මහින්දලාට අලුත් පක්ෂය හදා ගන්න ඉඩ දෙන්න

මහින්දගේ පළාත් පාලන බලවේගයේ සංකේතයක් - උදේනි අතුකෝරල 
මහින්ද, ගෝඨාභය, බැසිල්, විමල්, උදය, දිනේෂ්, වෙල්ගම, රෝහිත අබේගුණවර්ධන, වාසුදේව, ඩලස්, බන්දුල ආදීන් එක්ව ශ්‍රීලනිපය කඩා අලුත් පක්ෂයක් පිහිටුවන්නට යන බවට මේ දිනවල ලොකු ටෝක් දෙමින් සිටිති.

මෙම පිරිස වෙන ම ගොනු වීම ඇත්තෙන් ම රටට කරන ලොකු සෙතකි. නම් වැල කියවූ පමණින් ම මොවුන් කවුරු ද යන්න පැහැදිලි ය. සරළව කිව්වොත්, මේ වනාහි පසුගිය අඳුරු දශකය තුළ මහජන මුදල් කාබාසිනියා කිරීමට නායකත්වය දුන් සොරමුල බව නො දන්නේ කවුරු ද? 

ඔවුන් පසුපසින් යන පළාත් සභා, පළාත් පාලන මන්ත්‍රී කැලත යනු ඔවුන්ගේ චෞර සහායකයෝ ය. නිදසුනක් ලෙස, කුමාර් වෙල්ගම පසුපසින් යන අයෙකු වන වලල්ලාවිට ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති උදේනි අතුකෝරල යනු බෙන්තොට ප්‍රාදේශීය සභාවේ සභාපතිගෙන් අල්ලසක් ගන්නට යද්දී අතට ම හසු වූ නඩු පමා වීම නිසා ඇප පිට සිටින අයෙකි. මේ අය වනාහි ජනප්‍රිය පිරිසක් නො වේ. ඔවුන් ප්‍රසිද්ධ ය. වඩා නිවැරදිව කියනවා නම් කුප්‍රකට ය. එසේ ම සොරකම් කරන ලද මුදල් හා රාජ්‍ය බලය තුළ බලවත් ය. රාජ්‍ය බලය නැති වූ විට ඔවුන්ගේ දක්ෂකම් බලාගන්නට පුළුවන. 

මේ සියල්ලන්ට ම නඩු ඇත. ඒ නඩු සාධාරණව විභාග වුවහොත් මේ සියල්ලන් ම සිටිය යුත්තේ හිරේ ය. ඒ නිසා එය වළක්වා ගැනීමට වා නා වා පෝ නා පෝ ගේමක් දෙන්නට ඔවුන් පෙරට පැමිණ තිබේ. අප එය තේරුම් ගත යුතු ය. 

ඔවුන් අලුත් පක්ෂ හදන්නට යන මොහොත ද නල්ල මලේ එකකි. ඒ වනාහි ජාතික මට්ටමෙන් ලොකු බලපෑමක් කළ නො හැකි පළාත් පාලන ඡන්දය ඉදිරියේ ය. ඔවුන්ට කිව යුතුව ඇත්තේ ඔහොම යං කියා ය. 

ශ්‍රීලනිපය පැත්තෙන් ගත් කල මෙම පිරිස ඉවත් ව යාම පක්ෂයට දැවැන්ත ආශිර්වාදයක් කර ගත හැකි ය. පක්ෂය අත්පත් කරගෙන සිටින මේ බහිරවයන් පිරිස ඉවත් වී යාමත් සමග පක්ෂයට අලුත්, ප්‍රජාතන්ත්‍රවාදී, දක්ෂ හා පිරිසිදු දේශපාලන බලවේගයක් ආකර්ශනය කර ගැනීමේ අවස්ථාව විවෘත වේ. 

මෙවැනි අලුත් පක්ෂ ඡන්දයකදී දෙකකදී සෙල්ලම් දමනු ඇත. ඒ සඳහා පළාත් පාලන ඡන්දයක් හොඳට ම ඇති ය. අතීතයේදී ලලිත් ඇතුලත්මුදලි - ගාමිනී දිසානායක ඩබල විසින් බිහි කරන ලද තුන්වන බලවේගය හා මෑතදී සරත් ෆොන්සේකාට වූ දෙය අත්දැකීම් ලෙස ගත හැකි ය. ජවිපෙන් ලොකු ම කෑල්ලක් කැඩී ගියත් ජවිපෙට දිගු කාලීනව අභියෝග කිරීමට පෙසපට බැරි වීම තවත් උදාහරණයකි. 

මෛත්‍රීපාල ළඟ නො බලා දුර බැලිය යුතු ය. මොවුන්ට කඩාගෙන යනවා ය කියා පක්ෂය බ්ලැක්මේල් කිරීමට ඉඩ නො දිය යුතු ය. ඒ වෙනුවට කඩාගෙන පලයව් යි කියන්නට ආත්ම ශක්තිය ඔහුට තිබිය යුතු ය. තාවකාලික පසුබැස්මක් ඇති විය හැකි මුත්, අලුත් පිරිසක් සමග අලුත් ජවයකින් පටන් ගන්නට එය අවස්ථාවකි. 

අනෙක් පැත්තෙන්, මෙම බලවේගයේ ප්‍රචණ්ඩත්වයේ තරම වටහාගෙන ඒ අනුව කටයුතු කිරීමට ද වග බලා ගත යුතු ය. 

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. මෙතැන වාසුදේව odd man out නේද?
    ඔහු හොරකම් කළාය, හිරේ සිටීය යුතුය වැනි දේ නිසැකවම කිව හැකිද?

    ReplyDelete
    Replies
    1. He has never condemned the thefts, he stands for the thieves.

      Delete
    2. සොරකම් කිරීමත්, එයට අනුබල දීමත්, සොරුන් ආරක්ෂා කිරීමත් එක හා සමාන වැරදි වේ.

      Delete
    3. වාසුදේවට අයත් සංචාරක සමාගම සේවකයන්ගේ ශ්‍රමය මහ දවල් කොල්ල කනවා.

      Delete
    4. //සොරකම් කිරීමත්, එයට අනුබල දීමත්, සොරුන් ආරක්ෂා කිරීමත් එක හා සමාන වැරදි වේ. //

      88/89 පැරා ඇතුලු ජෙප්පන් කල මිනී මැරුම් වලට පැරා ට විරුද්දව චෝදනා එල්ල කොට නඩු අසනු!

      Delete
    5. හයියෝ ලොක්කා ගූ හතයි. එතකොට 71 මරපුවා 58 කෝලාහල තවදිගයි ලැයිස්තුව. මේ ඕයි හෙලුවැල්ලෙන් බල්ටි ගහන්න යන්න එපා කුට්ටම තැලුනොත් පොන්නයෙක් වෙනවා.

      Delete
    6. (( Sa rasaFebruary 8, 2016 at 8:49 AM

      //සොරකම් කිරීමත්, එයට අනුබල දීමත්, සොරුන් ආරක්ෂා කිරීමත් එක හා සමාන වැරදි වේ. //

      88/89 පැරා ඇතුලු ජෙප්පන් කල මිනී මැරුම් වලට පැරා ට විරුද්දව චෝදනා එල්ල කොට නඩු අසනු!))

      පැරා මහත්තයා, මේක බරපතල චෝදනාවක් ??? ඔබ දෙශපාලනය වෙනුවෙන් මිනී මරලා හෝ ඒවාට අනුබල දී තිබෙනවාද ??? ඔබලාව පෞද්ගලිකව නොදන්න අපි වැනි සාමාන්‍ය අයත් මේ ලිපි කියවන නිසා ඒ අය වෙනුවෙන් මේ ගැන පැහැදිලිව යමක් ප්‍රකාශ කරන්න.

      Sa rasa මහත්තයා/නෝනා, ඔබ කව්ද කියාත් පැහැදිලිව අපට හඳුන්වා දෙන්න. මේ මිනීමරුම් ගැන තව පැහැදිලි කරන්න.

      Delete
    7. මං හිතන්නේ වාසු හොරු ගොඩේම ඉන්නේ යූඇම්පීයට ඇති අතිශය බලවත් විරෝධයක් නිසා විය යුතුයි. නසසපය 1983 දී තහනම් කළේ ද යූඇම්පීය නේ!

      Delete
    8. මං වරක් වාසු ගේ කතාවක් අසා ඔහුට ඡන්දය දෙන්නට පවා සිතුවා!
      http://rasikalogy.blogspot.com/2015/06/vasudeva-nanayakkara-1982-presidential.html

      Delete
    9. පැරා සම්බන්ධව සිටි ජවිපෙ විසින් 1988/89 කාළයේ දී කළ දෑ ගැන පරීක්‍ෂණ පැවැවත්විය යුතු බව පැරා වරක කියා තිබුණා මට මතකයි!

      සරස ගේ විස්තර සහ ඔහු ගේ මල්ලෙ පොල් බ්ලොගය ගැන ධර්මන් වික්‍රමරත්න රිවිර පුවත් පතේ ලියා තිබුණා.
      http://www.rivira.lk/epaper/sunday/2015/10/18/files/assets/basic-html/index.html#36

      Delete
    10. Rasikalogist:ස ර ස තුමා ගේ සෙකරටරි ලෙස සේවය කිරීම ගැන ස ර ස තුමා ගේ ඉස්තූතිය... එයට සල්ලි ඉල්ලන්න නම් එන්න එපා හොඳේ?

      *****************

      88/89 ජෙප්පන් විසින් දහස් ගනන් මිනිසුන් මරා දමන ලදී.

      දැන් පැරා //සොරකම් කිරීමත්, එයට අනුබල දීමත්, සොරුන් ආරක්ෂා කිරීමත් එක හා සමාන වැරදි වේ. // කියයි.

      එසේ නම් 88/89 මිනීමරු ජෙප්පන් ගේ සන්ගමේ සාමාජිකයන් හැමදෙනාම මිනීමැරුමට අනුබලදීමේ වරදට හිර ගත විය යුතු ය.

      සුවයන් විවේචනේ කොරලා ජනතාවගෙන් සමාව ගත්තා කියා යුක්තිය ඉස්ට වෙන්නේ නැත.

      Delete
    11. ඔබට ඇති පැමිණිල්ල අදාළ තැන්වලට යොමු කරන්න. නඩු විභාග වන්නේ බ්ලොග්වලින් නො වේ. අනෙක ඇනොනිමස් පැමිණිලි කළ හැකි ද යන්න මම නො දනිමි. කෙළින් ඉදිරිපත් වී බය නැතිව කරන්න.

      Delete
    12. // ඇනොනිමස් පැමිණිලි කළ හැකි ද යන්න මම නො දනිමි //


      අයියෝ පැරා...

      කලබල වෙලා ස්ට්‍රෙස් තද වුනාම ඔයාගේ ස්‍රී ලාන්කීය ගැමි අනන්‍යතාවයත් අමතක වෙනවනේ.... ඇනොනිමස් පැමිණිලි කරන්න පුලුවන් මෙයා...

      ඒවට තමා නිර්නාමික පෙස්සන් කියන්නේ.....

      පැරා වගේ ග්‍රාමීය නිර්දන පන්තියේ ලුම්පන් බුරුසුවා නොවන බෝලශේවික් කම්කරු තරුනයෙක් ඔයි නිර්නාමික පෙස්සන් නොගැහැවුවාට ගම ජීවත් වෙන්නේ ඔවයින් තමා....

      Delete
    13. ආ, ඒව නම් අපේ ගමේ එවුන් මේ මෑතකදිත් ගැහුවෙ අපි කොටි කියලා

      Delete
    14. // ආ, ඒව නම් අපේ ගමේ එවුන් මේ මෑතකදිත් ගැහුවෙ අපි කොටි කියලා //

      :D

      Delete
    15. Sakkili rasa තුමාට ඒ කාලේ කොරපු හපන්කම් මතක්වෙලා නේ හිනා පහනවුනේ?

      Delete
    16. @ Sa rasa February 8, 2016 at 10:35 AM
      සරස, මට ඔබට ලේකම් කම් කිරීමට අවශ්‍යතාවක් නැත.
      මගේ කමෙන්ටුවට පිළිතුරු දුන් අයට යළි ප්‍රතිචාර දැක්වූවා පමණි.

      Delete
  2. මා සිතන්නෙත් මේ දේම තමයි. Let the devils go.

    ReplyDelete
  3. Mage adahasath okamayi!Habayi Wasudewa gana kiyanawa nam eya horakam nokalata ewa siyalla anumatha karanawa dana danama thmange wasiyata.E arthayen eya anith ayatath wada narakayi!

    ReplyDelete
  4. මෙතන තියෙන්නේ කඩාගෙන ගොස් ගන්නා චන්ද ප්‍රමාණය ශ්‍රී ලංකා නිදහස් පක්ශය ගන්න චන්ද ප්‍රමාණයට වඩා වැඩි වන නිසා, විධායක ජනාධිපති ක්‍රමය ඉවර වුනාම මෛත්‍රීපාලට ශ්‍රී ලංකා නිදහස් පක්ශයේ නායකත්වය නැතිවෙයි කියල තියෙන බය. ජානධිපතිවරණයෙන් මේ සාපය ඉවර වුනේ නැත්තේ මහ මැතිවරණය නිසා. ඊට පස්සේ ඉවර වුණේ නැත්තේ ප්‍රාදේශීය සභා මැතිවරණ නිසා. ඔබ කිව්ව වගේ මේක වෙන්නේ එක පාරයි. අනික ව්‍යවස්ථාවට සන්ශෝඉධනයක් ගෙනාවනනම් 1980 ගණන් වලට පෙර වගේ පිලිගත් දේශපාලන පක්ශ වලට ඉදිරිපත් වෙන්න බැරි වෙන විදිහට කොහොමද?

    ReplyDelete
  5. හා හා කට පැරා.....

    //සොරකම් කිරීමත්, එයට අනුබල දීමත්, සොරුන් ආරක්ෂා කිරීමත් එක හා සමාන වැරදි වේ. //

    මේ වගේ කතා කියන්න හොඳද ?. දැන් මේකෙන් රාජිතව ආරක්ෂා කරන අපේ සරල ජනාධිපතිතුමයි, රවීව ආරක්ෂා කරන මොලේ ඇති අගමැතිතුමයි නේ අපහසුතාවයකට පත් වෙන්නේ.

    ReplyDelete
  6. ඔව්වා සෝඩා පක්ෂ.මුලින් රැල්ලක් තියේ ඊට පස්සේ මුකුත් නැහැ.

    ReplyDelete
  7. තවත් වරක් ඇන ගැනීමට යන ගමන දෙස සංවේගයෙන් බලා සිටිමි.

    ReplyDelete
  8. මහින්ද මහත්තයා කියන්නා වාගේ..අපෝයි ඔව් පිටුවන්නම ඕන පිහිටුවන්නම ඕන... මේ යහපාලනේ නේ...

    ReplyDelete
  9. මේ සාරස තමයි පේරාදෙනිය වෙද විදුහලේ "මණ්ඩප රැස්වීමට" නිර්නාමික පෙත්සමක් යවපු ප්‍රථම සහ බොහෝවිට අවසාන කථිකාචාර්ය වරයා.. ඔය යකාට ඔය වැඩ හොන්දට පුරුදුයි.. මෙතන උඩින් ඇනෝ කමෙන්ට් ඔක්කොම දාලා තියෙන්නේ එයා තමයි.. මිනිහා ඔය විදිහට තමයි සාමාන්‍ය ලෝකේ අර දර්මින් කියපු නම යටතේ වැඩ කරන්නේ...

    ReplyDelete
  10. Sa rasa කව්ද කියලා හදුන්වා දෙන්න කිව්වේ මමයි. මම මේ බ්ලොග්ස් වලට සම්බන්ධ කාවවත් පෞද්ගලිකව දන්නේ නැහැ. කා සමගවත් මට ප්‍රශ්නයක් ඇත්තේත් නැහැ. සමහර වෙලාවට මේවා ටිකක් කියවලා බලනවා. වෙන අයටත් බලන්න කියනවා. මට දැනගන්න අවශ්‍ය වුනේ මේවාට සම්බන්ධ අයගේ පැහැදිලි අරමුන මොකක්ද කියලායි - පරන පව් සමා කර ගන්නද, පැවැත්ම සඳහාද, විනෝදාන්ශයක්ද, එහෙම නැත්නම් බොක්කෙන්ම රට/මිනිසුන් ගැන තියන කැක්කුමටද වැනි දේවල් ගැන... නමින් හෝ නිර්නාමිකව අපිත් මේවාට සම්බන්ධ වෙන්නේ කොහොමද කියලා තීරනය කරන්න පුලුවන් එතකොට.

    ඕනකෙනෙක්ට ඕනදෙයක් ලස්සනට ලියන්න කියන්න පුලුවන් තමන්ගේ දනුම, හැකියාව අනුව, නමුත් යටි අරමුන අවලස්සන දෙයක් වෙන්න පුලුවන්... එනිසා පුද්ගලයා කව්ද කියන එක හඳුනා ගැනීම වැදගත්.

    ඒ දේවල් මට තවම පැහැදිලි නැහැ. එකම කට්ටිය, බැන ගන්නවා, හිනා වෙනවා,මරා ගන්නවා, පිටකසා ගන්නවා වගෙයි පේන්නේ ...

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා