යාපනයේ විශ්වවිද්‍යාල සිසුන් මරා දැමීම හා පොලිස් ප්‍රචණ්ඩත්වය
වනසා දමන ලද තාරුණ්‍යයක අහිංසකකම |
පොලිසිය මිනිසුන් මරා දැමීම උතුරේ මෙන් ම දකුණේ ද සුලබ සිදුවීම් ය. එහි යම් අඩුවක් දක්නට ලැබුණේ 2015 ජනවාරි 8දායින් පසු ය. ඉන් පෙර, අපරාධ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් මරා දැමීම සිදු වුණේ මහජන ආශිර්වාදය මැද ය. ඒ ඝාතන මාධ්‍ය විසින් පමණක් නොව අධිකරණය විසින් ද සාධාරණීකරණය කරන ලදී. ඒවා එකල පැවති ආණ්ඩුවේ ප්‍රතිපත්ති විය.
ප්‍රවීණ නළු නිහාල් සිල්වා ඝාතනය ද මේ අන්දමේ ම එකකි. 1989 දෙසැම්බර් මාසයේදී පොලිසිය විසින් මරා දමන විට ඔහු එවකට ජනාධිපති ආර්. ප්‍රේමදාසගේ හිතවතකු ද විය. එහෙත්, පොලිස් අණ නො තකා ගියා යයි කියා පොලිසිය ඔහු මරා දැමුවේ ය. පොලිසිය කකුල්වලට වෙඩි තැබුවොත් සාමාන්‍යයෙන් වදින්නේ ඔලුවට ය. ඔලුවට ම වෙඩි තියන්නට අණ දී තිබෙනවා නම් මෙවැනි අපරාධ සිදු වන්නේ නැත. එහෙනම් වෙඩි වදින්නේ කරටිවලට විය හැකි ය.
යාපනයේ කොකුවිල්හි වෙඩි තැබීමෙන් මිය ගොස් තිබෙන්නේ යාපනය විශ්වවිද්‍යාලයේ සිසුන් වන කන්දරෝඩෙයි පදිංචි 24 හැවිරිදි සුලක්ෂන් සුකන්දරාජා සහ කිලිනොච්චිහි පදිංචි 23 හැවිරිදි ගජන් නඩරාජා ය. වෙඩි තැබීමෙන් එක් සිසුවකු මියගොස් ඇති බව ද අනෙක් සිසුවාගේ මරණයට හේතුව මෝටර් බයිසිකලය හැපීමෙන් ඇති වූ තුවාල බව ද වාර්තා වේ.
මෙම පොලිස් ඝාතනය දෙමළ ජාතිවාදී ටැමිල්නෙට් වෙබ් අඩවිය විසින් අර්ථ නිරූපණය කර තිබෙන්නේ සිංහල පොලිසිය විසින් දෙමළ සිසුන් ඝාතනය කිරීමක් ලෙසයි. පොලිසිය ද සමූලඝාතක හමුදාවට වෙනස් නො වන බව ද එහි මාතෘකාවේ ම දැක්වේ. එහෙත්, මෙය ජාතිවාදී සිද්ධියක් වන බවට කිසිදු සාක්ෂියක් තවමත් ලැබී නැත.
මෙම වෙඩිතැබීම සිදු කළ පොලිස් නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබේ. ඔවුන් මුලින් පැවසුවේ අහසට වෙඩි තැබූ බව යයි පොලිසිය භාර ඇමති සාගල රත්නායක පවසයි. ඇත්ත වෙන්නටත් පුළුවන. පොලිසියේ ඉලක්ක ඉතිහාසය පුරා ම එවැනි ය.
දිවුලපිටියේ බරවාවිල එස්.එම්. කැලුම් සුබසිංහගේ මරණය ද මෙවැනි සිදුවීමකි. එහිදී දිවුලපිටිය පොලිසියේ නිලධාරියෙකු පුද්ගලයකුට වෙඩි තැබීමට සැරසෙන අයුර මහමග ගමන් කළ වාහනයක කැමරාවේ වීඩියෝගත වී තිබුණේ මෙසේ ය.
එහෙත්, පොලිසිය ඒ ගැන කීවේ මෙසේ ය:
මෙම සිද්ධියේදී පොලිසියට ඇති වූයේ යයි කියන තුවාල මිනිසකු මරා දැමීම සාධාරණීකරණය කරන්නට යොදා ගන්නා හැටි බලන්න.
යාපනය ඝාතනය ඉතා බරපතල ලෙස සලකන්නේ එය සංහිඳියාවට බාධාවක් යයි කියමිනි. එහෙත්, සංහිඳියාවට අදාළ කරුණක් මෙතැන තිබේ ද?
පසුගිය කාලයේ උතුරේ පොලිසිවල සේවය කිරීම සඳහා දෙමළ පොලිස් නිලධාරීන් රැසක් බඳවා ගන්නා ලදී. මෙම වෙඩි තැබීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පොලිස් නිලධාරීන්ගේ වාර්ගික සංයුතිය විමසා බැලීම ද තීරණය කිරීමට පුළුවන.මෙහිදී වැදගත් ය.
සිංහල බහුතරයකින් සමන්විත පොලිසිය වෙනුවට දෙමළ නිලධාරීන් සිටින පොලිසියක් තබා මධ්‍යම ආණ්ඩුවේ පොලිසිය වෙනුවට පළාත් පොලිසියක් පත් කර ගත්තත්, මීට වඩා වෙනස් තත්වයක් ඇති වනු ඇතැයි අපි නො සිතමු. පොලිසිය ක්‍රියා කරන ආකාරය වෙනස් කළ යුතු ය.
සිංහල, දෙමළ කියා භේදයකින් තොරව, ලංකාවේ පොලිසිය නීතියට ගරු කරන්නේ නැත. වෙනස් කළ යුත්තේ එයයි.
එසේම, සිංහල, දෙමළ කියා භේදයක් නැතිව, ලංකාවේ ජනතාව ද නීතියට ගරු කරන්නේ නැත. ලංකාවේ ජනතාව වැඩිපුර ම නීති කඩන තැන මහාමාර්ගයයි. නීති කඩන්නේ රියදුරන් පමණක් නො වේ. පයින් යන්නන්, බස් මගීන් ආදීහු ද නීති කඩති.
පොලිසිය පමණක් නොව, ජනතාව ද වෙනස් විය යුතු ය.
ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.
පැරා එක්ක බොහෝ කාලෙකට පස්සේ එකඟයි.
ReplyDeleteඔය මහට්ටයා මේකට එකඟයි කියලා අපි දන්නවා...
Deleteයාපනේ සිංහල කොල්ලෙක් මැරුනනම් දෙමළ පොලිස් කාරයෙක් වෙඩි තියලා ඔය මහට්ටයා
a) මේ අදහසම දරනවද...
b) නැත්නම් ජාතිවාදෙ පතුරනවද...
c) මහින්ද බලයට ගේන්න හදනවද...
d) කටයි පුකයි වහගෙන ඇහුන්නෙ නෑ වගේ ඉන්න්වද..
පොලිසියෙන් වෙඩි කාලා මගේ යාලුවෙක් මළා
Delete//යාපනේ සිංහල කොල්ලෙක් මැරුනනම් දෙමළ පොලිස් කාරයෙක් වෙඩි තියලා
Deleteඇයි ඔළුව පිපිරෙන්න පොල්ලකින් ගැහුවේ යාපනේ සරසවියේදී. ඒක වැරදියි කියන්න කට ඇරපු නැති මහත්තුරුනේ මේ.
මෙතන ප්‍රශ්නේ ජාතිවාදෙට වඩා පොලීසිය සහ මිනිස්සු දෙගොල්ලම හරක් විදියට වැඩ කිරිල්ල.
ඔය අහල තියෙන ප්‍රශ්න හතරම ඒ නිසා අදාල නෑ.
මේකෙත් මහින්දව ගාව ගන්න තරමට දැන් වෙන්ඩ ටොයියෝ බංකොළොත්ද?
මොන මඟුලකට ද උෟ පොලීසියෙන් වෙඩි කන්න ගියේ? වෙන මුකුත්ම කන්න තිබිල නැද්ද?
Deleteපැරා, මීගහතැන්න පොලීසියෙ නිළධාරියෙකුත් පෙරේදා ගොරකදූවෙදි රිය අනතුරකින් මිය ගිහින්. හමුදා වාහනයක වැදිල. පොලීසියෙන් රියදුරුට ගහල.... දැන් ආමි-පොලිස් අවුලක..............
ජාතිවාදය පතුරන මරයි උගේ හෙන්චයියෝ ටිකයි වෙඩි තියල මරල දැම්ම නං මේ ඔක්කොම කරදර ඉවරයි
Delete1/2
Deleteපැරණි මිතු රංග හමු වීම සහ පැරා පිළිබඳ නිදහස් අදහස්
==================================================
අඩෝ මචං රංගයා! උඹ ද බං මේ මිගාරයා? අප්‍රමාණ සන්තෝසයක් දැනෙන්නේ කාලෙකට පස්සේ උඹ හමු වුණා ම. උඹ ජාතික ප්‍රශ්නය ගැන දරන මතය විශිෂ්ට යි. රාජකීය විද්‍යාලයෙන් වෛද්‍ය විද්‍යාලයට පැමිණ එංගලන්තයේ ඇඩන්බ්රූක් හරහා යාපනයට පැමිණි උඹට ජාතික ප්‍රශ්නය ගැන තිබෙන සංවේදීභාවය හා අවබෝධය විශිෂ්ට විම පුදුමයක් නො වේ. මට මතකයි මා කොලේජ් ශෙසන්ස්වලට අන්තිමට ලංකාවට පැමිණි දවසක අප උඹ ගැන කතා වුණා. උඹ ඒ කාලේ රන් නමින් ලියූ කවි ගැන, හෙළ උරුමය සංඝයා දේශපාලනයට ගෙන ඒමට සහය පතා වෛද්‍ය විද්‍යාලය තුළ පත්‍රිකා බෙදන විට අපේ සහෝදරවරු ඊට එරෙහ ව කළ අරගලයට උඹ දුන්නු සහය ගැන, තව එතකොට උඹ අර ලෝ-මෙඩිකල් ක්‍රිකට් මැච් එකේ ක්ලයිව් ලොයිඩ් වගේ ප්ලේ කළ හැටි… කොතරම් ආස්වාදනීය මතකයන් ද රංගයා. උඹ මෙඩිසින් කර නෙප්රො තෝරා ගත්ත බව ආරංචි වුණා ම කුගදාසනුයි මධුයි සමඟ අප බොහෝ සන්තෝස වුණා. උඹ ඇඩන්බ්රූක්වල පුහුණුවට පැමිණ සිටින බව මට ආරංචි වුණා ඒ දවස්වල. උඹ එම්. ආර්. සී. පී. සිට් කළේ කොහේ දි ද?
කෙන්ට්වල ටිකක් වැඩ වැඩියි මචං. රිසර්ච් වැඩත් අඛණ්ඩ ව කරන්න ඕන (උඹ රිසර්ච් ගැන රුවන්ට දුන්න උත්තරේට මා එකඟ යි), ජාතික ප්‍රශ්නය ගැන මැදිහක් වීම කරන්නත් ඕන, පැරාගේ ඩබ්ලිව් තුක ලංකා රස කතාවලට උත්තර දෙන්නත් ඕන. රංගයා, උඹට වැද්දා මතක ද? වැද්දට දැන් හොඳ යි. විජේ ඔසීවල ඉන්නවා නර්ස් නෝනත් එක්ක දැරුමල්ලෝ බලා ගෙන. නිලේෂ් ජී. අයි. කළා. අවුරුදු පහකට විතර කළින් හමු වුණා. ඌ දැන් ලංකාවෙ ද? උඔ ඇකඩමියා නෙට් එකේ ඉනිනවා ඇති නේ ද? මචං, ඒ. ආර්. බී. ඇන්ඩ් ඒස් ඉන්හිබිටර් ඉන් ඇඩ්වාන්ස් රීනල් ෆේලියර් ගැන මා ළඟක දී මගේ ටීම් එක සමඟ කළ මල්ටි සෙන්ටර් රිසර්ච් එකේ පේපර් එක පර්සනල් ඇක්සස් විධියට තියෙනවා ඇකඩමියා එකේ. මා උඹ ඇඩ් කරන්නම් නෙට්වර්ක් එකට. අපේ ෆයින්ඩිංස් ඉන් ෆේවර් ඔෆ් යූස්. ඒත් ඩයලිසීස් රෙඩීලී අවේලබල් නැති සෙටින් එකක තත්ත්වය ගැන ගැටලුවක් තියෙන්න පුළුවන්. එරංගයා නම් ඒ දවස්වල ඉඳන් ම එකඟ යි. ඒත් උඹලා තව කල්පනා කරන්න වෙයි පෙරිපරිවල දී මේ ප්‍රැක්ටිස් එක ගැන.
රංගයා, පැරා ගැනත් යමක් කියන්න ඕන. පසු ගිය කාළේ අපි පැරාගේ න්‍යාය හා භාවිතාව විසංයෝජනය කළා යුරෝපයේ සිටින දේශපාලන කණ්ඩායම් සමඟ එකතු වී. මාසෙකට විතර කලින් අප ප්‍රජෙක්ට් එක කන්ක්ලූඩ් කළා සංවාදේ මඩ පැත්තට යන්න ගත්ත නිසා. මෙහෙම යි රංගයා, පැරා යනු කළු චරිතයක් නො වේ. පැරාගේ සාධනීය ලක්ෂණ තිබෙනවා. පැරාගේ කවි හොඳ යි. මා ඒ ගැන එකල ලියා තිබෙනවා. පැරා වෛද්‍ය විද්‍යාව ගැන දරන ආකල්පය හොඳ යි. මා ඒ ගැනත් එකල දීර්ඝ ලිපියක් ලියා තිබෙනවා. පැරා ආකල්පමය වශයෙන් ජාතිවාදී නැහැ; ආගම්වාදී නැහැ. ඒත් පැරාගේ ආකල්ප හා ක්‍රියාකාරීවත් (අතර තවත් විධියකින් පවසනවා නම් න්‍යාය හා භාවිතාව අතර) විශාල ප්‍රතිවිරෝධතා තිබෙනවා. ඒ නිසා පැරා විසුළුවක් බවට පත් වෙනවා. ඒක කනගාටුදායක තත්ත්වයක්. මේ තත්ත්වයට එක හේතුවක් වන්නේ පැරා ගැඹුරු කියවීමක් නො කිරීම. අනෙක් වැදගත් හේතුව වන්නේ පැරා ජීවන අරගලය තුළ අවිනිශ්චිත ප්‍රතිපත්තියක සිටීම.
උදාහරණයක් සලකනවා නම් බටහිර වෛද්‍ය විද්‍යාව පිළිබඳ ඉතා සාධනීය ආකල්පයක් දරන පැරා තමන්ගේ ප්‍රොටෝකෝලයෙන් පිට ගිහින් දියවැඩියාව ගැන විකාර ලියනවා තැන් තැන්වල. හෙන්රි රාජරත්නම්ගේ සිට නොයෙල් සෝමසුන්දරම් ඔස්සේ සුජිත් සියබලාපිටිය, චාල්ස් ඇන්තනී සහ කට්ටා දක්වා එන්ඩොක්‍රිනෝලොජිස්ලටත් වඩා ඩයබිටීස් ගැන දන්න බව හඟවන පැරා අන්තිමට කිංග්ස්ලි ටී. වික්‍රමරත්න හිටපු වෙළද ඇමතිගේ මට්ටමට වැටෙනවා. මේ ළඟක දී පැරා යම් සඟරාවකට ඇනීමියා ගැන ලිපියක් ලියා තිබුණා. ඩේවිඩ් විදරෝල් ඒක දැක්කා නම් අනුජ වෙනුවට පැරා තමාගේ ලාංකීය ගෝලයා කර ගන්නවා.
තවත් එක උදාහරණයක් බලමු. පැරා පෙනී සිටින්නේ ප්‍රජාතන්ත්‍රවාදයේ මුරදේවතාවා හැටියට යි. ඒක සාධනීය ආකල්පයක්, එළඹුමක් විය හැකි යි. එහෙත් පැරා තම ප්‍රතිපත්තිය පිරිපහදු කර ගෙන නැති බව පෙනී යනවා. පශ්චාත් යටත්විජිත ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා කෙරෙන අරගලය පැරා ඥානනය කර ගන්නේ දකුණේ වැඩක් හැටියට යි. පැරා විශ්වාස කරනවා උතුර නො සලකා දකුණේ දේශපාලන ව්‍යාපාරයකින් ලංකාව තුළ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කළ හැකි බව. පැරා වටහා ගන්නේ නැහැ උතුර නො සලකා සමස්ත ලංකාවේ කෙසේ වෙතත් දකුෙණ් තුළ හෝ ප්‍රජාතන්ත්‍රවාදය යථාකරණය කළ නො හැකි බව. උතුරේ පීඩිත ජනයා තම ප්‍රජාතාන්ත්‍රික අයිතිවාසිකම් දිනා ගැනීමට කරන අරගලය මර්දනය කිරීම සඳහා ය යන වහන්තරාවට මුවා වී තම යි පාලක පන්තිය සැමදාමත් දකුණේ ප්‍රජාතන්ත්‍රවාදය නැති කළේ.
Cont …
2/2
Deleteඋතුරට එල්ල කළ ගිනි අවිම තම යි අසූව දශකයේ දී දකුණේ තරුණ ජීවිත 60 000 ක් බිලි ගත්තේ. උතුරේ පීඩිත ජනයාගේ අරගලය මර්දනයට ගෙනා නීති ම තම යි දකුණේ මාධ්‍ය නිදහසත් ප්‍රකාශනයේ නිදහසත් නැති කළේ. බන්ධනාගාරය තුළ අමානුෂික ව පාලක පන්තිය විසින් ඝාතනය කෙරුණු කුට්ටිමනී සහෝදරයා 1983 දී පැවසූ දෙය වසර දහයක් ගෙවෙන්නත් පෙර සත්‍යයක් වූ බව පැරාට වැටහෙන්නේ නැහැ. එනිසා උතුර නො සලකා දකුණේ අපේ ම කියා දේශපාලන ව්‍යාපාරයක් ගොඩ නැඟීමට ගිය පැරා අද පාලක පන්තියට ප්‍රශස්ති ගයන මට්ටමට වැටිලා. නිදහස යනු වරණීය ව පාලක පන්තියට හිතවත් අයට ලැබෙන වරප්‍රසාදයක් නො විය යුතු යැයි පැවසූ ලක්සම්බර්ග් සහෝදරිය පැරාට වහ කදුරු වෙලා.
පැරා නිතොර පවසන දෙයක් තම යි ලංකාවේ තිබෙන්නේ සම්පත් බෙදී යෑමේ විෂමතාවක් හා උතුරටත් දකුණටත් පොදු ප්‍රශ්න රාශියක් මිස දෙමළ ජාතියට සුවිශේෂ ප්‍රශ්න රාශියක් නො වන බව. ඇත්තෙන් ම රංගයා ඕක තම යි සියලු අන්ත සිංහල ජාතිවාදීන් පට්ට ගහන ගැලවුම් වාක්‍ය ය. නලින්ගේ ටයිප්රයිටර් කතාවේ තිබුණෙත් ඔය අදහස ම යි. සමාජය තුළ නිදන්ගත ව සුප්ත සමයක තිබෙන ජාතිවාදී මනෝභාවයන් ද නසා ඉවත් කිරීම අරමුණ කර ගෙන ක්‍රියාකාරි විය යුතු පැරා වැනි දක්ෂ මිනිසුන් විසින් ද ජාතිවාදය රහසේ පෝෂණය කරනු ලැබීම ඛේදාන්තයක්. එක ම ප්‍රශ්නය වුව දකුණ සඳහා එක් ආකාරයකටත් උතුර සඳහා තවත් ආකාරයකටත් දකුණේ සිංහල මහා ජාතිය විසින් සලකනු ලබන්නේ නැති ද?
අසූව දශකයේ ධවල භීෂණ සමයේ දී දකුණේ තරුණයන් 60 000 ක් පමණ පාලක පන්තිය විසින් ඝාතනය කරනු ලැබ පාරවල් ගානේ කබරයන්ට කෑමට දමනු ලැබ සිටිය දී පාලක පන්තියට එරෙහි ව එක් රුස් වූ දකුණේ බහුතර ජනයා දශකයක ඇවෑමෙන් උතුරේ තරුණයන් 100 000 ක් පමණ පාලක පන්තිය විසින් අමානුෂික ව ඝාතනය කරනු ලැබූ විට පාලක පන්තියට එරෙහි ව එක් රුස් වූවෝ ද? මනුෂ්‍ය ඝාතන එකී තරුණ කොටස් දෙකෙන් ම එක සමාන ව සිදු විණ. පීඩක පාලක පන්තිය විසින් දකුණේ තරුණයාට ආයුධ අතට ගන්නට කටයුතු සැලසිණි යන මහා කාරුණික න්‍යාය උතුරේ තරුණයා සඳහා සිංහල මහා ජාතියේ බහුතරය විසින් සූත්‍රගත නො කෙරුණේ ඇයි? පීඩිත සන්නද්ධ අරගලයකින් තම අයිතිවාසිකම් දිනා ගැනීමට අරගල කළ දකුණේ තරුණයන් පිළිබඳ දකුණේ බහුතරයකගේ නෙතගට නැඟි කඳුළ එවැනි ම අරගලයක් කළ උතුරේ තරුණයන් පිළිබඳ නො නැඟියේ ඇයි? සිංහලයාට තවමත් දෙමළා අපේ එකෙකු නො වන නිසා නො වේ ද? ඊනියා ලංකික අනන්‍යතාවක් ගැන තීසිස ලියන පැරා දෙමළාගේ ප්‍රශ්නය සිංහලයාගේ ද ප්‍රශ්නයක් බව සිංහල මහා ජාතියට සංවේදනය වන තත්ත්වයක් ඇති කරන්නට අද වන තෙක් කිසිවක් ලියා නැත. පැරා මෙම සටහන ලියුවේ ද පැරාගේ නැහැඬියාව ගැන උතුරෙන් විවේචනයක් එල්ල වූ පසු ව ය. ආගමික ප්‍රශ්නයට විසඳුම ආගම නැති කිරීම ය, ජාතික ප්‍රශ්නයට විසඳුම ජාතිය නැති කිරීම ය, වතු වගාවේ ප්‍රශ්නයට විසඳුම වතු වගාව නැති කිරීම ය ආදී මනස්ගාත ලිවීමෙන් සාර සමාජයක් ලංකාවේ ගොඩ නඟන්නට පැරා සිහින මව යි; ඒ සිහින ලොවට තරුණ පරම්පරාව ද ගෙන යයි. මහා තොවිලයක් නටා පැරා අවසානයේ දී ජාතිවාදී යකුන් ද ජාතිවාදය පෝෂණය කරනු ලබන පාලක පන්ති යකුන් ද සමඟ නිදි වදි යි.
රංගයා, ඔන්න ඕක යි පැරාගේ අවුල. වමට සිග්නල් දමා දකුණට හරවන, දකුණට සිග්නල් දමා වමට හරවන පැරා පිටුපස යෑම අවධානම්. පැරාගෙන් ඕවා ගැන ඇහැව්වා ම පැරා ආදාළ දේට උත්තර දීම වෙනුවට නන්දොඩවනවා. පැරා දෙන උත්තර මේ වගේ: අන්න රෝයල් එකේ එවුන් මට අපහාස කරනවා, අන්න ඉහළ මධ්‍යම පන්තියෙන් පිටමං කරනු ලැබූ එකෙක් මගේ ඉංගිරිසි හරි නැහැ කියනවා, අන්න අසූ නවයේ දී මා හිරේ යන විට ප්‍රංශයට පැන ගිය එකෙක් මට නූගතා කියනවා, අන්න මට බාහිර උපාධිය කර ගන්න නො දුන් එවුන් මට නූගතා කියනවා වැනි මාතෘකාවෙන් පිට පුද්ගලාලම්බන විකාර. අන්තිමට විෂයනිශ්‍රිත කියවීම් වෙනුවට පුද්ගලනිශ්‍රිත කෑගැසීම් මතු වෙනවා. මා විපැරාකරණ අනුමණ්ඩයෙන් ඉවත් වූයේ එනිසා යි.
රංග, උඹ ළඟ දි කවි ලිව්වේ නැති ද සුරංගනාවක් ඇවිත් වගේ? වෛද්‍ය විද්‍යාලයේ බිත්ති පුවත්පත් සංස්කරණය එක්සත් ජාතික පක්ෂයේ කණ්ඩායමක් බාර ගෙන තිබුණු කාලයේ දී මා ජාතික රෝහලේ පශ්චාත් උපාධි පුහුණුවේ සිටියේ. ඒ කාලේ අර කණ්ඩායම රංගගේ කවි රැගෙන එනවා සංවාද කරන්න සමහර දවස්වලට. රසවත් සන්ධ්‍යාවන්! පසු කාලයක ජවිපෙ සහෝදරවරු ඒ වැඩේ බාර ගත්තා. මා හිතන්නේ රජරට සේවයේ මහින්ද දිසානායකගේ පුතා ඒ කණ්ඩායමේ කලාගුරු වුණේ.
කාලයකට පසු රංග හමු වීමත් රංග බ්ලොග් අවකාශයේ සක්‍රීය බව දැන ගැනීමත් සතුටට කරුණක්. නිදහස් වෙලාවක අක්ෂයත් කියවන්න.
End.
ඇනෝ ඇවිත් තමන් තමන්ටම සහතික දී ගන්න එක කලාවක් නම් වීරක්කොඩි දොස්තර මහත්තයා එහි පිකාසෝ බව පෙනෙනවා.
Deleteජාතික ප්‍රශ්නය ගැන අවබෝධය කෙසේ වෙතත් මෙයාට ලොකු ඇකේ පුම්මක් තියෙන බව නම් දන්නවා දෙමළ මුස්ලිම් විරෝධී. කාලෙකට ඉස්සර බඩ යන්න වැදිලා පැනලා ගියා. දැන් ආපහු ඇවිත් ඉන්නේ කාටත් පරණ දේවල අමතකයි කියලා හිතලා වෙන්න ඇති. මෙයා ගැන විස්තර සිතුමිණි රතනමලල මහත්තයාගෙන අහගන්න දන්නෙ නැත්නම්.
Deleteමගේ ෆේස් බුක් ප්‍රොෆයිලය බලාගෙන මාගේ ජීවන් ප්‍රොෆයිලය ලියන්නට තැතනූ ඒ ඇනෝ මහතාට;
Deleteඔබට වැරදී ඇති තැන් බොහොමය!
1. හෙළ උරුමය සංඝයා දේශපාලනයට ගෙන ඒමට සහය පතා වෛද්‍ය විද්‍යාලය තුළ පත්‍රිකා බෙදන විට අපේ සහෝදරවරු ඊට එරෙහ ව කළ අරගලයට උඹ දුන්නු සහය ගැන - මේ වෙනකොට මම වෛද්‍ය විද්‍යාලයෙන් පිටව ගොස් ඇත.
2. උඹ අර ලෝ-මෙඩිකල් ක්‍රිකට් මැච් එකේ ක්ලයිව් ලොයිඩ් වගේ ප්ලේ කළ හැටි - මා ලෝ මෙඩිකල් ක්‍රිකට් තරන්නගය ක්‍රීඩා කොට නැත
අනික්වා ගැන කිය කියා ප්‍රොෆයිලය තනන්නට මගේ උපකාර නැත. ඊලඟ වතාවේ තවත් තදින් උත්සාහ කර බලන්න.
අර ගඟක් අයිනෙ බොග දාන්න ගිහින් එනකොට පොටෝ අල්ලලා ෆේස් බුක් එකේ දාපු කතාවත් ඒ ඇනෝ දන්නෙ නෑ වගේ නේද?
Deleteරංගයෝ, අනේ බං! උඹ ආයෙත් නා ගන්නවා. සිතුමිණි රත්නමලල කියන ඒවා ඇත්ත ද කියලත් හිතෙනවා. උඹට සිංහලත් කියවලා තේරුම් ගන්න බැරි බව දැන ගත්තේ අද යි! එංගලන්තේ ගියාට පස්සේ ද උඹට සිංහල මතක බැරි වුණේ. ඇත්ට ම බං උඹ නේ ද අර කවි ලිව්වේ? ඒවත් රන් රන් කිය කිය තබක්ක හාදයෙක් ලිව්ව කිය යි ද දන්නේ නැහැ උඹ තව කාලයකින්.
Delete1. ඇයි බං තිලක් කරුණාරත්න සංඝයා දේශපාලනයට ගෙන එන්න සංවාදය පටන් ගද්දී උඹ හිටියේ වෛද්‍ය පීඨයේ නො වේ නම් එංගලන්තේ ද? උඹලා වසන්ත ගුණතුංගලා වගේ අය අල්ලන් සංඝයා පිට ගිය හැටි ඇයි ඔච්චර හංගන්න හදන්නේ? හෙළ උරුමය පාර්ලිමේන්තු යද්දි උඹ ඉන්න නැති ව ඇති. ඒ වෙද්දී යුනියන් එක අර ඔක්ස්ෆර්ඩ්වලට පැන්න එකාට ගිහිං තිබුණේ. උඹේ අර ඒ කාලේ තිබ්බ කළු කන්නාඩි දෙක කෝ දැන්? තවමත් උඹ ටයි එක දාලාත් රොහාන් ජයසේකර වගේ සර්ට් එකේ අත ටිකක් උඩට නවනව ද?
2. උඹ ක්‍රිකට් මැච් එක කලම්බු යුනිර්වසිටි ග්‍රවුන්ඩ් එකේ ගැහැව්වේ නැහැ කියනවා නම් උඹට අනිවාර්යයෙන් දුමින්ද සිල්වා ඇම්නේසියා සින්ඩ්‍රෝමය තිබෙනවා වෙන්න ඕන. උඹ ප්‍රස්ට් ඉනිංස් එකේ ෆීල්ඩ් කරලා දුන්න ආතල් මෙතන ලියන්න බැහැ. ඇයි උඹ දැම්ම එක්ස්ටෙන්ඩඩ් ඕවර් එක. ආතල් ගොඩ යි බං. උඹ සෙකන්ඩ් ඉනිංස් එකේ බැට් කරන්න යද්දී ක්ලයිව් ලොයිඩ් කියලා චියර් එක දෙන්න හවස් වෙනකම් ම හිටපු අපිවත් උඹට අමතක ද? ඒ මැච් එක තිබ්බේ ලෝ කොලේජ් එක එක්ක ද නැති නම් අපේ ස්පෝර්ට් ඉවෙන්ට් එකක ද කියලා උඹ ඔහො ම කියද්දි ඩවුට් එකක් එන්න පුළුවන්. ඒත් රංගයා උඹ මැච් එක ගැහැව් කියන එක නම් ඉතිං නො ඩවුට්. ලැජ්ජා වෙන්න එපා බං ඔය බඩ ගෙඩියත් එක්ක ක්‍රිකට් ගැහැව්වා කියන්න.
රංගයා, උඹට වුණේ මේක යි. උඹ හිතුවා මේක උඹ බයිට් කරන්න ලිව්ව එකක් කියලා. ඇත්තෙන් ම එහෙම නැහැ. උඹ එළ කොල්ලා. උඹ අර යට තියෙල කමෙන්ට්වලින් නොමඟ ගියා. නාගන්නේ නැති ව හිටින්. අපි උඹේ යාළුවෝ බං!
මෙතන වුණේ වෙන සීන්කොන් එකක්. මීට කලින් මේ බ්ලොග් එකේ කමෙන්ට් දාපු වාමාංශික දිදුලන තාරකාවට එල්ලෙන්න වැල් නැතිවයි මිගාරගේ ඇඟේ එල්ලුණේ.
Deleteසමහර විට මිගාර ගැන දන්න කෙනෙකුගෙන් තොරතුරු ගන්නට ඇති මේක ලියන්න.
දිදුලන තාරකාවේ අරමුණ මේකයි. මේ වන විට බොහෝ දුරට දිදුලන තාරකාව හා බිරිඳ බවට ඌනනය වී ඇති සිය දේශපාලන කණ්ඩායම විවිධ පුද්ගලයන්ගෙන් සමන්විත බව පෙන්වීමට මේ ආකාරයේ විවිධ පුද්ගලයන් ලෙස පෙනී සිටිනවා.
ඒ වාගේ ම තමන් විසින් ලියන ලද මඩ කමෙන්ට්වල වගකීම පැවරිය හැකි මන:කල්පිත චරිතයක් නිර්මානය කරන්නටත් ඔහු උත්සාහ කරනවා. ඒ හෘදය සාක්ෂිය හා තමන්ට මුදල් දෙන හා තමන් අදහන පිරිස්වලින් එල්ල වන අපවාදයෙන් ගැලවෙන්නටයි.
මෙය මොහුට ඉස්සර පටන් ම තිබුණු ලෙඩක්. මොහු ලංකාවේ සිටින කාලේත් තමන් වැඩ කළ පුවත්පතට විවිධ නම් ගණනාවකින් ලිව්වා.
ඔහොම ඇත්ත පුද්ගලයෙක් නැහැ. මිගාර මේ කමෙන්ටුව හොඳින් අධ්‍යයනය කළොත් එය හඳුනාගන්නට හැකි වේවි.
This comment has been removed by the author.
Delete//කාලෙකට ඉස්සර බඩ යන්න වැදිලා පැනලා ගියා.
Deleteඑහෙම වැදුණු ගොජබියෙක් ඇනෝ අවිදින් වගේ. නමෙන් එන්නත් බයවෙලා වගේ.
උඹ සිතුමිනි රතනමලලගෙන් පෞද්ගලිකව පලිගත්තු තුච්ඡ ආකාරය දැක්කාම නමින් එන්න ඇත්තටම බයයි නෙ බං වාදෙකට. සර්පයෙක් එක්ක හැප්පෙන්න යනකොට අපි ටිකක් දුරින් ඉන්නෙ. කොයි වෙලේ කොයි විදිහට පැනලා සපාකයිද ෂුවර් නැහැනෙ.
Deleteඇනෝ මහතාණෙනි / මහත්මියනි,
Deleteඔබ තව දුරටත් කරනුයේ කණා බල්ලන් ගසා පීචං වීමයි.
පළමුවෙන්ම තිලක් කරුණාරත්න සංඝයා දේශපාලනයට ගෙන ඒමට උත්සාහ කරන්නේ 2003 දෙසැම්බර් මාසයේදී සෝම හිමියන් අපවත් වීමෙන් අනතුරුවයි. 2003 දෙසැම්බර් සහ 2004 ජනවාරි මස මා ගෙවා දමනුයේ අවසන් වසර විභාගය ලියමිනි. ඒ නිසා ඔබේ පළමු කතාව සිනහ උපදවන්නකි.
ඔබේ දෙවැනි කතාව ඊටත් වඩා සිනා උපදවන තරම කොපමණදැයි කිවහොත් එයට පශ්චාත් භාගයේ සහභාගීත්වයක්ද ලැබෙන තරමට තත්ත්වය බරපතළය.
ලෝ - මෙඩිකල් ක්‍රිකට් තරඟය සාම්ප්‍රදායිකව පැවැත්වෙන්නේ විශ්ව විද්‍යාලයෙන් පිටතයි. 1998 - 2003 අතර තරඟ සියල්ලම පැවැත්වෙන්නේ ශාන්ත ජෝසප් විද්‍යාල පිටියේය. එසේම දෙවැනි ඉනිමක් ගැන කරන කතාවද හාස්‍යෝත්පාදක වන්නේ එකී තරඟය සීමිත පන්දුවාර තරඟයක් වන බැවිනි. මා ගැන තතු දන්නෝ මා පිතිකරුවකු නොව දඟ පන්දු යවන්නකු බව පවසනු ඇත.
එසේම මහින්ද දිසානායකගේ පුතාගේ නම නොදැනීමද කණා බල්ලන් ගසන බවට තවත් උදාහරණයකි.
මුළු කතාවේම සාරය එළියට පණින්නේ අක්ෂය කියවන්නට ඔබ මට යෝජනා කරන විටය. ඔබ ප්‍රකට කරන්නේ දීප්ති අයියාහ් ගේ සුවච කීකරු ගෝලයකුගේ ලක්ෂණයි. ඔබ අක්ෂය මෙන්ම බූන්දිත් ලියන බව අප දනිමු. ඒ නිසා ගරිල්ලා වික්‍රම නැතිව අවශ්‍ය නම් කෙළින් කතා කරමු.
//උඹ සිතුමිනි රතනමලලගෙන් පෞද්ගලිකව පලිගත්තු තුච්ඡ ආකාරය දැක්කාම නමින් එන්න ඇත්තටම බයයි නෙ බං වාදෙකට. සර්පයෙක් එක්ක හැප්පෙන්න යනකොට අපි ටිකක් දුරින් ඉන්නෙ. කොයි වෙලේ කොයි විදිහට පැනලා සපාකයිද ෂුවර් නැහැනෙ.
Deleteඑහෙමද, අපි හිතුවේ පට්ට වීරයෙක් කියල. බලනකොට ගැරඬියෙක්නෙ. හැබැයි අපි නං උන්නැහෙගේ වීරයා වගේ ගෑණු වාට්ටු වලට අවේලාවේ රිංගලා පීචං වෙන්නේ නෑ.
වාට්ටුවට අවේලාවෙ ගියා නම් ඒක වරදක් තමයි නමුත් ඒවට තවත් ලුණු ඇඹුල් අතින් දාලා ඒවා ප්‍රසිද්ධියේ කිය කියා යන්න තරම් පහත් තත්වයට වැටුණු පාදඩ වෛද්‍යවරුන් ඉන්න රටක පරෙස්සම කියන්නෙ බියසුළුකම නෙවෙයි බුද්ධිමත්කම. සිතුමිනි රතනමල්ල වගේ සරසවි ආචාර්යවරයෙකුටත් ඒ විෂඝෝර සර්පයන් දෂ්ඨ කළා නම් අපි මොක්කුද?
Deleteතමන්ගේම ගුරුවරයා වෙච්චි ඊටත් වඩා සැබෑ මහත්මයකු වුණු රටේම කීර්තිනාමයක් දිනාගත් මහාචාර්ය රිස්වි ෂෙරිෆ් වැනි දැවැන්තයකුට හුදෙක් ඔහු මුස්ලිම් වීම නිසාම බ්ලොග් වලින් එළව එළවා මඩ ගැසූ පුද්ගලයකුට ඕවා සාමාන්‍ය දේවල් බං.
Deleteරංගයෝ උඹ එන්න එන්න ම කැලේ යනවා. අසත්‍ය මාර්ගයෙන් සත්‍ය මාර්ගය වෙත උඹ රැගෙන එන්නට මා දරනා අවසන් වෑයම මෙය යි.
Deleteඋඹ මුලින් ම නොමඟ ගියේ මුල් සටහන උඹට ගහන්න ලියූ බව සිතීමෙන්. ඒක උඹේ මිස්ඉන්ටර්ප්‍රිටේශන් එකක්. උඹ අයෙත් සැරයක් ශර්මා එක යි, හ්‍යුස් එක යි, බජාජ්-බේනන් එක යි කියවිය යුතු බව මා යෝජනා කරනවා ඉන්ටර්ප්‍රිටේශන් ස්කිල්ස් රිවයිව් කර ගන්න. උඹට කිසි ම අපහාසයක් හෝ උපහාසයක් හෝ මා කළේ නැහැ. අවුරුදු ගණනකට පසු උඹ දැක්ක ම හිතට නැඟි ප්‍රහර්ෂයෙන් සටහනක් තැබීම හැර.
උඹ මගේ සටහන ආධානග්‍රාහී නො වී කියෙව්වා නම් උඹට මේ අලකලංචිය වෙන්නේ නැහැ. උඹ ඔය වලිගේ පාගගෙන නටන්නේ මෙන්න මේ වාක්‍යය ද්වයය අල්ලගෙන:
// මට මතකයි මා කොලේජ් ශෙසන්ස්වලට අන්තිමට ලංකාවට පැමිණි දවසක අප උඹ ගැන කතා වුණා. උඹ ඒ කාලේ රන් නමින් ලියූ කවි ගැන, හෙළ උරුමය සංඝයා දේශපාලනයට ගෙන ඒමට සහය පතා වෛද්‍ය විද්‍යාලය තුළ පත්‍රිකා බෙදන විට අපේ සහෝදරවරු ඊට එරෙහ ව කළ අරගලයට උඹ දුන්නු සහය ගැන, තව එතකොට උඹ අර ලෝ-මෙඩිකල් ක්‍රිකට් මැච් එකේ ක්ලයිව් ලොයිඩ් වගේ ප්ලේ කළ හැටි…//
උඹ එම්.ඩී. පාර්ට් ටූ එකේ ග්‍රේ කේස් එක කියවන විධියට සිහිකල්පනාවෙන් කියවා බලපං ඉහත වාක්‍ය කීපය. මෙතන මා පවසන්නේ සිනමන් ග්‍රෑන්ඩ් එකේ තිබුණ කොලේජ් ඔෆ් පිසිශන්ස් ඇනුවල් සෙශන්ස්වලට මා ලංකාවට පැමිණි අවසන් වාරයේ දී තේ පැන් සංග්‍රහ වේලාවේ අප කීප දෙනෙකු අතර වුණු අතීතාවර්ජනයක් පිළිබඳ යි. ඔය උඹ ෆයිනල් කළා ය කියන කාලය වන විට මා වෛද්‍ය විද්‍යාලයෙන් පිට ව ගොස් බොහෝ කල්. ඒ කාලයේ මා ජාතික රෝහලේ සේවය කරනවා වෛද්‍ය විද්‍යා පශ්චාත් උපාධි ආයතනයට සම්බන්ධ ව. උඹ 2003/2004 දී ෆයිනල්ස් සිට් කළ බව කියූ පමණින් උඹ රටේ ලෝකයේ වෙන දේ ගැන නො දැන, ඒවාට මැදිහත් නො වී සිටිය බවක් හැඟෙන්නේ නැහැනේ. මා එකල මගේ හිතවතෙකු හෝ හිතවතියක හෝ (නම පැවසුවහොත් උඹ ඔහු හෝ ඇය හෝ දනී. නමුත් නම පැවසිය නො හැකි ය.) මුණ ගැසීමට සන්ධ්‍යා මානයේ වෛද්‍ය විද්‍යාල පැත්තේ පැමිණෙන විට උඹ ඔය මහ ලොකු ෆයිනල්ස් කරන අතරෙත් කොමන් රූම් එකට වී සැටලයිට් ටී.වී. එක දෙස කට ඇර ගෙන බලා සිටිනු මා අපමණ දැක තිබෙනවා. උඹ මෙතන ඉන්න මිනිස්සුන්ට ලොකු ඉම්ප්‍රෙශන් දෙන්න ඕන නැහැ උඹ ෆයිනල්ස් කළ අවුරුද්ද පුරා උඹ වොෂින්ටන් එකේ හා බ්ලොම් එකේ පාඩම් කර කර හිටියා මිස රටේ ලෝකේ දේශපාලනය ගැන මෙලෝ මැදිහත් වීමක් කළේ නැහැ කියා. උඹ සංඝයා දේශපාලනයට ගෙන ඒම ගැන අද තොත්ත බබා වෙන්නේ මොකක් හෝ සමකාලීන දේශපාලන නැඹුරුවක් නිසා වෙන්න ඇති. නැති නම් ඔය ගැන නටන්න ඕන ද?
උඹ ප්‍රධාන ක්‍රිකට් මැච් එකක් යුනිවර්සිටි ග්‍රවුන්ඩ් එකේ ප්ලේ කළ බවත් මා පවසන සිදු වීම් නිසැක ව ම සිදු වූ බවත් මා යළිත් පවසනවා. මක් නිසා ද එම තරඟය නරඹන්න මා පැමිණි නිසා. ඇත්තෙන් ම උඹ බැට් කරන්න යන විට අන්න ක්ලයිව් ලොයිඩ් බැට් කරන්න යනවා කියා ස්පෙක්ටේටර්ස්ලා ඇජිටේට් කළේ මා බව එදා මට තම් අප් කළ උඹට අමතක වීම මගේ ගැටලුවක් නො වේ. ඒ මැච් එක ලෝ-මෙඩිකල් ද නැතිනම් වෙන ස්පොර්ට්ස් ඉවෙන්ට් එකක ද කියන එක ගැන සැකයක් තියෙන්න පුළුවන්. මා ඒ බව උඹට පැවසුවා මෙලෙස: “ඒ මැච් එක තිබ්බේ ලෝ කොලේජ් එක එක්ක ද නැති නම් අපේ ස්පෝර්ට් ඉවෙන්ට් එකක ද කියලා උඹ ඔහොම කියද්දි ඩවුට් එකක් එන්න පුළුවන්. ඒත් රංගයා උඹ මැච් එක ගැහැව්වා කියන එක නම් ඉතිං නෝ ඩවුට්.”
පන්දුව දඟ කැවෙන එක කෙසේ වෙතත් උඹ දඟ පන්දු යවන්නෙක් බව මා දන්නවා. දඟ පන්දු යවන්නාටත් පන්දුව පාලනය කර ගන්න බැරි වී අපට ලබා දුන් ආතල් එක ගැන මා මෙලෙස පැවසුවා: “ඇයි උඹ දැම්ම එක්ස්ටෙන්ඩඩ් ඕවර් එක. ආතල් ගොඩ යි බං.”
ඒ ක්‍රිකට් තරඟයේ දී උඹ මුලින් ෆීල්ඩ් කළා. ඒ ගැන යි මා පැවසුවේ ෆර්ස්ට් ඉනිංස් යනුවෙන්. විතණ්ඩ තර්කවලින් වැඩක් නැහැනේ රංගයෝ. අප උඹ ප්ලේ කරනවා බලන්න ආශා කළේ උඹ ක්ලයිව් ලොයිඩ් කෙනෙකු නිසා නො වේ; උඹ බර්මියුඩාවල ඩ්වේන් ලීවර්රොක් වගේ උනන්දුවෙකු නිස යි.
රංගයා, උඹ අර දහම් තරම් සුපර්ස්ටාර් කෙනෙකු නො වුණාට (හරේන්‍ද්‍ර සිල්වා සර්ගේ පුතා යනුවෙන් නො ලිව්වේ උඹ නැති නම් ඒකටත් තව දෙයක් කියන්න පුළුවන් නිසා) උඹ ගැනත් හැමෝ ම වගේ කතා වෙනවා ඒ දවස්වල. අනේ බං රංග, උඹේ නිගමනවලට මචං මට යි හරි නම් අධෝමාර්ග හාස නැඟෙන්න ඕන! මහින්ද දිසානායකගේ පුතා යනුවෙන් ලියූ විට උඹ ගන්න නිගමනය මා ගයාමන් නො දන්න බව යි. සරල වැඩි යි නේ ද මචං. උඹ බොර්ඩ් සර්ටිෆයිඩ් කන්සල්ටන් කෙනෙකු නේ ද ලංකාවේ? අනේ මචං රංග මිගාර වීරක්කොඩ, පිසිශන්ස්ලා සංහතියක ම පටි රෝල් නො කර අපි මේ කතාව නවත්තලා දාමු නේ ද?
මා උඹට මගේ නම පවසනවා මෙතන තියෙන දේශපාලනික වියවුල් නො වුණා නම්. එහෙ ම වුණා නම් උඹ මේ වැරදි වැටහීමක් ඇති කර ගන්නේ නැහැ රංග. ඒත් විවිධ හේතු නිසා මෙතන නම පවසන්න බැහැ. මක් නිසා ද මේ අප සිටින්නේ ආණ්ඩුවේ කුලී ඔත්තුකාරයෙකු වන අසත්පුරුෂ වාමාංශික පෝලෝ සීයා කෙනෙකුගේ විමානයේ නිසා. වාමාංශික පෝලෝ සීයා දැනටමත් බොර දියේ මාළු බාන්න පටන් ගෙන. ඒත් මා පොරොන්දු වෙනවා බොහෝ විට නොවැම්බර් තුන් වැනි සතියේ කොළඹ දී ඔබ මුණ ගැසෙන්න ඔබ නියුරෝ ගැනත් උනන්දු නම්. වැඩි විස්තර මෙතන කතා නො කරමු.
Deleteඅවසාන වශයෙන් ද මා රංගට පවසන්නේ මගේ පළමු සටහන රංග පිළිබඳ කිසිදු අහිතකින් නො ලියූ බව යි. කාලයකට පසු මිගාර ලෙස රංගගේ ෆොටෝ එක දැකීමෙන් මා සිත නැඟි අප්‍රමාණ සන්තුෂ්ටිය එහි ගැබ් ව තිබුණා. අපි මෙම ගරිල්ලා වික්‍රම දැන් නවත්තමු. මක් නිසා ද යත් මේ ගරිල්ලා වික්‍රමවලින් ගරිල්ලා මාර්කටින් කිරීමට වාමාංශික පෝලෝ සීයා බලා සිටින බැවිනි. අක්ෂය හා බූන්දි පමණක් නො ව 3මාන ද කියවන මෙන් මා රංගට යෝජනා කරනවා.
(වාමංශික පෝලෝ සීයේ ඔයාගේ නූල් සූත්තර අපි හොඳට දන්නවා!)
මේ ලියන පොරගේ අනන්‍යතාව හෙළි වුණාට පස්සේ දැන් රට පටළවමින් ගැලවෙන්න හදන අසරණ උත්සාහයක් මේක. දැන් දීප්තිගේ පස්ස පැත්තටත් මුවා වෙන්න හදනවා. අපොයි දිදුලන තාරකාවකට ගිය කල!
Deleteයකෝ, මේක මුළු දවසේ ම මේක දිහා ම බලා ඉන්නෙ නැතිව තේරුමක් ඇති වැඩක් කරපන් මගෙත් එක්ක ඇරියස් පියවන්න විකාර නො කර. උඹලා මේ බ්ලොග් එකයි, ඒකෙයි, ෆේස්බුක්වලයි යන කමෙන්ටුයි කට පාඩම් කරනවා වගේ නෙ. පිස්සු ද බං. මංවත් ඕව ඔච්චර සිරා ගන්නෙ නැහැ.
උඹලා කාලාන්තරයක් තිස්සේ කරපු බලු වැඩ ඔක්කොම මාට්ටු වෙලා ඉවරයි.
දැන් ඉතින් හරා කිරි කර ගනින්.
ඔව්වට කරන්න දෙයක් නෑ පොලිසියට සෙනසුරු මහ දසාව ඉතින් ජනතාව තමුන්ගෙ කේන්දර බලව ගන්න ඕනි.බ්ලොග් ලියන අපිට නම් ඉතිං දෙය්ය වගේ එකෙක් ඉන්නව
ReplyDeleteකියවන අපිට?
Deleteකේන්දරේ රට යන කාලය පෙන්නුම් කරනවා වගේ වෙඩි කන කාලය පෙන්වන්නේ නැද්ද ?
Deleteකේන්දරෙන් ඇනෝ කොමෙන්ට් දාන එවුන් අල්ලන්න පුළුවන්... බලාගෙන...
Deleteමම කොරන්නෙ කොමෙන්ට් එකක් කොටන එක විතරයි,බ්ලොග් ලියන උබලත් එතකොට සිවිල් සමාජෙ අපිට වඩා වෙනස් උන් ටිකක්.බ්ලොග් වල ටෝක්ස් නම් එකසිය ගානට.
Deleteමේ සිදුවීම පොඩි දෙයක් නෙමෙයි. මිනිස් ඝාතනයක් කියන්නෙ සුළුපටු දෙයක් කියල හුග දෙනෙක් හිතනව. මහ ලොකුවට කතා කරනව. කොටින්ම කිව්වොත් පොර ටෝක් දෙනව.ඒත් ඒ මරණයේ වේදනාව දැනෙන්නෙ ඒ අයගේ අම්මට තාත්තට. අන්තිමේට මැරිච්ච උන් මත වැරැද්ද පටවනව. පොලිසියේ උන්ගෙ වැඩ තහනම් කරනව. අන්තිමේට අසරණ වෙන්නෙ උන්ගෙ දරු පවුල්...සහ මිය ගිය අයගේ අම්ම තාත්ත නැත්තම් අඹු දරුවන්...පොලීසිය කියන්නෙ අගහරු ලෝකෙන් ආපු අමුතු මිනිස් කොට්ඨාශයක් නෙවෙයි. ඒ මිනිස්සුත් හිතන්න ඕන තමනුත් මේ වගේම සාමාන්‍ය මිනිස්සු කියල.මෙතැන වෙන මොකවත් නෙවෙයි ඉස්සර වෙලා මේ මිනිස්සුන්ගෙ ආකල්ප හදන්න ඕන.සිංහල දෙමල කියන වෙනස අමතක කරන්න ඕනෙ. රජයක් ඒ සදහා වැඩපිලිවෙලවල් ක්‍රියාත්මක කරන්න ඕන.නමුත් ඒ දේ එක දවසින් දෙකින් කරන්න පුළුවන් දෙයක් නෙවේ.අන්තර් විශ්ව විද්‍යාල බලමණ්ඩජල එකතු වෙලා ඒ මිය ගිය ශිෂ්‍යයින් වෙනුවෙන් කතාකරන එක නව නැම්මක් කියල හිතෙනව
ReplyDeleteඇඹිලිපිටියේ උන් නම් මහා සංඝරත්නය පිරිත් නූල් බැඳලා එලියට දැම්මා.. මුනුත් රණවිරු ඝනයට අයත් නිසා.. ජාතික වීරයෝ වෙයි.. ඇප දෙන්න බෙංගමුවේ ආලවකලා ඉන්නවා නේ...
ReplyDeleteඅහිංසක තාරුණ්‍ය බෝම්බ තියල අහිංසක දරුවෝ මරනකොට උඹ කොහෙද හිටියේ පැරෝ
ReplyDeleteකක්කුසියෙ බං
Deleteඅහිංසක ජීවිත දෙකක් අන්තිමේ නැතිවුණා
ReplyDeleteදෙමළු අහිංසක නෑ බං. විශේෂයෙන් දෙමළ කොල්ලෝ අහිංසක නෑ. අහුවෙන අහුවෙන එකා මරලා දාන්න තමයි ඕනෑ, ධර්ම රාජ්‍යයට යන පාර දිගේ උන්ගෙ ඔළු රිටිවල එල්ලා තියන්නත් ඕනෑ. එතකොට තමයි අපට සිත පිරිසිදු කරගෙන නිර්වාණයට යන්න පුළුවන්. සාධු සාධු සාධු
Delete//දෙමළු අහිංසක නෑ බං. විශේෂයෙන් දෙමළ කොල්ලෝ අහිංසක නෑ. අහුවෙන අහුවෙන එකා මරලා දාන්න තමයි ඕනෑ, ධර්ම රාජ්‍යයට යන පාර දිගේ උන්ගෙ ඔළු රිටිවල එල්ලා තියන්නත් ඕනෑ. එතකොට තමයි අපට සිත පිරිසිදු කරගෙන නිර්වාණයට යන්න පුළුවන්. සාධු සාධු සාධු//
Deleteමේ ම්ලේච්ඡ දෙමළ ජාතිවාදී ලේ පිපාසිත මිනීමරුවන්ට රෙදි නැතුව කඩේ යන මනෝ විකෘතික සක්කිලියන් සිංහල ජාතිවාදීන්ගෙන් බලාපොරොත්තු වන දෙයයි. නමුත් වාසනාවකට මෙන් බහුතර සිංහලයෝඅ මෙතරම් උග්‍ර මනෝ විකෘතික මතයක් නොදරති. දුක තමයි රන්ජනී ! හහ් හා !
මේ නිසා දෙමළ ජාතිවාදී බෙදුම්වාදෙ ව්‍යාපාරය සහ උන්ට රෙදි නැතුව කඩේ යන බඩගොස්තරවාදීන්ට ටහිකී ඇති බැව් මින් මනාව ගම්‍ය වේ. ඉතින් වේලි වේලි උන් ගොබ්බයින්ට සූප්පු කරන්නට මස් කට්ටක් ලංකාවේ ගොබ්බ පොලීසිය විසින් දැන් සපයා තිබේ. දැන් ඉතින් සිංහල-දමිළ දෙවර්ගයේම ජාතිවාදියෝ බඩ පිනුම් ගසති.
This comment has been removed by the author.
Deleteනඩුවෙන් පොලීසියේ කට්ටිය බැරිවෙලාවත් වැරදි කාරය කරලා වන්දි ගෙවන්න නියම කලොත් බන්දුල ගුනවර්දනලා සල්ලි එකතු කරලා දෙයි.
ReplyDeleteමේ සිදුවීම සම්බන්ධයෙන් සිංහල බෞද්ධ ජාතිවාදී කඳවුර නියෝජනය කරන මිගාර වීරක්කොඩි නැමැත්තා මෙහිද සුජීව කොකාවල නැමැත්තා වෙනත් ෆේස්බුක් සමූහයකද තබා තිබූ සටහන් දුටුවෙමි. මේ දෙදෙනාගේම අදහස් බොහෝ සමානය. පොලීසියේ අණ නොතකා ගිය වරදට පොලීසිය වෙඩි තබා තිබේ. එනිසා මේ සිසුන් දෙදෙනා මිය ගොස් ඇත. පොලීසිය මෙසේ වෙඩි තැබීම ස්භාවිකයි. එනිසා මෙහි ගත යුත්තක් නැත. පෙර නිදසුන් ඇතිව ජාතික හෙළ උරුමයේ නිශාන්ත වර්ණසිංහ කියන්නේද මෙවැනිම කතාවකි. එනිසා වීරක්කොඩි, කොකාවල, වරණසිංහ තිදෙනාගේ මතය සිංහල බෞද්ධ ජාතිවාදී කඳවුරේ පොදු මතය සේ සැලකිය හැක. ඉදිරියේදී මේ තිදෙනා හා තවත් බොහෝ අය දිගින් දිගටම මේ මතය සාධාරණීකරණය කිරීමට ලියනු ඇත. ඇත්තටම මෙහිදී පොලිසිය කියන්නේ ඇත්තද, වෙනත් කතාවක් මෙතැන තිබුණාද කියන සරල ප්‍රශ්නය මතු කිරීමට වත් මේ තිදෙනාට උවමනාවක් නැත. ඔවුන්ට අවශ්‍ය සැබැවින්ම සිදු වූ දෙය දැන ගැනීම නොව දෙමළා ජාතිවාදියා සිංහලයා අහිංසකයා යන මතය ජන ගත කිරීම පමණක් නිසාය.
ReplyDeleteඑහෙත් මේ මහත්වරුන්ම මීට පෙර යාපනය විශ්ව විද්‍යාලයේ දෙමළ සිසුන් පිරිසක් විසින් සිංහල සිසුන්ට පහර දුන් අවස්ථාවේ ගත් මතය මීට ඉඳුරා වෙනස්ය. එහිදී ඔවුන් පුන පුනා කීවේ එය ජාතිවාදී ක්‍රියාවක් බවයි. එහි ඇත්ත නැත්ත විමසීමටවත් ඔවුන්ට අවශ්‍ය නොවීය. එහිදී මධ්‍යස්ථ මතයක් දැරූ ගල්කන්දේ ධම්මානන්ද හිමියන්ට පවා මොවුන් සමහරකගෙන් අපහාස විඳින්නට සිදු වූ බව මතකයි.
සිංහල ජාතිවාදී හෙළ ඌරුමීයන් ඇතුළු කල්ලිය ගැන කිවූ කරුණු වලට තරමක් දුරට එකඟයි. නමුත් ඔතන වෙන්නේ හැම එකාම තමන්ගේ වාසියට තම දේශපාලන ව්‍යාපාරයට වාසි සහගත ලෙස කරුණු ගැලපීම පමණි. උදාහරණ ලෙස දෙමල ජාතිවාදී අවලමුන් ද තම බඩගෝස්තරය වෙනුවෙන් දෙමළ ජාතිවාද්යට අමු හෙළුවෙන් කඩේ යන වාමාංශික යැයි කියාගන්නා පාහරයින් ද මෙම කරුණේ දී සිංහල ජාතිවාදී ජඩයින්ගෙන් වෙනස් නොවේ.
Deleteඋදාහරණ ලෙස යාපනය සරසවියේ යකා නටන අමුම අමු ගෝත්‍රික දෙමළ ජාතිවාදී අවලමුන් විසින් එහි සිංහල සිසුන්ගේ විකාර නාඩගමක් දැක අතිශය අශික්ශිත ලෙස කුලප්පු වී මද කිපුණු කුලු හරක් මෙන් පහරදුන් දිනවල දෙමල ජාතිවාදීන් හා උන්ට කඩේ යන අවලමුන් රඟ දුන් ආකාරය මීට නොවෙනස්ය.
ගල්කන්දේ දම්මානන්ද නමැති වසල කහකඩ අවලමා කොහෙද බන් මැදහත් මතයක් දැරුවේ? කාලකණ්ණි අපත _ත්තෙක් නෙ බන් ඒ ධාතු සුනඛයා? උගෙත් සිංහල ජාතිවාදීන්ගෙත් එකම වෙනස කඩේ යන මතවාදය එකිනෙකට ප්‍රතිවිරුද්ධ වීම විතරයි.