රාජ්‍ය ව්‍යවසාය පිළිබඳ පාර්ලිමේන්තු කොමිටිය සහ නීතියේ කාර්යභාරය

මෙය අපගේ පාඨකයකු විසින් කමෙන්ටුවක් ලෙස නිර්නාමිකව පළ කරන ලද අදහසකි. එහි ඉතා සුළු සංස්කරණයක් සිදු කර තිබේ. මුල් කමෙන්ටුව නීතිය, මහ බැංකු බැඳුම්කර හා සියඹලා ලිපිය සමග පළ වී තිබේ.

රාජ්‍ය ව්‍යවසාය පිළිබඳ කොමිටියට කළ හැකි වන්නේ කරුණු ගවේෂණයක් සහ ඒ පිළිබඳ වාර්තාකරණයක් පමණ යි. එමඟින් විධායකය හා ව්‍යවස්ථාදායකය අතර සම්බන්ධයක් ඇති කෙරේ. ව්‍යවස්ථාදායකයේ අනුමැතිය මත මහජන මුදල් රාජ්‍යය විසින් වියදම් කරනු ලැබීම පිළිබඳ ප්‍රත්‍යාවලෝකනීය ආවේක්ෂණ සහ සංතුලන ක්‍රියාවලියක් එකී කොමිටිය ‍විසින් සිදු කරනු ලැබ විධායකයේ අවධානය පිණිස යොමු කෙරේ. රාජ්‍ය ව්‍යවසාය පිළිබඳ කොමිටියේ මෙකී සීමාව අප විසින් වටහා ගත යුතු ය.

ඵෙතිහාසික ව මෙකි කොමිටිවල සභාපති ධුරය වාමාංශිකයනට ලැබීම රසවත් අහඹුවකි. එහෙත් නීරස සත්‍යය නම් බර්නාඩ් සොයිසාගේ (එවකට රාජ්‍ය ගිණුම් කොමිටිය යටතේ) සිට සුනිල් හඳුන්නෙත්ති දක්වා සභාපති ධුර දැරුවන් ද සාමාජිකයන්ගේ බහුතරය ද මෙකී රාජ්‍ය ව්‍යවසාය පිළිබඳ කොමිටියේ කාර්යභාරය හා සීමාව නැත හොත් ප්‍රොටෝකෝලය නො දැන හෝ දැන හෝ නො සලකා හැරීම යි. මෙකී කොමිටිය සඳහා නිර්දේශ වන සමාජිකයන් ද සභාපති ද ඔවුන්ගේ දේශපාලන දෘෂ්ටිවාදයන් සහ න්‍යාය පත්‍ර මත කටයුතු නො කළ යුතු වීම මූලික අවශ්‍යතාවකි. එහෙත් වර්තමානය වන විට මෙකී කොමිටිය ද දේශපාලන පක්ෂ මූල ව ධ්‍රැවීකරණය වූ තවත් එක් සමූහයක් බවට පත් ව ඇත.

සුනිල් හඳුන්නෙත්ති හා එහි සාමාජිකයන් කොමිටියේ දී හැසිරෙනුයේ තම ප්‍රොටෝකෝලය පිළිබඳ වගේ වගක් නැති ව ය. සුනිල් හඳුන්නෙත්ති සභාපතිකම අතහරින්නේ ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන න්‍යාය පත්‍රයට අනුව මිස වෙනත් සැලකිය යුතු හේතුවකට නො වේ. කොමිටියක විවිධ මත ගැටුම් වන බව නො දැන සිටින්නට හඳුන්නෙත්කි යනු තොත්ත බබෙක් නො වේ. තමා භාර ගත් කාර්යය නිසි ලෙස අවසන් නො කර අතර මඟ දී හැර යෑම ජනතා විමුක්ති පෙරමුණේ අනන්‍ය ලක්ෂණයකි. හඳුන්නෙත්ති යනු හොඳ ජනතා විමුක්ති පෙරමුණු සමාජිකයෙකි. ඔහු මෙම නාඩගම නටන්නට සැරසෙන බව දුරදක්නා නුවණින් W3Lanka කල් තියා ම පැවසී ය (“වංගු බැහැ හඳුන්නෙත්ති. කෙළින් එන්න!” යන මැයෙන් පළ වූ ලිපිය බලන්න). 

සභාපති හඳුන්නෙත්ති ජනතා විමුක්ති පෙරමුණේ සුපුරුදු න්‍යාය පත්‍රයට අනුව වරදකරුවන් නම් කර ඔවුනට දඬුවම් කළ යුතු බවට නිර්දේශාඥා නිකුත් කර යි. “තමා හැදූ” වාර්තාවක් පිළිබඳ මාධ්‍ය සංදර්ශන පවත්වන සභාපති හඳුන්නෙත්ති ඇතැම් සමාජිකයන් ප්‍රතිවිරුද්ධ මත දැරීම “හොරුන් ආරක්ෂා කිරීමක්” ලෙස අර්ථකථනය කර යි. අයෙක් කෝප් වාර්තාව යනු ජූරියේ තීන්දුව වැනි ඒකමතික හෝ බහුතර හෝ “තීන්දුවක්” විය යුතු බව පවසති. නීතිය පිළිබඳ ප්‍රවීණ ගුරුවරයෙක් වන සාමාජිකයෙක් යම් යම් පුද්ගලයනට දඬුවම් කිරීමට තමා කෝප් වාර්තාවෙන් නිර්දේශ කළ බව පවස යි. දඬුවම් කළ හැකි වන්නේ නීති ප්‍රකාර ව ය. එය අධිකරණයේ කාර්යභාරයකි. දශක හතරකට වඩා අතීතයේ දී අහෝසික කරන ලද අධිනීතිඥ නම් අපනාමයකින් තමා හඳුන්වා ගන්නා එම සාමාජිකයා මෙලෙස නිර්දේශ කළේ ගරු අධිකරණයට ද? එසේ කරන්නට ඔහුට බලතල පැවරී නැත. නීති විද්‍යාල ප්‍රවේශ විභාගයට රාජ්‍ය ව්‍යවසාය පිළිබඳ පාර්ලිමේන්තු කොමිටියේ කාර්යභාරය නැති නිසාවත් ‍ඔහු ඒ පිළිබඳ නො දන්නේ ද යන සැකය මසිත නැඟේ.

කොප් වාර්තාව මහ බැංකු බැඳුම්කර ගැටලුව අලළා මෙතරම් උත්කර්ෂණයට ලක් කළ යුතු ද යන්න විමසා බලනු වටී. කෝප් වාර්තාවේ බැරෑරුම්කම ඇගයිය යුත්තේ අදාළ කොමිටියේ සාමාජිකත්වය මත ය. මෙහි සාමාජිකත්වය සැකසෙන්නේ පාර්ලිමේන්තුවේ සමාජිකයන්ගෙනි. ලංකාව වැනි සර්වනියෝජිත පාර්ලිමේන්තුවක (ජාතික ලැයිස්තුව යනු සාමි මන්ත්‍රී මණ්ඩලයක් හෝ කොංග්‍රස් සභාවක් නො වේ) සාමාජිකයන්ගෙන් සැඳුම් ලත් පාර්ලිමේන්තු කොමිටිවල ඇති ප්‍රධාන ගැටලුව වන්නේ විමසුමට බඳුන් වන ප්‍රස්තුත කාරණය පිළිබඳ විශේෂ ප්‍රාගුණ්‍යයක් සහිත පුද්ගලයන් මෙම කොමිටිවල නො සිටීම ය. රාජ්‍ය ව්‍යවසාය වැනි ක්ෂේත්‍රයක් පිළිබඳ තීන්දු තීරණ හා නිර්දේශ නිකුත් කිරීමට තරම් සුවිශේෂි හැකියාවක් මෙම ඊනියා කොමිටුවලට පත් වන පුද්ගයනට නැත. අජිත් නිවරද ව වරක් පැවසූ ලෙස ම යම් ප්‍රස්තුත කාරණයක් පිළිබඳ ප්‍රශ්න කිරීමට විශේෂ ප්‍රාගුණ්‍යයක් සහිත විශේෂඥයෙකු විය යුතු නැත. එහෙත් එම කාරණය පිළිබඳ තීන්දු තීරණ ගෙන විසඳුමක් ලබා දීමට නම් අදාළ කාරණය පිළිබඳ විශේෂ ප්‍රාගුණ්‍යයක් හා විශාරදත්වයක් තිබිය යුතු ය. එසේ නො වන සාමාජිකත්වයකින් යුත් ඊනිය‍ා පාර්ලිමේන්තු කොමිටි මඟින් සිදු වන්නේ සාමාන්‍ය රටවැසියන් විසින් කරනු ලබන ප්‍රශ්න කිරීම ම විසඳුම් සෙවිය යුතු තැන දී ද සිදු කරනු ලැබීම ය. එවැනි කොමිටි වාර්තා බැරෑරුම් ලෙස ගෙන කටයුතු කිරීම රාජ්‍ය ව්‍යවසාය තව තවත් අකර්මණ්‍ය කිරීමකි. ඇන්. ඇම්. පෙරේරා මුදල් ඇමති වූ කළ ඔහු මේ බව වටහා ගත් බව පෙනේ.

ඔහු විශේෂඥයන්ගෙන් යුත් සංස්ථා අංශයක් මුදල් අමාත්‍යාංශයේ පිහිටුවා ගෙන පාර්ලිමේන්තු කොමිටි කාර්යභාරය ඉටු කර ගත්තේ එනිසා ය. මෑතක් වන තුරු ම ඊනියා කෝප් වාර්තා කිසිවෙකු විසින් බැරෑරුම් ව සැලකුවේ ද නැත. ඒ පෙර කී හේතු නිසා ය. කෝප් නිර්දේශ යනු ඇමෙරිකාවේ කොංග්‍රසය හෝ එංගලන්තයේ සෙනටය හෝ වැනි විශේෂ ප්‍රාගුණ්‍යයක් ඇති මණ්ඩලයක තීන්දු තීරණ නො වේ. ‍එසේ නම් මහජන මුදල් ද කාලය ද නාස්කි කරන අර්ථශූන්‍ය සංයුතියකින් යුත් රාජ්‍ය ව්‍යවසාය පිළිබඳ කොමිටියක් මහබැංකු බැඳුම්කර සිද්ධිය පිළිබඳ මේ නටන නාඩගම කුමක් ද?

ආණ්ඩුව මහබැංකු බැඳුම්කර සිද්ධිය පිළිබඳ විමර්ශනයට මෙවැනි කොමිටියක් පත් කර ගන්නේ ම මෙවැනි නාඩගමක් නටමින් කාලය නාස්ති කිරීමට හා ජනතා අවධානය මෙවැනි නාඩගම්වලට යොමුකර ගැනීමට ය. මේ කොමිටි වාර්තාව පළ කළ පමණින් කිසිවක් සිදු ව නැත. හඳුන්නෙත්තිගේ බහුභූත සාක්ෂිවලින් සවිමත් නීති තර්කයක් හෝ නෛතික සාක්ෂියක් මතු ව එන්නේ නැත. එසේ වන්නට ද නො හැකි ය. ඔහු සහ ඔහුගේ ගෝල රෑනට කළ හැකි වන්නේ පොදු රටවැසියන් කරන ටික ම පමණි. 

අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු බැඳුම්කර සිද්ධියේ දී කර ඇති මැදිහත් වීම නෛතික ගැටලුවකට වඩා ආචාර ධර්මීය ගැටලුවකි. මහ බැංකුවේ බැඳුම්කර ගැනීමකට මහ බැංකුවේ අධිපතිගේ බෑණා ඉදිරිපත් වීම හා ඒවා ඔහු විසින් හිමි කර ගනු ලැබීම යනු බැඳියාව පිළිබඳ ගැටුමකි. බැඳියාව පිළිබඳ ගැටුමක් යනු මූලික ව ම ආචාර ධර්මීය කාරණයකි. එවැනි බැඳියාව පිළිබඳ ගැටලුවක් සිදු නො වන සේ කටයුතු කළ යුතු ව තිබිණි. ඔක්ස්ෆර්ඩ්හි ඉගෙන අන්තර්ජාතික ආයතන රැසක ඉහළ ම තනතුරු දැරූ අර්ජුන මහේන්ද්‍රන් සේ ම කොළඹ සරසවියේ නීතිය මැනැවින් උගත්, දශක හතරක දේශපාලන පරිචයක් ඇති අගමැති වික්‍රමසිංහ ද මෙම බැඳුම්කර ගනුදෙනුවේ බැඳියාව පිළිබඳ ගැටුම ද නෛතික තත්ත්වය ද දැන සිටි බවට මට නම් කිසිඳු සැකයක් නැත. බැඳියාව පිළිබඳ ගැටුමක් නෛතික ගැටලුවක් විය හැකි මුත් එය නෛතික ව සාධනය කිරීම පහසු කාර්යයක් නො වේ. ආචාර ධර්ම රැකිය යුත්තේ එමඟින් සුරැකෙන කාරණා නීතිය මඟින් සුරැකීමට අපහසු නිසා ය. හඳුන්නෙත්තිගේ ඕපාදූප කතා නෛතික සාක්ෂ්‍ය නො වේ. වැලිපාරවල හොර ගමන් යන්නෝ පිය සටහන් නො තබන්නට වග බලා ගනිති. අර්ජුන මහේන්ද්‍රන් නීතිය මඟින් නිදොස් කර නිදහස් කෙරෙනු ඇත. එහෙත් මානව චිත්තයේ යම් ගැඹුරු තැනෙක සැඟ ව ඇති හෘදය සාක්ෂිය නම් හැඟුමක් විසින් මේ ගනුදෙනුවට සම්බන්ධ පුද්ගලයනට දිවි ඇති තුරා දඬුවම් කරනු ඇත. එම දඬුවමේ වේදනාව වැඩිපුර ම දැනෙනු ඇත්තේ දශක හතරකට වැඩි කාලයක් මූල්‍ය පාරිශුද්ධත්වයක් රැක ගෙන පැමිණි අගමැති වික්‍රමසිංහට ය. ඔහුට අත් වූ ඛේදනීය ඉරණම පිළිබඳ මම ද කනගාටු වෙමි.

රාජ්‍ය ව්‍යවසාය පිළිබඳ කොමිටිය විසින් නැටුණු තොවිලයකුත් නැත; බෙරේ පළුවකුත් නැත. මහබැංකු බැඳුම්කර සිද්ධිය සහ කෝප් වාර්තාව විසින් අපට හඬ නඟා පවසන්නේ පශ්චාත් යටත්විජිත ලංකාවේ රජ්‍යකරණය තව දුරටත් ඉදිරියට ඇද ගෙන යා නො හැකි තරම් යල් පැන ඇති බව යි. එම රාජ්‍යකරණය ප්‍රතිසංවිධානය කිරීම යුහුසුළු ව කළ යුතු කාර්යයකි. රාජ්‍යකරණය ප්‍රතිසංවිධානය යනු ව්‍යවස්ථාදායකය, විධායකය හා මූලික නීතිය යන ඒවායේ ව්‍යුහාත්මක හා කෘත්‍යාත්මක වෙනසක් සිදු කරන ආණ්ඩුකරණයේ වෙනසකි. ලාංකීය සමාජය රාජ්‍යකරණය ප්‍රතිසංවිධානය පිළිබඳ සිවිල් යුද්ධය අවසන් වීමෙන් පසු නො සලකා හැර ඇති සෙයකි. රජය ද සිවිල් සමාජය ද මාධ්‍යය ද මහ බැංකු බැඳුම්කර සිද්ධියක් හා කෝප් වාර්තාවක් දෙස ආලෝක ධාරා යොමු කර නෙතු පිය නො හෙළා බලා සිටින කල පැරණි වාමාංශිකයෙකුගේ මූලිකත්වයෙන් මෙරටේ මූලික නීතිය වෙනස් කරන්නට කටයුතු සිදු කෙරේ. සමස්ත රටවැසියා ම දායකත්ව ය දැක්විය යුතු මූලික නීතිය වෙනස් කිරීම යනු හුදු නෛතික කාර්යක් නො ව දේශප‍ාලන කාර්යයකි. මෙරටේ මූලික නීතිය වෙනස් කළ යුත්තේ උතුරේ ප්‍රශ්නයට විසඳුමක් ලෙස පමණක් නො ව, ප්‍රජාතන්ත්‍රවාදය හා යහපාලනය කරා යන ගමනේ අනුශංගික කොටසක් ලෙස ය. ප්‍රජාතන්ත්‍රවාදය හා යහපාලනය නැති වූයේ රාජ්‍යකරණයේ ස්වභාවය තුළ ය. එහෙත් අප ප්‍රජාතන්ත්‍රවාදය හා යහපාලනය සොයමින් සිටින්නේ එය ගිලිහීමට ‍අදාළ තැන නො වේ. රාජ්‍යකරණය ප්‍රතිසංවිධානය වන තැන අඳුරේ තබා ප්‍රතිඵල රහිත කාර්යයක් වෙත අප විසින් ආලෝකය යොමු කරනු ලැබ ඇත. ප්‍රගතිශීලී බුද්ධිමතුන් රාජ්‍යකරණය ප්‍රතිසංවිධානය පිළිබඳ මීට වඩා අවධානය යොමු කළ යුතු ය. ඒ කාර්යය පැරණි වාමාංශිකයෙකුට බාර කර බලා සිටීම භයානකා චර්යාවකි. රාජ්‍යකරණය ප්‍රතිසංවිධානය පිළිබඳ පැරණි වාමාංශිකයන්ගේ ඉතිහාසය බියකරු ය.

දහස් වරක් පවසනු ලැබූ දෙයක් අවසන යළිත් පවසමි. අප ඉඳිකටුව සොයමින් සිටින්නේ ආලෝකය ඇති පහන් කනුව යට ය. එහෙත් ඉඳි කටුව නැති වූයේ වෙන තැනක ය. ඉඳි කටුව නැති වූ තැනට ඔබගේ ඥානාලෝක කදම්බය යොමු කරන්න. අප ඉඳි කටුව සෙවිය යුත්තේ එය නැති වූ තැන ය.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. ඔය එකෙක්වත් දැක්කෙ නැති සීන් එකක් මම දැක්කා... කවුරුත් දන්නවා නේ මේ සිද්ධිය ගැන "සිරස" මාද්දිය ජාලේට තිබුන පුකේ අමාරුව. හැමදාම එයාලගේ නිව්ස් වලින් 70% වෙන් කලේ මේකට. ඉතිරි 20% එයාලගේ දේශපාලන ව්‍යාපෘති. ඊළඟ 10% ට තමයි වල පල් ටික කියෙව්වේ. ඔය ගේමේදි සිරසට මාර බැකප් එකක් දුන්නේ ජෙප්පෝ. හැමදාම එයාලගේ වොයිස් කට් එකක් වැරදුනේ නෑ.

    ඔය අතරෙදි ටහමයි ජනපතිගේ සුවිසයිඩ් කතන්දරේ එන්නේ. රනිල් දැනගන්නවා කෙලින්න තියෙන එකම තුරුම්පුව බොන්ඩ් සීන් එක කියලා. එයා දන්නවා මේක නීතිය ඉදිරිය්ට ගියාම අර්ජුන්ලා නිදහස් කියලා. ඒ නිසා අර්ජුන් ආරක්ෂා කිරීමේ පිලිවෙත වෙනුවට බැක්ෆුට් එකට ඝින් ආරක්ෂක පියවරක් ගන්නවා.

    ආන් එතකොට තමයි හර්ෂ ඇර අනිල් අලි ටික පුකෙන් කතා කරන්න පටන් ගන්නේ. ඒකයි එයාලට "පුක් නෝට්" දාලා හරි මේකට නඩු දාන්න ඕනය කියන්නේ. එහෙම බය නැතිව කියන්නේ 2008 ඉඳල මේ හොරකම හ්Mඅ එකාම කරපු නිසා.

    මෙතනදි ජෙප්පෝ කොර වෙනවා. උන් තමයි කලින් කියන්නෙ රිපෝට් දෙකක් එන කතාව. "පුක් නෝට්" එක්ක අලි පැටව් ටික මේකට සයින් කරනවා කිව්වාම. රතු අලි පැටව්න්ගේ පුක නැති වෙනවා. ඕන් එතකොට වීරයා වෙන්න හඳුන්නෙත්ති කුමාරයා කෝප් එකේ හෝප් නැති නිසා නැගිටලා යනවා.

    මට කියන්න උනෙ මොකක්ද දන්නවද. ඔය නැගිටලා ගිය ගමන්ම, ඒ මොහොතෙම සිරසේ බ්‍රේකින් නිව්ස් එකක් යනවා. ඔහේලා දන්නවනේ රනිල්ට පඩයක් ගියත් ඒක සිරසට බ්‍රේකින් නිව්ස් එකක් කියලා. මේ ලිපියේ කියනවා වගේම ප්‍රොටෝකෝල් එක ගැන මෙලෝ හසරක් නොදන්න. චීප් ජස්ටිස් කියලා හිතාගෙන ඉන්න හඳුන්නෙත්ති ටැලිපෝන් එකෙන් විස්තරේ ඔක්කෝම අර බ්‍රේකින් නිව්ස් එකේ කියනවා. ඕන උන්ගේ ප්‍රජාතන්ත්‍රවාදය හා විනිවිදභාවය.

    චීප් ජස්ටිස් නෝනා ගෙදර යවපු ඩිලාන් පෙරේර මහින්ද අමරවීර වගේ හාල්පාරුවෝ දැන් කෙලින්ම තීන්දුව දීලා ඉවරයි අර්Jඋණ එල්ලන්න. අනේ හුකේ නන්නානේ උඹයි මායි හඳපානේ කියන්නේ මේවට තමයි.

    ReplyDelete
    Replies
    1. මචං, වැදගත් වෙන්නෙ පරීක්ෂණය හෝ නඩුවෙන් නිදහස් වීම නෙමෙයි. මේකෙන් ඇති වන අපවාදයයි. රනිල් බටලන්ද කොමිෂමේ සාක්කි දීලා නිදොස් වුණා. ඒ වුණාට අවලාද ගහන අයට හා අවලාදවලින් සැනසෙන ලංකාවේ ඡන්දදායකයන්ට රනිල් බටලන්දෙ මිනීමරුවා ම තමයි.

      රනිල් මේ නාපු මඩ එයාගෙ නෙමෙයි අපේ දරුවන්ගෙ ජීවිත කාලෙවත් හෝදන්න බැරි වෙයි. අනෙක් ප්‍ර‍ශ්නෙ කවුරුද හෝදන්නේ. මහින්ද රාජපක්ෂ අඩුගානෙ මහින්ද පතිරණ හරි ඉන්නවා. මෙයාගේ මාධ්‍ය බැටෑලියන් අඩු ගානෙ මේකෙ කතන්දරේ තුලනාත්මකව හරි කියන්නට උත්සාහ කරලා තියෙනවා ද?

      මේකෙන් යූඇන්පිය ඇන ගන්නවා. ඉදිරියට රනිල් මාකට් කරන්න බැරි වෙනවා විතරක් නෙමෙයි, නායකත්වයට කෙළ ගන්නා දෙවෙනි පෙළ ගොබ්බ සේනාවක් එක්ක යූඇන්පිය කුජීත වෙන්න මේක හේතු වෙන්නට පුළුවන්.

      එහි ප්‍ර‍තිඵලයක් ලෙස ඉස්සරහට එන්නෙ ශ්‍රිලනිපයේ ජාතිවාදී මධ්‍යම පංතික දේශපාලනය හා ඒකාධිපති නැඹුරුවයි.

      රනිල් දැන්වත් මේ බැඳියා පිළිගැටුම ගැන සමාව ගන්න ඕනැ. ඒත්, හානිපූරණය කරන එක නම් ලේසි නැහැ.

      Delete
    2. අපවාදයක් වෙලා තියෙන්නේ මුන්ගේ ගොබ්බ මාද්දිය නිදහස නිසා නේ.

      දැන් බලපන් චම්පික රණවකගේ වාහනේ වෙන එකෙක් ඇවිල්ලා වැදිලා මලාම ජඩයෝ හැසිරුන හැටියි, විමලයගෙ ගෙදරම කොල්ලෙක් මැරිලා හැම එකාම් හාම් හූම් වත් නැතිව ඉන්න හැටියි. මුන්ගේ ගොබ්බ කමට ඔහොම වෙලා මදි මුන්ට.

      රනිල්ට කොහොමත් අනාගතයක් නෑ... රනිල් විතරක් නෙමෙයි මේ රටේ ජනතාවත් බරිලා ඉන්නේ තානාපති කාර්යාලවලට පින් අත් වෙන්න. නැත්නම් සිරිසේනට මහින්ද එක්ක එකතු වෙන්න පුදුම ඕන කමක් තියෙන්නේ.

      රනිල්ට ගහන්නේ කව්ද. වෙන කවුරුවත් නෙමෙයි. සිරිසේනමයි.. ඒත් සිරා තාමත් විධායක ජනපති. ගේම තියෙන්නේ පොර ළඟ. රනිල් අනාථයි.

      Delete
    3. අනික හොඳට තේරෙනවා රනිල්ටත් තියෙන්නේ බල පෙරේත කම. එහෙම නැත්නම් එයාට තිබුනේ පක්ෂයේ ලොකු පෝස්ට් එකක් මෛත්‍රිට දෙන්න. ඒකට එක යූ ඇන් පී කාරයෙක්වත් ගේම අදින්නේ නෑ. දැන් ටූ ලේට්.

      Delete
    4. අයියෝ සිරසේ "බ්‍රේකින් නිව්ස්" ගණන් ගන්න එපා මෙයා.

      Delete
    5. /චම්පික රණවකගේ වාහනේ වෙන එකෙක් ඇවිල්ලා වැදිලා මලාම /

      මලා, කොල්ල මලා ද? දන්නෙත් නෑනේ, එකෙත් හැටි.

      Delete
    6. [දැන් බලපන් චම්පික රණවකගේ වාහනේ වෙන එකෙක් ඇවිල්ලා වැදිලා මලාම ජඩයෝ හැසිරුන හැටියි, විමලයගෙ ගෙදරම කොල්ලෙක් මැරිලා හැම එකාම් හාම් හූම් වත් නැතිව ඉන්න හැටියි. මුන්ගේ ගොබ්බ කමට ඔහොම වෙලා මදි මුන්ට]

      තව හෝදපන් පුක.

      Delete
    7. "එහි ප්‍ර‍තිඵලයක් ලෙස ඉස්සරහට එන්නෙ ශ්‍රිලනිපයේ ජාතිවාදී මධ්‍යම පංතික දේශපාලනය හා ඒකාධිපති නැඹුරුවයි."

      අන්න අජිත් හිතාමතාම වරද්දන තැන. එය මේ විදියට නිවැරදි වියයුතුයි.

      "එහි ප්‍ර‍තිඵලයක් ලෙස ඉස්සරහට එන්නෙ සුළුතර ප්‍රජාවන් පිළිබඳව ද සිතන ජාතිකවාදී බුද්ධිමත් ඉහල මධ්‍යම පංතික දේශපාලනය හා ඒ තේරුම් ගනිමින් ක්‍රියාකරන ශක්තිමත් පාලකයකු පිළිබඳ නැඹුරුවයි."

      පැරා දේශපාලන අතදරුවෙක් නෙමෙයිනෙ.

      - මොණරවිල

      Delete
  2. අහෝ වාමාන්සිකයෙකු ව හිටි පැරා තුමාට සිජ්ජ වෙච්චි දේ....

    රනිල් තුමා අර්ජුන් තුමාලා සමග එකතු වී කක්කා ගොඩේ ක්‍රීඩා කර අවසන ඔවුන් ව සුවඳ සබන් ගා සෝදා දැමීමට පැරා තුමා ට සිදු වීම සෝකජනකයි චමත්කාරයි පින්වතුනි!

    හොරි කසපිය ගිණි පිඹපිය...
    රනි තුමා ගොඩ දාපිය...

    ReplyDelete
  3. /රාජ්‍ය ව්‍යවසාය වැනි ක්ෂේත්‍රයක් පිළිබඳ තීන්දු තීරණ හා නිර්දේශ නිකුත් කිරීමට තරම් සුවිශේෂි හැකියාවක් මෙම ඊනියා කොමිටුවලට පත් වන පුද්ගයනට නැත./

    ඉස්සරහට කොට්ටාශ ඡන්ද ක්‍රමය ආවොත් පාර්ලිමේන්තුව පුස්සන්ගෙන්ම පිරීයාවි, ඒය හර්ශල රනිලට සහ සුමන්තිරන්ලට ආශිර්වාදයක්ම වෙන නිසා එය එසේම වනු ඇත(එයාලට චැලෙන්ජි කරන්න හැකි කිසිවෙකුත් ඉතිරි නොවෙන නිසා වෙන්). ජෙප්පෝ උඩදාන උපාධිකටුව කෙසේ වෙතත් අවුරුදු 25කවත් රැකියා අත්දැකීම් ඇති මිනිසුන්ට පමණක් මහජන නියෝජතයෝ විය හැකි ක්‍රමයක් ඉල්ලා සටන් කරන්න වෙයි.

    ReplyDelete
  4. //රනිල් මේ නාපු මඩ එයාගෙ නෙමෙයි අපේ දරුවන්ගෙ ජීවිත කාලෙවත් හෝදන්න බැරි වෙයි. අනෙක් ප්‍ර‍ශ්නෙ කවුරුද හෝදන්නේ. මහින්ද රාජපක්ෂ අඩුගානෙ මහින්ද පතිරණ හරි ඉන්නවා. මෙයාගේ මාධ්‍ය බැටෑලියන් අඩු ගානෙ මේකෙ කතන්දරේ තුලනාත්මකව හරි කියන්නට උත්සාහ කරලා තියෙනවා ද?

    මේකෙන් යූඇන්පිය ඇන ගන්නවා. ඉදිරියට රනිල් මාකට් කරන්න බැරි වෙනවා //

    කුදලාගමයෙනි, මයුරවිලයිනි, කීරාලයිනි...

    පෙර වාමාන්සිකව කල් ගෙවූ පැරකුමුවෝ වැඩවසම් හමුදායේ නියමුවානන් වන රනිලයානන් කලල ගිලෙන සඳ ගොඩ ගැනීමට පායාස දැරීම කිනම් විහිලුවක්දැ?

    ReplyDelete
    Replies
    1. කිමද විප්ලවයකින් ඇති සරණය
      නැතොත් පොදුවේ බෙදා රමණය

      Delete
    2. සගය සාරසයෙනි,

      රනිලා නම් පෙර විසු උපක ආජීවක සමය.

      ළඟ දවස රනිලා නම් ආජිවකතෙම ඒ හිරිකොත නම් දනවුවකට පැමිණ එහි වැසි වැදි පිරිස් මැද හැඳි පිලි කිසිල්ලට නඟා ආජිවක වෙසින් යහපාලන දහම දෙසමින් සිටියේ ය. එ කල ඒ ගම පැරකුමු ඇතුලු නේසා ද ජනයෝ ඔහු දැක කොල, මොහු කවුරු දැ යි ඒ ඒ දිගින් දිව අවුත් ඔහු සිසාරා විස්මයපත් ව සිට තෙපි කවුරුදැ යි විචාළහ.

      පිළිවදන් ලෙස රනිලාජීවක කියනුයේ, අන් මිනිසුන්සේ ලජ්ජා වසා පිළි නො හදුම්හ, අපි යහපාලන තපස් රක්ෂා කරම්හ, ලජ්ජාවෙන් අර්ධයක් පාලනය කරන හෙයින් අර්ධපාල නම් රහතුම්හ යි කීය. එකල පැරකුමු ඇතුලු නේසා ද ජනයෝ රහතුනි ලැජ්ජාවේ ඉතිරි අඩ පාලනය කරන්නෝ කවරහුදැයි විචාළහ. එකල රනිලාජීවක කියනුයේ ලජ්ජාවෙන් ඉතිරි අඩ පාලනය කරනුයේ අසල වූ පල්ලෙවත්තක වෙසෙන මිතුරු ගමරාල කෙනෙකු බවය.

      එතැන් පටන් මේ පැරකුමු ඇතුලු නේසා ද ජනයෝ “මොහු මහා බලවත් කෙනෙක, ලජ්ජා පමණකුත් නැත්තාහ. එසේ හෙයින් සෙසු පාපයෝ වූකලී මොහුගේ සන්තානයෙහි නැත්තාහු ම ය”යි කියා පැහැද වඳිති, පුදති, සත්කාර කෙරෙති.

      සගය සාරසයෙනි, රනිලාජීවක ශ්‍රාවක මේ පැරකුමුද තම ගුරු රැකුම පිණිස හැඳි පිලි කිසිල්ලට නඟා හැසිරෙන බව දැන් දැන් ප්‍රකටය.

      මේ පවත් මට වඩා සොඳින් කුදලාගමයන් සහ කීරාලයන් පවසනු නියතය.

      -මයුරවිල මි.

      පසු සටහනෙකි - සාරසයෙනි තොප අටවිසි බැඳුම්කර පිරිත මනහරය

      Delete
    3. සරසයෙනි,

      ඉයනයන් සහ ඉකොනොමැටිතුමන් නුදුටිමි. ඉයනයන් බවුන්වැඩීමෙහිද ඉකොනොමැටිතුමන් තම බොජුන්හලෙහි පිට්ටු තැම්බීමෙහිද නිරතවන්නේ යැයි සිතමි.

      ඇතැම්විට ඉකොනොමැටිතුමන් මුව තුළ පිට්ටු සිරවුවා වියහැක.

      - මයුරවිල මි.

      Delete
  5. රනිල් මේ සිදුවීම අරභයාත් තමන්ගේ සුපුරුදු උද්දච්ච ස්වරුපයෙ හැසිරීම නිසා කර ගත්තේ ලොකු හානියක්.මාධ්‍ය හර්ෂගෙන් අහපු ප්‍රශ්න වලට උත්තර දී ගන්න බැරුව හිනා වේවි හිටපු හැටි දැක්කානේ.අර්ජුන් මහේන්ද්‍රන්ව කෝප් කමිටුවෙන් වරදකරයෙක් කෙරුවත් නිතිය ඉදිරියේ මේක ඔප්පු කරන සැහෙන අපහසු වැඩක් වේවි.

    මේ ලිපියත් හැකිනම් බලන්න.

    ReplyDelete
  6. "අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු බැඳුම්කර සිද්ධියේ දී කර ඇති මැදිහත් වීම නෛතික ගැටලුවකට වඩා ආචාර ධර්මීය ගැටලුවකි. මහ බැංකුවේ බැඳුම්කර ගැනීමකට මහ බැංකුවේ අධිපතිගේ බෑණා ඉදිරිපත් වීම හා ඒවා ඔහු විසින් හිමි කර ගනු ලැබීම යනු බැඳියාව පිළිබඳ ගැටුමකි. බැඳියාව පිළිබඳ ගැටුමක් යනු මූලික ව ම ආචාර ධර්මීය කාරණයකි."

    හරි ෂෝක් !!! ලස්සන කතාව. එතකොට මේ "බැඳියාව පිලිබඳ ගැටුමින්" කෙනෙක් අයුතු ලාභ ලැබුවාද එයින් රජයට පාඩුවක් සිදු වුනාද නැද්ද කියන මූලික කාරණේ අමතක කරලා වැල් බයිල කියනව."බැඳියාව පිලිබඳ ගැටුම" ඔච්චර සිල්ලර කාරණයක් නම් ලෝකේ සමාගම්, බැංකු හා මුල්‍ය, කොටස් වෙළඳපල නීති වල ඔය සම්බන්ධව තියන තදබල නීති සියල්ල අයින් කරල දාන්න ඕනැ.

    මෙතන සාකච්චා වෙන්න ඕන ප්‍රධාන ප්‍රශ්ණේ මහ බැංකු බැඳුම්කර සිද්ධියෙන් රජයට පාඩුවක් වුනාද නැද්ද එයට වගකිවයුතු කවුද සහ එයින් යම් පුද්ගලයකු අයුතු ලාභයක් ලැබුවාද නැද්ද යන්න.

    රජයට පාඩුවක් වෙලාත් නැතිනම් කිසිම පුද්ගලයෙක් අයුතු ලාභයක් ලබලත් නැත්නම් කිසිම ප්‍රශ්නයක් නැහැනෙ. මේවා ලියන අපි හැමෝගෙම data නාස්තිවෙනවා විතරයි.

    භාණ්ඩාගාර බිල්පත් සහ බැඳුම්කර නිකුතු සම්බන්ධ ක්‍රමයේ දුර්වලතා තියනවා කෝප් කමිටු ක්‍රියාකාරීත්වයෙත් දුර්වලතා තියනව. නමුත් ඒවා කතා කරලා ප්‍රධාන ප්‍රශ්ණේ මගහැරීමේ උත්සාහයක් තමයි මේ පොස්ට් එක.

    ReplyDelete
  7. විගණකාධිපතිවරයා මතයක් ප්‍රකාශ කරන්නේ නිසි විගණන සාක්ෂි ඇතිව එම සාක්ෂි මත පදනම්වය. විගණනයක් සිදු කරන්නේ නිසි විගණන පටිපාටියකට සහ පෙර කරන ලද විගණන සැලසුමකටය. එම විගණන පටිපාටිය 1995 ගිණුම්කරණ සහ විගණන පණත, මුදල් පණත, මහා බැංකු ව්‍යවස්ථා හා ක්‍රමවේද සහ ශ්‍රී ලංකා ගිණුම්කරණ හා විගණන ප්‍රමිත අනුව සකස් කරනු ඇති.
    විගනකවරයාගේ මතය වන්නේ බැදුම්කර ගනුදෙනුවේදී යම් කිසි වංචාවක් සිදු කර ඇත' යන්න නම් ඔහුට විරුද්දව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට නොහැකියාවක් ඇතිය යන්න මා නොපිළිගනී. හේතුව, ඔහු එම ගනුදෙනු සම්බන්දයෙන් විශේෂඥනයකු වන බැවිනි. ඒ කෙසේ වුවද මා දන්නා තරමින් ඔහු රජයට පාඩු සිදු වන අයුරින් වැඩ කටයුතු සිදු කර ඇත්නම් ඔහුට විරුද්දව වෘත්තීය නොසැලකිලිමත්භාවය හේතුවෙන් නඩු පැවරිය හැකිය.

    " අප ඉඳිකටුව සොයමින් සිටින්නේ ආලෝකය ඇති පහන් කනුව යට ය. එහෙත් ඉඳි කටුව නැති වූයේ වෙන තැනක ය. එතන ආලෝකය නැත.පහන් කනුව ඇති තැනත් ආලෝකය නැති තැනත් ඉදිකටුව සෙවීමෙන් පලක් නැත. එබැවින් වඩා වටිනා දෙයක් සොයා අප පියමන් කල යුතුය. "


    ReplyDelete
    Replies
    1. //පහන් කනුව ඇති තැනත් ආලෝකය නැති තැනත් ඉදිකටුව සෙවීමෙන් පලක් නැත. එබැවින් වඩා වටිනා දෙයක් සොයා අප පියමන් කල යුතුය.//

      නැත සහෝදරය නැත. අප කළ යුත්තේ ඉඳිකටුව නැති වූ අඳුරු තැනට ආලෝකය යොමු කර ඉඳිකටුව සොයා ගැනීමය! අපට අවශ්‍යව ඇත්තේ ඉරුණු කමිසය මසා ගැනීමට ය. අලුත් කමිසයන් ගන්නට වත්කමක් නැති අප ඉඳිකටුව සොයන්නේ එනිසාය. පාන් බාගයක් ගන්නට අතේ පිච්චිය නැති අපට පාන් තැති නම් කේක් කාපං යැයි වැනි මේරි ඇන්ටෝනියෝ කතා නොපවසන්න. කරුණාවයි!

      Delete
  8. පැරා රනිල්ව හෝදන්න හදනව වගේ මට නං පේන්නේ.

    හඳුන්නෙත්ති සහ කමිටුවේ අයගේ හැසිරීම ගැන නං එකඟයි. හැබැයි ඉතිං මුන්ගෙන් මීට වඩා යහපත් හැසිරීමක් බලාපොරොත්තු වෙන්නෙ නෑ මම නං. දේශපාලන පක්ෂවල අයගෙන් සමන්විත කමිටුවක උදවිය තමන්ගෙ පක්ෂ න්‍යායපත්‍රය අනුව කටයුතු කිරීම පුදුමයක් නෙවේ. හඳුන්නෙත්තිලාගෙ රෙද්දෙ තුත්තිරි හොයල වැඩක් නෑ.
    වැදගත් වෙන්නෙ කමිටුව විසින් දීල තියන නිර්දේශ මොනවාද, ඒ නිර්දේශ ක්‍රියාත්මක කරන්න කටයුතු කරනවද කියන එක.

    ReplyDelete
  9. ඔතන සිදුවුණ පාඩුව ගණන් කරලා තියෙන විදිය අවුල් නේද? ඒක අවුල් බව සාමාන්‍ය අධ්‍යාපනයක් තියෙන කෙනෙකුට වුණත් තේරෙනවා. විගණකාධිපති පිස්සු කෙළිනවා. එකෙන් වෙන්නෙත් වංචාව නීතිය ඉස්සරහා දිය වී යන එක.

    මහ බැංකු ‍ගනුදෙනුවේ වංචාවක් වෙලා තියෙනවා කියන එක අපි හැමෝටම දැනෙනවා. ඒක නීතියේ හා මහබැංකු රෙගුලාසිවල ලුහු තැන්වලින් රිංගා ගොස් කරපු වැඩක්. ඒ වගේ දෙයක් මහේන්ද්‍රන්ට තනියෙන් කරන්න බැහැ. අගමැතිටත් රිදෙන්නේ ඒක නිසා.

    මහ බැංකුවේ බොන්ඩ් ඩීල් වෙන විදිය අක්‍රමවත්. ඒත් දැන් මහේන්ද්‍රන් කේස් එක අල්ලන් නටන මහින්දගේ ගෝලයෝ ටික අමතක කරනවා මේ අක්‍රමවත් ක්‍රමේටම තමා නිවාඩ් කබ්රාල් කටයුතු කළෙත් කියන එක. මහ බැංකුව යනු මූල්‍ය ප්‍රතිපත්ති පිළිබඳ වැදගත් නිර්දේශ කරන තැනක්. ඒක ආණ්ඩුවෙන් ස්වාධීනව කළ යුකු වැඩක්. දැන් උඩ පනින මහින්දවාදීන්ට අමතකයි එහෙව් විය යුතු මහබැංකුව නිවාඩ් කබ්රාල්ගේ කලෙයේ ක‍ළ වැඩ. රටවල් ගානේ ගිහින් ජෝගි නටමින් නාමල්ලා එක්ක කෝච්චි නැටුම් කළ හැටිත් මහින්දවාදීන් සිහි කර ගන්න ඕන.

    පොළි අනුපාකිකය සංවර්ධනයට දායක වන ලෙස සකස් කර ගන්න බැරි, ෆ්‍රීලාන්සර් කෙනෙක්‍ට ඔන්ලයින් කීයක් හරි හොයා ගන්න පේ පෑල් අනුමත කරන්න බැරි මහ බැංකුවක් ලංකාවේ තියෙන්නේ. මහබැංකුවේ අධිපතිගේ ඉදන් සුළු සේවකයා දක්වා ලබන අසාමාන්‍ය වැඩි වැටුප් ගැන කවුරුවත් කතා කරව්නේ නැහැ.

    අර්ජුන මහේන්ද්‍රන් මෙතෙක් පැවති මහ බැංකු ක්‍රියාපටිපාටියට අනුව කටයුතු කර ඇති බව අධිකරණයෙන් තීරණය කර ඔහු නිදොස් කර නිදහස් කරාවි. මෙතෙක් පැවති ක්‍රියාපටිපාටිය සංශෝධනය කළ යුතු බවත් නිර්සේශ වේවි.


    මහින්දවාදිනි, අර්ජඅන මහේන්ද්‍රන් එලෙස නිවරදකරුවකු වෙන ආකාරයටමයි මහින්ද නිවරදකාරයකු වන්නෙත්. මහේන්ද්‍රන් මෙන්ම මහින්දද වංචා කළ බව මහජන හදට දැනේ. මහජනහදට දැනෙන දේ නීතියට තහවුරු කර ගත නොහැකිය. යමෙකු නිවරද වන්නේ ඔහු වැරදිකරුවෙකු බව ඔප්පු කරන්නට නොහැනි වන තරමටය. මහෙන්දුන් ගැන සිතන විදියටම ඔයාලා මහින්ද ගැනත් හිතන්නකො මෙයාලා!

    ReplyDelete
    Replies
    1. //මහෙන්දුන් ගැන සිතන විදියටම ඔයාලා මහින්ද ගැනත් හිතන්නකො මෙයාලා! //

      එක්කත් ජාතික පාක්සිකයන් ගේ බැගෑපත්වීම....

      සෝදමු අපි සෝදමූ
      රනිල් ගෙ කුනු සෝදමූ
      අර්ජුන් වත් සෝදමූ
      හේනෙ මාමා පරදමූ

      Delete
    2. මේ වගේ විගනකධිපතියෙක් ඉන්නකන් දෙයියන්ගේම පිහිටයි.
      ඉල්ලුම සැපයුම කියන බේසික් එකවත් දන්නේ නැති හරකෙක්. මූල්‍ය වෙළඳපල මූලධර්ම ගැන තව කවර කතාද. යූඑන්පී එක ලස්සනට ගේම දීල තියෙනවා. දැන් බලමුකෝ නඩු ගියාම වෙනදේ.

      Delete
    3. විගණකාධිපති තනියෙන් මේ විගණනය කරලා වාර්තාව හදනවා නෙමේ. මේකට තව ගොඩක් අය සම්බන්දවෙලා තමයි විගණනය කරන්නේ. වාර්තාව කීප දෙනෙකෙන් අධීක්ෂණය කරලා තමයි ඉදිරිපත් කරන්නේ. ඔබ කියන ඉල්ලුම සැපයුම නියාය නොදන්නවා කියන එකට මම එකග නෑ. මොකද ඔහු වරලත් ගණකාධිකාරිවරයෙක් නිසා.

      Delete
    4. අඩුගානේ ඔය විගනකාදිපති කියන පාඩුව ගණන් බලල තියෙන්නේ කොහොමද, පාවිච්චි කරපු සමීකරණ මොනවද කියල දන්නවද? මම කියල දෙන්නද? ඉල්ලුම සැපයුම පිලිබඳ මූලික දේ අමතක කරලා තියෙන්නේ කොහොමද කියල? ගණකාදිකාරී වුන පලියට මූල්‍ය වෙළඳපල පිලිබඳ දැනුමක් තියෙනවා කියලද කියන්නේ. සම්පූර්ණ වෙනස් දෙකක්නේ.

      Delete
    5. ඇත්තටම, මම ඒ පාඩුව ගණන් බලලා තියෙන ආකාරය දන්නේ නෑ. මොකද මට ඒක බලන්න හම්බුවෙලා නෑ. ඔබ ලග එම පාඩුව ගණන් බැලු ආකාරය සම්බන්ධ දේවල් පවතීනම් මටත් බලන්න ලින්ක් එක එවන්න. ස්තුති.

      Delete
  10. http://chapabandara.blogspot.com/2016/10/blog-post_30.html?spref=fb

    ReplyDelete
    Replies
    1. මෙහෙමයි අපේ මහින්දවාදී සහෝදරයා, ඔතන චාපා කියන දේ තුළ තිබෙන්නේ මොන වගේ පදනමක් ද කියා අපි බලන්න ඕන. චාපා හර්ෂාගේ අදහස කියවන්නේ පෞද්ගලික කාරණයක් හැටියට. ඒ පෞද්ගලික කාරණය පොදු කාරණයක් කරන්න ඔහු තවරන අයිසිං ටික තමා ලිපියේ අන්තිම පේළි කීපය වෙනකම් තියෙන්නේ. චාපාගේ ඇත්ත ප්‍රශ්නය මතු වෙන්නේ අන්තිමට. චාපාගේ දේශපාලනයේ පදනම දිගු කාලීන ව සිංහල ජාතිකවාදය. වර්තමානයේ චාපා ක්‍රියාත්මක වන්නේ රනිල් විරෝධය මත. චාපාට රනිල් ගැන තියෙන ආසාත්මිකතාව කෙතරම් ද කියනවා නම් රනිල් කලිසම උස්සන හැටි, කෝට් එක හදා ගන්න හැටි වගේ අදේශපාලනික කාරණත් චාපාට දේශපාලන සංවාදවල දී වැදගත් කාරණ. අනෙකාගේ දේශපාලනය පෞද්ගලිකව කියවන චාපාට හර්ෂා පවසන දෙය සංවේදනය වෙන්නෙත් පෞද්ගලික කාරණයක් විදියට. කුකුල් කොටුව නෙවෙයි හර්ෂාගේ කතාවේ සාරය. ඒත් චාපාට ප්‍රධානව අහුවෙන්නේ කුකුල් කොටුව. ඒ ඇයි කියන දේ විග්‍රහ කරන්න ගියොත් අපිත් චාපාගේ මට්ටමට වැටෙනවා. මොකද මැක්සීස් ගැන කතා කරන්න වෙන නිසා. ඒක නිසා අපි දේශපාලනික පදනමක් නැති චාපාගේ ලියුම නොකියවා ඉමු නේද මහින්දවාදී සහෝදරයා?

      රනිල් ගැන අපිට මේ වෙලාවේ ප්‍රශ්නයක් තියෙනවා. රනිල් එයා වෙනුවෙන් හිටපු ප්‍රගතිශීලී ජනතාව නොසලකා කටයුතු කර දැන් ගම කාගෙන ඉන්නෙ. අපි ඒකට එයත් එක්ක නොට් ඉන් ගුඩ් ටර්ම්ස්. ඒත් රනිල් එක්ක තරහට මහින්දව බලයට ගේන්න අපිට ඕන නැහැ. ඉඟුරු දීලා මිරිස් ගන්න අපි ඉන්නේ 17 වන ශතවර්ෂයේ නෙවෙයි. ඒ වගේම අර වමත් කාලා, දකුණත් කාලා දැන් 17 ක් එක්ක ගිහින් අගමැති වෙන්න සිහින මවන එක්කෙනා ගැනත් අපි දන්නවා හොඳට. රනිල් දැන්වත් මමයි රජා, සියල්ල දත් සන්ජේ දත් මානසිකත්වයෙන් මිදිලා තමන්ට කෙළවුණු බව අවංකව පිළිගන්නවා නම් අපි තව එක චාන්ස් එකක් එයාට දෙනවා. ඒත් රනිල් එයාව බලයට ගෙනාපු, දැඩි අවදානමක් දරමින් එයා වෙනුවෙන් පෙනී හිටපු ප්‍රගතිශීලී ජනතාව ගැන විස්වාසය තියනවට වඩා උපුල් ජෝශප් පන්නයේ වන්දිභට්ටයන් ගැන විශ්වාසය තියන බවයි පෙනේනේ. ඒක රටේ අවාසනාවක්. මේ වෙලාවේ රනිල් විශ්වාසය තබන්න ඕන එයා ගැන සාධනීය විවේචනයක් කරන ප්‍රගතිශීලීන් ගැනයි. මහින්ද සුනාමි ආධාර ගැන ක්‍රියාකරපු විදිය වැරදියි කියන්න මහින්දවාදීන්ට බැරි වුණාට රනිල් මහබැංකු බැඳුම්කර ගැන ක්‍රියාකරපු විදිය වැරදියි කියන්න අපිට පුළුවන්. මොකද අපි රනිල්වාදීන් නෙවෙයි. අපි ප්‍රජාතන්ත්‍රවාදීන්. ප්‍රජාතන්ත්‍රවාදය සඳහා කරන අරගලයේදී අපට ඉතුරු වෙලා ඉන්න වැඩක් ගත හැකි නායකයා රනිල්. රනිල් එක්ක අපිට තියෙන සම්බන්ධය එච්චරයි.

      මහින්දවාදී සහෝදරයා ගොඩක් චූන් වෙන්න එපා මේ බොන්ඩ් කේස් එකෙන්. තවම රනිල් විරෝධය මහින්ද වාදයක් වෙලා නැහැ. එහෙම වෙන්න අපි ඉඩ දෙන්නෙත් නැහැ.

      Delete
    2. ඇත්තෙන්ම සිංහල ජාතිකවාදයට වඩා නිවැරදි සිංහල ජාතිවාදය කිව්වොත්. ජාතිකවාදයක් සිංහල, දෙමළ වගේ වීම ඵෙතිහාසිකව වැරදියි. ලාංකික ජාතිකවාදය වගේ දෙයක් හදා ගත්තා නම් මහින්දවාදී සහෝදරයලාට ටිකක් හරි පදනමක් එනවා. මොකද ලෝක යුද්දයෙන් පස්සේ යුරෝපා සිතියම නැවත ඇදීමට ජාතික රාජ්‍ය බිහි වීමවත් ඈඳ ගනින තිබුණ.


      කෝ මේ පැරා? 17 අරන් ගිහින් අගමැති වෙන්න කරන කුමන්ත්‍රණය ගැන අදහසක් දක්වන්න පැරා.

      Delete
    3. මෙහි ප්‍ර‍තිඵලයක් ලෙස ඉස්සරහට එන්නෙ සුළුතර ප්‍රජාවන් පිළිබඳව ද සිතන ජාතිකවාදී බුද්ධිමත් ඉහල මධ්‍යම පංතික දේශපාලනය හා ඒ තේරුම් ගනිමින් ක්‍රියාකරන ශක්තිමත් පාලකයකු පිළිබඳ නැඹුරුව.

      ඒක යහපත් ප්‍රවණතාවයක්.

      Delete
  11. Those days those in power found it easy to cope with COPE.
    Nowadays there seem to be some hope for COPE.

    ReplyDelete
  12. නීතිය මඟින් තහවුරු වුණත් නැතත් මහබැංකු බැඳුම්කර ගනුදෙනුවේ දී අකටයුක්තක් වූ බවත් එයට කේම්බ්‍රිජ් ටෙරස් හාදයා ගෑවී ඇති බවත් අපට පැහැදිලි ය. එසේ නම් මෙම වංචාව මත පදනම් ව කේම්බ්‍රිජ් ටෙරම් හාදයා සහ මේ ආණ්ඩුව වහා ගෙදර යැවිය යුතු ද?

    මගේ අදහස නම් මේ මොහොතේ කිසිසේත් නැත යනු යි. පසු ගිය වනචර දසකයේ දී සිදු වූ දේ අප අමතක කළ යුතු නැත. රාජපක්ෂ රාජාණ්ඩුවට වඩා නම් මේ ආණ්ඩුව හොඳ ය. හොඳ යනු සාපේක්ෂ සංකල්පයකි.

    කේම්බ්‍රිජ් ටෙරස් හාදයා ගෙදර යවා එතැනට ගෙන එන්නේ කවුරුන් ද? රාජපක්ෂ බකතපස් උන්නැහේ ද? ලංකාව යනු සිංහල මහා ජාතිය පමණක් බව සිතා සිටින ගෝඨාභය විරුවා ද? නැති නම් කිසි ම දෙයක් ගැන අවබෝධයක් නැති ප්‍රෙමදාස පුතණුවා ද? නැති නම් ජාතික ඇඳුමට සැඟ වී සිටින ජයසූරිය පුස්සා ද? කේම්බ්‍රිජ් ටෙරස් හාදයා ගෙදර යවා ඔය කවුරු එතනට ගෙන එන්නේ වුව සිදු වන්නේ මේ රට යළි ජාතිවාදී, ආගම්වාදී, වර්ගවාදී, ගෝත්‍රවාදී අශිෂ්ටත්වයකට පසුගමන් කිරීමකි.

    අපට විකල්පයක් නැත. කේම්බ්‍රිජ් ටෙරස් හාදයා යනු මහ ගන වනන්තරයක තේක්ක ගසක් නො වේ. තේක්ක, බුරුත, නැදුන් ගස් තිබෙන මහ ගන වනන්තර නැති ලංකාවේ දේශපාලන කාන්තාරයට කේම්බ්‍රිජ් ටෙරස් හාදයා වැනි පතොකක් ද මහා සම්පතකි. එනිසා එම පතොක රැක ගැනීම මේ මොහොතේ කළ යුක්තකි.


    පසු ගිය රාජාණ්ඩුව පන්නා දමා මේ ආණ්ඩුව බලයට ගෙන ඒමට වැදගත් කාර්යයක් කළ අජිත් වැනි අය ආණ්ඩුවේ ගොන් වැඩ විවේචනය කළ යුතු ය. එහෙක් එම විවේචන මේ ආණ්ඩුව පන්නා දමා යළි රාජපක්ෂ රාජාණ්ඩුවක් ගෙන ඒමට බලා සිටින අයට උඩ ගෙඩි දීමක් නො විය යුතු ය.

    විකල්පයක් නැත. මේ ආණ්ඩුව හදා ගෙන තව ටිකක් ඉදිරියට යමු.

    ReplyDelete
    Replies
    1. ඔබ කියන දෙයට එකඟ ය. එහෙත්, සොරකු නො වන්නට සියලු පසුබිම් හිමි ඔය කේම්බ්‍රිජ් ටෙරස් හාදයා හොරකම්වලට පැටලෙන එක තේරුම් ගන්නා එක පහසු නැත.

      එසේම, මෙවැනි අවස්ථාවකදී දේශපාලනය කරන එක ද පහසු නැත.

      අඩු ගණනේ සමාව ගන්නට හෝ සූදානමක් නැති උද්ධච්ඡයන්ට කවදා හෝ පාඩමක් උගැන්විය යුතු ය.

      Delete
    2. // ඉස්සර මං ඕකුන්ව වාහන හයර් කරගෙන මැච්වලට එක්කගෙන යනවා. මුලින් සල්ලි ටික එකතු කර ගත්තෙ නැතිනම් උන් කඩචෝරු කාාලා හවසට අපේ කොණ්ඩෙ කපනවා. මං සෑහෙන්න අතින් කාලා හරක් බලලා තියෙනවා. උන් නම් සෙල්ලම් කරනවා. තල නම් තෙලට වේලේ - මීබෙටි කුමට වේලේ කියලා මං වැඩේ අතෑර දැම්මා.//

      // අඩු ගණනේ සමාව ගන්නට හෝ සූදානමක් නැති උද්ධච්ඡයන්ට කවදා හෝ පාඩමක් උගැන්විය යුතු ය. //

      මතුගම් මානවකයන් හට සිප් කෙරුමින් පාඩම් ඉගෙන එය අතහැරි පැරකුමුවෝ රජවාසල පෙරැවි එඩ්මන්ඩුවන් ගේ පුත් චත්ත මානවකට සිප් දෙන්නට යෑම ගැටලු සහගතය.....

      Delete
    3. ජීවිතය ගැන අපෙන් උපදෙස් ගත්තා නම් ඔහොම වෙන්නේ නැත.

      අපට කෙතරම් තරහකරුවන් සිටියත් එකෙකුටවත් අපගේ චරිතය සම්බන්ධයෙන් කිසිම හරවත් චෝදනාවක් කරන්නට පුළුවන් වී තිබේ ද යන්න විමසා බලන්න.

      එහෙම වී තිබෙන්නේ අප ජීවත් වූ ආකාරය නිසා ය.

      ගුරුවරයාට වඩා දේශපාලකයා ලොකු ය, එඩ්මන්ඩුවාගේ පුතා නිසා එයා ක්ලැසික් ය ආදී කාරණා කොයි තරම් ව්‍යාජ ද යන්න ගමේ ඉස්කෝලෙ මහත්තයෙකුට හා ඉස්කෝලෙ හාමිනේ කෙනෙකුට දාව උපන්, ගමේ ඉස්කොලෙකට ගිය දුප්පතකු වන මම සොරකු නො වී සිටීමෙන් හා රිදී හැන්ද කටේ ගහගෙන උපන් රෝයල් පොරවල් හොරකමේ යාමෙන් පෙනේ.

      ඔය වගේ රදළ කතා ධනවාදයේ මේ යුගයේදී අතාර්කික වී හමාර ය.

      Delete
    4. // ගමේ ඉස්කෝලෙ මහත්තයෙකුට හා ඉස්කෝලෙ හාමිනේ කෙනෙකුට දාව උපන්, ගමේ ඉස්කොලෙකට ගිය දුප්පතකු වන මම සොරකු නො වී සිටීමෙන් හා රිදී හැන්ද කටේ ගහගෙන උපන් රෝයල් පොරවල් හොරකමේ යාමෙන් පෙනේ. //

      දැන් මොකද්ද ඒ රෝයල් පොර කොලැයි කියන හොරකම???

      මිස්ටර්ට් ක්ලීන් ට අබූත චෝදනා කොරන්න එපා පැරාතුමා!!

      Delete
    5. @ Anonymous October 31, 2016 at 1:07 PM

      "වනචර දසකයේ දී සිදු වූ දේ අප අමතක කළ යුතු නැත."

      මහින්ද රාජපක්ෂ පාලනයේ අවසාන වසර වන 2014 වසර සඳහා වන මහ බැංකු වාර්තාව ප්‍රකාශයට පත් කළේ අර්ජුන මහේන්ද්‍රන්ය. එහි අන්තර්ගතය අනුව නම් මහින්ද රාජපක්ෂ අර්ජුන මහේන්ද්‍රන්ට දැවැන්ත අල්ලසක් දුන්නාදැයි බරපතල සැකයක් මතුවේ.

      "වනචර දසකයේ දී සිදු වූ දේ", "රාජපක්ෂ රාජාණ්ඩුව", "ජාතිවාදී, ආගම්වාදී, වර්ගවාදී, ගෝත්‍රවාදී අශිෂ්ටත්වය" වගේ වචන තවදුරටත් තොරොම්බල් කළ නොහැක. ගොබෙල්ස් තියරිය රාජපක්ෂට අදාලව කොතරම් යෙදුවත් නැවත නැවත අසාර්ථක වන ආකාරය කවරකුගේ හෝ ආචාර්ය නිබන්ධන මාතෘකාවකට ඉතා සුදුසුය.

      "විකල්පයක් නැත. මේ ආණ්ඩුව හදා ගෙන තව ටිකක් ඉදිරියට යමු."

      කිසිවක් අවශ්‍ය නැත. කඩිනමින් පළාත් පාලන චන්දය නව ක්‍රමයට නොහැකිනම් පැරණි ක්‍රමයට පවත්වා බලන්න.

      විකල්පයක් ඇති බවත්. මේ ආණ්ඩුව හදා ගෙන තව ටිකක් ඉදිරියට යාම වෙනුවට විකල්පය තෝරාගැනීමට ජනතාව තීරණය කර ඇති බවත් පැහැදිලි වනු ඇත.

      Delete
    6. රනිල් මේ සිද්ධියට කෙලින්ම සම්බන්ධය, මේක නිසා රනිල්ට මූල්‍යමය වාසියක් උනාය කියන එක ඔප්පු කරන්න කිසිම ශාක්ෂියක් ගියෙනවද පැරා... මමනම් හිතන්නෙ නෑ ලන්කාවෙ රනිල් විරෝදී ගොබ්බ ශ්‍රීලන්කාකාරයො ඇරෙන්න වෙනින් කවෘවත් රනිල්ට 'හොරා' කියන්න මේක පාවිච්චි කරයි කියල

      Delete
    7. @ capitalist alias syphilis

      රනිල් ගැන කෝප් වාර්තාවේ කොහෙවත් සඳහන් වෙන්නෙ නැහැනෙ. ඉතිං දැන් මොකෝ මේ තමුන්නැහැත් අනිත් පො.පො. (පොනිල්ගෙ පොයියො) ටික වගේ අර පුහුල් හොරා කතාවෙ වගේ උරඉස්ස පිහින්නෙ?

      නම capitalist වුනාට වැඩ හිඟන වගේ පේන්නෙ. ඈ syphilis උන්නැහැ නරකද සිරිකොත ගේට්ටුව ගාව හිස් ටින් එකක් අරං හිටගත්ත නං.

      හැබැයි රජෝ එහෙට යන අය ටින් එකට දාන දෙයක් ගන්න. 5000 කොළයක් බිමට වීසිකළත් ගන්න නම් නැවෙන්න එපා.

      Delete
  13. // වැලිපාරවල හොර ගමන් යන්නෝ පිය සටහන් නො තබන්නට වග බලා ගනිති. අර්ජුන මහේන්ද්‍රන් නීතිය මඟින් නිදොස් කර නිදහස් කෙරෙනු ඇත. එහෙත් මානව චිත්තයේ යම් ගැඹුරු තැනෙක සැඟ ව ඇති හෘදය සාක්ෂිය නම් හැඟුමක් විසින් මේ ගනුදෙනුවට සම්බන්ධ පුද්ගලයනට දිවි ඇති තුරා දඬුවම් කරනු ඇත. එම දඬුවමේ වේදනාව වැඩිපුර ම දැනෙනු ඇත්තේ දශක හතරකට වැඩි කාලයක් මූල්‍ය පාරිශුද්ධත්වයක් රැක ගෙන පැමිණි අගමැති වික්‍රමසිංහට ය. ඔහුට අත් වූ ඛේදනීය ඉරණම පිළිබඳ මම ද කනගාටු වෙමි. //

    // දහස් වරක් පවසනු ලැබූ දෙයක් අවසන යළිත් පවසමි. අප ඉඳිකටුව සොයමින් සිටින්නේ ආලෝකය ඇති පහන් කනුව යට ය. එහෙත් ඉඳි කටුව නැති වූයේ වෙන තැනක ය. ඉඳි කටුව නැති වූ තැනට ඔබගේ ඥානාලෝක කදම්බය යොමු කරන්න. අප ඉඳි කටුව සෙවිය යුත්තේ එය නැති වූ තැන ය. //

    පැරාතුමාට මේක ලියලා එව්වේ ආදර අංකුර ලිව්ව සමන් ආතාවුදහෙට්ටි ද? හරිම ලස්සනට කාව්‍යොක්ති පාවිච්චි කරලා ව්‍යංගයෙන් කියන්න ඕන දේ කියලා තියෙනවා. පැරාතුමාගේ බ්ලොග් එකේ භාෂාව නම් දැන් නැඟලා ගිහින් තියෙන්නේ මොනව වුණත්.

    පැරාතුමාම ලිව්වද දන්නෙත් නැහැ!

    ReplyDelete
    Replies
    1. // එම දඬුවමේ වේදනාව වැඩිපුර ම දැනෙනු ඇත්තේ දශක හතරකට වැඩි කාලයක් මූල්‍ය පාරිශුද්ධත්වයක් රැක ගෙන පැමිණි අගමැති වික්‍රමසිංහට ය. //

      අධෝමුකේ රැක ගන්න බැරිවෙච්චි එකා මූල්ය පාරිශුද්ධත්වයක් රැකගත්තා වගේ....

      Delete
    2. සරසා තුමා කොහොමද රවිසිංහගේ අධෝමුකයේ අපරිශුධත්වය ගැන එච්චර විශ්වාසයෙන් චෝදනා කරන්නේ ?

      Delete
    3. // සරසා තුමා කොහොමද රවිසිංහගේ අධෝමුකයේ අපරිශුධත්වය ගැන එච්චර විශ්වාසයෙන් චෝදනා කරන්නේ ? //

      ඔයි ස ර ස තුමා කියන හාදයා කොරතොත් කොරන්නේ අතේ පත්තුවන අමූලික චොදනා හිටන්!

      Delete
  14. වැඩිය දේශපාලනේ තේරෙන්නෙ නැති නිසා අහන්නෙ දැන් වැරදි කාරයො ජෙප්පොද

    ReplyDelete
    Replies
    1. මටත් නිකං අන්තිමට හිතුනේ අර්ජුන්ලා, රනිල්ලට වඩා වැරැද්ද කරලා තියෙන්නේ ජෙප්පෝ කීයලා. ඒ ටෝන් එකෙන් තමයි පැරා ලියලා තියෙන්නේ. සුජීව සේනසිංහගේ පොත කියවලා තියෙනවද..

      Delete
    2. ලියන දේ කියවලා අදහස් පළ කරන්න අරුණ. මේක ලිව්වෙ මම නෙමෙයි කියන එක ලිපියේ උඩින් ම සඳහන් කරලා තියෙනවා.

      මේක කමෙන්ට් එකක් විදියට දාපු තැනට ගිහින් බලන්නත් පුළුවන්.

      Delete
    3. ඒ ටෝන් එකෙන් තමයි පැරාගේ පාඨකයා ලියලා තියෙන්නේ කියා නිවැරදි විය යුතුයි. දැන් හරිද..

      Delete
    4. හරි. සතුටු වෙන්න.

      Delete
    5. පොනිල් කටේ නරි වාදං
      රෙද්ද පල්ලෙ දැන් බේරෙං
      ඉතිං පැරා උඹ නාඩං
      උඹට මේව හොඳ පාඩං

      Delete
  15. මා මේ මහ බැංකු මූල්‍ය ගණුදෙණුව ගැන මූලාශ්‍ර වාර්තා හෝ කෝප් වාර්තාව හෝ කියවා නෑ.

    මට ඇති ප්‍රශ්නය නම් බිලියන විස්සක ණය සපයා, පර්ෆෙචුවල් සමාගම එක වසරක් තුළ ඔය කියන තරම් ලාබයක් ලබාගන්නේ කෙලෙසද කියායි. ඔවුන් ගේ ලාබය යනු මහබැංකු බොන්ඩ් සඳහා ලැබෙන පොළියෙන් වානිජ බැංකුවලින් හෝ අන් අරමුදල්වලින් ණයට ගත් මුදල්වලට ගෙවන පොලියෙන් පසු ඉතිරිවෙන මුදල නේද?

    ReplyDelete
  16. අන්න ජහපාලන පොයියනේ අද ඉඳන් ගෝල්ඩ්ලීෆ් එකක් රුපියල් 50 යි. දැන් සනීපද? දැන් ජහපාලන පාණ්ඩුව බැඳුම්කර පාඩුව වහගෙන දුවන්න හදන්නේ සිගරැට් අරක්කු වලින් වගේ.

    ReplyDelete

  17. ජනවාරි 8 විප්ලවයක් යැයි කියා ගනිමින් එදා පැවති රජය වෙනස් කරමින් යහපාලනය රජය බලයට පත් වුයේ හොරු අල්ලනට සපත කරමින්ය.
    පත් වී වැඩි කල් යන්නට පෙර හොරු ඇල්ලම සදහා FCID නමින් ආයතනයක් ද පිහිටුවීය.

    මේ අතර ශ්‍රි ලංකාවේ වැදගත්ම මුල්‍ය ආයතනය වන මහා බංකුවට අර්ජුන් මහෙන්දාාන් නැමති සිංගප්පුරු ජාතිකයා පත්වන්නේද ඊට ටික කලකට පසු මහා බැංකුවේ මහා බැඳුම්කර වංචාවක් සිදුවන්නේ යහපාලන සියලු මූලධර්මනට පිටුපාමිනි.

    රටේ විපක්ෂය නිහඩ මොහොතක රටේ මිනිසුන්ට රටට ආදරය කරන එකාබද්ධ විපක්ෂය මෙම සිද්ධිය සමාජගත කිරිමේ ප්‍රතිඵලයක් ලෙස දැඩි විරෝධතා හමුවේ මහා බැංකුවේ අධිපතිවරයාගේ සේවා කාලය තව දුරටත් දීර්ඝ නොකරන ලදි.

    දිගින් දිගටම කරන ලද වවේචන හමුවෙි උවද මහ බැංකු අධිපතිවරයා තව දුරටත් රටේ වැදගත් තනතුරු දරමින් රට තුල සේවය කරන්නේ රටේ අගමැතිවරයා ගේ ආරක්ෂාව යටතේ බව ඔනම අයෙකුට තේරෙන කරැණකි.

    ප්‍රාදේශීය සභාවට කොඩි කණු ලබා දීම වැනි සිද්දීන්වලට බැසිල් රාජපක්ෂ ඇමතිවරයා හීරේ යද්දි මහ බැංකුව මංකොල්ල කෑ අධිපතිවරයා අධිකරණය, FCID, තියා පොලිසිය ට වත් නොයන්නේ මේ රටේ නීතිය ඔහුට වලංගු නොමැති නිසාද එසේත් නැත්තම් රටේ ඉහලම පුටුවෙි සිටින අගමැතිවරයාගේ ගජයෙක් නිසාද දන්නේ නැත.

    රටේ අහිංසක ජනතාවගේ මුදල් මංකොල්ල කමින් තමන්ගේ බෑනාගේ මුල්‍ය අයතනය රටේ විශාලතම ව්‍යාපාර පරදා ලාබ ලබද්දී රටේ මුදල් ඇමතිවරයා කියන්නේ 'රාජපක්ෂ ණය' ගෙවනවා යනුවෙනි. වැඩබිමක්ව තිබු රට මුඩු බිමක් කරමින් රාජපක්ෂ පවුලේ නම් කියවමින් සිටිනවා හැරෙන්නට මේ අවුරුදු දෙකකට ආසන්න කාලයක් මේ යහපාලන ආණ්ඩුව කල දෙයක් නැත.

    කෝප් කමිටුව හරහා මේ වංචාව කරලිය දෙවනත් කරද්දී සාධාරණ සාමාජ වෙනුවෙන් පෙනි සිටී NGO නඩද රටේ විධායකය ද මෙලො දෙයක් නොව ලෙස සිටින්නේ නියම හොරැන් ආරක්ෂා කරන්නේ අපි යැයි පනිවිඩය රටට ලබා දෙමින්ය.

    පසුගිය කාලයේ රටේ හොරු ඇල්ලිමට අමිල මෙහෙවරක් කල රන්ජන් රාමනායක ප්‍රමුඛ රහස් පරික්ෂක ජාලයට කෝප් වාර්ථාවෙන් මෙම සිදුවිම එලියට එනතුරු සොයාගත නොහැකි විය.

    රටේ ජනතාවගේ මුදල් කොල්ල කමින් තමන්ගේ පුද්ගලික බුදලය තර කරගනිමින් අහිංසක මිනිසුන්ට තව තවත් බර පටවමින් බදු සංශෝධන නොවැම්බර් පළමු වෙනිදා සිට ක්‍රියාත්මක වෙන විට යහපාලනයට චන්දය දුන් සමහරු තුෂ්නිම්භුත වි සිටිති.

    මේ මහා බැංකුවේ ඉතිහාගත බැදුම්කර මගඩියට සෘජුවම වගකිව යුත්තේ රටේ මුල්‍ය පාලනය කරන අගමැතිවරයා සහ මුදල් ඇමතිවරයාය. ඔවුන් මෙම සිදුවිම ගැන රටට කිසිවක් නොකියන්නේ නම් ඔවුන් කරන්නේ රටේ ජනමතයට පයින්ගැසිමක් විනා වෙන කිසිවක් නොවෙි.
    යහපාලනය කරන්නට රට බාරගත් මේ කම්බ හොරැන් කරනා වංචාව රටේ ජනතාව අවබෝධ කර ගැනිම මේ අවස්ථාවෙි ජාතියක් ලෙස වැදගත් කරුණකි.

    මේ සා රටේ මුදල් කොල්ල කමින් රට අගාධයකට ගෙනියන මේ යහපාලනය ආණ්ඩුවට ජනතාව ලෙස අපට කියන්නට ඇතතේ ඉල්ලා අස්වි ගෙදර යන්නට කියා පමණි.

    ReplyDelete
    Replies
    1. // මේ සා රටේ මුදල් කොල්ල කමින් රට අගාධයකට ගෙනියන මේ යහපාලනය ආණ්ඩුවට ජනතාව ලෙස අපට කියන්නට ඇතතේ ඉල්ලා අස්වි ගෙදර යන්නට කියා පමණි. //

      Amen!

      Delete
  18. විගනකාදිපතිගේ ලාබ පාඩු ගණන් හැදීම වැරදි වෙන්නේ ඇයි? (ගණන් නොතේරෙන කෂ්ටිය කොමෙන්ට් නොකරත්වා)
    ===============================================

    මුලින්ම මෙන්න මේ සමීකරණේ පාවිච්චි කරලා ගාන හදලා බලන්න.
    http://www.moneychimp.com/articles/finworks/fmbondytm.htm
    C(1+r)-1 + C(1+r)-2 + C(1+r)-3+ ….+ C(1+r)-Y + B(1+r)-1 = P

    විගනකාදිපති කරලා තියෙන්නේ හරිම සරල(වැරදි) ගණනය කිරීමක්.
    වෙන්දේසි කැඳවපු බිලියන 1 සඳහා (වඩාත් නිවැරදිව බිලියන 1.402) වෙන්දේසියේදී ලැබුණු පොලි අනුපාතය 10.47%.
    ඉල්ලුම සැපයුම පිලිබඳ අබමල් රේණුවක දැනුමක් තියෙනවනම් ඉල්ලන ගාන වැඩිවෙනවිට පොලිය ඉහල යනබව පිළිගන්න ඕනේ.
    cont...

    ReplyDelete
  19. (සමීකරණය විසඳලා බැලුවොත් තේරෙයි විගනකාදිපති කියන ඔය පාඩුව වෙන්න බිලියන 1.402 ට වඩා වැඩිවෙන සැම රුපියලක්ම 9.48% පොලියට ලබාගන්න තිබුන කියල විගනකාදිපති උපකල්පනය කරල තිබුන බව. 9.48% කියන්නේ bid price එක 118ට ආසන්න ගණනක්. මේක තමයි යූඑන්පී මන්ත්‍රීවරුත් පෙන්නලා දුන්නේ. එකට එරෙහිව විගනකාදිපතිට තර්කයක් තිබුනේ නැහැ.)
    වෙළඳපොල ඇත්ත පොලී අනුපාතය වෙන්දේසියේදී පිළිඹිබු වෙලා තියෙනවා. අපිට කියන්න පුළුවන් එකම දේ තව වැඩි ප්‍රමාණයක් සඳහා ඉල්ලුම් කලොත් තවත් පොලිය ඉහල යනවා කියන එක විතරයි. පාඩුවක් හෝ ලාබයක් ගණන් හදන්න බැහැ. පාඩුවක් වෙන්නත් පුළුවන්. මහින්දගේ වීඩියෝ එකේ තර්කය පිළිගන්නවානම් ලාබයක් වෙලා තියෙන්නත් පුළුවන්. බිලියන 1 විතරක් දැන්වීමේ දාපු එක වැරදියි. නමුත් එයින් රජයට පාඩුවක් වෙනවා කියන තර්කය මහින්දලගේම වීඩියෝ එකේ කියන දේවල් වලින් බිඳ වැටෙනවා.
    cont...

    ReplyDelete
  20. මට කියන්න ඕනේ ඕක නෙමෙයි. විගනකාදිපතිගේ සෙල්ලම ගැන.
    මේ මනුස්සය කරලා තියෙන්නේ පාඩුව ගණන් බැලීමේදී බිලියන 1.402 ට අමතරව ගත්තු සියලුම මුදල් සඳහා නැවත 9.48% කියන තමන් කොහෙන්ද හොයාගත්තු ගානක් මත පදනම්වෙලා ගණන් හැදීමයි. අඩු ගානේ බිලියන් 1.402 ට ලැබුන පොලිය වන 10.47% මත පදනම් වෙලා ගැන හැදුවනම් තව සාධාරණයි කියන්න තිබුන. තනිකර කොලේ වහල ගැහිල්ලක් කරලා තියෙන්නේ. දැන් විගනකාදිපති හිතන්නේ බිලියන 10ම වෙන්දේසි දැම්මමනම් බිලියන 1.402 ටපස්සේ ආපහු පොලිය 9.48% ට බහිනවා කියලද? අන්න එක තමයි කියන්නේ විගනකාදිපතිට ඉල්ලුම සැපයුම ගැන මෙලෝ දැනීමක් නැහැ කියල. නැතිනම් කාගේ හරි කොන්තරාත් එකක් කරනවා වෙන්නත් පුළුවන්. ඒත් කුමන්ත්‍රණ කතා කියන එකෙන් වැඩක් නැහැ. රජය දැනගන්න ඕනේ එහෙම කුමන්ත්‍රණයක් තියේනම් නිසි පියවර ගන්න.
    සරලම දේ මේකයි. රිපෝර්ට් එකේ කියන ගණන් හිලව් ඉතින් සාමාන්‍ය මිනිස්සු පිලිගත්තට මූල්‍ය විශේෂඥයෙක් දාල ස්ටඩි එක කරලා පෙන්නුවාම උසාවිය පිළිගන්නේ නැහැ.
    ඉතින් යූඑන්පී මන්ත්‍රීන්ගේ තර්කය ඉතාම සාධාරණයි. පමණක් නොවෙයි, උසාවියේදී නිකන්ම ඔප්පු වෙනවා ඔය කියන පාඩුවේ ගණන් හැදීම වැරදි කියල.
    හැබැයි ඔතන ප්‍රශ්නයක් තියෙනවා. ඒක රජයට ලාබද පාඩුද හෝ මහා බැංකුවේ ප්‍රශ්නයක් නෙමෙයි. PT එක සහ EPF ETF ඇතුළුව ප්‍රයිමරි දීලර්ස්ලාගේ Conduct එක පිලිබඳ ප්‍රශනයක්. යූඑන්පී අය ෆොරෙන්සික් ඉන්වෙස්ටිගේෂන් එකක් ඉල්ලන්නේ ඒකයි.

    ReplyDelete
  21. හෙළි කර තිබෙන තවත් වැදගත්ම කරුණක් වන්නේ පවතින හදිසි ණය අවශ්‍යතාවය ඇතුළු සියලු කරුණු සලකා බලමින්, ටෙන්ඩර් කමිටුව තීරණය කර තිබී ඇත්තේ, රුපියල් 260 කෝටි 80 ලක්‍ෂයක ණය මෙම බැඳුම්කර වෙන්දේසිය මඟින් ගැනීම ය. "විවිධ වූ විශ්ලේෂණයන්ට ලක් කිරීමෙන් පසුව සකසන ලද විවිධ විකල්ප (options) හතක් අතුරින් 05 වැනි විකල්ප අවස්ථාව අනුගමනය කිරීම උචිත බවත්, රුපියල් බිලියන 2.608ක් වෙන්දේසියෙන් උපයා ගන්නා ලෙසත් භාණ්ඩාගාර බැඳුම්කර ටෙන්ඩර් කමිටුවට රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව විසින් නිර්දේශ කර තිබිණි (5.1.9 ඡේදය).

    මෙලෙස අමතර ප‍්‍රශ්න රැසක් විගණකාධිපතිවරයාගේ පරීක්‍ෂණ මඟින් සොයාගෙන තිබේ. මේ කරුණු අතර බලවත් ම ගැටලුව වන්නේ අර්ජුන් මහේන්ද්‍රන්ගේ බෑණා වන අර්ජුන් ඇලෝසියස්ට අයත් ‘පර්පචුවල් ටෙ‍්‍රෂරීස්’ නම් සමාගම පිළිබඳ ප‍්‍රශ්නයයි.

    ‘ප‍්‍රාථමික අලෙවි නියෝජිතයන්’ යනුවෙන් හඳුන්වන 14 දෙනෙක් මෙම ණය ගනුදෙනුවල අතරමැදි කටයුතු සඳහා ලියාපදිංචි වී සිටිති. අර්ජුන් මහේන්ද්‍රන්ගේ බෑණාට අයත් සමාගම තිබෙන්නේ ලියාපදිංචි ප‍්‍රාථමික අලෙවිකරුවන් 14 දෙනා අතර ය. මහ බැංකුව දැන්වීම් පළ කර තිබූ පරිදි රුපියල් කෝටි 100ක ණය මුදල පමණක් ලබා ගත්තේ නම්, රජයට වාසිදායක අඩු පොලී අනුපාත යටතේ ණය සැපයීමට ඉදිරිපත් වූ බ්‍රෝකර්වරුන් (ප‍්‍රාථමික අලෙවිකරුවන්) අතර අර්ජුන් මහේන්ද්‍රන්ගේ බෑණාගේ සමාගම තිබී නැත.

    "එදින වෙන්දේසිය මඟින් නිකුත් කිරීමට අපේක්‍ෂා කළ රුපියල් බිලියන එකක මුදල රුපියල් බිලියන 10.058ක් දක්වා වැඩි කිරීමට තීරණය කිරීම හේතුවෙන් ප‍්‍රාථමික වෙළෙඳුන් හත්දෙනා අතර ද නොසිටි ‘ණ’ ආයතනයට එදින නිකුත් කරන ලද මුළු බැඳුම්කර වටිනාකමින් සියයට 50ක් එනම්, රුපියල් බිලියන පහක් ලබා ගැනීමේ අවස්ථාව උදා වී තිබීම කැපී පෙනෙන ලක්‍ෂණයක් විය."

    ණය ගැනීමට මහ බැංකුවේ මුදල් මණ්ඩලය තීරණය කර තිබූ පරිදි රුපියල් කෝටි 100ක් ලබා ගත්තේ නම්, මේ ඉහළ පොලියකට ණය දීමට සූදානමින් සිටි බෑණාගේ සමාගමට අවස්ථාවක් හිමි නොවේ. එහෙත්, බැඳුම්කර වෙන්දේසිය පැවැත්වීමෙන් ද, පසුව ගන්නා ලද තීරණයක් අනුව රුපියල් කෝටි 100ක ණය මුදල රුපියල් කෝටි 1,000ක් දක්වා වැඩි කිරීම නිසා ණය දෙන බෑණාගේ සමාගමට රුපියල් කෝටි 500ක් සියයට 12.5ක්  වූ ඉහළ ම පොලී අනුපාතයක් යටතේ ණය දීමේ අවස්ථාව හිමි කර දී ඇත. (මෙයට පෙර තීරණය කරන ලද ඉහළ පොලිය වූ සියයට 11.7270ද ඉක්මවා යමිනි).

    "වෙන්දේසියට දින දෙකකට පෙර එනම්, 2015 පෙබරවාරි මස 25 වැනිදාට පෙර අවසන් සතියේ ද්වීතියික වෙළෙඳපොළේ සාමාන්‍ය ඵලදා අනුපාතය 10.03ක් පමණක් විය. ඒ අනුව පෙබරවාරි මස 27 වැනි දින වෙන්දේසිය සඳහා ස්ථාවර පොලී අනුපාතය ලෙස සියයට 12.5 තීරණය කළ ආකාරය අනාවරණය නොවී ය." (5.1.19 ඡේදය) යනුවෙන් විගණකාධිපති වාර්තාවේ මෙම ඉහළ පොලිය ගැන සඳහන් කර තිබේ. පොලී ඉහළ යාම නිසා රජයට සිදු වන මූල්‍යමය පාඩුව කොතෙක් දැයි ගණනය කර තිබුණේ නැත.

    "ඉහළ පොලී අනුපාතිකයන් යටතේ වර්ෂ 30ක් වැනි දිගුකාලීන අමතර පිරිවැය ද රජයට සිදු වන අවාසියක් ලෙස සැලැකිය යුතු බව ද නිගමනය කරනු ලැබේ. මෙහි දී නිරීක්‍ෂණය වූ ඉතා වැදගත් කරුණක් වන්නේ වර්ෂ 30ක් වැනි දිගුකාලීන බැඳුම්කරයක පොලී අනුපාතිකයෙන් සිදු වන ඉතා කුඩා වැඩි වීමක් වුව ද, රජයට ඉතා විශාල මූල්‍ය අවාසියක් සිදු විය හැකි වීමයි. (5.1.19 ඡේදය)

    ReplyDelete
    Replies
    1. තේරුමක් නැති තර්කයක්. ඔය කියන විදියට බැඳුම්කර වෙන්දේසි දාන එකම වැරදි. ඇයි පොලිය වැඩි උනොත් එහෙම අපරාදයක් කියල අර්ථ දක්වන්න වෙනවනේ.
      ඔය විගණකාධිපති කියන පොලි අනුපාත මනංකල්පිත අංක ටිකක් විතරයි. මේ රජයෙ මූල්‍ය ප්‍රතිපත්තිය තමයි ඩිරෙක්ට් ප්ලේස්මන්ට්ස් වලට නොගිහින් වෙන්දේසි හරහා සියලුම මුදල් ලබා ගැනීම. ඔය කියන විදියට මහා බැංකුව පොලී අනුපාතය තීරණය කරන එක හරිනම් 9.5% ට තීරණය කලේ මොකද? 5% ට තීරණය කාලනම් ඊට වඩා ලාබයක් වෙනවනේ.

      Delete
    2. ප‍්‍රාථමික වෙළෙඳුන් හත්දෙනා අතර ද නොසිටි ‘ණ’ ආයතනයට යන්න ප‍්‍රාථමික වෙළෙඳුන් හත්දෙනා අතර ද නොසිටි ‘පර්පචුවල් ට්‍රෙෂරීස්’ ලෙස නිවැරදි විය යුතුය.

      Delete
  22. ජයසිංහ මහත්තයෝ, මාලක සිල්වා පොතක් කිවේවම ඇයි ඔබතුමාට ඔච්චර අවුල්? මතුගම ආනන්ද ශාස්ත්‍රාලයට ගිය ජයසිංහ මහත්තයට ලී කොටයක් උඩට වෙලා ශබ්ද කෝෂය පෙරළ පෙරළ ඉංග්‍රීසි පත්තරේ කියවන්න හොඳ නම් ගල්කිස්සෙ සෙන් තෝමසස් ගිය මාලක සිල්වට කෞච් එකක් උඩට වෙලා චේ ගැන ඉංග්‍රීසියෙන් ලියවුණු පොතක් කියවන්න හොඳ නැති ද? මාලක කවදා හරි දේශපාලනයට එන්න ඉන්න දරුවෙක්. ඉතිං එයා ඒකට අදාළ හැදෑරීමක් කරනවා. හැදෑරීමක් නොකර දේශපාලනය කරනවා කියන්නෙ හැදෑරීමක් නොකර ඔබතුමා බ්ලොග් ලියනව වගේ වැඩක්. ඔබතුමා හෑල්ලුවට ලක්වෙනවා වගේ මාලක කැමති නැතිව ඇති හෑල්ලුවට ලක්වෙන්න. මාලක පුතාට ඊරිසියා කරන්න එපා ජයසිංහ මහත්තයෝ. මාලක පුතාට රත්නත්‍රයේ පිහිටයි!

    ReplyDelete
  23. 2015 ජනවාරි 8 දා සොරිසේන රුපියල් දහයේ පෑනෙන් අස්සන් කොට සරල ජනාදිපති වුන ගමන් ම පෙර ගිවිසුම්ගතව තිබූ ලෙස ම පාර්ලිමේන්තු සුලුතරයේ නායක රනිල්තුමා ව අගමැති කොලෝය.

    ජනාදිපතිවරනයට පෙර ප්‍රකාශිත ප්‍රොතිපත්ති ප්‍රකාසයේ තිබුනේ වසර දෙකක කාලයකට රනිල්තුමා ව අගමැති කොට එ ජා පය සමග සන්දාන ආන්ඩුවක් හදනවා කියා ය.

    දැන් ගතවන්නේ 2016 නොවැම්බරයයි!

    ඒ කියන්නේ ලබන ජනවාරි 8 දා සිට සොරිසේන ජනදිපති ට අලුත් අගමැති කෙනෙකු නම් කිරීමේ හැකියාව ඔහු ගේ ප්‍රතිපත්ති ප්‍රකාසයට අනුව හිමි වේ.


    මේ ගතවෙන්නේ එම අවස්තාව උදාකරවීම සඳහා වන පාර කැපීම හෙවත් මහ ජනතාව ඉදිරියේ රනිල්තුමා ව පජාත කිරීමයි!

    එම කාර්තව්යය කොපමන හොඳට සිදු වෙනවාද යත් සින්හල බොග් අවකාසේ මැරුනත් යූ ඇණ් පී, එජාප පුන්චි සිඤ්ඤෝලා මේ දවස් වල ලියනා නුඹ නාඩන්, නුඹ නාඩන්, අපට ඕවා හොඳ පාඩම් බ්ලොග් පෝස්ට් වලින් පෙනේ!

    තවමත් එජාප සිහිනය කර තබාගෙන ඔලුව නැතත් කඳ පයිට් නියායෙන් රනිල්තුමා වෙනුවෙන් සටන් වදින්නේ සත්ගුණවත් ඉයන්තුමා පමනි! එතුමාට ස ර ස තුමා ගේ ගෞරවය හිමි වේ!

    නෝනාවරුනි මහත්වරුනි, ලබන ජනවාරි 8 දාට නව අගමැත්තෙක් බලාපොරොත්තුවන්න!

    ReplyDelete
    Replies
    1. මචන්, බලන් හිටපන් ඇටදෙක වැටෙනකන්.. සාරසලත් සිහින දකින කාලයකි මෙය
      ජනවාරි 9 වෙනිදට මෙතනදීම හම්බුවෙමුකෝ එහෙනම්

      Delete
    2. සා රස ලොක්කෝ,

      දැන් ඉතින් කියපු විදියටම 'විධායකේත්' කැන්සල් කරලනේ තියෙන්නේ හිටං.
      නැජ්ජ මං කියන්නේ.

      Delete
    3. ස ර ස තුමා ට මේ දවස් වල මාර ෆන්!
      කවුරු අගමැති වුනත් බලේ තියාගෙන මෙහෙම නාන නෑමක් දැක්කමයි හිටන්!

      Delete
  24. අධිනීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල සහයෝගිතා (ජනතා) පදනම,
    දළදා වීදිය,
    මහනුවර.

    2016 නොවැම්බර මස 26 වැනි දින.

    අජිත් පැරකුම් ජයසිංහ මයා,
    ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී සහ වෙබ් පරිපාලක - W3Lanka වෙබ් (බ්ලොග්) අඩවිය; විධායක අධ්‍යක්ෂක - ඒක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලට අනුබද්ධ “කියන්න” ව්‍යාපෘතිය.

    ගරු මහත්මයාණනි,

    “රාජ්‍ය ව්‍යවසාය පිළිබඳ පාර්ලිමේන්තු කොමිටිය සහ නීතියේ කාර්යභාරය” යන ශීර්ෂයෙන් පළ වූ ලිපියට ඌනපූරණයක්.
    -------------------------------------------------------------------------------------------------

    මහබැංකු බැඳුම්කර ගනුදෙනුවට අදාළ ව රාජ්‍ය ව්‍යවසාය පිළිබඳ පාර්ලිමේන්තු කොමිටිය හා නීතියේ කාර්යභාරය අලළා ඔබගේ හිමිකාරීත්වයෙන් සහ පරිපාලනයෙන් යුත් ප්‍රකට ‍වෙබ් (බ්ලොග්) අඩවියක් වන W3Lanka හි ආරම්භ වී ඇති විද්වත් කතිකාව පිළිබඳ පළමු ව අපි අපගේ අගය කිරීම ප්‍රකාශ කරමු. එම කතිකාවට නීතිමය පදනමින් දායකත්වයක් දැක්වීම මෙම ලිපියේ අරමුණ යි.

    මහනුවර දිසා පාර්ලිමේන්තු මන්ත්‍රී අධිනීතිඥ ගරු ලක්ෂ්මන් බණ්ඩාර කිරිඇල්ල මැතිඳු කීර්තිමත් හා ප්‍රවීණ නීති විද්වතෙකි. නීති ක්ෂේත්‍රයේ එතුමන් විසින් පෙන්වන ලද සූරත්වය පක්ෂ විපක්ෂ භේදයකින් තොර ව පිළිගැනුමට ලක් වේ. එතුමන් විසින් ප්‍රස්තුත කාරණය පිළිබඳ කරන ලද නෛතික විග්‍රහයක් මතු පළ වේ. එම අදහස් ද ඔබතුමන්ගේ කතිකා මණ්ඩපය පෝෂණය කරනු ඇති බව අපගේ අපේක්ෂාව යි.

    “නඩුවක් හෝ පරීක්ෂණයක් විනිශ්චය කරන කෙනෙකු පරීක්ෂණ ආරම්භ කරන්නත් පෙර හා විනිශ්චය කරන අතර තුර වරින්වර පුවත්පත් සාකච්ඡා පවත්වමින් ප්‍රකාශ කිරීම නීති විරෝධි පමණක් නො ව ස්වභාවික යුක්ති මූලධර්මයන්ට ද පටහැනියි. ඔවුන්ගේ හිත් තුළ එවැනි පූර්ව නිගමනයක් තිබුණා නම් එම පරීක්ෂණ වලින් ඉවත් විය යුතු බව පිළිගත් සිද්ධාන්තයකි.

    විනිශ්චකාරයකු වශයෙන් කටයුතු කරන අයකු කිසිදු අවස්ථාවක පුවත්පත් සාකච්ඡා පවත්වා තම මතය ප්‍රකාශ කිරීම සදාචාරාත්මක නො වේ. එමෙන්ම යම් කිසි විනිශ්චයක් කොට තීන්දුව ලබා දෙන කෙනෙකු ද ඔහු ඉදිරියේ විනිශ්චය වන කාරණය සම්බන්ධයෙන් ප්‍රසිද්ධියේ අදහස් ප්‍රකාශ නො කළ යුතු යි.

    මෙම සියලු කරුණු වලින් සනාථ වන්නේ පූර්ව නිගමනයක් සහිත ව යම් කණ්ඩායමක් කෝප් කමිටු විනිශ්චයට සහභාගී වූ බව යි. ඒ ආකාරයෙන් ක්‍රියා කිරීම සදාචාරයට මෙන්ම පවත්නා නීති මූලධර්මයන්ට ද පටහැනි වේ.

    ගරු ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ සිවිල් සංවිධාන කීපයක් එවකට මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්ට එරෙහි ව ඉහත බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් නඩු පැවරූ අතර ගරු ශ්‍රේෂ්ඨාධිකරණය විසින් එම නඩුව දුර්වල පැමිණිල්ලක් සේ සලකා පවත්වා ගෙන යාම සඳහා අවසර ලබා නො දී ප්‍රතික්ෂේප කරන ලදි. කෝප් කමිටුවේ පූර්ව නිගමනයට එළඹ සිටි කණ්ඩායම ගරු ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අනුගමනය කරනු ලැබූ ආකාරය පිළිබඳව කිසිඳු සලකා බැලීමක් හෝ අනුගත වීමක් වූයේ හෝ නැත. මෙම ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දුව ගැන කෝප් කමිටුව කිසිදු අධ්‍යයනයක් කර නැත. කෝප් කමිටුව පළමු ව කළ යුත්තේ එම නඩුව අධ්‍යයනය කිරීම යි.

    යහපාලන ආණ්ඩුව පාර්ලිමේන්තුව තුළ මූල්‍ය පරිපාලනය හා වගකීම රැකීමට කටයුතු කරනවා. මහින්ද රාජපක්ෂ ආණ්ඩුව කාලේ කෝප් වාර්තා 30ක් පමණ ඉදිරිපත් කෙරුවා. නමුත් එක වර්තාවකටවත් නීතිය ක්‍රියාත්මක වුනේ නෑ. එදා සියලූ වාර්තා කුණු බක්කියට දැම්මා. එදා කවුරුවත් කෝප් වාර්තා ගැන කථා කලේ නැහැ. සුදු වෑන් වලට ඇති භය නිසා කට වහගෙන සිටියා . යහපාලන ආණ්ඩුව කිසිම වාර්තාවක් යටගහන්නේ නෑ. පසු ගිය දා ඉදිරිපත් කළ කෝප් වාර්තාව සම්බන්ධයෙන් අවශ්‍ය ඉදිරි පියවර ගන්න අදාළ නීති අංශවලට යොමු කරනවා.

    රුපියල් කෝටි 45,000ක වංචාව ගැන එදා විජයදාස රාජපක්ෂ මහතා කෝප් කමිටුවේ සභාපති කාලේ පෙන්නුවා. වංචා පෙන්නුවාම එදා සිදුවුණේ එල්ල වුණ බලපෑම් හමුවේ කෝප් සභාපතිකමෙන් අස්වන්න යි. එදා සියල්ල යට ගැහුවා.

    මහින්ද රාජපක්ෂ ආණ්ඩු කරන කාලේ කෝප් කමිටුවට පත් කළේ ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරු. නමුත් යහපාලන ආණ්ඩුව එහෙම කළේ නෑ. විපක්ෂයේ මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා කෝප් කමිටුවේ සභාපතිවරයා වශයෙන් පත් කළේ සම්පූර්ණ විනිවිදභාවයෙන් හා නිදහසේ කටයුතු කරගෙන යෑමට යි. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හැමදාමත් මේ ආදර්ශය රටට ලබා දුන්නා. 2002 වසරේ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව කාලේ කෝප් කමිටුවේ සභාපතිවරයා වශයෙන් පත් කලේ විපක්ෂ මන්ත්‍රී ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ මහතා යි. රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යතුමාටත්, අපිටත් සැම විට ම අවශ්‍ය වුණේ පාර්ලිමේන්තුව ශක්තිමත් කරන්න යි. පාර්ලිමේන්තුවේ මූල්‍ය පරිපාලනය ශක්තිමත් කරන්නයි.“

    මහනුවර දිසා පාර්ලිමේන්තු මන්ත්‍රී අධිනීතිඥ ගරු ලක්ෂ්මන් බණ්ඩාර කිරිඇල්ල මැතිඳුන්ගේ ඉහත විද්වත් අදහස් ද ඔබගේ සංවාදට දායක වේවා!

    ස්තුතියි!

    අධිනීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල සහයෝගිතා (ජනතා) පදනම

    ReplyDelete
    Replies
    1. ඉහත ලිපියේ දාතම "2016 නොවැම්බර මස පළමු වැනි දින" ලෙස නිවරද විය යුතු බව කරුණාවෙන් සලකන්න.

      Delete
    2. ලියුමෙ මුලයි අගයි කියවලා හිනා තද කරගන්න ගිහින් පඩේකුත් ගියා.

      ඇත්තට ම උඹලට පිස්සුද මචං?

      Delete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා