Posts

Showing posts from September, 2020

ඉන්දු ලංකා අගමැති ඒකාබද්ධ නිවේදනයේ භාෂා ක්‍රීඩාව හා දෙමළ ප්‍රශ්නය

Image
  September 28, 2020   admin   Democracy   Politics අජිත් පැරකුම් ජයසිංහ ඉන්දියාවේ හා ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍යවරුන් අතර පසුගිය දිනෙක අන්තර්ජාලය ඔස්සේ පැවැත්වුණු ද්විපාර්ශ්වික සාකච්ඡාවෙන් පසු නිකුත් කරන ලද නිවේදනය ඉතා කපටි ලෙස වචනගත කරන ලද්දක් බව අපගේ නිරීක්ෂණයයි. එහි තිබෙන වඩාත්ම මතභේදාත්මක වගන්තිය පහත දැක්වේ:  “ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දහතුන්වැනි ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කිරීම සහ ප්‍රතිසන්ධාන ක්‍රියාවලිය ඉදිරියට ගෙන යාම ඇතුළුව, එක්සත් ශ්‍රී ලංකාවක් තුළ සමානාත්මතාවය, යුක්තිය, සාමය සහ ගෞරවය පිණිස, දෙමළ ජනතාවගේ අභිලාෂයන් පිළිබඳව කටයුතු කරන ලෙස අග්‍රාමාත්‍ය මෝදි මැතිතුමා ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා සිටියේය. ශ්‍රී ලංකාවේ ජනතාවගේ වරම අනුව පෝෂණය වූ ප්‍රතිසන්ධානය සාක්ෂාත් කර ගැනීම හා ව්‍යවස්ථාමය විධිවිධාන ක්‍රියාත්මක කිරීම තුළින් දෙමළ ජාතිකයන් ඇතුළු සියලු ජනවාර්ගික කණ්ඩායම්වල අපේක්ෂාවන් සාක්ෂාත් කර ගැනීම සඳහා ශ්‍රී ලංකාව කටයුතු කරනු ඇතැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා විශ්වාසය පළ කළේය.” මෙම ඒකාබද්ධ නිවේදනයේ වචනගත කිරීම් අනුව අගමැති මෝදි මෙසේ ඉල්ලා සිටියි: ශ්‍රී ලංකා ආණ්ඩුක්‍

චීලා මෙට් විත් ඇන් ඇක්සිඩන්ට් (කෙටිකතාවකි)

Image
  September 27, 2020   admin   Art   Literature අජිත් පැරකුම් ජයසිංහ රාජාලියා හෙමිහිට මගේ ජනේලෙ වීදුරුවට තට්ටු කළා. එළිය වැටිලනෙ තිබුණෙ. ඒ නිසා වයිරං වීදුරුව එහාපැත්තෙන් වුණත්, ඒ ඉන්නෙ රාජාලියා බව මං තේරුම් ගත්තා. මං හෙමිහිට ජනේලෙ ඇරියා. ඌ යන්තං තටු ගසමින් එහෙට මෙහෙට පැනලා ඇරපු ජනේලෙ පඩිය උඩ වාඩි වුණා. “මොනව හරි කනවද?” මං ඇහුවා. “ම්හු!” රාජාලියා බුම්මගෙන කිව්වා. “මොකද, ඊයෙ නින්ද ගියෙ නැද්ද?” රාජාලියාගෙ තිබුණෙ දුක්මුසු පෙනුමක්. පින්නට තෙමිච්ච පිහාටු පිපිලා, අවුල් වෙලා තිබුණා. ඒවා කොච්චර අවුල් වෙලාද කියනවා නම් රාජාලියාගෙ තියුණු, කෘර ඇස් වටේ තිබුණු කහපාට රවුමට උඩින් කොණ්ඩෙ පවා අවුල් වෙලා තිබුණා. ඒක හරියට ජෙල් ගාලා පීරුවා වගේ ලස්සනට තියෙන හරියක්. රාජාලියාගේ ඇස් වටේ කහපාටත් මළානික වෙලා තිබුණෙ. කෘර ඇස්වලට අසරණකමක් එකතු වුණාම ඒක හරිම කාලකණ්ණි පෙනුමක්. “තමුසෙගෙ වර්ගය තමුසෙ දන්නවද?” මං දවසක් උගෙන් ඇහුවා. “අපට නැහැ ඕයි තමුසෙලට වගේ වර්ගවාදයක්,” ඌ සුපුරුදු නෝක්කඩුවෙන් උත්තර දුන්නා. “තමුසෙ ක්‍රෙස්ටඩ් සර්පන්ට් ඊගල් හෙවත් විද්‍යාත්මකව ස්පිලෝනිස් චීලා වර්ගයේ උකුස්සෙක්.” “තමුසෙලනෙ ඔය නම් දාන්නෙ. අපියැ?

SRI LANKA ISSUES ANOTHER FUNNY CIRCULAR TO CONTROL PRICE OF COCONUT

Image
  September 26, 2020   admin   Cartoon   Economy   News Sri Lanka government issued a extraordinary gazette on 25th September controlling the price of coconut as per the length of the girth of the peeled coconut. Accordingly, the prices are as follows: Coconuts with girth 13 inches or above – Rs. 70 Coconuts with girth between 12 and 13 inches – Rs. 65 Coconuts with girth less than 12 inches – Rs. 60 Sri Lanka government has resorted to the control of prices of essential commodities time to time. However, with the issues related to practicality, the government often withdraws the gazettes. Early this year, the government’s attempts to control the price of rice at Rs. 90 a kilo was changed later because the rice millers had refused to abide with it. The government was initially threatening to confiscate the mills and the rice stocks but later surrendered to the demands of the big millers. Similarly, the government withdrew another extraordinary gazette controlling price of turmeric at R

කට වචන චක්‍රලේඛ බවට පත්වන ගෝඨාභය යුගය

Image
  September 26, 2020   admin   Governance   Politics අජිත් පැරකුම් ජයසිංහ තමන් ප්‍රකාශ කරන දේ චක්‍රලේඛ ලෙස භාරගන්නා ලෙස ද, යම් කාර්යාලයකට යැවූ ලිපියකට දින 14ක් ඇතුළත ප්‍රතිචාර නොදැක්වුවහොත්, ලියුමෙන් කරන ලද ඉල්ලීම පිළිගත්තා සේ සලකන ලෙස ද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඊයේ රාජ්‍ය නිලධාරීන්ට උපදෙස් දුන්නේය. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පවත්නා ක්‍රමය වෙනස් කිරීමේ උවමනාවකින් යුක්ත අයෙකු යයි සිතිය හැකිය. එහෙත්, ඔහුට එවැන්නක් සඳහා අවශ්‍ය දැක්මක් ඇති බවක් නොපෙනේ. එසේම, ඔහු වෙනත් අයගෙන් උපදෙස් විමසීමට උත්සාහ නොකර, තමන්ගේ මතය අනුව හිතුවක්කාර ලෙස කටයුතු කරන බව ද පෙනේ. විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ඉදිරියට තල්ලු කළ ආකාරය මෙහිදී ඉතා වැදගත්ය. අධිකරණ ඇමතිවරයා පවා වගකීම භාර නොගත්, අගමැතිවරයා විසින් කරුණු සොයාබැලීම සඳහා කමිටුවක් ද පත් කරන ලද 20වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය තමන්ගේ යෝජනාවක් බව ද, තමන්ට එය ලබා නොදෙන්නේ නම්, දැනට පවත්නා තත්වය යටතේම තමන් කටයුතු කරන බව ද ඔහු පැවසුවේ අනියම් තර්ජනයක් ලෙසයි. එයින් ඔහු අදහස් කළේ තමන් ඉල්ලන බලය තමන්ට නොදුන්නොත් තමන් හරිහැටි වැඩ නොකරන බවක්ද? ඔහු කටයුතු කරන්නේ තනිවය.

THE GAZETTE TO ROB STATE LANDS WITHDRAWN DUE TO PROTEST

Image
  September 26, 2020   admin   English   Land Ajith Perakum Jayasinghe The vast majority who acquired government lands by force in Sri Lanka are scrupulous elements in the society. They have done so with the political powers, especially regarding the encroachment of state lands in urban areas. The businessmen with political powers have acquired hundreds of acres of land in this manner.  In the villages, some have encroached government lands in small scale. All of such squatters are not poor people. Even if it is committed by rich or poor, it is sheer robbery. They are brave enough to involve in these robberies and fraudulent activities by force. That is how they outsmart the lawful citizens of the country who never engage in such unscrupulous acts. This is a punishable offence and not a talent that must be awarded in any way. Considering the wrongful acts of the most underprivileged segments of society through the lens of sympathy is quite reasonable. Penalties must be imposed on all o

විධායක ජනාධිපති බළලාගේ ගෙල බැඳි ගෙජ්ජිය ගැලෙව්වාට මීයන් අල්ලන්නටත් ඕනෑය

Image
  September 25, 2020   admin   Uncategorized අජිත් පැරකුම් ජයසිංහ – පැරාගේ විරාමය කොලම, ලංකා පුවත්පත, 2020 සැප්තැම්බර් 27 ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ 20වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් ඉල්ලා පලිගසන්නේ පාර්ලිමේන්තුවට වග නොකියන, සෑම තැනකට ම විහිදුණු, සෑම කලකදීම සුරක්ෂිත සාර්වත්‍රික බලයක් සඳහාය. එහි භයානකකම ගැන අමුතුවෙන් කියන්නට අවශ්‍ය නැති තරම් පාඩම් ශ්‍රී ලංකාවේ 1978 පටන් සිටි විධායක ජනාධිපතිවරුන් හයදෙනාම විසින් ජනතාවට උගන්වා හමාරය. විධායක ජනාධිපතිවරයා සම්බන්ධයෙන් මූලික වශයෙන් ම වැරදි තර්කනයක් තිබේ. එනම්, මහජන ඡන්දයෙන් ජනාධිපති ධුරයට පත්වන්නේ තනි පුද්ගලයකු ය යන්නයි. එහෙත්, ප්‍රායෝගිකව ගත් කල කිසිදු හුදකලා පුද්ගලයකුට එසේ ජනාධිපති ධුරයට තේරී පත්විය නොහැකිය. එම පුද්ගලයා ජනාධිපති ධුරය දක්වා ඔසවා තබන දැවැන්ත දේශපාලන ව්‍යාපාරයක් නිර්මාණය වීම අත්‍යවශ්‍යය. පාර්ලිමේන්තුවෙන් නිරූපණය වන්නේ එම සමාජ ව්‍යාපාරයේ හරස්කඩකි. පාර්ලිමේන්තුවට මන්ත්‍රීන් තේරී පත්වන්නේ ද මහජන ඡන්දයෙනි. ජනාධිපතිට මෙන්ම අගමැතිට, ඇමතිවරුන්ට හා මන්ත්‍රීවරුන්ට ද ජනවරමක් තිබේ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ නැවත වරක් 20වන ආණ්ඩුක්‍රම ව්‍යවස්

ජනාධිපතිවරයාට මේ අයුරින් රාජ්‍ය සේවය මට්ටු කළ හැකිද?

Image
  September 24, 2020   admin   Governance   News අජිත් පැරකුම් ජයසිංහ නිවාස සංවර්ධන අධිකාරියට අයත් නාරාහේන්පිට කාර්යාලයට ජනාධිපතිවරයා හදිසියේ කඩාවැදීම සමස්ත රාජ්‍ය අංශයටම කරන ලද අනතුරු ඇඟවීමක් හෙයින් එය ප්‍රශංසා කළ යුතු පියවරකි. රජයේ කාර්යාලවල ආදර්ශ පාඨය වන්නේ  ‘පුළුවන් නම් ආපු වැඩේ කරගෙන පෙන්නපන්’  ය යන්න විහිළුවක් නොවේ. මේ සම්බන්ධ සජීවී අත්දැකීම් කීපයක් මේ දිනවල මට ලැබෙමින් තිබේ. 2015 වසරේදී වයස අවුරුදු 50දී විසි අවුරුද්දකට වැඩි රජයේ සේවය මත විශ්‍රාම ගිය මා හට ලබන මාසයේ සිට විශ්‍රාම වැටුප ලැබිය යුතුය. කොරෝනා ඇඳිරි නීතියෙන් පසු රජයේ කාර්යාල විවෘත කළ වහාම මා මේ පිළිබඳ අදාළ කලාප කාර්යාලයට ගොස් සොයා බැලුවෙමි. අදාළ නිලධාරිනිය මගේ විශ්‍රාම වැටුප සම්බන්ධයෙන් කටයුතු ආරම්භ කළාය. මගේ තනතුර ආරම්භයේ සිටම විශ්‍රාම වැටුප් හිමි, වැන්දඹු, අනත්දරු අරමුදලට දායකත්වය ගෙවිය යුතු එකකි. එම අයකිරීම් පළමු වැටුපේ සිටම කරන ලදී. එහෙත්, දැන් මා ශතවර්ෂ කාලකට පමණ පෙර කාලයේ සේවය කළ කැබිතිගොල්ලෑව, අනුරාධපුර යන කලාපවලින් එසේ වැන්දඹු අනත්දරු අරමුදලට දායකත්වයන් සැපයූ බවට ලේඛන ගෙන්වා ගත යුතු යයි කියා පසුගිය ජුලි මස 20දා

රජයේ ඉඩම් මංකොල්ලකෑමේ ආණ්ඩුවේ ගැසට්ටුව විරෝධය නිසා අකුලා ගනී

Image
  September 23, 2020   admin   Development   Economy   Land රජයේ ඉඩම් බලෙන් අල්ලාගත් වැඩිදෙනෙකු හොර තක්කඩි ය. ඔවුන් ඉඩම් අල්ලාගැනීම කළේ කුමක් හෝ දේශපාලන හයියකිනි. විශේෂයෙන් ම නාගරික ඉඩම් හොරෙන් අල්ලාගැනීම සිදුකළේ එසේය. එසේම, කැලෑ ඉඩම් අක්කර සිය ගණන් විවිධ වගාවන් සඳහා අල්ලා ගත් අය ද සිටිති. ඔවුන් ද දේශපාලන බලපුළුවන්කාරකම් තිබෙන ව්‍යාපාරිකයන්ය. ගම්බදව සුළු පරිමාණෙන් රජයේ ඉඩම් ඇල්ලූ අය ද සිටිති. ඔවුන් ද සියලු දෙනා දුප්පතුන් යයි කිව නොහැකිය. ධනවතුන් කළත්, දුප්පතුන් කළත්, මෙය බලහත්කාරය පාවිච්චි කර සිදුකරන ලද රජයේ දේපල මංකොල්ලයකි. එය සිදුකළ අයගේ සුදුසුකම වන්නේ ඔවුන්ට සොරකම් කිරීමට, බලාත්කාරීත්වයට, වංචනික ලෙස කටයුතු කිරීමට තිබෙන එඩිතරකමයි. ඔවුන් සෙසු නීතිගරුක පුරවැසියන්ගෙන් වෙනස් වන්නේ එම නිසාය. මෙය දඬුවම් කළ යුතු වරදක් මිස තෑගි දිය යුතු දක්ෂකමක් නොවේ. ඒ අතර, හුදෙක්ම දිළිඳුකම හේතුවෙන් එසේ කළ යම් අයෙකු වේ නම්, ඒ පිළිබඳ සොයා බලා සානුකම්පිත හේතු මත සහනයක් සැලසීමෙහි වරදක් නැත. සෙසු අයට දඩ ගැසිය යුතුය. එම දේපල කඩා ඉවත් කළ යුතුය. කඩා ඉවත්කිරීම වෙනුවට ඕනෑ නම් සුදුසු පුද්ගලයන්ට නිශ්චිත කාලයකට තවදුරටත

මයි හන්ඩ්‍රඩ් ටර්මරික්-ටර්මරික් ස්ලීපිං ඔන් ද ඩොංකි බෙඩ්

Image
September 22, 2020   admin   Agriculture   Cartoon   Economy ලංකාවේ අපට සතුට ගෙන දෙන්නට එහෙමට දේ නැත. පිටතට ගොසින් රස ගුණ ඇති කෑම වේලක් කා සතුටු වන්නට පවා ලාංකිකයන්ට ලැබෙන අවස්ථා අඩු ය. එයට හේතුව එක්කෝ අධික මිලය. ලාභ ලැබීමේ චේතනාවෙන් වෙළෙන්දන් අලෙවි කරන කෑමවල රස ගුණ අවමය. සිංහල හෝ දෙමළ ක්‍රමයට රසවත් කෑම වේලක් සැකසීමට බොහෝ සුපිරි හෝටල්වල කෝකියන් පවා අසමත් වීම අනෙක් හේතුවයි. වෑංජනයක්, දෙකක් සමග ගෙදර උයාගෙන කන බත් වේල ලාංකිකයන්ට දිව්‍ය භෝජනයකි. රසට බත් වේලක් උයාගෙන කන්නට නම් පොල් කිරි, පොල් තෙල්, මිරිස්, තුනපහ, කහ, අබ, ගම්මිරිස්, උළුහාල්, සූදුරු, මාදුරු, කුරුඳු, රම්පෙ, කරපිංචා ආදිය අත්‍යවශ්‍යය. කහවලින් හොද්දට එකතු වන්නේ වර්ණය පමණක් නොවේ. රසක් ද, පෝෂ්‍ය හා විෂහරණ ගුණයන් ද එක් වේ. ආහාරයකින් මානසික තෘප්තිය ලැබීමට වර්ණය ද අදාළ වේ. කහ අපට වැදගත් වන්නේ ඒ නිසා ය. මේ සරල දේ තේරුම් ගන්නට අසමත්, විදේශ රටවල ජීවත් වී පරගැති චින්තනයන්ගෙන් ඔලු කුරුවල් කරගත්, බලය වෙනුවෙන් පමණක් ජාතිය කරපින්නා ගත් ලංකාවේ වත්මන් පාලකයන්ට සිංහල, දෙමළ, මුස්ලිම් මිනිසුන්ගේ රස නහර හඳුනාගන්නට බැරි ය. ඔවුන් විසින් ජනතාවගෙන් පැහ

ඕනෑවට වඩා රැස්වීම් ලංකාවේ සංවර්ධන ගැටලුවකි

Image
  September 21, 2020   admin   Development   Economy අජිත් පැරකුම් ජයසිංහ ශ්‍රී ලංකාවේ රාජ්‍ය මෙන්ම පෞද්ගලික අංශයේ ද තිබෙන ප්‍රධාන ප්‍රශ්නය වැඩ නොකිරීම යයි පසුගියදා ජනාධිපතිවරයා රැස්වීමකදී පැවසීය. වැඩ කරන්නට බැරිවෙන්නට ප්‍රධාන හේතුවක් වන්නේ වැඩකට නැති රැස්වීම් බව හා බොහෝදෙනෙකුට වැඩ යනු ද රැස්වීම් බව සඳහන් කරමින් අප විසින් පළ කරන ලද ෆේස්බුක් පෝස්ටුවක් සම්බන්ධයෙන් ගැඹුරු සංවාදයක් ඇති විය. එයින් පැහැදිලි වූ කරුණ වන්නේ මෙම සටහන තමන මා ද ඇතුළුව බොහෝ සේවකයන් රැස්වීම් සම්බන්ධයෙන් දැඩි ලෙස අසහනයට පත් වී සිටින බවයි. තීරණ ගැනීම, වැඩ සැලසුම් කිරීම, ක්‍රියාත්මක කිරීම, ප්‍රගති සමාලෝචනය, අධීක්ෂණය හා ඇගයීම සඳහා රැස්වීම් අවශ්‍යය. එහෙත්, ප්‍රශ්නය එය නොවේ. අනවශ්‍ය රැස්වීම්ය. එසේම, රැස්වීම්වලදී සිදුවන කාලය කාදැමීම්ය. එහෙයින් නිලධාරීන්ට වැඩ කරන්නට කාලය ඉතිරි නොවීමයි. මෙවැනි රැස්වීම් කාර්යාල, ප්‍රාදේශීය, පළාත් හා ජාතික මට්ටමෙන් පමණක් නොව ජාත්‍යන්තර මටටමෙන් ද පැවැත්වේ. කාලයට අමතරව, මහජන මුදල් ඇතුළු ධනය, ඉන්ධන හා පොදු සම්පත් ද ඒ වෙනුවෙන් නාස්ති වේ. රැස්වීම් සංවිධානය කිරීම ඇතැම් විට ව්‍යාපෘතියකි. ව්‍යාපෘති යෝ

ලිංගික අල්ලස් ඉල්ලීම

Image
September 17, 2020   admin   Crime   Law අජිත් පැරකුම් ජයසිංහ – පැරාගේ විරාමය, ලංකා පුවත්පත – 2020 සැප්තැම්බර් 20 අමාත්‍යාංශයක ජ්‍යේෂ්ඨ නිලධාරියකු බව පැවසෙන පුද්ගලයකු තමන් යටතේ සේවය කරන තරුණ සේවිකාවකගෙන් ලිංගික අල්ලස් ඉල්ලා සිටිද්දී එම සේවිකාව විසින් පටිගත කරන ලද වීඩියෝ දර්ශනයක් මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙයි. දීර්ඝ කාලයක සිට මෙම නිලධාරියා විසින් එකී කාන්තාවට අනවශ්‍ය බලපෑම් කරමින් සිටින බව වීඩියෝවේ ඔහු විසින් කරනු ලබන ප්‍රකාශවලින් ම පැහැදිලි වේ. මෙම පටිගත කිරීම හා එය සමාජ මාධ්‍ය වෙත මුදාහැරීම එහි ප්‍රතිඵලයකි. ( වීඩියෝව ලිපියේ අග දැක්වේ ) පුළුල් අර්ථයෙන් ගත් කල ලිංගික හිංසනය යනු අනවශ්‍ය හෝ අනාරාධිත ලිංගික අවධානයයි. එබැවින් මෙය ලිංගික හිංසනයකි. එය වනාහි ‘ඕක මොකක්ද? ඔය වගේ දේවල් ඕනැ තරම් වෙනවානේ,’ යි කිව හැකි සිල්ලර දෙයක් නොවේ. මෙවැනි ක්‍රියා සේවා ස්ථානවල සුලබ වන්නේ ඒවා වැරදි ලෙස හඳුනාගැනීමට සමාජය අසමත් වීම නිසාය. රාජ්‍ය මෙන්ම පෞද්ගලික අංශවල ද රාජ්‍ය නොවන සංවිධානවල ද සෙසු සෑම ආකාරයක ම රැකියා ස්ථානවල ලිංගික හිංසනය සිදු වේ. සේවකයන් සම්බන්ධයෙන් නම්, රැකියා ලබාදීම, උසස්වීම් ලබාදීම, ස්

වෛද්‍ය අධ්‍යාපනයේ අලුත්ම අර්බුදයත් පරණ අදහස් නිසාය

Image
  September 16, 2020   admin   Education   Health අජිත් පැරකුම් ජයසිංහ වෛද්‍ය අධ්‍යාපනයේ ප්‍රමිතිය පිළිබඳ නැවතත් කතාබහක් ඇති වී තිබේ. එය හොඳය. කෙසේ වෙතත්, වෛද්‍ය අධ්‍යාපනය සම්බන්ධයෙන් වර්තමාන ගැටලුව මතු වී තිබෙන්නේ විදේශ වෛද්‍ය උපාධි සඳහා බඳවාගැනීමේ කොන්දේසි මත ය. ශ්‍රී ලංකාවේ වෛද්‍ය උපාධියක් සඳහා ලියාපදිංචි වීමට අ.පො.ස. උසස් පෙළ විෂයයන් තුනක් සම්මාන දෙකක් සහිතව සමත් වීමේ අවම කොන්දේසියක් තිබේ. එහෙත්, විදේශ වෛද්‍ය විද්‍යාලවලට බඳවාගැනීමේදී එවැනි කොන්දේසි අදාළ නොවේ. කෙසේ බඳවාගත්තත්, ලොව ඉහළ පෙළේ විශ්වවිද්‍යාල තම වෛද්‍ය උපාධියේ ප්‍රමිතිය ආරක්ෂා කරගනියි. ලංකාවේ වෛද්‍ය සභාව පිළිනොගැනීමට තීරණය කර ඇති රුසියාවේ විශ්වවිද්‍යාලවල ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම් ලංකාවේ විශ්වවිද්‍යාලවලට වඩා බෙහෙවින් ඉහළ තත්වයක තිබෙන්නේ එම නිසාය. ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාලවලට බඳවාගන්නා කොන්දේසි මත පදනම්ව විදේශ විශ්වවිද්‍යාලවලට බඳවාගන්නැයි කියන්නට තරම් පිළිගැනීමක් ලංකාවේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂමට හෝ වෛද්‍ය සභාවට නැත. එසේම, වෛද්‍යවරුන් ලියාපදිංචි කිරීමේදී පිළිගත් වෛද්‍ය විද්‍යාලයකින් උපාධියක් හිමි අයෙකුට උසස් පෙළ සම