සුභද්‍ර මෛත්‍රීගේ අභද්‍ර‍ ප්‍ර‍කාශය දිමිත්‍රිගේ ඇසින්

අපි මෙහෙම බලමු. තවමත් මහපොලවේ තත්වය: රනිල් < මහින්ද; මෛත්‍රි < මහින්ද; නමුත් රනිල් + මෛත්‍රි > මහින්ද. කුමන අයුරක හෝ රනිල්-මෛත්‍රි ස්ප්ලිට් වීමක් කියන්නේ ඔවුන් දෙදෙනාගේම අවසානය (ලක්ශ 62 අපි අමතක වෙමු ). සරලව, රනිල් මෛත්‍රි ඉන්නෙ එකට සිටිමු-පවතිමු;වෙන්වෙමු-වැනසෙමු සිටුවේශන් එකක. අවුරුදු 40 කට වඩා දේශපාලන අත්දැකීම් තිබෙන රනිල් සහ මෛත්‍රි අඳබාලයන් ලෙස කටයුතු කරනු ඇත්ද?

අපි මෛත්‍රිගේ මේ දක්වා ප්‍රගති වාර්තාව අරන් බලමු. මම දැක්ක විශේශ අවස්ථාවන් මගේ ග්‍රාම්‍ය භාශාවෙන්..

1. ජනාධිපති වූ පසු කල පලමු රූපවාහිනී කතාව: වහල් කතාව - එයා අවධාරනය කරනවා පසුගිය පාලනයට සහයෝගය දක්වන අයට එයාගේ අනුකම්පාවක් නැහැ කියලා. සිවිල් සමාජය/ලක්ශ 62 අපි මේ කතාවට මාර ලැයික්! එහෙම වෙන්නෝනෙ!

2. දෙවනි/තුන්වෙනි කතා: එයා කියනවා වැදගත් කතාවක්. රටේ ප්‍රධාන පක්ශ දෙකෙන් එකක් දුර්වල උන හැමවතාවේදිම රට ආගාධයකට ගිය බවත් එසේ නොවන්න ඔහු කටයුතු කරන බවත්. මට මතක හිටිනම දේ තමයි, ඔහු කියනවා "මම ගන්න තීන්දු සමහරවිට ජනප්‍රිය නොවෙන්න පුලුවන්. නමුත් තව කලක් ගිය පසු ඔබට වැටහෙයි මා කල දේ හරි බව" කියා. මේ කතාව මතක තබා ගත යුතුයි.

3. මහ මැතිවරනය-2015 අගෝ.: සිවිල් සමාජය කියනවා මහින්දට නාම යෝජනා නොදෙන ලෙස.නමුත් අති තීරනාත්මක සතියක අවසානයේ හොරු කන්ඩායමටම නාම යෝජනා ලැබෙනවා. පසුව දැනගන්නට ලැබෙන විදියට එය සිදුවන්නේ මෛත්‍රිගේ අකමැත්තෙන්. නොකර බැරිකමට. නමුත් ඉතා අවදානම් තත්වයක් අවසානයේ ඔහු මහින්දට දිනන්න දෙන්නේ නැහැ. අවසාන මොහොතේ ඔහුගේ ලිපියෙන් තමයි මේක කලේ. සමහරවිට ඔහුට ගනනය කිරීමක් තිබෙන්නට ඇති ජනාධිපති ලෙස, කෙසේ හෝ මහින්දගේ ජයග්‍රහනය වලකන්නට. අවසානයේ ඔහු දිනුම්. කාටවත් අති බහුතරයක් නැහැ. අපිට අමතක කරන්න බැහැ ගම් මට්ටමේ අති බහුතර කැමැත්ත මහින්දට තිබියදියි ඔහු මේක කලේ. අවසානයේ ඒ ජයග්‍රහනය නිසා තමයි ද්වි පක්ශ ආන්ඩුවක් හදන්නට පුලුවන් වන්නේ. නමුත් දුර්වල අවදානම් ආන්ඩුවක් - සරලව යූඇන්පියේ (හොරා කන්න ඉන්න) අයයි ශ්‍රීලංකා (හොරා කෑමේ රස දන්න) අයයි එකට තියා ගන්න පුලුවන්ද? නමුත් මෛත්‍රි - රනිල් ඒක කලා. තවමත් අපහසුවෙන් වුවත් කරමින් ඉන්නවා.

4. කැබිනට්ටුව තේරීම: නිමල් ලන්සා, මුතුහෙට්ටි ආදීන් ට ඇමතිකම් දීම සිවිල් සමාජයේ/ලක්ශ 62කේ අතිශය විවේචනයට ලක්වුනා. මධ්‍යස්ථව හිතුවොත්, ඒකෙන් ඒකාබද්ධ කට්ටියගේ ඔලුගෙඩි ගාන කොන්ට්‍රෝල් වුනා කියන්න පුලුවන්. මෛත්‍රි මේක කරන්න ඇත්තේ කැමැත්තෙන් නොවන බව පැහැදිලියි.(චේතනාව එතරම් වැදගත් නැති බව ඇත්ත )

5. මහ මැතිවරන්යෙන් පසු සමය: මේ අතරෙදි ඔහු රනවිරු කතා, බ්‍රෙසියර් කතා වැනි සිවිල් සමාජය අකමැති කතා කියන අතරේ උතුරේ ඉඩම් නිදහස් කලා, සම්බන්ධන් විපක්ශ නායක කමට පත්කලා, ජාතිකගීය දෙමලෙන් කියන්න පුලුවන් වුනා, කොටින්ම උතුරේ විශ්වාසය දිනාගන්න උත්සාහ කලා, ජාත්‍යන්තර ව ඉහල පිලිගැනීමක් ලැබුවා (මේකෙ ඇත්තම වීරයා මංගල. ඒ ගෞරවය ඔහුට ලැබිය යුතුයි.) අපි මේවට ලැයික්!

6. දූශන, මිනිමැරුම් විමර්ශන: මේ රජයේ බලවතා රනිල්. බැලූ බැල්මටමත් විමර්ශනවලට බලපෑම් කරන්නේ රනිල් ප්‍රමුඛ යූඇන්පී අය. ඇහෙන කතා අනුව නම් මෛත්‍රිට තමයි මේ ගැන හෝල්ඩ් එකක නැත්තේ. රනිල් (මහ බැංකු ) විජේදාසගේ (ඇවන්ට් ගාඩ් ), රනිල් (වීරවංශ ) ගේ බලපෑම් රහස් නොවෙයි. උතුරු අධිවේගෙ කොන්ත්‍රාත්තුව. බැලූ බැල්මට මෛත්‍රිට හෝල්ඩ් එකක් නැහැ මේවා ගැන. එක්ව විසීම සඳහා ඉවසීම?

7. ඒකාබද්ධ පාද යාත්‍රාව/අලුත් පක්ශය හැදීම: මේකෙන් තැතිගත්ත/කලබල වුනු මෛත්‍රි තර්ජනය කලා ඒකාබද්ධ කන්ඩායමේ දූශන තමන් දන්න බවත් ඒවා එලියට දාන බවත්. බොහෝවිට මේ තර්ජනය මහින්දගේ සමීපතමයින්ට-නාමල් ගැන බවයි සැක කෙරුනේ. මේ කතාව කියලා තවම මාසයක් වගේ.

8. මේ අතරේ දහම් ගම කනවා.

9. පෙරේදා කතාව: එකපාරටම කියනවා ගෝටාබය, රනවිරුවො ගෙන්නපු එක වැරදියි, බුද්ධි අංශ රිමාන්ඩ් කිරීම වැරදියි කියලා. මෛත්‍රිට එල්ලිලා ඉන්න තියෙන එකම පිදුරු ගහ ඔය රනවිරුවො තමයි. ඒක මාර ඉල්ලමක්. නොවරදින ඉල්ලමක් ලංකාවේ. රනවිරුවො මුල්කරගෙන මිනිස්සුන්ට ජාතිවාදී ආමන්ත්‍රනයක් කරන එක තමයි මහින්දගෙ අවසාන තුරුම්පුව. මහින්ද බලාගෙන ඉන්නව පොඩ්ඩක් හරි යහපාලනය ගහලා ගිය ගමන් අවස්තාව තමන්ට බව. මෛත්‍රිට මේ ගැන ගනනය කිරීමක් තියෙනවා. මේ තත්වයේදී මෛත්‍රි අඩුගානේ රනවිරුවන් වෙනුවෙන් ඉන්න බව ඔහුට කියන්න වෙලා තියෙනවා.

මම කියන්නේ සිවිල් සමාජය නැතිවුනාට මෛත්‍රි නැතිවෙන්නේ නැහැ. නමුත් මෛත්‍රිට රනවිරුවො නැති වුනොත් මෛත්‍රි ඉවරයි. මේක තමයි මහ පොලවේ යතාර්තය. මම මේකට කැමතියි කියනවා නෙමෙයි. සිවිල් සමාජයේ උද්ගෝශනය අන්තිම වැදගත්. නමුත් මෛත්‍රිගේ මුවින් එන්නේ ඔහුගේ වචන නොවෙයි, පවතින යතාර්තය කියලයි මම හිතන්නේ. මම ඉහත (1 to 9) පෙන්වන්න ට්‍රයි කලේ මෛත්‍රි මුවින් කුමන කතා කීවත්, තීරනාත්මක අවස්ථාවලදී ක්‍රියා කරල තියෙන්නේ මහින්ද බලවේගයට විරෝධීව බව පෙන්වීමටයි.

සිවිල් සමාජයේ/ලක්ශ 62 අපිට රනවිරුවන්,ජාතිවාදය වැනි නොවරදින ඒකාබද්ධ බලවේගයට එරෙහිව කල හැකි යමක් තියෙනවද? (නීතිය ක්‍රියාත්මක කලයුතුයි, අල්ලල හිරේ දැමිය යුතුයි වගේ දේවල් කියනවාට වඩා දෙයක්?) අපිට ලේසියෙන් මෛත්‍රිට බනින්න පුලුවන්. හැබැයි මෛත්‍රි නැති වුනොත් උද්ගෝශනත් නැතිවෙයි (රනිල් හෝ මහින්ද කියන අන්ත දෙකේදිම ). මම තාමත් ටොයියෙක්, රනිල් ටොය්යෙක් නෙවෙයි, මෛත්‍රි-ටොය්යෙක් වෙන්නෙ ඒ හින්දයි.

- Dimithri

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. So nice for you to admit that you're against war heros

    ReplyDelete
  2. අපි පරාජය කළ යුත්තේ අප ඇතුලේම ඉන්න... සමාජය ඇතුලේම තියෙන භූතයන්වයි

    ReplyDelete
    Replies
    1. Are u a fan of Ghostbusters movie?

      Delete
    2. එසේ නම් ඔබ කලයුත්තේ ශ්‍රමණ ගෞතමයන් සරණ යෑමය. අප තුළ සහ සමාජය ඇතුලේම ඇති සියලු ක්ලේශයන් නසා අරහත් බුද්ධත්වය පතා කටයුතු කිරීමය. සාධු සාධු සා

      Delete
    3. තරිඳු,

      භූතයන් යනු වෙන කවුරුවත් නෙවෙයි. ජාතිවාදී බලවේගයි.

      මම මේ කියන දේ බේස් කරන්නෙ ආචාර්ය නිර්මාල් කීප විටකදී කියපු අදහස් කීපයක් පාදක කරගෙනයි. ඔහු මෛත්‍රි වෙනුවට යෝජනා කරන්නේ සෝභිත හිමි. එහෙම වුනා නම් ප්‍රශ්නයක් නැහැ - පක්ශ ඇජෙන්ඩා නැහැ. නමුත් දිනන්න පුලුවන්ද කියන සැකය තියෙනවා - මෛත්‍රිට තරම් චන්ද අනුපාතයක් හාමුදුරුවො කෙනෙකුට උතුරෙන් ලැබෙන එකක නැහැ කියල හිතන්න පුලුවන්. එහෙම බලද්දි මෛත්‍රි තමයි හොඳම චොයිස් එක.

      අනික් එක, නිර්මාල් ජන 8ජයග්‍රහනයෙන් පසු දිනක - ඒ සතියේම් මට මතක විදියට- සටන ප්‍රෝග්‍රෑම් එකේදි තව වැදගත් කතාවක් කිව්වා හොරු ඇල්ලීම ගැන. ඔහු කිව්වා මේ ආන්ඩුවට ගෝටාභය ව (මහින්දව ) ඇරෙස්ට් කරන්න ලැබෙන්නෙ නැහැ කියලා. ඔහු අදහස් කලේ අලුත් ආන්ඩුවේ අභිලාශ වල අවංක භාවය ගැන නොවෙයි,ඩීල් ගැනම නෙමෙයි.. මහින්ද/ගෝටාභය වටා තිබුන ජාතිවාද බලවේගය - ඒ බලවේගයෙන් එන තෙරපුම ගැන කියලයි මම හිතන්නේ.

      මේක තමයි ඇත්ත. එහෙම කල ගමන් මහා ජාතිවාදයක් අවුලන්න ඔවුන්ට පුලුවන්. මෛත්‍රි අද මුහුන දෙන්නේ නිර්මාල් එදා ඉතා නිවැරදිව කියාපු දේ.

      - Dimithri

      Delete
  3. ඇත්තටම ජනාධිපතිතුමා කුමන්ත්‍රණයක ගොදුරක් වෙලාද කියල සැකයි.ඇත විචාරක තුමන් වගේ ආරක්ෂක විෂය ක්ෂේත්‍රයේ ප්‍රවීණයො මේ අවස්ථාවේ නිහඬව සිටීම නොකළ යුතුම දෙයක්.

    පසුගිය ජනාධිපතිවරණය ආසන්නයේදී විචාරක තුමා මෛත්‍රිපාල සිරිසේන මහතාට එරෙහිව සිදුකිරීමට නියමිතව තිබූ කුමන්ත්‍රණයක් පිළිබඳව පහත ලෙස අනාවරණය කළා.

    "මෛත්‍රීපාල සිරිසේන මහතාට එරෙහිව ඉතා භයානක කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වෙනවා. මේ තොරතුරු අනාවරණය කරගන්න මට දුරකථන ඇමතුම් ඉතා විශාල ගණනක් සහ වැදගත් පුද්ගලයන්ට නොදැනෙන පරිදි ඔවුන්ගේ අදහස් දැනගැනීමක් කරන්නට සිදුවුනා. මෙය දැලිපිහියෙන් කිරි කනවා වැනි භයානක ක්‍රියාවක් වුණා. ලැජ්ජා නැතිව සමහර ලොක්කෝ කිව්වා, අපි හොඳින් හෝ නරකින් මහින්දට බලය අරන් දෙන බව. මෙය ඉතා භයානක තත්වයක් බව මා දැඩිව අවධාරණය කරනවා. මගේ ජීවිතයට එල්ලවියහැකි තර්ජන නිසා මා දන්නා සියල්ල මෙහි හෙළි කරන්නට බැහැ. නමුත් අපි ජනවාරි 8 වැනිදායින් පසුව ඉතා භයානක තත්වයකට මුහුණ දෙන බව කියන්නට පුළුවන්. ජනාධිපතිවරණය සාධාරණව නොපැවැත්වීමටත්, ජනාධිපතිවරණයෙන් මෛත්‍රීපාල සිරිසේන මහතා ජයගතහොත්, භයානක කුමන්ත්‍රණයක් මගින් එතුමා ඝාතනය කර හෝ බලය අල්ලාගැනීමටත්, සැළසුම් සකසා තිබෙනවා. බීමත්ව කටමැත දොඩවන පුද්ගලයකු කීවා නම් එය ගණන් නොගෙන ඉන්නට තිබුනා. නමුත් මා මෙම තොරතුරු හොයාගත්තේ ඉතා විශ්වාසවන්ත ආරංචි මාර්ග මගින්. රජයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග, ඉතා පැහැදිළිව තහවුරු කර තිබෙනවා, ජනාධිපතිවරණයෙන් මහින්ද රාජපක්ෂ මහතා පරදින බව. මේ රටේ යුක්තිය සාධාරණත්වය අගයන ජනතාවගෙන් මා ඉල්ලා සිටින්නේ මේ ගැන අවදියෙන් සිට, අසාධාරණයට එරෙහිව, අවශ්‍ය ක්‍රියාමාර්ග වලට අවතීර්ණ වන ලෙසයි."

    මොහොතක් සිතා බලන්න විශ්‍රාමිකව සිටියදී පවා විචාරක තුමා රටේ ප්‍රජාතන්ත්‍රවාදය සුරැකීම වෙනුවෙන් ජීවිතය නොතකා කැපවූ ආකාරය. ඇත්තටම මෙයයි සැබෑ ගවේෂණාත්මක වාර්තාකරණය.

    ආරක්ෂක විෂය ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ගෙ අදහස මේ අනාවරණය නිසා සිදුවීමට නියමිතව තිබූ කුමන්ත්‍රණය වැළකුණු බවයි. ඒ වගේම විචාරක තුමා වගේ ආරක්ෂක විෂය ක්ෂේත්‍රයේ ප්‍රවීණයෙක් මෛත්‍රීපාල සිරිසේන මහතා සමග සිටීම පිළිබඳවත් කුමන්ත්‍රණකරුවන්ගේ පසුබෑමට හේතු වූ බවත් ඔවුන් ගේ අදහසයි.

    බලයට පත්වූ වහාම මෛත්‍රීපාල සිරිසේන මහතා කළයුතුව තිබුණේ විචාරක තුමන්ව නැවත සේවයට කැඳවා මේ කුමන්ත්‍රණය පිලිබඳ පරීක්ෂණ කටයුතු ඔහු වෙත පැවරීමයි. විශ්‍රාමිකව සිටියදී පවා අර තරම් වැදගත් තොරතුරු ලබාගැනීමට තරම් දක්ෂයකු වූ විචාරක තුමන්ව සියලු බලතල සහිතව සේවයේ පිහිටවූ විට මොනතරම් සේවයක් ලබාගන්නට තිබුණාද?

    සැබවින්ම විචාරක තුමා බ්ලොග් අවකාශයට සීමා නොවිය යුතුයි. එතුමන්ගේ ලිපි සැබවින්ම පලවිය යුතුවන්නේ Janes Defense Weekly වැනි ස්ථාන වලයි. මේ මෑතකදී එතුමන් විසින් AK -47 ගිනි අවිය පිලිබඳ ලිපි පෙළ රුසියානු ජනාධිපති පුටින් මහතාගේ පවා අවධානයට යොමුවී තිබීම සතුටට කාරණයක්. රුසියානුවන් පවා නොදැන සිටි කරුණු රැසක් විචාරක තුමා අනාවරණය කිරීම පිළිබඳව පුටින් මහතා විශ්මයට පත්වී ඇතිබවද සැලයි.

    සැබවින්ම මෛත්‍රීපාල සිරිසේන මහතා තවදුරටත් ප්‍රමාද නොවී කළයුත්තේ විචාරක තුමන්ව නැවත සේවයට කැඳවා තම ආරක්ෂක උපදේශක ලෙස පත් කිරීමයි. ඒ සඳහා උපරිම සුදුසුකම් විචාරක තුමන් සතු බව එතුමන්ගේ නම අගට අකුරු වලින් යෙදෙන, වීරත්වය සහ විශිෂ්ට සේවය වෙනුවෙන් ලද පදක්කම් රැසකින් (WWV සහ USP වැනි ) සහ කීර්තිමත් යුද විද්‍යාලවලින් ලද සුදුසුකම් (psc) රැසකින් පැහැදිලියි.

    ReplyDelete
    Replies
    1. යුධ හමුදා බුද්ධි අංශය විසින් ජනාධිපතිවරයා වෙත ඇවන්ගාඩ් සිද්ධිය සම්බන්ධයෙන් ඉදිරිපත් කළ අසත්‍ය වාර්තාවක් මත පදනම්ව මේ දිනවල කතාබහට හේතුවී ඇති ප්‍රකාශය කළ බවට ලංකා ඊ නිව්ස් හි සඳහන් වෙනවා. එය සත්‍ය නම් මෙය මහා කුමන්ත්‍රණයක කොටසක් බව පැහැදිලියි.

      මේ අවස්ථාවේදී ආරක්ෂක විෂය පිලිබඳ ප්‍රාමණික විද්වතුන් වන විචාරකතුමන් වගේ පුද්ගලයන් නිහඬව නොසිට තියුණු සංවාදයක් ආරම්භ කළ යුතුයි.

      Delete
    2. // මේ අවස්ථාවේදී ආරක්ෂක විෂය පිලිබඳ ප්‍රාමණික විද්වතුන් වන විචාරකතුමන් වගේ පුද්ගලයන් නිහඬව නොසිට තියුණු සංවාදයක් ආරම්භ කළ යුතුයි. //


      :D

      Delete
    3. ප්‍රාමණික යන්න ප්‍රාමාණික ලෙස නිවැරදි විය යුතුය.

      Delete
    4. "කිචා" ඩවුන් ගිහින් වගේ? දන්නව ඔලුව ඉස්සුවොත් කුඩුවෙන්න වදිනව කියල. "කිචා" වටේම ඇරියස් හදාගෙනනෙ තියෙන්නෙ. "කිචා" දන්නව මෙතෙන්ට ආවොත් කස්ටිය බැස්ටිය දීල රෙද්ද ගලෝල අරින බව.

      Delete
    5. විචාරක තුමන් වගේ ආරක්ෂක විෂය ක්ෂේත්‍රයේ ප්‍රවීණයො ??????

      Delete
  4. අයියෝ පැරා මොකද මේ එන්ජීඕ හොරගුහා ගොබ්බයෙක්ගේ පල් හෑල්ලක් දාල තියෙන්නෙ පෝස්ට් එකක් ලියන්න කරුණු නැතුවද? මීට වඩා හොඳ නැත්ද ඔබම හිතල බලල යම් හැදෑරීමක් සාහිතව පෝස්ට් එකක් දැම්මනම්? මේවගේ අමු මැටි කතාවලට උත්තර දෙන එකේ කාලෙත් අපරාදෙ, නමුත් කෙටියෙන් කියන්නම්.

    01. පලමු කතාව - මේක නිකන්ම නිකන් ගැලරි ටෝකක් විතරයි. පස්සෙ මෙයා මරා එක්ක යටින් ඩීල් දාල පක්ශෙ නායකකම ගත්ත. සිවිල් සමාජ ගොන් හැත්තට මෝඩ චූන්.

    02. //"මම ගන්න තීන්දු සමහරවිට ජනප්‍රිය නොවෙන්න පුලුවන්. නමුත් තව කලක් ගිය පසු ඔබට වැටහෙයි මා කල දේ හරි බව"// මේකත් තවත් කපටි බයිලයක්. මෙයා දන්නව 2015 මහමැතිවරණෙදි මොහාන් පීරිස් සීන් එක වගේ තවත් දූශිත අශීලාචාර වැඩ ගොඩක් කරන්න වෙන වග. ඉතින් මෙහෙම බයිලයක් ගැහුව ඇඟ බේරගන්න. කෝ දැන් කට්ටිය කලක් ගියාට පස්සෙ කොරපු හරිය ගැන මොකෝ කියන්නෙ?

    03. පක්ෂ සභාපතිකම ලැබුනට ඔහුට පක්ශෙ පාලනය කරගන්න බැරුව රෙවිල හිටියෙ. සිවිල් සමාජ ගොන් හැත්ත දෙන පොර ටෝක් ප්‍රායෝගිකව කොරන්න බැහැ. ඉතින් වෙච්චි දේ වුනා. එච්චරයි. අනික ඔය ද්වි-පක්ශ ලබ්බෙන් රටට වෙච්චි සේතේ මොකක්ද? තිබුනටත් වඩා විශාල කැබිනෙට්ටුවක් හරහා රට විනාශ වීම.

    04. ඒකාබද්ධෙ කල්ලියට සෘජුව මුහුණ දෙන්න පණ නැතිකමෙන් යටිකූට්ටු ගේම් දෙන්න ගිහින් කොහෙවත් ඉන්න එපාම කරපු කාලකණ්ණි ටිකක් ලංකරගෙන මිනිස්සු අතර කිච වුණා.

    05. මේවාත් ඡන්දෙ දීපු ගැලරිය පිනවන්න කරපු ගොන් පාට්. බ්‍රෙසියර් කතා, රණවිරු කතා, ළමයින්ට ගුටි දෙන කතා ඔක්කොම පොළොන්නරු ගොඩේ ටයිප් ගැලරි ටෝක්. ඉඩම් ටිකක් නිදහස් කිරීම, ජාතික ගීය සම්පන්තන් වගේ සීන් මංගලගේ දෙමල ඩයස්පෝරා සෙට් එක හුරතල් කරන්න කරපු ගොන් පාට්. ඩයස්පොරා හුරතලේ නිසා ඔවුන් විසින් විදෙස් රටවල් හරහා කල බලපෑම් අඩුවුණත් උතුරේ නග්න දමෛල ජාතිවාදීන් නැවතත් මස් රාත්තලම ඉල්ලමින් ද්කුණ සමග ගේමකට ස්ව්ට් වෙන්න ආවා. ඒ අස්සෙ බූරුවං මංගොංපිල වගේ සින්හල ජාතිවාදී කලකණ්ණින්ට රජ මගුල්. ලොල්.

    06. අදාළ නෑනේ? රනිල්-මරා ඩීල්

    07. මේවත් නිකන්ම නිකන් ගැලරි ටෝක්

    08. සම්මාන්‍යයි.

    09. මේක ලබ්බෙ ඉල්ලමක් නෙවෙයි අර සදාචාරෙ සඟිස්කුරුතිය රැකගන්න කියල දාපු බ්‍රා පාට්, ළමා ගුටි පාට් වගේ තවත් අමුම අමු ගොබ්බ ගොන් පාට් එකක්. සිරාගේ කටවාචාල කතා මෙච්චර සීරියස් කියල පෙන්නන්න හදන්නෙ ඉතින් පුකේ ඉඳන් පිස්සු තියෙන අමු මැට්ටෙක් තමයි.

    සිවිල්සමාජ කාරයින්ට වෙනම න්‍යායපත්‍ර තියෙනවා. ලක්ෂ 62 හිටියෙ ජනවාරි 08 විතරයි පස්සෙ කට්ටිය වෙන් වුණා. දැන් නම් එජාපෙ ලක්ෂ 30-33 යි මයිත්‍රීට නම් ලක්ෂ 3ක්වත් නැතුවැති. එජාප සෙට් එකත් ශුවර් නැහැ දැන් උන්ටත් එපාවෙලා නිසා සමහරු ඡන්දෙ නොදාන්ටත් ඉඩ තියෙනව.

    ටොයියො කියල ජාතියක් නැහැ. ඉන්නෙ නිකම් මනස්ගාත, බුරු කයිවාරු ගහපු "පොයියො" සෙට් එකක් විතරයි. රටේ බහුත්‍ර සබුද්ධික පිරිසට දැන් මුන් ඔක්කොම එපාවෙලා.

    ReplyDelete
    Replies
    1. සිරිසේන මහත්මයා ප්‍රවීණ දේශපාලන නළුවෙක් බව එතුමාගේ පහුගිය කාලයේ රංගන වලින් මනාව පෙන්වාදී තියනවා. මේ රඟපාන්නේ පුතා නිසා වැදුණු මඩ හෝදාගැනීමේ රංගනය නිසා ප්‍රේක්ෂක මහජනතාව කලබල වි නොමග යා යුතු නැත.

      Delete
    2. මූ මාර කපටියා ,දැන් මිනිස්සු කතා වෙන්නේ පුතා ගැන නෙවෙයි ! මූ කියපු බොරු කතාව ගැනයි . අපේ මෝඩ ජනතාව සුපුරුදු ලෙස අන්ද්දීලා අනේ පව් ! චන්දෙත් ලඟයි නේ ! හික්ස්

      Delete
    3. බලා ගෙන යනකොට මට ගොබ්බයෙක් කියන AnonymousOctober 14, 2016 at 1:37 PM, මට වඩා ගොබ්බයෙක්නේ ;-)

      - Dimithri

      Delete
  5. යුධ හමුදා බුද්ධි අංශය විසින් ජනාධිපතිවරයා වෙත ඇවන්ගාඩ් සිද්ධිය සම්බන්ධයෙන් ඉදිරිපත් කළ අසත්‍ය වාර්තාවක් මත පදනම්ව මේ දිනවල කතාබහට හේතුවී ඇති ප්‍රකාශය කළ බවට ලංකා ඊ නිව්ස් හි සඳහන් වෙනවා. එය සත්‍ය නම් මෙය මහා කුමන්ත්‍රණයක කොටසක් බව පැහැදිලියි.

    මේ අවස්ථාවේදී ආරක්ෂක විෂය පිලිබඳ ප්‍රාමණික විද්වතුන් වන විචාරකතුමන් වගේ පුද්ගලයන් නිහඬව නොසිට තියුණු සංවාදයක් ආරම්භ කළ යුතුයි.

    ReplyDelete
  6. මේ කියන ඩිමිත්‍රි නැමැති කමෙන්ට්කාරයාත් සිරිසේන මහත්මයා වගේම කිසි තේරුමක් නැති පිස්සු විකාර කියනවා. දේසපාලන නියාය පත්තරේට අනුව තමයි හොරුන්ට, මිනීමරුවන්ට දඬුවම් නොදී ජනතාව රවටන්නේ. මේකේ බයියොයි ටොයියොයි බයිලා ගැහුවට දෙසපාලු නාඩගමක් යන්නේ. දෙගොල්ල තිරේ පිටුපසට වෙලා කතාවෙලා ජනතාව ගොනාට අන්දවනවා. ඕක තමයි කවුරුත් පිළිනොගන්නා ඇත්ත.

    ReplyDelete
    Replies
    1. තමන්ගේ පුතාවත් උසාවි ගෙනල්ල කූඩුවේ දායි කියල බයට එයා (ජනවාරි 8 අපි විශ්වාස කරපු ජනපති) දැන් කරණමක් ගහන්න හදනවා. එයා තමයි උසාවි එයාගේ පැත්තට හරවගන්න හදන්නේ. මේවා කාට කියන්නද ?

      Delete
  7. ලෝකයේ වැඩිම කාලයක් එනම් අවුරුදු 70 ක් සිහසුන දැරූ රාජ්‍ය පාලකයා වන තායිලන්තයේ භුමිපාල් රජු අභාවප්‍රාප්ත වුණා.වයස 18දී තායිලන්ත රජ පදවියට පත් ඔහු මියගියේ වයස 88 දී. දේශපාලන අධිකාරියට ඉහලින් පෙනී සිටි පීතෘවරයෙකු බඳු චරිතයක් හිමිව සිටි ඔහු දේශපාලන කැළඹීම් සහිත අවස්ථාවන් වල දී ඒවාට මැදිහත්වී කටයුතු කරනු ලැබූ අයකු වන අතර රටේ පාලනයට සෘජුව සම්බන්ධ නොවන සීමිත බලයක් ඔහුට තිබුණද තායිලන්ත ජාතිකයින් ඔහුට දක්වනු ලැබුවේ අසීමිත ගෞරවයකි.

    1935 දී භුමිපාල් කුමරු ගේ මාමා වූ ප්‍රජාධිපොක් රජුලේ පාලනයෙන් පසු භුමිපාල් කුමරුගේ සහෝදරයෙකු වූ නව හැවිරිදි ආනන්ද කුමරුට සිහිසුන හිමිව තිබුණත්1946 දී බැංකොක් මාලිගයේ සිදුවූ වෙඩි තැබීමකින් ආනන්ද රජු මිය ගිය පසුව වයස අවුරුදු 18 ක් වූ භුමිපාල් කුමරු සිහසුනට පත්ව තිබුණි.

    ReplyDelete
    Replies
    1. නිවන් සුව. ඉතිහාසය පුරාම තායිලන්තේ හිටියේ ඉතාම බුද්ධිමත් නියම බෞද්ධ රජවරු. ඒක නිසා තමයි සුද්දන්ට තායිලන්තය යටත් කොරගන්ඩ බැරි උනේ. යුද ශක්තියෙන් දුර්වල උනත් ප්‍රංස කාරයොයි ඉංග්‍රිසි කාරයොයි පටලවලා රට බේරා ගත්තා. අන්න දසරාජ ධර්මෙන් රටවල් පාලනය කොරපු බෞද්ධ රජවරු.

      Delete
  8. 9ට එකඟ නැත. රණවිරුවන් මාර්ගයෙන් බලයට එන්න පුළුවන් එකම කෙනා මහින්ද විතරයි. ඔය රණවිරුවන් ඉඳල නෙවේනෙ 1/8 දිනුවෙ, මෛත්‍රී ආවොත් උතුර දෙනව කියන එක එදත් කිව්වනෙ. හැබැයි යුද්ධය අවසන් කල නායකයා විදියට මහින්දට නං පොඩි පිලිගැනීමක් තියනව මේ පැත්තෙන්. එච්චරයි.

    පිරිහීමට හේතුවන කාරණා නං සෑහෙන්න තියනව. මූලිකවම කරුණු කිහිපයක් තියනව. ගොවීන්ගේ අවුල්. බඩුමිල ආදියත්, සංවර්ධන කටයුතු නිසා ජීවනෝපාය කරගත් යම් පිරිසකුත් මේ අතර ඉන්නව

    ReplyDelete
    Replies
    1. රාජ්, 9 න් මම කියන්න හැදුවෙ මෛත්‍රිට රනවිරුවන් පිටින් දිනන්න පුලුවන් කියල නෙමෙයි. මහින්දගේ නැවත පැමිනීමක් වලක්වන්නට අනිවාර්යයෙන්ම කල යුතුව පවතින දෙයක් බවයි. අනාගත් යුද අධිකරන ක්‍රියාවලියේදී මේක නැවත කරලියට එන්න නියමිතයි.

      රනවිරු/රට බෙදීමට එරෙහි/ දේශප්‍රේමී බලවේග වලට (චන්ද වලදී ) කවුන්ටර් කරන්න අවාසනාවකට සිවිල් සමාජයට බැහැ. වෙනත් ඉක්මන් විසඳුමක් දැනට තියෙනවද?

      ඔබ කියන පිරිහීමට හේතුවන කාරණා ගැන එකඟයි.

      - Dimithri

      Delete
  9. මෛත්‍රි ලොක්කට තිබුනේ අගමැතිකම නොලැබීමේ කෙන්තියත්, නිදහස් පක්ෂයේ නායකයා වීමේ හිනයත් විතරයි. මොන මගුල් යහපාලනයක් ගැන කිසිම අවබෝදයක් තිබුනේ නෑ. තමාට නිදහස් පක්ෂයේ කිසිම පිලිගැනිමක් තියා සමුපකාර ඡන්දයක් දිනන්ඩ බෑ කියලා තේරුනාම දැන් බොරු දේශප්‍රේමියෙක් කියලා පෙන්වන්ඩ හදනවා. පක්ෂ බදාගන්නේ නැතිව නිර්පාක්ෂික ඡනාධිපති ලෙස හිටියනම් වැදගත් විදියට විෂ්ශ්‍රම යන්ඩ තිබුනා. දැන් ඉතින් නිකාන් කිච වෙනවා

    ReplyDelete
  10. ඔය මොකුත් නෙවෙයි ඇත්ත සිද්ධිය වෙන එකක්;

    UNP එකේ අය ආණ්ඩුවේ අයත් CID, FCID යනවා කියලා පෙන්නන්න ශ්‍රී ලංකා අය ගෙන්නන්න හැදුවා...(ෆවුසි වගේ උග්‍ර මෛත්‍රීවාදියෝ) ඉතින් ජනාදිපතිතුමාට මළ පැන්නා.

    ReplyDelete
  11. ගරු ජනාධිපති තුමනි,

    ඔබ මේ දේශපාලන ක්‍රීඩාවේදී මහින්ද යන ප්‍රභල චරිතය පරාජය කිරීමට යොදා ගත් එක් ඉත්තෙක් පමණි. දැන් ඔවුන් ඔබව පාවිච්චි කරනුයේ මහින්ද අතට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බලය යාම වැලක්වීමට පමණි. නිර්පාක්ෂික වීමට ආ ඔබව මේ කාර්යය සදහා යෙදවීමෙන් ඔවුන් එක ගලින් කුරුල්ලන් දෙදෙනෙක් දඩයම් කර ඇත. ඒ මහින්දගේ ආගමනය ප්‍රමාදකිරිම හෝ නතර කිරීමත් ඔබ නිදහස් පක්ෂ පාක්ෂිකයින්ගේ වයිරයට පත් කරලීමත් සමස්ත ශ්‍රී ලාංකිකයින් තුල ඔබ කෙරෙහි අප්‍රසාදය ඇති කරවීමත් සහ එමගින්ම ඔබේ දේශපාලන ගමන් මගට එමගින් තිත තැබීමත්ය.

    එය ඔවුන් සාර්ථකව ඉටු කර ගනිමින් සිටින අතර ඔබද මැනවින් ඔවුන්ගේ උගුලේ අසු වී සිටියි. නිර්පාක්ෂිකව තමන් ජනතාවට පොරොන්දුවූ දේ හැකි අයුරින් ඉටු කොට ජයග්‍රාහි පිලට රජයක් පිහුටුවිමටත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ශක්තිමත් විපක්ෂයක් සාදාගෙන නැවත බලය කරා යාමේ ගමන් මගට ඉඩ සැලසීමත් වර්තමාන දේශපාලන වාතාවරනයේදී මධ්‍යස්තව සිට මේ වසර කීපයෙන් පසු ගව්රවන්විතව විශ්‍රාම ගත්තේනම් පක්ෂ විපක්ෂ සියල්ලන්ගේම හදවත් තුල සද්කාලිකව ඔබගේ කාර්යය හා ඔබ පිළිබද මතකය තැන්පත්ව තිබෙනු ඇත. නමුත් මයිත්රිපාල සිරිසේන ජනපතිතුමනි. අවාසනාවකට සිදු නොවනු ඇත්තේද එයමය...!

    ReplyDelete
  12. මමනමි හිතන්නෙ ඔය අදහස්වලින් ජනවාරි 8 බලවෙීගවලට පොඩි චුන්එකක් ගන්න පුළුවන් නමුත් පුශ්ණෙ ඔික නෙවෙය් ලගදී පවත්වන ප්‍රාෙද්ශිය චන්දෙට අනිවාර්යෙන්ම මෛති්‍රට මුහුණ දෙන්න වෙනවා එහිදී ඔහුගේ පිළට හිමිවන්නේ තුන්වෙන් තැන.මොකද ගමෙී ශ්‍රීලනි පාක්ෂිකයාගේ හදවතේ ඉන්නෙ මහින්ද නිසා.ඔවුන්ට මහින්ද යනු දෙවිකෙනෙක්.දෙවියෙකුට එරෙහිව ද්‍රෝහියෙකුට ඔවුන් චන්දෙ දෙන්නේ නෑ.මෙී ගැටළුවෙන් ගැලවී තම බලය පෙන්නා රනිල් ඉදිරියේ පොරක් වීමටය් මෑන් එය ගේමී ගහන්නෙ.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා