Posts

Showing posts from February, 2016

කිරිඇල්ලගේ පැණි ලියුම

Image
විශ්වවිද්‍යාලයක උපකුලපතිවරයෙක් මෙවැනි ලියුමකට කථිකාචාර්ය පත්වීමක් දෙනු ඇතැයි මම නො සිතමි.  එහෙම දෙන්නට සිදු වන තරමේ මැරවර බලයක් හා නායකත්වයක් මේ ආණ්ඩුවට නැත. තමන්ගේ වැරදි නැතිනම් උප කුලපති බිය විය යුතු නැත.  මේ ලියුම මාධ්‍යවලට දෙන්නටත්, සමාජ මාධ්‍ය ඔස්සේ උසස් අධ්‍යාපන ඇමතිගේ රෙදි ගලවන්නටත් දැන් අපට පුළුවන.  මෙවැනි ලියුම්වලින් වැඩක් ඇතත්, නැතත්, දේශපාලකයන් මෙවැනි ලියුම් දෙන එක වැරදි ය.  ඒ අතර ම, මෙවැනි ලියුම් සම්බන්ධයෙන් දේශපාලකයන්ට පමණක් බනින එක ද වැරදි ය. මෙවැනි ලියුම් ඉල්ලා ඇවිටිලි කරමින් දේශපාලකයන් පසුපස යන්නේ මේ රටේ ජනතාවයි. මෙතැන නම්, එය කර තිබෙන්නේ උගතෙකැයි සැලකෙන අයෙකි.  රජයේ රැකියා දිය යුතුව තිබෙන්නේ සුදුසු පුද්ගලයන්ට ය. ඒ සඳහා තෝරා ගැනීම කළ යුතුව තිබෙන්නේ පාරදෘශ්‍ය ක්‍රියාවලියක් ඔස්සේ ය. රජයේ රැකියා, උසස්වීම් හා තනතුරු බලාපොරොත්තුවෙන් දේශපාලකයන් පසුපස යාම ජනතාව පළමුකොට ම නැවැත්විය යුතු ය.  එසේම, මෙවැනි ලියුම් ලියන්නන් හෙළිදරව් කළ යුතු ය.  දේශපාලකයා අපේ කර මතට නංවා ගත්තේ අප ම ය. දැන්වත් ඌ බිමට ඇද දැමිය යුතු ය.  මෙවැනි දේශපාලකයන් දේශපාලනයෙන් තොලොංචි කර දැමිය යු

කුලී මිනීමරුවන්ට රජයේ සාක්කිකරුවන් වීමේ අවස්ථාව ලබා දිය යුතු ය

Image
මහින්ද රාජපක්ෂගේ අඳුරු යුගයේ රහස් එකින් එක හෙළිදරව් වෙමින් තිබේ.  වසීම් තජුඩීන් ඝාතනය වැනි අපරාධ කුමක් නිසා කරන ලද ඒවාදැයි සිතා ගැනීමට පවා අපහසු ය.  සිංහල ජනතාව සමග සම්බන්ධව දේශපාලනය කරන්නට උත්සාහ කළ සාමකාමී දෙමළ දේශපාලනඥයකු වූ රවිරාජ් මරා දැමීම ගැන පසුගිය සතියේ අධිකරණයේදී වැදගත් හෙළිදරව්වක් සිදු විය. එහිදී පොලිස් ඔත්තු සේවා නිලධාරියකු පැවසුවේ රවිරාජ් මරා දැමීමට ගෝඨාභය රාජපක්ෂ කරුණා අම්මාන්ට පාර්ශ්වයට රු. මිලියන 50ක් ලබා දී ඇති බවයි.  මෙම සාක්ෂි පොලිසිය හෝ රජය හෝ විසින් නිර්මානය කරනු ලබන ඒවා යයි කෙනෙකුට තර්ක කළ හැකි ය. එහෙයින් ඒවා අපක්ෂපාතීව විමර්ශනය කළ යුතු ය. ලසන්ත වික්‍රමතුංග ඝාතනය සම්බන්ධයෙන් යම් යම් තොරතුරු එවකට සිටි පොලිස්පතිවරයා හා තවත් ඉහළ පොලිස් නිලධාරීන් දැන සිටි බව පැහැදිලි ය. ඔවුන්ගේ වගකීම තුළ ඇතැම් සාක්ෂි විනාශ කර තිබෙන බව දැන් හෙළිදරව් වී තිබේ. එසේ කරන්නට ඔවුන්ට අණ කළේ කවුරු ද? තවමත් ඔවුන්ගෙන් ප්‍රශ්න කර නැත.   තජුඩීන් මිය ගියේ හදිසි අනතුරකින් නො වේ නම්, ඔහු ඝාතනය කළ අය සිටිය යුතු ය. රවිරාජ්,  ජෝසප් පරරාජසිංහම්, සිවරාම්, එක්නැලිගොඩ, ලසන්ත වික්‍රමතුංග වැ

දෙදාස්ගණන්වල මුලදී වමේ අයගේ කැරැට්ටුව හෙවත් අමතක නො කරමු පැරණි කතා

Image
2002දී එක්සත් ජාතික පක්ෂ රජය කොටි සංවිධානය සමග සටන් විරාම ගිවිසුමක් අත්සන් කළේ ය. ජාතීන්ගේ ප්‍රශ්නයට විසඳුම් සෙවීම සඳහා සාකච්ඡාවලට මුල පුරන ලදී. බටහිර සංවර්ධිත රටවල ණය හා ආධාර ලබා ගනිමින් සංවර්ධන වැඩපිළිවෙලක් ආරම්භ කළේ ය. එය ලෝක ආර්ථිකය සමග සම්බන්ධ වූ දැවැන්ත ආර්ථික වැඩසටහනකි. එවකට ජනතා විමුක්ති පෙරමුණේ අභ්‍යන්තරව සිටි ප්‍රබල ම නායකයකු වූ කුමාර් ගුනරත්නම් හා තවත් අය විසින් පක්ෂ අභ්‍යන්තරයේ සාකච්ඡා කරන ලද කාරණයක් වූයේ මෙම වැඩසටහන ඉදිරියට ගියහොත් තම පක්ෂයට අවස්ථාවක් නො ලැබෙන නිසා එය නැවැත්විය යුතු බවයි. කුමාර් ගුනරත්නම් එදා මේ සාකච්ඡාව පිළිබඳ ජවිපෙ නො වන වෙනත් පුද්ගලයකු සමග හෙළිදරව් කළේ ය.  මෙම වකවානුවේදී ම කොටි සංවිධානය ද කල්පනා කළේ සාම ගිවිසුම තමන් හිර කරන්නට අටවන ලද උගුලක් බවයි. මේ පිළිබඳව කොටි සංවිධානයේ මාධ්‍ය මෙහෙයුම්කරුවකු වන සිවරාම් විවෘතව ම ලිව්වේ ය. බාලකුමාර් වැනි අය එදා හිරු පුවත්පත සමග පැවති සාකච්ඡාවලදී මෙම අදහස් ඉදිරිපත් කළේ ය. විශේෂයෙන් ම පශ්චාත් සුනාමි මෙහෙයුම් යාන්ත්‍රණය හෙවත් පී-ටොම්ස් සමග කටයුතු කරන්නට සිදු වන විට කොටි සංවිධානය දැඩි අපහසුතාවකට පත්ව තිබිණි. ඒ ඔස්සේ

මුස්ලිම් කාන්තාවක් වීම නිසා කථිකාචාර්ය ධුරයක් ලබා නො දීමට එරෙහිව නඩු කී ශානාස්ට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් සහන

Image
ඇගේ ගූගල් පිටුවෙන් ලබා ගන්නා ලද ඡායාරූපයකි. “අද ලංකාවේ විශ්වවිද්‍යාල ඉතිහාසයේ සුවිශේෂී දිනයක්. මේ දැන් (Feb. 24 around 11am) ලංකා ඉතිහාසයේ ඉතාමත් තීරණාත්මක නඩු තීන්දුවක් ලැබුණා. Muslim කාන්තාවක වීම නිසාම කොළඹ විශ්වවිද්‍යාලය විසින් බලහත්කාරයෙන් ජනසන්නිවේදන අංශයේ සේවය අහිමි කරපු සහකාර කථිකාචාරිනී ශානාස් මාස දෙකක් තුල නැවත සේවයේ පිහිටුවන්න කියලා." පෙබරවාරි 24දා මධ්‍යාහ්නයේදී මෙම සටහන ෆේස්බුක්හි තැබුවේ ආයතනයේ CAFFE හෙවත් නිදහස් හා සාධාරණ මැතිවරණ සඳහා ව්‍යාපාරයේ විධායක අධ්‍යක්ෂ රජිත් කීර්ති තෙන්නකෝන් විසිනුයි. මොකක් ද මේ නඩුව? මම ඒ ගැන දැනගන්නට කතා කළා රජිත්ටත්, ශානාස්ටත්. ඇය සේහු අලාඋදීන් ෆාතිමා ශානාස්. මෙම කතාවට අදාළ නඩු තීන්දුව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අද ලබා දුන්නේ 2011දී ශානාස් විසින් ගොනු කරන ලද අංක SC (FR) 238/2011 දරණ මානව හිමිකම් පෙත්සම වෙනුවෙන්. ඇය ඒ පෙත්සම ගොනු කළේ ඇයට සිදු වූ බරපතල අසාධාරණයක් නිසායි. ඒ අසාධාරණයට මුහුණ දුන් තවත් අයත් සිටියදී ඇය තනිවම සිය ඉරණමට එරෙහිව අරගල කළා. ඒකයි වැදගත්කම. ඇයට ඒ වෙනුවෙන් ශක්තිය ලබා දුන්නේ කොළඹ විශ්ව විද්‍යාලයේ හිටපු ලේඛකාධිකාරිවරය

ඉන්දියාව සමග නිදහස් ආර්ථික හා තාක්ෂණික ගිවිසුම ඉදිරියට ගෙන යනු!

Image
යෝජිත ඉන්දු - ලංකා ආර්ථික තාක්ෂණික ගිවිසුම ප්‍රසිද්ධ කළ යුතු ය. එය මහජන සංවාදයට බඳුන් කළ යුතු ය. පාර්ලිමේන්තුවේ විවාද කළ යුතු ය. ඒ පිළිබඳ ජනතාව දැනුවත් කිරීමේ බරපතල වගකීමක් ආණ්ඩුවට තිබේ. මේ වන විට මහින්ද රාජපක්ෂගේ මුදලින් යැපෙන මාධ්‍ය හා දේශපාලනය යනු කඩාකප්පල්කාරිත්වය යි සිතා සිටින පක්ෂ හා කල්ලිවලට සම්බන්ධ මාධ්‍ය ගජරාමෙට කරමින් සිටින්නේ එට්කා නම් බිල්ලකු නිර්මානය කරමින් සමාජය බියපත් කිරීමයි. එය ඔවුන් හඳුන්වන්නේ මාධ්‍ය නිදහස ලෙසයි. මෙම මාධ්‍ය විසින් ප්‍රබන්ධ කරනු ලබන පුවත් පිළිබඳ නිදසුනක් ලෙස මෙම සබඳතා පුරුකෙහි ඇති ප්‍රවෘත්තිය දක්වමි. මෙහි මාතෘකාවෙන් කියන ආකාරයට තමන්ට රැකියා නැති නිසා ශ්‍රී ලංකාවේ රැකියා ලබා ගැනීම පිණිස එට්කා ගිවිසුම අත්සන් කරන්නැයි ඉන්දියාවේ රැකියා විරහිතයන් උද්ඝෝෂණය කරන බවයි. එහෙත්, ප්‍රවෘත්තියෙහි එහෙම දෙයක් නැත. එට්කා සම්බන්ධයෙන් වන මාධ්‍ය ප්‍රචාර තනිකර ම මෙවැනි ඒවා ය. ඉන්දියාවේ තොරතුරු තාක්ෂණ වෘත්තිකයන් ලෙස පෙනෙන ආකාරයට ලාංකිකයන් අන්දා වීඩියෝ නිර්මානය කර තිබෙන ආකාරය ද අපි දුටුවෙමු. මෙහොතකට පෙර මා දුටු වීඩියෝවක ඇත්තේ බරනැස වීදියක දත් බඳින මිනිසකු පිළිබඳ විස

උඩුවෙ ........... (ලිංගවාදී සිරස්තලයකැයි එල්ල වූ චෝදනාව නිසා මාතෘකාව ඉවත් කරන ලදී)

Image
මේ කිසිවෙක් තවම අලි හොරු බව ඔප්පු වී නැත.  උඩුවේ ධම්මාලෝක නම් සිවුරු අඳින ටොම් පචයා සිය අලි හොරකම වසා ගන්නට පත්තරවල ඇඩ් දමමින් කරන විගඩම් දුටු විට මතක් වන්නේ ‘එකක් කඩතොලු වසන්නට ගොස් අනේ මට වූ කාරියා - සියක් කඩතොලු හදා දුන්නයි ඉඳුරුවේ ආචාරියා' යන කියමනයි. බුද්ධාගමේ මුවාවෙන් වෙන මොකක්දෝ වැඩක් කරගෙන යමින් සිට අතරමගදී පාර්ලිමේන්තුත් ගිය උඩුවේ ධම්මාලෝක බෞද්ධයකු නො වන බව ඔහු  කර තිබෙන නීච වැඩ දෙකකින් පැහැදිලිව ඔප්පු වේ. එකක් අසරණ අලි පැටවකු මව් තුරුල්ලෙන් සොරකම් කරගෙන පැමිණ දම්වැල්වලින් බැඳ වසර ගණනක් වධ දුන් ආකාරයයි. මේ නීච දුර්ජනයන් බොහෝ විට අලි පැටවුන් සොරකම් කර ගන්නේ ඇතින්න මරා දමලා ය. අනෙක, චේතිය රජ්ජුරුවන් ද ලජ්ජාවෙන් ඇඹරෙන තරමේ බොරුවක් කියමින් මේ අලියා පෙරහරට ගෙන ආ කිසිවෙකු විසින් පන්සලේ දමා ගිය පසු තමන් හදා වඩා ගත් බව කීමයි. අලියා එහෙම දමලා ගියා නම් ඒ කාලේ ම වන ජීවී කාර්යාලයට දැනුම් දිය යුතුව තිබිණි. මේ සියලු පාදඩකම්වලට රැකවරණය සලසා දුන්නේ දස වසක අඳුරු යුගයක නිර්මාතෘ මහින්ද රාජපක්ෂ බව අමුතුවෙන් කිව යුතු නැත. පහත පළ වන්නේ එදා පරිසර හිතවාදියකු විසින් උඩුවේ ගණ තැනගේ

නීතිය ඉදිරියේ සියල්ලෝ ම සමාන ය. ශිරානි බණ්ඩාරනායක වැඩිපුර සමාන ය.

Image
එක්සත් ජාතික පක්ෂයේ කිසිදු දිස්ත්‍රික් ලැයිස්තුවක හෝ ජාතික ලැයිස්තුවේ නො සිටි සරත් ෆොන්සේකා එජාප ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පත් කිරීම අභියෝගයට ලක් කරමින් විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය නඩු පවරා තිබේ. ඒ පිළිබඳව අධිකරණය බලා ගන්නවා ඇත.  මේ අතර, වගකිව යුතු තනතුරක් දැරූ අයෙකු ලෙස වසර තුනක් තිස්සේ ව්‍යාජ වත්කම් ප්‍රකාශ ඉදිරිපත් කිරීමේ වරදට නඩු පවරනු ලැබ සිටි මහින්ද රාජපක්ෂ විසින් පත් කර, දෝෂාභියෝගයට ද ලක් කරන ලද හිටපු අග විනිසුරු ශිරානි බණ්ඩාරනායකට එරෙහිව පවරා ඇති නඩුව අල්ලස් කොමිෂම විසින් ඉල්ලා අස් කර ගැනීම නිසා ඇය නිදොස් කොට නිදහස් කරනු ලැබ තිබේ.  දුමින්ද සිල්වාට නඩු පවරා තිබෙන්නේ ද මෙම චෝදනාව යටතේ ම ය.  රටේ නීතිය පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාටත්, අග විනිසුරුටත්, සාමාන්‍ය ජනයාටත් එකක් විය යුතු ය.  නීතිය ඉදිරියේ සියලු පුරවැසියන් සමාන යයි කීවත් ඇතැම් පුරවැසියන් වැඩිපුර සමාන බවට ශිරානි බණ්ඩාරනායක සාක්කියකි.  නීතිය මේ අන්දමින් අපහරණය කරන තත්වයක් තුළ ශිරානි බණ්ඩාරනායකගේ ඉල්ලීම වැනි ම ඉල්ලීමක් ඉදිරිපත් කරන කුමාර් ගුනරත්නම්ගේ පාටියට ද එය ලබා දීමේ ගැටලුවක් මම නම් නො දකිමි.  මන්ද,

කිලිනොච්චියේ සිට ලියමි

Image
සටන් විරාම සමයෙන් පසු පළමු වතාවට යාපනයේ හා කිලිනොච්චියේ ඇවිද්දෙමි. මිනිසුන් හමු වුණෙමි. එය යුද සංචරණයක් නො වේ. වන්දනාවක් ද නො වේ. මම කිසිදු තැනක් විශේෂයෙන් බලන්නට නො ගියෙමි. එය නිකම් ගමනකි.  කලින් හමු වූ ඇතැම් මිනිසුන් දැන් හමු විය නො හැක. අප පාගන පොළව මත ඔවුන්ගේ ලේ තැවරී තිබිය හැකි ය.  බොහෝ දේ වෙනස් වී ඇත. අලුත් මං ඉදි වී ඇත. ඒ මත සමතල තාර පලස් ය. වීදි දෙපස සල්පිල් ය. වෙළඳාම සරු ය. සුන්බුන් බිම ඇද දමා අලුත් ගොඩනැගිලි ඉදි වී ඇත. පාර හරහා මුර කපොළු නැත. පලාලි ගුවන් තොටුපළ වටා තවමත් අධි ආරක්ෂක කලාපයකි. එයට යට වී ඇත්තේ ජනතාවගේ ඉඩම් ය. පොලිසියේ ලොකු ලොක්කෝ සිංහලයෝ ය. ඔවුහු තේරෙන හැටියට පැමිණිලි විසඳති. අපට හමු වූ දෙමළ මිතුරෝ හඩන්නට බැරි නිසා සිනාසෙති.  හමුදාව කඳවුරුවල සිටිති. කිලිනොච්චියේ පන්සලක ශබ්ද විකාශනයෙන් පිරිත් පිට වේ. බීතෝවන් එලිසා වෙනුවෙන් රචනා කළ වාදනය රැගෙන චූන් පාන් රථයක් පාරේ යයි. කරණවෑමිහලක මහ හඬින් වේග රිද්ම ගීයක් වාදනය වේ. තරුණයෝ නව රිද්මයට කොණ්ඩය කපති. අල්ලපු කඩයේ ශාරීරික ව්‍යායාම කරමින් තවත් තරුණයන් පිරිසක් ඇඟ හදා ගනිති.  ඒ කාලයේ අප සිංහල යයි දැනගත් විට එදි

ලංකාවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඉගෙන ගන්න කැමති නැත්තේ ඇයි?

Image
මගේ රත්තරං යාලුවනේ, මේ ෆොටෝ එක හරි ලස්සනයි නේ ද? ඒ නිසා මං ඒක ඔයාලටත් පෙන්නන්න තමයි මෙතන දාන්නේ. මේ ඡායාරූපයයි, ලිපියයි අතර සම්බන්ධයක් නැහැ, හොඳේ!  උපදේශක කාරක සභා වෙනුවට පාර්ලිමේන්තුවේ අලුතින් පිහිටුවන ආංශික අධීක්‍ෂණ කාරක සභා පිළිබඳ වැඩමුළුවට පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 225න් ඇත්තෙන් ම සහභාගි වී තිබෙන්නේ 50ක් පමණ බව වාර්තා වේ. මහජන මුදල් වැය කරමින්, බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සම්පත් දායකයන් ලෙස සහභාගි කරවාගෙන පවත්වන්නට යෙදුණ මෙම වැඩමුළුවෙන් ප්‍රයෝජනයක් ගන්නට මන්ත්‍රීවරුන් නො පැමිණියේ ඇයි? පාර්ලිමේන්තුවේ භාෂා පරිවර්තකයන් සිටින නිසා සන්නිවේදන ගැටලුවක් ඇති වේ යයි සිතිය නො හැකි ය. මෙම පාර්ලිමේන්තු මන්ත්‍රීන් පත් වී තිබෙන සංදර්භය තුළ මන්ත්‍රීවරයාගේ කාර්යභාරය ගැන ඔවුන්ට තිබෙන දැනුම ඉතා අල්ප බව පෙනේ. විපක්ෂයේ සිටින අය සිතන්නේ තමන් පත් වී සිටින්නේ ම ආණ්ඩුව පෙරළන්නට ය කියා ය. ඇමතිකම් නැති ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීන් පවා තමන්ට රාජ්‍ය පාලනය සම්බන්ධයෙන් වගකීමක් ඇතැයි සිතන බවක් නො පෙනේ. රාජ්‍ය පාලනය යයි ඔවුන් වැඩිදෙනෙක් සිතාගෙන සිටින්නේ කුමක් ද යන්න ද ප්‍රශ්නයකි. සාමාන්‍යයෙන

මහජනතාවගේ විකාශන තරංග සොරාගත් මහරාජාගේ සිට ජවිපෙ දක්වා සැමගෙන් ඒවා ආපසු ලබාගෙන පාරදෘෂ්‍ය ලෙස නැවත බෙදා දෙනු!

Image
‘‘හිහ්, හිහ්, හිහ්! ඔය වගේ සද්ද ඇහෙනවා නේද? දැන් හැමදාම ඤාව් ඤාව් කියන බැළලියෝ හිටපු ගමන් ඔන්න ඔය වගේ සද්ද කරනවා රෑට. එතකොට අපි මොකක්ද කරන්නේ ගඩොල් බාගයක් අරගෙන ඒ එන පැත්තට ගහනවා නේද. මූසලයි, මුස්පේන්තුයි කියලා තමයි ගම්වල උදවිය කියන්නේ. ඉතින් ඔය දන්නෝ බුදුන්ගේ කියන ගීතය ටවර් හෝල් යුගයේ ඉදන් ඉතාමත් උත්තරීතර ගීතයක් විදියට, බොදු බැති ගීතයක් විදියට, දන මන පුබුදුවාලන ඉතාමත් උතුම් ගීතයක් විදියට තමයි සැළකුවේ." මෙහෙම කියන්නේ තරුණ වියේදී, ඒ කාලයේ සංස්කෘතිය කනවා යයි මේ අන්දමින් ම චෝදනාවට ලක් වූ සිරස රේඩියෝවෙන් එළියට ආ නිවේදකයකු වන සංඛ අමර්ජිත් පෙරේරායි. අද කාලේ රූපවාහිනී මාධ්‍යවේදීන් යයි කියන්නේ පත්තරවල අනුන් ලියූ දේ කියවන ගමන් තමන්ගේ මනස්ගාත ඒවාට එකතු කරන අයටයි. ඉතින් මේ සංඛ අමර්ජිත් මාධ්‍ය‘වේදියා' පත්තර කියවන ගමන් වැඩි දුරටත් මෙසේ කීවේ ය. “අමරදේව මහත්තයාගෙන් පටන් ගත්තම බොහෝ ගායක ගායිකාවන් ඉතාමත් ගෞරවයෙන්, භක්තියෙන්, සැදැහි සිතෙන් යුතුව මෙම ගීතය ගායනා කළ. නමුත් ඔය විදියට ඔය ගීතය විකෘති කළේ පසුගිය පෙබරවාරි 4 වෙනිදා ජාතික නිදහස් දිනය සමරන්නට කියලා පවත්වපු උත්සවයකදී. ඉතින් ඔපෙරා ද ම

යෝෂිතට අඬන්නට සිදු වුණේ ඇයි?

Image
යෝෂිත රාජපක්ෂ මහින්දගේ පුත්‍ර‍යා බව අමතක කරමු. ඔහු ධනවත් පවුලක සැපට හැදී වැඩුණු දරුවෙකි. එවන් දරුවකුට සිර ගෙය අපායක් බව අමුතුවෙන් කිව යුතු නැත. එහි ඇඳ - පුටු - මේස, කාමර නැත. කොමෝඩ් සහිත වැසිකිළි ද නැත. විදුලි පංකා, වායු සමන නැත. මදුරු දැල් නැත. නිදාගන්නට සිදු වන්නේ බිම එළූ පැදුරකයි. නාන්නට වන්නේ ටැංකියට පිරවූ වතුර බාල්දියෙන් ඇදගෙන ය. සාමාන්‍ය දරුවෙකු මෙසේ සිරගත වුණානම් යෝෂිත දැන් මුහුණ දෙන ප්‍ර‍ශ්නවලට අමතරව පරණ සිරකරුවන්ගෙන් පශ්චාත් භාගය පරිස්සම් කර ගැනීමේ ප්‍ර‍ශ්නයට ද මුහුණ දෙන්නට සිදු වනු ඇත. මෙම සිද්ධිය ලංකාවේ සියලු තාත්තලාට පාඩමකි. පාඩම් උගත යුතු තවත් සිද්ධියක් කලින් සිදු විය. ඒ හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන කුලියට මිනී මැරීමට සිය පුතා හවුල් කරගෙන දෙන්නා එක්ක ම මරණ දඬුවමට ලක් වීමයි. යෝෂිතගේ තත්වය ඊට වඩා දරුණු ය. ඔහු ඉපදෙන්නේ බලවත් තාත්තා කෙනෙකුට දාව ය. ඔහු වැඩෙන්නේ බලයෙන් උමතු වූ තාත්තා කෙනෙකුගේ රැකවරණය තුළ ය. තමන්ගේ දියණිය ද ගණිකා වෘත්තියට යොමු වනවාට ගනිකාවක කැමති නැත. තමන්ගේ දරුවන් සොරකමට යොමු වෙනවාට සොරා කැමති නැත. එහෙත්, දේශපාලනය නමින් ලංකාවේ හැඳින්

මැරතන් කරු මරා දැමූ යුගයේ සිට ක්‍රීඩාවේ දයාසිරි යුගය දක්වා

Image
කේ. ඒ. කරුණාරත්න මැරතන් දුවන වයසේදී  ක්‍රීඩාවේ දයාසිරි යුගය යන වචනය තරමක අතිශයෝක්තියක් විය හැකි ය. එහෙත්, එවැනි යුගයක් නිර්මානය කිරීමට ඔහුට ශක්තිය ඇති බව දයාසිරි ජයසේකර පෙන්වා දුන්නේ ය. මහින්දගේ දෑත් ශක්තිමත් කරන්නට යාම වැනි ක්‍රියාවලින් දයාසිරි පෙන්නූ අපරිණතකම මගහරවා ගන්නට හැකි නම් දයාසිරි ජාතික නායකත්වයකට ගොඩනගා ගත හැකි කෙනෙකි. පුරවැසි ක්‍රියාකාරිකයන් ලෙස අප නායකයන් හදා ගත යුත්තේ අපට දී ඇති මිනිස් ද්‍රව්‍යවලින් බව අපි මීට පෙර ද සඳහන් කළෙමු. මහින්දානන්ද අලුත්ගමගේ වැනි ගොබ්බයකු විසින් කලක් තිස්සේ අරක් ගෙන තිබුණු ක්ෂේත්‍රයකට දයාසිරි වැන්නකු පිවිසි හැටියේ ම එය කක්කුස්සියක හඳුන්කූරක් පත්තු කළා සේ කැපී පෙනේ. ඉන්දියාව වැනි දැවැන්ත ජනගහණයක් සහිත රටක් හමුවේ ලංකාව දකුණු ආසියාතික ක්‍රීඩාවලදී පෙන්වන ලද දක්ෂතාව සුළුපටු එකක් නො වේ. එය වනාහි රටක් ලෙස අපට ඇති විභවයන් සංකේතාත්මකව පෙන්වූ අවස්ථාවකි. එහිදී දක්ෂතා දැක්වූ තරුණ තරුණියන් වනාහි ලංකාවේ ජන විකාශ විවිධත්වය තුළින් මතු වූ පිරිසකි. මහින්දානන්ද අලුත්ගමලාගේ කාලයේ ඔසවා තබන ලද සිංහල, බෞද්ධ, ගැමි, පිරිමිකම තුළින් මතු වූ අය නො වේ. මෙම ජන ව

මොන අලුත් පක්ෂ ද? සොරුන් සිටියේ ඔවුන්ට නියම තැනයි.

Image
මහින්දගේ හොර පොල් නඩය පාර්ලිමේන්තුවේත්, ඉන් පිටතත් නටන්නේ ඔවුන්ගේ ම අර්බුදය නිසා ය. අලුතෙන් පක්ෂයක් හදනවා ය කියා කයිවාරු දෙඩුවත් හදන පක්ෂයක් ද නැත.  මෙම පක්ෂයට එක් වන බව කියමින් මේ දිනවල පුවත්පත් සාකච්ඡා පවත්වන පළාත් පාලන මන්ත්‍රී නඩය ගෙන බලන්න. මොවුන්ගෙන් වැඩිදෙනෙක් පසුගිය වසර දහයක පමණ කාලයක් මෙම තනතුරු දැරූ අයයි. මූලික ලක්ෂණයක් වන්නේ ඔවුන් විසින් කරන ලද කිසිදු මහජන සේවාවක් නැතිකමයි.  අනෙක් පැත්තෙන් මොවුන් පසුගිය කාලය පුරා ම කළේ කොන්ත්‍රාත් ආදියෙන් ගසා කෑම ය.  මොවුන් වැඩි දෙනෙක් මීළඟ ඡන්දයේදී අනිවාර්යයෙන් ම පරාජය වේ.  මහින්දව ගොනාට අන්දාගෙන ගොඩ යන පාරක් කපා ගන්නට ඔවුහු උත්සාහ දරති. මහින්ද වටා සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී පිරිස ද මහින්ද විකුණා පසුගිය ඡන්දය දිනා ගත්, මහින්දගෙන් ගොඩ යන්නට බලා සිටින අයයි.  ඔවුන්ට අලුත් පක්ෂයක් පිහිටුවන්නට තිබෙන ලොකුම බාධාව අන් කිසිවක් නොව මහින්දගේ දෙගිඩියාවයි.  මහින්ද, ගෝඨාභය, බැසිල්, නාමල් හතරවරං චෞරයන්ට සිදු වී ඇත්තේ 'ගෙදර ගියොත් අඹු නසී - මග සිටියොත් තෝ නසී' පන්නයේ අලකලංචියකි.  අලුත් පක්ෂයක් හැදුවත්, නැතත් ඔවුන්ට සිය හොරකම් නිසා

පළවා හරින ලද ජනයාට ආපසු යාමට තිබෙන අයිතිය

Image
කොටි සංවිධානය විසින් උතුරෙන් පළවා හරිනු ලැබූ, තවමත් සරණාගත කඳවුරුවල ජීවත් වන බව කියන මුස්ලිම් ජනතාව ඊයේ කොළඹ එක්සත් ජාතීන්ගේ සංවිධාන මූලස්ථානය ඉදිරිපිට සාමකාමී විරෝධතාවක් හා උද්ඝෝෂණයක් කළ හ. ශ්‍රී ලංකාවේ සංචාරයක යෙදී සිටින එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්වරයා හමු වී සිය දුක්ගැනවිල්ල ඉදිරිපත් කරන්නට ඔවුන් උත්සාහ කළ හ. ඔවුන් ඉල්ලා සිටින්නේ ආපසු හැර දමා පැමිණි ගම් බිම්වල පදිංචි වී ජීවත් වන්නට අවස්ථාව ලබා දෙන ලෙසයි.  කොටි සංවිධානය සිය වාර්ගික ශුද්ධ කිරීමේ ප්‍ර‍තිපත්තිය මත 72,000ක් මුස්ලිම් වැසියන් උතුරු පළාතෙන් පළවා හරින ලදී.  1983 කළු ජූලිය තුළ ද මෙවැනි ම වාර්ගික ශුද්ධ කිරීමක් සිදු විය. දිවයිනේ බොහෝ පළාත්වල ජීවත් වූ දෙමළ ජනයා පළවා හරින ලදී.  යාපනය හා වෙනත් උතුරේ ප්‍රදේශවල ජීවත් වූ සිංහල පවුල් අවතැන් වීම ද මෙවැනි ම සංසිද්ධියකි.  වාර්ගික ශුද්ධ කිරීම සමග අත්වැල් බැඳගෙන ගිය තවත් සංසිද්ධියක් වන්නේ ආක්‍ර‍මණකාරී පදිංචි කිරීම් ය. 1958 තරම් ඈත කාලයේදී පදවිය ජනපදයේ දෙමළ ජනයා පදිංචි කිරීම වළක්වන ලදී. වැලිඔය ජනපදය හමුදාව විසින් පිහිටුවන ලද මිලිටරි කොලනියකි.  උතුරෙන් පළවා හරින ලද ම

මහින්දලාට අලුත් පක්ෂය හදා ගන්න ඉඩ දෙන්න

Image
මහින්දගේ පළාත් පාලන බලවේගයේ සංකේතයක් - උදේනි අතුකෝරල  මහින්ද, ගෝඨාභය, බැසිල්, විමල්, උදය, දිනේෂ්, වෙල්ගම, රෝහිත අබේගුණවර්ධන, වාසුදේව, ඩලස්, බන්දුල ආදීන් එක්ව ශ්‍රීලනිපය කඩා අලුත් පක්ෂයක් පිහිටුවන්නට යන බවට මේ දිනවල ලොකු ටෝක් දෙමින් සිටිති. මෙම පිරිස වෙන ම ගොනු වීම ඇත්තෙන් ම රටට කරන ලොකු සෙතකි. නම් වැල කියවූ පමණින් ම මොවුන් කවුරු ද යන්න පැහැදිලි ය. සරළව කිව්වොත්, මේ වනාහි පසුගිය අඳුරු දශකය තුළ මහජන මුදල් කාබාසිනියා කිරීමට නායකත්වය දුන් සොරමුල බව නො දන්නේ කවුරු ද?  ඔවුන් පසුපසින් යන පළාත් සභා, පළාත් පාලන මන්ත්‍රී කැලත යනු ඔවුන්ගේ චෞර සහායකයෝ ය. නිදසුනක් ලෙස, කුමාර් වෙල්ගම පසුපසින් යන අයෙකු වන වලල්ලාවිට ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති උදේනි අතුකෝරල යනු බෙන්තොට ප්‍රාදේශීය සභාවේ සභාපතිගෙන් අල්ලසක් ගන්නට යද්දී අතට ම හසු වූ නඩු පමා වීම නිසා ඇප පිට සිටින අයෙකි. මේ අය වනාහි ජනප්‍රිය පිරිසක් නො වේ. ඔවුන් ප්‍රසිද්ධ ය. වඩා නිවැරදිව කියනවා නම් කුප්‍රකට ය. එසේ ම සොරකම් කරන ලද මුදල් හා රාජ්‍ය බලය තුළ බලවත් ය. රාජ්‍ය බලය නැති වූ විට ඔවුන්ගේ දක්ෂකම් බලාගන්නට පුළුවන.  මේ සියල්ලන්ට ම නඩු ඇත. ඒ නඩ

හොර පොල් ගැහිල්ල හා තුන් මුල්ල පැනීම (ජන ක්‍රීඩා දෙකක්)

Image
එක්සත් ජාතීන්ගේ හිටපු මානව හිමිකම් කොමසාරිස් නවනීදන් පිල්ලේ සමග මේ සාකච්ඡා කරන්නේ කවුරු ද?  මහින්දගේ හොර නඩය ඊයේ නාඩගම් කීපයක් රඟ දැක්වූ හ. නාට්‍යමය පුවත් නැතිව වේලෙන මාධ්‍යකරුවන්ට ඊයේ දිනය අමන්දානන්දයට හේතු වූ දිනයකි. විමල් වීරවංශ රඟ පෑ එක්සත් ජාතීන්ට එරෙහි නාඩගම සම්බන්ධයෙන් කියන්නට තිබෙන්නේ සුළු දෙයකි. ඔහු හා ඔහුගේ අනුග්‍රාහකයා වූ මහින්ද රාජපක්ෂ ලංකාවේ ඒකාධිපතිකම් කළ සමයේ ඔවුන් ශ්‍රී ලංකාව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජිකත්වයෙන් ඉවත් කර ගන්නට තිබිණි. එසේම, ශ්‍රී ලංකාවටට ලෝකය සමග තිබුණු ආනයන අපනයන සම්බන්ධකම් නැති කර ස්වයංපෝෂිත ආර්ථිකයක් හදා ගන්නට තිබිණි. අපට ඕනෑ රටකට අප යන එක ද, අපට ඕනෑ අයට පමණක් මේ රටට එන්නට ඉඩ දෙන එක ද කරන්නට තිබිණි. එක්සත් ජාතීන්ගේ හිටපු මානව හිමිකම් කොමසාරිස් නවනීදන් පිල්ලේ ශ්‍රී ලංකාවට ආවේ මහින්දගේ කාලේ ය. එසේම, පිටරටවල් අපට අඩු පොළියට ණය විතරක් දෙන එක ද, එ් ණය අප කැමති ආකාරයට වියදම් කරන එක ද අත්හදා බලන්නට තිබිණි. පිටරටවල් අපේ රටේ ආයෝජන කරන එක ද, අපේ රටේ කටයුතු ගැන අදහසක්වත් පළ නො කරන එක ද අත්හදා බලන්නට තිබිණි. පිටරටවල් අපේ බඩු මිළ දී ගන්නා එක ද, ඒ