උඩුවෙ ........... (ලිංගවාදී සිරස්තලයකැයි එල්ල වූ චෝදනාව නිසා මාතෘකාව ඉවත් කරන ලදී)

මේ කිසිවෙක් තවම අලි හොරු බව ඔප්පු වී නැත. 
උඩුවේ ධම්මාලෝක නම් සිවුරු අඳින ටොම් පචයා සිය අලි හොරකම වසා ගන්නට පත්තරවල ඇඩ් දමමින් කරන විගඩම් දුටු විට මතක් වන්නේ ‘එකක් කඩතොලු වසන්නට ගොස් අනේ මට වූ කාරියා - සියක් කඩතොලු හදා දුන්නයි ඉඳුරුවේ ආචාරියා' යන කියමනයි.

බුද්ධාගමේ මුවාවෙන් වෙන මොකක්දෝ වැඩක් කරගෙන යමින් සිට අතරමගදී පාර්ලිමේන්තුත් ගිය උඩුවේ ධම්මාලෝක බෞද්ධයකු නො වන බව ඔහු  කර තිබෙන නීච වැඩ දෙකකින් පැහැදිලිව ඔප්පු වේ.

එකක් අසරණ අලි පැටවකු මව් තුරුල්ලෙන් සොරකම් කරගෙන පැමිණ දම්වැල්වලින් බැඳ වසර ගණනක් වධ දුන් ආකාරයයි. මේ නීච දුර්ජනයන් බොහෝ විට අලි පැටවුන් සොරකම් කර ගන්නේ ඇතින්න මරා දමලා ය.

අනෙක, චේතිය රජ්ජුරුවන් ද ලජ්ජාවෙන් ඇඹරෙන තරමේ බොරුවක් කියමින් මේ අලියා පෙරහරට ගෙන ආ කිසිවෙකු විසින් පන්සලේ දමා ගිය පසු තමන් හදා වඩා ගත් බව කීමයි.

අලියා එහෙම දමලා ගියා නම් ඒ කාලේ ම වන ජීවී කාර්යාලයට දැනුම් දිය යුතුව තිබිණි.

මේ සියලු පාදඩකම්වලට රැකවරණය සලසා දුන්නේ දස වසක අඳුරු යුගයක නිර්මාතෘ මහින්ද රාජපක්ෂ බව අමුතුවෙන් කිව යුතු නැත.

පහත පළ වන්නේ එදා පරිසර හිතවාදියකු විසින් උඩුවේ ගණ තැනගේ අලි හොරකමට එරෙහිව කළ පරාජිත අරගලයක් ගැන මතක සටහනකි.

සජීව විජේවීර ඔබට අපගේ ප්‍රණාමය!

මේක සෑහෙන්න දිග කතාවක් වර්ෂය 2005ඉමදුව නගරයේ ධර්ම දේශනයක් සංවිධානය කළා. එයට ආපු ප්‍රධාන හිමියන් උඩුවේ ධම්මාලෝක හාමුදුරුවෝ. මට මතකයි උන්වහන්සේ පිළිගන්න තැන සිට ඉමදුව නගරයට පෙරහැරකින් වඩම්මවාගෙන යන පාර සරසන්න මම බෞද්ධ කොඩි හොයන්න සෑහෙන්න මහන්සි වුණා. එදා මම සැදැහැවත් බෞද්ධයෙක් විදියට මේ අවස්ථාවට සහභාගී වුණේ මා ඉතා ගරු කළ, ඇළුම් කළ උඩුවේ ධම්මාලෝක හිමියන් වෙනුවෙන් උපන් දැඩි ගෞරවයකින්.

ඊට පස්සේ යළිත් උඩුවේ ධම්මාලෝක හිමියන් මගේ ඇස් ඉදිරිපිට සත්‍ය වශයෙන් ම පෙනී සිටින්නේ 2011 අගෝස්තු මාසයේ 22 දා රාත්‍රියේ.
ඒ කතාව මෙන්න මෙහෙමයි.

මමත්, බිරිඳත් දරුවන් හා අම්මාත් සමග කොළඹ ගියේ අපේ මල්ලී Nadeeka Jayanath Wijeweera ගේ නිවසට. ඇදිරි වැටීගෙන එද්දී අපි තීරණය කළා බිරිඳගේ නංගීගේ Madhavi Lokukaravia නිවසට රාත්‍රී නවාතැන් සඳහා යාමට තලවතුගොඩ තිබූ මල්ලිගේ නිවසේ සිට මගේ වාහනය පාරට දමා මද දුරක් යද්දී ඉස්සරහා අසුනේ සිටි පොඩි පුතා කෑ ගහනවා.

‘‘අප්පච්චී, අප්පච්චී. අන්න අලි පැටියෙක්."

ඇත්තමයි. පුංචි අලිපැටියෙක් කොළඹ ප්‍රධාන මාර්ගයක යන ලොරියක පටවගෙන යනවා. ඒ වනවිට සිදුවෙමින් පැවති අලි ජාවාරම ගැන මා කරුණු සොයමින් සිටියේ. ඒ වගේම ශ්‍රී ලංකාවේ නීත්‍යානුකූලව මේ තරම් පොඩි අලියෙක් සිටිය නොහැකි නිසා මා වහාම ඒ බව දැනුම් දීමට පොලිස් හදිසි ඇමතුම් අංකයට දුරකථනයෙන් කතාකළත් 119 සුපුරුදු පරිදි කාර්ය බහුලයි. අවසානයේ දී කරන්නට දෙයක් තිබුණේ නැහැ. තලවතුගොඩ පසුකර මද දුරරක් යන විට අලි ලොරිය පසු කර ගිය මම කාරය නවතා ලොරියේ ඡායාරූප කිහිපයක් ගත්තා.

නමුත් එයින් සෑහීමකට පත් නොවූ මම බත්තරමුල්ල ඉසුරුපාය පසු කර ගිය විට ඇති පාලම් තුන අසළ දී මේ ලොරිය නවතා ගැනීම සඳහා මගේ කාරයේ එක් පැත්තක් ලොරියේ ගැටීමට සැලුස්වුවත් ලොරිය නවැත්තුවේ නැහැ. අවසානයේ ඇතුල්කෝට්ටේ හන්දිය අසළ දී පාරේ සිටි පොලිස් නිලධාරියකුට මේ ලොරිය ගැන දන්වා ලොරිය නවතා ගැනීමට මට හැකිවුණා.

ඒ වනවිට මම මගේ මල්ලිටත්, Madura De Silva , Nadika Hapuarachchi , Jagath Gunawardana, Sajeewa Chamikara, Karyawasam Thilak (තිලක් කාරියවසම්), Pubudu Weerarathna වැනි කිහිප දෙනකුට මේ පණිවිඩය දී අවසන්. ඔවුන් ද එතැනට පැමිණෙමින් සිටියේ මගේ සහයට. (එදා ඔවුන් නොපැමිණෙන්නට අද මා ජීවතුන් අතර නොසිටින්නටත් ඉඩ තිබුණා.)

ලොරිය නැවැත්වූ වහාම එහි රියදුරා සහ ඇත්ගොව්වා පැමිණ කීවේ මේ අලියා උඩුවේ ධම්මාලෝක හිමියන්ගේ පන්සලට අරගෙන යන බවයි. අලියා ගෙන ආවේ පන්නිපිටියේ විහාරස්ථානයකින් (සියල්ලෝම දනිති) බවත් ඔවුන් කීවා. නමුත් ඔවුන් සතුව අලියාගේ බලපත්‍රයේ පිටපතක් හෝ අලියා ප්‍රවාහනය කිරීමේ බලපත්‍රයක් හෝ තිබුණේ නැහැ.

මේ වේලාවේ වාහන තදබදය හේතුවෙන් අලියා සහිත ලොරියටත් මටත් වැලිකඩ පොලිසියට යන ලෙස පොලිස් නිලධාරියා උපදෙස් දීම නිසා අපි එහි ගියෙමු. නමුත් පොලිසියට ගිය වහාම අපිට දෝෂාරෝපණය කළ පොලිසි ස්ථානාධිපතිවරයා කියා සිටියේ හාමුදුරුවන් තමන්ට කෝල් කළ බවයි. වහාම අලියා රැගෙන යන ලෙසත් පිස්සු නටන්නේ නැතිව ඉන්නා ලෙසත් පොලිසිය මටත් ඒ වනවිට එහි පැමිණි මගේ මිතුරන් කිහිප දෙනකුටත් දෝස්මුරයක් දැම්මා.

ලොරිය කඩිනමින් පොලිසියෙන් ඉවත්ව ගියත් අපේ Nadika Hapuarachchi තවත් කිහිප දෙනකු සමග ලොරිය පසුපස හඹා ගොස් ලංකා හොස්පිට්ල් ඉදිරිපිට දී යළිත් ලොරිය කොටු කර ගත්තා.
මේ වනවිට රටේ මාධ්‍ය ආයතන රැසකට මා මේ පිළිබඳ දැනුම් දුන්නේ වනයෙන් ගෙන ආ පුංචි හොර අලි පැටවකු ප්‍රවාහණය කරමින් සිටිය දී පරිසරවේදීන් පිරිසක් විසින් අල්ලා වනජීවී දෙපාර්තමේන්තුවට බාර දීමට කටයුතු කරන බවයි. සියළු මාධ්‍ය ආයතනවලින් පුදුමාකාර සහයෝගයක් ලැබුණේ මොහොතකින්.

වනජීවී වැටලීම් නිලධාරීන් ද ක්ෂණයකින් එතැනට පැමිණිය. ඒ පැමිණි මොහොතේ පටන් රට පුරා සිටින වනජීවී විෂය භාර ඇමතිවරයා, ජාතික හෙළ උරුමයේ ප්‍රබලයන්, වෙනත් දේශපාලකයන් කතා කරමින් අලියා මුදා හරින ලෙස දැනුම් දුන්නා.

නමුත් මාධ්‍ය හමුවේ ඊට ඉඩක් ලැබුණේ නැහැ.

පැය ගණනක මහන්සියක ප්‍රතිඵලය වුණේ අලියා වනජීවී භාරයට පත්කර බත්තරමුල්ලට රැගෙන යාමයි. නමුත් අලි ජාවාරම් කරුවන් මෙය අවසන් කළේ නැහැ.

මා හැමදාමත් ගරු කළ උඩුවේ ධම්මාලෝක හිමියන් බත්තරමුල්ල වනජීවී කාර්යාලයට වැඩියා.

උන්වහන්සේගේ ශ්‍රී මුඛයෙන් මෙතෙක් අසා තිබුණේ ධර්මය පිළිබඳ කරුණු පමණයි. නමුත් එදා අපි අපේ අම්මලා තාත්තලාගේ උප්පැන්න සහතිකත් අහ ගත්තේ ඒ ශ්‍රී මුඛයෙන්මයි.

අවසානයේ අපේ කණ්ඩායමත් 40ක් පමණ වුණා. ( කොළඹ සිටි මගේ යහළුවන් හා පරිසරයට හිතැති බොහෝ දෙනකු මෙතැනට පැමිණ විශාල සහයක් ශක්තියක් සැපයුවා මට මතකයි.)

මේ අතර එක් මිතුරෙක් සිය පුතු වඩාගෙන මධ්‍යම රාත්‍රිය පසුවන තුරු සිටියේ පරිසරයට ඇති ඇල්ම නිසා. පුතුට නින්ද ගිහින් තිබිය දී එතැනට ගිය හාමුදුරුවෝ මෙහෙම අහනවා.

‘‘මේ දරුව කාගෙද ? "

‘‘මගේ හාමුදුරුවනේ"

‘‘ වෙන්න බෑ. උඹලවගේ අවලම් එවුන්ට දරුවො ලැබෙන්නේ නැහැ. මේ අලි පැටියා මම කවලා පොවලා හදා ගත්තේ. උඹලා ඒවා විනාශ කරනවා. මේ දරුවෝ උඹලගේ නෝනා වල් කමේ ගිහින් හදා ගත්තුවා."

මගේ මිත්‍රයා මෙහෙම කිව්වා. - ‘‘හාමුදුරුවනේ ඒ කාලේ ඡන්දෙ ඉල්ලද්දී මම ඇවිත් වැඩ කළේ මේ වගේ කතා අහගන්න නෙවෙයි. ඔබ වහන්සේලා වගේ අය පාර්ලිමේන්තු යවලා උස්සල තියපු අපිට මේව හොඳ පාඩම්."

මා මෙහි සඳහන් කළේ එදා කී දේ වලින් ලිවිය හැකි දේ පමණයි. අනිත් දේවල් ලියන්න තියා අහගෙන ඉන්නවත් බැහැ.

මධ්‍යම රාත්‍රියත් පසුවන තුරු අලියා නීති විරෝධී බව හැඟවීමට අප කළ සටන අවසන් වුණේ රටේ ඉහළම පුරවැසියකුගෙන් ලැබුණු ඇමතුමක් සමගින්.

එදා අපි ගෙවල්වල යන්න එළියට බහිද්දී වනජීවී නිලධාරීන් කීවේ මහත්තයෝ යන්න එපා. වාහනවල ටයර් කපලා. එළියේ ලොරිවල ඉන්නවා පොලු තියාගෙන කණ්ඩායමක්. මහත්තයලාට ගහන්න ඇවිත්.
මෙන්න බෞද්ධ පිරුවටයට සැඟවී සිටින අලි ජාවාරම් කාරයන්ගේ කෙරුවාව.

අවසානයේ අපිට සිදුවුණා පොලිස් ආරක්ෂාව ඉල්ලන්න. පොලිසිය පැමිණ ලොරිවල සිටි පොලු සහිත මැරයන් යළි හරවා යැවූ පසු අපි ගෙවල්වල ගියේ පොලිස් ආරක්ෂාවත් සහිතව.

මේ තමයි එදා ක්‍රියාත්මක වූ අලි ජාවාරමේ සැබෑ තත්ත්වය.

මේ අලි පැටව් වනාන්තරයේ සිට කොළඹට ගෙන ආවේ පැටවාගේ මව මරා දාලා බව තහවුරු වූ කරුණක්.



මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. මුන්ට කියන්නේ බුදු පුත්තු නෙමෙයි... පට්ට වේසිගේ පුත්තු..

    වෙන කියන්න දෙයක් නැත..

    අර මිනිස්සු බේරුන එක ළොකු දෙයක්..

    40 මරණ එකත් ලේසී නෑ නේ..

    ReplyDelete
  2. අලි අම්මාට වෙඩි තියා
    අලි අම්මාගේ තුරුලේ සිටි
    අලිබබා පැහැරගත් හොරු තිදෙනා

    ප්‍රාදේශීය දේශපාලක හොරාගේ ලොරියෙන්
    අලි බබා පළාත් සභාවේ දේශපාලක හොරාගේ
    වත්තට ප්‍රවාහනය කළහ​

    අණතුරුව තවත් හොරුන් ගේ සහයෙන්
    අලිබබා ට හොර බලපත්‍ර හදා
    පන්සලේ හාමුදුරුවන්ට විකිණුහ​

    පන්සලේ හාමුදුරුවන් ගේ
    තෙද ගොස යසස වෙනුවෙන්
    අලි බබාගේ දෙපා දම්වැලෙන් බැඳ
    පන්සල් වත්තේ සිර කළහ​

    මවගේ වියෝවෙන්
    කැළෑව අහිමි වීමෙන්
    දුක් වන අලි බබාගේ
    අසරණකම දුටුවේ
    පරදුක්ඛ දුක්ඛිත මුද්‍රාවෙන්
    වැඩ සිටින පන්සලේ බුදු පිළිමය පම​ණි

    ReplyDelete
  3. දෙමලු මරන්න බලාගෙන හිටි ෆැසිස්ට්වාසී හෙල උරුමයෙ කාලකන්නි 2005 උස්සලතියාගත්තු හිංගලබෞජ්ජයින්ට හොද පාඩම් මේවා... දාස් ගනන් මිනිස්සු ශෙල්ගහල මරනව බලවලා අප්පුඩි ගහපු උන්ට අලියෙක් මරන එක කජ්ජක්ද?

    ReplyDelete
    Replies
    1. This comment really funny........

      Delete
  4. මිනිස්සු නීතිය අතට ගැනීම ට මම විරුද්ධයි
    නමුත් මේවගෙ ඒවා - මුන් ඉස්සරහා කියවලා - මහ පාරෙ ප්‍රසිද්ධියෙ දන ගස්වලා තියන්න ඕන
    එහෙම නැතුව මේ නිළ ඇදුම්වල සැර යවන්න බෑ

    ReplyDelete
    Replies
    1. මිනිස්සු නීතිය අතට ගැනීම වැරදියි තමා, ඒකට (නීතිය අතර ගැනීමට) තමා ගුරුවරු, හාමුදුරුවරු, පොලීසිය, රජයේ උසස් නිළධාරි, නඩුකාරයෝ, සහ පොලිටික්කෝ ඉන්නේ.

      Delete
    2. නිළඇදුම් කීවේ කහපාට ඒවා වෙන්ටෑ

      Delete
  5. දැන් මෙච්චර වාහන තියෙන රටේ කරඬු ගෙනියන්න මොකද අලි. ගෙනියන්න බැරියෑ ලොරියක . මුතියංගනේ පංසලෙත් මෙහෙම දුක් විඳින අලියෙක් ඉන්නවා

    ReplyDelete
    Replies
    1. අත් ට්‍රැක්ටරයක් හොඳා....

      Delete
    2. සිරාවටම, මම ඕක දැනට අවුරුදු දහයකට විතර උඩදි කියල අපේ සත් ගුණවත් බෞද්ධයො මාව කන්න හැදුවා. ඉහලින්ම අරන් යන්න ඕනනන් බකට් එකක් තියෙන බූම් ට්‍රක් එකක් ගමු

      Delete
    3. අර සමන්තභද්‍රට පුළුවන් නේ එයාට හරි එයාගේ සැටිපිකට් තියෙන රහත් වෙච්චි කෙනෙක්ට හරි ඕකත් අතේ අරගෙන එර්දියෙන් වඩින්න. හොඳ ගානක් ගන්නත් පුළුවන්..

      Delete
    4. ඩ්‍රෝන් එකක්, කරඩුව එර්දියෙන් වගේ යන්න ප්‍රෝග්‍රෑම් කරන්නත් පුළුවන්.

      Delete
  6. දැන් මෙච්චර වාහන තියෙන රටේ කරඬු ගෙනියන්න මොකද අලි. ගෙනියන්න බැරියෑ ලොරියක . මුතියංගනේ පංසලෙත් මෙහෙම දුක් විඳින අලියෙක් ඉන්නවා

    ReplyDelete
    Replies
    1. ඩිමෝ බට්ටෙක් නරකෙයි?

      Delete
    2. ඩ්‍රෝන් එකක් වඩා පරිසර හිතකාමීයි.

      Delete
  7. උඩුවෙට ඉන්නවනේ උඩුවේ බලන ඇත්තියන් ගොඩක්. ඒ අයගෙන් බොහොමයක් Big Shot කියන මහා වංශයේ අය. ඒකයි උඩුවේ ඔච්චර බුරන්නේ. ඒගොල්ලෝ තමා හිටපු ජනපතිගේ සිට පහළට ඉන්න අයව පාලනය කරන්නේ.

    අර බෙංනාලා හෙවත් බෙංගමුවේ ආලවක මොකද දන්නෑ මේ ගැන කියන්නේ? චන්ද්‍රිකා බටකොළ ආච්චි නම් බෙංනාලා මොකාද?

    ReplyDelete
  8. සුදු ඇත් පැටියකු රතු නෙළුම් මලක් යටි බඩට එබුවාම මහාමායා බඩ දරු වුනා ය කියලා අපි විශ්වාස කරනවානේ.

    උඩුවේ සාදු මේ අලි පැටියා තියාගෙන ඉන්නේ මෛත්‍රී බෝසතා පිළිසිඳ කරන්න වෙන්නැති.

    ReplyDelete
    Replies
    1. විශ්වාස කරනවා? විශ්වාස කරනවා නෙවේ එහෙමයි වුනේ, පොතේ ලියලාම තියනවා.

      Delete
    2. ඔබත් මාත් ටිකක් දන්න යාලුවෙක් ඉන්නවා රසික කියලා..පොඩි පහේ දේශපාලනයකුත් කරනවා පොර ඉදලා හිටලා ඔය බුකියෙ.. ඌ ගැන සහ උගේ දේසපාලන කතා ගැන කතාකරද්දි මට හිතුන දෙයක් තමයි ඌ පිලිසිදගන්න කොට අර ඇත්පැටිය තුන් වතාවක් නෙමෙයි පනස් වතාවක් විතර ඇද වටේ කැරකිලා තියෙනවා.. ඒ නිසා ඌ දැනටත් මොකක් හරි කියද්දි අම්බානක වටේ ගිහින් තව රවුමක් දෙකක් ගිහින් තමයි අවස්ය කාරණාව කියන්නෙ..

      Delete
    3. Rasika you should go back to Montessori and read the buddha charithaya.. That was a dream as explained clearly in the story. Dont distort facts to become popular

      Delete
  9. මේ සිව්රුකාරයාගේ කැරැට්ටුව ඉතා පහත්ය. අසූචි වලක් කැලතීමෙන් ඇතිවන්නේ දුගදක්ම නිසා එය නොකර සිටිමි.

    ReplyDelete
    Replies
    1. එකඟ නෑ, ඔයි වර්ගය තාම වැසිකිලි භාවිතයට හුරුවී නැත්තේ, ඒවත් පූජනීයයි කියා සැදැහැවත්තු අදහන නිසායි.

      Delete
  10. Me wage wancha karayo helidaraw kireema ithama sreshta kriyawak!

    ReplyDelete
  11. Me wage wancha karayo helidaraw kireema ithama sreshta kriyawak!

    ReplyDelete
  12. oyalage satana jaya aranne thiyenne adamabarawenna, sathutuwenna saman deviyange vahanaya ekka selan dapu ayata passe thmai patisan denne eka hitha gannath behe obage manasika shakthiyta jayawewa oabata deviyange belma thiyenawa

    ReplyDelete
    Replies
    1. සමන් දෙයියා සත්ව (අලි) හිංසකයෙක් නොවේද?

      මගේ අදහස නම් ඔහු අලි හිංසකයකු නොවන වගයි, දෙය්යාගේ වාහනය කියන නම්බුවට අලියා අකමැති වෙන්නේ ඇයි නේද? ඔන්න සමන් දෙය්යා කම්මැලියෙක් නොවී දුවල පැනල එයාගෙන් මිනිස්සු ඉල්ලන ඉල්ලීම් ගැන සොයා බලන්න ගියානම් වැඩ වැඩිවෙලා අලියට මල පනින්නත් ඉඩතිබ්බා.

      Delete
    2. දෙවිවරු ගොඩක් සත්ව හිංසකයි. අලි රූපයකින් පෙනී ඉන්න ගණ දෙවියන්ගේ වාහනය මීයා. කතරගම දෙය්යින්ගේ වාහනය මොණරා. නිකම් නෙවෙයි එයාගේ නෝනලා දෙන්නත් එක්ක මොණරාගේ පිටේ නැගලා ඉන්නේ. තවත් ඉන්නවා.

      Delete
  13. This comment has been removed by the author.

    ReplyDelete
  14. තව 40ක් සෙට් කරගන පලයන්කෝ විල්පට්ටු උබලට ඒවා පෙන්නේ නැට්ටේ උබලගේ මරක්කල යින්ට බෞද්දයට දනා පාර්ට් දිරවන් නැති වෙඉ කියල බයටද

    ReplyDelete
    Replies
    1. මහරූස්ස කැලේ අලිංට කෑම කොයින්ද,උන්ට විවෘත තණබිම් ඕන. විල්පත්තුවේ මරක්කලයෝ අලින්ට සුදුසු පරිසරයක් ඇති කරන්න යන්නේ, විලච්චිය, නොච්චියාගම පැත්තෙන් සිංහලයොත් ඒ සත් කාරියට සහාය දෙනවා, බැසිල් මහත්තයත් හෝටලයක් දෙකක් දාලා ඒ යුතුකම කොරනවා, හැඩොක්ටත් පුළුවනි ටිංටිං එක්ක එළුවන් කුලම පැත්තෙන් එන්ටර් වෙන්න.

      Delete
  15. welawata vilpaththuwa patte ubalage nayo natte,hitiyanam badurdinge gas kapillath melahakata nawaththala ubala ekathu wela lol

    ReplyDelete
    Replies
    1. අඩේයි තම්බී හරියට ෂිංගලෙන් කොටාන්ඩ ඉග්ගෙනගනීන් අප්පා. එන්නා ඉදි පයිත්තියන්

      Delete
  16. මේ හොඳ ලස්සන අලි පැටියා
    තනි වී හඬනා හැටි දැක්කා
    ඒකයි පන්සල ඇතුලට ගෙන අපි
    සාත්තු කර හැදුවේ

    ඔක්කෝටම මුල කහකඩයා
    කියලා බනිනව මහජනයා
    ඒ හින්දා මං යනවා යන්නට
    එනවද මා එක්කා

    ReplyDelete
  17. Oya uduwe pannipitiye thiyena anik hela urume hamudurueange pansalta awith beer ekak ehema bonaealu sikurada hawasata . Dallas / pradeepa wage kattiyath nithara enawalu oya dew ram weherata ... Chamara Mage oluwata poll akin gahapan menna jathiye yathiwaru

    ReplyDelete
  18. මාතෘකාව ටියුබ් ලයිට් වෙලා තිබුණේ මේ වෙනතුරු.

    උඩුවට බම්මා දෙමු....!

    ReplyDelete
  19. මේ කහකඩයව,දම්වැලකින් බැදල පන්සල් වත්තෙ තියන්න ඕන අලි පැටියට දීපු වද වලට.

    ReplyDelete
  20. බුද්දාගම බේරගන්න ඕනි තම්බිගෙන් නෙමෙයි මෙන්න මේ වගේ පිංපාට සරුසාර උන්නාන්සෙලාගෙන්.. මේ වහන්සේලා.. බුදු දහමේ තිබෙන මූලික හර පද්ධතින් සියල්ල කඩලා අමුතු දේවල් කරන්න හදනවා.. අපේ දහම රැකගන්න මුන්දැලාව ඉස්සරහට දැම්මොත් කාරිය අවසානෙ අපිට තම්බින්ගෙන් තමයි බුුද්දාගම ඉගෙන ගන්න වෙන්නෙ..

    ReplyDelete
  21. මුසාවාදා වේය රමණී
    ඇති පදම් මම කියමි
    දහම උකසට තබමි
    ධම්මාලෝක මම වෙමි..

    ReplyDelete
  22. අලි පැටියා කිරිබොන වයසෙ ඉන්නෙ කිව්වාම 'නෑ අන්නාසි එහෙම කනවා අපි දුන්නාම' කිව්වෙ මූ වගේ මතක.
    ජයවේවා..!!

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා