මහජනතාවගේ විකාශන තරංග සොරාගත් මහරාජාගේ සිට ජවිපෙ දක්වා සැමගෙන් ඒවා ආපසු ලබාගෙන පාරදෘෂ්‍ය ලෙස නැවත බෙදා දෙනු!

‘‘හිහ්, හිහ්, හිහ්! ඔය වගේ සද්ද ඇහෙනවා නේද? දැන් හැමදාම ඤාව් ඤාව් කියන බැළලියෝ හිටපු ගමන් ඔන්න ඔය වගේ සද්ද කරනවා රෑට. එතකොට අපි මොකක්ද කරන්නේ ගඩොල් බාගයක් අරගෙන ඒ එන පැත්තට ගහනවා නේද. මූසලයි, මුස්පේන්තුයි කියලා තමයි ගම්වල උදවිය කියන්නේ. ඉතින් ඔය දන්නෝ බුදුන්ගේ කියන ගීතය ටවර් හෝල් යුගයේ ඉදන් ඉතාමත් උත්තරීතර ගීතයක් විදියට, බොදු බැති ගීතයක් විදියට, දන මන පුබුදුවාලන ඉතාමත් උතුම් ගීතයක් විදියට තමයි සැළකුවේ."

මෙහෙම කියන්නේ තරුණ වියේදී, ඒ කාලයේ සංස්කෘතිය කනවා යයි මේ අන්දමින් ම චෝදනාවට ලක් වූ සිරස රේඩියෝවෙන් එළියට ආ නිවේදකයකු වන සංඛ අමර්ජිත් පෙරේරායි. අද කාලේ රූපවාහිනී මාධ්‍යවේදීන් යයි කියන්නේ පත්තරවල අනුන් ලියූ දේ කියවන ගමන් තමන්ගේ මනස්ගාත ඒවාට එකතු කරන අයටයි. ඉතින් මේ සංඛ අමර්ජිත් මාධ්‍ය‘වේදියා' පත්තර කියවන ගමන් වැඩි දුරටත් මෙසේ කීවේ ය.

“අමරදේව මහත්තයාගෙන් පටන් ගත්තම බොහෝ ගායක ගායිකාවන් ඉතාමත් ගෞරවයෙන්, භක්තියෙන්, සැදැහි සිතෙන් යුතුව මෙම ගීතය ගායනා කළ. නමුත් ඔය විදියට ඔය ගීතය විකෘති කළේ පසුගිය පෙබරවාරි 4 වෙනිදා ජාතික නිදහස් දිනය සමරන්නට කියලා පවත්වපු උත්සවයකදී. ඉතින් ඔපෙරා ද මොනවද කියන්නට දන්නේ නැහැ.

“කේමදාස මාස්ටරුත් ඔපෙරා කරා. හැබැයි ඒ ගීතවලට තිබෙන්නා වූ ගෞරවය ආරක්ෂාකර ගනිමින් තමයි එතුමා ගෞරවනීය විදියට ඔපෙරා කරේ. ඇයි මේ වටිනා කියන දේවල් වලට මේ විදියට කරන්නේ. ගඩොල් බාග බලාපොරොත්තුවෙන් මේ වගේ දේවල් කරනවද කියන්නට අපි දන්නේ නැහැ‘‘

දන්නෝ බුදුන්ගේ ගීය සම්බන්ධයෙන් ඔහුගේ මේ අදහස් පළ වන්නේ පසුගිය නිදහස් දිනයේදී ජාත්‍යන්තර සම්මානලාභී ශ්‍රී ලාංකික සොප්‍රානෝ ඔපරා ගායිකාවක වන ක්‍රිශානි ජයසිංහ පසුගිය නිදහස් දිනයේදී දන්නෝ බුදුන්ගේ ගීය ගායනා කළ ආකාරය පිළිබඳවයි. ක්‍රිශානි යනු බටහිර සංගීතය පමණක් නොව, නීතිය සම්බන්ධයෙන් ද උපාධිධාරිනියකි. ලංකාවේ හිටපු ඔරු පැදීමේ ශූරියකි. ඇය කලාව සහ සංස්කෘතිය පිලිබඳ අකුණු ආසියානු සම්මානය, සොන්ටා සම්මානය, Associate of the Royal Academy of Music (London) for outstanding Alumni and Alumni Laureate of the University of Nottingham යන සම්මාන හිමි කර ගැනීමට සමත් වූ අන්තර්ජාතික ඔලිම්පික් සම්මේලනයේ සංගීතය පිලිබඳ උපදේශිකාවක් ලෙස ද සේවය කළ ලංකාවට ආභරණයක් වන් කාන්තාවකි. 

අනෙක් පැත්තෙන් දන්නෝ බුදුන්ගේ යනු 1903 දී ජෝන්ද සිල්වා විසින් රචනා කරන ලද සිරිසඟබෝ නාට්‍යය වෙනුවෙන් විශ්වනාත් ලවුජී නමැති ඉන්දියානු සංගීතඥයා විසින් නිර්මානය කරන ලද තනුවකි. එය ජර්මානු ජාතික සංගීතඥයකු වන වැග්නර්ගේ මුල් නිර්මානයක් අභාසයෙන් කරන ලද්දක් ලෙස සැලකේ. 

සංඛ අමර්ජිත් නම් මේ කිසිවක් නො දන්නා මාධ්‍ය‘වේදියා' ගඩොල් බාගයකින් ගැසිය යුතු බැළලියකැයි අපහාස කරන්නේ ඇයටයි.

මෙම වැඩසටහන විකාශය කළ දෙරණ මාධ්‍යය සම්බන්ධයෙන් දැඩි ක්‍රියාමාර්ග ගන්නා බව අගමැති රනිල් වික්‍ර‍මසිංහ පැවසුවේ මහජනයාට හිමි ගුවන් විකාශ තරංග භාවිතා කර ‘බල්ලන්ට බලු වැඩ කරන්නට නො දෙන' බව ද පවසමිනි.

ලංකාවේ රූපවාහිනී ප්‍රේක්ෂකයන් මෙන් ම රූපවාහිනී චැනල්වල අයිතිකාරයන් ද සිතාගෙන ඉන්නේ රූපවාහිනී විකාශය ඒවායේ අයිතිකාරයන්ගේ අප්පාගේ බූදලයක් ය කියා ය. රනිල් කියන කතාව ඔවුන්ට තේරෙන්නේ නැත. මාධ්‍ය සංවිධානවලට තේරෙන්නේ ද නැත.

ලංකාවේ විද්‍යුත් චුම්බක විකාශ සංඛ්‍යාත පරාසය යනු මේ රටේ මහජනතාවට අයිති දේපලකි. එය ජාත්‍යන්තරව ම පිළි ගත් කාරණයකි. අපි එය බලාකියාගන්නට රජයට භාර දී තිබේ. රජය ද එහි අයිතිකරු නො වේ. එහෙව් සංදර්භයක හඩ්ඩා හෙවත් හඩ්සන් සමරසිංහ, සංඛ අමරජිත්, චතුර අල්විස් වැනි කුලියට කහින පණුවන් පමණක් නොව මහරාජා, දිලිත් ජයවීර, රේනෝ සිල්වා වැනි අය පවා ඔවුන් හිතන තරම් ලොක්කෝ නොවෙති.

ලංකාවේ විකාශන තරංග පරාසය බෙදා දෙන ආකාරය නීත්‍යානුකූල නැත. එය ආණ්ඩුක්‍ර‍ම ව්‍යවස්ථාවේ ප්‍ර‍ජාතාන්ත්‍රික මූලධර්මවලට ද පටහැණි ය. පාසලක කැන්ටිමක් බදු දෙන විටත් ටෙන්ඩර් කැඳවා, ඕනෑම කෙනෙකුට විවෘතව මිළ ගණන් ඉදිරිපත් කිරීමට අවස්ථාව ලබා දී සුදුස්සා තෝරා ගනු ලැබේ. පොදු දේපලවල භාරකරු වන රජය ඒවා සම්බන්ධයෙන් පාරදෘෂ්‍ය අන්දමින් කටයුතු කළ යුතු බව ඉතා පැහැදිලි ය. 

රජය පොදු දේපලවල හිමිකරු නොව ඒවායේ භාරකරු පමණක් බව එප්පාවල පොස්පේට් නිධිය සම්බන්ධයෙන් මහමාන්කඩවල පියරතන හිමියන් විසින් පවරන ලද නඩුවට අදාළව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දෙන ලද තීන්දුවෙහි පැහැදිලිව දැක්වේ. මෙය දේවානම්පියතිස්ස රජු සමයට අයත් සෙල්ලිපියක පවා දැක්වෙන යහපාලන මූලධර්මයකි.

එසේ නම්, මහජනතාවට අයිති පොදු දේපලක් වන ගුවන් විදුලි විකාශ පරාසය පමණක් යාලු මිත්‍ර‍කමට, පගාවට හිතවතුන්ට බෙදා දුන්නේ කෙසේ ද? මහජනතාවගේ ගුවන් විදුලි පරාසයෙන් සංඛ්‍යාත සොරකම් කළ සොරුන් අතර ජනතා විමුක්ති පෙරමුණ ද සිටින නිසා ඔවුන් දැන්වත් මේ ගැන කතා කළ යුතු ය.

මහජනතාවගේ සංඛ්‍යාත සොරකම් කරගත් අයට ජන මනස විකෘති කරන, ජාතිවාදී, ආගම්වාදී, ස්ත්‍රී විරෝධී වැඩසටහන් විකාශනය කිරීමට ඉඩ දීමට ආණ්ඩුවට අයිතියක් නැත. එහෙම වැඩසටහන් ඉදිරිපත් කිරීම මාධ්‍ය නිදහස වන්නේ ද නැත.

මහජනයාට හිමි සංඛ්‍යාත පරාසය විනිවිද පෙනෙනසුළු ලෙස නැවත බෙදා දිය යුතු ය. සංඛ්‍යාත ලබා දීමේදී මහජන සේවා විකාශවලට ප්‍ර‍මුඛතාව දිය යුතු ය.

මහජන සේවා විකාශ යනු මොනවාදැයි ලංකාවේ සිටින මාධ්‍ය ඔස්තාර්ලා වන චතුර අල්විස්ලා, සංඛ අමර්ජිත්ලා, හඩ්සන් සමරසිංහලා අහලාවත් ඇති යයි නො සිතමි. ඒ ගරන වෙන ම කතා කළ යුතු ය.

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. https://youtu.be/_Ds_CMOa3J8?list=RD_Ds_CMOa3J8

    ReplyDelete
  2. පැරා,
    //ලංකාවේ විකාශන තරංග පරාසය බෙදා දෙන ආකාරය නීත්‍යානුකූල නැත. //
    මේක නම් ඇත්ත! නමුත් මේ පිට දාල අදාළ ආයතන අගමැතිවරයා පාලනය කිරීමට උත්සාහ කිරීම ප්‍රජාච්න්ට්‍රවාදය වැළලීමේ මුල්ම පියවර.
    සංක ගැන මාතගේ අඩවියේ මම කිව්වේ.

    {සංක කරපු වැඩේ නම් හරිම වැරදියි, අපි කල්පනාකළ යුතුයි අපි කියන දෙයක් නිසා කාට හෝ අපහාසයක් ඇති වෙනවද අපේ වචනය නිසා තව කෙනෙකුට මානසික පිඩාවක් ඇති වෙනවද කියල, මේ සිද්ධියේ නම් මම සියලු කුණු සංකා කළා වගේ වැරැද්ද ඔහුට පැටවීම වැරදියි,
    මෙම ආයතනයේ නිෂ්පාදන අංශ ඔහු කියන්න යන්නේ මොනවද කියල කලින්ම දන්නවනේද ? හිතන්න ඔහු මේ වැඩ සටහන ඉදිරිපත් කරන විට පසුබිමෙන් ඇසෙන්නේ “දන්නෝ බුදුන්ගේ” මේ කාන්තාවගේ ගීතයයි, මෙය බොහෝ දෙනා එකතු වී කරපු දෙයක් උනත් සංක ව බිල්ලට දීල අනෙක් අය බේරෙනවා.
    අනෙක් අතට දෙරණ එක අයිතිකරුවෙක් සරත් අමුණුගම ඇමතිවරයාගේ දියණියක්, එතකොට තවම දෙරණට දේසපාලන බලය තියනවා, අනෙක් කාරණය මහින්ද ගැන බොහෝ දෙනා සිතා ඉන්න විදියේ අහිංසක තැනක නෙමෙයි ඉන්නේ, කල්පනාකලොත් ඩොලර් බිලියන 1 හොරකම් කළා කියන්නේ රටක් පෙරලන්න හොදටම ප්‍රමාණවත්, මේ මුදල් යොදා ඔහුට ඕනෑම වෙලාවක ජනමතය මෙහෙයවීමට සංවිදාන ඇතිකල හැකියි, මේ නිසා මහින්දව අල්ලනවා කියන්නේ ඉතාම භයානක දෙයක් කුමන හෝ හේතුවකට අද ඔහුව පාලනය කිරීමට ජානාධිපතිට සිදුවී තිබෙනවා.
    මටනම් හිතෙන්නේ මහින්ද මයිත්‍රී රනිල් කියන හැම දෙනාම දැන් සිටිනේ එකිනෙකා ගැන විශාල බයකින්. }

    ReplyDelete
    Replies
    1. ඩොලර් බිළියන 1 ක් යනු රුපියල් බිළියන 140 ක් (ආසන්න වශයෙන්), ඒ කියන්නේ මිලියන 140,000 ක්
      මහින්ද ඔය ගාන හොරකං කලා කියල කියනවානම් කරපු විදිහත් කිව්වනම් නේද මහත්තයෝ හොඳ
      රටේ කරපු ව්‍යාපෘති වලින් ඔය තරම් ගානක් හොරකං කලානම් රට ඇතුලේ හයිවේ, එයාර් පෝට්, සී පෝට් සහ තවත් මාර්ග පද්ධති විශාල ගණනක් හැදුනේ කොහොමද කියලත් කියල දෙනවද, ඒවායේ වැඩ කරපු කොම්පැණි මහින්දට සල්ලි ටික සාක්කුවේ දාගන්න ඉඩ දීල ඒ ඒ ව්‍යාපෘති නොමිළේ කරලා දුන්නා කියලද මහත්තයෝ ඔයා මේ කියන්නේ

      Delete
    2. ඇනෝ,
      මහින්දට ඇති චෝදනාව ඩෝලර් බිලියන 5 ගසාකෑවා කියල නේද ?
      මම සදහන් කලේ අඩුම අගයක් යොදල.
      ඔය යෝෂිත අද හිරේ ඉන්නේ රුපියල් මිලියන 365 ක චෝදනාවකට, ඇත්තටම මහාපරිමාණ දුෂණ සිදුවෙලා තියනවා මේවා එලියට එන්නේ නැත්තේ මේ විදියටම හොරකම් කිරීමට වත්මන් පාලනයත් අදහස් කරන නිසා.
      අද යෝෂිත හිරේ යන්නේ ඇත්තටම ඔහු සම්බන්ධ වංචාවක් නිසා තමයි නමුත් මේ සිදුවෙන්නේ දේසපාලන ගේම් එකක්.

      Delete
    3. ලංකාවේ පහුගිය කාලේ සිදු කරපු ව්‍යාපෘති වල අගය සමග මෙම සිදු කලායැයි කියන දුෂණය ප්‍රතිශතයක් ලෙස බලන්න

      මේ ඔක්කොම නෙමෙයි, නමුත් කෙරුණු ව්‍යාපෘති බහුතරයක් මෙතන තියෙනවා
      Hambanthota port Rs 360 bn
      Galle port Rs 17 bn
      Colombo port ext Rs 50 bn
      Oluvil port Rs 4.61 bn
      Hambanthota airport Rs 26 bn
      Norochchole coal power plant (stage 01) Rs 45.5 bn
      Uma oya Rs 59 bn
      Upper kothmale Rs 96 bn
      Kerawalapitiya ~Rs 78 bn
      Southern W’way Rs 96.34 bn
      Katunayaka E’way ~Rs 45 bn
      Kadawatha kerawalapitiya Rs 137.17 bn

      මෙහි මුළු එකතුව රුපියල් බිළියන 1014.62 යි, එතකොට මහින්ද ඒකෙන් බිළියන 130 ක් 135 ක් වගේ ගසා කාල තියෙනවා,
      මංගල කියන විදිහට රුපියල් බිළියන 650 ක් 675 ක් වගේ හොරකං කරල තියෙනවා

      ගණිතය පිලිබඳ සත පහක හෝ දැනුමක් නැත්තවුන් සේ මොන්ගලගේ බේගලේ විශ්වාස කරන යමක් කමක් දන්නා ඔබ වැන්නවුන් තමන් පිලිබඳ දුක් විය යුතුය

      Delete
    4. Lankika Sithuwili

      මේකෙ 1600 දවසෙ කුලියට පොල්බූරු කමෙන්ට් කොටන හූඇම්පී මොළේ කළඳක් නැති අමුම අමු ගොබ්බ මීහරක් (මැක්ස් නමැති අමුම අමු පිං ගොනාද ඇතුලුව ) දෙතුන් දෙනාට (සමහර විට එකෙක් වෙන්නත් පුළුවන්) උත්තර දීල උඹේ වටිනා කාලය නාස්ති කරගන්න එපා. ඕකුන්ගෙ ඇඟ පුරා ගොම. මොළයක් නැහැ. ඕකුන් පත්කොරගත්තු නායකයොත් ඕකුන් වගේමයි (උදා: ගොංජා, ඩිජිටල් නොදන්න ඩිජිටල් ඇමැති පිංගොනා, ලස්මං කුචිඇල්ල මීගොනා, පී හැරිසන් පී ඩයල්) ඇතුලු මැටිමෝල්ලුන්ගෙ කතා අහන්නත් අප්පිරියයි. රනිල් කියන්නෙ සාපේක්ශව උගත් සෑහෙන අත්දැකීම් ඇති පලපුරුදු අයෙක් නිසා මා විශ්වාසය තැබුවේ ඔහු ගැනයි. නමුත් දැන් දැන් ඔහුත් කිසිසේත්ම කියන තරම් දැනුමක් හෝ බුද්ධියක් නැති වගේම අවස්ථාව ලැබුණොත් තවත් දරුණු ඒකාධිපතියෙක් වීමේ විභවයක් ඇති කෙනෙක්.

      කෙසේ නමුත් රාජප්ක්ශ පාලනය පෙරලා දැමීමට දුන් ඡන්දය ගැන පසු තැවෙන්න එපා. මරා කල්ලිය දිගටම හිටියනම් මීටත් වඩා පිස්සු කෙළින්න තිබ්බ. කොහොම නමුත් අප ඇතුළු නිදහස් මතධාරී බහුතරයක් සිතූ පරිදි රනිල්-චම්පික- සෝභිත හිමි ප්‍රමුඛ සිවිල් සංවිධාන වල බලපෑමෙන් දුබල විධායක ජනපතිවරයෙක් යටතේ ජනතාවාදී සංශෝධන සිදුවනු වෙනුවට මෙලෝ රහක් නැති විකාර රූපී විකෘති පාලනයක් ඇතිවෙලා. ජවිපෙ මෙන්ම හෙළ උරුමය වැනි කුඩා පක්ශත් පිරිහිලා.

      අනෙක් අතින් මරාලා හදන්න යන නව පක්ශයේ ඉන්නෙත් පරණ දූශිත මිනිස්සුන්ට එපා වෙච්චි හොර හැත්තක්. තව ඒ.එස්.පී ලියනගේ වගේ අමු ගොබ්බ තක්කඩියොත් සෙට් වේවි. මරාගෙ සාම්ප්‍රදායික ඡන්දදායකයොයි තව යහපාලනය එපා වෙච්චි අයගෙන් ටිකකුයි විතරක් ඡන්දෙ දෙයි. දැන් අපට තියෙන ප්‍රධාන ප්‍රශ්නය නිසි විකල්ප බලවේගයක් නොමැති වීම. ඉතාම ඉක්මණින් රටට අලුත් තරුණ නායකයෙක් යටතේ විකල්ප බලවේගයක් ගොඩනගාගතයුතුමයි. ඉක්ටා (කලින් සීපා) වලට එරෙහෙව නැගීසිටින තරුණ වෘත්තීයවේදීන් හරහා මෙම බලවේගය ගොඩනගාගැනීමට කටයුතු කරමු.

      Delete
  3. ජවිපෙන් ආරම්භ කළේ වී එෆ් එම් එක නේද?

    ඒක බාරව හිටියේ විමල් වීරවංශ ද කොහෙද? රේඩියෝ එකේ ලොක්කාට පත් කළේත්, මා හිතන විිියට, ජවිපෙ හිතවතෙකුවයි.

    හැබැයි ඔහු පසුව වී එෆ් එම් අතහැරලා ගියා. හේතුව ලෙස කියවුනේ පොලිටි බියුරෝ එකෙන් තවත් එකෙකුව ඇපොයින්ට් කිරීම ලු!

    ReplyDelete
    Replies
    1. මම හිතන්නේ මේ කියන්නේ වී එෆ් එම් එක ගැන නෙවෙයි. ජේවීපී කලබල කාලේ (88/89) රණ හඩ කියලා කෙටි තරංග ඔස්සේ හොර විකාශයක් තිබුණා. ඒක වෙන්න ඇති. සමහර විට මම මේ කියන කතාව වැරදි වෙන්නත් පුළුවන්. රණ හඩ ගැන දන්නේ මම ඒ කාලේ ඉදල හිටලා ඒක අහපු නිසා. කෙට විරුද්ධව ආණුඩුවෙනුත් වෙන මොකක්ද හඩ කියලා දාලා එකක් පටන් ගත්තා.

      Delete
    2. දැන් මේ සමාජවාදී දේපලට වෙලා තියෙන දේ පට්ට ජෝක් එකක්. ජවිපෙ ඒ ලයිසන් එක ඉතා ම ධනවාදී විධියට වෙනත් කොම්පැනියකට ගානකට විකුණලා. ඒ කොම්පැනිය අනෙකුත් චැනල් කරන විධියට ම මේ චැනල් එකත් කරනවා. ඒක සාමාන්‍ය කඩයක්.

      Delete
  4. ජනමාධ්‍යවලට සහ මාධ්‍යවේදීන්ට ආචාර ධර්ම පද්ධතියක් සහ ඒවා ක්‍රියාත්මක වේදැයි විමසීමට සහ ජනතාවගේ පැමිණිළි ගැන සොයා බැලීමට අධිකාරියක් අවශ්‍යයි.

    ලංකාවේත් එහෙම එකක් තියෙනවා, තියෙනවා කියා මතකයක් ඇත. පුවත්පත් සේවා මණ්ඩලය ද?

    ReplyDelete
  5. සංඛ්‍යාත පරාසය කොතනින් කාට බෙදෙනවද කියන එකට වඩා වැදගත් වෙන්නේ එයට අදාළ ගාස්තු ගෙවලද නැද්ද වාර්ෂික ගාස්තු නිවැරදිව ගෙවාගෙන යනවද කියන එකයි
    ගාස්තු ගෙවල ආරම්භ කරපු සහ නිවැරදිව අදාළ වාර්ෂික හෝ මාසික ගාස්තු ගෙවාගෙන යනවනම් කාටවත් ඒක ගැටළුවක් වෙන්න විදිහක් නැහැනේ...
    නමුත් තමන්ට විරුද්ධ මත ප්‍රකාශ කරන නිසා කුමක් හෝ හේතුවක් අල්ලගෙන මාධ්‍ය මර්ධනය කරන්න තග් ටෝක් දෙන අගමැතිගේ ක්‍රියාව මමනම් අනුමත කරන්නේ නැහැ...

    වැඩිය දැඟලුවොත් ලයිෂන් එක කැන්සල් කරනවා කියල නොකියා කියන ප්‍රසිද්ධියේ තග දාන එක පැරාල වගේ "මැදිහත්" බ්ලොග් කරුවන් අනුමත කරන්නේ කොහොමද කියලයි මම මේ කල්පනා කලේ...
    ගාස්තු ගෙවීම් සම්බන්ධ ගැටළු තියෙනවා නම් ඒවා විසඳ ගන්න එක රජයේ වැඩක්...

    ක්‍රිශානි නම් ගායිකාවට අපහාසයක් සිදු උනා කියල එයාට හැඟෙනවානම් නීති ක්‍රියා මාර්ග ගන්න එක එයාට අදාළ දෙයක්, නමුත් රටේ අගමැති ඒ සම්බන්ධව සංවේදී වෙලා උඩ පනින එක මම දකින්නේ රටේ ජනාධිපති වතාවක් බ්‍රා එකකට සංවේදී වූවා හා සමානම දෙයක් ලෙසින්...

    ReplyDelete
    Replies
    1. සංඛ්‍යාත පරාසය කොතනින් කාට බෙදෙනවද කියන එක ඉකා වැදගත්. මේවා බෙදලා දීල තියෙන ආකාරය කිසි සේත් ම පාරදෘෂ්‍ය නැහැ. තනිකරම හිතවත්කමටයි දුන්නේ. මේවා බෙදල දුන් ආකාරය මුල සිට ම නිවැරදි කරන්න ඕනැ.

      ගාස්තු ගෙව්ව පළියට හරි ය කියන්න බැහැ. මේවා විවෘතව ටෙන්ඩර් කැඳවලා තීරණය කරපු ඒවා නෙමෙයි.

      අනෙක් ඒවා වගේ ම සංඛ්‍යාත පරාසත් විවෘතව ටෙන්ඩර් කැඳවලා දෙන එක වැරදි වෙන්නේ කොහොමද?

      Delete
    2. //නමුත් තමන්ට විරුද්ධ මත ප්‍රකාශ කරන නිසා කුමක් හෝ හේතුවක් අල්ලගෙන මාධ්‍ය මර්ධනය කරන්න තග් ටෝක් දෙන //

      මේ රටට තවම 'සුපිරි ප්‍රජාතන්ත්‍රවාදය' හොද වැඩියි.. අනෙක යුරෝපයෙ උනත් කොතරම් ප්‍රජාතන්ත්‍රවාදය තිබ්බ ජාතිවාදය පැතිරවීමට සීමා තියෙනව.. (උදා: යුරෝපයේ නාසි ධජය හෝ ස්වස්තිකය මාධ්‍ය හරහා ප්‍රදර්ශනය කිරීම සපුරා තහනම් ) ලංකාවෙත් දිවයින, දෙරන වගේ කාලකන්නින්ට රනිල් බෙදන හැන්දෙන් බෙදන්න ඔනෙ.. එතකොට තමා මුන් මට්ටු වෙන්නෙ

      Delete
    3. //ලංකාවෙත් දිවයින, දෙරන වගේ කාලකන්නින්ට රනිල් බෙදන හැන්දෙන් බෙදන්න ඔනෙ.. එතකොට තමා මුන් මට්ටු වෙන්නෙ//

      එහෙනම් ඉතින් මරාගෙයි ගෝටගෙයි මිනීමරු සුදුවෑන් සගිස්කුරුතිය එහෙම්ම තිබ්බ නම් ඉවරයි නෙව? උන් මුන්ට හපන් විදිහට මාද්‍ය මර්දනය කරේ? ජර්මනියේ නාසි ධජය සහ සලකුණ තහනම් කළේ ජර්මන්නු නෙවෙයි ආක්‍රමණික මිත්‍ර හමුදා පාලනය කරන සමයේ. ජර්මන් රජය පස්සෙ ඒක ඉවත් නොකළේ

      01. එය නැවත අව්ශ්‍ය නැති නිසා
      02. ලෝක ප්‍රජාවගේ පිළිකුලට සහ විවේචන්යට ලක්වීමට අකමැත්ත
      03. නාසිවාදයට රාජ්‍ය අනුග්‍රහය ලැබුණොත් ඔවුන්ගේ විදේශ වෙළඳාමට පාඩු සිදුවීම නිසා

      ජර්මනියෙ විතරක් නෙවෙයි ප්‍රංශය, ස්පාඤ්ඤය ඇතුලු බොහෝ රටවල යුරෝපීයයෝ මිත්‍රශීලී වුණාට ඉතාම ජාතිවාදී අය. යම් කිසි ජාතික අර්බුදයකදී ලංකාවට හපන් විදිහට ඔවුන් ජාතිවාදීව නැගී සිටිනවා. පහත තිබෙන්නේ ජර්මනිය ගැන විස්තර;

      http://www.dw.com/en/racism-in-germany-in-all-parts-of-society-un-review-shows/a-18430680

      "Racism in Germany is not only found in extreme right-wing circles, but in all parts of society," the German government admitted to the UN Committee on the Elimination of Racial Discrimination in Geneva on Tuesday.

      භාශණයේ නිදහස සහ අන්මත ඉවසීම කියන්නේ රටක මූලික අයිතිවාසිකමක් සහ ශිශ්ටත්වයේ මූලික (fundamental) සලකුණක්. ඒක නැත්නම් යහපාලනයක් නැහැ. රජය කළයුත්තේ මතවාදීව ජාතිවාදීන් පරාජය කිරීම සහ ප්‍රචන්ඩත්වය දැඩිව පාලනය කිරීමයි.

      Delete
    4. // කිසි ජාතික අර්බුදයකදී ලංකාවට හපන් විදිහට ඔවුන් ජාතිවාදීව නැගී සිටිනවා. පහත තිබෙන්නේ ජර්මනිය ගැන විස්තර;//


      ඕක වම්මුන්ගෙ තියෙන ගොන් මතයක්.. යුරෝපීයො ජාතිවාදී නෑ... තමන්ගෙ රටට පිටතින් ඇවිත් අන්තවාදය පතුරවන අයට ( උදා: අරාබියේ ශාරියා නීතිය ඉල්ලන මුස්ලිම් සරනාගතයින්ටා විරුද්ධව උන් ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් කතා කරනව...ඒ යුරෝපීය වටිනාකම් වන ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ශාකරගන්න..
      නැතුව 'ක්‍රිතියානි ආගම හෝ සුදු ජාතිය' ආරක්ශා කරගන්න නෙමේ.. තරුන යුරෝපීයන්ගෙන් බහුතරය නිරාගමිකයි. ඒක (යුරෝපයේ වම්මු ඇතුලු ) වම්මු හිතන්නේ ජාතිවාදය කියල... ඒක වාමාන්ෂිකයින්ගෙ නොදන්නාකම

      Delete
    5. ඔබ ජාතිවාදය සහ ආගම්වාදය පටලාගෙන. ඔවුන් ක්‍රියාකරන්නේ නූතන (ප්‍රජාතන්ත්‍රවාදී ලිබරල් නිදහස්) යුරෝපීය සංස්කෘතිය රැක ගැනීමටයි. ඒකත් එක්තරා ජාතිවාදයක් තමයි. ඉහත ඇති ලින්ක් එකට ගිහින් බලන්න. ඒක ලියල තියෙන්නෙ වාමාංශිකයො නෙවී, දක්ශිණාංශික ජර්මන් මාධ්‍යවේදීන්. ඒකෙ සිංහල තේරුම අරන් බලන්න.

      "Racism in Germany is not only found in extreme right-wing circles, but in all parts of society," the German government admitted to the UN Committee on the Elimination of Racial Discrimination in Geneva on Tuesday.

      ජර්මන් රජයම පිළිඅරන් තියෙනවා බොහෝ ජර්මානුවන් අතිශයින්ම ජාතිවාදී බව. ඉතින් ඔබ කොහොමද කියන්නෙ නැහැ කියල? ඒ කියන්නෙ ඔවුන් අයිසිස් වගේ මිනීමරුවො බව නෙවේ, නමුත් මතවාදී වශයෙන්. ලංකාවෙ නූතන සිංහලයොත් එහෙමයි. නානසාරල වගේ ත්‍රස්තවාදී ප්‍රවර්ධකයො මේක වඩාත් නරක අතට හරවනව. ජර්මනියෙත් අනෙකුත් බොහෝ යුරෝපීය රටවලත් තත්වය මේ වගෙයි.

      Delete
  6. අච්ච්‍ර වැදගත් ශිරන්ති නෝනලා ට අම්ම මෝ නැතිව දිනපතා බැනවදින මාජ්ජවේදියෙක් කියා ගන්නා හිටපු ජෙප්පෙක් වන පැරා ගෙන් සන්ක අමර්ජිත් ට පාඩමක් ... හුරේ!

    ReplyDelete
    Replies
    1. අපි බැනලා නැහැ මෙයා. අපි අර යෝෂිතගේ ඡායාරූපයත් එක්ක පාවිච්චි කරපු ‘අප්ප උඹේ හොරදෙටුවා - අම්ම හරිම කුණකටුවා‘ කියන්නෙ හෙන්රි ජයසේන අනුවර්තනය කළ රඟදක්වපු බ්‍රෙෂ්ට්ගේ ‘ද කෝකේසියන් චෝක් සර්කල්‘ නාට්‍යයේ ගීයක්.

      අප්ප උඹේ හොරදෙටුවා කියන කෑල්ල ගැනනම් කවුරුත් එකඟයි වගේ.

      Delete
    2. ශිරන්ති කියන්නේ රන් හෙරක් බවයි තතු දත් අය කියන්නේ. කාලටං මොන්ටිසෝරි ටීචර් ඇරෙන්න වෙන මොන මොන්ටිසෝරි ටීචර්ද රන් කිලෝ ගණන් රැගෙන විකුණුවේ.

      Delete
  7. පැරා කියන දේ හරි... අන්තඃපුර අග බිසවුන්ටයි, හාන්දුරුවරුන්ටයි, හිත මිත්‍රාදින්ටයි සංඛ්‍යාත දුන්නේ මැදමුලන සේප්පුවේ තීලා ගෙනත් දුන්නා වගේ. අලි පැටව් පන්සල් වලට දුන්නේ වෙස්සන්තර රජ්ජුරුවෝ වගේ. හොරා කන්න දුන්නේ සිරිසඟබෝ වගේ...

    යහපාලනයක් පත් කලේ මේවා ගැන හොයන්න තමයි.. ඒත් සම හරක් හිතා ගෙන ඉන්නේ ලංකාව තවමත් රන් කරන්නේ මහින්ද මහත්තයා කියලයි.. උන්ට කෙලවෙන්නේ ඒකයි..

    ReplyDelete
  8. 1. ඇගේ නම ක්‍රිශානි නොවෙයි, කිශානි ජයසිංහ Kishani Jayasinghe

    2. මේ අපූරු "බුදු ගුන" ගීතයේ ඔරිජිනල් එක (ධර්ම බුදුන්ගේ) 1920 ගනන් වල හියුබට් රාජපක්ශයන් ගයන්නේත් බටහිර ආරකටයි. එවක මෙහෙම ප්‍රශ්න තිබුන බවක් දැන ගන්න නැහැ! https://www.youtube.com/watch?v=_Ds_CMOa3J8

    3. ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි ඔහුගේ ෆේස්බුක් පිටුවේ මෙවන් අදහසක් දක්වා තිබුනා.
    """By Nirmal Dewasiri දෙරණ රූපවාහිනිය සංඛ අමරජිත් ඉවත් කර ඇති බව සත්‍ය්‍යක් නම් එයට රනිල් වික්‍රමසිංහ ඍජුව වගකිව යුතුය. සංඛ අමරජිත්ගේ මාධ්‍ය භාවිතාව පිළිබද ප්‍රශ්නය එකකි. බලපත්‍ර නිකුත් කිරීම සදහා වූ රාජ්‍ය අධිකාරී බලය යොදාගෙන දෙරණ රූපවාහිණියට තර්ජනය කිරීම තවත් එකකි."""

    මේ ගැන ඔබේ අදහස කුමක්ද?

    4. සිරසට පොදුවේ කොතෙකුත් බැන්නත්, මගේ තක්සේරුව ඔවුන් තමයි ලංකාවේ ගුවන්විදුලිය නැවත ජනතාව අතරට ගෙනගියේ පලමු පෞද්ගලික ගුවන්විදුලි නාලිකාව ලෙස. සිරස හි ආරම්භක නිවේදකයන් වුනේ කිංස්ලි, තමාලි පීරිස්, චාමික රොශාන්, සංඛ අමරජිත්, බවන්ත ප්‍රසාද්, අනුරාධා පෙරේරා, ශානිකා .. ක්‍රීඩා පැයට කැලුම් ශ්‍රීමාල් සහ සරත් විජේසිංහ... ඔවුන්ගේ නිදහස් කථන විදිය වෙනසක් ඇතිකලා. මේ නිවේදක නිවේදිකාවන් ගැන ඇත්තෙන්ම මිත්‍රශීලී ගෞරවයක් තිබෙනවා. අපි දරුනු ලෙස අධ්‍යාපනය ලබන කාලේ රිලැක්ස් වුනේ ඔවුන්ට සවන් දීමෙන්. එය සුන්දර මතකයක්.

    ඔවුන් අතර සිටි සංඛ අමරජිත් අද පත්වී ඇති තත්වය ගැන ඇත්තෙන්ම මට ඇත්තේ කනගාටුවක්.

    කිංස්ලි සහ චාමික රොශාන් නම් ටොයියන් බව (නාලිකාවේ අවශ්‍යතාවයට අනුව හෝ ) පහුගිය ජනාධිපතිවරනයේදී දැනගත්තා! ;-)

    - Dimithri

    ReplyDelete
    Replies
    1. කිසියම් පුද්ගලයෙක් වැරදි විධියට මාධ්‍ය භාවිතා කරනවා නම් ඔහුට දඬුවම් කිරීමේ ඇති වරද කුමක් ද? රූපවාහිනී මාධ්‍ය සම්බන්ධයෙන් නීති ඉතා දැඩි විය යුතුයි. එක පැත්තකින් එය තමයි රටේ ප්‍ර‍බල ම මාධ්‍යය. අනෙක් පැත්තෙන් ඔවුන් භාවිතා කරන්නේ මහජනතාවගේ පොදු සම්පතක් වන විද්‍යුත් චුම්බක සංඛ්‍යාතයි.

      Delete
    2. //ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි ඔහුගේ ෆේස්බුක් පිටුවේ මෙවන් අදහසක් දක්වා තිබුනා.
      """By Nirmal Dewasiri දෙරණ රූපවාහිනිය සංඛ අමරජිත් ඉවත් කර ඇති බව සත්‍ය්‍යක් නම් එයට රනිල් වික්‍රමසිංහ ඍජුව වගකිව යුතුය. සංඛ අමරජිත්ගේ මාධ්‍ය භාවිතාව පිළිබද ප්‍රශ්නය එකකි. බලපත්‍ර නිකුත් කිරීම සදහා වූ රාජ්‍ය අධිකාරී බලය යොදාගෙන දෙරණ රූපවාහිණියට තර්ජනය කිරීම තවත් එකකි."""//

      ඔව් රනිල් වගකියන්න ඕනේ. එක තමයි අගමති වරයෙකුගේ වගකීම. ඔහු කිව්වේ මේගැන කරපු අභ්‍යන්තර පරීක්ෂණයක් තිබේ නම්, ගත විනය ක්‍රියා මාර්ගයක් තිබෙන එය වාර්තා කරන මෙන් නාලිකාවට දන්වන බවයි. එතෙක් චන්ඩි පාට එකෙන් හිටි දෙ#ණ නොන්ඩි වී බඩ-තඩියා එලවා ගැනීම ඔවුන්ගේ වැඩකි. නමුත් ගත ක්‍රියා මාර්ගය විමස්සෙම අගමැති වරයාගේ වගකීම මනාව පිළිබිඹු කරයි. අනුන්ගේ දේශපාලන රැස්වීම් අස්සේ හොම්බ දමන්නට ගොස් බඩකට පුරා ගුටි කෑ නිර්මල ලාට එවැනි දෙයක් වටහ ගැනීමට බුද්ධියක් තිබිය නොහැක.

      Delete
    3. //රූපවාහිනී මාධ්‍ය සම්බන්ධයෙන් නීති ඉතා දැඩි විය යුතුයි//

      පැරා,
      සංක කරපු වැඩේ වැරදියි! නමුත් මේක තමයි මර්දනයේ මුල්ම මුහුනුවර

      Delete
    4. මාධ්‍ය නිදහස කියන්නේ මාධ්‍යවලට තමන් කැමති ආකාරයට කටයුතු කිරීමේ නිදහස නෙමෙයි. මාධ්‍ය නිදහස කියන්නේ සමාජයේ යහපත වෙනුවෙන් මාධ්‍ය භාවිතා කරන්නට තිබෙන නිදහසයි. ඒක නො දන්නා ගොන් තඩියන්ට ඒක කියා දෙන එක මර්දනය නෙමෙයි.

      Delete
    5. පැරා,
      රටක නිතිය තියෙන්නේ ක්‍රියාත්මක කරන්න, රටේ අගමැතිවරයා කියන්නේ පාර්ලිමේන්තුව කියන ආයතනයේ එක ප්‍රධාන චරිතයක්, ඔහු කලයුත්තේ, වර්ගවාදී ජාතිවාදී අදහස් ඉන්රිපත් කිරීම තහනම් කිරීමට උවමනා පනත් ගෙන ඒමයි.
      අදාළ පනත් සම්මත වූ පසු අදාළ ආයතන නිතිය ක්‍රියාත්මක කරනු ඇති.
      ඔහුට බෑ එක එක මාද්ය ආයතනවලට ත්ර්ජනය කරන්න.
      හොදට මතක තියාගන්න බල්ලාගේ වැඩේ බුරුව කරන්න ඕනේ නෑ

      Delete
    6. මේ රටට තවම 'සුපිරි ප්‍රජාතන්ත්‍රවාදය' හොද වැඩියි.. අනෙක යුරෝපයෙ උනත් කොතරම් ප්‍රජාතන්ත්‍රවාදය තිබ්බ ජාතිවාදය පැතිරවීමට සීමා තියෙනව.. (උදා: යුරෝපයේ නාසි ධජය හෝ ස්වස්තිකය මාධ්‍ය හරහා ප්‍රදර්ශනය කිරීම සපුරා තහනම් ) ලංකාවෙත් දිවයින, දෙරන වගේ කාලකන්නින්ට රනිල් බෙදන හැන්දෙන් බෙදන්න ඔනෙ.. එතකොට තමා මුන් මට්ටු වෙන්නෙ

      Delete
    7. Anonymous February 15, 2016 at 7:58 PM

      එහෙනම් ඉතින් මරාගෙයි ගෝටගෙයි මිනීමරු සුදුවෑන් සගිස්කුරුතිය එහෙම්ම තිබ්බ නම් ඉවරයි නෙව? උන් මුන්ට හපන් විදිහට මාද්‍ය මර්දනය කරේ? ජර්මනියේ නාසි ධජය සහ සලකුණ තහනම් කළේ ජර්මන්නු නෙවෙයි ආක්‍රමණික මිත්‍ර හමුදා පාලනය කරන සමයේ. ජර්මන් රජය පස්සෙ ඒක ඉවත් නොකළේ

      01. එය නැවත අව්ශ්‍ය නැති නිසා
      02. ලෝක ප්‍රජාවගේ පිළිකුලට සහ විවේචන්යට ලක්වීමට අකමැත්ත
      03. නාසිවාදයට රාජ්‍ය අනුග්‍රහය ලැබුණොත් ඔවුන්ගේ විදේශ වෙළඳාමට පාඩු සිදුවීම නිසා

      ජර්මනියෙ විතරක් නෙවෙයි ප්‍රංශය, ස්පාඤ්ඤය ඇතුලු බොහෝ රටවල යුරෝපීයයෝ මිත්‍රශීලී වුණාට ඉතාම ජාතිවාදී අය. යම් කිසි ජාතික අර්බුදයකදී ලංකාවට හපන් විදිහට ඔවුන් ජාතිවාදීව නැගී සිටිනවා. පහත තිබෙන්නේ ජර්මනිය ගැන විස්තර;

      http://www.dw.com/en/racism-in-germany-in-all-parts-of-society-un-review-shows/a-18430680

      "Racism in Germany is not only found in extreme right-wing circles, but in all parts of society," the German government admitted to the UN Committee on the Elimination of Racial Discrimination in Geneva on Tuesday.

      භාශණයේ නිදහස සහ අන්මත ඉවසීම කියන්නේ රටක මූලික අයිතිවාසිකමක් සහ ශිශ්ටත්වයේ මූලික (fundamental) සලකුණක්. ඒක නැත්නම් යහපාලනයක් නැහැ. රජය කළයුත්තේ මතවාදීව ජාතිවාදීන් පරාජය කිරීම සහ ප්‍රචන්ඩත්වය දැඩිව පාලනය කිරීමයි

      Delete
    8. // Ajith Perakum JayasingheFebruary 15, 2016 at 3:24 PM
      මාධ්‍ය නිදහස කියන්නේ මාධ්‍යවලට තමන් කැමති ආකාරයට කටයුතු කිරීමේ නිදහස නෙමෙයි. මාධ්‍ය නිදහස කියන්නේ සමාජයේ යහපත වෙනුවෙන් මාධ්‍ය භාවිතා කරන්නට තිබෙන නිදහසයි. ඒක නො දන්නා ගොන් තඩියන්ට ඒක කියා දෙන එක මර්දනය නෙමෙයි. //


      ඔයගොල්ලෝ 88/89 කලා වගේ ලයිට් කනු වල බැඳලා වෙඩි තියන්නද යන්නේ පැරෝ?

      Delete
  9. දන්නෝ බුදුන්ගේ බොදු ගීයක් නොවේ. එය අනුරාධපුර වර්නන කරන පුරවා වර්ණනා ගීයකි. මෙගා බෙරිහන් දෙන බොහෝ උන්දැලා එයාවත් නොදන්නා බව පෙනේ.

    ReplyDelete
    Replies
    1. "දන්නෝ බුදුන්ගේ" බුදුගුණ ගීයක් නම්....,
      "බුදු තාත්තෙ බොන්න එපා" පියගුණ ගීයක් විය හැකියි!

      - Dimithri

      Delete
  10. ශිරන්ති කියන්නේ රන් හෙරක් බවයි තතු දත් අය කියන්නේ. කාලටං මොන්ටිසෝරි ටීචර් ඇරෙන්න වෙන මොන මොන්ටිසෝරි ටීචර්ද රන් කිලෝ ගණන් රැගෙන විකුණුවේ.

    ReplyDelete
  11. හොරි කහපිය ගිණි පිඹපිය ... හොරි කහපිය ගිණි පිඹපිය....

    ReplyDelete
    Replies
    1. It seems the best motto which perfectly suits for Mr. Ajith Perakum Jayasinghe for his blog during this Yahapaalana era. Superb comment.

      Delete
  12. මෙතන එම ගායිකාවට බැළලියක් කියලා අපහාස කරන්නේ නෑ. ඔහු කිවුවේ මෙම ගායන ශෛලිය අහිංසක ගැමි සිංහල බෞද්ධයෙකුට ඇසුණහොත්, එය ඔහුට සංජානනය වන්නේ මද කිපුණු බැළලියක නිකුත් කරන ශබ්දයක් ලෙස බවයි. එවන් අවස්ථාවකදී, මූසලයයි සිතා ගඩොලකින් කිෂාණි වෙත දමා ගැනීමට එම සිංහල බෞද්ධයා පෙළඹිය හැකි බවය.

    එහෙත් එය බලහත්කාරයෙන් වැරදි ලෙස අරුත් ගන්වා සංඛව පන්නා දමයි. එසේ කරන ගමන් කෙළින්ම සංඛ වෙත් බල්ලා යයි මෙරට කියමින් කෙළින්ම අපහාස කරන්නේ මෙරට ලිබරල් අගමැතිය. මහින්ද මෙහෙම දෙයක් කිවුවානම් කුමන ප්‍ර‍තිචාරයක් ඇති වෙයිද?

    ReplyDelete
    Replies
    1. Well said. I'm not sympathizer of Sankha but it seems unfair up to certain extent. Even Ajith has stated "Balliyak = Bitch" where it is completely misrepresent what he said.

      When I saw the Video in the beginning, I feel so angry about that guy since he looks very rude and uneducated. However, now It looks like these buggers used it to get their political agendas successful. Cunning and stupid politicians.

      Delete
    2. Yes, Derana, Swarnawahini and Hiru TV have the most unprofessional news anchors and commenters. It's the swarnawahini who started the trend.

      However the majority of Sri Lanka's people, particularly Sinhala Buddhist peasants seems to appreciate it. News to them is just another variety show.

      (Yesterday, watched the Nalin De Silva advocating against mandatory English education, presumably to this demography (Derana 360 from 2009). Uneducated these majority of people can be made, easier for the likes of Mahinda,or even Ranil for that matter to carryout their deeds.)

      I have many issues with Sirasa but at least they are a bit professional. Derana does nothing but copy sirasa.

      Sirasa in some way is similar to Tamil, Muslim and Christian minorities in the country. They know exactly how to play games, accomplishing what they want while 'playing gentlemen' to the outside world.

      Much like Sinhala Buddhist people, what derana do is 'hath pole ga ganeema', all the time.

      Delete
  13. මට නම් මේ සිද්ධියට සම්බන්ධ පාර්ශව දෙකම වැරදියි.

    1] ගායිකාව සහ සංවිධායකයන් - දන්නෝ බුදුන් ගීතය ඇත්තටම ඔපෙරා විදියට ගායනා කරන්න හදපු ගීතයක් නෙවේ. ඇත්තටම ඒ ගීතිය එදා ගායනා කලා වස කැතයි. අනික ගෝල්ෆේස් එක තියෙන සංගීත සංදර්ශණයක බහුතර සහභාගිත්වය සාමාන්‍ය මිනිස්සු. ඒ මිනිස්සු ඔපෙරා අහන අය නෙවෙයි. ගායිකාවට සහ සංවිධායකයන් මොළේ පාවිච්චි කරලා මීට වඩා කල්පනා කරන්න තිබ්බා, අපි මෙය ඉදිරිපත් කරන ස්ථානයට, සහභාගි වන ප්‍රේක්ෂකයන්ට සහ අවස්ථාවට ඔපෙරාවක් ගැලපෙනවද කියලා. අනික දන්නෝ බුදුන් වගේ පාරම්පරික ගීතයක්.

    2] දෙරණ කණ්ඩායම - දෙරණට මෙයිට වඩා වැදගත් විදියට විවේචණයක් ඉදිරිපත් කරන්න තිබ්බා. ගායිකාවක් සහ කලාවක්, බල්ලො බළල්ලු ගාණට නොදා. දැන් උනේ දෙරණ හත් අතේ අසූචි ගා ගත්ත වැඩක්.

    ReplyDelete
  14. ඇය කිශානි ජයසිංහ විජේසේකෙර. විශාඛා විද්‍යාලයේ ප්‍රධාන ශිෂ්‍ය නායිකාව ලෙස ඇය කටයිතු කරා.. බ්‍රිතාන්‍යයේ නොටින්ග්හම් විශ්ව විද්‍යාලයේ නීතිය පිළිබඳ උපාධිධාරිනියක්. ඇය දරුවන් දෙදෙනෙකුගේ මවක්.

    ඇයට නීතිය සහ බටහිර සංගීතය පිලිබඳ විද්‍යාවේදී උපාධි දෙකක් හිමියි. ඇය ඔපෙරා සංගීතය පිලිබඳ විශ්ව කීර්තියට පත් ශ්‍රී ලංකාවේ ප්‍රථම කාන්තාවයි. ඇය රාජකීය ඔපෙරා හවුස් හි පොදු රාජ්‍ය මණ්ඩලීය නියෝජිතයකු ලෙස දෙවන එලිසබෙත් මහා රැජින ඉදිරියේ තනිව (solo) ගායනයෙහි යෙදුනු පළමු දකුණු ආසියානු ශිල්පිනියයි.ඇය පෙර අපර දෙදිග භාෂා දහයකින් ඔපෙරා ගීත ගායනා කිරීමට සමත්. ඇය ප්‍රංශය, ඉතාලිය , නෙදර්ලන්තය, ස්පාඤ්ඤය, තුර්කිය සහ පින්ලන්තය යන රට වලදී ඔපෙරා ගායනය සඳහා අන්තර්ජාතික සම්මාන සයක් දිනා තිබීම ඇයගේ ප්‍රභාව පිළිබද සහතික කිරීමක්. ඇයට කලාව සහ සංස්කෘතිය පිලිබඳ අකුණු ආසියානු සම්මානය, සොන්ටා සම්මානය, Associate of the Royal Academy of Music (london) for outstanding Alumni and Alumni Laureate of the University of Nottingham යන සම්මාන හිමි ව තිබෙනවා.

    ඇයට කොතරම් උපාධි තිබ්බද, ගායනයේ කොතරම් දක්ශ වුවද, සුප්‍රකට වුවද, ප්‍රේක්ෂකයා, ස්ථානය සහ අරමුණ වටහා ගැනීමට තරම් දැනුමක් නොමැති වීම අවාසනාවකි. යන්තම් හෝ සමාජ අවබෝධයක් සහ සාමාන්‍ය දැනුමක් තිබුනා නම් ඇය කිසි දිනෙක දන්නො බුදුන් වැනි ගීයක්, ඔපෙරා ක්‍රමයට, සාමාන්‍ය මිනිසුන් බහුතරයක් ගැවසෙන ගාලු මුවදොර වැනි ස්ථානයක සංගීත සැඳැවකදී නොකියා සිටිනවා ඇත. ප්‍රශ්ණය වූයෙ එයයි. ඇය දන්නො බුදුන් ගීතයම, රුපියල් 3,000 - 5,000ට ටිකට් අලෙවි වන නෙළුම් පොකුණ වැනි රඟහලක, ඔපෙරා රස විඳීමට කැමති ප්‍රේක්ශකයන් පිරිසකට ඉදිරිපත් කලා නම්, මේ හා හූ කිසිවක් සිදු නොවෙන්න තිබුණි.

    ReplyDelete
  15. නටන්න කැමති අය නටද්දී තමන් නටන්නේ නැතිව කෙලින් ඉන්න එකයි අවශ්‍යය. ප්‍රශ්න පාගලා යට කරලා දැම්මම පස්සේ ලොකු ප්‍රශ්න වෙලා වැඩෙන්න පුළුවනි. රබර් බොලේ වතුරේ දාල පාගන් හිටියොත් උඩ එන්නමයි දඟලන්නේ. ඒකට උඩ එන්න ඇරලා, ඇතුළේ මොකුත් නෑ, හිස් කියලා පැහැදිළි වෙන්න ඇරලා, හිමිට විසිකරන එකයි බුද්ධිමත් කෙනා කරන්න ඕනේ. රනිල් ඒ තරම් බුද්ධිමත් කියලා හිතන්න අමාරුයි. මහින්දගේ ක්‍රමේත් බලහත්කාරය, පීඩනය, පෑගීම, අනුමත කරන්න බෑ. නායකත්වයට සුදුසු සිංහල අය දේශපාලනයට එන්නේ නැහැ.

    ReplyDelete
    Replies
    1. 100% ක් එකඟයි. දැනට පාර්ලිමේන්තුවේ සිටින එක මිනිහෙක් වත් රටේ නායකත්වයට සුදුසුයි කියලා මම හිතන්නෙත් නෑ. අපි පුළුවන් තරම් ඉක්මනට එයට සුදුසේ සිංහල නායකයෙක් සොයාගත යුතුයි.

      Delete
    2. නලින් ද සිල්වා? ගෙවිඳු කුමරතුඟුවන්? ඇල්ලේ ගුණවංශ ස්වාමීන් වහන්සේ?

      Delete
    3. නලින් ලා ගෙවිඳු ලා වගේ ජාතිවාදීන්වත් ඇල්ලේ වගේ ගණයො වත් නෙවී, වඩා සමබර අදහස් තියෙන ජාතීන් අතර සංහිඳියාව තබාගත හැකි බුද්ධිමත් නායකයෙක්. සිංහල කෙනෙක් කිව්වෙ ජාතිවාදී අර්ථයෙන් නෙවෙයි, රටේ 75% විතර ඉන්න බහුතර සිංහලයො දිනාගන්න තරම් අන් ජාතියක අයෙක්ට ප්‍රායෝගිකව ඉතාම අමාරු නිසා. නැත්නම් ලක්ෂ්මන් කදිරගාමර් වගේ අයෙක්ට මමත් කැමැත්තෙන් හිටිය ඉස්සර.

      Delete
  16. Dimitri,

    The version sung by Hubert Rajapakse is not the original song . It is just another modified version sung by western style singer Hubert Rajapakse. The original song was a Hindustani type song composed by Wishvanath Lauji, Indian musician and sung in oriental style for "Siri Sanga Bo" Nurthy in around 1890-1900 era. Mr. Wishwanath has been inspired by western Hymn and made this song changing in to oriental style. It was originally similar to the version sung by Pundit Amaradeva.

    ReplyDelete
  17. Ranil kiyapu dea gena osthaarla kiyaavi ' maadya mardanaya karanna hadanoo ' kiyala. Aaaduwak visin eveni mardana kala uthumai.Jana samaajayata ahithak viya haki pudgalika ho samaajamaya ho aayathanika ho visama katayuthu mardanaya kala uthuiy.Aandu karieme thamaiy kala uththe.Ekko weradi niveradi kara ganivi , nethnam danduwam labaavi.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා