පුතා පිස්සු කෙළියි. තාත්තා ආතතියේ. දේශපාලකයන් පිළිබඳ අපරාධ පරීක්ෂණවලට කණ කොකා හඬන ලකුණු

ජනාධිපතිවරයා විහිළු කරනවා ය. ආරක්‍ෂක අමාත්‍යාංශය සහ ඇවන්ට්ගාඩ් ආයතනය පිළිබඳ ප්‍රශ්නයක්‌ තිබෙනවා නම් ඒවා විභාග කළ යුතු ආකාරය හා ගත යුතු ක්‍රියාමාර්ග හා තීන්දු තීරණ පිළිබඳ වෙනම පිළිවෙලක්‌ තිබෙන බව ඔහු කියයි.

අපි නම් කියන්නේ ජනාධිපති ගැන ප්‍ර‍ශ්නයක් තියෙනවා නම් ඒ ගැන විමර්ශනය කරන්නට ද වෙන ම පිලිවෙලක් අනවශ්‍ය බවයි. නීතිය ඉදිරියේ සියල්ලන් ම සමාන වෙනවා මිස එක එක කට්ටියට එක එක විදියේ පිළිවෙලවල් තිබිය යුතු නැත.

හොරා නම් හොරා ම ය. පික් පොකට් ගැහුවත්, ටයි දාගෙන, සුදු ඇඳගෙන මහජන මුදල් සොරා කෑවත් වෙනසක් නැත.

හිටපු නාවික හමුදාපතිවරු පදක්කම් හොල්ල හොල්ලා ගෝඨාභය රාපක්ෂ සමග උසාවි ගියා ම සිරිසේන මහත්තයා බය වෙලා වගේ ය. ඔහොම බය වෙලා නම් ඔය මගුල කොරන්නට බැරි ය. දැන් ඉතින් මොනවා කළත් ආපහු හැරෙන්නට ඔබට බැරි ය. 

ආපහු හැරෙනවා කියන්නේ අල්ලපු අත්තත්, පය ගැසූ අත්තත් යන දෙක ම අහිමි වන කෙළියක් බව ජනාධිපතිවරයා සිහිපත් කර ගත යුතු ය. 

හැබැයි, අර පිස්සු නටන නාමල් පරපුරේ කොලුවා කර අඹා ගන්නට නම් වග බලා ගන්නා එක හොඳ ය.

මේ කතාවල හැටියට පෙනෙන්නේ CIDය, FCIDය හා අල්ලස්‌ හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව දේශපාලන න්‍යාය පත්‍ර දෙකකට අනුව වැඩ කරන බවයි. ජනාධිපතිවරයාට කේන්ති ගිහින් තිබෙන්නේ තමන්ගේ න්‍යාය පත්‍ර‍ අනුව අත්අඩංගුවට නො ගත යුතු ගෝඨාභය රාජපක්ෂ වැනි අය වෙනත් න්‍යාය පත්‍ර‍යකට අනුව අත්අඩංගුවට ගෙන තිබෙන නිසා විය හැකි ය.

අපි 2015 ජනවාරි 8දා වෙනස සිදු කළේ ඔය එක එක කල්ලි න්‍යාය පත්‍ර‍ ක්‍රියාත්මක කරවන්නට නො වේ. මේ රටේ පසුගිය කාලයේ සිදු වූ මහජන මුදල් මංකොල්ලකෑම්, මිනීමැරුම් ආදිය ගැන ඇත්ත අප දැන ගත යුතු ය. ඒ ගැන විමර්ශන විධිමත් අන්දමින් සිදු විය යුත්තේ එහෙයිනි.

විමර්ශනවලට දේශපාලන ඇඟිලි ගැසීම් සිදු කිරීම වහා ම නැවැත්විය යුතු ය. ඒ විමර්ශන නිදහසේ සිදු විය යුතු ය.බොහෝ විමර්ශන සෙමින් වුවත්, ශක්තිමත් අන්දමින් සිදු වනු පෙනිණි. ජනාධිපතිගේ මෙම තර්ජනය එම ආයතනවලට කරන ලද බරපතල බලපෑමකි.

තමන් මේ රටේ ජනාධිපති වුණේ උසාවියට ටෙලිෆෝන් කෝල් දෙන්නවත්, ස්‌වාධීන කොමිෂන් සභාවලට ඇඟිලි ගහන්න වත්, විනිශ්චයකාරවරුන්ට බලපෑම් කරන්නවත්, නීතිපතිවරයා ලවා බරපතළ අපරාධකරුවන් උසාවියෙන් නිදහස්‌ කර ගන්නවත් නොවන බව කියන ජනාධිපතිවරයා අදාළ විමර්ශන අංශවලට ස්වාධීනව වැඩ කරන්නට ඉඩ දිය යුතු ය. 

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. හුටන් ගේ මුග්ධ ප්‍රකාශයට විරුද්දව සිරිකොත බල මුලු නඟ්වා ප්‍රතිප්‍රාහරයකට සැරසෙන බවා පැරා තුමා ඔප්පු කොර පෙන්වීය!

    ReplyDelete
    Replies
    1. ඩොක්ටර් රුවන් එම් ජයතුංග ගේ බ්ලොග් එකේ අලුත් ලිපියක් තියෙනවා මනසික රෝගීන් ගැන. ඒ ගොන්නට අයත් වෙන තවත් කෙනෙක් තමයි මේ සරස කියන්නේ.

      Delete
    2. // AnonymousOctober 14, 2016 at 9:11 AM
      ඩොක්ටර් රුවන් එම් ජයතුංග ගේ බ්ලොග් එකේ අලුත් ලිපියක් තියෙනවා මනසික රෝගීන් ගැන. ඒ ගොන්නට අයත් වෙන තවත් කෙනෙක් තමයි මේ සරස කියන්නේ. //

      ස ර ස තුමාට මානසික රෝග පමනක් නොව සමාජ රෝගද වැලඳී ඇති බව සාදරයෙන් දැනුම්දෙමු!

      Delete
  2. Nidahas sithuwili raviya kiyanne thawath amba manasika ledek, uta uparimayenma thiyenne ugra rajapaksha wirodhayak. Dan rajapaksha rajayak na, thiyena anduwe waradi walata as wahagena hitapu janadipathi mahindata banina eka thamayi moo redi nathuwa karanne. Munge thiyena amuma amu kuhakathwaya thamayi redi nathuwa pennanne. Muth sirikothin padiganna wasala ponnek thamayi

    ReplyDelete
  3. බය වෙන්න, කලබල වෙන්න එපා පැරා...අපේ ජනාධිපතිතුමාට හෙට වෙනකොට ඕක අමතක වෙලා තියෙයි. පත්තරේ කොච්චර අළුත් නිවුස් යනවද....

    ReplyDelete
  4. ජන8ටෙයියෙක්October 13, 2016 at 10:18 PM

    62 අවදිවවු !

    ReplyDelete
  5. නෑ නෑ පැරා. ඔය මොකුත් නෙමෙයි. මහින්ද එක්ක මයිත්‍රී දාගත්ත ඩීල් වලින් පිට වැඩ වෙනකොට කාට උනත් හම්බෙන ප්‍රෙෂර් එක හැටියට ස්ට්‍රෙස් වෙනව.

    ඔය මයිත්‍රී කියන පුද්ගලයාට කවදාවත් තනි තීරණයක් ගන්ට බෑ. මොකට බුවාට අද කියන දේ හෙට මතක නෑ.

    මයිත්‍රී තනන්ගේම වල කපාගෙන ඉවරයි. රනිල් දෙයක් නොකලොත් හැර රටට අබ සරණයි.!!

    ReplyDelete
  6. පොර මේ නැවත ගේන්නේ අර කෙල්ල දියේ ගිලෙන්න යනකොට බේරා ගත් ගමේ චණ්ඩියාට ඒ කෙල්ලවම දුෂණය කරන්න හැකිය කියන තියරියයි!

    ReplyDelete
    Replies
    1. මොකක්ද රසිකලොජි ඒ කතාවේ තේරුම.

      Delete
  7. සිරාට සිරා පාඩමක් උගැන්විය යුතු ය. අල්ලස් කොමිසමේ සභාපති, සියලු නිලධාරීන් ඉල්ලා අස්වීමට සැරසේ

    මොහුට කිසි දිනෙක ශ්‍රීලනිපය දිනා ගත නො හැකි ය. මේ වන විට ඔහු තමන් බලයට පත් කළ ජන බලවේගයට ද කොකා පෙන්නා හමාර ය.

    වහා නිවැරදි වෙනු! නැතිනම් වැනසෙනු!

    ReplyDelete
    Replies
    1. සිරා වහා වැනසෙනු!

      Delete
    2. දැන් ඉතින් එකම ඔප්ෂන් එක සරත් විජේසුරිය නේද සාරස ලොක්ක

      Delete
  8. ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩලයේ නිවේදනය:

    සී.අයි.ඩී. ය, එෆ්. සී. අයි. ඩී. ය හා අල්ලස්‌ කොමිසම දේශපාලන න්‍යාය පත්‍රවලට අනුව කටයුතු කරන බවට සැක පළ කරමින් ජනාධිපතිවරයා විසින් කර තිබෙන ප්‍රකාශය ඉතා බරපතළ එකක්‌ ලෙස අපි දකිමු. පසුගිය රාජපක්‍ෂ පාලන සමයේ සිදුවූ වංචා, දූෂණ හා අපරාධවලට එරෙහිව යහපාලනය හා ප්‍රජාතන්aත්‍රවාදය වෙනුවෙන් 2015 ජනවාරි 08 ජනාධිපතිවරණයේදී මෛත්‍රීපාල සිරිසේන මහතාට ඡන්දය දුන් ලක්‍ෂ 62 ක ජනතාවගේ අභිලාෂයට හා ජනවරමට ජනාධිපතිවරයා තම කතාවේදී අභියෝග කර තිබෙන බව පෙනේ.

    පසුගිය කාලය තුළ සිදුවූ වංචා, දූෂණ හා අපරාධ පිළිබඳව පරීක්‍ෂණ පවත්වන ආයතන විසින් කරන කටයුතු වැරදියට අර්ථකථනය කරමින් ආණ්‌ඩුවට එරෙහිව ආරක්‍ෂක අංශ තුළ යම් මතයක්‌ හැදීමට පරාජයට පත් රාජපක්‍ෂ කණ්‌ඩායම උත්සාහ දරන්නේ නම් කළ යුත්තේ, එම උත්සාහයන් පැරදවීම මිස පරීක්‍ෂණ පවත්වන ආයතන දුර්වල වන ලෙස හා අධෛර්යයට පත්වන ලෙස කටයුතු කිරීම නොවේ.

    අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවත් මූල්‍ය අපරාධ කොට්‌ඨාසයත් අල්ලස්‌ හෝ දූෂණ කොමිසමත් දේශපාලන න්‍යාය පත්‍රයකට අනුව කටයුතු කරන්නේ දැයි ප්‍රශ්න කරන ජනාධිපතිවරයාගේ ප්‍රකාශය සරල නැත. එය එසේ වන්නේ ඔහු වත්මන් ආණ්‌aඩුවේ නායකයාත්, රාජ්‍ය නායකයාත් වන නිසාය. ඉහත ආයතන හසුරුවන්නේ කාගේ හෝ දේශපාලන න්‍යාය පත්‍රයකට නම් ඒ කාගේ දැයි ජනාධිපතිවරයා රටට පැහැදිලි කළ යුතුය. දැනටත් වත්මන් ආණ්‌ඩුවට සම්බන්ධව සිටින බරපතළ චෝදනා ඇති ඇමැතිවරු කිහිපදෙනෙක්‌ පිළිබඳවම විවිධ දූෂණ චෝදනා ඇතත් ඒ ගැන පරීක්‍ෂණ නොපවත්වන බව රටම දනී. ඒවා සිදුවන්නේද දේශපාලන න්‍යාය පත්‍රවලට අනුව දැයි පැහැදිලි විය යුතුය.

    මෙහිදී ස්‌වාධීන කොමිෂන් සභා පිළිබඳව ද ජනාධිපතිතුමා සඳහන් කර තිබේ. ස්‌වාධීන කොමිෂන් සභා පත් කරනු ලැබුවේ 19 වැනි සංශෝධනයට අනුව වත්මන් ආණ්‌ඩුවේ ද මැදිහත් වීම සහිතවය. එය ජනතාවගේත් සිවිල් සමාජ කණ්‌ඩායම්වලත් ඉල්ලීමක්‌ වූ අතර ආණ්‌ඩුව ජනතාවට දුන් ප්‍රධාන පොරොන්දුවක්‌ ද විය. තනි පුද්ගලයෙක්‌ විසින් ඉහත ආයතන මෙහෙයවනවා වෙනුවට සමහර අඩුපාඩු සහිතව වුවත් කොමිෂන් සභාවක්‌ විසින් මෙහෙයවීම ප්‍රජාතන්ත්‍රවාදය පැත්තෙන් ගත් කළ හොඳ දෙයකි. ඒ නිසා ස්‌වාධීන කොමිෂන් සභාවලට සම්බන්ධ අය රාජ්‍ය පාලනය නොදන්නා අය ලෙස පවසා එම ආයතන හෑල්ලු කිරීම කිසිසේත්ම අනුමත කළ නොහැක.

    සැබෑ ලෙසම වංචාව දූෂණය හා අපරාධ පිළිබඳව කරන පරීක්‍ෂණ දුර්වල කිරීමට හේතු වන සේ ඊට අදාළ ආයතන දුර්වල කිරීමට හේතුවන ප්‍රකාශ හෝ ක්‍රියාමාර්ග ජනවරමේ අර්ථයට පිටුපෑමකි. එසේම එය පසුගිය පාලන කාලය තුළ මහා පරිමාණ මූල්‍ය වංචා හා අපරාධවලට සම්බන්ධ වූ බවට චෝදනා ලැබූවන් සතුටට පත් කිරීමක්‌ හා පරීක්‍ෂණ පවත්වන ආයතනවලට එරෙහිව ඔවුන් නඟන බොරු චෝදනාවලට දිරිදීමකි. පරීක්‍ෂණ පවත්වන ආයතන අක්‍රීය කිරීමකි. දැන් වර්තමාන ආණ්‌ඩුවේ සමහර අයට ද අල්ලස්‌ හෝ දූෂණ චෝදනා, බලය අනිසි ලෙස යෙදවීමේ චෝදනා එල්ලවීමට පටන් ගෙන තිබේ. ඒවා පිළිබඳව පරීක්‍ෂණ පවත්වන ආයතන මෙලෙස බිය වද්දා දුර්වල කිරීම දැනටමත් වංචා දූෂණවල නියෑලෙන හා ඉදිරියේ එසේ කිරීමට සැරසී සිටින අයට එවැනි අපරාධ කිරීම සඳහා ඉඩ දීමක්‌ද වේ.

    එබැවින් පසුගිය කාලයේ මහජන මුදල් වංචා කළ, මූල්‍ය අපරාධ හා වෙනත් අපරාධවලට සම්බන්ධ අය පිළිබඳව කරන පරීක්‍ෂණ හා නෛතික කටයුතු දුර්වල කිරීමට කටයුතු නොකරන ලෙසත් තවමත් පරීක්‍ෂණ පටන් ගෙන නැති එහෙත් මූල්‍ය වංචා හා අපරාධවලට සම්බන්ධ සියලු දෙනා පිළිබඳව ද පරීක්‍ෂණ කඩිනම් කරන ලෙසත් ජනවරමට ගරු කරන ලෙසත් අපි ආණ්‌ඩුවට බල කර සිටිමු.

    ReplyDelete
  9. අයියෝ මේ ග්‍රාමසේවක ආතතියෙන් නෙවෙයි, මිනිහයි පිස්සු කෙලින්නෙ. ඕක ටිපිකල් ග්‍රාමසේවක බිහේවියර් එකනෙ. මට දැන් මැවිලා පේනවා මරා බලය අල්ලලා, ෆොනීව කනෙන් ඇදන් ගිහින් හිරේ දැම්මා වගේ , ග්‍රාම සේවක උන්දැව කනෙන් ඇදගෙන යනවා.

    ReplyDelete
  10. මේ 2015 ඔක්තෝබර් 14දා, අද වගේ දවසක, මා මේ බ්ලොගයේ තැබූ සටහනයි.

    නීතිය ඉදිරියේ සමහරුන් වැඩිපුර සමාන වන ආකාරය ගැන නිදසුන් මේ දිනවල ඕනෑ තරම් ය.

    සිද්ධි කීපයක් මෙසේ ය:

    පසුගිය වසර නවයක කාලය තුළ සිදු වූ බොහෝ වැරදි සම්බන්ධයෙන් වගකිව යුත්තා වන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට එරෙහිව නිසි පරීක්ෂණයක් හෝ සිදු වන්නේ නැත.

    ඔහුගේ බිරිය වන ශිරන්ති රාජපක්ෂ සිරිලිය ගිනුම සම්බන්ධයෙන් වංචනිකව කටයුතු කර තිබේ. ඒ පිළිබඳ ප්‍ර‍කාශයක් ලබා ගැනීමට පොලිසිය යන්නේ ඇයට අවශ්‍ය තැනටයි.

    නාමල් රාජපක්ෂ නීතිඥයකු ලෙස සුදුසුකම් ලබා ගත් ආකාරය ගැන චෝදනා රැසක් තිබේ. එයට අමතරව බලය වැරදි අන්දමින් භාවිතා කිරීම ගැන ද ඔහුට එරෙහිව චෝදනා නැගේ. පරීක්ෂණ නැත.

    යෝෂිත රාජපක්ෂ නාවික හමුදාවට බැඳුණු ආකාරය, විදේශ පුහුණුවීම් ලබා ගත් ආකාරය, නාවික හමුදාවේ සිටිමින් දේශපාලනය හා ව්‍යාපාර කළ ආකාරය ගැන පරීක්ෂණවලින් ගත් පියවරක් නැත.

    ගෝඨාභය රාජපක්ෂ, ටිරාන් අලස් වැනි අය ඔවුන්ට එරෙහි බරපතල චෝදනා යටතේ අත්අඩංගුවට ගැනීමෙන් වැළකී සිටීමට සමත් වී සිටිති. දේශපාලන බලය නොමැතිව පවා පරීක්ෂණවලට බලපෑම් කිරීමේ හැකියාව ඔහුට තිබේ.

    ලලිත් වීරතුංග හා අනුෂ පැල්පිට රජයේ මුදල් රු. 60 කෝටියක් වංචනිකව මහින්ද රාජපක්ෂගේ දේශපාලන ප්‍ර‍චාරක කටයුතුවලට ලබා දී කළ හානිය එසේ තිබියදී ඔවුන්ට ඇප පිට නිදහස් වීමට අවස්ථාව ලැබී තිබේ.

    ඇවන්ට්ගාඩ් සමාගමේ සේවයේ නියුතු හිටපු ආරක්ෂක නිලධාරීන්ගේ වැටුපෙන් කොල්ල කෑ මුදලින් කෝටි ගණනින් සල්ලි විසි කිරීමෙන් ඇවන්ට්ගාඩ් සමාගමේ හා එය පිටුපස සිටින දේශපාලන බලවතුන්ගේ වංචා දූෂණ සඟවා ගැනීමට එහි සභාපති මේජර් නිස්සංක සේනාධිපති සමත් වී තිබේ.

    මෙවැනි තවත් සිද්ධි බොහෝ ය.

    මොවුහු බලවත්තු ය. මේ බලවතුන් කෙතරම් බලවත් ද යත් ශ්‍රේෂ්ඨාධිකරණය පවා අල්ලේ නටවන්නට ඔවුන්ට පුළුවන.

    මේ බලවතුන් ඉදිරියේ ආණ්ඩුවේ ඇත්තන් නිකම් ම නිකම් බවලත්තු ය.

    මේ අය බේරි බේරී නිකම් ම සිටිනු ඇතැයි සිතන්නේ නම් මුලාවකි. ඔවුන්ට සිය ආරක්ෂාව ස්ථාවර කර ගන්නටත් අවශ්‍ය ය. ඒ සඳහා අවස්ථාව ලත් සැණින් ඔවුහු බලය ඩැහැ ගන්නවා ද ඇත.

    ReplyDelete
  11. http://maathalan.blogspot.com/2016/10/yapalana-funeral-will-be-notified-later.html?spref=fb

    ReplyDelete
  12. ආරක්ෂක විෂය සමග සම්බන්ධ වුනු මෙවැනි බැරෑරුම් ප්‍රශ්ණයක් පිළිබඳව විෂය ප්‍රවීණයෙක් වන "විචාරක තුමා" නිහඬ ඇයි?

    ReplyDelete
    Replies
    1. තාමත් මල්ටිබැරල් ගහනවනේ අෆ්ෆා! :D

      Delete
    2. ඇත්තටම ජනාධිපතිතුමා කුමන්ත්‍රණයක ගොදුරක් වෙලාද කියල සැකයි.ඇත විචාරක තුමන් වගේ ආරක්ෂක විෂය ක්ෂේත්‍රයේ ප්‍රවීණයො මේ අවස්ථාවේ නිහඬව සිටීම නොකළ යුතුම දෙයක්.

      පසුගිය ජනාධිපතිවරණය ආසන්නයේදී විචාරක තුමා මෛත්‍රිපාල සිරිසේන මහතාට එරෙහිව සිදුකිරීමට නියමිතව තිබූ කුමන්ත්‍රණයක් පිළිබඳව පහත ලෙස අනාවරණය කළා.

      "මෛත්‍රීපාල සිරිසේන මහතාට එරෙහිව ඉතා භයානක කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වෙනවා. මේ තොරතුරු අනාවරණය කරගන්න මට දුරකථන ඇමතුම් ඉතා විශාල ගණනක් සහ වැදගත් පුද්ගලයන්ට නොදැනෙන පරිදි ඔවුන්ගේ අදහස් දැනගැනීමක් කරන්නට සිදුවුනා. මෙය දැලිපිහියෙන් කිරි කනවා වැනි භයානක ක්‍රියාවක් වුණා. ලැජ්ජා නැතිව සමහර ලොක්කෝ කිව්වා, අපි හොඳින් හෝ නරකින් මහින්දට බලය අරන් දෙන බව. මෙය ඉතා භයානක තත්වයක් බව මා දැඩිව අවධාරණය කරනවා. මගේ ජීවිතයට එල්ලවියහැකි තර්ජන නිසා මා දන්නා සියල්ල මෙහි හෙළි කරන්නට බැහැ. නමුත් අපි ජනවාරි 8 වැනිදායින් පසුව ඉතා භයානක තත්වයකට මුහුණ දෙන බව කියන්නට පුළුවන්. ජනාධිපතිවරණය සාධාරණව නොපැවැත්වීමටත්, ජනාධිපතිවරණයෙන් මෛත්‍රීපාල සිරිසේන මහතා ජයගතහොත්, භයානක කුමන්ත්‍රණයක් මගින් එතුමා ඝාතනය කර හෝ බලය අල්ලාගැනීමටත්, සැළසුම් සකසා තිබෙනවා. බීමත්ව කටමැත දොඩවන පුද්ගලයකු කීවා නම් එය ගණන් නොගෙන ඉන්නට තිබුනා. නමුත් මා මෙම තොරතුරු හොයාගත්තේ ඉතා විශ්වාසවන්ත ආරංචි මාර්ග මගින්. රජයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග, ඉතා පැහැදිළිව තහවුරු කර තිබෙනවා, ජනාධිපතිවරණයෙන් මහින්ද රාජපක්ෂ මහතා පරදින බව. මේ රටේ යුක්තිය සාධාරණත්වය අගයන ජනතාවගෙන් මා ඉල්ලා සිටින්නේ මේ ගැන අවදියෙන් සිට, අසාධාරණයට එරෙහිව, අවශ්‍ය ක්‍රියාමාර්ග වලට අවතීර්ණ වන ලෙසයි."

      මොහොතක් සිතා බලන්න විශ්‍රාමිකව සිටියදී පවා විචාරක තුමා රටේ ප්‍රජාතන්ත්‍රවාදය සුරැකීම වෙනුවෙන් ජීවිතය නොතකා කැපවූ ආකාරය. ඇත්තටම මෙයයි සැබෑ ගවේෂණාත්මක වාර්තාකරණය.

      ආරක්ෂක විෂය ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ගෙ අදහස මේ අනාවරණය නිසා සිදුවීමට නියමිතව තිබූ කුමන්ත්‍රණය වැළකුණු බවයි. ඒ වගේම විචාරක තුමා වගේ ආරක්ෂක විෂය ක්ෂේත්‍රයේ ප්‍රවීණයෙක් මෛත්‍රීපාල සිරිසේන මහතා සමග සිටීම පිළිබඳවත් කුමන්ත්‍රණකරුවන්ගේ පසුබෑමට හේතු වූ බවත් ඔවුන් ගේ අදහසයි.

      බලයට පත්වූ වහාම මෛත්‍රීපාල සිරිසේන මහතා කළයුතුව තිබුණේ විචාරක තුමන්ව නැවත සේවයට කැඳවා මේ කුමන්ත්‍රණය පිලිබඳ පරීක්ෂණ කටයුතු ඔහු වෙත පැවරීමයි. විශ්‍රාමිකව සිටියදී පවා අර තරම් වැදගත් තොරතුරු ලබාගැනීමට තරම් දක්ෂයකු වූ විචාරක තුමන්ව සියලු බලතල සහිතව සේවයේ පිහිටවූ විට මොනතරම් සේවයක් ලබාගන්නට තිබුණාද?

      සැබවින්ම විචාරක තුමා බ්ලොග් අවකාශයට සීමා නොවිය යුතුයි. එතුමන්ගේ ලිපි සැබවින්ම පලවිය යුතුවන්නේ Janes Defense Weekly වැනි ස්ථාන වලයි. මේ මෑතකදී එතුමන් විසින් AK -47 ගිනි අවිය පිලිබඳ ලිපි පෙළ රුසියානු ජනාධිපති පුටින් මහතාගේ පවා අවධානයට යොමුවී තිබීම සතුටට කාරණයක්. රුසියානුවන් පවා නොදැන සිටි කරුණු රැසක් විචාරක තුමා අනාවරණය කිරීම පිළිබඳව පුටින් මහතා විශ්මයට පත්වී ඇතිබවද සැලයි.

      සැබවින්ම මෛත්‍රීපාල සිරිසේන මහතා තවදුරටත් ප්‍රමාද නොවී කළයුත්තේ විචාරක තුමන්ව නැවත සේවයට කැඳවා තම ආරක්ෂක උපදේශක ලෙස පත් කිරීමයි. ඒ සඳහා උපරිම සුදුසුකම් විචාරක තුමන් සතු බව එතුමන්ගේ නම අගට අකුරු වලින් යෙදෙන, වීරත්වය සහ විශිෂ්ට සේවය වෙනුවෙන් ලද පදක්කම් රැසකින් (WWV සහ USP වැනි ) සහ කීර්තිමත් යුද විද්‍යාලවලින් ලද සුදුසුකම් (psc) රැසකින් පැහැදිලියි.

      Delete
  13. අපි මෙහෙම බලමු. තවමත් මහපොලවේ තත්වය: රනිල් < මහින්ද; මෛත්‍රි < මහින්ද; නමුත් රනිල් + මෛත්‍රි > මහින්ද. කුමන අයුරක හෝ රනිල්-මෛත්‍රි ස්ප්ලිට් වීමක් කියන්නේ ඔවුන් දෙදෙනාගේම අවසානය (ලක්ශ 62 අපි අමතක වෙමු ). සරලව, රනිල් මෛත්‍රි ඉන්නෙ එකට සිටිමු-පවතිමු;වෙන්වෙමු-වැනසෙමු සිටුවේශන් එකක. අවුරුදු 40 කට වඩා දේශපාලන අත්දැකීම් තිබෙන රනිල් සහ මෛත්‍රි අඳබාලයන් ලෙස කටයුතු කරනු ඇත්ද?

    අපි මෛත්‍රිගේ මේ දක්වා ප්‍රගති වාර්තාව අරන් බලමු. මම දැක්ක විශේශ අවස්ථාවන් මගේ ග්‍රාම්‍ය භාශාවෙන්..

    1. ජනාධිපති වූ පසු කල පලමු රූපවාහිනී කතාව: වහල් කතාව - එයා අවධාරනය කරනවා පසුගිය පාලනයට සහයෝගය දක්වන අයට එයාගේ අනුකම්පාවක් නැහැ කියලා. සිවිල් සමාජය/ලක්ශ 62 අපි මේ කතාවට මාර ලැයික්! එහෙම වෙන්නෝනෙ!

    2. දෙවනි/තුන්වෙනි කතා: එයා කියනවා වැදගත් කතාවක්. රටේ ප්‍රධාන පක්ශ දෙකෙන් එකක් දුර්වල උන හැමවතාවේදිම රට ආගාධයකට ගිය බවත් එසේ නොවන්න ඔහු කටයුතු කරන බවත්. මට මතක හිටිනම දේ තමයි, ඔහු කියනවා "මම ගන්න තීන්දු සමහරවිට ජනප්‍රිය නොවෙන්න පුලුවන්. නමුත් තව කලක් ගිය පසු ඔබට වැටහෙයි මා කල දේ හරි බව" කියා. මේ කතාව මතක තබා ගත යුතුයි.

    3. මහ මැතිවරනය-2015 අගෝ.: සිවිල් සමාජය කියනවා මහින්දට නාම යෝජනා නොදෙන ලෙස.නමුත් අති තීරනාත්මක සතියක අවසානයේ හොරු කන්ඩායමටම නාම යෝජනා ලැබෙනවා. පසුව දැනගන්නට ලැබෙන විදියට එය සිදුවන්නේ මෛත්‍රිගේ අකමැත්තෙන්. නොකර බැරිකමට. නමුත් ඉතා අවදානම් තත්වයක් අවසානයේ ඔහු මහින්දට දිනන්න දෙන්නේ නැහැ. අවසාන මොහොතේ ඔහුගේ ලිපියෙන් තමයි මේක කලේ. සමහරවිට ඔහුට ගනනය කිරීමක් තිබෙන්නට ඇති ජනාධිපති ලෙස, කෙසේ හෝ මහින්දගේ ජයග්‍රහනය වලකන්නට. අවසානයේ ඔහු දිනුම්. කාටවත් අති බහුතරයක් නැහැ. අපිට අමතක කරන්න බැහැ ගම් මට්ටමේ අති බහුතර කැමැත්ත මහින්දට තිබියදියි ඔහු මේක කලේ. අවසානයේ ඒ ජයග්‍රහනය නිසා තමයි ද්වි පක්ශ ආන්ඩුවක් හදන්නට පුලුවන් වන්නේ. නමුත් දුර්වල අවදානම් ආන්ඩුවක් - සරලව යූඇන්පියේ (හොරා කන්න ඉන්න) අයයි ශ්‍රීලංකා (හොරා කෑමේ රස දන්න) අයයි එකට තියා ගන්න පුලුවන්ද? නමුත් මෛත්‍රි - රනිල් ඒක කලා. තවමත් අපහසුවෙන් වුවත් කරමින් ඉන්නවා.

    4. කැබිනට්ටුව තේරීම: නිමල් ලන්සා, මුතුහෙට්ටි ආදීන් ට ඇමතිකම් දීම සිවිල් සමාජයේ/ලක්ශ 62කේ අතිශය විවේචනයට ලක්වුනා. මධ්‍යස්ථව හිතුවොත්, ඒකෙන් ඒකාබද්ධ කට්ටියගේ ඔලුගෙඩි ගාන කොන්ට්‍රෝල් වුනා කියන්න පුලුවන්. මෛත්‍රි මේක කරන්න ඇත්තේ කැමැත්තෙන් නොවන බව පැහැදිලියි.(චේතනාව එතරම් වැදගත් නැති බව ඇත්ත )

    5. මහ මැතිවරන්යෙන් පසු සමය: මේ අතරෙදි ඔහු රනවිරු කතා, බ්‍රෙසියර් කතා වැනි සිවිල් සමාජය අකමැති කතා කියන අතරේ උතුරේ ඉඩම් නිදහස් කලා, සම්බන්ධන් විපක්ශ නායක කමට පත්කලා, ජාතිකගීය දෙමලෙන් කියන්න පුලුවන් වුනා, කොටින්ම උතුරේ විශ්වාසය දිනාගන්න උත්සාහ කලා, ජාත්‍යන්තර ව ඉහල පිලිගැනීමක් ලැබුවා (මේකෙ ඇත්තම වීරයා මංගල. ඒ ගෞරවය ඔහුට ලැබිය යුතුයි.) අපි මේවට ලැයික්!

    6. දූශන, මිනිමැරුම් විමර්ශන: මේ රජයේ බලවතා රනිල්. බැලූ බැල්මටමත් විමර්ශනවලට බලපෑම් කරන්නේ රනිල් ප්‍රමුඛ යූඇන්පී අය. ඇහෙන කතා අනුව නම් මෛත්‍රිට තමයි මේ ගැන හෝල්ඩ් එකක නැත්තේ. රනිල් (මහ බැංකු ) විජේදාසගේ (ඇවන්ට් ගාඩ් ), රනිල් (වීරවංශ ) ගේ බලපෑම් රහස් නොවෙයි. උතුරු අධිවේගෙ කොන්ත්‍රාත්තුව. බැලූ බැල්මට මෛත්‍රිට හෝල්ඩ් එකක් නැහැ මේවා ගැන. එක්ව විසීම සඳහා ඉවසීම?

    7. ඒකාබද්ධ පාද යාත්‍රාව/අලුත් පක්ශය හැදීම: මේකෙන් තැතිගත්ත/කලබල වුනු මෛත්‍රි තර්ජනය කලා ඒකාබද්ධ කන්ඩායමේ දූශන තමන් දන්න බවත් ඒවා එලියට දාන බවත්. බොහෝවිට මේ තර්ජනය මහින්දගේ සමීපතමයින්ට-නාමල් ගැන බවයි සැක කෙරුනේ. මේ කතාව කියලා තවම මාසයක් වගේ.

    8. මේ අතරේ දහම් ගම කනවා.

    9. පෙරේදා කතාව: එකපාරටම කියනවා ගෝටාබය, රනවිරුවො ගෙන්නපු එක වැරදියි, බුද්ධි අංශ රිමාන්ඩ් කිරීම වැරදියි කියලා. මෛත්‍රිට එල්ලිලා ඉන්න තියෙන එකම පිදුරු ගහ ඔය රනවිරුවො තමයි. ඒක මාර ඉල්ලමක්. නොවරදින ඉල්ලමක් ලංකාවේ. රනවිරුවො මුල්කරගෙන මිනිස්සුන්ට ජාතිවාදී ආමන්ත්‍රනයක් කරන එක තමයි මහින්දගෙ අවසාන තුරුම්පුව. මහින්ද බලාගෙන ඉන්නව පොඩ්ඩක් හරි යහපාලනය ගහලා ගිය ගමන් අවස්තාව තමන්ට බව. මෛත්‍රිට මේ ගැන ගනනය කිරීමක් තියෙනවා. මේ තත්වයේදී මෛත්‍රි අඩුගානේ රනවිරුවන් වෙනුවෙන් ඉන්න බව ඔහුට කියන්න වෙලා තියෙනවා.

    - Dimithri

    to be contd.

    ReplyDelete
    Replies
    1. Contd.

      මම කියන්නේ සිවිල් සමාජය නැතිවුනාට මෛත්‍රි නැතිවෙන්නේ නැහැ. නමුත් මෛත්‍රිට රනවිරුවො නැති වුනොත් මෛත්‍රි ඉවරයි. මේක තමයි මහ පොලවේ යතාර්තය. මම මේකට කැමතියි කියනවා නෙමෙයි. සිවිල් සමාජයේ උද්ගෝශනය අන්තිම වැදගත්. නමුත් මෛත්‍රිගේ මුවින් එන්නේ ඔහුගේ වචන නොවෙයි, පවතින යතාර්තය කියලයි මම හිතන්නේ. මම ඉහත (1 to 9) පෙන්වන්න ට්‍රයි කලේ මෛත්‍රි මුවින් කුමන කතා කීවත්, තීරනාත්මක අවස්ථාවලදී ක්‍රියා කරල තියෙන්නේ මහින්ද බලවේගයට විරෝධීව බව පෙන්වීමටයි.

      සිවිල් සමාජයේ/ලක්ශ 62 අපිට රනවිරුවන්,ජාතිවාදය වැනි නොවරදින ඒකාබද්ධ බලවේගයට එරෙහිව කල හැකි යමක් තියෙනවද? (නීතිය ක්‍රියාත්මක කලයුතුයි, අල්ලල හිරේ දැමිය යුතුයි වගේ දේවල් කියනවාට වඩා දෙයක්?) අපිට ලේසියෙන් මෛත්‍රිට බනින්න පුලුවන්. හැබැයි මෛත්‍රි නැති වුනොත් උද්ගෝශනත් නැතිවෙයි (රනිල් හෝ මහින්ද කියන අන්ත දෙකේදිම ). මම තාමත් ටොයියෙක්, රනිල් ටොය්යෙක් නෙවෙයි, මෛත්‍රි-ටොය්යෙක් වෙන්නෙ ඒ හින්දයි.

      - Dimithri

      Delete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා