වසර 24ක මීටර් 800 ජාතික වාර්තාවෙන් කියැවෙන ලංකාවේ මලල ක්‍රීඩාවේ අර්බුදය

පසුගියදා යාපනයේදී පවත්වන ලද 42වන ජාතික ක්‍රීඩා උළෙලේදී මීටර් 800 ජාතික වාර්තාව බිඳ හෙළූ නිමාලි ලියනආරච්චි සම්බන්ධයෙන් මතු වී තිබෙන විරෝධය අධ්‍යයනය කිරීම ලංකාවේ මලල ක්‍රීඩාවේ තත්වය ගැන සංවාදයකට මුල පිරීමට අවස්ථාවක් කර ගත හැකි ය.

නිමාලි වාර්තාව බිඳ හෙළීම ගැන විරෝධය පළ කරන දෙදෙනෙකු ගැන වාර්තා වේ. එක් අයෙක් කලින් වාර්තාව හිමි වී සිටි ශ්‍රියානි ධම්මිකා මැනිකේ ය. ඇය කියන්නේ මෙම තරග කාල ගණනය වෙනුවෙන් ඉලෙක්ට්‍රොනික් යන්ත්‍ර‍ භාවිතා නො කළ නිසා මෙම වාර්තාව පිළි ගත නො හැකි බවයි. සුසන්තිකා ජයසිංහගේ තර්කය ද එයයි.

ධම්මිකා මැනිකේ ශ්‍රී ලංකා වාර්තාව තබන්නේ 1992 බාසිලෝනා ඔලිම්පික් පිටියේදී ය. ඒ විනාඩි 2.03.85කින් තරගය නිම කරමිනි. නිමාලිගේ කාලය සටහන් වන්නේ විනාඩි 2.03.35ක් ලෙස බව වාර්තා වේ.

ධම්මිකා මැනිකේගේ වාර්තාව නිමාලි බිඳින්නේ වසර 24කට පසුවයි.

හම්බන්තොට දිස්‌ත්‍රික්‌කයේ සූරියවැව ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාසයේ දොම්පෙයාය ප්‍රදේශයේ පදිංචි නිමාලි ලියනආරච්චි ක්‍රීඩා පිටියක් හෝ නොමැති පාසලකින් දිවීම ආරම්භ කර ගුවන් හමුදාවේ සේවයට බැඳී කුසලතා ඔප් නංවා ගත් තරුණියකි. ඇය දකුණු ආසියාතික ක්‍රීඩා උළෙලේ මීටර් 800 රන් පදක්කම්ලාභිනියයි.

යාපනයේදී ඇය දුවන්නේ තණකොළ ඇති ධාවන පථයක ය. එවැනි පරිසරයකදී බාසිලෝනාහි විධිමත් ධාවන පථයක තැබූ වාර්තාව බිඳ දැමීම සැකයට තවත් හේතුවක් ලෙස ඉදිරිපත් කෙරේ.

1992 තබන ලද වාර්තාවක් වසර 24කට පසුව 2016දී බිඳ දැමීම පිළිබඳව මෙසේ කතා කරන්නට සිදු වීම ම ලංකාවේ ක්‍රීඩාවේ කණගාටුදායක තත්වය නිරූපණය කරන්නකි.

කෙසේ වෙතත්, මේ වන විට මෙම තරග වාර්තාව ජාත්‍යන්තර ප්‍ර‍මිතීන්ට අනුව පිළිගත හැකි බව ක්‍රීඩා බලධාරීන් විසින් නිවේදනය කර තිබේ.

මතු වන ප්‍ර‍ශ්න කීපයක් මෙසේ ය:
  • තණකොළ පිටි මත දුවමින්, පැරණි කාල ගණක යන්ත්‍ර‍වලින් කාලය ගණනය කරමින් ශ්‍රී ලංකාවේ මලල ක්‍රීඩාවට කෙතරම් දුරට ජාත්‍යන්තර ප්‍ර‍මිතියට ළඟා විය හැකි ද?
  • ක්‍රීඩා බලධාරීන් ව්‍යාජ අන්දමින් වාර්තා බිඳ හෙළන්නට ක්‍රීඩකයන් යොමු කරනවා ද?
  • ජ්‍යේෂ්ඨ ක්‍රීඩකයන් අලුත් ක්‍රීඩකයන්ට අත දෙනවා වෙනුවට කරන්නේ තමන්ගේ පැරණි වාර්තා සදාකාලිකව තබා ගැනීමට උත්සාහ කිරීම ද?



ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. මෙම තරග වාර්තාව ජාත්‍යන්තර ප්‍රමිතියට අනුකූල බව අපේ ක්‍රීඩා බලධාරීන් නිවේදනය කලාට පලක් වන්නේ නැත. ජාත්‍යන්තර මළල ක්‍රීඩා ආයතනයෙන් එය පිළිගත් බවට සහතිකයක් ලබාගතයුතුය.

    ReplyDelete
  2. මතු වන ප්‍ර‍ශ්න කීපයක් සහ පිළිතුරු මෙසේ ය:

    තණකොළ පිටි මත දුවමින්, පැරණි කාල ගණක යන්ත්‍ර‍වලින් කාලය ගණනය කරමින් ශ්‍රී ලංකාවේ මලල ක්‍රීඩාවට කෙතරම් දුරට ජාත්‍යන්තර ප්‍ර‍මිතියට ළඟා විය හැකි ද?

    මහින්ද රාජපක්ෂ

    ක්‍රීඩා බලධාරීන් ව්‍යාජ අන්දමින් වාර්තා බිඳ හෙළන්නට ක්‍රීඩකයන් යොමු කරනවා ද?

    මහින්ද රාජපක්ෂ

    ජ්‍යේෂ්ඨ ක්‍රීඩකයන් අලුත් ක්‍රීඩකයන්ට අත දෙනවා වෙනුවට කරන්නේ තමන්ගේ පැරණි වාර්තා සදාකාලිකව තබා ගැනීමට උත්සාහ කිරීම ද?

    මහින්ද රාජපක්ෂ

    ReplyDelete
    Replies
    1. ඒ කියන්නෙ මහින්ද රාජපක්ෂ නැවත ජනපති වූ විට ඔය ප්‍රශ්ණ විසඳනවා.

      Delete
    2. මහින්ද නැවත ජනපති වෙන්නෙ සමූපකාරෙද?

      Delete
    3. නෑ නෑ "ග්‍රාමසේවක මන්දිරේ" සහ "ග්‍රාමසේවක කාර්යාලෙ".

      Delete
  3. පැරා.... බෑනගේ පර්පෙටුවල් ට්‍රේශරීස් ආයතනේ බිලියන 5.1 ක සුද්ද ලාබේ ගැන ඔබට සතුටුයිද දැන්?

    ReplyDelete
    Replies
    1. පැරාට ඉන්නෙ පොඩි ලමයි දෙන්නෙක් නෙ. බෑනල නෑ.

      Delete
    2. මචං, ඕතන කේස් එකත් බොහෝ විට මරාලා දුන්න ගේම් වගේ නීතියෙන් රිංගලා ගහපු ගේමක් වෙන්න බොහෝ දුරට ඉඩ තියෙනවා. මුල්‍ය ව්‍යාපාර කියන්නේ ඔහොම ගේම් තමයි. ඉන්සයිඩර් ට්‍රේඩිං ගැන සාක්ෂි තියෙනවා නම් මෙතන කමෙන්ට් දාන්නේ නැතිව පැමිණිලි කළා නම් උන්ව හිර කරන්න පුළුවන්.

      කෙසේ වෙතත්, මේ ආණ්ඩුවෙන් ගන්න තියෙන වැඩ ටික ගන්නා අරමුණේදී අපි නම් ඉබ්බන්ගෙන් පිහාටු ඉල්ලන්න යන්නෙ නැහැ. හේතුව ඒක නො ලැබෙන නිසා.

      ඕක අපි ගනිමු 2020න් පස්සෙ පත්වෙන ආණ්ඩුවෙදි. නෝ ප්‍රොබ්ලම්.

      Delete
    3. ඒ කියන්නෙ ගෝඨාභය මැතිතුමාගේ ආණ්ඩුව. මම නම් හිතන්නෙ ඒකට 2020 වෙනකම් ඉන්න වෙන එකක් නෑ වගේ.

      Delete
    4. ඉක්මණ් කොටයි කියලා තුර්කියේ පොලිස්කාරයෙක් අද කිව්වා.

      Delete
    5. රනිල්ගෙ කොටයි කියලා සුදත් චන්ද්‍රසේකර කියල හිටපු පොලිස්කාරයෙක් මට කිව්වා.

      Delete
    6. // ඉක්මණ් //

      පැරා තුමෝ.. ඉස්පෙලින් මිස්ටේක් ද.. කැපිටල් ණ්යන්න??? නොදන්න කමටයි අහන්නේ...

      Delete
    7. සා රස නේද මල්ලෙ පොල් බ්ලොග් අඩවිය ලියන්නේ? ටොප් එකට ගැලපෙනවා. පැරා මලල ක්‍රීඩා ගැන ලියනකොට සා රස අහනවා පර්පෙචුවල් ට්‍රේශරීස් ගැන. යන්නේ කොහෙද මල්ලෙ පොල්!

      Delete
  4. ඔව් පැරා මේක තමයි ඛේදවාචකය.. කාලෙකට ක්‍රිකට්, කාලෙකට රගර්....අපිට ඔය බෝල දෙකේ සෙල්ලමට හැර වෙන ක්‍රීඩා නැහැ. ඒ නිසා අපි ඒ බෝල දෙක සොල්ල සොල්ලා ප්‍රීති වෙමු.

    ReplyDelete
  5. පැරා මේ, අපි නැති තැන්වල අපිට එරෙහිව පොර ටෝක් ලොරි ටොක් දෙන්න එපා හරි ද? උඹට පොඩි චාන්ස් එකක් දුන්නම අසරණය නේද කියලා හිතලා උඹ මුදුනා වෙන්න හදන්න එපා. උඹේ ජඩ වැඩවලට අදාළ හඩ පට අපි සවුන්ඩ්ක්ලවුඩ් කරල තියෙනනේ. ඒ ව‍ගේමයි උඹ කුලියට කහින්න සල්ලි ගත්ත ඩීල්වල ඉමේජස් ක්ලවුඩ් කරලො තියෙන්නේ. වැඩිය නැටුවොත් ලින්ක්ස් දාන මෙතන හැමෝටම බලන්න.

    කොහොම ද උඹ අර විදුහල්පතිනියට නාකි මනමාලකම් කරන ක්ලිප් එක වයිරල් වෙද්දි මචං? එතකොට උඹේ බෑන්ක් ස්ටේට්මන්ස් එහෙම? අර නාකි මනමාලකම් නම් හරිම ඕලාරිකයි බං. අහං ඉනින හිරිකිතයි.

    පැරා ඒක නිසා ඉල්ලන් කන්නේ නැතිව හිටපං. අපි උඹව අතහැරලා තියෙන්නේ.

    ReplyDelete
    Replies
    1. අම්මට සිරි,
      නිකන් ජනාධිපති වෙන්න යන්නේ නැතුව හිටපන් බන්.
      ජනාධිපතිලා ලඟනේ ඔය පරණ ෆයිල්, හඬපට, ලටපට අරව මේවා ඔක්කොම තියෙන්නේ.
      යකෝ, මේකෙම ගේම ඉල්ලන්නේ, තමන්ටම කියල බ්ලොගක් පටන්ගනිල්ලකෝ.
      අහවල් එකේ සවුන්ඩ්ක්ලවුඩ්. ගහගනින් රෝල් කරලා ....

      Delete
    2. අනේ මචං මට බයයි බං. චූ යන්නත් එනවා. එහෙම වුණත් කමක් නැහැ. අර මනමාල කෑල්ල විතරක් ෂේප් එකේ දාපංකො මටත් බලන්න.

      Delete
  6. කවුද ඕයි “අපි“ කියන්නෙ? නම ගම දානවකො අපිටත් බලාගන්න.
    Anonymous ඇවිත් ලොරි ටෝක් දෙනවා. ‍ඊයා ඕයි!

    ReplyDelete
  7. Mattew Sisk in Massachusetts case eka balanna. A top official had to resign simply because he unneasarily used some car lights and a siren in traffic. Ape deahapaluwo thamath me wade parawala karanawa!

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා