පිපිරීමෙන‍් පසු ශ්‍රී ලංකාව ලෙබනනයට දුන් තේ ගැන එරට අර්බුදයක්


  International

පසුගිය අගෝස්තු 4දා ලෙබනනයේ බීරූට්හි සිදු වූ රසායනික පිපිරීමෙන් හා ගින්නෙන් විපතට පත් ජනයා වෙනුවෙන් ශ්‍රී ලංකාව විසින් පිරිනමන ලද තේ එරට ජනාධිපති මිෂල් ඊවන් විසින් ජනාධිපතිවරයාගේ ආරක්ෂක අංශවල පවුල්වලට බෙදාදීම සම්බන්ධයෙන් ඔහු දැඩි විවේචනයට ලක්වී තිබේ.

Translations by Creative Content Consultants

මෙම පිපිරීමෙන් පුද්ගලයෝ 190ක් මිය ගිය අතර දහස් ගණනක් තුවාල වූහ. නගරයට දැවැන්ත දේපල හානියක් සිදු විය.

ශ්‍රී ලාංකිකයන් 25,000ක් ලෙබනනයේ රැකියා කරන අතර ගෘහ සේවිකාවන් ලෙස ලෙබනනයේ සේවය කරන කාන්තාවෝ රැසක් සිටිති. ශ්‍රී ලාංකිකයන් 22ක් මෙම පිපිරීමෙන් තුවාල ලදී. ලෙබනනයට උදව් කිරීමට ඉදිරිපත් වූ මුල්ම රටවල් අතර ලංකාව ද තිබිණි.

ලෙබනනයේ ශ්‍රී ලංකා තානාපතිවරිය වන ශානි කල්‍යානරත්න කරුණාරත්න අගෝස්තු 24දා එරට ජනාධිපතිවරයා හමුවී එරටට තේ කිලෝග්‍රෑම් 1,675ක් පිරිනමන ලදී. ඉහත ඡායාරූපයේ දැක්වෙන්නේ එම අවස්ථාවයි.

එම තේ තොගයට වූයේ කුමක්දැයි මාධ්‍ය විසින් කරන ලද ප්‍රශ්න හමුවේ ජනාධිපතිවරයා එය තම ආරක්ෂක හමුදාවේ පවුල් අතර බෙදා දුන් බව පැවසීය.

මේ අතර, මෙසේ බෙදා දෙන ලද තේ බටහිර බීරූට්හි කඩවල විකිණීමට ඇති බව ද සමාජ මාධ්‍ය පවසයි.

මොරිටේනියාව විසින් පිරිනමන ලද මාළු ටොන් 12ක් සම්බන්ධයෙන් ද මෙවැනිම ප්‍රශ්නයක් මතු වී තිබේ.

මෙම සිද්ධීන් ලෙබනන් සමාජ මාධ්‍ය තුළ දැඩි විරෝධයට මෙන්ම උපහාසයට ද ලක්වී තිබේ.

Adapted from praja.lk

Comments

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා