හිස කඳ
හිස නැති මළකඳක්ය දැන්
එහා ගෙදර උස පොල් ගස
මේ කොන්ක්‍රිට් වනන්තරේ
උස යන්නට බැරි හින්දා
මරණ දඬුවමට ලක්කළ
වෙන වරදක් කිසිත් නොකළ
ගෙඩි දන්දුන්
අතු දන්දුන්
බඹරුන්ටත්
රොන් දන්දුන්
හිස බැඳි පුන් කලස ගසා
කප් රුක් කඳ කෑලි කපා
උස ළමයා අපි මැරුවා
උස හින්දා අපි මැරුවා
පද: අජිත් පැරකුම් ජයසිංහ
ඡායාරූපය: දක්ෂිණා සන්තෝෂි පෙරේරා

Comments
Post a Comment
මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.