්දියාව සමග සම්බන්ධතා යහපත් කර ගැනීමයි. ලංකාවේ මධ්‍යම ආණ්ඩුව ද තමිල්නාඩුව සමග සම්බන්ධතා යහපත් කර ගත යුතු ය. බෙලාරුස් ජනපදය හෝ ස්වාසිලන්තය සමග කටයුතු කිරීමට වඩා ලංකාවේ රාජ්‍ය තාන්ත්‍රික දේශපාලනය තුළ වැදගත් විය යුත්තේතමිල්නාඩුව සමග යහපත් සම්බන්ධතා ගොඩනගා ගැනීමයි. එහෙත්, ලංකාවේ විදේශ අමාත්‍යාංශයට මේ සම්බන්ධයෙන් ලිපි ගොනුවක් හෝ ඇති බව නො පෙනේ.
ඉන්දියාවත්, තමිල්නාඩුවත් දේශපාලනික වශයෙන් කෙතරම් දුබල ද යන්නට උදාහරණයක් ලෙස රජීව් ගාන්ධි ඝාතකයන් නිදහස් කිරීමට තමිල්නාඩු ප්‍රාන්ත ආණ්ඩුව ගත් තීරණය නිසා ඇති වී තිබෙන අර්බුදය දෙස් දෙයි. අනාගත ඉන්දීය අගමැතිනියක් වන්නට සිහින දකින ජයලලිතා එමගින් පෙන්නුම් කළේ ඇයට ජාතික නායිකාවක් වන්නට ඇති නො හැකියාවයි.
මෙ වන විට තමිල්නාඩුවේ සිදු වන දේශපාලනික සංවර්ධනයන් තුළ දැඩි දෙමළ ජාතිවාදී ස්වරූපයක් දක්නට ලැබේ. මේ ජාතිවාදයේ තරම කෙතරම් ද යත්, තමිල්නාඩු ප්‍රාන්තයේ සිවගංගා ආසනය නියෝජනය කරන කොංග්‍රස් පාක්ෂික මන්ත්‍රීවරයකු වන මධ්‍යම ආණ්ඩුවේ මුදල් ඇමති පී. චිදම්බරම්ට පවා ජයලලිතාගේ මෙම තීරණය හෙළා දකින්නට තරම් ආත්ම ශක්තියක් නො තිබිණි.මෙය තමිල්නාඩුවේ තිබෙන ශක්තියක් නොව දුබලකමකි.
ඉන්දියාව පවා මෙවැනි අර්බුදයක සිටින තත්වයක් තුළ ලංකාවේ පාලකයන් බුද්ධිමත් හා උපායශීලී ලෙස කටයුතු කිරීම ඉතා වැදගත් ය. ඒ සඳහා මුලින් ම අවශ්‍ය වන්නේ ජාතිවාදී මුග්ධභාවයෙන් මිදී රාජ්‍ය තාන්ත්‍රික වීමයි.
ලංකාවේ ආණ්ඩුව උතුරු පළාත් සභාවත්, තමිල්නාඩු ප්‍රාන්ත ආණ්ඩුවත්, ඉන්දීය මධ්‍යම ආණ්ඩුවත් යන තුන සමග ම යහපත් සංවාදයක් ගොඩනගා ගත යුතු ය.
තමිල්නාඩුව සූදානම් වන්නේ උතුරත් සමග එක් වී වෙනම දෙමළ රාජ්‍යයක් ගොඩනගන්නට ය වැනි මුග්ධ අදහස් ඉවත දැමිය යුතු ය. මන්ද, එවැනි දෙයකට මුලින් ම විරුද්ධ වන්නේ ලංකාවේ දෙමළ ජාතිවාදියෝ ය. අනෙක් පැත්තෙන්, තමිල්නාඩු ආණ්ඩුවට ද එහෙම එකක් උවමනා නැත. මේ එක්, එක් බලවේගවල අවශ්‍යතා පරස්පර ය. ඒවා අතර දේශපාලනය කිරීම ඉතා සියුම් දෙයකි. ඒ දේශපාලනය වනාහි ප්‍රියංකර ජයරත්නලාගේ, කෙහෙළිය රඹුක්වැල්ලලාගේ පමණක් නොව දයාන් ජයතිලකලාගේ ද අවස්ථාවාදයේ සීමා තුළ කළ හැකි දෙයක් නො වේ.
මොවුන් තරම් වාචාලකම් දොඩවන්නකු නො වන ජනාධිපතිවරයා වෙනස් අන්දමේ අදහස්වලට සවන් දෙනවා වන්නටත් පුළුවන.
මූලික වශයෙන් ම ලංකාව තමන් ඉන්දියාවේ හා තමිල්නාඩුවේ පීඩනයට ලක් වී සිටින දුබලයකු ලෙස සිතන පදනම වෙනස් කර ගත යුතු ය. ලංකාව මේ බලවේගවලට පාලනය කළ නො හැකි ප්‍රබල රාජ්‍යයකි. ලංකාවේ පාලකයා කියන්නේ මේ කලාපයේ දේශපාලනය හැසිරවීමේ හැකියාව ඇති ප්‍රබලයෙකි. ඉන්දියාවේ මීළඟ ආණ්ඩුව කුමක්ද යන්න තීරණය කරන්නට පවා ලංකාව හරියට දේශපාලනය කරනවා නම් බැරිකමක් නැත. ලංකාව කලාපීය දේශපාලනය ස්පර්ශ කළ යුත්තේ ඒ විශ්වාසයේ සිටයි.
මෙය පටන් ගත යුත්තේ උතුරේ සංවර්ධනය වෙනුවෙන් ආණ්ඩුවත්, උතුරු පළාත් සභාවත් එක්ව කටයුතු කරන සංදර්භයක් නිර්මානය කර ගනිමිනි. මේ කිසිවක් ගැටුම් රහිත පරිසරයක් තුළ සිදු වන්නේ නැත. දේශපාලනය කියන්නේ ගැටුම් මැදින් අරමුණ කරා ඉදිරියට යාමයි.
අප කරමින් ඉන්නේ එයයි. ඇත්තෙන්ම, අපි එසේ ඉදිරියට යමින් සිටිමු. ජාතිවාදියෝ කුමක් කීවත්, කළත්, ලංකාව ඉදිරියට යමින් සිටින්නේ ඔවුන් විසින් පෙන්වා දෙන පාර දිගේ නො වන බව වටහා ගන්නැයි අපි චම්පික රණවක මහතාගෙන් ඉල්ලා සිටිමු.
මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් මෙතැනින් ගත් බව කියන්න
Read in English blog.parakum.com
මං අර ගුවන් සේවා ඇමතිගේ සවුන්ඩ් ක්ලිප් එක ඇහැව්වා. පිස්සු මරගාත නේ?
ReplyDeleteයෝජනවා ක්‍රියාත්මක පුළුවනිද කියා ශක්‍යතා අධ්‍යයනයක් කරන්නේ නැතුව නිකං විහිළු කතා කරනවා.
අනික දයාන් ජයතිලක කියන්නේ වරදරාජා පෙරුමාල් ගේ ඇමති මණ්ඩලයේ සාමාජිකයෙක් නේද?
අපේ නැන්දා කෙනෙක් ඉස්සර කාලේ (මං හිතන්නේ හැත්තෑවේ දි විතර) ඉන්දියාවේ ගිහින් තියෙන්නේ කෝච්චියේ තලෙයි මන්නාරමට ගිහිල්ලා බෝට්ටුවෙනුයි.
කකා ඔසී ගියෙත් බෝට්ටුවෙන්ද?
DeleteApitath oni matarain port ekakui plane banna airport ekakui. apita Antacticawata yanna oni dewundara thuduwen
ReplyDeleteඇන්ටාක්ටිකාවෙ නතර වෙයන් ආයෙ එන්න එපා.
Deleteමාත් ඒකේ කිසිම වරදක් දකින්නේ නෑ.. ඇත්තටම ඩයස්පෝරාව මෙහේට ගෙන්න ගන්න ඕන නම්, කරන්න තියෙන්නේ මේ වගේ දේවල්.. මත්තල ගුවන් තොටුපල හදාපු වෙලෙත් මම කිව්වේ, ඒක හැදුවේ වැරදි තැන. හදන්න තිබුනේ උතුරේ කියන එකයි. මේ ප්‍රකාෂ වලින් පේන්නේ, ත්‍රස්තවාදයක් දක්වා ඔඩු දුවන් තෙක්. දකුණේ දේශපාළණයය විසින් උතුර නොසලකා හැරීම.. ඔවුන් මර්දනය කිරීමෙන් පසුවත් දිගටම යන හැඩ විතරයි.
ReplyDeleteදයාන් ජයතිලකගේ ජොබ් එක නැති උනාම පස්සේ පොර දැන් ඇවිල්ලා කිලි මහාරාජාගේ ප්‍රකාශකයෙක් විදියට වැඩ කරන්නේ. ඒ අස්සේ ආණ්ඩුවට කඩේ යන්නේ ආයේ මොකක් හරි ජොබ් එකක් ලබා ගැනීමේ බලාපොරොත්තුවෙන්. පොරගේ ප්‍රකාශ කවුරුත් ගනන් ගන්නේ නෑ. නිකන් අර දිවයින පත්තරේ ආරක්ෂක කොලම ලියන කිර්ති වර්ණකුලසූරිය වගේ තමයි. පොරත් එක එක දේවල් මවගෙන ලියනවා. හැබැයි කවුරුවත්ම ඌ ලියන එව්වා ගනන් ගන්නේ නෑ.
ReplyDeleteඇත්තෙන්ම උතුරේ ජනයා ගැන මම ආඩම්බර වෙනවා. සිංහල වර්ගෝත්තමවාදී හමුදාවන්ගේ අමානුෂික වෙඩි බලය ඔස්සේ සිදුවූ සමුල ඝාතනයකින් පසුවත් ආත්මය පවා නොදී කොන්ද කෙලින් තබා ගැනීම ගැන.
දකුණේ පළාත්සභා වල ඉන්න මැරයෝ,කුඩුකාරයෝ,ස්ත්‍රීදුෂකයෝ එක්ක බලනකොට උගත්,රට ලෝකය ගැන අවබෝධයක් තියෙන විග්නේශ්වරම් වගේ කෙනෙක් තමුන්ගේ මහඇමති ලෙස පත්කරගත්තු ජනයාට ආචාරය.
අනික කොහොමත් තව දෙයක් කියන්න ඕනි. උතුරේ ජනයා ඉගෙනීමට දක්ෂයි. තව කාලයක් යනකොට ඒ උදවිය රටේ ඉහලම තනතුරු වලටත් එයි. දකුණේ ජනයා දිගමට මේ වගේ මැරයන්ට,ස්ත්‍රීදුෂ්කයන්ට බලය දුන්නොත් වෙන්නේ උතුර ඉදිරියේ කුරුමිට්ටේක් වෙන්න.
/*සිංහල වර්ගෝත්තමවාදී හමුදාවන්ගේ අමානුෂික වෙඩි බලය ඔස්සේ සිදුවූ සමුල ඝාතනයකින්*/
Deleteපට්ටයිනෙ, එකෙන්ම එකඟයි, ප්‍රභකරන් ගෙ කොටි නම් ඉතින් මානුෂිකව පොඩි ලමයෙක් දෙන්නෙක් මරල කෝච්චියකට බොම්බයක් දෙකක් තිබ්බ ඇරෙන්න කරපු කෙන්ගෙඩියක් නෑනෙ.
දැන් තුවාලෙ හොඳද?, ඉඳගන්න අමාරුවක් එහෙම නෑනෙ.
ප.ගෝ.
ආ පැරා, මොකද මේ කොමෙන්ට් මොඩරේට් කරන්නේ? එහෙම කරන්න එපා.
ReplyDeleteඑදා වීර පුරන් අප්පු මරණ මංචකයේදී, පර සුද්දන්ට හා පාහර සුද්දන්ගේ අත වැසියන්ට ඇසෙන්නට මොරගා කිව්වේ “මගේ අම්මා තව මා වගේ එක පුතෙක් වැදුවා නම් මම මේ රට පරයින්ගෙන් පහසුවෙන්ම නිදහස් කර ගන්නවා” යන්නයි. ඒ එෙතිහාසික කාහල නාදය කියා සිටියේ, සහෝදර පරම්පරාවක අවස්යතාවයයි. ඒ බව මනාව අවබෝධ කරගත් ඉතිහාසය, මහින්ද රාජපක්ෂ මහතාට ප්රභල සහෝදර පරපුරක් උරුම කලහ. ඒ නිවැරදි පරභලත්වය විසින්, සුදදාගේ කොටි හමුදාව හා සුද්දාගේ රතු හමුදාවද විනාශ කරමින් රට ඉදිරියට මෙහෙයවන බව අප මනාව හදුනා ගෙන සිටිමු
ReplyDeleteමචං වීර පුරන් අප්පුට අපහාස කරන්න එපා.
Deleteඇත්තෙන්ම උතුරු පළාත් සභාවේ තීරණයේ කිසිදු වරදක් නැහැ.උතුර ආර්ථික වශයෙන් දියුණුවීම මුළු රටේම දියුණුවට හේතුවක් වෙනවා.බුද්ධිමත්ව සිතුවානම් මත්තල ගුවන් තොටුපල සැබවින්ම පිහිටුවිය යුතුව තිබුනේ අනුරාධපුරයේ හෝ වව්නියාවේය.
ReplyDelete"මේ එල්.ටී.ටී.ඊ. විරෝධී මාක්ස්වාදියො අවම වශයෙන් තිම්පු මූලධර්ම හෝ තිම්පු ප්‍රකාශනයවත් පිළිගන්නෑ. ඒක එල්ටීටීඊ ස්ථාවරය නෙවෙයි. අන්න ලිට්මස් පරීක්ෂාව වගේ මාක්ස්වාදියාව චෙක් වෙන තැන." - මංජුල වෙඩිවර්ධන
ReplyDeletehttp://boondi.lk/article.php?ArtID=3993
ලිපිය වැදගත් උනා .
ReplyDeleteනැව් ගියාට පාරවල් නෑ කියන්නද පැරා අනාකලී දැම්මෙ?
ReplyDeleteමමත් මේකට කැමතියි. හැබැයි මේ ලිපියෙ අදහස් නම් විවාදාත්මකයි.
ReplyDeleteතමිල්නාඩුව සූදානම් වන්නේ උතුරත් සමග එක් වී වෙනම දෙමළ රාජ්‍යයක් ගොඩනගන්නට ය වැනි මුග්ධ අදහස් ඉවත දැමිය යුතු ය. මන්ද, එවැනි දෙයකට මුලින් ම විරුද්ධ වන්නේ ලංකාවේ දෙමළ ජාතිවාදියෝ ය. අනෙක් පැත්තෙන්, තමිල්නාඩු ආණ්ඩුවට ද එහෙම එකක් උවමනා නැත. //
මේ කතාවෙ තේරුම මොකක්ද දෙමළ ජාතිවාදීන්ට ඕන දෙමළ රාජ්‍යයක් ඒක දෙගොල්ලන්ටම පොදුයි.ලංකාවෙ ප්‍රශ්නවලට තමිල්නාඩුවෙ ගිනි තියාගන්නෙ.
මූලික වශයෙන් ම ලංකාව තමන් ඉන්දියාවේ හා තමිල්නාඩුවේ පීඩනයට ලක් වී සිටින දුබලයකු ලෙස සිතන පදනම වෙනස් කර ගත යුතු ය. ලංකාව මේ බලවේගවලට පාලනය කළ නො හැකි ප්‍රබල රාජ්‍යයකි. ලංකාවේ පාලකයා කියන්නේ මේ කලාපයේ දේශපාලනය හැසිරවීමේ හැකියාව ඇති ප්‍රබලයෙකි//
මේ කතාව නම් හොදා කෑම දිරවන්න හිනා වෙන්න.ඒකට වෙන කියන්න දෙයක් නෑ
අනර්කෙලීව මේ පොටෝ එකේ මට නම් පේන්නේ පොඩි රැම්බෝ කෙනෙක් වගේ.
ReplyDelete