මෛත්‍රී, රනිල්, පොරොන්දු වූ දේ කර පව් නො දී ගෙදර යනු!

2020 වනතුරු අමුඩෙයි පුකයි සේ සිටීමට හේතු වාසනා වේවා! 
2015 ජනවාරි 8 වෙනස තුළින් මේ රටේ ජනතාව මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති කළේත්, රනිල් වික්‍රමසිංහ අගමැති කළේත්, ඒ දෙන්නා මාාාාර මොළ දෙකක් හෝ සුපිරි වැඩකාරයන් දෙදෙනෙකු වන නිසා නො වේ. සරළව ම කියනවා නම්, මේ දෙන්නා වනාහි ගස් නැති රටෙන් අප සොයා ගත් තුත්තිරි ගස් දෙකක් පමණි.

අරටුව ඇති ගස් ලෙස නව ජීවයක් ලබන්නට අපි ඔවුන්ට අවස්ථාවක් ලබා දුන්නෙමු. එහෙත් කූඩැල්ලන් මෙට්ටයේ තබන්නට බැරි බව ඔවුන් විසින් ම ඔප්පු කර හමාර ය. දැන් සිදු වන්නේ එය නැවත නැවත ඔප්පු කිරීම පමණි.

අස්සයා පොකුණ අසලට රැගෙන යන්නට පුළුවන. වතුර පොවන්නට බැරි ය. බලය අරන් දෙන්නට පුළුවන. එහෙත්, මොළය දෙන්නට අපට බැරි ය. එසේ ම, මොළය තිබුණත් හොඳ ආකල්ප නැති අය මකලාවත් හදන්නට බැරි ය.

මෛත්‍රීපාල සිරිසේන හෝ රනිල් වික්‍රමසිංහ හෝ නැවත වතාවක් මේ රටේ රාජ්‍ය නායකත්වයට තෝරා ගත යුතු අය නො වන බව ඔවුහු පුරවැසි බලවේග හමුවේ ඔප්පු කරමින් සිටිති. මීළඟ ඡන්දයකදී ඔවුන්ට පුරවැසි සහයෝගය ලැබේ ද නැද්ද යන්න තීරණය කරනු ඇත්තේ ඔවුන්ගේ ධුර කාලය තුළ කාර්යසාධනය අනුවයි. මහින්ද රාජපක්ෂට සිටින ආකාරයේ ආගමික අන්ධභාවයකින් කඩේ යන මුග්ධ නඩයක් තමන්ට නැති බව මේ ඩබල තේරුම් ගත යුතු ය.

ඒ කාර්යසාධනය ගැන මේ ටික කිව යුතු ය. මේ දෙගොල්ල හා දූෂිත රාජ්‍ය සේවය එකතුව මහා පරිමාණ සොරුන්ට ගැලවී යන්නට දෙන ගමන් පඩ ෂෝ පමණක් පෙන්වන බව පෙනේ. ඒවායේ ද ඇත්තේ එකිනෙකාගේ ගේම් බව පෙනේ.

රනිල් වික්‍රමසිංහගේ කෙරුවාව ගැන ආසන්න ම හොඳ ම උදාහරණය බැසිල්ට අයත් යයි ප්‍රසිද්ධ වූ මල්වානේ මන්දිරය සහිත අක්කර 16 පොල් ඉඩම ගැන අධිකරණය දී ඇති තීන්දුවයි. මුදිත ජයකොඩිගේ නමින් ලියාපදිංචි කර ඇති මෙම ඉඩමට එම පුද්ගලයා හෝ බැසිල් රාජපක්ෂ හෝ අයිතිවාසිකම් නො ඉල්ලන බව ප්‍රකාශ කිරීමත් සමග එය වෙන්දේසි කිරීමට අධිකරණය තීන්දු කර තිබේ. එවැනි තීන්දුවකට අධිකරණය පැමිණෙන්නේ විමර්ශනයේ ගැටලු නිසා විය හැකි ය.

එය අපූරු තත්වයකි. සොරකම් කළ මහජන මුදලින් එක එකාගේ නමට අත්පත් කර ගත් දේපල අසු වූ පසු ඒවා මගේ නෙමෙයි කීමෙන් වගකීමෙන් ගැලවිය හැකි වීම අපූරු තත්වයකි. මේවාට ඔප්පු ලියන විට අත්සන් කළ අයවත් නැද්ද? 

මේ ඉඩමේ සත්‍ය හිමිකරු යයි අනුමාන කෙරෙන, 2015 ජනවාරි 15 දක්වා එහි හිමිකරු වූ බැසිල්ගේ ළඟ ඥාතියකු වන තිරුකුමාර් නඩේසන්ගෙන් පොලිසිය ප්‍රශ්න කර හෝ නැත. ඔහු මේ වන විට සිටින්නේ රනිල් වික්‍රමසිංහගේ තුරුල්ලේ බව ප්‍රසිද්ධ ය.

මෛත්‍රීපාල සිරිසේන හා රනිල් වික්‍රමසිංහ යන නායකයන් දෙපොළ වටා ම සිටින්නේ ලෝකෝත්තර කපටින් පිරිසක් බව ඉතා පැහැදිලි ය. ෆේස්බුක් පිටුවෙන්, පවර්පොයින්ට් ප්‍රසන්ටේෂන් එකෙන් පවා ඔවුන් රවටා ගත්, තඹ දොයිතුවකට විශ්වාස කළ නො හැකි රාජපක්ෂ බැලයෝ ද ඒ අතර වෙති. තවත් එවුන් පල් හොරු ය. මේ වන විට බැසිල් කරපු සෙල්ලම ම හොර රහසේ අරලියගහ මන්දිරයේ සිදු වන බව ප්‍රසිද්ධ ය. තව බොහෝ අන්තේවාසිකයන් කරන්නේ කල දුටු කල තම තමන්ගේ කූඩයේ මට්ටමට වල ඉස ගැනීමයි. දේශපාලනය කරන අය අතිශය විරල ය.

අලුත් ම සෙල්ලම අගමැතිගේ වාර්තා කැඳවීම ය. හැම එකකට ම එයා වාර්තාවක් කැඳවනවා ය. අර්ජුන් මහේන්ද්‍රන්ගේ පවුලට සම්බන්ධ යයි කියන පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගම හිටිහැටියේ විශ්වාස නො කළ හැකි තරමේ අධික ලාභයක් වාර්තා කිරීම ගැන ද දැන් වාර්තාවක් කැඳවා තිබේ. වාර්තා ගැන කියන්නට තිබෙන්නේ... (එක්කො ඕනැ නැහැ ය.)

අපි මෙම ආණ්ඩුවෙන් බලාපොරොත්තු වන්නේ එක ම එක දෙයක් පමණි. එනම්, මේ මොහොතට අදාළව පොරොන්දු වූ ප්‍රජාතාන්ත්‍රික ප්‍රතිසංස්කරණ සිදු කරමින් යළි රාජපක්ෂ පන්නයේ ව්‍යවස්ථානුකූල, ප්‍රජාතන්ත්‍ර විරෝධී ඒකාධිපතිත්වයක් බිහි වීමට ඇති ඉඩකඩ අවුරා දැමීම හා ආර්ථිකය කඩා වැටීම වැළැක්වීමට අත්‍යවශ්‍ය ප්‍රතිසංස්කරණ සිදු කිරීමයි. රාජ්‍ය සේවය සම්බන්ධයෙන් බරපතල ගැටලු තිබේ. රාජ්‍ය සේවය දේශපාලනය තරම්වත් මහජනතාවට වගවීමක් නැත. එහෙත්, ස්වාධීන කොමිෂන් සභා ගැන කතා කරන්නට තරම් පාරිශුද්ධත්වයක් මෛත්‍රී හෝ රනිල් හෝ පෙන්වා නැත.

මහින්ද පසුපස යන මෝඩ බයියන් වැනි බලවේගයක් හදාගන්නට අවශ්‍ය තරම් ආත්මරාගී හෙවත් නාසිසිස්ට් ඉතිහාසයක් මෛත්‍රීපාලට හෝ රනිල්ට හෝ නැත. එසේම, තනියෙන් හා තමන්ගේ සමීප හිතවතුන් සමග පමණක් අනාගෙන කන ප්‍රතිපත්තිය නිසා ආර්ථික හේතු මත හෝ ඔවුන් පසුපස යන්නට උදේනි අතුකෝරළලා නැති බව මතක් කර දිය යුතු ය.

මේ ආණ්ඩුව බලයට ගෙන ආ පුරවැසි බලවේගය වෙනුවෙන් අපට කීමට ඇත්තේ මෙයයි. 

අප විසින් බලයට ගෙන එන ලද ආණ්ඩුවේ ජනවරම ඇති ධුර කාලය තුළ අපි ඔබට සහයෝගය දෙන්නෙමු. ඒ සහයෝගයේ සීමාව ඇත්තේ සොරුන්ට ආණ්ඩු පෙරළීමට ඉඩ නො දීමේ සලකුණ දක්වා පමණක් බව තේරුම් ගැනීම ඔබගේ යහපතට හේතු වනු ඇත. 

ඔබේ මෝඩ අහංකාරකම් ඔබට ය. ඒවා සත පහකට ගණන් ගන්නේ නැති මිනිසුන් ද 2015 ජනවාරි 8 වෙනසට උර දුන් පුළුල් ජන බලවේගය තුළ සිටින බව මතක් කර දිය යුතුව තිබේ. ඔවුන් අද මෙන් ම හෙටත් රනිල්, මෛත්‍රී හෝ මහින්ද හෝ ළඟ දන නො නමන බව මතක තබා ගන්න. 

අවසන් වශයෙන් කියන්නට ඇත්තේ මෙපමණි. 

අප ඔබට සහයෝගය දක්වන්නේ නිවටකම නිසා යයි නො සිතන්න.

පොරොන්දු වූ දේ කර පව් නො දී ගෙදර යනු!

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. /* රනිල් වික්‍රමසිංහගේ කෙරුවාව ගැන ආසන්න ම හොඳ ම උදාහරණය බැසිල්ට අයත් යයි ප්‍රසිද්ධ වූ මල්වානේ මන්දිරය සහිත අක්කර 16 පොල් ඉඩම ගැන අධිකරණය දී ඇති තීන්දුවයි. මුදිත ජයකොඩිගේ නමින් ලියාපදිංචි කර ඇති මෙම ඉඩමට එම පුද්ගලයා හෝ බැසිල් රාජපක්ෂ හෝ අයිතිවාසිකම් නො ඉල්ලන බව ප්‍රකාශ කිරීමත් සමග එය වෙන්දේසි කිරීමට අධිකරණය තීන්දු කර තිබේ. එවැනි තීන්දුවකට අධිකරණය පැමිණෙන්නේ විමර්ශනයේ ගැටලු නිසා විය හැකි ය. */

    මේ කියන්නේ අධිකරණය ක්‍රියාත්මක වෙන්නේ රනිල් ගේ දේශපාලන න්‍යායපත්‍රයට අනුව ය කියා නේද?

    මෛත්‍රීපාල කීවේත් ඒ කතාව ම නේද?

    ReplyDelete
    Replies
    1. /**
      මේ කියන්නේ අධිකරණය ක්‍රියාත්මක වෙන්නේ රනිල් ගේ දේශපාලන න්‍යායපත්‍රයට අනුව ය කියා නේද?

      මෛත්‍රීපාල කීවේත් ඒ කතාව ම නේද?
      */

      අධිකරණ හරහා දේශපාලන න්‍යාය පත්‍ර ක්‍රියාත්මක වෙනවා කියන මතය සමග මෛත්‍රී, රනිල්, මහින්ද යන තිදෙනා ම එකඟ වෙනවා කියන එක පිළිගන්න කියලා ද මේ මහත්තයා දැන් අපිට කියන්නෙ?

      Delete
  2. //අප විසින් බලයට ගෙන එන ලද ආණ්ඩුවේ ජනවරම ඇති ධුර කාලය තුළ අපි ඔබට සහයෝගය දෙන්නෙමු. ඒ සහයෝගයේ සීමාව ඇත්තේ සොරුන්ට ආණ්ඩු පෙරළීමට ඉඩ නො දීමේ සලකුණ දක්වා පමණක් බව තේරුම් ගැනීම ඔබගේ යහපතට හේතු වනු ඇත.//

    මහා පරිපාලක දක්ශතා ඇතියැයි විරුදාවලි ලත් රනිල් ගේ පරන ඇඩමන්ට් ගතියනම් වෙනස් වී නැති බවකුයි පෙනෙන්නේ. ආන්ඩුව පෙරලුනොත් බරපතලම අනතුර තිබෙන්නේ මෛත්‍රිපාලටයි. ඔහු මෙය කෙසේ කලමනාකරනය කර ගනීද?

    - Dimithri

    ReplyDelete
  3. ප්‍රංශ විප්ලවය අවසන් වූයේ දැඩි අරාජිකත්වයකිනි. Danton,Marat සහ Robespierre යන තිදෙනාම මරණයට පත්වූයේ විප්ලවවාදීන් අතිනි. ඊලඟට එන්නේ නැපොලියන්ය. ඔහු "මහා ප්‍රංශ අභිමානය" යන සංකල්පය ඉතා සූක්ෂම ලෙස භාවිතා කර "මහා ප්‍රංශ අධිරාජ්‍යයක්" නිර්මාණය කළේය. නැපෝලියන් මෑත ඉතිහාසයේ යුරෝපය වෙත වැඩිම බලපෑමක් කළ දේශපාලකයා මෙන්ම මාක්ස් විසින් වැඩියෙන්ම අප්‍රිය කරන ලද දේශපාලකයාද විය.

    එසේම අද පවතින "ශ්‍රී ලාංකික දේශපාලන ක්‍රමයේ" නිර්මාතෘවරයා වන ජයවර්ධනගේ ප්‍රියතම පාලකයෙකු වූයේ නැපෝලියන්ය. නැපෝලියන් බොහෝ හොඳ මෙන්ම නරකද තිබූ පාලකයෙකි. අද ශ්‍රී ලංකාව තුළ සිදුවෙමින් පවතින සිදුවීම් දෙස බලද්දී ඊළඟ ශ්‍රී ලාංකික නැපෝලියන් ලෙස ගෝඨාභය මතුවීම නොවැලක්විය හැකි කාරණයකි.

    මේ නැපෝලියන් නැවත "බුර්බොන් රාජ වංශයට" බලයට පත්වීමට ඉඩතබන්නේ නම් නැත. රනිල් සහ මෛයිත්‍රී ගේ ප්‍රධාන දුර්වලතාවයනම් අප කැමතිවුනත් නැතත් ශ්‍රී ලංකා දේශපාලනයේ වැදගත් සාධකයක් වන "මහා සිංහල අභිමානය" යන සාධකය නිවැරදිව හඳුනා නොගැනීම සහ කළමනාකරණය නොකිරීමයි. අටේ පන්තියට පමණක් පාසැල් ගිය ඩී.එස්. සේනානායක මේ කාරණාවේදී රනිල්ට වඩා බොහෝ ඉදිරියෙන් සිටියේය.


    ReplyDelete
    Replies
    1. ගෝටාභයට නැපෝලියන් පාට් කරන්න වෙන්නෙ හිරේ ඉදගෙන තමයි.... 2030 වෙනකම් මේ ආන්ඩුව පෙරලෙන්නෙ නෑ...

      Delete
    2. අම්මප? එකත් එහෙමද ? ඉතින් අර පළාත් පාලන චන්දයි සමුපකාර චන්දයි කල් දාන්නෙ මොකද?

      Delete
  4. දෙන දෙයක් කාලා
    බොන දෙයක් බීලා
    දීමනාව සාක්කුවේ දාගෙන ඉන්නේ නැතිව එනව මෙතන රනිල් තුමාට විරුද්දව ගොන් පොස්ට් දාන්න

    කැතයි පැරා තුමෝ!

    ReplyDelete
    Replies
    1. එයාලා දෙනවට වඩා ලොකු ගානක් දෙන්නං කියලා පරණ එක්කෙනා කිව්වෙ. ඔන්නොහෙ අද ඉඳන් එයාට වාසි වෙන්න ලියනවා. අපි ඉතිං සල්ලි දෙන විදියට තමයි.

      Delete
    2. මැදෑ....
      එකෙන් කෙලවුනේ ස ර ස තුමාට ම තමා....
      දැන් ඉතින් අපේ ලොක්කා අපිව අමතක කරලා ඔහෙට හොඳට ගෙවයි....

      Delete
    3. කාලයක් මං ජනරළ පත්තරේටත් ලිව්වා. හිතා ගන්න පුළුවන් නේ ඉතින්.

      Delete
    4. සල්ලි වලට කහිනවට වඩා හිගාකන එක හොදයි කියල හිතිලා නැද්ද?

      Delete
    5. ඔය සිරිසේන උන්නැහැ කිසි කෙලෙහිගුණයක් දන්නැති කෙනෙක්. බලන්න ජනාධිපති චන්දෙට කලින් උන්නැහැට විරුද්ධව කෙරෙන්න ගිය මහා කුමන්ත්‍රණයක් දිවි නොතකා අනාවරණය කරල ඒක වලක්වපු විශ්‍රාමික මේජර් විචාරක තුමාට සලකපු විදිය? විචාරක තුමාට මොනතරම් සුදුසුකම් තියනවද? WWV, RWP, RSP, VSV, USP,rcds, psc වගේ සුදුසුකම් කෝටියයි.RPC විතරයි අඩු. එහෙව් එකේ අඩු ගානෙ සමුපකාර මුර වැඩක්වත් විචාරක තුමාට දුන්නද හිටං ? ඔය සාරසා වගේ එවුන් දැන් මෙතනත් ඇවිල්ල කට කැඩිච්ච කතා කියයි.

      Delete
    6. කහිනකොට සල්ලි දෙනවනම් නිකම් කහින්නෙ මොකටද ෂෙනල් මෙන්ඩිස්.

      Delete
    7. // කාලයක් මං ජනරළ පත්තරේටත් ලිව්වා. හිතා ගන්න පුළුවන් නේ ඉතින්. //

      සමාවෙන්න ඕනේ...ජනරල කියලා පත්තරයක් තියෙනවා කියලා ඇහුවෙත් අදයි පැරා තුමෝ... ඉතින් ඒ ප්‍රකාශයට සම්බන්ද හීන් උපහාසය මට නොතේරෙමි හිටන්!


      //සල්ලි වලට කහිනවට වඩා හිගාකන එක හොදයි කියල හිතිලා නැද්ද?//

      ඒ කතාවට ස ර ස තුමා විරුද්දයි....

      ස ර ස තුමා කොරන්නෙත් ජාතික සේවයක් නෙවෙයි.... සල්ලි දෙන අයට පිහිටවීම තමා ස ර ස තුමා ගේ ජොබ් එක...


      අපි හැමෝම කහින්නේ සල්ලිවලට තමා හිටන්!

      Delete
    8. // එහෙව් එකේ අඩු ගානෙ සමුපකාර මුර වැඩක්වත් විචාරක තුමාට දුන්නද හිටං ? ඔය සාරසා වගේ එවුන් දැන් මෙතනත් ඇවිල්ල කට කැඩිච්ච කතා කියයි. //

      ඇයි ඔයි සමූපාකාර මුර වැඩේ ස ර ස තුමාට දෙන්න බැයිද? දුන්නොත් ඒක හොරු බිඳීද හිටන්?

      Delete
    9. සාරසතුමාට තියෙන්නේ BDS නෙ. සමුපකාර මුර වැඩක් කරන්න එව්වයින් බැහැ හිටං. විචාරක තුමාට වගේ සමුපකාර මුර වැඩකට ගැලපෙන WWV, RWP, RSP, VSV, USP, rcds, psc, සුදුසුකම් සාරසතුමාට තියනවයි?

      අම්මප මං මේ කල්පනා කළේ අර පෙන්ෂන් ගිය කෝප්‍රල්ල , සාජන්ට්ල පැන්ෂන් එකත් අරගෙන පුද්ගලික අංශෙ හොඳ රස්සාවල් කරලා තවත් හොඳ ගානක් හොයද්දි අච්චර සුදුසුකම් තියෙන විචාරක තුමාට පෙන්ෂන් ගිහින් ගෙදරට වෙලා කාන්සියට බ්ලොග් ලියන්න වෙච්ච එක.

      එතුමාට ගැලපෙන වැඩක් ඔය සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වත් නැද්ද සාරසතුමා? ඉස්සර ඔය ඉස්පිරිතාලවල ඕවසියර් කියල වැදගත් තනතුරක් තිබුන නේද?

      Delete
    10. සාරසතුමෝ, ඔය ඕවර්සියර් කියන්නෙ සුළු සේවා පාලක කියන තනතුර නේද? ඒ කියන්නෙ ඇටන්ඩන්ට්ල, සනීපාරක්ෂක කම්කරුවො පාලනේ කරන එක නේද ?

      Delete
    11. උඹල නොදන්න මගුල් කතා කොරන්න එපා. විචාරක තුමා පැන්සොන් ගෙහුං බ්ලොග් ලිය ලියා කොරන සේවෙ සෙසුපටුද? නැතිනං හත්දෙය්යනේ අපිට හැම වෙලේම ඕනෑ කොරන ආරස්සක විජ්ජා ගැන අපි කොහොම දැනගන්නෙයි ?

      දැන් බලහල්ලකො උන්නැහැ අර ඒකේ හතලිස් හතක් ගැන ලියල කොරපු සේවේ. මේක කියෝනකන් මං හිතං හිටියෙ AK 47 කියන්නෙ අකුරැස්ස ඩිපෝවෙ බස් එකක් කියල නොවැ.

      විචාරක තුමාට සහ එතුමා ළඟ තියෙන අර දික්සොනොරිය හදාපු මලලසේකර උත්තමයන්ට පිං අයිතිවේවා.

      Delete
    12. අනේ විචාරකතුමෝ,

      දැන් මේ ඔයා ගැන කමෙන්ට් වැහි වහින නිසා විෂයට අදාල කමෙන්ට් කියවගන්න අමාරුයි.

      දැන් මේ කොල්ලො දවස් ගානක් තිස්සෙ අහන ඔබතුමා යුධ බිමේදී දක්වපු වීර ක්‍රියා වලට ලැබුණු වීර පදක්කම් ටිකේ විස්තරයි, නිකැළැල් සහ විශිෂ්ඨ සේවයට ඔබතුමාට ලැබුණු පදක්කම් වල විස්තරයි, ඔබතුමා යුධ ශිල්පය පිලිබඳ ඉගෙනුම ලැබුව ආයතන වල විස්තරයි , එනිසාම ඔබතුමා නම නම අගට යොදන අකුරු ගැනයි සඳහන් කළාම අහවරයි නොවැ.

      මේ බ්ලොග් ලෝකෙදි ඕව නොකිය ඕනෑවට වඩා නිහතමානී වෙන එක හොඳ නෑ.

      Delete
    13. උඹල මෙතන ඇනෝ කමෙන්ට් දාලා හමුදාවෙන් පැන්සොන් ගිය ගොබ්බයට හොඳටම ගහලනෙ. අන්න ඌ තකහනියක් පෝස්ටුවක්ම ලියලා. බලනකොට ඌත් හිම්මිජ්ජා වගේ හිටියට පරණ ඇරියස් අල්ලන්න ඇනෝ වෙලා මඩ ගහන එකෙක්. හැබැයි ඌට කවුරුහරි මොනවාහරි කිව්වොත්, වලන් කඩේට පැනපු පිං ගොනා වගේ උගේ බ්ලොග් එකේ තනියෙන් වලන් බිඳිනවා. වෙන කිසිම කෙනෙකුට, කිසිම දෙයක් කියන්නත් බෑ, ඌගෙ බ්ලොග් එකේ කොමෙන්ට් දාන්න පුළුවන් ඌව මුරුන්ගා අත්තෙ තියන උන්ට විතරමයි. මං දැක්ක පැරාටත් දොස් කියලා තියෙනවා, ඌව විවේචනය කරපු කොමෙන්ට් කැපුවෙ නෑ කියලා. බලනකොට මූ හිතන් ඉන්නෙ මූත් අර තායි රජ පවුල වගේ, කිසිම කෙනෙක්ට විවේචනය කරන්න බැරි මහා බලයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්ම මූට ලියල දීල කියලනෙ හිටන්. මූ වගේ බූට් පොලිෂ් කර කර, හැම එකාටම සෑර් සෑර් කිය කිය, සැලියුට් ගහපු පඟර නැට්ටො, මේ වගේ බ්ලොග් අවකාශෙට ගැලපෙන්නෙ නෑ. මූට හරියන්නෙ කොහෙ හරි සිකුරිටි වැඩක්. මූම කියල තියෙනවා මූට හෙන සල්ලි තියෙනවලු, කාර් තියෙනවලු, ගෙවල් තියෙනවලු... සල්ලි තියෙන එකේ, පොඩි සංචාරෙකට, ලෝකෙ දියුණු රටවලට ගිහින් පොඩ්ඩක් බැලුවොත් නරකද ??

      Delete
    14. This comment has been removed by a blog administrator.

      Delete
    15. විචාරකතුමනි,
      වෛද්‍ය රුවන් ජයතුංග මහතා “සරසාලේ සටන” පිලිබඳ පලකළ පොස්ටුවක ඔබ පහත සඳහන් කමෙන්ටුව යොදා තිබිණි.
      “සරසාලේ සටනේදී තමයි පොතේ හැටියට යුද ටැංකි යොදවා සතුරු බලය මුළුමනින්ම විනාශ කලේ. සතුරා බලාපොරොත්තුවුණේ පාබල හමුදා ප්‍රහාරයක්. නමුත් මුලින්ම යුද්ධ ටැංකි යොදවා දෙවනුව තමයි ඒ ආවරණය ගෙන පාබල හමුදා ගියේ. සාර්ථක සැලැස්මක් නිසා ජයගැනීම පහසුවුණා.”
      මේ අනුව වසර 2002.05.22 දින රාත්‍රියේ එවකට 533 බලසේනා ප්‍රධානියා වූ ලුතිනන් කර්නල් සුමේධ පෙරේරා සහ 53 සේනාක ප්‍රධානී මේජර් ජෙනරල් සීවලී වනිගසේකර කිසිවක් සිදුකර නොමැත. මෙය 533 බලස්නාවට අයත්වූ 6 වන සිංහ රෙජිමේන්තුවේ මේජර් කපිල උදළුපොලටද අදාලය. විශේෂයෙන්ම පෙරේරා සහ උදළුපොල සිදුකර ඇත්තේ බංකර් වලට වී රෑ පුරා කොටි නොව මදුරුවන් මැරීමය.
      සැබවින්ම ඔබ තෝරාගතයුතුව තිබුනේ ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව නොව ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායයි. ඔබ අයත් බඳවාගැනීම් කණ්ඩායමේ ඉහලම ලකුණු ලද කිහිපදෙනා අතර ඔබ සිටි බව නිසැකය. ඔබ සිංහ රෙජිමේන්තුව තෝරාගැනීම නිසා ශ්‍රී ලංකාවට Heinz Guderian, Erwin Rommel, Bernard Montgomery, Israel Tal ගනයේ යුධ ටැංකි සටන් විශේෂඥයකු අහිමි වූ බව මගේ විශ්වාසයයි.
      මේ බ්ලොග්ලොව වර්ණවත් කරමින් බ්ලොග්ලොව වෙත නව නළු රසයම ගෙන ඒමට ඔබට නීරෝගී සුවය, සතුට සහ සෞභාග්‍යය පතන අතර ඔබ වෙතින් යුධ ශිල්ප දැනුම ලබන සියලුදෙනාට තෙරුවන් සරණ පතමි.

      Delete
    16. This comment has been removed by a blog administrator.

      Delete
    17. විචාරක එසේ කියා ඇතිනම් එය සම්පූර්ණ අසත්‍යයකි. ඒ තීරණාත්මක රාත්‍රියේ සිදුවුනේ බංකර් පෙළ කැඩීමට උත්සාහ කළ කොටි ප්‍රහාර රැසක් ව්‍යවර්ථ කර ත්‍රස්තවාදීන් 100 කට අධික සංඛ්‍යාවක් මරා දමා තවත් විශාල පිරිසකට තුවාල සිදුකර කොටින්ගේ නොනවතින රැල්ල නවත්වා තෙනමරච්චිය කොටුවීම වැලක්වීමයි. තම ජීවිතය නොතකා ඉදිරි ආරක්ෂක වල්ලල් පෙනී පෙනී ගෙයක පෝටිකොවක් යට බලසේනා මූලස්ථානය පිහිටුවා ගෙන සටන් මෙහෙයවූ සුමේධ පෙරේරා, කපිල උදළුපොල සහ ඔවුන්ට සටන් බිමේදී සහ ඉන්පිටත සිට උපරිම සහය ලබාදුන් සීවලී වනිගසේකර සහ සරත් ෆොන්සේකා ඇතුළු සියලු නිලධාරීන්ට උපරිම ගෞරවය හිමිවිය යුතුය.

      Delete
    18. විචාරකතුමනි,
      ඔබේ ඉතා හදිසි අවධානය පිණිසය.

      නොයෙක් ආදායම් හිමි සහ නැවත රැකියාවක් කිරීමට සිහිනෙන්වත් නොසිතන ඔබට මඩ ගැසීමට කවුරුන් හෝ කඩප්පුලියකු පහත ලෙස linkedin හි පළකර ඇත.

      WMJ Gunaratne
      Retired Commissioned Officer - SL Army at Unemployed - seeking working
      https://lk.linkedin.com/in/wmj-gunaratne-b20723111

      පසු සටහන : මේ ලියනුයේ ඔබට අපහාසයක් ලෙස නොවේ. විශ්‍රාමික ජෙනරල්වරු මේජර් නිශ්ශංක සේනාධිපති යටතේ සේවය කරනවායි ඔබ පොස්ටුවේ පළකර ඇත. පුද්ගලික අංශය පිළිබඳව ඔබ සතු විශිෂ්ඨ දැනුම ඔබ එසේ ප්‍රදර්ශණය කරයි.

      රාජ්‍ය සේවයෙන් විශ්‍රාම ලැබුවකු වෙනත් අංශයක සේවය කිරීමේ කිසිදු වරදක් මම නොදකිමි. අජිත් පැරකුම්ද එසේ කරයි. ඔබ උත්සාහ කරණුයේ එසේ කරන පුද්ගලයන් උපහාසයට ලක්කිරීමය. නමුත් ඔබද රැකියාවක් සොයමින් දැනටමත් වෙනත් අංශ වල රැකියා නියුතු පුද්ගලයන් හෙලා දැකීම කරන්නේ නම් එය මහා කුහකකමකි.

      මා ඉහත linkedin සටහන ඔබේ අවධානයට යොමුකරනුයේ ඇතැම්විට එය ඔබ උපහාසයට ලක්කිරීමට තවත් අයෙක් යෙදූ ව්‍යාජ සටහනක් වියහැකි බැවිනි.

      Delete
    19. “SL Army at Unemployed - seeking working”
      මහ රැජින linkedin බලන්නැති හින්ද කමක් නෑ. ඒත් ඉතින් 70 ගණන්වල කෑගලු විද්‍යාලෙ තනිකර “ඉංග්ලිෂ් මීඩියම්ලු” නේද? ඒවට ගිය ටිකක් වයස වැඩි “පොෂ්” පොරවලුත් අසූ ගණන් වල මුල Short Service Commission System එකෙන් Army ගිහින් තරු ඇන්දලු නේද?

      Delete
    20. විචාට මඩ ගසන ඇනෝ පුඟුලන්ට ස්නයිෆර් ප්‍රහාර එල්ල කළ යුතුයි. මුන් නෙට් එකේ විකිපීඩියා වැනි කමකට නැති වෙබ් අඩවි බලමින්, මහා ප්‍රාඥයින් මෙන් පොර ටෝක් දෙති. විචා වැනි යුධ භූමියේ ප්‍රායෝගික අත්දැකීම් ඇති අයෙක් ප්‍රශ්න අසනවිට කොර වෙති, ඉන්පසු දැඩි මඩ ප්‍රහාර එල්ල කරති. මුන් නොදන්නා දේනම්, විකිපීඩියාවට තොරතුරු ඇතුලත් කිරීමට ඕනෑම අයෙක්ට පුළුව්න්කම ඇති බව හා ඒ නිසා පිලිගත් වාර්තාවක් හෝ විශ්ව විද්‍යාල නිබන්ධන සඳහා විකිපීඩියා පිලිගත් reference එකක්නො වන බව. කොහෙද ඉතින්, මෙව්වයෙ පොර ටෝක් දෙන උන්ට විධිමත් උසස් අධ්‍යාපනයක් තියෙනවයැ. මුන් ඉතින් FB එකෙයි, බ්ලොග්වලයි හෙන කෙරුමො. හැබෑ ජීවිතේ එදාවේල හොයා ගන්න හෙන ගේම දෙන එවුන්.

      Delete
    21. මම මේ කතාවට මෙහෙම සම්බන්ධ වෙන්න හිතුවේ නෑ. නමුත් දැන් සංවාදය වෙන විදියට සියලු නිලධාරීන් මඩ කනව. එකයි දරුවනේ මම මේ කතාවට සම්බන්ධ වෙන්නෙ.
      ළමයි, ඇත්ත කතාව මේකයි. SCC කියල අධිකාරිත්වයට පත්කිරීමේ විදියක් තියනව තමයි. මතක තියාගන්න ඒක පහල අධිකාරියක් නෙමෙයි. නමුත් SCC යටතේ බඳවාගත් ආධුනික නිලධාරීන්ට ලැබෙන පුහුණුව සාපේක්ෂව Intake (ඉඳුරාම බඳවා ගැනීම්, මේක නිවැරදිම තේරුම නොවෙන්න පුළුවන්) ක්‍රමයට බඳවා ගන්න නිලධාරීන්ට ලැබෙන පුහුණුවට වඩා අඩුයි.
      දැන් ඔයාල හිතන්න පුළුවන් ඇයි එහෙනම් SSC විදියට නිලධාරීන් බඳවා ගන්නේ කියල. ඉහත කියල තියන විදියට SSC කියන්නෙ Short Service Commission කියන එක. එහෙම නිලධාරීන් බඳවා ගන්නේ සීමිත කාලයකට . සාමාන්‍යයෙන් අවුරුදු පහකට විතර (මගේ මතකය නිවැරදිනම්). ඒ කාලය ගෙවුනට පස්සේ ඒ නිලධාරියට පුළුවන් එක්කෝ හමුදාවෙන් අයින් වෙන්න නැතිනම් විශ්‍රාම වයස දක්වා වන ස්ථිර අධිකාරියට අයදුම් කරන්න,
      ඉන් පසුකාලීනව තමන්ගේ දක්ෂතා අනුව psc වගේ සුදුසුකම් ලබන්නත් ඒ අයට පුළුවන්. එහෙම සුදුසුකම් ලබපු ස්වේච්චා හමුදා නිලධාරීන් පවා ඉන්නවා. ඒ වගේම අමතක කරන්න එපා දැනට යුධ හමුදාවේ මුල් විසිදෙනා අතර SCC ලබපු නිලධාරීන් සැලකියයුතු සංඛ්‍යාවක් ඉන්න බව. සමහරුන් යුධ හමුදාපති ධුරයට පවා සුදුසුයි.
      මගේ මතකය නිවැරදිනම් ඔය SSC ක්‍රමය 1980 ව මුල් භාගේ පටන් ගත්තේ එවකට යුධ හමුදාපති වීරතුංග මැතිතුමා. ඒක බොහොම කාලෝචිතයි. එතුමාට අවශ්‍යවුනා රෝයල්, සෙන් තෝමස්, ට්‍රිනිටි, ආනන්ද, නාලන්ද වගේ විද්‍යාල වලට අමතරව ඈත පිටිසර මධ්‍ය මහා විද්‍යාල වලින් , මහා විද්‍යාල වලින් පවා හමුදාවට නිලධාරීන් බඳවා ගන්න. මතකතියා ගන්න එතුමා ජනාධිපති ජයවර්ධනගේ බෑනා සහ ඒ මාමා වගේම ආදී රාජකීයයෙක් බව.
      ඉතින් මේ ප්‍රතිපත්තිය යටතේ “අව වරප්‍රසාදිත” බොහෝ දෙනෙක් නිලධාරීන් විදියට හමුදාවට බැඳුනා. ඔය “අව වරප්‍රසාදිත” බව ආර්ථික සහ සාමාජිය සංකල්පයක් බව ඉතා හොඳින් වටහා ගත බොහෝ දෙනෙක් පරණ හැව හලලා ඉතා විශිෂ්ඨ නිලධාරීන් වුනා.
      නමුත් එකක් මතක තියාගන්න ඔය වගේ රැල්ලකට සුදු පාට හක්ගෙඩි වගේම පොල් කොම්බත් වෙරළට එනබව ඉතින් ළමයිනේ පොල් කෝම්බෙ කොහේ තිබිල අහුලාගෙන මොන ආලවට්ටම් දැම්මත් පොල් කොම්බෙමනේ. ඇතුල හිස්. අහල ඇතිනේ හිස් බඳුනෙන් නිකුත් වෙන්නේ බෝල් හඬ කියල. වැඩත් ඉතින් බෝල්ම තමය.
      මේ කමෙන්ටුව බලල විචාරක තුමා හොඳ උත්තරයක් ලියයි. මම හිතන්නේ “ පුහු බව, හිස් බව සහ බියගුළුබව කිසිසේත්ම නැති බව පිළිබඳව ශ්‍රී ලංකා යුධ හමුදා ඉතිහාසයේ විශිෂ්ඨතම උදාහරණ කිහිපයෙන් එකක් වන මුලතිව් සටනේ මහා වීරයන් දෙදෙනාගෙන් එක් අයෙක් වන එවකට ඒ බලසේනාවේ නියෝජ්‍ය අධිපති මගේ මතකය නිවැරදිනම් එවකට ලුතිනන් කර්නල් W.M.S.ගුණරත්න මැතිතුමන් පිලිබඳ විශ්ලේෂණයකින්ම එතුමා වැඩේ පටන් ගනී.
      නැද්ද මං කියන්නෙ විචාරකතුමෝ ? සැරද මේජර් විචාරක !!!

      Delete
    22. රොබටො,
      අනුන්ගේ සීනි කිරන් නැතුව පලයන්. ගිහින් උඹේ අර ඉහල තැන රස්සාව කොරගනින්.නමුත් ටික කාලෙකින් අපි උඹට ගැහුවෙත් නෑ මොකද උඹ කියපු කතාවල යම් ගන්න දෙයක් තිබුණු හින්ද. ඒ නිසා අපි උඹට කියන්නේ මේකෙන් අයින් වෙයන්. මෙතන උඹත් එක්ක ඇරියස් එකක් නෑ.

      Delete
  5. සත්තකින්ම

    sudukukula.blogspot.com

    ReplyDelete
  6. පැරා තුමෝ..!! ඔහේ කියන කිසි දෙයක් මේ ගොන් වහන්සේ කොරන්ට තියා හිතන්ටවත් බැරිය.

    නෝට් පෑඩ් එකකවත් මේක ලියල සේව් කොරගන්ට.

    ආයේ මහින්ද මාමි එනවාමය. එනාවය කිව්වට එතුමා එක්කරගෙන එනවාය. රට තවත් ලිබියාවක් කර මයිත්‍රී තමන් කපාගත්ත වලට බැස තමන්ම සවලෙන් පස් ටික හලන් සමාදානයේ සැතපෙනවාය. රනිල් ලොක්ක මොකක්හරි රාජ්‍යතාන්ත්‍රික ජොබක් මහින්දගෙන් ඉල්ලං හිටං මයිත්‍රී මැතිණිය සමග විදේශ ගතව සැන්දෑ සමය ගතකරනවාය.

    ෂෝයි ෂෝයි අලිම ෂෝයි..!!

    ReplyDelete
  7. ගෙදර යනු !? . ගෙදර ගියාට පස්සේ එන්නේ මොකාද කියන එක තමයි ප්‍රශ්නේ. ඕන යකෙක් ආව දෙන්ද ?

    ReplyDelete
    Replies
    1. තව අවුරුදු තුනකට වඩා තියෙනව නේ. වෙන නායකයෙක් ප්‍රමෝට් කර ගන්න බලමු.

      මේගොල්ලන් වුණත් තමන්ගේ නායකත්ව පෞරුෂය හදා ගන්නවා නම් නරක ම නැහැ.

      Delete
    2. /**
      වෙන නායකයෙක් ප්‍රමෝට් කර ගන්න බලමු.
      */

      2020 පොදු අපේක්ෂකයා එන්නේ, මතුගමින් ලු.
      දකුණු දිග එංගලන්තයේ තාලෙට ම නැතත්, ඉංග්‍රීසිත් ටිකකුත් පුළුවන් ලු.
      මාර්ක්ස්වාදය ගැන නිරවුල් වැටහීමක් නැතත්, සමාජවාදී වචන කිහිපයකුත් ඉගෙනගෙන තියනවලු.
      හැබැයි, මතුගමින් එහා ලෝකය දැක්කෙ, ටිකක් නාකි වෙලාලු.

      Delete
    3. ඕක කරපු කෙහෙල්වත්තෙ, අත්තනගල්ලෙ, පිළිමතලාවෙ, මැදමුලනෙ, පොළොන්නරුවෙ පොරවල හැටියට මතුගම ඔය කියන පොරට ඕක කරන්න බැරි වෙන්න හේතුවක් තියෙනව ද?

      ලංකාව මෙතෙක් පාලනය කළ එවුන් කරලා තියෙන විදියට කරන්නට නම්, ගාල්ලෙ සම්බෝධිය වගේ තැන්වල ඉන්න අය හැර වැඩිදෙනෙකුට පුළුවන්.

      Delete
    4. ආචාර්‍ය නිර්මාල් රංජිත් දේවසිරි සමග මාර්ක්ස්වාදය ගැන වාද කරන්න පුළුවන් කියලත් හිතලා තියෙන එකේ, මේ රටේ ජනාධිපති වෙන්නත් පුළුවන් කියලා හිතන එකේ පුදුමයක් නෑ.

      ටොයිලට් එකේ බොග දාන ගමන් බ්ලොග් ලියනවා වගේ, ජනාධිපතිකම කියන්නෙත්, ටොයිලට් එකේ ඉන්න ගමන් කරන්න පුළුවන් වැඩක් කියලා හිතන තත්වයට මේ මනුස්සයාව ඇද දැමීම ගැන, හිරු කණ්ඩායම වගකිව යුතු වෙනවා.

      Delete
    5. මාක්ස්වාදී සාහිත්‍යය ප්‍රශ්න කිරීමට එහි ප්‍රවීණයකු විය යුතු නැති බව මීට ඉහතදී රෝසා ලක්සම්බර්ග්ගේ ප්‍රකාශයක ඉංග්‍රීසි පරිවර්තනයක් පිළිබඳව අප විසින් මතු කරන ලද කරුණුවලට ඔබට පිළිතුරක් නැති වීමෙන් ම පෙනී යයි. එහිදී අප විසින් මතු කරන ලද ප්‍රශ්නය අදාළ වන්නේ මාක්ස්වාදය ආගමක් බවට පත් වීමට භාෂාව කෙතරම් ඉවහල් වී ද යන කාරණයටයි.

      අනෙක මේ ලියන අය සිතාගෙන ඉන්නේ ලංකාවේ ජනාධිපතිකම් හා වෙනත් රාජ්‍ය නායකකම් කළ අය මාර පොරවල් කියා ය. ඒ වනාහි උන්ට තිබෙන හීනමානයයි. ඔවුන්ගේ දේශපාලනයේ පදනම ම එකී හීනමානය වීම පුදුමයක් ද?

      වත්මන් රාජ්‍ය නායකයන්ගේ ගෝලබාලයන් ගැන ඔවුන් මෙහි පළ කළ අදහස් විමසා බලන්න. ඒ ගෝලයන් පවා හිරු කණ්ඩායම වැනි පිරිස්වලට මාර පොරවල් ය. අප නම්, ඔවුන් පවා තබාගෙන තිබෙන්නේ අපට ගැලපෙන අතේ දුරින් ය.

      Delete
    6. මාක්ස්වාදී සාහිත්‍යය ප්‍රශ්න කිරීමට එහි ප්‍රවීණයකු විය යුතු නැති බව මීට ඉහතදී රෝසා ලක්සම්බර්ග්ගේ ප්‍රකාශයක ඉංග්‍රීසි පරිවර්තනයක් පිළිබඳව අප විසින් මතු කරන ලද කරුණුවලට ඔබට පිළිතුරක් නැති වීමෙන් ම පෙනී යයි. එහිදී අප විසින් මතු කරන ලද ප්‍රශ්නය අදාළ වන්නේ මාක්ස්වාදය ආගමක් බවට පත් වීමට භාෂාව කෙතරම් ඉවහල් වී ද යන කාරණයටයි.

      අනෙක මේ ලියන අය සිතාගෙන ඉන්නේ ලංකාවේ ජනාධිපතිකම් හා වෙනත් රාජ්‍ය නායකකම් කළ අය මාර පොරවල් කියා ය. ඒ වනාහි උන්ට තිබෙන හීනමානයයි. ඔවුන්ගේ දේශපාලනයේ පදනම ම එකී හීනමානය වීම පුදුමයක් ද?

      වත්මන් රාජ්‍ය නායකයන්ගේ ගෝලබාලයන් ගැන ඔවුන් මෙහි පළ කළ අදහස් විමසා බලන්න. ඒ ගෝලයන් පවා හිරු කණ්ඩායම වැනි පිරිස්වලට මාර පොරවල් ය. අප නම්, ඔවුන් පවා තබාගෙන තිබෙන්නේ අපට ගැලපෙන අතේ දුරින් ය.

      Delete
    7. අජිත් පැරකුම් ජයසිංහ වනාහී, නූගතුන් / අදක්ෂයින් / අපතයින් විසින්, නූගතුන් / අදක්ෂයින් / අපතයින් සඳහා, නූගත් / අදක්ෂ / අපත ක්‍රමයක් ගොඩනැගීම සඳහා තම මුළු දිවියම කැප කර සිටින නූගත් අදක්ෂ අපතයෙකි. ඔහු අපතවාදියෙකු ලෙස හැඳින්වීම උචිතය. ඔහු තමන් වැනි බූරුවන්ට ද උපාධි ලබා ගැනීමට හැකි වෙන පරිදි අධ්‍යාපන ක්‍රමය වෙනස් කළ යුතුයැයි කියමින් පසු ගිය දිනවල මෙම වෙබ් අඩවිය තුල තරමක කලබැගෑනියක් කළේය. ඔහු කියනා මෝඩ කතාවලින් විනෝදයක් ලැබීම හැර ඔහු කියන දෙය අන් අය ගණන් නොගැනීම සමාජයේ වාසනාවකි. නිර්ප්‍රභූවාදයක සළුපිළි පළඳවා ඔහු ඉදිරිපත්කරන මෙම අපත දර්ශනය සමාජයේ ප්‍රගමනය ට හේතුවන්නක් නොවේ. යමක් ප්‍රශ්න කිරීමට එහි ප්‍රවීණයකු වීම අනවශ්‍යය යන්න ඇත්තකි. එහෙත් යමක් පිළිබඳව හරවත් සාකච්ඡාවක නිරත වීමට නම්, ප්‍රවීණත්වයක් අවශ්‍ය වෙයි. හරවත් මැදිහත් වීමකින් තොර හුදු ප්‍රශ්න කිරීම කාලය නාස්ති කිරීමක් පමණි. එහෙත් අපතවාදියෙකුට කාලය නාස්ති කිරීම පිළිබඳව ගැටළුවක් නොමැති වෙයි. සුභසාධන රාජ්‍යය වෙනුවෙන් පෙනී සිටීම නැවැත්විය යුතුය යන්න නිර්මාර්ක්ස්වාදී අදහසකි. මාර්ක්ස්වාදය සමාජ ප්‍රගමනය වෙනුවෙන් පෙනී සිටියි. නිශ්පාදන බලවේග වර්ධනය වෙනුවෙන් පෙනී සිටියි. සුභසාධනය නිශ්චිත තත්වයන් සහ කොන්දේසි යටතේ නිශ්පාදන බලවේග වල වර්ධනය සඳහා හේතුවේ. උදාහරණයක් වශයෙන්, දුප්පත්කම හේතුවෙන් අධ්‍යාපන අවස්ථා අහිමි අයට එම අවස්ථා ලබා දීමෙන් ඒ අය නිශ්පාදනය සඳහා දායක විය හැකි අය, වඩා දියුණු ලෙස නිශ්පාදනය සඳහා දායක විය හැකි අය බවට පත් කළ හැකි වේ. ලෙඩ රෝග වලින් පෙලෙන අයට සුවපත් වීමට අවස්ථාවක් ලබා දුන්නොත් ඒ අයට නැවතත් නිශ්පාදනය සඳහා දායක විය හැකි වෙයි; වඩා ඵලදායී ලෙස දායක විය හැකි වෙයි. ඒ අවශ්‍ය තත්වයන් හා කොන්දේසි සපිරෙන විට බව ඇත්තය. එහෙත් ඒ තත්වයන් හා කොන්දේසි ද අප නිර්මාණය කළ යුතුය. ඒ සඳහා අප ට දූෂණය / නාස්තිය පිටුදැකීමට සිදුවනවා විය හැක. නමුත් එය වෙනම කරුණකි. එනම් එය, අප සුභසාධන රාජ්‍යය පවත්වාගෙන යනවාද නැත්ද යන්න තීරණය කිරීම සඳහා බලපාන්නක් නොවේ. අප සුභ සාධන රාජ්‍යය අහෝසි කළ ද දූෂණය / නාස්තිය පවත්වා ගෙන යා යුතු නොවේ. දූෂණය / නාස්තිය සමාජ ප්‍රගමනයට හේතු නොවේ. එම නිසා දූෂණය ට හා නාස්තිය ට එරෙහි නො වීම, නිර්මාර්ක්ස්වාදී වෙයි. සත්‍යය සැම විටම සංයුක්තය, වියුක්ත සත්‍යයන් නැත. එම නිසා සුභසාධන රාජ්‍යය එපා යැයි, සමාජ සුභසාධනය එක පෑන් පහරින් කපා හැරීම නිර්මාර්ක්ස්වාදී වෙයි.
      Marxism–Leninism supports universal social welfare.[12]
      https://en.wikipedia.org/wiki/Marxism–Leninism

      අජිත් පැරකුම් ජයසිංහ ගේ සියලුම ප්‍රශ්න තේරුම් ගත හැකි තාක්ෂණික මෙවලමක් වන්නේ Google Maps ය. එමගින්, මතුගම සිට නිව්යෝර්ක් දක්වා දුර සොයා ගන්න. අජිත් පැරකුම් ජයසිංහ ගේ අදහස් ඒ අනුව අවබෝධ කර ගත යුතු වේ.

      Delete
  8. මගේ යාලුවෙක් ගෙදර ගිහින් මළා

    ReplyDelete
  9. // අලුත් ම සෙල්ලම අගමැතිගේ වාර්තා කැඳවීම ය. හැම එකකට ම එයා වාර්තාවක් කැඳවනවා ය. අර්ජුන් මහේන්ද්‍රන්ගේ පවුලට සම්බන්ධ යයි කියන පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගම හිටිහැටියේ විශ්වාස නො කළ හැකි තරමේ අධික ලාභයක් වාර්තා කිරීම ගැන ද දැන් වාර්තාවක් කැඳවා තිබේ. //

    පැරාටත් සිරිසේනට වගේ රනිල්ගේ වාර්තා අලුත් නිවුස් වෙන්න ඇති. අපිට නම් ඕව අලුත් නෙවෙයි. බැඳුම්කර වාර්තාව මුලින් කේස් උණු වෙලාවෙත් රනිල් කරේ (ආරංචි විදියට නම් සිරිකොතේ නාම යෝජනා වලට අස්සන් කරන) මූල්‍ය දැනුම ගැන මෙලෝ බෝලයක් දන්නේ නැති ලෝයර්ස් ල ටිකක් පත් කරලා වාර්තාවක් ගත්තු එක. ඒ වාර්තාවේ සලකා බලල තිබුන කියනවා ඔය කාලේදී මාම බෑනට කෝල්ස් අරන් තිබුනද වගේ දේවලුත්. පස්සේ එහෙම රහස් ලීක් වුන කියල ඔප්පු කරන්න විදියක් නැති නිසා දෙන්නම නිදොස් කොට නිදහස් උනා.

    ඒ කාලේ ඒ කලේ ඕවට නිකන් ටෝකන් ගෙස්චර් විතරක් කරපු පැරා ජෙප්පෝ වගේ උන් අද මේ ෆයර් වෙලා තියෙන්නේ නැව ගිලෙන්න යන කොට මීයෝ පනින ක්‍රමේට.

    ReplyDelete
  10. ජනාධිපතිගෙ කට්ටිය අලුත් කැබිනට් පේපර් එකක් හදනවලු. ඒකට අනුව ප්‍රභූවරුන් කියන එවුන්ව අත්අඩංගුවට ගන්න කලින් පාර්ලිමේන්තු අනුකමිටුවකට දාලා ගන්දෝ නො ගන්දෝ කියල නිර්දේශ කරවගන්න ඕනැලු. 12.1 වගන්තිය යටතෙ එහෙම සමහරක්ව වැඩිපුර සමාන කරන්න පුළුවන් ය කියලලු කියන්නෙ

    ReplyDelete
    Replies
    1. "ගන්දෝ නො ගන්දෝ කියලා සිතුනි මට
      හිතුනොත් තමයි කෙළවන්නේ මං නුඹට"

      Delete
  11. පැරා කෙළවා ගනී. සමන් අතාවුද හෙට්ටි මැදිහත් වී ගැටලුව විසඳේ. සමන් විද්‍යුත් මාධ්‍යයේ ප්‍රබලයෙකු වන විට පැරා සිරිකොතේ කක්කුස්සි කඩං කයි. පැරා යනු තරුණ පරපුර නො මඟ යැවීමට යූ. ඇන්. පී. නායකත්වය එවන ලද පිල්ලියකි. රනිලි- මෛත්‍රී එකතුව විසින් පැරාගේ හම්පඩ කලිසම ගැල යේ. ෆක් ඕෆ් පැරා.

    ReplyDelete
  12. රනිල් වික්‍රමසිංහ විසින්, 2020 දී, මේ අර්ථික අර්බුදයෙන්, අප රට ගලවා ගන්නවා ඇත.

    ReplyDelete
    Replies
    1. රනිල්ගෙ කේන්ද්‍රයේ "සඳු මකරය" යෙදෙනවා. එහෙව් කෙනෙකුට බලය ලබාගත්තත් පවත්වා ගන්න බෑ. රනිල් කවදාවත් 2020 වෙනකම් බලේ ඉන්නේ නෑ.

      Delete
  13. මෛත්‍රී, රනිල්, පොරොන්දු වූ දේ කර පව් නො දී ගෙදර යනු! දැන් ඔබ කියන නිසාම ගියොත් මොකද අපි කරන්නේ

    ReplyDelete
  14. ජඩ පාලනය අවසන් කෙරූ, යහ පාලනය බලාපොරොත්තුවූ අපි යහජඩ පාලනයක හිරවී සිටින්නෙමු. ජනාධිපති කාර්යාලේ වහලා. ඩාර්ලි පාරේ පදිංචිවුනා නම් වැඩේ ගොඩ. අනේ කුහුඹුන්නේ.....

    මෛත්‍රීට අඩි හයේ වළ පල්ල අමතක වෙලා. ඇට දෙක උඩ වාඩිවෙලා කෝ යකෝ ඇට දෙක කියලා රට්ටුන්ගෙන් අහනවා.

    ReplyDelete
  15. මෛත්‍රිට මහින්ද දුන්න හොඳම ලණුව තමයි පක්ෂේ සභාපති කම. ඒක දීලා අනික් පැත්තෙන් ඇරියා. මේ යකා මහින්දට ගූ බයයි. පුතත් පිසු කෙලපු එකේ, අනාගතේ ගැනත් හිතන්න ඇති. අනික හාමිනෙත් දෙන්න ඇති නේ බඩ කට පිරෙන්නම. සම හරක්ට නායකත්වය කියන දේ දරාගන්න අමාරුයි. ඩොක්ටර්ස්ලත් එකසිය ගානට පිස්සු කෙලින්නේ උන්ගේ ඇමති වෙලා උන්න කාලේ වැඩ කරපු විදිය දන්න නිසා. අමාත්‍යංශයේ වැඩ අකල ඩොකෙක්ගෙන් අහන්න උන් කියයි පොර ගැන.

    ReplyDelete
  16. සිරිකොතේ කක්කුස්සි කඩන් කන දෙකයි පනහේ බ්ලොග්කරුවන්ට නො වැදගත් එහෙත් අක්ෂයට වැදගත් වූ ලිපියක් මෙවර පැරණි මතක වෙතින් ගෙන එන්නෙමු:

    ඒ සංහාරක දවස් අපට නම් අමතක නැත. අමතක වූවෝ ඒ සංහාරකයන් සමඟ අත්වැල් බැඳ තම බඩ වඩා ගනිති

    පැරා, උඹට ලජ්ජාවක් කියා දෙයක් ගෑවිලාවත් නැද්ද?

    ReplyDelete
  17. පැරා,

    අල්ලස දුෂණය වගේ දේවල් කරන්න පුළුවන් වෙලා තියෙන්නේ මේවා සොයන්නේ මිනිසුන් නිසා.
    ලෝකයේ බොහෝරටවල දුෂණය නැත්තේ ඒ රටවල මිනිසුන් අවංක නිසා නෙමෙයි රටේ සියලු තොරතුරු
    පරිගණක ගත කර ඇති නිසයි.

    මම ඔබට උදාහරණයක් දෙන්නම් දැන් ගන්න බැසිල්ගේ ඉඩමේ කතාව, පිටරටක නම් මේක කොහොමද වෙන්නේ
    දියුණු රටවල පුරවැසියන් ගැන සියලු තොරතුරු පරිගණක ගතකර තියන නිසා අදාළ පුද්ගලයා සතු සියලු වත්කම්
    අදාළ පුද්ගලයාගේ හැදුනුම්පත් අංකය පරිගණකයට ඇතුළු කල විට සොයාගන්න පුළුවන්.

    ඒ කියන්නේ බැසිල්ව ගත්තොත් ඔහු ඉඩමක් මිලදීගන තියනවනම් එය සොයාගන්න පුළුවන් ඔහු ආදායම් බදු ගෙවල තියනවනම්
    එය සොයාගන්න පුළුවන් ඔහු ගේ මුළු ආදායම සොයාගන්න පුළුවන් අදාළ ආදායම ට අදාළ බදු ප්‍රමාණය තීරණය කරන්නේ
    ආදායම් බදු නිලදාරියා නෙමෙයි අදාළ පරිගණක වැඩසටහන.

    මිනිසා එම රටවල වංචා අවම වෙලා තියනවා අපේ රටේ සිවිල් සමාජය කරන්න ඕනේ මෙවැනි ක්‍රමයක් ක්‍රියාත්මක කිරිමට බල කිරීමයි
    අද ලෝකයේ මෙවැනි ක්‍රමයක් ක්‍රියාත්මක කිරීමට යන වියදම රුපුයල් මිලියන 100ට අඩු මුදලක් මෙය මිනිසුන් හැටියට විශාල උනත්
    රජයට රටකජු මුදලක් ඔබ බලකරන්න ඕනේ මෙවැනි ක්‍රමයක් ඇතිකරන්න මිසක් මිනිසුන් මාර්ගයන් අරක කරන්න මේක කරන්න මගපෙන්වන එක නෙමෙයි.

    ReplyDelete
    Replies
    1. Lankika Sithuwili ,
      බටහිර රටවල් ගැන ඔබේ ප්‍රතිරූපය නම් ඉතා අතාත්වික බව කිව යුතුයි. බොහොමයක් යුරෝපීය රටවල සහ ඇ .එ .ජ . යේ ඉහල සමාජ ස්ථර වල පුද්ගලයින් විසින් කරනු ලබන මූල්‍ය වංචා සහ බදුගෙවීම් පැහැර හැරීම් සමාජ සාමන්‍යයකි . ( ස්කැන්ඩිනේවියානු රටවල තත්වය වඩා යහපත් බව අසා ඇතත්, ඒ ගැන අත්දැකීමක් නැත). විශාල ව්‍යාපාර සහ ධනවතුන් තමන් ගෙවියයුතු බදු වලින් 1% ක් වත් නෙගෙවන බවක් කියවේ. පරිගණක ගත කරන ලද තොරතුරු නිසා මේවා නතර වෙනවා කියල හිතනවානම් එය මුලාවකි . (මමත් ලංකාවේ ඉන්දැද්දී හිතන් හිටියෙ ඔබ දැන් හිතන විදියටම නිසානිසා,මට ඔබව තේරුම් ගන්න පුළුවන්).

      පසුගිය දින වල හෙලිවූ පරිදි, ඩොනල්ඩ් ට්‍රම්ප් අවුරුදු 14 ක්ම කිසිම බදු මුදලක් නොගෙවා සිටි බව ඔබ දුටුවාද. ඔහු එය පිළිගත් අතර, ඔහු පවසන්නේ ඒ ඔහුගේ දක්ෂකම අනුව ඇතිකරගත් තත්වයක් බවයි. ට්‍රම්ප් ජනාධිපතිකමට ඉල්ලුවේ නැතිනම්, අප කිසිවෙකුත් ඒ ගැන කිසිදාක දැන නොගනු ඇත.

      මධ්‍යම පන්තිය සම්බන්දයෙන් නම් ඔබේ අදහස ගැලපේ. ඔවුන්ට 'සෙල්ලම් දැමීමට' තිබෙන ඉඩකඩ බොහෝ සෙයින් අසුරා ඇත. පරිගණක ගත කිරීම එහි ප්‍රධාන අංගයකි.

      මූල්‍ය කටයුතු සහ බදු සම්බන්ධ නීති නිතරම වෙනස් කිරීම් වලට ලක් කෙරේ. නමුත් විශාල කොම්පැනි සහ ධනපතීන්ට බදු පහර හැරීම් සහ මුදල් විශුද්ධිකරණය 'නීත්‍යානුකූලව' සිදු කර ගැනීමට අවශ්‍ය කපොලු (loopholes ) ඉතිරි කිරීමට සංශෝධන කරන අය සැමවිටම වග බලාගනිති. කෙටි කාලීනව බහුලව පාවිච්චි කිරීම නිසා ජනතාව අතර සාකච්චාවට භාජන ය වෙන කපොලු නව නීති වලින් වසා දැමෙන අතර, අලුතෙන් සෑදෙන හිල් වසා දැමෙන්නේ ඊළඟ වටයකදීය.

      Delete
    2. It wasn't a secret that Trump didn't pay taxes. he didn't needed to pay because he declared a massive loss from his business. He was within the law. Whether it is morally correct, it's another argument.
      Almost everyone try to maximise their income/profit, hence it's tax collector's duty to collect the due taxes. Most of the developed countries have done that successfully. It's about time that we do it in Sri Lanka as well.

      Delete
    3. //බොහොමයක් යුරෝපීය රටවල සහ ඇ .එ .ජ . යේ ඉහල සමාජ ස්ථර වල පුද්ගලයින් විසින් කරනු ලබන මූල්‍ය වංචා සහ බදුගෙවීම් පැහැර හැරීම් සමාජ සාමන්‍යයකි .//
      නොදන්න ගොන් කතා නොකිය හිටහන් බන්... කිසිම දියුනු රටක බදුනොගෙවා බේරෙන්න බෑ.. හැබැයි මෙහෙම දෙයක් වෙනව, ධනවත්ම 1% ක රටේ ජාතික ආදායමට හා රැකියා ජනනයට උදව් කරන නිසා ආන්ඩු ඔවුන්ට විවිද බදු සහන දෙනව... මම ජීවත්වෙන ඇමරිකාවෙ බදු වලින් වැඩි කොටස ගෙවන්නෙ ඉහලම 10%... ඇමරිකාවෙ බදු වංචා කරන්න ගිහිල්ල ෆෙඩරල් හිරගෙවල්වල තපින කොච්චර white collar criminals ල ඉන්නවද කියල හොයල බලහන්..
      ට්‍රම්ප් කලෙ බදු වංචාවක් නෙමේ, නීත්‍යානුකූලව යම්කිසි ව්‍යාපාරයක බංකොලොත්භාවය ප්‍රකාශකරන කෙනෙකුට නීතියෙන් දීල තියෙන සහනයක් ප්‍රයොජනයට ගැනීමක්...

      ඔය "දියුනු රටවලත් එහෙමයි" කියන එක මීහරක් වම්මු තමන්ගෙ දර්ශනය බටහිර දියුනු ධනවාදය ඉදිරියේ කුදුවෙලා යන කොට සිතනිවාගන්න කියන කතාවක්...
      (බටහිර රටවලම ඉන්න occupy 99% වගේ ගොබ්බ වම්මු තමා මේක වැඩියෙන්ම කරන්නෙ )

      Delete
    4. Rude Ano says-
      "..ධනවත්ම 1% ක රටේ ජාතික ආදායමට හා රැකියා ජනනයට උදව් කරන නිසා ආන්ඩු ඔවුන්ට විවිද බදු සහන දෙනව... "

      Normal Ano says-
      "..නමුත් විශාල කොම්පැනි සහ ධනපතීන්ට බදු පහර හැරීම් සහ මුදල් විශුද්ධිකරණය 'නීත්‍යානුකූලව' සිදු කර ගැනීමට අවශ්‍ය කපොලු (loopholes ) ඉතිරි කිරීමට සංශෝධන කරන අය සැමවිටම වග බලාගනිති..."

      Same idea, in two different styles.

      Delete
  18. // මිනිසා එම රටවල වංචා අවම වෙලා තියනවා //
    ඇපල් කොම්පැනිය පහුගිය අවුරුද්දෙ යුරෝපේ සිදුකල වෙලෙඳාම් වලට කොපමන මුදලක් බදු ගෙවුවද කියලා දන්නවද හිටන්?

    ReplyDelete
  19. ඔය සංහාරක දවස් අපේ 2005න් පසු අපේ දෑස් ඉදිරිපිට නැවත නිර්මානය වෙමින් තිබියදී හිරු කණ්ඩායම කළේ කුමක් ද?

    එක පැත්තකින් අපේ හා අපගේ දරුවන්ගේ ජීවිත සමග සෙල්ලම් කරමින් අප රැවටීමට උත්සාහ කරන ලදී.

    අනෙක් පැත්තෙන් අප සාමූහිකව කරන ලද දේශපාලන කටයුතුවල ඉතිහාසය නිසා මර්දනය උග්‍ර වෙද්දී, අප සැඟවීමට තැන් සොයමින් දුවද්දී අපට ඔලොක්කු කිරීමට තරම් හිරු කණ්ඩායම නිර්දය විය.

    මරාගේ පාලනය යටතේ අප වෙනුවෙන් ඒ සංහාරක දවස් ප්‍රතිනිර්මානය වනු ඇතැයි ඔවුහු බලාපොරොත්තු වූ හ.

    එහෙත්, එය සිදු නො වූ නිසා අද ඔවුන්ට අප මරා දැමීමට නව ක්‍රම සොයන්නට සිදු වී ඇත. ශාරීරිකව මරා දැමීමට බැරි මිනිසුන් දේශපාලනිකව ඝාතනය කිරීම සඳහා ඉතිහාසය පුරා ම වාමාංශිකයන් හා විප්ලවවාදීන් සිදු කර තිබෙන්නේ තමන්ගේ ඉලක්ක සතුරා සමග ගැට ගසා මතවාද ගොඩනැගීමයි. නන්දන මාරසිංහට ජවිපෙ තුළ ගොඩනගා තිබෙන කතා අධ්‍යයනය කර බලන්න. ඒවායින් කියැවුණේ ඔහු බුද්ධි අංශ සමග කටයුතු කළ බව ය. එල්ටීටීඊය මහත්තයා මරා දැමුවේ ඔහු රෝ සංවිධානය සමග ගැට ගසා ය. මෙවැනි චෝදනා සම්බන්ධයෙන් අද වන තුරු කිසිදු සාක්ෂියක් නැත.

    අක්ෂය සමග එක් වී සිටින නව පරපුරට ඇත්තෙන් ම මේ අතීත භාවිතාවෙන් ගැලවෙන්නට අවශ්‍ය නම් ඉහත කී සිද්ධි දෙක ද, වඩා සජීවී සාක්ෂි අවශ්‍ය නම් මට එරෙහිව එල්ල වන සිරිකොත චෝදනාව ද අධ්‍යයනය කරන්නට පුළුවන.

    ReplyDelete
  20. අපායේ ඉන්ටවල් අවසාන වෙමින් තිබේ

    ReplyDelete
  21. ශරත් සමයේ ක්‍රමයෙන් වැඩෙන ශීතලේ ගුලි වෙමින් සිට අවදි ව පැරාගේ ඩබ්ලිව් තුන ලංකා කියවමු. මේ හිමිදිරියේ සිනා සෙන්නට නො හැකි ය. පැරාමය රස කතා කියවා අනවරත සිනාවෙන් තුටු වන්නට රිසි වන්නේ දිවා අහරට පසු ව ය. අහර දිරවීමට මනා ව්‍යායාමයකි පැරාගේ විසුළුවෙන් නැඟෙන සිනා! එහෙත් ශීතලට හිරි වැටී ඇති ඇඟිලිවල හිරි බිඳ පිළිවදන් ලිවිය යුතු කරුණු කීපයක් පැරා පවස යි. මේ ආලෝචනය එපිළිබඳ යි.

    පළමුවැන්න:

    ලක්සම්බර්ග් සහෝදරියගේ ‍පෙළ පිළිබඳ අපි අපගේ අදහස පැහැදිලි ව දැක්වූයෙමු. පැරාට මාර්ක්ස්වාදයේ ව්‍යාකරණය නො වැටහීම පැරාගේ ගැටලුවක් විනා මාර්ක්ස්වාදයේ ගැටලුවක් නො වේ. ඈත අතීතයේ එක් දිනෙක හඳගමගේ සිනමාව පිළිබඳ අප විසින් ලියවුණු ආලෝචනයේ ද අපි මෙකී කරුණ මෙසේ පැවසීමු:

    “අජිත් පැරකුම් ජයසිංහට මාර්ක්ස්වාදයේ ව්‍යාකරණය නො තේරෙන නිසා ඔහු මාර්ක්ස්වාදීන් වන අපට සදයෝපහාස නඟන සේ ම, අජිත් පැරකුම් ජයසිංහට මනෝ විශ්ලේෂණයේ ව්‍යාකරණය ද නො තේරෙන නිසා ඔහු සර්පයාට ද සදයෝපහාස නඟයි. සත්‍ය ලෙස ම ජයසිංහයන් සදයෝපහාස නඟාගත යුක්තේ තමන්ට ම ය. පැරකුම් ජයසිංහයන්ට මඤ්ඤං වුණාට සමන් කුමාරයන්ට මඤ්ඤං නැත.”

    දෙවැන්න:

    රාජපක්ෂයන්ගේ භීම සමයක ඔබ තනි වූ බව ද ඔබට අප විසින් ආරක්ෂාව නො සැපයුණු බව ද ඔබ විසින් මින් පෙර ද කීප වර පවසන ලදී. අපට ඔබෙන් විමසිමට සිදුවන්නේ “ඔබ රාජපක්ෂ පාලන සමයේ අප සමඟ මාස කීයක් සිටියේ ද?” යන්න ය. 2007 වන විට ඔබ සිටියේ ධනපති පාලක පන්තියේ මර්දනයේ යාන්ත්‍රණය වූ හමුදාව සමඟ සංවාස වන කුලී ඔත්තුකාරයෙකු ලෙස බව දැන් ඔබට අමතක ව ඇති සෙයකි. ඔබ අපගෙන් නිල වශයෙන් වෙන් වන්නට පෙර සිට ම පාලක පන්තියට අප පාවා දෙන ද්‍රෝහියෙකු ව සිටි බව පවසන්නට අවශ්‍ය ද? හමුදාව නම් මර්දන යාන්ත්‍රණය සමඟ සන්නද්ධ මුරකාවල් මැද නිශා සමයේ යහන්ගත වූ ඔබ අලුයම අවදි ව අප වැනි නිරායුධ සමාජ ක්‍රියාකාරීන්ගෙන් ආරක්ෂාව ඉල්ලා සිටීම විසුළුවක් නො වේ ද? ඔබගෙන් අවැසි වැඩ ගෙන ධනපති පාලක පන්තිය විසින් ඔබ හැර දමන ලද්දේ නම් එයට අප වගකිව යුතු නැත. බල්ලන් සමඟ ලගින විට කිනිතුල්ලන් සමඟ නැඟිටින්නට වන බව ඔබ දැන සිටිය යුතු ව තිබිණි. ඔබ අප සමඟ නැති සමයක නැත හොත් ඔබ අප හැර ගොස් අප සතුරන් සමඟ සන්ධාන ව සිටි සමයක අපි කෙසේ නම් ඔබට ආරක්ෂාව සපයමු ද? අප සමඟ රුඳී සිටි කිසිවෙකු අපි අතහැර දමුවේ නැත. ඔවුහු වත්මන යුරෝපයේ නන් දෙස නන් අයුරින් වාම විප්ලවීය දේශපාලනයේ ජය කෙහෙලි නංවති. මාර්ක්ස්වාදී සම්ප්‍රදාය අනුව ස්වයං විවේචනයක් කර යළි නිසි මඟ එළඹීමට ඔබ අතීතයේ අවස්ථාව තිබිණි. එහෙත් ඔබ විසින් තෝරා ගැනුණේ සැපදායක පහසු මඟ වූ ලිබරල් ධනවාදයේ ලාංකීය මොඩලයේ පරමාදර්ශය යි. ඔබගේ වත්මන අඳෝනා කියා පානුයේ යළිත් වර ධනපති පාලක පන්තිය ඔබගෙන් වැඩ ගෙන අතහැර දමා ඇති බව යි. සමන්ට විවෘත වුණු විද්‍යුත් මාධ්‍යයේ ද්වාරය ඔබට විවෘත වුයේ නැත. බේරේ ගෙදර මහ පුටුව තබා දිනමිණ හෝ සිළුමිණ හෝ උපසකසුකමක්වත් ඔබට ලැබුණේ නැත. ඔබ දැන් යළිත් වමට සංඥා දමනුයේ එනිසා ය. එහෙත් ඔබට වමට හැරෙන්නට ඉදිරියේ මාර්ග නැත. වමට හැරෙන්නට තිබූ මාර්ග සියල්ල දැන් ඔබ පසු කර අවසන් ය. සරල ව පවසතොත් ඔබට වමට යළි වීසා නැත. ඔබ වමෙන් පිටතොටකරණය වූ අපකීර්තිමත් චරිතයකි. මතුගම අජිත් පැරකුම් ජයසිංහ නාමය වමේ අසාධු ‍නාම ලේඛනය ඉහළින් ම හොබව යි.

    රාජපක්ෂ භීම සමය තුළ අප විසින් ඔබ නො රනින ලද බව යළි නො පවසන්න; කරුණාකර. ඔබට දැන් ඇති එක ම විකල්පය සිරිකොතට වී මුරබල්ලෙකු ලෙස හෝ ඉතිරි ජීවිත කාලය ගත කිරීම ය. ඔබට එය කළ හැකි ය. අපගේ සුභ පැතුම් පිළිගන්න.

    ReplyDelete
    Replies
    1. අයියෝ, ඔය 'යුරෝපයේ වාම විප්ලවීය දේශපාලනයේ ජය කෙහෙලි නංවන' සව්දම දැන්වත් නවත්තන්න. එහෙම එකක් තියෙන්නේ ඔයාලගේ හිතේ විතරයි. ඕක සනීප කරගන්න බෙහෙත්ම ඕන නෑ . හොඳ කෙනෙක් ගාවට කවුන්සලින් ගියා නං ඇති.

      Delete
  22. "... ඔවුහු වත්මන යුරෝපයේ නන් දෙස නන් අයුරින් වාම විප්ලවීය දේශපාලනයේ ජය කෙහෙලි නංවති. . .."

    මචන්, උඹ අන්තර්ජාතික දේශපාලනයක යෙදිලා ඉන්නවයි කියන හිතළුව දැන්වත් ඇත ඇරලා දාපන්. මේ යුරෝපෙ කොහෙද අන්තර්ජාතික මට්ටමේ විප්ලවීය දේශපාලනයක් තියෙන්නේ. තියෙන 'විප්ලවීය' කියාගන්න සංවිධානත්, ලංකාවේ තියෙන NGO වලට තමා වඩා සමාන වෙන්නේ. යුරෝපෙන් පිටත රටවල විවිධාකාර බෙදුම්වාදී සංවිධාන වලට සම්බන්ධ සහ අනුබද්ද සංවිධාන නම් තිබේ. නමුත් ඒවා විප්ලවකාරී වන්නේ බෝඩ් ලෑල්ලට පමණි.

    දුඹුරු සහ කළු රටවලින් පැමිණෙන දේශපාලන සරණාගතයන් මේවාට සම්බන්ධ වීමට හේතු කාරක ගණනාවක් තිබේ. පළමු සහ ලොකුම කාරණය නම් සරණාගත අයදුම සලකා බැලෙන කාලය තුලදී ඔවුන්ට උදව් කිරීමට සහ ඔවුන් සමඟ ආශ්‍රය කිරීමට ඉදිරිපත් වන්නේ එවැනි සංවිධාන වලට සම්බන්ධ පුද්ගලයන්වීමයි. ලංකාව වැනි රටවලින් පැමිණ නන්නත්තාර වී සිටින සරණාගතයන්ට කොක්ක ගැසීමට ම විශේෂ වුනු ක්‍රියාකාරිකයන් ගැන මා යුරෝපයේ විවිධ නගර වලදී අසාතිබේ. විශ්ව විද්‍යාල වල නවක වධය මෙන්, මෙම සරණාගතයන් අතරින් සමහරක් පසුව කොකු ගසන්නන් බවට පත්වේ. දහසකට අඩු සාමාජිකයන් සහ සීයකට අඩු ක්‍රියාකාරිකයන් ඇති මෙවැනි සංවිධාන වලට එක නව සාමාජිකයෙක් යනුද මහමෙරකි. එකෙකු එකතුවූ විටද හඳුන්වාදීමේ හමු, මත් පැන් බීමේ හමු ආදී වශයෙන් විකාර සැමරුම් කරති. කිසිදු විප්ලවීය ලක්ෂණයක්, රහස්‍ය භාවයක් මේ අවස්ථාවල් දී නොපෙනේ. ප්‍රීතියට හේතුව වන්නේ අනුගාමිකයන්ගේ සංඛ්‍යාව අනුග්රාහකයන්ගෙන් ලැබෙන අරමුදල් වලට අනුලෝමව සමානුපාතික බැවිනි.

    තවත් හේතුවක් වන්නේ, මේ වාමාංශික පසුබිම සහිත සරණාගතයන් බොහොමයක් මේ රටවල කළහැකි වෘත්තීයක හැකියාවක් හෝ, ඇඟ හොල්ලා වැඩක් කිරීමට කැමැත්තක් හෝ, යුරෝපීය භාෂා ප්‍රවීනතාවයක් හෝ නැති, 'කතාව පමණයි' මාදිලියේ සත්ව කොට්ඨාශයක් බැවින්, ආණ්ඩුවේ සල්ලි වලින් ජීවිතය ගෙනයාමට ඇබ්බැහි වෙත්දී ඉබේම මෙන් ඔවුන් ගොනු වන්නේ සමාන ඩෝල් කාරයන් අතර බැවිනි. ආණ්ඩුවේ සල්ලි වලින් ජීවත් වෙන ගමන් කාලය කා දැමීමටත්, තමන්ගේ රටවල දී තිබුණු සමාජ පිළිගැනීම ගැන සාංකාව නැතිකර ගැනීමටත් මේ බෝඩ් ලෑලි සංවිධාන වලට යාම් ඊම් කරති.

    මෙවැනි සංවිධාන බොහෝවිට ඇතුලතින් හැසිරවෙන්නේ යුරෝපීය ආණ්ඩු වලට සම්බන්ධ ඔත්තු සේවා හෝ පොලීසි වලින් මෙහෙයවෙන මුදලට වැඩකරන පුද්ගලයන් මගිනි. මේවායේ පොදු ලක්ෂණය වන්නේ අවිධග්ද අනුගාමිකයන් කලක් යත්දී ඔවුන් විප්ලවකාරීන් බව සිතීමට පටන් ගැනීමයි. මෙය වාමාංශික/ආගමික විප්ලවයක්, රටක් බෙදීමක් හෝ රෙජීම මාරුවක්‌ වියහැකි අතර, යුරෝපීය සමාජයට තවමත් සංයෝග විය නොහැකි වූ අප සරනාගතයාද තමන් මහා පෙලෙහරක බලකණුවක් බව සිතා සිත සනහා ගනී. තමාගේ රටේ යාළු මිත්‍රාදීන්ටත් , සමහරවිට පුවත් පත් වලටත් තවදුරටත් අතිශයෝක්තියෙන් ම ලියා /කියා යවයි.

    ඉතින් මේ ව්‍යභිචාරය හැර යුරෝපයේ කිසිවෙකු කරන විප්ලවයක් නම් දක්නට නොලැබේ. මෙහි ආණ්ඩුවලටත්, මාධ්‍ය වලටත් ජනතාවටත් නොදැනෙන ලෙස සම්පූර්ණයෙන්ම රහසිගතව එය සිදු වේ නම් , ඒ පිළිබඳව අපගේ සුබ පැතුම්! එහෙත් එවැනි දේශපාලනයක 'ජය කෙහෙළි නන්වන්නන්' නම් මෙහි සිටිය නොහේ. එවැන්නන් පිළිබඳව වහාම පියවර ගනු ලැබෙන බැවිනි.

    ReplyDelete
    Replies
    1. හුකෑස්! භාෂනයෝ, උඹ කියන ඒවා පරිවර්තනය කරල දුන්න නම් අර උතුරු කොරියාවෙ උඹලෑ මල්ලිත් ලැජ්ජාවෙන් ඇඹරෙයි.

      Delete
    2. Para,

      You need to have disciplines. Do not behave as a wild creature. You should abide by the rules of the game even if you are into Gladiators. We have set up our rules in advance. You should be responsible not to attribute personalities to anonymous comments. You should concentrate on the content rather than on the authorship. What matters is: what is being said rather than who is saying it. Ask Ravi Karunanaike about that principle when you go to collect your pay next time. Ravi Karunanaike's mentor Lalith Atulatmudali strongly believed in that principle. Waruna's father, Nimal Karunatilake used to share it as well. So did Sarath Amunugama in his golden era.

      Personal jibes will not bring about anything for our betterment. You must be cautious when you are throwing stones to others while you live in a fragile glass house yourself. In fact, you live there naked as well. Your most remarkable personal file is on the table. It will just be a simple act to open it and transfer the content to your weblog.

      We hope that we will not have to remind you on this fact again.



      Delete
    3. Who are you to set rules machan?

      Anyway, if you can mention any name and sling mud at anyone you like covering to the meek anonymity, you have no right to ask others to avoid others to do the same.

      I take responsibility of everything and anything I do. You know very well that I was not afraid to do when I was with you too.

      Delete
  23. Para, Let's be plain and simple. Do you really want to join us again? If that is the case, you need to put forward an application for our consideration via the proper channels without beating about the bush. We will decide on your request in the ex-co. Any hope of re-admittance looks very bleak right now due to your dismal past records. However, if you are seriously interested, let us see what can be done.

    We have already smelt the rat that you have some inclination for a re-admittance as evident in your recent writings. You had crossed the Rubicon long years ago when you started making love with the government military and adjunct militia, initially clandestinely, lately publicly. All your words and acts since then have just worsened the wound. You will have to undergo an extensive and overall transformation in your thought process as well as your behaviour both voluntary and involuntary. We wonder whether you have enough capacity left within your idiosyncratic structure to facilitate such intense metamorphosis.

    You need to understand Marxist internationalism to keep in pace with our present geopolitical dynamics. We may provide you the relevant resources. But, your will have to restart from the apprenticeship and preliminary grade.

    What do you say Para?

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා