තොපි කරපියව්! අපි සහයෝගය දෙන්නෙ නැහැ!

අජිත් පැරකුම් ජයසිංහ, රාවය 2016-10-17

වත්මන් ආණ්ඩුව ගැන කියන්නට තිබෙන හොඳම ආකාරය වන්නේ අප දැන් මුහුණ දී තිබෙන අර්බුදය හා රටේ තිබෙන දේශපාලන පෙළගැස්ම තුළ මීට වඩා හොඳ පාලනයක් අපට ලබා ගත නො හැකි බවයි. අප එසේ කියන්නේ හේතු කීපයක් මත ය. මූලිකව ම, මනා දැක්මක් ඇති දේශපාලන නායකත්ව පෞරුෂයන් ලංකාවේ දේශපාලනය තුළ නැත. එසේම, එවැනි නායකත්වයක් ගොඩනැගීමට ඉවහල් වන ප්‍රජාතන්ත්‍රවාදී අභ්‍යන්තර ව්‍යූහයක් ඇති කිසිදු දේශපාලන පක්ෂයක් ද ලංකාවේ නැත. අනෙක් පැත්තෙන්, ප්‍රජාතන්ත්‍රවාදී, බුද්ධිමත්, ඉවසිලිවන්ත, පාලනයට සහයෝගය දෙන, ඇත්තට ම දූෂණයට එරෙහි, නීතියේ පාලනයට ගරු කරන ජනතාවක් අපට සිටිනවා ද යන්න ද ප්‍රශ්නයකි.

ලංකාවේ දේශපාලනය තුළ තවමත් ලොකු ම ඉල්ලුමක් ඇත්තේ ජාතිවාදයට හා ආගම්වාදයටයි. ජාතිවාදය, ආගම්වාදය ප්‍රතික්ෂේප කර එඩිතර ලෙස දේශපාලනය කරන්නට හැකි කිසිදු දේශපාලන නායකයෙක් ලංකාවේ නැත. ලංකාවේ වාමාංශික දේශපාලන ව්‍යාපාර පවා අඩු වැඩි වශයෙන් එක්කෝ සිංහල ජාතිවාදී ය. නැතිනම් දෙමළ ජාතිවාදී ය. ජාතිවාදී නො වන ස්ථාවරයකින් ජාතික ප්‍රශ්නයට මැදිහත් වන්නට කිසිදු වාමාංශික දේශපාලන පක්ෂයක්වත් සමත් වූයේ නැත. සිංහල බෞද්ධ ආධිපත්‍යය ව්‍යවස්ථාවෙන් ම තහවුරු කරන ලද ශ්‍රී ලංකා රාජ්‍යය තුළ දෙමළ, මුස්ලිම් හා වෙනත් සුළුතර ප්‍රජාවන්ගේ හිමිකම් වෙනුවෙන් අරගල කිරීමේදී බොහෝ වාමාංශිකයෝ දෙමළ ජාතිවාදයට යට වූ හ. එය කෙතරම් වී ද යත්, උපායමාර්ගිකව ඉතා අසාර්ථක යුද්ධයකින් දෙමළ ජාතික විමුක්ති අරගලය විනාශ වී යද්දී එයට සුළු හෝ බලපෑමක් කිරීමේ හැකියාව පවා මෙම වාමාංශිකයෝ සිය ජාතිවාදී අන්ධ භක්තිය තුළ නැති කර ගත් හ.

කවුරු කෙසේ කීවත්, දෙමළ, මුස්ලිම් ජාතීන් වෙත යම් දුරකට ජාතිවාදී පදනමකින් බලය විමධ්‍යගත කරන ලද පළාත් සභා දෙකක් දැන් වසර ගණනාවක් තිස්සේ මේ රටේ ක්‍රියාත්මක වෙමින් තිබේ. 2015න් පසු බලයේ සිටින්නේ බහුතර සිංහල ජනතාව විසින් ප්‍රතික්ෂේප කරන ලදුව, ජාතික මට්ටමේදී දෙමළ, මුස්ලිම් ඡන්දවලින් බලයට පත් වූ ආණ්ඩුවකි. මූලික වශයෙන් ම එය කලින් පැවති ආණ්ඩුව වැනි ජාතිවාදී, ආගම්වාදී, ප්‍රජාතන්ත්‍ර විරෝධී පාලනයක් නො වේ. එහෙත්, විශේෂයෙන් ම දෙමළ ජාතිවාදී බලවේග පළාත් සභා තුළ හෝ මධ්‍යම රජය සමග කරන දේශපාලන ගනුදෙනුව තුළ හෝ රාජ්‍ය තාන්ත්‍රිකව කටයුතු කර තිබේ ද? සරළව ගතහොත්, විශාල බලයක් හිමි උතුරු පළාත් සභාවේ මහ ඇමති විග්නේශ්වරන් පළාත්, ජාතික හෝ ජාත්‍යන්තර දේශපාලනය තුළ කිසිදු වැදගත් දේශපාලන සලකුණක් තැබිය හැකි අන්දමින් ක්‍රියා කර තිබේ ද? ෆෙඩරල් ස්වරූපයේ බලය විමධ්‍යගත කිරීමක් ඉල්ලීම ගැන අපට ප්‍රශ්නයක් නැත. එය සාකච්ඡාවට භාජනය විය යුතු ය. එහෙත්, මධ්‍යම රජය සමග සහයෝගයෙන් පළාත් සභා තුළ කළ හැකි උපරිමය කරන්නට දෙමළ ජාතික සන්ධානය උත්සාහ කර තිබේ ද? දෙමළ ජනයාගේ ප්‍රශ්න විසඳීමට තබා මධ්‍යම රජය දෙන අරමුදල් සම්පූර්ණයෙන් වියදම් කිරීමටවත් උතුරු පළාත් සභාව සමත් වී නැත.

විග්නේශ්වරන්ගේ ජාතිවාදී ස්ථාවරයන් පසුපස තිබෙන්නේ මෙම යථාර්ථයයි. ඒ වනාහි මහින්ද රාජපක්ෂගේ සිංහල ජාතිවාදයේ විලෝමයයි. පසුගියදා යාපනයේ සිදු වූ එළුඟ තමිල් විරෝධතාව දෙස අප බැලිය යුත්තේ ඒ පදනමිනි. පළාත් සභා හරහා විශාල බලයක් ලබාගෙන තිබෙන උතුරු පළාත් සභාවේ මහ ඇමති විග්නේශ්වරන් විරුද්ධ පාක්ෂිකයකු සේ මෙම විරෝධතාවට නායකත්වය දීම අප තේරුම් ගත යුත්තේ කෙසේ ද?

අවිධිමත් අන්දමින් බුදු පිළිම ඉදි කිරීම හා වෙනත් ආගමික ව්‍යාප්තවාදයන් පිළිබඳ ප්‍ර‍ශ්නය උතුරේ පමණක් ප්‍ර‍ශ්නයක් නො වේ. බුදු පිළිම, සුරුවම්, පල්ලි ආදිය ආගමික ආක්‍රමණශීලිත්වයේ සංකේත ලෙස සැලකීම අසාධාරණ නැත. ඒ පසුපස ආගම් නමින් කෙරෙන දැවැන්ත සූරාකෑමක් ද, පොදු ඉඩම් හා දේපල මංකොල්ලකෑමක් ද තිබේ. එසේම, වර්තමානයේදී බොහෝ ආගමික ආයතන විසින් කරන්නේ ජනතාව මුලාවේ ගිල්වීමයි. එය පොදු සමාජ ප්‍ර‍ශ්නයකි. දෙමළ ජනයාට පමණක් ඇති ප්‍ර‍ශ්නයක් නො වේ.

දකුණේ සුළු පිරිසක් හෝ මේවාට එරෙහිව දැඩි දුෂ්කර තත්වයන් යටතේ අරගල කළ හ. විශේෂයෙන් ම සමාජ ජාලවල මේ අරගල සිදු විය. මෙම සටන් පාඨය උතුරින් මතු වන විට එය හා එක් වන අමුතු ප්‍ර‍ගතිශීලියෝ දකුණේ මේ අරගල මතු වන විට ඒවාට වචනයකින් හෝ සහයෝගය දක්වා තිබේ ද යන්න විමසා බලන්න.

මිලිටරිකරණය නිසා උතුරේ ජනතාවගේ ඉඩම් හමුදා කඳවුරුවලට යට වී තිබේ. ඒවා ආපසු දිය යුතු බවට තර්කයක් නැත. එහෙත්, හමුදාව යනු බලවත් ආයතනයකි. එය රජයට අයත් වුවත්, ව්‍යවස්ථාදායකයට හා විධායකයට මුළුමනින් ම එය පාලනය කළ නො හැකි බව ඇත්තකි. විශේෂයෙන් ම තිස් අවුරුදු යුද්ධය තුළ හා කොටි සංවිධානයේ යුදමය පරාජය නිසා අතිශය බලවත් තත්වයක තිබෙන හමුදාව නො තකා කටයුතු කරන්නට කිසිවකුට බැරි ය. එය හරියට 2009ට පෙර කොටි සංවිධානය නො තකා හරින්නට බැරි වුණා සේ ය. මෙම සංවිධාන දෙක විසින් අන්‍යොන්‍ය වශයෙන් එකිනෙකා ශකිතිමත් කරගෙන තිබේ.

ආරක්ෂක හමුදාවන්ට ජාතියක්, ආගමක් නො තිබිය යුතු යයි සම්භාව්‍ය තර්කයක් ගෙන ආ හැකි වුවත්, බුද්ධාගමට අසමාන තැනක් දී ඇති රාජ්‍යයක හමුදාව සිංහල, බෞද්ධ ආයතනයක් බවට පත් වී තිබීම කාටවත් නැතැයි කිව නො හැකි කණගාටුදායක යථාර්ථයකි. හමුදාව පමණක් නොව, අධිකරණය පවා බලවත් ආයතනයකි. ඒකාධිපති නො වන, ප්‍රජාතන්ත්‍රවාදය දෙසට නැඹුරු වත්මන් පාලනය යටතේ අධිකරණයේ ප්‍රවණතා හැදෑරීම සඳහා මේ දිනවල කතා බහට ලක් වී තිබෙන ප්‍රසන්න විතානගේගේ ‘උසාවිය නිහඬයි' චිත්‍රපටයට පණවා තිබෙන වාරණය සලකා බැලිය හැකි ය. ඒකාධිපති ග්‍රහණයෙන් මුදා හරින ලද අධිකරණය, පරිපාලන සේවය වැනි ව්‍යූහයන් හැසිරෙන්නේ මුළුමනින් ම රජයට අවශ්‍ය ආකාරයට නො වේ. මෙය එක්තරා දුරකට ප්‍රජාතන්ත්‍රවාදයේ උගුලක් ලෙස සැලකීම ද වරදක් නැත. ජාත්‍යන්තරව ගත්තත් මෙම තත්වය දකින්නට ලැබේ. බ්‍රිතාන්‍ය ජනතාව යුරෝපා සංගමයෙන් ඉවත් වීමේ පටු තීන්දුවට එළැඹෙන්නේ එරට දේශපාලන නායකත්වය එයට එරෙහිව ප්‍රචාරණයේ යෙදෙද්දී ය. කොලොම්බියාවේ ජනාධිපති ජුවාන් මැනුවල් සැන්ටෝස්ට නොබෙල් සාම තෑග්ග ලැබෙන්නට දින කීපයකට පෙර එරට ජනතාව ජනමතවිචාරණයකින් ඔහුගේ සාම ක්‍රියාවලිය පරාජය කළ හ.

මිලිටරිකරණය සමස්ත සමාජ දේහය පුරා ම පැතිරුණු සංකීර්ණ ප්‍ර‍ශ්නයකි. හුදු සටන් පාඨවලින් මිලිටරිහරණය සිදු කළ නො හැකි ය. එසේම, එය දෙමළ ජනයාගේ ප්‍ර‍ශ්නයක් ලෙස පමණක් සැලකීම ද උවමනාවට වඩා සරළමතික තර්කයකි. මිලිටරිකරණයේ ගොදුරු බවට පත් වන්නේ පීඩිතයන් පමණක් නො වේ. පීඩකයන්ට ද මිලිටරිකරණය පීඩාවකි. සියලු දේශපාලන වෙනස්කම් අතර, මිලිටරිහරණය යනු ඉතා ඉවසිලිවන්තව කළ යුතු කාර්යයකි.

දේශපාලන සිරකරුවන්ගේ ප්‍ර‍ශ්නය ද හුදෙක් දෙමළ ප්‍ර‍ශ්නයක් පමණක් නො වේ. 1989 කැරැල්ල සමයේ එය සිංහල ජනතාවගේ ප්‍ර‍ශ්නයක් විය. වර්තමානයේදී ද කුමාර් ගුනරත්නම්ගේ ප්‍ර‍ශ්නය දෙමළ ප්‍ර‍ශ්නයකට ලඝු කළ නො හැකි ය. එසේ ම, යුද සමයේ සිදු වූ අපරාධ සම්බන්ධයෙන් සිර ගත වන්නට සිදු වූ දෙමළ ජාතිකයන් දෙස මෙන් ම, සිංහල ජාතිකයන් ස්වල්ප දෙනා දෙස ද බලන විට දැකිය හැකි කරුණක් වන්නේ දෙපාර්ශ්වයේ ම තෝරුන් හා මෝරුන් දැල් ඉරාගෙන ගොස් තිබියදී නීතියෙහි දැලේ පැටලී ඇත්තේ හාල්මැස්සන් බවයි. කරුණා, කේපී, ගෝඨා, මහින්ද වැනි දේශපාලන නායකයන් භුක්ති විඳින මුක්තිය නීතියෙන් වැරදිකරුවන් වූ සෙසු අයට ද දිනා ගත හැක්කේ පොදු සමාවක් වෙනුවෙන් කරන අරගලයකිනි. දේශපාලන සිරකරුවන් කොන්දේසි විරහිතව නිදහස් කිරීම වැනි ඉල්ලීම් ඉදිරිපත් කරන්නේ දිනා ගැනීමේ සැබෑ උවමනාවක් ඇතිව ද යන්න පැහැදිලි නැත.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වැනි නීති සංශෝධනය කළ යුතු ය. එහෙත්, ඒවා එක රැයින් කළ හැකි දේ නො වේ. පවත්නා සංදර්භය තුළ ත්‍ර‍ස්තවාදය වැළැක්වීමේ පනත ඉවත් කිරීම කළ නො හැකි ය. කළ හැක්කේ සංශෝධනය කිරීමයි. පොරොන්දු වුණා නම් දීපියව් කියා බොළඳ අයුරින් සටන් පාඨ කීමෙන් පමණක් මෙම අරමුණු සාක්ෂාත් කර ගත නො හැකි ය. ඒ වෙනුවෙන් ජනතා සහයෝගය බලමුළු ගැන්විය යුතු ය. ලංකාවේ විපක්ෂ හා වාමාංශික දේශපාලන බලවේග ජනතාව යොමු කරන්නේ ‘තොපි කරපියව්! අපි සහයෝගය දෙන්නෙ නැහැ!' යන සටන් පාඨය වෙතයි. වත්මන් ආණ්ඩුව බලයට එද්දී මෙම පොරොන්දු දුන් බව සැබෑ ය. එහෙත්, දුන්නා නම් කරපියව් කී පළියට ඒවා ඉටු කරන්නට බැරි ය. ඒ සඳහා අවශ්‍ය ශක්තිය ආණ්ඩුවට නැත.

එසේ තිබියදීත්, ආණ්ඩුව මේ වන විට ප්‍ර‍ජාතාන්ත්‍රික ආණ්ඩුක්‍ර‍ම ව්‍යවස්ථා සංශෝධනයක් සඳහා මුල පුරා ඇත. බලය බෙදීම හෙවත් මධ්‍යය හා පරිවාරය අතර සම්බන්ධතාව එම සංවාදයේ ප්‍ර‍ධාන කොටස් හයෙන් එකකි. එළුග තමිල් දෙමළ විරෝධය හමුවේ පිබිදී ඇති ඊනියා ප්‍ර‍ගතිශීලීන්ට තමන් එම ක්‍රියාවලියට සහභාගි වෙමින් දුන් යෝජනා ගැන කතා කළ හැකි ද?

පසුගියදා යාපනයේ පැවැත්වුණු දෙමළ විරෝධතාවේ සටන් පාඨ අතර දෙමළ කාන්තාවන්ගේ හා ළමුන්ගේ ආරක්ෂාව හා ගරුත්වය තහවුරු කිරීම, හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයන්ට හිරිහැර නොකිරීම, හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයන්ට හිරිහැර නොකිරීම වැනි ඉතා වියුක්ත ඉල්ලීම් ද තිබේ. මේවා වෙනත් ජාතීන්වල පුද්ගලයන්ට අදාළ නැද්ද?

බලෙන්-නීතිවිරෝධී ලෙස උතුරේ වාඩි සාදා ඇති දකුණේ ධීවරයින් ඉවත් කිරීම, උතුරු-නැගෙනහිර මුහුදු තීරයට බලහත්කාරයෙන් දිනපතා පැමිණෙන දකුණේ ධීවරයින් පාලනය කිරීම වැනි ඉල්ලීම් ඒ ආකාරයෙන් ඉදිරිපත් කිරීම ජාතිවාදී ය. දකුණේ ධීවරයන් සුවිශේෂයෙන් නම් කරමින්, උතුරේ මුහුද වැඩියෙන් ම සූරාකන දකුණු ඉන්දීය ධීවරයන් ගැන එසේ නමින් සඳහන් නො කිරීම ද කැපී පෙනේ.

දෙමළ ජනතාවගේ සංස්කෘතිය විනාශ කිරීම නැවතීම, උතුරු-නැගෙනහිර ජනතාව ආර්ථිකව පරාධීන කිරීම නැවතීම වැනි ඉල්ලීම් සාක්ෂි මත පදනම් නොවූ ජාතිවාදී, බොළඳ ඉල්ලීම් ය. එය වනාහි දෙමළ ජාතිවාදීන් විසින් කලින් ඉදිරිපත් කරන ලද දෙමළ තරුණයන්ට විෂ එන්නත් ලබා දී ඇති බවට චෝදනාව වැනි ම බොළඳ ඒවා ය.

ජාතික පදනමින් ප්‍ර‍ශ්න සම්බන්ධයෙන් සටන් කිරීම උතුරේ පමණක් ඇති සුවිශේෂ තත්වයක් නො වේ. එවැනි සටන් දකුණේ ද තිබේ. එහෙත්, උතුරෙන් මතු වී ඇති සටන් පාඨ වනාහි දෙමළ ජනයා වැඩි වශයෙන් මුහුණ දෙන, එහෙත්, සියලු ජනයාට පොදු ප්‍ර‍ශ්න සමුදායකි. අප මතු කරන ප්‍ර‍ශ්නය මෙයයි. මේවා ජාතිවාදී පදනමකින් ගන්නේ කුමට ද? ඒවා ජාතිවාදී පදනමකින් ගත් විට පමණක් ඇතැම් ඊනියා ප්‍ර‍ගතිශීලීන් අවදි වන්නේ මන් ද?

මෙතැන තිබෙන්නේ බලය වෙනුවෙන් තිබෙන අසීමිත තෘෂ්ණාවයි. එක පැත්තකින් රාජපක්ෂ පවුල හා එහි අන්තේවාසිකයන්ට බලය පෙන්වීමේ හා සියතට බලය ගැනීමේ දැඩි හදිසියක් තිබේ. එහි මූලික අරමුණ වන්නේ ඔවුන්ට එරෙහිව ඇති දූෂණ විමර්ශන ක්‍රියාත්මක වීම වළක්වා ගැනීමයි. මෙම අරමුණ වෙනුවෙන් ඔවුන් විසින් සියුම් ලෙස සිංහල, දෙමළ ජාතිවාදී බලවේග මෙන් ම ආන්තික වාමාංශික කොටස් හා ඔවුන්ගේ පාලනය යටතේ ඇති අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය වැනි ව්‍යාපාර ද හසුරුවා ගනු දක්නට ලැබේ. බලය අහිමි වුවත්, රාජ්‍යය තුළ ද ඔවුන්ගේ බලපෑම අවසන් වී නැත. ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය ඉදිරියේ තවමත් තිබෙන ලොකු ම අභියෝගය රාජපක්ෂ පවුල ය.

මේ අතර, ලංකාව වර්තමානයේදී මුහුණ දී සිටින ආර්ථික අර්බුදය පියමං කර ගැනීමෙන් තොරව, කිසිදු බල අරගලයක් ජය ගත නො හැකි ය. මහින්ද රාජපක්ෂට හෝ විග්නේශ්වරන්ට හෝ ජාතිවාදය පදනම් කර ගත් පාලනයක් උතුරේ හා දකුණේ පවත්වාගෙන යන්නට හෝ සමාජවාදී විප්ලව කරන්නට හෝ ලංකාව පවත්නා තැනින් ගැඹුරු ප්‍රපාතයක් තුළට කඩාවැටීම වැළැක්විය යුතුය. ඒ සඳහා කිසියම් කාලයකට හෝ ස්ථාවර පාලනයක් මෙරට පැවතීම අනිවාර්ය අවශ්‍යතාවකි. නැවත ප්‍රධාන මැතිවරණ පැවැත්වෙන්නේ 2020දී ය. එතෙක් කාලය තුළ වත්මන් පාලනය සමග සහයෝගයෙන් කටයුතු කිරීම පුරවැසියන්ගේ වගකීමකි. ආණ්ඩුව විවේචනය කිරීම නො කළ යුතු බවක් එයින් කිසි සේත් ම අදහස් නො වේ. විවේචනය කිරීමට පමණක් සීමා නො කර, විමර්ශනය කිරීමට ද බලපෑම් කළ යුතු සිදුවීම් රැසක් තිබේ.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. මගේ යාළුවෙක් මස් කඩයක් දාල මලා

    ReplyDelete
    Replies
    1. මේ ගොං වහන්සෙ හිතන් ඉන්නෙ මේ පොස්ට් එක මස් කඩයක් ගැන කියල.
      අනිත් එක තමයි අල කොමෙන්ට් දමන්නෙ මාතෘකාව හරි පිංතූරෙ හරි බලල විතරයි.

      Delete
    2. මගේ යාළුවෙක් අල කොමෙන්ට් වෙනුවට බතල කොමෙන්ට් දාල මලා

      Delete
    3. කලුවරේ ජරමරේOctober 17, 2016 at 2:15 PM

      “තොපි කරපියව්! අපි සහයෝගය දෙන්නෙ නැහැ!“

      තොපි කරපියව්! අපි ලාම්පු අල්ලන් නැහැ!

      Delete
  2. // නැවත ප්‍රධාන මැතිවරණ පැවැත්වෙන්නේ 2020දී ය. එතෙක් කාලය තුළ වත්මන් පාලනය සමග සහයෝගයෙන් කටයුතු කිරීම පුරවැසියන්ගේ වගකීමකි. //


    චැහ්.....

    රනිලාන්ඩුවට කලින්, පැරා තුමා ලා ඉස්සර ප්‍රොමෝට් කොලේ අරාබි වසන්ත වගේ ආන්ඩු පෙරලි නෙවෙයිද හිටන්?

    ReplyDelete
    Replies
    1. සරස බූරුවෝ, අපි එකහඬින් කියන්නෙ අන්ත දූශිත කාලකණ්ණි රාජපක්ශ හොර හැත්ත බුරුත්ත පිටින්ම බාවල වුණත් කමක් නැහැ කොහොමහරි මෙම ජනතාවාදී මානුශීය යහපාලන රජය රැකගත යුතුයි කියායි.

      මෛත්‍රී මහතා කරන්නේ පළාත් පාලන ඡන්දයට පෙර බොරුවට එජාපය සමග වලියක් දමාගෙන රාජපක්ෂ කල්ලිය සමග සංධානගතව ඡන්දය ඉල්ලා මෝඩ බයියන් රැල රවටා තම නියෝජිතයින් පත්කරගැනීමයි. ඊට පසුව මරාගෙ හොරු රැල නැවතත් පිළිකන්නට විසිවනු ඇති. බැරිම උණොත් මරල හරි යහපාලනය රැකගත යුතුයි.

      Delete
    2. AnonymousOctober 17, 2016 at 1:52 PM +++

      Delete
    3. +++++
      රජපක්ෂ හොර නඩේට නටන්න දුන්න හොඳටම ඇති. හොර හැත්තම මරල වත් දාල මේක ඉවරයක් කරන්න කාලේ හරි

      Delete
    4. // AnonymousOctober 17, 2016 at 1:52 PM
      සරස බූරුවෝ, අපි එකහඬින් කියන්නෙ අන්ත දූශිත කාලකණ්ණි රාජපක්ශ හොර හැත්ත බුරුත්ත පිටින්ම බාවල වුණත් කමක් නැහැ කොහොමහරි මෙම ජනතාවාදී මානුශීය යහපාලන රජය රැකගත යුතුයි කියායි //

      ස ර ස තුමා කියන්නෙත් මොන උප්පරවැටියක් දාලා හරි රනිල් තුමා ගේ ආන්ඩුව රැක ගන්න ඔනේ කියලා නේ හිටන්....

      ප ලි: බූරුවා කීවාට ඉස්තූති ය!

      Delete
    5. නැවත වතාවක් වඩා මිනීමරු, දුෂිත පාලකයෙක් අතට බලය දුන්නොත් ඕකුන් එෆ්සීඅයිඩී විතරක් නෙමේ පොලිසි, උසාවි පවා වහලා දානවා. මාධ්‍ය, රූකඩ බවට පත්කරනවා. ඒවා අද ඒකාබද්ධේ නලුවන්ගේ බොඩි ලැන්ග්වේජ් එකෙන් කියතෑකි. "මටත් වඩා හොරෙක්" නාට්ටිය බැලුවාම හිතාගන්න පුලුවන්. රනිල්ද මෛත්‍රීද මොන පාටියෙද කියලා අදාල නැහැ. වැදගත් වෙන්නේ සිස්ටම් එකයි.

      Delete
    6. මෙතනදී මේ දුෂ්ට අශික්ෂිත නොමේරූ බාල අදහස් දක්වන ම්ලේච්ඡ මිනීමරු පට්ට ගෝත්‍රික යහපාලනවාදී ගෝත්‍රිකයන්ට වඩා කොතරම් දූශිත අශීලාචාර සටකපට තක්කඩියෙකු වුවත් මහින්ද රාජපක්ෂ සෑහෙන ඉදිරිගාමී අයෙක් බව කණගාටුවෙන් වුව කීමට සිදුවී තිබේ. උදාහරණයක් විදිහට ඔහුගේ ජනෙල් පඩිය උඩ ප්‍ර‍සිද්ධ දේශනය දිනයේදී (2015 ජන. 08/09 පමණදී ජනපතිධූරයෙන් පැරදී කිචවී ලැජ්ජා සහගත ලෙස ගෙදරට පල්ලම් බැස තිබියදීත්) ‘මරලා හරි බලය ගත්තෙ නැත්තෙ ඇයි සර්?' යනුවෙන් යම් මුග්ධ පාක්ශිකයෙකු අසන තකතිරු ප්‍ර‍ශ්නයට ඔහු දක්වන ප්‍ර‍තිචාරය ("එහෙම බෑනේ? ප්‍රජාචන්ච්‍රවාදේ කියල එකක් තියෙනවනේ") මෙතන අමුම අමු ගොබ්බ ලෙස අදහස් දක්වන අරුණ පෙරේරා වැනි මුග්ධ අධම තකතිරු උග්‍ර යහපාලන ගෝත්‍රික කුහකයන්ගේත් ඇනොනිමස්කමට මුවා වී අශිෂ්ට සහ ම්ලේච්ඡ ලෙස ලේ හැලීම ගැන කතා කරන පුහු කීබෝඩ් වීරයන්ගේ අමුම මැටි අදහස් වලට වඩා සෑහෙන තරමකින් වඩා ප්‍ර‍ගතිශීලී බව ඉතාම පැහැදිලිය.

      Delete
    7. ////අමුම අමු ගොබ්බ ලෙස අදහස් දක්වන අරුණ පෙරේරා වැනි මුග්ධ අධම තකතිරු උග්‍ර යහපාලන ගෝත්‍රික කුහකයන්ගේත් ඇනොනිමස්කමට මුවා වී අශිෂ්ට සහ ම්ලේච්ඡ ලෙස ලේ හැලීම ගැන කතා කරන පුහු කීබෝඩ් වීරයන්ගේ අමුම මැටි අදහස් වලට වඩා සෑහෙන තරමකින් වඩා ප්‍ර‍ගතිශීලී බව ඉතාම පැහැදිලිය.///////

      ප්‍රගතිශීලි ඇනෝ.....මේ කොටස පොඩ්ඩක් පැහැදිලි මදි. ඒ මගේ ගොබ්බ කම නිසා වෙන්න ඇති. වාක්‍ය ටිකේ පොඩි නොතේරෙන කමක් තියෙනවා.

      මහින්ද ඉදිරිගාමියි කියන්නේ කණගාටුවෙන්ද? ඒ කොටසෙත් මගේ ගොබ්බ කමට නොතේරෙන ගතියක් තියෙනවා. ආපහු කියපන් කොල්ලෝ. අම්මා මතක් කරත් කමක් නැහැ..ඒත් පොඩ්ඩක් සීරුවෙන් කරපන්...කවුරු වුනත් ,කාගේ වුනත් අම්මා කෙනෙක්නේ.

      Delete
    8. //////Anonymous October 17, 2016 at 4:23 PM

      ඔබ හරි, නමුත් ගොඩක් බ්ලොග්කාරයෝ බොරු මැදහත් බවක් පෙන්වමින් එජාපයට නග්නව කඩේ යන තවත් එක් සට්ටැඹි රොත්තක්. දැන් බලන්න එක මෝඩ යූඑන්පී වහලෙක් කියාපු "මරල හරි" ගන්න ඕනෙ කියන ගොං කතාවට ෆෝම් වෙලා තව එකෙක් තප්පු ලාල දැන් ආයෙ පාරක් බොරුවට් තප්පු ලනව "තේරෙන්නෙ නැහැ" කිය කිය මුගෙ බබා පාට්. ඒ මදිවට තව කිසිසේත්ම අදාළ නොවන "අම්ම මතක් කරල" බනින්න කියන්නෙ මුගේ තියෙන උපතින්ම මන්ද බුද්ධික මොංගල් කම නිසා වෙන්ටැ. නොදකින් මෙහෙමත් යුඑන්පී වහල්ලු.

      දැන් බොරුවට මෙතන යූඑන්පී එකට ලාවට බැනල මුගේ යූඑන්පී වහල් කම වහගන්න හදයි. කොහොම වුණත් යූඑන්පී වහල්ලු කොයිතරම් බයිල ගැහැව්වත් උන්ගේ යූඑන්පී වහල්කම වහගන්න බැරිබව ඉතාම පැහැදිලියි./////////////
      තවකෙක් යුඇන්පි වහලෙක් කියා සිතමින් තවත් දේශපාලන මතයක කිරි දොවන නිවහල් කමෙන්ට් කරුවෙක්ගේ අනභිබවනීය අදහසින් මා සිතනා මගේ අව්‍යාජ අදහස් වහා වෙනස් කරගන්නෙමි. සැරද මහරජ!! ඔබ සැරවු පමනින් මම සැර නොවන්නෙමි ....මීට සැරද නොවන, රජෙකුද නොවන අමුම අමු ගොබ්බයා.

      එක අවස්තාවකදි රංජිත් ධර්මකීර්ති සහ ජේ.එච්. ජයවර්ධන වගේ බොහෝ සොඳුරු වැඩිහිටියන් නම් අපේ වැරදි කියා දුන්නේ මේ තරම් "සොඳුරු" විදිහට නොවේ. ඒ වගේ තව නිහතමානි මිනිසුන් හිටියා. අපි කවුරුත් හෙමින් ඉගෙනගන්න අය කියලා මතක තියා ගත්තොත් හොඳයි. 1948 ඉඳන් හෙමිහිට කියවන්න. චූ යනවා..

      Delete
    9. මගේ අන්තිම රිප්ලයි එකට උඩින් තිබුනු කමෙන්ට් එක බහිරවයෙක් ගිලලා. ඒකට උත්තරේ තමයි මම දැම්මේ.

      පැරා තියෙනවද බලන්න. නැත්නම් මම ඒක දාන්නම්.

      මේ තියෙන්නේ ඒක...

      ////////Anonymous October 17, 2016 at 4:23 PM

      ඔබ හරි, නමුත් මේ අරුණ පෙරේරා කියන්නේ බොරු මැදහත් බවක් පෙන්වමින් එජාපයට නග්නව කඩේ යන තවත් එක් සට්ටැඹියෙක්. මූ දැන් එක මෝඩ යූඑන්පී වහලෙක් කියාපු "මරල හරි" ගන්න ඕනෙ කියන ගොං කතාවට ෆෝම් වෙලා තප්පු ලාල දැන් ආයෙ පාරක් බොරුවට් තප්පු ලනව "තේරෙන්නෙ නැහැ" කිය කිය මුගෙ බබා පාට්. ඒ මදිවට තව කිසිසේත්ම අදාළ නොවන "අම්ම මතක් කරල" බනින්න කියන්නෙ මුගේ තියෙන උපතින්ම මන්ද බුද්ධික මොංගල් කම නිසා වෙන්ටැ. නොදකින් මෙහෙමත් යුඑන්පී වහල්ලු.

      දැන් බොරුවට මෙතන ඌඑන්පී එකට ලාවට බැනල මුගේ යූඑන්පී වහල් කම වහගන්න හදයි. කොහොම වුණත් අරුණ පෙරේරා නමැති යූඑන්පී වහලා කොයිතරම් බයිල ගැහැව්වත් උගේ UNP වහල්කම වහගන්න බැරිබව ඉතාම පැහැදිලියි./////////

      Delete
    10. මිස්ටර් අරූ

      ඔය උඩ ඇනෝලා නිකම්ම නිකම් හුජ්ජ කොල්ලො. බොරුවට් උත්තර දෙන්න මහන්සි වෙන්න එපා අපරාදෙ කාලෙ. හැබැයි මෙහෙම දෙයක් තියෙනවා. ඔබ ඇතුළු යහපාලනයට (හෝ එජාපයට ) කඩේ යන පිරිස කොතරම් බොරු මධ්‍යස්ථ බවක් පෙන්නන්න හැදුවත් ඔබගේ උග්‍ර එජාප/ යහපාලන හිතවාදීත්වය යටින් දෝර ගලන නිසා හංගන්න අමාරුයි. ඒක අපි කාටත් පේනවා. ඔබත් මාත් අපි හැමෝම නොදැනුවත්වම හෝ කාට හෝ කඩේ යන පිරිසක් ලෙස පෙනිය හැකියි විටින් විට. ඉතින් කලබල නොවේ සන්සුන්වන්න. අපි ඉවසීමෙන් සුහදව බ්ලොග බලමින් කමෙන්ට් කරමින් ඉඳිමු.

      උඩ ඇනෝ මිත්‍රවරුන් වෙත,

      බොරුවට අපි මරාගෙන මොකටද මචන් ලා? අරෙහෙ මරා, රනිල්, සිරා, අනුර කුමාර, සම්බන්දන්, විග්නේස්වර, හකීම්, බතියුතීන් ඔය ඔක්කොම කට්ටිය යටින් එකතුයි, අපිට බොරු නාට්ටි පෙන්නුවට. අපි නිකාන් බොරුවට ලේ පුච්චගන්නෙ නැතුව හොඳින් ඉඳිමු.

      Delete
    11. ආදරණීය අරුණ අංකල්,

      චතූ නඟා මේ පැත්තේ රාජ්‍ය නාලධාරීන් හා දේශපාලකයන් පිරිවරා ගෙන හිටං නිල මට්ටමේ සාකච්ඡා සම්මන්ත්‍රණ පවත්වනවා. ඒවායේ ප්‍රධානත්වය හිටං දරනවා. චතූ නඟාගේ චරියාව සහ සිරියාව ගැන අපේ සත්ගුණවත් අරුණ අංකලයාගේ විද්වත් අදහස දැන ගැරහීමට මම කැමැත්තෙමි.

      ස්තුතියි.

      පුලතිසිපුර දොං අරුණසිරි,
      පො‍ළොන්නරුව නව නගරයේ,
      ධර්මපාල හන්දියේ,
      රජයේ නිල නිවාසයක සිට.

      Delete
    12. වෙන්ඩ දුලංජලීලා නේ. වෙන මොනවද කියන්න තියෙන්නේ. ඊලඟ පරපුර හදනවා. මතකද හියුබට් ජයකොඩි අන්දරය. මිනිස්සුන්ට මතක නැහැ.

      රනිල්ට දරුවෝ හිටියා නම් රවී ජයවර්ධනලාට වඩා එහා යයි මේ සමාජ සිස්ටම් එක ඇතුලේ. මොන බයිලා ගැහුවත් අවසානේ පවුල කියන තැනදි සමාජ සත්ගුනේ බල්ලට යනවා. අපි තාමත් කටු කන්නේ මේ ගතිය අපේ ලේ වල නැති නිසා. ඕන විදිහකට හිතා ගනින්.

      Delete
    13. යහපාලනයක් වෙනුවෙන් අඬන ඇඬිල්ල, යදින යැදිල්ල සහ බලාපොරොත්තු නිකම්ම නිකම් යුඇම්පී කාරයෙක්ගේ අඳෝනා කියලා ලඝු කරන්න එපා මිස්ටර්. මගේ බලාපොරොත්තු ඒ තරම් සී. ඒ. චන්ද්‍රප්‍රේම මොඩ්ල් නෙමේ.
      මීට මිස්ටර් අරූ.

      Delete
    14. ////සමාජ සත්ගුනේ බල්ලට ///////

      සත්ගුනේ නෙමෙයි සද්ගුණේ....සමාවෙන්න ඕන .

      Delete
  3. සමාජය තුළ මිලිටරි කාරණය සිදුවීම පටන්ගතේ ඊළාම් යුද්ධේ ආරම්භයත් එක්ක. ඒක වලක්වන්න බැරිදෙයක්. මිලිටරි කරණයක බිහිසුණු ප්‍රතිපල 87-89 කාලේ අපි දැක්කනේ. මේකට රජය වගේම ජවිපෙත් වගකිවයුතුයි.

    කොහොම වුනත් ප්‍රේමදාස 91 විතර වෙනකොට මිලිටරි කරණය බොහෝ දුරකට අඩුකළා. ඇත්තටම වුනේ එකළ හිටිය ඉහලම සිවිල් පරිපාලකයන් සහ "Sandherts" පැලැන්තියේ ජෙනරල්වරු මේක දිගටම පැවතුනොත් වෙන බරපතල හානිය ප්‍රේමදාසට කියල දීපු එක. කැරැල්ල පරාජයෙන් පස්සේ දැන් රටත් අපිටම කරන්න පුළුවන්නේ කියන සිතුවිල්ල සන්නද්ධ හමුදා වලට හිතෙන්න පුළුවන් වීමේ අනතුර ඔවුන් පෙන්නලා දුන්න.

    රාජපක්ෂ පළමු යුගය තුළ මේක උත්කර්ෂයට නැගුනා. යුධ අවසානයත් සමගම ක්‍රමානුකුලව මිලිටරි හරණයක් සිදුවුනෙත් නැහැ. ගෝටාභය විසින් ඉතා දක්ෂ සහ දැඩි ලෙස යුධ හමුදා රෙජිමේන්තු අණදෙන නිලධාරීන් දක්වා පවත්වාගෙන ගිය (අනෙකුත් හමුදාවන්ටද අදාලය) පාලනය නිසා මිලිටරි කරණය රාජපක්ෂ රජයට තර්ජනයක් වුනෙත් නැහැ.

    ඔහු හිටපු පළපුරුදු හමුදා නිලධාරියකු ලෙස හමුදා ව්‍යුහය තුළ වැදගත් වන බොහෝ නිලධාරීන් පුද්ගලිකවම දැන සිටියා. නමුත් මේ වගේ ආරක්ෂක ලේකම්වරයකු සිරිසේන - වික්‍රමසිංහ යුගලයට නැහැ. සරත් ෆොන්සේකා සිවිල් පරිපාලකයකු ලෙස දක්ෂතා පෙන්නනෙත් නැහැ. ඔහුව මේ යුගලය විශ්වාස කරන්නෙත් නැහැ.

    ක්‍රමානුකුල මිලිටරි හරණයක් සිදුකළ යුතු බවට වික්‍රමසිංහ න්‍යායිකව අදහස්කළත් මේ වැඩේට ගැලපෙන දක්ෂයන් ඔහු සතුව නැහැ. දැන් ඇත්තටම තියෙන්නේ ගෝටාභය හදපු ක්‍රමයක් ඊට සමාන කෙනෙක් නැතුව පැවතීමේ අනතුරක්.

    සමහර හමුදා නිලධාරීන්ට විශ්‍රමගියාට පස්සෙත් තියෙන්නෙ හමුදා මානසිකත්වය. මම එක උදාහරණයක් කියන්නම්. යුද්ධය අවසාන වුනාට අවුරුදු දෙකකට විතර පස්සේ මම ආයතනයක නියෝජ්‍ය ප්‍රධානියා විදියට වැඩකළා. අපිට අවශ්‍ය වුනා ආයතනයේ ආරක්ෂාව සඳහා ආරක්ෂක නිලධාරීන් දෙදෙනෙකු බඳවා ගන්න. ඒ සඳහා අපි පුද්ගලික අංශයේ ආයතන තුනකට කතා කරලා ඉදිරිපත් කිරීම් කරන්න කිව්වා. මේ ඉදිරිපත් කිරීම් තුනම කළේ ඒ ආයතන වල සිටි විශ්‍රාමගිය ආරක්ෂක නිලධාරීන් වන කළමනාකරුවන් තුන් දෙනෙක්.

    ඇත්තටම ඉදිරිපත් කිරීම් තුනම හොඳයි. හැබැයි ගැලපෙන්නේ අඩුගානේ කුඩා ප්‍රමාණයේ හමුදා කඳවුරක ආරක්ෂාවට. එතන හිටිය මගේ පහල නිලධාරීන් හිනාව නවත්වා ගත්තේ බොහොම අමාරුවෙන්. අන්තිමට අපි තීරණය කළා සාමාන්‍ය ආරක්ෂක කැමරා පද්ධතියක් හයි කරන්න.

    දැන් මේ මිලිටරි කරණය බ්ලොග් ලෝකෙටත් බෝවෙලා. ඇතැම් විශ්‍රාමික හමුදා නිලධාරීන් කරන්නෙ පල් හෑලි ලියන එක. ලඟදි මම දැක්ක AK -47 ගිනි අවිය ගැන කෙනෙක් යමරෙට ලියල තියනව. ඔබවත් මමත් ඔය අවිය භාවිතා කරනවද ? ඔය අවිය ආත්මාරක්ෂක ගිනි අවියක් නෙමෙයි. ගිනි අවි පනත යටතේ පුද්ගලික ආරක්ෂාවට නිකුත් කරන්නෙ තුවක්කු පිස්තෝල වගේ දේවල්. එත් ඉතාම සුළු පිරිසකට. ප්‍රහාරක රයිෆල් සහ මැෂින් තුවක්කු භාවිතා කරන්නේ සන්නද්ධ හමුදා. ඒ අයට ඔය දැනුම ලබාදෙන්නෙ පිළිගත් ආයතන වලින් මිසක් බ්ලොග් වලින් නෙමෙයිනේ. සමහර විට ඔය ලිපි අපරාධකාරයන්ට වැදගත් වෙයි.

    අඩුගානේ “කලාපීය ආරක්ෂාව පිළිබඳව සාමකාමී ශ්‍රී ලංකාවක බලපෑම” වගේ ලිපියක් ලියන්න මේ පුද්ගලයන්ට බැහැ. මොකද ආරක්ෂක විෂය ඒ මට්ටමට ඉගෙනගෙන නැහැනෙ. ඉතින් කරන්නෙ කවදාවත් සන්නද්ධ හමුදා සේවයේදී තමන්ට නොතිබුණු පිළිගැනීමක් ලබා ගන්න ගොඩයට මැජික් පෙන්නල ආරක්ෂක විශේෂඥයෝ වෙන්න හදනව. නමුත් වෙන සමාජ හානිය දන්නෙ නැහැ. දැන් බලන්න කිසිම බුද්ධිමත් දෙමව්පියෙක් ඥාතියෙක් මිතුරෙක් කුඩා දරුවන්ට සෙල්ලම් අවි ආයුධ තෑගි කරනවද? නැහැනේ.

    මම අදහස් කරන්නේ සන්නද්ධ හමුදාවන් තම සාමාජිකයන් විශ්‍රාම ගැන්වීමේදී ඊට කලින් අඩු ගානේ මාස තුනක්වත් මිලිටරි හරණය පාඨමාලාවකට සහභාගී කළ යුතුයි කියා. මම හිතන්නෙ වෛද්‍ය රුවන් ජයතුංග මේ ගැන කිහිපවතාවක් ලියල තිබුනත් හරි සංවාදයක් කෙරුනෙ නැහැ.

    ReplyDelete
    Replies
    1. විචා ගැන කියල තියෙන දේට 100% එකඟයි.
      වැඩේ තියෙන්නෙ මේකෙ ඉන්න එකාලත් වට වෙලා අනේ චෝයි, ඉක්මනට ඊළන්ග එකත් දාන්නකො කියල පුම්බනව. ඉතින් කබ්බ ෆෝම් වෙනව

      Delete
    2. /මම අදහස් කරන්නේ සන්නද්ධ හමුදාවන් තම සාමාජිකයන් විශ්‍රාම ගැන්වීමේදී ඊට කලින් අඩු ගානේ මාස තුනක්වත් මිලිටරි හරණය පාඨමාලාවකට සහභාගී කළ යුතුයි කියා. මම හිතන්නෙ වෛද්‍ය රුවන් ජයතුංග මේ ගැන කිහිපවතාවක් ලියල තිබුනත් හරි සංවාදයක් කෙරුනෙ නැහැ./

      පැන්ෂන් යනකම් ඉදල බෑ කසාදබඳින්න ඉස්සෙල්ලාම එහෙම කොස් එකකට යවන්න ඕන.

      Delete
    3. බය වෙන්න එපා බ්ලොග්කියවන වුන් විචාගේ පොස්ට් බලල මිනීමරණ්න යන්නේ නෑ, වැඩිම උනොත් අහුලගත්ත වෙපන් එකකින් වෙනත් ජීවිතාරක්ෂක පියවරක් ගන්න උත්සහ කරයි, එහෙම අවශ්තාවක් උදාවීමේ හැකියාව ලොතරැය්යකින් කොටි 100ක් ඇදෙන චාන්ස් එකට අඩුයිනේ. මට විචාගේ පොස්ට් වැදගත් වෙන්නේ බැරිවෙලා හමුදා ක්‍රමන්ත්‍රනයක් ආවොත් වෙපන් එකකින් බේරෙන්න මොකද කරන්නේ කියන එක ගැන අවබෝධයක් ගන්නත්, ආමි ඉදල ඇවිත් බොරු කටපත්ත අදින ගොබ්බයින් පචකරන්න පොයින්ට් හොයාගන්නත්.

      Delete
    4. තමන්ගේ හමුදා ජිවිත කාලෙම බංකර් එහෙක තුවක්කුව බදාගෙන හිටපු මිනිහ තුවක්කුව ගැන නොලිය නොදන්න ආරක්ෂක විෂයන් ගැන ලියන්නේ කොහොමද ?

      Delete
    5. @ඇණයා
      "ආමි ඉදල ඇවිත් බොරු කටපත්ත අදින ගොබ්බයින් පචකරන්න පොයින්ට් හොයාගන්නත්."

      එහෙමනං මචං විචාරකගෙ පොස්ට් කියවන්න යාමෙයි හොරාගෙ අම්මගෙන් පේන අහන්න යාමෙයි කිසි වෙනසක් නෑ.



      Delete
    6. බ්ලොග් ලෝකයේ ආරක්ෂක විෂය පිලිබඳ "කොමිසාර් කිචා" W3 අඩවියේ දී සැඟවුණු සතුරන්ගේ මල්ටි බැරල් ප්‍රහාර හමුවේ බරපතල තුවාල ලබා සිටියදී ඊයේ එනම් 16 වන දින රාත්‍රී 11.16 ට පමණ ප්‍රගුණ වෙඩිකරුවකු විසින් එල්ල කරන ලද ස්නයිපර් ප්‍රහාරයකින් මරුමුවට පත්වූ බව දැනුම් දෙමු.

      "කොමිසාර් කිචා" බරපතල තුවාල ලබා සිටියදී බ්ලොග් ලොව වෙත නිකුත්කරන ලද නිවේදනයකින් කියවුනේ තමන්ට එල්ල වූ ප්‍රහාරය පිලිබඳව සිනුවර වාසී මැවිසුරෙකු සහ ශ්‍රී ලංකා වාසී සංචාරක මගපෙන්වන්නෙකු සැකකරන බවයි. එසේම W3 අඩවියේ පාලකයා විසින් තමන්ට ආරක්ෂාව සැපයුවේ නැතැයි පවසමින් එම නිවේදනයේ කෙඳිරිගා තිබිණි.

      පිරිසක් සැකකරනුයේ සාරස තුමන් විසින් ශ්‍රී ලංකා සන්නද්ධ හමුදා වලින් ඉවත්ව ගිය යම් පිරිසක් යොදාගෙන මේ ප්‍රහාර මාලාව එල්ලකළ බවයි. නමුත් තතු දත් ආරංචි මාර්ග පවසනුයේ ආරක්ෂක විෂය සහ හමුදා ඉතිහාසය පිලිබඳ හොඳින්ම දත් යම් ආරක්ෂක අංශයක විශ්‍රාමික සාමාජිකයන් පිරිසක් යුද්ධය පිළිබඳව සත්‍ය කරුණු වලට අසත්‍ය කරුණු ද එක් කොට “කොමිසාර් කිචා” ප්‍රකෝප ගන්වා කිසිදු යුද පරිචයක් නොමැති “කිචාව” තමන්ට වාසි සහගත සටන් බිමක් වෙත ගෙන්වා මල්ටි බැරල් ප්‍රහාර එල්ල කොට බරපතල තුවාල සිදුකර ඉහත මාරක ස්නයිපර් ප්‍රහාරය එල්ලකළ බවයි.

      “කොමිසාර් කිචාගේ” සහයට පැමිණි “බැට්මන්” රොබර්ට් ද සන්නද්ධ පිරිසගේ තර්ජනය හමුවේ පලාගිය බවද වාර්තා වේ.

      Delete
    7. Anonymous October 17, 2016 at 9:06 AM වෙත කරුණාවෙනි;

      බ්ලොග් වලින් දැනුම ලබාගන්නවා කියල හිතනවා නම් ඊට වැඩිය හොඳට ඇන්ටන් ජෝන්ස්ගේ සින්දු වලින් ඉතිහාසේ ඉගන ගන්න පුළුවන්.
      විචාරකට ඕනඅ දෙයක් විචාරක ලියපුවාවේ.
      ඔබට ඉගනගන්න ඕනෙමනම් හොයාගන හරි තැනකින් ඉගනගන්න. (විචාරක උනත් හොඳ උදව්වක් කරන්න ඉදිරිපත් වේවි)

      Delete
    8. AnonymousOctober 17, 2016 at 4:02 PM
      බැට්මෑන් රොබට් බන්, හැබැයි ලේසියෙන් පලා යන්නෙ නෑ. මරු විහිළු කථාව, මටනම් බඩ අල්ලන් හිනා ගියා. අපි වගේ උන්ව බයිට් එකට අරන් විහිළු කලාට, ඉහ නිකට පැහිච්ච මිනිස්සු එක්ක විහිළු අනවශ්‍යයි. මොකද ඒ අය මෙව්වා සීරියස් අරන් පස්සෙ කලකිරෙනවා. වයසක මිනිස්සු බයිට් කරන එක නවත්තලා කීයක් හරි අතට එන වැඩක් කරහල්ලා. ඉස්සරහට කොමෙන්ට් කොරනවටත් ටැක්ස් ගහන්න බැරි නෑ. මොකද බට් මෑන්, බැට්මන්, බැට් මෑන් වගේ නෙවෙයි වැට්මෑන්, මිනිහා අමාරුකාරයා...

      Delete
    9. // පිරිසක් සැකකරනුයේ සාරස තුමන් විසින් ශ්‍රී ලංකා සන්නද්ධ හමුදා වලින් ඉවත්ව ගිය යම් පිරිසක් යොදාගෙන මේ ප්‍රහාර මාලාව එල්ලකළ බවයි. //

      මදැයි කොලා...

      සා ර ස තුමාටත් නොකියා සා රස තුමා කොරලා තියෙන කිරිමෙනෙල් වැඩේ සුලුපටුද හිටන්???

      Delete
    10. උඹ කියන එකත් හරි රොබර්ට්,

      අපි වයසක මිනිහට ගැහුවා තමයි නැතිවෙන්න. අපි උඹටත් කිව්වනෙ අයින් වෙන්න කියල. මොනවා උනත් ලඟදි ඉඳන් උඹ යම් ගත යුත්තක් ලියනව. අපි වයසක පොරට Warning Shot එක තියල තියෙන්නෙ. ඊගාවට වදින්නේ කොතනටද කියල පොර දන්නව. ඒක වයසක කෙනෙකුට දරාගන්න බැහැ කියලත් අපි දන්නව.

      උඹ එයාට කියපන් බ්ලොග් වල Provost Marshal කම කරන්න ලැහැස්තිවෙන්න එපා කියල. අනිත් එක කියපන් යුද්ධය ගැන ලියද්දි යම් ප්‍රසිද්ධ පුද්ගලික චරිත ගැන කියද්දි පැනල ගියයි , වෘකයයි , වෙල් විදානෙයි වගේ ගරහන එක නවත්තල පදනමක් ඇතුව ඕනෑ කෙනෙක් විවේචනය කරන්න කියල. ඊළඟට කියපන් යුද්ධය ගැන තව මිනිහෙක් දෙයක් කියද්දි ෆ්ලැට් න්‍යාය දන්න එපා කියල. එතකොට සාමය ඇතිවෙයි. එතකොට සාමය ඇතිකරපු මිනිහ විදියට උඹට ජහ-පාලන ආණ්ඩුවෙන් JP කමක් ලැබෙයි.

      Delete
  4. " මේ ඉදිරිපත් කිරීම් තුනම කළේ ඒ ආයතන වල සිටි විශ්‍රාමගිය ආරක්ෂක නිලධාරීන් වන කළමනාකරුවන් තුන් දෙනෙක්." යන්න

    " මේ ඉදිරිපත් කිරීම් තුනම කළේ ඒ ආයතන වල සිටි විශ්‍රාමගිය ආරක්ෂක අංශ නිලධාරීන් වන කළමනාකරුවන් තුන් දෙනෙක්." ලෙස වෙනස් විය යුතුය.

    ReplyDelete
  5. Boss: So where is the meat now?

    APJ: Here you are, sir! "එතෙක් කාලය තුළ වත්මන් පාලනය සමග සහයෝගයෙන් කටයුතු කිරීම පුරවැසියන්ගේ වගකීමකි."

    (වචන එක්දාස් පන්සීයක් ලියන්න ඕනෙ නෑනෙ ඕක කියන්න. කෙලින්ම කිවුවාම ඉවරයි. ලොක්කා ට උනත් එපා වෙනවානෙ හොයන්න ගියාම.)

    ReplyDelete
  6. /**
    ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය ඉදිරියේ තවමත් තිබෙන ලොකු ම අභියෝගය රාජපක්ෂ පවුල ය.
    */

    රුසියන් විප්ලවයෙන් පස්සෙ සාර් රජ පවුල මරලා දැම්මා වගේ, ජනවාරි 8 විප්ලවයෙන් පස්සෙ රාජපක්ෂ පවුල මරලා දාන්නේ නැත්තේ ඇයි?

    ReplyDelete
    Replies
    1. අප මාක්ස්වාදීන් නො වන නිසා ය.

      Delete
    2. AnonymousOctober 17, 2016 at 11:40 AM

      ඔබ සමග එකඟයි.

      +++++++++++++++

      Delete
  7. මාර්ක්ස්වාදය යනු ඉතිහාසය පිළිබඳ විද්‍යාවයි. මාර්ක්ස්වාදය හැර සමාජ විකාශය කෙසේ සිදුවේද යන්න ට විද්‍යාත්මකව පිළුතුරු දී ඇති අන් තැනක් දක්නට නො ලැබේ. මාර්ක්ස්වාදය බැහැර කරන අයෙකුට සමාජය මීට වඩා දියුණු තත්වයකට පත් කිරීමක් ගැන විද්‍යාත්මකව සිතා බැලීමට හැකියාවක් නො ලැබේ. එවැනි අයට කළ හැක්කේ සමාජය දියුණු කිරීම වෙනුවෙන් (යැයි සිතමින් / කියමින්) එන එන හැටියට ගහ උළුවස්සා ආකාරයෙන් අසම්බන්ධ ක්‍රියාමාර්ග තෝරා ගැනීමට පමණි.

    ReplyDelete
    Replies
    1. ඉතිහාසය යනු දෘෂ්ටිවාදී මනස්ගාතවලට හසුවන දෙයක් නො වේ.

      Delete
    2. /**
      ඉතිහාසය යනු දෘෂ්ටිවාදී මනස්ගාතවලට හසුවන දෙයක් නො වේ.
      */

      ඉතිහාසය, පූර්ව කොමියුනිස්ට් සමාජයෙන් වහල් ක්‍රමය ට ද, වහල් ක්‍රමයෙන් වැඩවසම් ක්‍රමයට ද, වැඩවසම් ක්‍රමයෙන් ධනපති ක්‍රමයට ද පැමිණියේ, මාර්ක්ස්වාදයේ කියැවෙන අයුරිනි. එය එතැනින් ඉදිරියට යාම වෙනස් ආකාරයකින් සිදු වෙතැයි සිතීමට හේතුවක් නොමැති වෙයි.

      ඉතිහාසය, පූර්ව කොමියුනිස්ට් සමාජයෙන් වහල් ක්‍රමය ට ද, වහල් ක්‍රමයෙන් වැඩවසම් ක්‍රමයට ද, වැඩවසම් ක්‍රමයෙන් ධනපති ක්‍රමයට ද පැමිණි ආකාරය "දෘශ්ටිවාදී මනස්ගාත වල ට" අසු වීමට ත්, ධනපති ක්‍රමයෙන් එහාට යන විදිය පමණක් "දෘශ්ටිවාදී මනස්ගාත වල ට" අසු නොවීමට ත් තේතුවක් තිබිය හැකි නොවේ.

      "ඉතිහාසය යනු දෘෂ්ටිවාදී මනස්ගාතවලට හසුවන දෙයක් නො වේ." යනු අඥෙයවාදී (ලෝකය දත නොහැකිය යන මතය - එය නම් මනස්ගාතයක් ලෙස හැඳින්විය නොහැක්කක් නොවේ.) අදහසකි. ලෙනින් Materialism and Empirio-criticism හී පවසන අයුරින්, එංගල්ස් මෙවැනි අඥෙයවාදීන් හඳුන්වා ඇත්තේ ලැජ්ජාශීලී ද්‍රව්‍යවාදීන් ලෙසිනි. (Engels in 1892 called this type of agnostics "shamefaced materialists".) කෙනෙකුට අඥෙයවාදයේ ආරක්ෂාව ලබා, සමාජ ප්‍රගමනය ට, ඒ පිළිබඳ විද්‍යාත්මක හැදෑරීම් වල ට, එරෙහි විය හැකි දැයි, කැමති නම්, සොයා බැලිය හැක. එහෙත් ඒ කිසිවකින්, මානවයා, වඩා දියුණු සමාජයක් ගොඩ නගා ගැනීම වෙනුවෙන්, ලිඛිත ඉතිහාසය පුරාවට සිදු කර ඇති අරගලය නතර කළ හැකි නොවේ.

      Delete
    3. මැංගුස් දිනන දවසේ ප්‍ර‍ශ්න -1October 17, 2016 at 2:09 PM

      ''ඉතිහාසය යනු දෘෂ්ටිවාදී මනස්ගාතවලට හසුවන දෙයක් නො වේ.''

      ඉහත වැකියට අදාලවන්නේ පහත සදහන් කුමන දෘෂ්ටඨිවාදී පාරිසරික කලාපයටද?

      1.වියලි කලාපීය දෘෂ්ඨිවාදය 2.නිවර්තන සවානා දෘෂ්ඨිවාදය
      3.තෙත් කලාපීය දෘෂ්ඨිවාදය 3.යහපාලන තුන්ද්‍රා දෘෂ්ඨිවාදය

      Delete
    4. ඔබ මාක්ස්වාදය අල්ලාගෙන තිබෙන්නේ එහි දුර්වල ම තැනකිනි.

      Delete
    5. //ඔබගේ වත්මන අඳෝනා කියා පානුයේ යළිත් වර ධනපති පාලක පන්තිය ඔබගෙන් වැඩ ගෙන අතහැර දමා ඇති බව යි. සමන්ට විවෘත වුණු විද්‍යුත් මාධ්‍යයේ ද්වාරය ඔබට විවෘත වුයේ නැත. බේරේ ගෙදර මහ පුටුව තබා දිනමිණ හෝ සිළුමිණ හෝ උපසකසුකමක්වත් ඔබට ලැබුණේ නැත. ඔබ දැන් යළිත් වමට සංඥා දමනුයේ එනිසා ය. එහෙත් ඔබට වමට හැරෙන්නට ඉදිරියේ මාර්ග නැත. වමට හැරෙන්නට තිබූ මාර්ග සියල්ල දැන් ඔබ පසු කර අවසන් ය. සරල ව පවසතොත් ඔබට වමට යළි වීසා නැත. ඔබ වමෙන් පිටතොටකරණය වූ අපකීර්තිමත් චරිතයකි. මතුගම අජිත් පැරකුම් ජයසිංහ නාමය වමේ අසාධු ‍නාම ලේඛනය ඉහළින් ම හොබව යි. //

      - W3Lanka බ්ලොගයෙන් උපුටා ගන්නා ලදී

      Delete
    6. වමේ එවුන් ඔක්කෝ ම ඉන්නේ අසාධු ලේඛනවල ය. හේතුව වමේ සියලු කල්ලි තමන් ළඟ ඒ මොහොතේ සිටින දෙතුන් දෙනා හැර අන් සියලු දෙනා අඩංගු කර ගත් අසාධු ලේඛන නඩත්තු කරන බැවිනි.

      උදා: සමස්ත පෙසපම ජවිපෙ අසාධු ලේඛනයේ ය. සමස්ත ජවිපෙ ම පෙසප අසාධු ලේඛනයේ ය.

      මං ඔය ඔක්කොගේ ම ඉන්නවා ය.

      Delete
    7. //''ඉතිහාසය යනු දෘෂ්ටිවාදී මනස්ගාතවලට හසුවන දෙයක් නො වේ.''

      ඉහත වැකියට අදාලවන්නේ පහත සදහන් කුමන දෘෂ්ටඨිවාදී පාරිසරික කලාපයටද?

      1.වියලි කලාපීය දෘෂ්ඨිවාදය 2.නිවර්තන සවානා දෘෂ්ඨිවාදය
      3.තෙත් කලාපීය දෘෂ්ඨිවාදය 3.යහපාලන තුන්ද්‍රා දෘෂ්ඨිවාදය//

      එම ප්‍ර‍ශ්නය අයත් වන්නේ තෙත්, උණුසුම්, රෝම සහිත කලාපයකට ය.

      Delete
    8. /**
      ඔබ මාක්ස්වාදය අල්ලාගෙන තිබෙන්නේ එහි දුර්වල ම තැනකිනි.
      */

      අපතවාදියකු, මාර්ක්ස්වාදය ගැන සංවාද කරන ආකාරය තේරුම් ගැනීමට මේවා කියවන්න.

      "ඉතිහාසය යනු දෘෂ්ටිවාදී මනස්ගාතවලට හසුවන දෙයක් නො වේ."

      "ඔබ මාක්ස්වාදය අල්ලාගෙන තිබෙන්නේ එහි දුර්වල ම තැනකිනි."

      ඓතිහාසීය භෞතිකවාදය ගැන අති මහත් ශාස්ත්‍රීය හැදෑරීම් එක පෑන් පහරින් කපා දැමීමට ගත වන්නේ තත්පර කිහිපයකි.

      "ඉතිහාසය යනු දෘෂ්ටිවාදී මනස්ගාතවලට හසුවන දෙයක් නො වේ."

      ඉතිහාසය හසු වන්නේ "දෘෂ්ටිවාදී මනස්ගාතවල ට" නොවේ නම්, ඉතිහාසය හසු වන්නේ මොනවාටද? එසේ හසු වී ඇති තැනක් කිව හැකි ද? නැතිනම් ඉතිහාසය යනු කිසිසේත්ම දත නොහැකි දෙයක් ද? මේ දැනුමෙන් වැඩක් නැත යන අපතවාදී දැනුම් විරෝධය මිස අන් කුමක්ද? දැනුමෙන් වැඩක් නැති වුනාට උපාධියක් ගන්න ක්‍රමයක් නම් තිබුනොත් හොඳය.


      ~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~


      කිසිදු විදග්ධ කරුණු දැක්වීමකින් තොරව, මාර්ක්ස්වාදී ස්ථාවරයන් ප්‍රතික්ශේප කිරීමට එතරම් කාලයක්වත් වැය නොවේ.

      "ඔබ මාක්ස්වාදය අල්ලාගෙන තිබෙන්නේ එහි දුර්වල ම තැනකිනි."

      මාර්ක්ස්වාදයේ දුර්වල තැන මෙතන නම්, මාර්ක්ස්වාදයේ ශක්තිමත් තැන කොතනද? මාර්ක්ස්වාදයේ දුර්වල තැන, ශක්තිමත් තැන, තෝරන නිර්ණායකය කුමක් ද? මාර්ක්ස්වාදීන්ගෙන් සාතිශය බහුතරයක් පූර්ව කොමියුනිස්ට් සමාජයේ සිට ධනවාදය දක්වා සමාජය වෙනස් වී ඇති ආකාරය ගැන මාර්ක්ස්වාදී විග්‍රහය පිළිගනිති. පූර්ව කොමියුනිස්ට් සමාජයේ සිට ධනවාදය දක්වා පැමිණි ගමන ගැන විග්‍රහයක්, ඉන් ඉදිරියට ඇති ගමන අරභයා නිවැරදි නොවී තිබිය හැකි නොවේ.

      දුර්වල වුනත් ශක්තිමත් වුනත් මාර්ක්ස්වාදයේ මූලික හරය ඓතිහාසික භෞතිකවාදයයි. මාර්ක්ස්වාදයේ මූලික තර්කය ඉතිහාසය යනු පංති අරගලයේ ඉතිහාසය යන්නයි. එසේ නැතිව සුලභ ආදායම් මාර්ග වී ඇති බලය බෙදීම, ස්ව්‍යං නිර්ණ අයිතිය ආදිය නොවේ. යමකු මාර්ක්ස්වාදියකු වීම සඳහා ඉතිහාසයේ ප්‍රගමනයක් ඇති බවත්, එය පංති ගැටුම හරහා සිදු වන බවත් පිළිගත යුතු වෙයි.

      කෙනෙකු මාර්ක්ස්වාදියකු වෙනවාද නැත්ද යන්න වෙනම ප්‍රශ්නයකි. එහෙත්, කිසිවකුටවත්, පංති ගැටුම, නිශ්පාදන බලවේගවල වර්ධනය, සමාජයේ විකාශනය ආදිය ප්‍රතික්ශේප කර (එය දුර්වල තැනක්ය කියා හෝ වෙනත් දෙයක් කියා හෝ) මාර්ක්ස්වාදියකු විය හැකි නොවේ.

      Delete
    9. // එම ප්‍ර‍ශ්නය අයත් වන්නේ තෙත්, උණුසුම්, රෝම සහිත කලාපයකට ය. //

      මතුගම ගොබ්බයන් shaving, waxing, ආදිය ගැන දන්නේ මොනවාද?

      http://www.ebay.com/itm/10sides-Body-Hair-Removal-Remover-Shave-Depilatory-Wax-Strips-Papers-Waxing-Tool-/231917229290?hash=item35ff5814ea:g:0vsAAOSwHgVW74ld

      w3lanka කියවීමට පෙර, Google Maps භාවිතා කර, මතුගම සිට නිව්යොර්ක් වලට දුර සොයා දැනගන්න. ඉන් පසුව බඩ අල්ලා ගෙන සිනා වන්න.

      Delete
  8. NGO Kakkas are now very reluctantly compelled to accept that Vigneshwaran is a Tamil racist. But that's a very painful acceptance. The best way that lessens the pain is to say that Mahinda Rajapaksha is a rabid Sinhala racist. That's all about this article.

    ReplyDelete
  9. This comment has been removed by a blog administrator.

    ReplyDelete
    Replies
    1. මේ ඇනෝ මගුලක් කතා කරනවා. රාජපක්ෂලා මරලා දැම්මට පස්සේ, පැරාලයි, අනික් මාජ්ජවේදියොයි ලියන්නේ අහවල් අලගෙඩිය ගැනද ? නිකම් මිනිස්සුන්ගේ බඩ රස්සාවට කෙලින්නේ නැතුව ඉන්න ඇනෝ..

      Delete
  10. [ අප මාක්ස්වාදීන් නො වන නිසා ය. ]

    ප්‍රංශ විප්ලවයෙන් පසුව දාසයවන ලුවී ව මරා දැමුවේ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් පෙනී සිටි අය විසිනි.

    ප්‍රංශ විප්ලවයෙන් පසුව ලුවී ව ද, රුසියන් විප්ලවයෙන් පසුව සාර් ව ද, මරා දැමුනේ එකම පදනමකිනි. එනම්, විප්ලවය රැක ගැනීම සඳහා, විප්ලවය ට එරෙහි වූවන් විනාශ කර දැමීම වෙනුවෙනි.

    රාජපක්ෂ යනු ජනවාරි 8 විප්ලයට එරෙහිව, ජනවාරි 8 දා රෑ හමුදා කුමන්ත්‍රණයක් කිරීමට සූදානම් වූ අයෙකි. ඇරත් රාජපක්ෂ යනු ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය ඉදිරියේ තවමත් තිබෙන ලොකුම අභියෝගයයි. ඉතින් ඔහුට පමණක් වෙනස් ඉරණමක් අත්විය යුත්තේ ඇයි?

    ReplyDelete
    Replies
    1. ඔබ සමග එකඟයි. අපි එකහඬින් කියන්නෙ අන්ත දූශිත කාලකණ්ණි රාජපක්ශ හොර හැත්ත බුරුත්ත පිටින්ම බාවල වුණත් කමක් නැහැ කොහොමහරි මෙම ජනතාවාදී මානුශීය යහපාලන රජය රැකගත යුතුයි කියායි.

      මෛත්‍රී මහතා කරන්නේ පළාත් පාලන ඡන්දයට පෙර බොරුවට එජාපය සමග වලියක් දමාගෙන රාජපක්ෂ කල්ලිය සමග සංධානගතව ඡන්දය ඉල්ලා මෝඩ බයියන් රැල රවටා තම නියෝජිතයින් පත්කරගැනීමයි. ඊට පසුව මරාගෙ හොරු රැල නැවතත් පිළිකන්නට විසිවනු ඇති. කොහොම වුණත් අපේ මතයත් ඒකාබද්ධ ප්‍රතිවාදී කුහක රැල සහ එම වහල් බයි හැතිකරය මරල හරි යහපාලනය රැකගත යුතුයි.

      Delete
    2. Ano 2.01 PM

      Well said mate ! Cheers !

      ++++++++++++++

      Delete
    3. මෙතනදී මේ අදහස් දක්වන එක එක වාදීන්ට වඩා මහින්ද රාජපක්ෂ ඉදිරිගාමී ය. ඔහුගේ ජනෙල් පඩිය උඩ ප්‍ර‍සිද්ධ දේශනය කාලයේදී ‘මරලා හරි බලය ගත්තෙ නැත්තෙ ඇයි සර්?' ප්‍ර‍ශ්නයට ඔහු දක්වන ප්‍ර‍තිචාරය ඇනොනිමස්කමට මුවා වී ලේ හැලීම ගැන කතා කරන වීරයන්ගේ වාදයන්ට වඩා ප්‍ර‍ගතිශීලී ය.

      Delete
  11. ආදරණීය අජිත් සර්,

    චතූ නඟා මේ පැත්තේ රාජ්‍ය නාලධාරීන් හා දේශපාලකයන් පිරිවරා ගෙන නිල මට්ටමේ සාකච්ඡා සම්මන්ත්‍රණ පවත්වනවා. ඒවායේ ප්‍රධානත්වය දරනවා. චතූ නඟාගේ චර්යාව ගැන අජිත් සර්ගේ විද්වත් අදහස දැන ගරනීමට මම කැමැත්තෙමි.

    ස්තුතියි.

    පුලස්ති පැරකුම්,
    පො‍ළොන්නරුව නව නගරයේ,
    ධර්මපාල හන්දියේ,
    රජයේ නිල නිවාසයක සිට.

    ReplyDelete
    Replies
    1. අපි ඔය මයික්‍රෝ මැටර්ස් ඔයාලාට භාර දී ඇති නිසා ඒ සම්බන්ධ කටයුතු කර ගන්න. අපි මේ දවස්වල මැදිහත් වන්නේ මැක්‍රො කාරණාවලට ය.

      Delete
    2. අර බැඳුම්කර සුදාගේ බෑණාගේ කෝටි 10 ලාබෙත් මයික්‍රෝ මැටර් එකක් ද මෙයා ?

      Delete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා