අන්තවාදීන්ට සාකච්ඡා කර ජාතික ප්‍රශ්නයට විසඳුම් යෝජනා කරන්නට පහසුකම් සලසා දිය යුතු ය.

ලාංකික දේශපාලනයේ බලවේග පෙළ ගැසෙමින් තිබෙන ආකාරය අධ්‍යයනය කිරීම රසවත් ය. 

එහිදී 2015 ජනවාරි 8 දින දක්නට ලැබුණු බෙදුම් කඩනය ඒ අන්දමින් ම තවමත් ක්‍රියාත්මක වන ආකාරය හා එය වඩා ශක්තිමත් ලෙස නැගී සිටින්නට උත්සාහ කරන ආකාරය පැහැදිලිව දැකිය හැකි ය. 

රාජපක්ෂ බලවේගයත්, එහි නූල් සූත්තරවලින් නැටවෙන සෙසු අන්තවාදීනුත් රඟන්නේ එ් දවස්වල රැඟූ ඓතිහාසික භූමිකාවන් ම වීම සුවිශේෂ ය. 

එසේම, සිංහල හා දෙමළ ජාතිවාදීන් අතර ඇති වී තිබෙන්නේ අපූරු සන්ධානයකි. වාසුදේව - විග්නේශ්වරන් දෙහූරන් අන්‍යෝන්‍ය අවබෝධයෙන් නිර්මානය කරන නාටකීය ගැටුම මෙසේ ය:

විග්නේශ්වරන් කල්ලිය උතුරේ අධි ආරක්ෂිත කලාප ඉවත් කරනු, ජනතාවගේ ඉඩම් ආපසු දෙනු යයි කියන විට වාසුදේව කල්ලිය ඔන්න හමුදා කඳවුරු ඉවත් කරනවෝ, ත්‍රස්තවාදය නැගිටිනවෝ යි කියති. 

විග්නේශ්වරන් කල්ලිය දේශපාලන සිරකරුවන් නිදහස් කරනු යයි කියන විට, වාසුදේව කල්ලිය ඔන්න කොටින්ට නිදහස දෙනවෝ යි කියති. 

විග්නේශ්වරන් කල්ලිය ෆෙඩරල් විසඳුමක් ඉල්ලා සිටින විට, වාසුදේව කල්ලිය රට බෙදනවෝ යි කෑ ගසති. 

විග්නේශ්වරන් කල්ලිය උතුරේ බලෙන් බෞද්ධ සංකේත පිහිටුවීම නවත්වන්නැයි කියන විට, වාසුදේව කල්ලිය බුදු දහම වනසනවෝ යි විලාප දෙති. 

මේ අතර, කිසිවකට සහාය නො දෙන අන්තවාදී සිංහල අපතයෝ දෙමළ ඉල්ලීම්වල ආරක්ෂකයින් වන්නට එකිනෙකා අතර පොර කති. ඩයස්පෝරා සල්ලිවලට ඇති පෙරේතකම මෙන් ම, සිංහල ජාතිවාදය තුළ තමන්ට නැති ඉඩ දෙමළ ජාතිවාදය තුළින් හෝ සොයාගෙන පොරවල් වීමේ නන්නත්තාර මානසිකත්වයත් මේ පසුපස තිබේ. 

මේ කුහක බලවේග සමග ප්‍රශ්නවලට විසඳුම් සෙවිය නො හැකි ය. ජනතා ප්‍රශ්නවලට සැබෑ ප්‍රායෝගික විසඳුම් වෙනුවෙන් පුරවැසි බලවේගයක් පෙළ ගැස්විය යුතුව තිබේ.

ජාතීන්ගේ ප්‍රශ්නයට විසඳුම් සෙවීම පිණිසත්, ප්‍රජාතන්ත්‍රවාදය සහතික කරනු පිණිසත්, මේ වන විට දියත් කර තිබෙන ව්‍යවස්ථා ගොඩනැගීමේ ක්‍රියාවලියට සක්‍රියව සහභාගි වීම නීති හා ව්‍යවස්ථා සම්බන්ධ ප්‍රශ්න විසඳා ගැනීමට තිබෙන හොඳම ආකාරයයි. මෙම සටන්කාමීන් එයට කෙතරම් දුරට සහභාගි වනවා ද?

මිලිටරිහරණය, දේශපාලන සිරකරුවන්ගේ ප්‍රශ්නය වැනි ප්‍රශ්න විසඳා ගත හැක්කේ ඒ වෙනුවෙන් රජය කළ මුලපිරුම්වලට සහාය දීමෙනි. එහෙම නො කර, ඒවාට විරුද්ධව ජාතිවාදීන්ගෙන් ප්‍රහාර එල්ල වන විට නිශ්ශබ්දව සිට, අපි සහයෝගය දෙන්නෙ නැහැ, හැබැයි උඹලා කරපල්ලා යි කියන කැණහිලුන්ගේ නරිවාදංවලට අප සවන් දිය යුතු ද?

නිදසුනක් ලෙස, විග්නේශ්වරන් සමග උතුරේ බුදු පිළිමවලට එරෙහිව සිට ගන්නා අපතයෝ දකුණේදී සිංහල බෞද්ධ ජාතිවාදයට එරෙහිව කර ඇත්තේ මොනවා ද යන්න සොයා බැලීමත් වටී. 

ජාතීන්ගේ ප්‍රශ්නය සම්බන්ධයෙන් ආණ්ඩුව කළ යුතුව තිබෙන්නේ මේ සිංහල, දෙමළ, මුස්ලිම් ජාතික අන්තවාදී බලවේගවලට ද තවත් සාකච්ඡා වේදිකාවක් සාදා දීම පමණි යයි මම සිතමි. ඔවුන් එකිනෙකා අතර සාකච්ඡා කර යම් ප්‍රායෝගික විසඳුමක් යෝජනා කළ යුතු ය.  ආණ්ඩුවේ ව්‍යවස්ථා ගොඩනැගීමේ ක්‍රියාවලියට එම යෝජනා සම්බන්ධ කළ යුතු ය. ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලිය උපරිම ප්‍රජාතන්ත්‍රවාදී අන්දමින් ක්‍රියාත්මක කළ යුතු අතර, එ් සඳහා අවසානයේදී මහජන කැමැත්ත ලබා ගත යුතු ය. මහජන කැමැත්තෙන් තොර යෝජනාවලි ඉදිරියට ගන්නට ආණ්ඩුව හදිසි විය යුතු නැත.

ජාතිවාදීන් හා සෙසු අන්තවාදී අපතයන් ප්‍රශ්න සම්බන්ධයෙන් තමන්ගේ සංයුක්ත යෝජනා ඉදිරිපත් කළ යුතුවා පමණක් නොව, ඒ වෙනුවෙන් ප්‍රජාතාන්ත්‍රික සංවාදවලට සහභාගි වී ජනමත ගොඩනැගීමට හා ප්‍රතිපත්ති උද්දේශනය කිරීමට ද මැදිහත් විය යුතු ය. ආණ්ඩුව ඔවුන්ට ඒ වෙනුවෙන් පහසුකම් සපයා දිය යුතු ය.

එසේ ප්‍රජාතාන්ත්‍රික රාමුවක් තුළ කටයුතු කරනවා හැර, ආණ්ඩු පෙරළීමේ, බලය අල්ලා ගැනීමේ හා ආවේණික සමාජ විරෝධයේ නාමයෙන් එක එකා ඉල්ලා සිටින විසඳුම් දෙන්නට ආණ්ඩුව හදිසි නො විය යුතු ය.    

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. මිනිසත් බව හෝ සංහිදියාව ඇති කල හැක්කේ මිනිසත්කමින් තොර දරුණු නීතී රීතී මගින් පමණි.
    මන්ද පෘතිවියෙහි පැවැත්ම රදා ඇත්තේ ආගම් මත නොව අධිකරණ මත පමණක්ම වන බැවිනි..
    - මාතලන් -

    ReplyDelete
  2. රනිල් තුමා ට වෙන වැඩක් නැත්ද මේ පැරා ට හිතෙන හිතෙන දේවල් කොරන්න හිටන්?

    ReplyDelete
  3. //විග්නේශ්වරන් කල්ලිය උතුරේ අධි ආරක්ෂිත කලාප ඉවත් කරනු, ජනතාවගේ ඉඩම් ආපසු දෙනු යයි කියන විට ....//
    //විග්නේශ්වරන් කල්ලිය දේශපාලන සිරකරුවන් නිදහස් කරනු යයි කියන විට...//

    දැන් පැරා කියන්නේ විග්නේෂ්වරන්ගේ මේ ඉල්ලීම් සාධාරන නැත්ද?
    දකුනේ මරා-ගෝටා-වාසු ජාතිවාදීන්ගේ 'උතුරේ බුදුපිලිම සිටවමු' වගේ විකාර ඉල්ලීම් හා එක හා සමානද?

    ReplyDelete
    Replies
    1. උතුරේ බුදු පිළිම නිර්මාණය කලයුත්තේ කවුරුන් වෙනුවෙන්ද.....දකුණේ කවටයින්ටද? මගේ ..මගේම වු සිතුම් පැතුම් අතරේ නම් මේ විකටයින් පලවා හැරිය යුතුය. මම ...ඔව් මම නම් හිතුවේ උතුරු පලාත් සභාව පොඩියට හෝ ධනාත්මක සංවර්ධන සිතුවිල්ලක වැඩ කරාවිය යන්නය. අපි කවුරුත් පිලිබඳ සිතන්නේ ඒ යනු බී කියා නොව එය ඒ යනු සිතාය. මොහොතකට හෝ විග්නේශ්වරන්ගේ හදිසි උවමනාව ඉල්ලා සිටින්නේ අර කාලකන්නියාගේ කුරිරු උවමනාවන් මිස අන් කවරක්ද? අර කාලකන්නියා මේ ඉල්ලා සිටින්නේ බලයම මිස, ද්‍රවිඩයා සහ මුසල්මානුවා වෙන්දේසී කිරීමේ තුච්ච අභිප්‍රාය නොවේ කියන්නේ තම ජුන්ඩාට තම අත වර්ගයේ ස්වයං වින්දන ලපටි හිරිකිතයෝ හැර අන් කවුරුද? මහින්ද රාජපක්ෂගේ වාම වෘෂණ කෝෂය තාමත් තිස්ස විතාරන වගේ උදවිය සූප්පු කර පමනින්,,ඩියු ගුනසේකරලා උලා සූප්පු නොකර අත ගගා හිටිය පමනින් ද්‍රවිඩයා වටහා ගත යුතු සංහිඳියාව සුමන්දිරන්ලා හඳුනා ගන්නෙත් දේශපාලන සහ විකාර රූපි අයුරෙන්වීම පිලිබඳව වීම පිලිබඳවත් කනගාටුවෙමි. කරුනාකර දෙමල ජනතාවගේ බොක්ක හඳුනා ගන්න. ඒ විගිගේ හෝ සංගරීගේ හෝ සුමන්දිරන්ගේ බොක්ක නෙමේ. තොපි සියල්ල දකින්නේ මේ අවස්තාවාදී, විකෘති පාදඩ දේශපාලකයන්ගේ විකාරරූපි ජිග්සෝ පස්ල්ස් මිස, බඩ පොත්තවූ ශ්‍රීලාංකික පොල් හෝ තල් කඩන්නාගේ ජීවන දුශකරතාවය නෙමේ. කනගාටුයි.

      Delete
    2. විග්නේශ්වරන්ගේ ඉල්ලීම් සාධාරණ නැති බවක් මෙහිදී කියැවෙන්නේ නැත. එහෙත්, ඕනෑම සාධාරණ ඉල්ලීමක් ඉටු කළ හැක්කේ එහි සාධාරණත්වය නිසා ම නො වේ. පොල් කඩන කම්කරුවා දරණ ඉහළ අනතුරුදායකබව නිසා ඔහුට ඉහළ වැටුපක් ගෙවිය යුතු ය යන්න සාධාරණ ය. එහෙත්, එය පහසුවෙන් යථාර්ථයක් බවට පත් කර ගත නො හැකි ය.

      බුදු පිළිම යනු ආයුධ වැනි ම වූ ආක්‍රමණශීලී උපකරණ විශේෂයකි. අපි බොහෝ කලක සිට දකුණේ මේ බුදු පිළිම ආක්‍රමණයට එරෙහිව අරගලයක් කරන්නෙමු. විග්නේශ්වරන් කී විට පමණක් ඒ ඉල්ලීම සාධාරණ යයි කියන අැතැම් අය තමන්ගේ ප්‍රදේශවල සිදු වන ආගමික ආක්‍රමණික ක්‍රියාවලට කුමන හෝ විරුද්ධත්වයක් පළ කර තිබේ ද යන්න සොයා බලන්න.

      අපි දිගු කලක සිට සමාජ වෙනස්කම් වෙනුවෙන් ගැඹුරු අරගලයක යෙදී සිටින්නෙමු. එය වනාහි සමාජවාදය, විප්ලවය වැනි මනෝරාජික දෙයක් නොව, අපට කළ හැකි යථාර්ථවාදී සමාජ වෙනස සඳහා අරගලයකි. අපි එහිදී උතුරේ බුදු පිළිම පමණක් වෙන් කර ගන්නේ නැතිව සමස්ත ආගමික ආක්‍රමණශීලීත්වයට ම එරෙහිව අරගල කර තිබේ.

      2015 ජනවාරි 8 වෙනසට අප උර දුන්නේ ද, මේ ආණ්ඩුව සිදු කරන ප්‍රජාතාන්ත්‍රික වෙනස්කම්වලට උපකාර කරන්නේ ද එහෙයිනි.

      විග්නේශ්වරන්ගේ සිට මහින්ද රාජපක්ෂ හරහා අපතයන් දක්වා සියල්ලෝ කඩාකප්පල්කාරීහු ය. ඔවුන්ට ඇත්තෙන් ම අවශ්‍ය තමන්ගේ බලය ගොඩනගා ගැනීම මිස සමාජ ප්‍රශ්න විසඳීමට නො වේ. ඔවුන් කරන්නේ සමාජ ප්‍රශ්න තොරොම්බල් කිරීම පමණි.

      ඒ නිසා ඉතා මනා අවබෝධයකින් යුතුව දෙපැත්තේ සිට එකිනෙකින් අංශක 180ක් ම දෙපැත්තේ ඇති සටන් පාඨ ලෙලවන එක ඔවුන්ගේ භාවිතයයි.

      මා කියන දෙයෙහි ඇත්ත, නැත්ත විමසා බැලීම පිණිස මෙම බලවේග කිසිදු සාධනීය ක්‍රියාමාර්ගයක් දෙස සුබවාදීව බලා තිබේ ද යන්න විමසන්න.

      උතුරේ ඉඩම් නිදහස් කිරීම වැනි පියවර ආණ්ඩුවට පහසු නැත. එවැනි කටයුතුවලදී ආණ්ඩුවට සහයෝගය දිය යුතු ය.

      මෙතන සිදු වන්නේ අපි සහයෝගය දෙන්නෙ නැහැ, තොපි කොරපියව් වගේ සටන් පාඨ කීමකි. ඒවාට ආණ්ඩුවක් යට විය යුතු නැත.

      Delete
    3. ජාතික ප්රශ්නයට විසඳුම ජාතිය නැති කිරීම යයි විශ්වාස කරන ගොබ්බ සිඤ්ඤෝ කෙනෙකු වන මතුගම අජිත් පැරකුම් ජයසිංහගෙන් මීට වඩා ගැඹුරු කියවීමක් බලාපොරොත්තු විය යුතු නැත. මේ ලියවිලි දේශපාලන විශ්ලේෂණ නො ව හුදු වගාලාප ය. කොහොමටත් අජිත් පැරකුම් ජයසිංහ වැනි කෑලි ගණනට ගතමනාවක් සොයාගෙන මඩිය තර කර ගන්නට පුරුදු ව සිටින කුලී ලියන්නෙකුගෙන් යම් නිශ්චිත පදනමක් මත කෙරෙන ශාස්ත්රීය කියවීමක් බලාපොරොත්තු විම සුදුසු නැත. ගාස්තුව ලැබෙනවා නම් ඕනෑ ම ගජබින්නයක් අලංකාර කර ප්රචාරය කිරීම ජයසිංහගේ පුරුද්ද ය. සිරිකොත උපදෙස් මාලාවට අනුව කෙරෙන අන්තර්ගත ලිවීම් කියවා තරුණ පරපුර නො මඟ වැටීමට අප ඉඩ දිය යුතු නැත. ජාතියක් ජන්මයක් අම්මෙක් අප්පෙක් නැති එකාට ජාතීන්ගේ ජාතික අනන්යතා ප්රවර්ධනයේ වටිනාකම නො තේරේ. ඇත්තෙන් ම එක්සත් ජාතික පක්ෂයට ජාතික ප්රශ්නය පිළිබඳ ජයසිංහගේ පල් හෑලිවල අන්තර්ගතයට වඩා ගැඹුරු කියවීමක් ඇත. එහි සාධනීයභාවය හෝ නිෂේධනීයභාවය හෝ අපට වෙනම ව සාකච්ඡා කළ හැකි ය. එක්සත් ජාතික පක්ෂය ජයසිංහ වැනි කුලී ලියන්නන්ගේ සේවය ලබා ගැනීමේ දී කල්පනාකාරී විය යුතු ය. මෙවැනි මෝඩ පක්කලියන් පිටකෝට්ටේ හංදියෙන් ම ගමන් ගාස්තුව අතමිට මොළවා හරවා යැවීමට ලක්මිත් රන්දිම කුරේගේ නායකත්වය යටතේ බලකායක් පිහිටු වීම කාලෝචිත ය. ජයසිංහ වැනි මැට්ටෙකු සිළුමිණ හො දිනමිණ හෝ කතුවරයා ලෙස පත් නො කිරීම වික්රමසිංහ ආණ්ඩුව ගත් දුර්ලභ නිවරද තීන්දුවකි.

      මතුගම මහා ප්රාඥයාගේ හඩු පල් හෑලී කායවනවාට වඩා මෙම මාතෘකාව අලළා ම ලක්ෂ්මන් ගුණසේකර සහෝදරයා ලියා ඇති සන්ඩේ ඔබ්සර්වර් කතුවැකිය කියවීම අගනා රුචිකර ව්යායාමයක් වනු ඇත. පාඨකයාගේ භාවඥාන මණ්ඩල අවදි කර පුළුල් සමාජ කතිකාවක් ඇති කළ හැකි වන්නේ එවැනි ලිපිවලින් මිස ජයසිංහගේ පක්කලි ලිවීම්වලින් නො වේ.

      එක ම රටක් තුළ සියලු ජාතීන්ගේ ජාතික අනන්යතා සුරැකෙන සහ ඒවා ප්රවර්ධනය කෙරෙන විසඳුමක් ළඟා කර ගැනීමට ජන විඥානය හඳුනන සජ්ජන සමුළුවන්ට ඉඩ දී උඹ උඹේ කෑලි බිස්නස් එක වෙනත් මාතෘකා ඔස්සේ කර ගෙන පලයං. රට ජාතිය විනාශ නො කර මතුගම හංදියට වී හිඟා කාපං පැරා. ඒක ඔයිට වඩා වැදගත්.

      Delete
    4. කුලභේදය නැති කළ හැක්කේ කුලය නැති කිරීමෙනි. කුල, උඩරට, පහතරට වැනි අනන්‍යතාවන් වෙනුවට ජාතිය ස්ථාපිත කිරීමෙන් සිංහල ජාතිය තුළ කුලභේදය සෑහෙන දුරට යටපත් වුණ බව ඇත්තකි.

      මෙම සංසිද්ධිය ම යාපනය, වන්නි, මඩකලපු, කුල අනන්‍යතාවන් යටපත් කරමින් දෙමළ අනන්‍යතාව ඉස්මතු වන්නට දෙමළ ජාතික අරගලයේදී හේතු විය.

      මේ අන්දමින් ම ජාතිවාදය නැති කළ හැක්කේ වඩා පුළුල් දේශපාලන ප්‍රජාවක අනන්‍යතාවක් වෙනුවෙන් අරගල කිරීමෙනි. එය ලාංකික අනන්‍යතාව ලෙස සැලකිය හැකි ය. (ශ්‍රී නැත.)

      ජාතික අනන්‍යතාවන් ආරක්ෂා කිරීම එක් එක් ජාතීන්ගේ ජාතිවාදීන්ගේ වැඩක් මිස ප්‍රගතිශීලීන්ගේ කාර්යයක් නො වේ. හේතුව අනෙකක් නොව, ජාතිවාදයන් ගොඩනැගී තිබෙන්නේ ම තවත් ජාතියක් අනෙකා කරගෙන නිසා ය. සිංහල හෝ දෙමළ ජාතිවාදයක් සමග සම්මුතියට යන කවර හෝ ප්‍රගතිශීලියකු මුලින් ම අතහරින්නේ එම ප්‍රගතිශීලී අනන්‍යතාවයි.

      දෙමළ, මුස්ලිම්, ක්‍රිස්තියානි විරෝධයකින් තොර සිංහල ජාතිවාදයක් ද, සිංහල, දෙමළ, ඉන්දියානු දෙමළ විරෝධයෙන් තොර දෙමළ ජාතිවාදයක් ද නැත.

      ඔබ එජාපය හා කුරේ සතුටු කරගෙන පිටකෝට්ටේ පදිංචි වන්න. කිසිදා සිරිකොතට ගොඩ වැදී හෝ එසේ ගොඩවදින්නට උවමනාවක් නැති අපට කුරේත් එක ය. රනිලුත් එක ය. අප පෙනී සිටින්නේ අනාගතය වෙනුවෙන් මිස කිසිදු පක්ෂයක් වෙනුවෙන් නො වේ.

      සන්ඩේ ඔබ්සර්වර් කතුවැකිය කියවා ප්‍රීති වන්න. මෙහි නො ආවාට කමක් නැත.

      Delete
    5. ඔච්චර ගුණමකු වෙන්න එපා මිනිහෝ. අද දවල්ට කාපු බත්පත ගැන හිතපං. උඹට ඒක කන්න සල්ලි ලැබුණ හැටි හිතපං.

      උඹ කොළඹ මහ පාරවල් ගානේ රස්තියාදු වෙවි බඩවැල් හැකිලිලා ඉද්දි කන්න බොන්න දුන්නු එවුන්ටත් ද්‍රෝහි වුණ එකෙක් උඹ.

      අනික අජිත් පැරකුම් ජයසිංහ කියන නම හදලා දීලා උඹව තැනකට ගෙනාපු එවුන්වත් හමුදාවට පාවලා දුන්නු එකෙක්නේ බං උඹ. උඹෙන් මොන මහත්මාගති ද එක අතකට.

      උඹ කොච්චර උඩ පැන්නත් ජාතින්ගේ ජාතික අනන්‍යතා නැති කරන්න බැහැ. උඹ හදන්නේ ලාංනික අනන්‍යතාව කියන ව්‍යාජ විඥානය උත්කර්ෂණය කරලා එක ජාතියක අනන්‍යතාව අනියම් ලෙස සුරකින්න.

      කුල ක්‍රමය නැති වුණේ ජාතිය නිසා කියන එක නම් මාර තීසිසයක්. මයිකල් රොබර්ට්ස්ට වහාම ෆෝවර්ඩ් කරන්න ඕන කුල ක්‍රමයේ විකාසනය පිළිබඳ පැරාමය න්‍යාය! එතකොට පශ්චාත් යටත්විජිත කතිකාව එහෙම බොරු කතානේ නේ ද? අනේ පැරා නො දන්න දේවල් කතා නො කර කුලී වැඩ ටික කරන් හිටපං බං.

      මචං රෑට කනකොටවත් "සිරිකොත ප්‍රටෙක්ට්ස් අස්" කියලා කාපං.

      Delete
    6. ඔය තර්කයෙන් බැලුවොත් බොලාගේ ඔය ජාතියත් ව්‍යාජ විඥානයක් තමයි. කොහෙ තියෙන ජාතියක් ද?

      ඕනැ කෙනෙකුට කියලා අධ්‍යයනය කරලා බලපන් කුලය යටපත් වෙන්න ජාතික අරගල හේතු වෙලා නැති ද කියලා. උඹලා කැමති උතුරේ දෙමළ අරගලය ම ඔය පර්යේෂණයට පාදක කර ගන්නට පුළුවන්.

      අනෙක් ගොන් කතා ගැන නම් මට කියන්න දෙයක් නැහැ.

      Delete
  4. හොඳ කියවීමක් පැරා. සිංහල ජාතිවාදීන් මරල හරි මේකේ ඉවරයක් කරන්න ඕන.

    ReplyDelete
    Replies
    1. එය විසඳුම නො වේ. මෙයට විසඳුම සිංහල, දෙමළ, මුස්ලිම් වැනි දේශපාලන ප්‍රජාවන්ට වඩා ලාංකික පුළුල් දේශපාලන ප්‍රජාවක් වෙනුවෙන් අරගල කිරීමයි.

      Delete
    2. දෙමළ ජාතිවාදීන් විශාල පිරිසක් මරා දමන ලද මුත් දෙමළ ජාතිවාදය අවසන් වූයේ නැති බව ද මතක් කරමි.

      Delete
    3. @ Ajith Perakum JayasingheOctober 2, 2016 at 9:30 AM

      //බුදු පිළිම යනු ආයුධ වැනි ම වූ ආක්‍රමණශීලී උපකරණ විශේෂයකි. අපි බොහෝ කලක සිට දකුණේ මේ බුදු පිළිම ආක්‍රමණයට එරෙහිව අරගලයක් කරන්නෙමු.//

      බුදුපිළිම වලට වඩා වෙගයෙන් දැන් හන්දියක් හන්දියක් ගානේ පල්ලි, යාඥා මධ්‍යස්ථාන හැදෙනවා. ඔයාගේ තියරියේ හැටියට ඒවා ආක්‍ර‍මණශීලී උපකරණ නෙවෙයිද?

      Delete
    4. රජ කල සිට දන පුද ලද මල්වත්තේ

      බල්ලෙක්වත් දැන්නම් යායුතු නැත්තේ

      වෙසෙනා මහ නයුන් දෑ සම හිත නැත්තේ

      වෙනුවට කාදිනල් හිමි පත් කළයුත්තේ

      - මයුරවිල මි.

      Delete
    5. පැරා සොරි ඩොට් කොම් වෙන්න ඕන මාතෘකාවට අදාල නොවෙන ප්‍රශ්නයක් විලේ මයුර ලොක්කගෙන් අහනවට. කොහොමත් අපි කතා කරන්නේ ටොපික් එකෙන් පිටනේ. ඒක හොඳයි ඕන එහෙකින් දමලා ගහලා තම තමන්ගේ "පොලිටික්ස්" කරගත්හෑකි.

      අනේ මයුරයෝ තරහාගන්න එපා මෙහෙම ඇහුවට. "ගෝඨාභය කුමරුම මිස අන් කෙවත" හාදයා පස්වෙනිදා රට යන්නේ අටවෙනිදා ඇට නැතිවෙයි කියලා බයටද..නිකමට වගේ අහන්නේ මේ පාර "පපුවේ ඩෝං" මහත්තයා රට යන්නේ නැත්තෙ ටිකට් එකට සල්ලි නැතිකමක් නම් , අපි ලේන්සුවක් එලාගෙන කීයක් හරි එකතුකරමු. බෙංගමුවේ සෙට් එක ඉන්නේ ගේමට සිවුරු කරේ තියන්.

      මයුරේ උඹලට වගේ හෙළුවෙන් වනාගන්න බැරි කමට සමාවේයන්. ප්‍රොම්ටර කටුවක් තිබුනනන් මම දෙමළෙනුත් කතාකරනවා. බොට කවි සිතුවිලිම පහල වේවා!!! බයිලා නොලිය වේවා!!! මහ රාජ. යුව රාජ, කුමාර රාජ සෙවනැලි තුල නපුරු හීන නොදකිත්වා. ආමේන්..ශාන්ති.. අල් හම්දුලිල්ලා....තෙරුවන් සරණයි. බුදු අම්මෝ කියන්න බැරිවුනා සුභ අනාගතයක්!!! ඒ වුනාට අනා ගන්න නම් දෙන්න එපා රජවරුන් සහ කේවට්ටයින්ට.

      Delete
  5. Obathumage Kate Masuran danna watinawa mayurawila thumo mekata!!!

    ReplyDelete
    Replies
    1. ඔබට තුති! පිය සාරසයනි, ඔබ නොදුටුවෙමි.

      Delete
  6. අපි අලූත් ව්‍යවස්ථාවෙන් 13ටත් එහා බලය බෙදනවා.. වරදකරු මහින්දයි..


    අපි අලූත් ව්‍යවස්ථාවෙන් 13ටත් එහා බලය බෙදනවා.. වරදකරු මහින්දයි..
    ඉදිරියේ ගෙන එන නව ව්‍යවස්ථාව මගින් ‘13’ වන ව්‍යවස්ථා සංශෝධනයට එහා ගිය බලය බෙදීමකට කටයුතු සූදානම් කර ඇතැයි ඇමති ලක්‍ෂමන් කිරිඇල්ල කියයි.

    මෙම යෝජනාව පළමුවරට සිදු කලේ මහින්ද රාජපක්‍ෂ හිටපු ජනපති බවද ඇමතිවරයා සදහන් කරයි.
    ඔහු මේ අදහස් පල කලේ ගාල්ල ප්‍රදේශයේ පැවැති උත්සවයක් අමතමිනි.



    ලේ උරාබොන රාජපක්ෂ ඩ්රකියුලා තරං ලංකාව විනාස කරපු කාලකන්නියෙක් මේ ලෝකෙත් නැතුව ඇති

    ReplyDelete
    Replies
    1. 01. කොළඹ නුවර අධිවේගී මාර්ගය සෑදීම ආරම්භ කිරීමට නැකත් නොමැතිවීමට හේතුව කුමක්ද?
      මහින්ද රාජපක්ෂ! මහින්ද රාජපක්ෂ! මහින්ද රාජපක්ෂ!

      02. අර්ජුන් මහේන්ද්‍රන්ගේ බෑනාගේ සමාගම පසුගිය මූල්‍ය වර්ෂය සඳහා ප්‍රකට බහුජාතික සමාගම් අභිබවාරුපියල් කෝටි 520 ක ලාභයක් ලැබීමට හේතුව කුමක්ද?
      මහින්ද රාජපක්ෂ! මහින්ද රාජපක්ෂ! මහින්ද රාජපක්ෂ!

      03.ශ්‍රී ලංකාවට ආනයනය කාර අති රෙනෝල්ට් Kwid මෝටර් රථවල දෝෂ බහුලවීමට හේතුව කුමක්ද?
      මහින්ද රාජපක්ෂ! මහින්ද රාජපක්ෂ! මහින්ද රාජපක්ෂ!

      04. මේ දිනවල බොහෝ පළාත්වලට බලපාන නියඟයට හේතුව කුමක්ද?
      මහින්ද රාජපක්ෂ! මහින්ද රාජපක්ෂ! මහින්ද රාජපක්ෂ!

      05.ඉරාජ් වීරරත්න ගිනියම් රෑ ගීතය නිර්මාණය කිරීමට හේතුව කුමක්ද?
      මහින්ද රාජපක්ෂ! මහින්ද රාජපක්ෂ! මහින්ද රාජපක්ෂ!





      Delete
  7. අහිංසක ද්‍රවිඩ ජනතාව සමුලඝාතනය කල ඒකාධිපති රාජපක්ෂ තිරිසනා ගේ කාලේ ඉවරයි. උඹල කොච්චර නැටුවත් ඌ ආයි රජවෙන්නේ නැහැ.

    ReplyDelete
    Replies
    1. ඉතින් මොකටද බං රාජපක්ෂ ආයි රජවෙන්නෙ නැතිනම් හැම එකකටම මේ රාජපක්ෂ රාජපක්ෂ ගාන්නේ ?

      "අහිංසක ද්‍රවිඩ ජනතාව සමුලඝාතනය කළ". පලයන් පලයන් ඉක්මනට ගිහින් නන්දිකඩාල් කලපුවෙ උඹලගෙ අප්ප ප්‍රභාකරන්ගෙ ශුක්‍රාණුවක් හොයාගෙන උඹේ ගෑනිට දියන්. ඒකි දන්නව කරන්න ඕනැ දේ.
      උඹට කියන්න තියෙන්නෙ මෙච්චරයි.


      "වාහේ වෙයන් නුවරට ගොස් මෝට තගේ"

      Delete
  8. ඒකාබද්දයට වාර්තාගත ජයක්.. ආසන 82ක් දිනයි.. එජාපය ආසන 02යි.. ශ‍්‍රීලනිපය එක් ආසනයයි..

    ඊයේ දින පැවති ගලේවෙල විවිධ සේවා සමුපකාර සමිතිය සදහා නියෝජිතයින් තෝරා ගැනීමේ ඡන්දයෙන් ඒකාබද්ද විපක්‍ෂ කණ්ඩායම ඉහල ජයග‍්‍රහණයක් වාර්තා කලේය.

    එහිදී ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායම ආසන 82ක් දිනා ගනිද්දී එක්සත් ජාතික පක්ෂය ආසන 02ක් හා

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක් ආසනයක් පමණක් දිනා ගත්තේය.

    මෙන්න කනෝ පිනුම් කිව්වලු. නැද්ද පැරා ?

    ReplyDelete
    Replies
    1. /////ඒකාබද්දයට වාර්තාගත ජයක්.. ආසන 82ක් දිනයි.. එජාපය ආසන 02යි.. ශ‍්‍රීලනිපය එක් ආසනයයි..////////////

      එකාබද්ධෙයි, ශ්‍රිලනිපෙයි කියන්නේ එකක්ද දෙකක්ද? ඔය මගුල ඉක්මනට අටවගෙන ජනතාවට කිව්වා නම් ඉවරයිනේ, අපි තවදුරටත් ශ්‍රිලනිපයෝ නෙමෙයි..අපි අපි කියලා. රැවුලයි, කැඳයි දෙකක් බැහැ. මරා රැවුලට කොහොමත් කැමති නිසා, රැවුල බේර ගනියි. කැඳ කෝප්පෙට තමයි කෙලවෙන්නේ. ජනතාව කියන්නේ ඇට බෙරිකරපු, තම්බලා තම්බලා නෑඹිලියේ, පලංගානේ චොර චොප්පම් කරපු කැඳ ජාතියක් කියලා තමයි ගොඩක් එව්වෝ හිතාගෙන ඉන්නේ. ඒක දැන් ඒ ලෙවල් එකටම වැටිලා.

      Delete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා