රජයේ සේවිකාවක් මාතෘ නිවාඩු ගන්න මාසෙට හත්දාහක් බැගින් ගෙවිය යුතු ශ්‍රී ඊලම

ඇය යාපනයේ තරුණියකි. යාපනය විශ්වවිද්‍යාලයේ කලා උපාධිධාරිනියකි.

ඇය දැන් රජයේ ගුරුවරියකි. මුල් පත්වීමේ කොන්දේසි අනුව ඇය වසර පහක් පත් කළ පාසලේ දුෂ්කර සේවයේ යෙදිය යුතු ය. ඇය මුල් පත්වීම ලැබුවේ මුලතිව් දිස්ත්‍රික්කයේ දුෂ්කර පාසලකට ය. පහසු පාසලක් ලබා ගැනීමට කෙතරම් උත්සාහ කළත් එය බැරි වූ නිසා දැන් ඇය එහි උගන්වයි.

විවාහක ඇයට දරුවකු ලැබිණි. රජයේ සේවකය කාන්තාවන්ට දරු ප්‍රසූතියෙන් පසු දින 84ක පූර්ණ වැටුප් සහිත මාතෘ නිවාඩු ලැබේ. තමන් කැමති නම් අර්ධ වැටුප් සහිතව තවත් දින 84ක් ද, වැටුප් රහිතව තවත් දින 84ක් ද මාතෘ නිවාඩු ලබා ගත හැකි ය.

ඇය මාතෘ නිවාඩු යාමට පෙර ඇගේ පාසලේ විදුහල්පතිවරයා ඇයට කොන්දේසියක් දැමුවේ ය. ඒ ඇය නිවාඩු පිට සිටින කාලය තුළදී ඇගේ වැඩ ආවරණය කිරීම සඳහා විදුහල්පති විසින් සොයා දෙන ස්වේච්ඡා ගුරුවරියට ඇය රු. 7000ක වැටුපක් ගෙවිය යුතු බවයි.

දැන් ඇය මෙවැනි හත්දාහේ කෑලි කීපයක් ගෙවා තිබේ.

මෙම සිද්ධිය මට කීවේ ඇය දන්නා හඳුනන කෙනෙකි. ඇය ඒ බව එම පුද්ගලයාට පවසා ඇත. එම පුද්ගලයා මට මේ බව කී විට මම මෙම පාසලේ නම කුමක් ද යන්න විමසුවෙමි. එහෙත්, මට මේ කතාව කියූ අය එය දැන නොසිටියේ ය. එම පාසල කුමක්දැයි දැන ගැනීමට එම පුද්ගලයා උත්සාහ කළ විට අදාළ ගුරුවරිය මේ සම්බන්ධ කිසිවක් කරනවාට කිසි සේත් ම කැමැත්තක් නො දක්වන බව දැනගන්නට ලැබිණි. එබැවින් මට මෙම විස්තරය කියූ පුද්ගලයා ද අදාළ පාසලේ නම මට හෙළිදරව් කිරීමට මැලිකමක් දැක්වූයේ ය.

මම මේ පිළිබඳව ලංකා ගුරු සංගමයේ ජෝසප් ස්ටාලින් සහෝදරයා සමග කතා කළෙමි. ඔහු ද එවන් සිදුවීම් සිදු වන බව දැන සිටි අතර නිශ්චිතව වාර්තා ලැබුණු තැන්වල එවැනි ක්‍රියා සිදු වීම වැළැක්වීමට කටයුතු කර ඇති බව පැවසුවේ ය. අදාළ ගුරුවරිය එම පාසලේ නම හෝ ලබා දීමට කැමැත්තක් නො දක්වන සංදර්භය තුළ කාට වුණත් මේවාට මැදිහත් වීමට අපහසු ය. මේවා සිදු වන්නේ හොර රහසේ ය. දරුවන්ගේ අධ්‍යාපනය, ගුරු හිඟය වැනි සෙන්ටිමෙන්ටල් සීනි තවරාගෙන ය.

ඔබේ දරුවාගේ හෙට දවස හැඩගස්වන ගුරුවරුන් මෙවැනි දීන තත්වයකට පත් වන්නේ ඇයි?

ගුරුවරයකු ලෙස සේවය කර ඇති විදුහල්පතිවරයකු මේ අන්දමින් සහෝදර ගුරුවරියකගේ මානව හිමිකම් උල්ලංඝනය කරන්නට එඩිතර වන්නේ කොහොම ද?

තමන්ගේ හිමිකම් හා අනුන්ගේ හිමිකම් ගැන නො දත් මෙවැනි ගුරුවරුන්ගෙන් ඔබේ දරුවාගේ මානව හිමිකම් සුරැකේ යයි ඔබට බලාපොරොත්තු විය හැකි ද?

අනෙක් පැත්තෙන් මෙය අධ්‍යාපන පෞද්ගලීකරණයේ ම තවත් පැතිකඩකි. එය ලෝකයේ වෙනත් කොහේවත් තිබේදැයි මම නො දනිමි.

මෙවැනි අයථා ක්‍රියා සිදු වන්නේ රජයේ රැකියාවක් ලබා දීමට පමණක් නො වේ. පහසු පාසලකට මාරුවක් දීම, ඉන්න පාසලේ ම දිගට ම සිටීම වැනි දේවලට ද මෙවැනි අයථා ගනුදෙනු සිදු වේ. ඇතැම් ගනුදෙනු ශාරීරික ඒවා ය.

මෙම ප්‍රශ්න අතිශය සංකීර්ණ තත්වයන් වේ. රජය කුමක් ද යන්න තේරුම් ගැනීම සරළ නැත. එහෙත්, එම තේරුම් ගැනීම ලංකාවේ පවත්නා සමාජ ක්‍රමය තේරුම් ගැනීම සඳහා අතිශය වැදගත් ය. සමාජ ක්‍රමය වෙනස් කිරීමට පළමුව අප මෙම ක්‍රමය නිවැරදිව තේරුම් ගත යුතු ය.

ලංකාවේ පවතින්නේ ධනවාදී ක්‍රමයක් වුව, එය ධනපති පංතියේ ආධිපත්‍යයෙන් යුත් ධනවාදී ක්‍රමයක් නො වන සංකීර්ණ එකකි.

මේ ගැන සිතීමට සරළ සංඛ්‍යාතියක් ඉදිරිපත් කරමි.

ලංකාවේ රජයේ සේවකයන් ලක්ෂ 14ක් පමණ ද, රජයේ සේවයේ විශ්‍රාමිකයන් ලක්ෂ පහක් පමණ ද සිටිති. දේශපාලකයන්, රාජ්‍ය බැංකු, සංස්ථා හා වෙනත් රාජ්‍ය ව්‍යවසායවල සේවකයන් සමග ගත් කල ලක්ෂ 20ක් පමණ ජනයා කෙළින් ම රජය සමග සම්බන්ධ ය.

ලංකාවේ පවුල් ලක්ෂ 50ක් පමණ ඇත. ඒ අතරින් පවුල් ලක්ෂ 15ක්වත් රජයේ සෘජු පාර්ශ්වකරුවෝ ය. බදු ආදායමින්, රාජ්‍ය ණයවලින් යැපෙන්නෝ ය.

ලංකාවේ රජයේ හිමිකාරයන් වන්නේ මෙම මධ්‍යම පංතියයි.

තවත් සංඛ්‍යාතියක් දක්වන්නේ නම්, මෙම ලක්ෂ 20 අතර විශ්‍රාමිකයන් ද ඇතුළුව දේශපාලකයෝ 1000කට අඩු ගණනක් සිටිති. ඔවුහු තීරු බදු රහිත වාහන බලපත්‍ර ආදියෙන් මහජන මුදල් ගසා කන බව කවුරුත් දනිති. මන්ත්‍රීවරුන්ගේ එක් වාහන බලපත්‍රයක් කෝටි දෙකකට පමණ විකුණන බව ද වාර්තා වේ.

අප සියලු දෙනා කතා කරන්නේ දේශපාලකයන් කරන මෙම බදු වංචාව ගැනයි.

එහෙත්, කළමනාකරණ, පරිපාලන හා වෘත්තික තලවල රජයේ නිලධාරීන් 40,000ක් අතරින් සැලකිය යුතු පිරිසක් ද අවුරුදු පහකට වරක් මෙම තීරු බදු වංචාව කරති. එහෙත්, අප ඒ ගැන කතා කරන්නේ නැත.

මෙම වංචාව නැවැත්විය යුතු බවට මහජන මතයක් ගොඩනැගීමට සිවිල් සමාජය උත්සාහ කරද්දී සිදු වූයේ කුමක් ද? ධනපති යයි කියන පක්ෂ පමණක් නො ව, පහළ මධ්‍යම පංතික පක්ෂ ද සද්ද නැතුව සිටියදී රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වැනි සංවිධාන වර්ජන තර්ජන ගෙන ආවේ ය. අවසානයේදී පනින රිලවුන්ට ඉනිමං බැඳිණි. දේශපාලකයන්ගේ වාහන බලපත්‍ර වංචාව යුක්තියුක්ත කිරීමට දායක වුණේ රාජ්‍ය නිලධාරීහු ය. 

මෙය සුබසාධන රාජ්‍යයක් යයි කියන අයට අප මීට පෙර කී දෙයක් නැවත මතක් කරමි. මෙම රජය පවතින්නේ සුබසාධනය වෙනුවෙන් ය යන්න මිථ්‍යාවකි. සුබසාධනය පවත්වාගෙන යන්නේ පීඩිතයන් සූරා කන මෙම රජයේ පැවැත්ම සාධාරණීකරණය කරන්නට ය.

මෙම නින්දිත අකටයුත්ත සිදු වන්නේ දෙමළ පාලනයක් ඇති උතුරු පළාත් සභාවේ වීම බලය බෙදා ගැනීමේ කතිකාවේ තවත් තලයක් ස්පර්ශ කිරීමට ද යොදා ගත හැකි ය. 

අප කලින් කී ගුරුවරිය මෙම රාජ්‍ය අංශයේ පහළ ම තලයේ සිටින්නියකි. ඇය සිය මානව හිමිකමක් මේ අන්දමින් ස්වකැමැත්තෙන් පාවා දෙන්නේ ඇයි ද යන්න විග්‍රහ කිරීමට අසමත් දර්ශනවාදවලින් වර්තමානයට වැඩක් නැත.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. මේ කාරණයටම අමතර යමක් එකතු කරනවා නම්;
    ලංකාවේ ප්‍රසූත නිවාඩු ක්‍රමයම මහා විකාරයකි. වැඩකරන දින 84ක් සියළුම සේවකයන්ට සමානය බෙදී නොයයි. ගුරුවරියන්ට නිවාඩු කාලයක් හිමිවන නිසා ඒ දිනයන් වැඩකරන දින ලෙස නොගැනේ. ඒ නිසා ගුරුවරියන්ගේ ප්‍රසූත නිවාඩු කාලය අනෙක් රජයේ සේවකයන්ට වඩා දිගුය. ඒ මදිවාට විදෙස් ගතවන්නේ නම් ප්‍රසූත නිවාඩුව දින 28කට සීමාවේ. පුහුණු වන නිළධාරිනියන් සඳහාද තත්ත්වය ඒසේමය.

    විසඳුම වන්නේ වැඩකරන දින යෙදුමෙන් බැහැර වී, දින 120ක් ලබා දීමයි.

    ReplyDelete
    Replies
    1. සිංහල ජාතිවාදී කාලකණ්ණි ජඩ හාල්පාරුවෙක් මෙම අහිංසක දමිළ සහෝදරියගේ ප්‍රශ්නය විහිලුවට අරගෙන????

      ලැජ්ජයි යකෝ. මනුස්සයෙක්ගෙ ප්‍රශ්නයක් දිහා මානුශික විදිහට බලපන් දෙමල ලේ ඉල්ලන මෝඩ සිංහල ජාතිවාදී හැත්ත.

      Delete
    2. කොහිල ටිකක් ඕනෙයි?

      Delete
    3. තම ඇජෙන්ඩාවට අදාළ නොවන ප්‍රශ්න වලදී ඉතාම සාධාරණ ලෙස පෙනී සිටීම නිරුවත් ජාතිවාදීන්ගේ සුලබ උපක්‍රමයකි. ඒ නිසා ඔවුන්ගේ ජාතිවාදී හැසිරීම නිෂේධ වන්නේ නැත.

      එසේම ඉහත ඇනෝකාරයාගේ අරමුණද මොළේ ඇති කෙනකුට අවබෝධ කර ගැනීමේ අපහසුවක් නැත.

      Delete
    4. මිගාරගේ සහ ඉහත ගොබ්බ ඇනෝ මැටි හරකුන් දෙදෙනාගේ අදහස් ගැන අජිත් පැරකුම් විශිෂ්ට විග්‍රහයක් කර තිබේ. ඒ මෙසේය;

      //ජාතික ප්‍රශ්නය සම්බන්ධයෙන් වාමාංශිකයන්ගේ ස්ථාවරය එක්කෝ සිංහල ජාතිවාදී ය. නැතිනම් දෙමළ ජාතිවාදී ය. ඒ වනාහි වාමාංශික කුජීතකම වසා ගන්නටත්, බලයට ඇති පෙරේතකම නිසාත් ගන්නා මාර්ගයක් මිස ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ කෙරෙහි විශ්වාසයකින් කරන කාර්යයක් නො වේ. වාමාංශිකයන් දන්නා සංහිඳියාවක් නැත. ඔවුන් දන්නේ තමන්ගෙන් මතවාදීව වෙන් වූ පැරණි සගයන් මරා දැමීමට හැකි දිනයක් දක්වා තමන් බලවත් වන තෙක් පන්න පන්නා පහර දීම පමණි.

      ඒ නිසා ඔවුන් කියන දේ බැරෑරුම් ලෙස සැලකීම තේරුමක් නැත. ඒ ඒ වෙලාවට ගැලපෙන ලෙස හරබර වචන පාවිච්චි කරන්නට ඔවුහු දනිති. මෙය භාෂාමය කාර්යයක් පමණි.//

      සිංහල ජාතිවාදී ගොත්‍රිකයෙක් සහ දමිළ ජාතිවාදී බඩගෝස්තරවාදී මී වෘශභයන්ගේ වසුරු ගොඩක් පමණි. කෙසේ නමුත් මිගාරගේ පළමු කමෙන්ටුව යම් වැදගත් තොරතුරක් දක්වා ඇත.

      Delete
    5. සිංහල ජාතිවාදය නැමැති ව්‍යසනය දැක දැක 'දෙමළුත් ජාතිවාදීයි' වැනි (ඇත්ත වුවත්) අදාළ කතා කියමින් ප්‍රශ්නය යට ගැසීමේ උත්සාහ දරණ ඇනෝ කමෙන්ට් අරූට දියවැඩියාව නිසා මටත් දියවැඩියාව තිබුණට මොකෝ වැනි මෝඩ ප්‍රකාශයන් පමණෙකි. මේ කමෙන්ට් එකට උඩ ඉන්නා ඇනෝ සේවය කරන්නේ කාටද යන්නද පැහැදිළියි.

      මිගාර සාමාන්‍යයෙන් තමන්ට අදාළ නොවන (සිංහල ජාතියට හෝ වෛද්‍යවරුන්ට ප්‍රශ්නයක් නැති) ගැටළු වලදී මැදහත් හා නිවැරදි ආස්ථානයක් ගන්නා පුද්ගලයෙකි. ඔහුගේ ප්‍රකාශ අන්තවාදී වන්නේ එය ඔහු අයත් වන ගෝත්‍ර දෙකෙන් එකකට (සිංහල හෝ වෛද්‍යවරුන්) අදාළ වන අවස්ථාවන්හීදී පමණෙකි.

      Delete
    6. ශ්‍රී ලංකාව යනු සිංහල මූලික පාලනයක් ඇති රටකි. එහෙත් එය සිංහල ජාතික රාජ්‍යයක් නො වේ. ලංකාව තුළ සිංහල හෝ දෙමළ හෝ ජාතික රාජ්‍යයක් බිහි කර ගන්නට තැත් කරන්නෝ ජාතිවාදියෝ/ බෙදුම්වාදියෝ ලෙස නම්කල හැකිය.

      ලංකාවේ ජාතික ප්‍රශ්නය වන්නේ මෙම ජාතිවාදයන් අතර ගැටුමයි. මෙම ගැටුම අතරමැද එකිනෙකට ප්‍රතිවිරුද්ධ වූ මෙම ජාතිවාදයන් විසින් එකිනෙකා පෝෂණය කරනු ලබයි. ලංකාවේ ජනතාවට පුළුල් දේශපාලන ප්‍රජාවක් කරා පරිණාමය වන්නට බැරි වී තිබෙන්නේ මෙම ජාතිවාදයන්ගේ ප්‍රතිඵලයක් ලෙසයි.

      මේ මොහොත අතිශය වැදගත් ය. ලංකාවේ ජනතාව ඒකාධිපති පාලනයක් පරදවා ප්‍රජාතන්ත්‍රවාදය දෙසට ප්‍රගතිශීලී පියවරක් තැබුවා පමණි. බලාපොරොත්තු රහිත මොහොතක ජාතිවාදය භයානක අන්දමින් හිස ඔසවමින් තිබේ.

      පළමු ප්‍රහාරය එල්ල වී තිබෙන්නේ උතුරේ දෙමළ ජාතිවාදීන්ගෙනි. කණගාටුදායක තත්වය වන්නේ මෙය සිදු වන්නේ දකුණේ සිංහල ජාතිවාදය පසුබස්වා තිබෙන සංදර්භයක වීමයි.

      දෙමළ ජාතික සන්ධාන නායකයන් දෙදෙනෙකු වන සම්බන්ධන් හා සුමන්තිරන්ට උතුරේ දෙමළ ජාතිවාදීන් දැඩි සේ විරෝධය පළ කරන්නේ ඔවුන් දරන මධ්‍යස්ථ ස්ථාවරයන් නිසා ය. සිංහල ජනතාව හා ආණ්ඩුව සමග ඔවුන්ගේ ඇති සම්බන්ධතා නිසා ය.

      මේ ගැන රත්නජීවන් හූල් ලියූ ලිපියක මෙසේ දැක්වේ.

      //ශ‍්‍රී ලාංකිකයන් වන අප දැන් සිටින්නේ තීරණාත්මක මංසන්ධියකයි. දෙමළ ජාතික සන්ධානය තුළ ජාතිවාදී ගසාකන්නන් සිටින්නා සේම, ආණ්ඩුව තුළ ද වර්ගවාදියෝ සිටිති. ප‍්‍රජාතන්ත‍්‍රවාදය දැන් ක‍්‍රියාත්මක වන්නේ ඒ දෙපිරිසම මධ්‍යයේය. එසේ වෙතත්, ඒ දෙපිරිසේම නායකත්වය මේ අවස්ථාවේ සාමය, සංහිඳියාව සහ ප‍්‍රතිසංස්කරණය වෙනුවෙන් කැප වී සිටිති. ආණ්ඩුව මෙහි දී පමණට වඩා මන්දගාමී වෙනවා විය හැකිය. එහෙත් ඔවුන්ගේ සද්භාවය, අඩු වශයෙන් හමුදාව පවරාගෙන සිටි ඉඩම් ආපසු ලබා දීම සම්බන්ධයෙන්වත් අපට දැක ගත හැකිය.

      "ආණ්ඩුව සමග දෙමළ ජාතික සන්ධානය කාර්ය නියුක්ත වීම මේ අවස්ථාවේදී තීරණාත්මක වන්නේය. සිංහලයන් දෙන පොරොන්දු හැම විටම කඩ කරතියි මොරගෑම සමහර විට ආකර්ශනීය සටන් පාඨයක් විය හැකිය. එහෙත් දෙමළ ජාතික සන්ධානයේ ජාතිකවාදී මොරදීම හේතුකොටගෙන, ආණ්ඩුවට කළ හැකිව තිබෙන දේවල් පවා කර ගැනීම දුෂ්කර කැරැුවිය හැකිය. කැබිනට් තනතුරු භාර ගනිමින් ආණ්ඩුවට මග පෙන්වීමක් කිරීමට දෙමළ ජාතික සන්ධානයට හැකි වන්නේ නම්, ඒ මගින් කැබිනට් මණ්ඩලය තුළ සිටින අන්තවාදීන් මැඩලීමට ද යම් බලපෑමක් කිරීමට ඔවුන්ට හැකි වනු ඇතැයි යන්න මගේ විශ්වාසයයි.//

      ජාතිවාදීන්ගේ මූලික ලක්ෂණය වන්නේ ජාතික ප්‍රශ්නය විසඳා ගන්නට සූදානමක් නැතිකමයි. ඔවුන්ට උවමනා මේ ගැටුම දිගට ම පවත්වා ගන්නට ය. ජාතිවාදයන් පියමං කරන දේශපාලන ප්‍රජාවක් ‍ගොඩනැගීමට ඉවහල් වන්නා වූ රාජ්‍ය ප්‍රතිසංස්කරණයකට ඔවුහු ඉඩ නො දෙති.

      ජාතිවාදය පරාජය කරමින් නැගී සිටි අලුත් ආණ්ඩුව ස්ථාවර වන්නටත් පෙර මහා පෙළපාලි යමින්, මධ්‍යස්ථ දෙමළ නායකයන්ට මරණීය තර්ජන කරමින් දෙමළ ජාතිවාදීන් නටන ‍මේ නාඩගම තේරුම් ගත යුත්තේ එසේ ය.

      එසේම, ජාතික ප්‍රශ්නය න්‍යායිකව පටලවමින් ප්‍රගතිශීලී වාමාංශික බලවේගය ද කොටි සංවිධානය සමග ම වල පල්ලට යන්නට සැලැස්වූ දෙමළ ජාතිවාදයට නග්නව කඩේ යන සිංහල වාමාංශික කොටස් ද මෙම තත්වය තුළ පිබිදී සිටිනු දකින්නට ලැබේ. දෙමළ ජාතිවාදය ප්‍රගතිශීලී ජාතිකවාදයක් ලෙස උත්කර්ෂයට නගන බඩගෝස්තරවාදී මී ගවයන්ගේ නග්නභාවය මින් මනාව පිළිබිඹු වේ.

      Delete
    7. Anonymous October 26, 2016 at 12:22 PM

      මෙන්න හිරිකිත දෙමළ ජාතිවාදී ගෝත්‍රිකයන් වෙනුවෙන් අමු හෙළුවෙන් කඩේ යන බඩගොස්තරවාදී ගොබ්බයෙක් චරිත සහතික දීල හිටන්;

      //ම දන්න තරමින් මේ අහිංසක තරුනයො දෙන්නෙක් තමයි. මාධ්‍යවල කීර්ති වර්ණකුලසූරියලාත් මුහුණු පොතේ මිගාර වීරක්කොඩිලා, චරිත කාරියවසම්ලා, සුජීව කොකාවලලා ත් පෙන්නන්නට තැත් කරන ආකාරයේ "ත්‍රස්තවාදීන්" දෙදෙනකු නෙවෙයි//

      මේ තරුණයින් දෙදෙනා සාමාන්‍ය සරසවි සිසුන් දෙදෙනෙකි. අනෙක ඔවුන් මර්දනකාරී පොලිස් ප්‍රහාරක ජඩයින් විසින් මරා දැමීම අප තදින් පිළිකුල් කරන අතර යතුරුපැදියට වෙඩි තබා ඔවුන් අනතුරට ලක්කල පොලිස් බල්ලන්ට උපරිම දඬුවම් දිය යුතුය.

      නමුත් නොදන්නා දමිළ මිනිසුන්ට මෙහෙම දිවැසින් බලා චරිත සහතික ලියන බඩගෝස්තරවාදී නරුම හැත්තද රට ගිනිතබන තවත් අවලමුන් පිරිසකි. මුහුණු පොතේ ලියන සිංහල ජාතිවාදී අපතයින්ද ඇතුළුව උන්ටද දඬුවම් දිය යුතුමය.

      Delete
  2. පැරා,

    ඔබට කිසිවකු වැරදි තොරතුරු ලබාදී තිබෙනවා. උතුරු පළාත් සභාව මෙවැනි අකටයුත්තක් සිදුවන්නට ඉඩ හැරියා යැයි කිසිසේත්ම සිතිය නොහැකියි. විග්නෙශ්වරන් මහතා හිටපු විනිසුරුවරයෙක් මෙන්ම නීති විශාරද ජනතාවාදී නායකයෙක්. දමිළ ජනතාවගේ අතිශය සාධාරණ අයිතීන් වෙනුවෙන් අභීතව පෙනී සිටින ඔහු දැනුවත්ව කිසිසේත්ම මෙවැන්නක් විය නොහැකියි.

    සිරිසේන ලොක්කා ළඟ මෙන්ම ආන්ඩුවේ ඉන්නේ ඔක්කෝම මහින්දගේ බත් බැලයන්ය. එමෙන්ම කවුරුත් දන්නා පරිදි, ජනපති ලේඛම් හා ආරක්ෂක ලේඛම් යන දෙන්නාම මහින්දගේ බත් බැලයන්ය. උතුරු පළාත් සභාවද රාජපක්ෂ බැලයින් වන බයි වහල්ලුන්ගෙන් පිරී ඉතිරී පවතී. එතන තවත් සැකයකි. ඉතින් මෙය පැහැදිලිවම දූෂිත රාජපක්ෂ කල්ලියේ කුමන්ත්‍රණයක් බව තහවුරු නොවේද?

    ReplyDelete
  3. සකල විධ ලෝක ධාතුවේ ස්ත්‍රී වර්ගයාගේ විමුක්තිය තමා විසින් ම තමන්ගේ බ්ලොග් කඩමාල්ල මඟින් ම සලසා දිය යුතු බව පවසන මතුගම අජිත් පැරකුම් ජයසිංහගේ ස්ත්‍රීවාදී ක්‍රියාකාරීත්වයේ ස්වභාවය කියා පාන සුවිශේෂී සිදුවීම් කීපයක් මෙසේ සටහන් කරමු:

    1. තමා සේවය කළ පාසලේ තරුණ විදුහල්පතිනියට අනියම් සම්බන්ධයකට යෝජනා කර ඇය එය ප්‍රතික්ෂේප කළ පසු ඇයට එරෙහි ව පාසලේ ගුරුවරුන් උසිගන්වා පාසල් පරිපාලනය කඩාකප්පල් කිරීම (සිදුවීමට අදාළ හඬ පටය අප සතු ව ඇත).

    2. තමා සමඟ කලක් දේශපාලනය කළ තම ජීවිතය බේරා දුන් සගයෙකුගේ ප්‍රිය භාර්යාවට අනියම් යෝජනා කර ඇය එය ප්‍රතික්ෂේප කළ පසු ඇය පිළිබඳ අසත්‍ය කතා පැතිරවීම (සිදුවීමට අදාළ එස්.එම්.එස්. අප සතු ව ඇත).

    3. තම ව්‍යාපාරයකට ලේඛන සහයා ලබා දුන් ස්ත්‍රියකට අසභ්‍ය ප්‍රකාශන යතුරුලියනය කරන්නට භාර දී ඇය ඒ පිළිබඳ තම නායකයාට පැමිණිලි කළ පසු ඇයගේ පෞද්ගලික ජීවිතය කඩාකප්පල් වන සේ අසත්‍ය කතා පැතිරවීම (සිදුවීමට අදාළ ලිඛිත පැමිණිල්ල අප සතු ව ඇත).

    4. කන්තලේ ප්‍රදේශයේ ගුරුවරයෙකු ව සිටිය දී තම ශිෂ්‍යාවක සමඟත් එම ශිෂ්‍යාවගේ මව සමඟත් සම්බන්ධයක් පවත්වාගෙන යාම සහ එම තොරතුරු හෙළි වීම නිසා ශිෂ්‍යාවගේ මව කනේරු ඇට කා හෘදස්පන්දන වේගය අසාමාන්‍ය ලෙස අඩු වී ඉතා අසාධ්‍ය තත්ත්වයකට පත්වීම (සිදුවීමට අදාළ පොලිස් වාර්තාවේ සහතික කළ පිටපතක් අප සතු ව ඇත).

    අප මෙතෙක් කල් ‍මතුගම අජිත් පැරකුම් ජයසිංහගේ පෞද්ගලික ලිපි ගොනුව විවෘත නො කළේ පැරණි මිතුරුකම ගැන සිතා ය. ඉදිරියට ද එය විවෘත නො කර සිටීමට අප කැමති ය. එහෙත් මතුගම අජිත් පැරකුම් ජයසිංහ එවැනි සංහිදියාවකට කැමති බවක් නො පෙනේ; තවමත් තැන තැන අප නො කළ දෑ පිළිබඳ අපට මඩ ගසමින් යයි. සාමය සංහිදියාව යනු එක් පාර්ශ්වයකට පමණක් ළඟා කර ගත හැකි දෙයක් නො වේ. ඒ සඳහා දෙපාර්ශ්වයේ ම කැපවීම තිබිය යුතු ය. මතුගම අජිත් පැරකුම් ජයසිංහ, තීරණය ඔබේ අතේ ය. අපි බලා සිටිමු.

    ReplyDelete
    Replies
    1. කිසිදු සංහිඳියාවක් නැත. ඔය කියන සාක්ෂි හෙළිදරව් කරන ලෙස අභියෝග කරමි.

      Delete
    2. අම්මප, මේවා FCID යවන්න ඕනේ කේස් නේ බොලව්.
      කරන විදිය දන්නේ නැත්තන් අර රතු කමිස කන්ඩායමේ කෙනෙක්ගෙන්වත් අහල කරන්නකෝ.
      ලොකු උදව්වක්!

      Delete
    3. මෙන්න මේ වැඩේ කරලා සන්හින්දියාවකට ආවනම් ඉවරනේ.
      http://www.videos.gossiplankanews.com/2016/10/feng-sui.html

      Delete
    4. පැරා, මේ බ්‍රයිට් හවුස් නංගි යෝජනා කරන දේ අප දෙදෙනාත් කර බලමු ද මේ එදිරිවාදිකම් නැති කර ගන්න? මෙකෙද කියන්නේ සහෝ?

      Delete
    5. අයියෝ සංසාරේ......
      ශ්‍රී ලාංකික විප්ලවයෙ දීප්තිමත් තාරකාවට ගිය කල. හන්දි ගානේ කැළෑ පත්තර ගහන තත්වෙට වැටුන එහෙනම්.
      දැන් මේක විශ්ලේෂණය කරන්න ලකාන් ල, ජිජැක් ල එක්ක එන්න වෙනව. මොකද අපට තේරෙන විදියට මේක ගැන කිව්වොත් , ඒක කියවන්න හිරිකිත වෙයි.
      මේ දවස් වල පැරාව deconstruct කරන එකට ෆුල් ටයිම් බැහැල ඉන්නෙ, යුරෝපීය විප්ලවය සාර්ථකව අවසන් කොරලයි දැන්?

      Delete
  4. "...සාමය සංහිදියාව යනු එක් පාර්ශ්වයකට පමණක් ළඟා කර ගත හැකි දෙයක් නො වේ. ඒ සඳහා දෙපාර්ශ්වයේ ම කැපවීම තිබිය යුතු ය..."

    දැන් මේක මේ දවස් වල බොහොම උනන්දුවෙන් ගේම ඉල්ලන උතුරේ සහෝදර වරුන්ටත් අදාළ වෙනවද? වැඩි දුර විස්තර කරන්න පුළුවන් නම් ලොකු උදව්වක්.

    ReplyDelete
    Replies
    1. වාමාංශිකයන් දන්නා සංහිඳියාවක් නැත. ඔවුන් දන්නේ තමන්ගෙන් මතවාදීව වෙන් වූ පැරණි සගයන් මරා දැමීමට හැකි දිනයක් දක්වා තමන් බලවත් වන තෙක් පන්න පන්නා පහර දීම පමණි.

      ජාතික ප්‍රශ්නය සම්බන්ධයෙන් වාමාංශිකයන්ගේ ස්ථාවරය එක්කෝ සිංහල ජාතිවාදී ය. නැතිනම් දෙමළ ජාතිවාදී ය. ඒ වනාහි වාමාංශික කුජීතකම වසා ගන්නටත්, බලයට ඇති පෙරේතකම නිසාත් ගන්නා මාර්ගයක් මිස ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ කෙරෙහි විශ්වාසයකින් කරන කාර්යයක් නො වේ.

      ඒ නිසා ඔවුන් කියන දේ බැරෑරුම් ලෙස සැලකීම තේරුමක් නැත. ඒ ඒ වෙලාවට ගැලපෙන ලෙස හරබර වචන පාවිච්චි කරන්නට ඔවුහු දනිති. මෙය භාෂාමය කාර්යයක් පමණි.

      Delete
    2. Para,

      Like Michelle Obama said, 'When they go low, we go high'
      Don't worry my friend.

      ඔය කෝවේ දාල බාගෙට මකවපු සමාජවාදියෝ හදන්න බෑ

      Delete
    3. //ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ//

      පැරකුම් මහත්තයා ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ ගැන කතා කරද්දි මට මතක් වෙන්නේ ධර්මසිරිගේ සිනමාවේ තුම්මුල්ලේ පද්මේ සිල් අරගෙන ඉන්න දර්ශනය! ප්‍රජාතන්ත්‍රවාදය හා රාජ්‍ය ප්‍රතිසංස්කරණය සඳහා දකුණ විසින් කරනු ලබන අරගලය උතුරේ පීඩිත ජනයාගේ විමුක්ති අරගලයෙන් ස්වායත්ත ව සිදුකළ හැකි ද? මේක ඉතා වැදගත් ප්‍රශ්නයක්. අවුරුදු හතක් තමන්ගේ බ්ලොග් කඩමාල්ලට ලිපි ලියු බව පවසන පැරකුම් මහත්තයාගේ මුක පූට්ටු වන්නේ එම ප්‍රශ්නය ඉදිරියේ ය. එව ප්‍රශ්නයට පිළිතුරක් දීමට නො හැකි පැරකුම් මහත්තයාගේ ගැලවීමේ විජ්ජාව වන්නේ ප්‍රශ්නය ඇසූ අයට පහර දීම ය. මා මෙසේ පවසමි: පැරකුම් මහත්තයෝ, පුළුවන් නම් එක පොස්ට් එකකින් සංයුක්ත ව හා විෂයනිශ්‍රිත ව පහත ප්‍රශ්නයට පිළිතුරු දෙන්න.

      //// පැරා පෙනී සිටින්නේ ප්‍රජාතන්ත්‍රවාදයේ මුරදේවතාවා හැටියට යි. ඒක සාධනීය ආකල්පයක්, එළඹුමක් විය හැකි යි. එහෙත් පැරා තම ප්‍රතිපත්තිය පිරිපහදු කර ගෙන නැති බව පෙනී යනවා. පශ්චාත් යටත්විජිත ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා කෙරෙන අරගලය පැරා ඥානනය කර ගන්නේ දකුණේ වැඩක් හැටියට යි. පැරා විශ්වාස කරනවා උතුර නො සලකා දකුණේ දේශපාලන ව්‍යාපාරයකින් ලංකාව තුළ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කළ හැකි බව. පැරා වටහා ගන්නේ නැහැ උතුර නො සලකා සමස්ත ලංකාවේ කෙසේ වෙතත් දකු‍ෙණ් තුළ හෝ ප්‍රජාතන්ත්‍රවාදය යථාකරණය කළ නො හැකි බව. උතුරේ පීඩිත ජනයා තම ප්‍රජාතාන්ත්‍රික අයිතිවාසිකම් දිනා ගැනීමට කරන අරගලය මර්දනය කිරීම සඳහා ය යන වහන්තරාවට මුවා වී තම යි පාලක පන්තිය සැමදාමත් දකුණේ ප්‍රජාතන්ත්‍රවාදය නැති කළේ. උතුරට එල්ල කළ ගිනි අවිම තම යි අසූව දශකයේ දී දකුණේ තරුණ ජීවිත 60 000 ක් බිලි ගත්තේ. උතුරේ පීඩිත ජනයාගේ අරගලය මර්දනයට ගෙනා නීති ම තම යි දකුණේ මාධ්‍ය නිදහසත් ප්‍රකාශනයේ නිදහසත් නැති කළේ. බන්ධනාගාරය තුළ අමානුෂික ව පාලක පන්තිය විසින් ඝාතනය කෙරුණු කුට්ටුමනී සහෝදරයා 1983 දී පැවසූ දෙය වසර දහයක් ගෙවෙන්නත් පෙර සත්‍යයක් වූ බව පැරාට වැටහෙන්නේ නැහැ. එනිසා උතුර නො සලකා දකුණේ අපේ ම කියා දේශපාලන ව්‍යාපාරයක් ගොඩ නැඟීමට ගිය පැරා අද පාලක පන්තියට ප්‍රශස්ති ගයන මට්ටමට වැටිලා. නිදහස යනු වරණීය ව පාලක පන්තියට හිතවත් අයට ලැබෙන වරප්‍රසාදයක් නො විය යුතු යැයි පැවසූ ලක්සම්බර්ග් සහෝදරිය පැරාට වහ කදුරු වෙලා.

      පැරා නිතොර පවසන දෙයක් තම යි ලංකාවේ තිබෙන්නේ සම්පත් බෙදී යෑමේ විෂමතාවක් හා උතුරටත් දකුණටත් පොදු ප්‍රශ්න රාශියක් මිස දෙමළ ජාතිය‍ට සුවිශේෂ ප්‍රශ්න රාශියක් නො වන බව. ඇත්තෙන් ම රංගයා ඕක තම යි සියලු අන්ත සිංහල ජාතිවාදීන් පට්ට ගහන ගැලවුම් වාක්‍ය ය. නලින්ගේ ටයිප්රයිටර් කතාවේ තිබුණෙත් ඔය අදහස ම යි. සමාජය තුළ නිදන්ගත ව සුප්ත සමයක තිබෙන ජාතිවාදී මනෝභාවයන් ද නසා ඉවත් කිරීම අරමුණ කර ගෙන ක්‍රියාකාරි විය යුතු පැරා වැනි දක්ෂ මිනිසුන් විසින් ද ජාතිවාදය රහසේ පෝෂණය කරනු ලැබීම ඛේදාන්තයක්. එක ම ප්‍රශ්නය වුව දකුණ සඳහා එක් ආකාරයකටත් උතුර සඳහා තවත් ආකාරයකටත් දකුණේ සිංහල මහා ජාතිය විසින් සලකනු ලබන්නේ නැති ද?

      අසූව දශකයේ ධවල භීෂණ සමයේ දී දකුණේ තරුණයන් 60 000 ක් පමණ පාලක පන්තිය විසින් ඝාතනය කරනු ලැබ පාරවල් ගානේ කබරයන්ට කෑමට දමනු ලැබ සිටිය දී පාලක පන්තියට එරෙහි ව එක් රුස් වූ දකුණේ බහුතර ජනයා දශකයක ඇවෑමෙන් උතුරේ තරුණයන් 100 000 ක් පමණ පාලක පන්තිය විසින් අමානුෂික ව ඝාතනය කරනු ලැබූ විට පාලක පන්තියට එරෙහි ව එක් රුස් වූවෝ ද? මනුෂ්‍ය ඝාතන එකී තරුණ කොටස් දෙකෙන් ම එක සමාන ව සිදු විණ. පීඩක පාලක පන්තිය විසින් දකුණේ තරුණයාට ආයුධ අතට ගන්නට කටයුතු සැලසිණි යන මහා කාරුණික න්‍යාය උතුරේ තරුණයා සඳහා සිංහල මහා ජාතියේ බහුතරය විසින් සූත්‍රගත නො කෙරුණේ ඇයි? පීඩිත සන්නද්ධ අරගලයකින් තම අයිතිවාසිකම් දිනා ගැනීමට අරගල කළ දකු‍ණේ තරුණයන් පිළිබඳ දකුණේ බහුතර‍යකගේ නෙතගට නැඟි කඳුළ එවැනි ම අරගලයක් කළ උතුරේ තරුණයන් පිළිබඳ ‍නො නැඟියේ ඇයි? සිංහලයාට තවමත් දෙමළා අපේ එකෙකු නො වන නිසා නො වේ ද? ඊනියා ලංකික අනන්‍යතාවක් ගැන තීසිස ලියන පැරා දෙමළාගේ ප්‍රශ්නය සිංහලයාගේ ද ප්‍රශ්නයක් බව සිංහල මහා ජාතියට සංවේදනය වන තත්ත්වයක් ඇති කරන්නට අද වන තෙක් කිසිවක් ලියා නැත. පැරා මෙම සටහන ලියුවේ ද පැරාගේ නැහැඬියාව ගැන උතුරෙන් විවේචනයක් එල්ල වූ පසු ව ය (යාපනය සරසවියේ සිසුන් දෙදෙනා ගැන පැරකුම්ගේ ලිපිය). ආගමික ප්‍රශ්නයට විසඳුම ආගම නැති කිරීම ය, ජාතික ප්‍රශ්නයට විසඳුම ජාතිය නැති කිරීම ය, වතු වගාවේ ප්‍රශ්නයට විසඳුම වතු වගාව නැති කිරීම ය ආදී මනස්ගාත ලිවීමෙන් සාර සමාජයක් ලංකාවේ ගොඩ නඟන්නට පැරා සිහින මව යි; ඒ සිහින ලොවට තරුණ පරම්පරාව ද ගෙන යයි. මහා තොවිලයක් නටා පැරා අවසානයේ දී ජාතිවාදී යකුන් ද ජාතිවාදය පෝෂණය කරනු ලබන පාලක පන්ති යකුන් ද සමඟ නිදි වදි යි. //

      Delete
    4. Mr. Perakum,
      The Refined Question after removing the personal signifiers should read as follows. Please disregard the first question and focus on this new version for your answer.

      Delete
    5. මෙම කාරණය සම්බන්ධයෙන් වෙනම ලිපියක් ලිවීමට අදහස් කරමි. මේ ගැන මා බොහෝ කරුණු ලියා ඇති බව බොරුවක් නො වේ. එහෙත්, මෙම ප්‍ර‍ශ්නය ගැන නැවත, නැවත ලිවීම වැදගත් බව මම පිළිගනිමි.

      Delete
    6. පට්ටම ආතල් එක කියන්නේ රාජ්‍යයට එරෙහිව ආයුධ සන්නද්ධ අරගලෙකට සහභාගී උණු පැරත් අහනව දෙමළාට කියල වෙනම ප්‍රශ්නයක් නැත්නම් දෙමෙල්ලු යුද්ධ කරාවිද කියල. මොක්කු හරි ටිකක දේශපාලන අරමුණකට කඩේ යවා ගන්න ගන්න ඕන උනහම අහවල් එක (රට/ජාතිය/සංස්කෘතිය/ආගම/නිදහස් අද්‍යාපනය/අපේ සර්/අපේ ලකී අය්යා) වෙනුවෙන් දිවි පුදමු කියල යන (පැරා ඒ කාලෙ ගියා වගේ) මැටි මෝල් මීහරක් ටිකක් හොයා ගන්න ඕනෙම කාලෙක හොයා ගන්න පුළුවන්.

      දැන් මේ දකුණේ කැම්පස් වල කොල්ලන්ගේ ඔළුවට කම්පියුටර් මොනිටර් අත ඇරලා මරා ගන්න තරමට දරුණු වෙන්නේ කැම්පස් එකෙන් අවුට් වෙලා මාස ගානෙන් අමතක වෙන දේවල් වලට, නැතුව පැරා හිතන් ඉන්නවා වගේ මාර පීඩනෙකින් එතනට තල්ලු වෙලා නෙවෙයි.

      දැන් නැති උනත් චන්ද්‍රිකා ගේ අන්තිම කාලේ පෝස්ටර් කේස් වලින් මිනී දෙක තුනක් මැරුණා. ඒක දැකලා හිතනවා නම් මාර කැපවීමක් නේද තමන්ගේ දේශපාලන දර්ශනේට කියලා, එහෙම එකක් නැහැ ගොන් කම ඇරෙන්න.

      UK වල කෙල්ලෝ ISIS එකට බැඳෙන්න මැදපෙරදිගට යන්නෙත් එහෙනම් ඉස්ලාම් ආගමට විරුද්ධ මාර පීඩනයක් නිසා වෙන්න ඇති නේද පැරෝ?

      දැන් පැරා ජෙප්පො වෙනුවෙන් ජීවිතේ දෙන්න ගිය පීඩනේ දැන් ඉවර වෙලාද දැන් දෙය්යන්ගේ පිහිටෙන් පවුලක් පන්සලක් වෙලා යසට ඉන්නේ?

      Delete
    7. Mr. Perakum, thank you so much for your kindness to accept my request to deconstruct the quoted text, which is full of logical but non-pragmatic arguments. We need somebody of your calibre to take such a difficult task for the betterment of our country.

      Please be mindful to disregard the personal signifiers such as the reference to somebody named Ranga in that quoted text. I suggest you to be thoroughly objective in your deconstruction of the text. Your ardent readers who have been with you for last seven good years are interested in reading your thoughts on the content of the quoted text rather than the intent of its author as to why he/she would have written it.

      Kind Regards.

      Delete
    8. AnonymousOctober 26, 2016 at 1:31 PM කියන කතාව නම් හරියට ම හරි. හොඳ කථිකත්වයක් සහ සංවිධාන හැකියාවක්ති යෙන මිනිහෙකුට ඕනෑ ම ගොබ්බ වැඩකට මිනිසුන් සොයාගන්න පුළුවන්. ඒක තමයි ඇත්ත. වේලුපිල්ලේ පිරබාහරන්ටත් ඔය හැකියා දෙක ම තිබුණා.

      Delete
  5. // මුල් පත්වීමේ කොන්දේසි අනුව ඇය වසර පහක් පත් කළ පාසලේ දුෂ්කර සේවයේ යෙදිය යුතු ය. ඇය මුල් පත්වීම ලැබුවේ මුලතිව් දිස්ත්‍රික්කයේ දුෂ්කර පාසලකට ය. පහසු පාසලක් ලබා ගැනීමට කෙතරම් උත්සාහ කළත් එය බැරි වූ නිසා දැන් ඇය එහි උගන්වයි. //


    ඒ කියන්නේ ඇය මුල් පත්වීමේ කොන්දේසි කඩලා දුස්කර නොවන පාසලකට එන්න සෑහෙන්න ට්‍රයි කොරලා තියෙනවා හිටන්?

    ReplyDelete
    Replies
    1. හොඳට මතක් කොරලා බලනවා ඔහේ පත්වීම් මාරුවීම් කොන්දේසි කැඩුවද නැද්ද කියලා. දැන් සුදනා වෙන්න හදන්නේ.

      Delete
    2. සාරස කියන්නේ සුදනෙක් නෙවෙයි නේද? මෙතන බුවා තමන් සුදනෙක් නොවන අන්තිම අහිංසක දුදනෙක් බවත්, අවස්ථාවාදී සටාකපට තක්කඩියෙක් බවත්, මෑතකදී එක්තරා බක පණ්ඩිත පට්ටපල් බොරුකාර හිටපු ආමි බ්ලොග්කරුවගේ චෝදනාවක් අනුව යමින් පුස් අන්දරේ කෙනෙක් බවත් පිළිගන්නට තරම් නිහතමානී වූ බව අපට අමතක නැත.

      Delete
    3. // හොඳට මතක් කොරලා බලනවා ඔහේ පත්වීම් මාරුවීම් කොන්දේසි කැඩුවද නැද්ද කියලා. දැන් සුදනා වෙන්න හදන්නේ. //

      අතීතයේ කැඩුවෙමි, වර්තමානයේ කඩමින් සිටිමි, අනාගතයේදී කඩන්නෙමි! සුදනෙක් නොවෙමි..දුදනෙක් මි!



      // සාරස කියන්නේ සුදනෙක් නෙවෙයි නේද? මෙතන බුවා තමන් සුදනෙක් නොවන අන්තිම අහිංසක දුදනෙක් බවත්, අවස්ථාවාදී සටාකපට තක්කඩියෙක් බවත්, මෑතකදී එක්තරා බක පණ්ඩිත පට්ටපල් බොරුකාර හිටපු ආමි බ්ලොග්කරුවගේ චෝදනාවක් අනුව යමින් පුස් අන්දරේ කෙනෙක් බවත් පිළිගන්නට තරම් නිහතමානී වූ බව අපට අමතක නැත. //

      සා ර ස වනාහී දුදනෙකි, සෙවලයෙකි, පුස් අන්දරේ කෙනෙකි, අවස්තාවාදී සටකපට තක්කඩියෙක් මි!

      බලාගෙන ගියාම සින්හල බොග් අවකාසේ නරකම පුද්ගලයා වන්නේ සා ර ස තුමා ය!

      ඒ ගැන එතුමා ට අම්බානට හැපී වන්නේ ඒකෙන් වත් කැපී පෙනීමට එතුමාට අවස්තාව ලැබීම නිසා ය!

      Delete
    4. Sa rasa,

      Well said mate. Keep it up.

      You are the living example, the role model in Sinhala blogs in terms of counter arguing with stupid busters. Though I'm not impressed with your political views, (I'm not a fan of highly corrupted MR regime, FYI) I had to say that I'm a fan of your approach, at least your art of responding. Once again, well done mate. Cheers.

      Delete
    5. "මෑතකදී එක්තරා බක පණ්ඩිත පට්ටපල් බොරුකාර හිටපු ආමි බ්ලොග්කරුවගේ..."

      අඩෝ මේ රණවිරුවන්ට අපහාස කරන්න එන්න එපා. තොගෙ හතරහන්දි කඩනව නිකං බෝංචි කඩනව වගේ? දැන් උඹට මේක දැක්කම චූ ගියා නේද? දීපන්කො පුලුවන්නම් උත්තර.

      Delete
    6. මුලින්ම මේ රටේ මිනිස්සුන්ට පැහැදිලිව කියලා දෙන්න ඕනේ, නිල ඇඳුමක් ඇන්ද පමණින්, සෑම කෙනෙකුම රණවිරුවකු නොවන බව. රණවිරුවා කියන්නේ, යුද අපරාධ කරන්නවත් බ්ලොග් වල කොමිසාර් පොලිස්/ හමුදා පාට් දාන්නවත් ලයිසන් තියන කෙනෙක් නෙවෙයි. ත්‍රස්තවාදීන් යුද අපරාධ කළා කියා, එයට පලිගැනීමක් වශයෙන් යුද අපරාධ කරන්නවත්, රණවිරුවකුට කිසිම බලයක් හෝ අයිතිවාසිකමක් නැහැ. එහෙම නොකර උපක්‍රමිකව සටන ජයගන්නා කෙනා තමයි නියම රණවිරුවා.

      අනෙක යුද්ධ කාලේ හමුදාවේ හිටපු අයගෙන් ඉතාම සීමිත ප්‍රමාණයක් පමණයි සක්‍රීයව ක්‍රියාන්විත සේවයේ යෙදුනේ. වැඩිදෙනෙක් කළේ පරිපාලන සහ සහායක කටයුතු වල යෙදෙමින් මහජන මුදල් කබාසිනියා කරමින් කාලෙ කාපු එක. ඉතින් එහෙම හිටපු ආමි/ නේවි/ එයාෆෝස් එවුන්ටත් රණවිරුවෝ කියන්න පුළුවනෑ???

      Delete
    7. අනේ පලයන් ඩෝ යන්න.

      යුධ පෙරමුණේ හිටපු රණවිරුවෙක් නොවෙයිනම් කොහොමද Main Battle Tank (MBT), Artillery වලින් පටන්ගෙන AK - 47 වගේ දේවල් ගැන ලියන්නෙ? උඹල ලියන්න දන්නේ කොහු ඉදල් ගැන.

      අනික රණවිරුවෙක් වෙන හින්දනෙ Gallantry Medals ගැන ලිපි ගානක් ලිව්වේ. Gallantry Medals හම්බවෙන්නෙ රණවිරුවන්ට විතරයි. එහෙම medals නැති හමුදා සාමාජිකයෙක් ඒවා ගැන ලියාවිද? උඹල ලියයි මාල වළලු ගැන.

      එයාලට වගේ ndu, psu, rcds තියා උඹට RPC වත් තියනවද?

      දීපංකො පුලුවන්නම් උත්තර? කට උත්තර නෑ නේද?

      Delete
    8. Ara kicha gana neda me kiyanne..

      Delete
    9. @ Anonymous October 26, 2016 at 2:26 PM

      අඩෝ මේ උඹත් රණවිරුවන්ට අපහාස කරන්න එන්න එපා. තොගෙත් හතරහන්දි කඩනව නිකං ලපටි වැටකොළු කඩනව වගේ? දැන් උඹටත් මේක දැක්කම චූ ගියා නේද? දීපන්කො පුලුවන්නම් උත්තර.

      Delete
    10. ඔය සාරසා තමයි මේ සේරටම මුල. ඕක ඇරියස්කාරයෙක්ට උගුල අටවල මාරුවෙනව හෙමින වගේ.

      Delete
    11. හය්යෝ බන් මොකෝ මේ කිචවංස පචෝරිස් උන්නැහේට මඩ ගහල තියෙන්නේ? පව් බන් නාකි මනුස්සයා. පොර හෙන දස්සයා, ලොව හාස්‍යජනකම බ්ලොග විචාරකරුවා වියහැකි අසමසම පුඟුලෙක්. හැබැයි පොර ලියන්න නම් අවංකවම දස්සයා. හමුදා පොත බලබල විකිපීඩියාවත් බලල අවු. විසි පහක් විතර වැඩකරපු ආයතනයේ අසපු දැකපු හොයපු දෙවල් ඇසුරින් යුද්දෙ ගැනවත් හමුදා, ආයුද ගැනවත් මළ පොතේ අකුරක් නොදන්න බ්ලොග පාඨකයන්ට රසකතා ලියපු හොඳ බොගකාරයෙක්. පොරගේ හොඳ ගතිගුණ අතර ඇති දුර්ගුණ මේවායි;

      01. තමන්ගේ මතයට සුළුවශයෙන් හෝ එරෙහි වන්නන් දුටුවිට ඉක්මණින් කිපී ඔවුන්ට එරෙහිව ඉතා දරුණු සහ තර්ජනාත්මක ලෙස නින්දා අපහාස කිරීමට පෙළඹීම.
      02. තමන්ගේ දේශපාලන මතවාදය අනුව තොරතුරු විකෘති කොට දැක්වීම මගින් පාඨකයන් නොමඟ යැවීම.
      03. තමාට නැති RWP, RSP, USP වැනි සම්මානයන් (Medals ) ගැන හීනමානයෙන් සිටිමින් ඒවා ලබා ඇති දක්ෂ නිළධාරීන්ට අපහාසාත්මකව මඩ ගැසීම.
      04. තමාගේ නැති යහගුණ පෙන්වා තමා බෝධිසත්ත්වයෙක් මෙන් පෙනෙන පරිදි අසත්‍ය කතා ගොතා කීම (මේක නම් ටිකක් විතර අහිංසක ආසාවක් නේ? ඉතින් කමක් නැහැ.)

      හ්ම්. ඔව්ව ඔහොම තමයි. බුවාට මඩ ගහන්න එපා දැන් ඇති. ඔන්න ඔහෙ ඉන්න දීපන් බුවාට, පව්නේ වයසක මනුස්සයනේ?

      Delete
    12. // ඔය සාරසා තමයි මේ සේරටම මුල. ඕක ඇරියස්කාරයෙක්ට උගුල අටවල මාරුවෙනව හෙමින වගේ. //

      සා ර ස තුමාත් හරියට සරණ වගේම තමයි.... කොච්චර කිවුවත් හූනො කැරපොත්තො කන එක නතර කොරන්න බැහැ හිටන්!

      Delete
  6. ලංකාවේ සිදුවන දූෂණ ක්‍රියාවන් ගනන වැඩිම ආයතනය පාසල වෙන්න ඕන, අපේ ගෙදරින් 2/3 ඉස්කොලේ යන හින්දද මන්දා ඉස්කෝලවල දූෂන / අපචාර / අවිනීත / අයුතු වැඩ කීපයක් අහන්න නොලැබෙන්නේ ඉතාම ඉතාම කලාතුරකින් දවසක.

    ReplyDelete
  7. This comment has been removed by the author.

    ReplyDelete
  8. ඔහොම කරනව මගේ දරුව පාසලට දාගන්න විදපු දුකක් දන්නෙ මම විතරයි - මම ගිහින් විදුහල්පති පුද්ගලිකව හමු උනා පාසලේදිම - එයා කිව්ව එයාලට උදවුවක් කරනවනම් පාසලට සාගන්නම් කියල - මොනව කරන්නද ලමය දාගන්නත් ඕන නිසා පාඩුවෙ ඉන්නව - මම ඊතලය නිව්ස් ඇඩ්මින්

    ReplyDelete
  9. තමන්ගේ අයිතිවාසිකම් ගැන නොදැනුවත්,නොසැලකිලිමත් සමාජයක් තියෙන එක පාලකයින්ටත් වාසියක් තමන්ගේ අවනීතික ක්‍රියා කරගෙන යන්න.

    දේශපාලකයින්ට වැරදි කරන්න වේදිකාව හදලා දෙන්නේ රාජ්‍ය නිලධාරීන් විසින්.ඒ වේදිකාවේ දේශපාලකයෝ,නිලධාරීන් ඔක්කොම නිරුවතින් රැඟුවත් කාටවත් වගක් නැහැ සමාජයත් අර වැරදිවලට අනුගත වෙලා ඉන්න නිසා.

    ReplyDelete
  10. //ඇය සිය මානව හිමිකමක් මේ අන්දමින් ස්වකැමැත්තෙන් පාවා දෙන්නේ ඇයි ද යන්න විග්‍රහ කිරීමට අසමත් දර්ශනවාදවලින් වර්තමානයට වැඩක් නැත\\

    දර්ශනය කියන්නේ මේකයි, "එයාට අවුලක් නැත්නම් අපිට මොකෝ?"

    ReplyDelete
  11. අසමජ්ජාති ආණ්ඩුව

    පහුගිය ආණ්ඩුව අසමත් ආණ්ඩුවක් කියලා මෙරට පඬියන් කිවුව. සිංහල විරෝධී ජඩමාධ්‍යකරුවන් එහි දී ප්‍රධානත්වය ගත්ත. සිවල් සමාජය, ඊනියා මානව හිතවාදීන් ජඩමාධ්‍යකරුවන්ට හවුල් වුනා. ඒ ආණ්ඩුව අසමත් වුනෙ බටහිරයන්ගෙ ඇහින්. ඒ කියන්නෙ බටහිරයන්ට සාපේක්‍ෂව. අසමත් රාජ්‍ය කියන සංකල්පය හැදුවෙ අර ජඩමාධ්‍යකරුවන් සිවල් සාමාජිකයන් නොවෙයි බටහිරයන්. බටහිරයන් හදන සංකල්ප ප්‍රචාරය කරන එක හැරෙන්න වෙන දෙයක් අර නොයෙකුත් වර්ගවල පඬියන්ට කරන්න බැහැ. විශ්වවිද්‍යාලවල ඉන්න බොහෝ ආචාර්ය මහාචාර්යවරුන්ටත් එහෙමමයි. එක එකා පිටකසා ගනිමින් ඔවුන් වැජඹෙනවා. බොරු පඬි කතා කියනවා. ජාතික මතවාදයක් එක්ක ඉන තරුණයන්ට කථිකාචාර්යකම් නොදීමට ඔවුන් වග බලාගන්නවා. මහා නවකතාකරුවන් ඊනියා පශ්චාත්නූතනවාදීන් හැටියට පෙනී හිටියට ඔය කියන පශ්චාත්නූතනවාදී නවකතාවක් කවුරුන් අතින්වත් ලියැවිලා නැහැ. නවකතාව ගැන කුන්දේරා කියන දේ මේ පඬියන්ට තේරෙන්නෙ නැහැ. ඔවුන් දන්නෙ ඔබාමා වෙනුවෙන් ප්‍රදර්ශන පවත්වන්න. ඔවුන් ලියන්නෙ ඊනියා සිනමා අධ්‍යක්‍ෂවරුන් චිත්‍රපටි හදන්නෙ සිංහල බෞද්ධ විරෝධී හිතළු මත. ඒවා අඩු තරමින් බොරු සමාජවිද්‍යාවක්වත් නොවෙයි. පහුගිය ආණ්ඩුව පැරදුනෙ ඒක අසමත් හින්ද නොවෙයි. බටහිරයන් ඒක පැරුද්දෙවුවෙ ඔවුන් කියන විධියට ආණ්ඩුව වැඩ කෙළෙ නැති නිසා. සංකල්ප හදන්නෙත් නිර්ණායක හදන්නෙත් ඒ අනුව තීරණ ගන්නෙත් බටහිරයන්.
    පහුගිය ආණ්ඩුව කාලෙ ඊනියා සංහිඳියාවක් ගැන මහහඬින් කතා කෙළෙ නැතිවුනාට උතුරු පළාත සංසුන්ව තිබුණා. මිනිසුන් බය නැතිව එහෙ මෙහෙ ගියා. මහින්ද රාජපක්‍ෂ කරපු ප්‍රධාන ම දේ තමයි රටවැසියන්ට අභයදානය දීම. අභයදානය කියන්නෙ ජීවිතදානය පමණක් නොවෙයි. අභයදීමක්. ඒ කියන්නෙ භය නොමැතිව ජීවත්වීම දානය කිරීම. එය මුළු රටට ම දුන් දානයක්. වැඩියෙන් ම අභයදානය ලැබුණෙ උතුරු පළාතෙ ජනයාට. අද නැවතත් දෙමළ ත්‍රස්තවාදී බය රටේ පැතිරෙන්න පටන් අරන්. දෙමළ ත්‍රස්තවාදය විනාශ කරන්න හමුදාවට පුළුවන්. ඒත් ඒක කරන්න ඉඩ තියන්න ආණ්ඩුව සූදානම් නැහැ. ආණ්ඩුව හමුදාව විනාශ කරනවා. බුද්ධි අංශය හිර කරනවා.

    සුදු වෑන් කතාව තාම ඔප්පු කරලා නැහැ. ඒ කාලෙ පොලිස් වෙඩි තැබීමක් වුනොත් වැරදිකාරයා ආණ්ඩුව. ඉනුත් ජනාධිපති. එදා හමුදා පොලිස් වෙඩි පහරින් කී දෙනකු මැරිලා තියෙනව ද? ආණ්ඩුව පාතාලයත් නැති කිරීමට පියවර ගෙන තිබුණා. කොටින් කියනව නම් ආණ්ඩුව මිනිසුන්ගෙ බය නැති කරන්න සමත් වෙලා තිබුණා. මෙයට අමතර ව යම් ආකාරයක සංවර්ධනයක් තිබුණා. එහි අරමුණ යටිතල පහසුකම් වර්ධනය කිරීම. ඊළඟ පියවර වෙන්න තිබුණෙ නිෂ්පාදනය වැඩි කිරීම. කෘෂිකාර්මික මෙන් ම කාර්මික නිෂ්පාදනය වැඩි කිරීම. පහුගිය ආණ්ඩුවෙ දුර්වලකම් නොතිබුණා නොවෙයි. ඒත් ඒක නිසා පහුගිය ආණ්ඩුව බටහිරයන් හා ඔවුන්ගෙ මෙරට ගෝලබාලයන් කිවුව විධියට අසමත් ආණ්ඩුවක් වුනෙ නැහැ. අභයදානයට ලකුණු කීයක් දෙනව ද? පහුගිය ආණ්ඩුවට විශිෂ්ට සාමාර්ථයක් නොදුන්නත් සම්මාන සාමාර්ථයක් දීමේ ප්‍රශ්නයක් තිබුණෙ නැහැ. අප ලකුණු දෙන්නෙ බටහිරයන්ට ඕන විධියට ඔවුන්ගෙ ලකුණු දීමේ පටිපාටියකට අනුව නොවෙයි. බටහිර නිර්ණායක හා ලකුණු දීමේ පටිපාටිය වෙනස් කරමු.

    දැන් රනිල්ගෙ ආණ්ඩුවෙ ප්‍රගති වාර්තාව කොහොම ද? මා මෛත්‍රිපාලගෙ ආණ්ඩුව කියලා කියන්නෙ නැත්තෙ එහෙම එකක් නැති නිසා. අද උතුරු පළාතෙ හර්තාල්. සිලාවතුරෙ නාවික හමුදා භටයන්ට පහර දීලා. නැගෙනහිර පළාතෙ බෞද්ධ සිද්ධස්ථාන බෞද්ධයන්ට අහිමි වෙලා. කෝ මේ ඊනියා සංහිඳියාව? ආවා කණ්ඩායම තමන් පොලීසීයට පහරදුන් බව කියමින් යාපනේ පත්‍රිකා බෙදනවා. අගමැති ආවා ගියා කිය කිය විහිළු කරනවා. ඔහු විහිළු කරන්නෙ සිංහලයන්ට. ඔහු සිංහල විරෝධියෙක්. ආණ්ඩුවේ බලධාරීන් විවෘත කරන එක නම් ඇත්ත. ඒත් ඒ ගිය ආණ්ඩුවෙ වැඩ. අද දෙමළ ජාතිවාදීන් හා මුස්ලිම් ආගමික අන්තවාදීන් පොලීසියට බලන් ඉන්දැද්දි ගහනවා. ආණ්ඩුව නීතිය හා සාමය රකිනවා කියනවා. නීතිය හා සාමය රකින්නෙ සිංහල විරෝධීන් ලවා නීතිය රැකීමට සිටින පොලිස් නිලධාරීන්ට ගන්න ඉඩ දීල ද? කිලිනොච්චියෙත් පොලීසියට ගහලා. නීතිය නවන පොලිස්පති මොකද කියන්නෙ? යාපන තරුණයන් උසිගන්නන්නෙ දෙමළ ජාතිවාදී දේශපාලනඥයන්. ඔවුන් වැඩි හරියක් ඉන්නෙ දෙමළ ජාතික සංධානයෙ. ප්‍රභාකරන් බිහිවුණෙ රාමනාදන්ලගෙ අරුණාශලම්ලගේ දේශපාලනයෙන්. අද ඔවුන්ගෙ ඥාති මුණුබුරා විග්නේස්වරන් ඊළඟ ප්‍රභාකරන් බිහිකරන්න හදනවා.

    ආණ්ඩුව අර්ජුන් මහේන්න්ද්‍රන් රකිනවා ඒ රකින්නෙ අගමැතිත් එක්ක. රනිල්ගෙ නැන්දාගෙ පුතා රජිව් විජේසිංහ පහුගිය කාලෙ කියලා තිබුණා මහාබැංකු කොල්ලයේ මුදල් එ ජා පක්‍ෂයේ මැතිවරණ අරමුදලට එකතු කරපු බව. රනිල් ඒ ප්‍රකාශයට අභියෝග කෙළෙ නැහැ. මොකක්දෝ හේතුවකට ඒකාබද්ධ විපක්‍ෂෙත් රජිව්ගෙ ප්‍රකාශය සම්පුර්ණයෙන් අමතක කළා. කෝප් කමිටුව රජිව් විජේසිංහගෙන් ප්‍රශ්න කළ බවටත් ආරංචියක් නැහැ. මහාබැංකු කොල්ලය මහාබැංකුවේ මුදල් කොල්ලයක් පමණක් නො වෙයි. ලංකාවේ සිදු වූ මහා ම මහා බැංකු කොල්ලය. එහෙම වුනත් මාමයි බෑණයි ඔක්කොම නිදහස් වෙන පාටක් දැනට තියෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි කාලෙකට පස්සේ නලින් පඬිතුමාගේ අදහසක් අපට බලන්නට සැලස්සුවට.
      මිනිහගේ මොලේ අමාරුව තාම හොඳවෙලා නැහැ වගේ.
      පව්!

      Delete
    2. This comment has been removed by a blog administrator.

      Delete
    3. ඔහේ මක්කටයි හැමිනෙනවා බලන්ට ගියේ.
      වෙන වැඩ නැතෙයි?
      චු කරලා නිදාගන්ට පුතේ.

      Delete
    4. කරුණාකර මිනිසුන් ලෙස හැසිරෙන්න. මා නිදා ගන්නා වෙලාව බලා මෙහි කුණුහරුප ලිවීමෙන් ඇනොනිමස් කමෙන්ට් පිළිබඳ තීරණයක් ගැනීමට සිදු වන තත්වයක් නිර්මානය වී තිබෙන බව කණගාටුවෙන් කියමි.

      Delete
    5. ඔහේ හැමිනෙන ගමන් ආව අදහසක් ගද ඕක?
      සොරි අමතක වුණා. ඔහේට හැමිනෙන්න බැහැ නෙවි.
      අනිත් එවුන් හැමිනෙනවා බලං ඉනිනව ඇරෙන්න.
      ඔහේ බඩවියත රැකගන්නෙ ඇනොනිමස් කමෙන්ට්වලින් එකේ කොහෙද මෙයා ඔහේ ඇනොනිමස් කමෙන්ට්ස් බ්ලොක්කරන්නෙ?
      කාලයක් බ්ලොක්කොරල කෙළවගෙන ආයෙත් ඇනෝ දාන්න දුන්න හැටි කාට කාටත් මතකයි මෙයා.

      Delete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා