ජාතික ගීය දෙමළෙන් ගැයීම හා වෙඩිවර්ධනගේ කිඹුල් කඳුළු

ජාතික කොඩිය, ජාතික ගීය පමණක් නො ව ශ්‍රී ලාංකික ජාතිය ද යනු මිනිස් සමාජයට එතරම් වැදගත් සාධක නො වේ යයි කියන්නට පුළුවන. මන්ද, ශ්‍රී ලාංකික ජාතිය යනු අහෝසි වී යා යුතු දෙයකි. ලෝකයේ පැවතිය යුත්තේ ජාතිවාදයන්ගෙන් තොර එක් මිනිස් සමාජයකි. සමාජවාදීන්ගේ ස්ථාවරය විය යුත්තේ එයයි.

එහෙත්, එය තව බොහෝ දුරස්තර ය. මන්ද, මිනිස් සමාජය තුළ බෙදීම සාමාන්‍යකරණය වී තිබේ. මාක්ස්වාදීන්, වාමාංශිකයන් ලෙස තමන් හඳුන්වා ගන්නා අයටවත් ජාතිවාදයෙන් පිටට පැමිණ ලෝකය දෙස බලන්නට හැකියාවක් නැත. ඔවුන්ට තවමත් වැදගත් වන්නේ ශ්රී ලංකාව හා ඊලමයි. අපි ගොවිගම, අපි කරාව යයි කියන්නට ලැජ්ජාව තිබුණත්, අපි දකුණෙ, අපි ආනන්දෙ, අපි පිරිමි, අපි ගෑනු එක්ක විතරක් සංසර්ගයෙ යෙදෙන අය ආදී වශයෙන් තමන් හඳුන්වා ගන්නට නම් සමාජවාදීහු පවා පෙළඹෙති. මේවා සිංහල, දෙමළ වර්ගවාදයන්ටත් වඩා පසුගාමී බව ඔවුන්ට තේරෙන්නේ නැත. මිනිසා තුළ ඇති රළවැසි හැඟීම් නිසා එවැනි ගොනුවීම් සිදු විය හැකි ය. එහෙත්, වාමාංශිකයන් ඒවා ප්‍රවර්ධනය නො කළ යුතු ය.

මංජුල වෙඩිවර්ධනට ඇති ප්‍රශ්නය වනාහි ශ්‍රී ලාංකික ජාතිය යනු සිංහල මූලික එකක් වීමයි. එය ඇත්තකි. එහෙයින් ශ්‍රී ලංකා මාතා ගීය දෙමළෙන් ගැයීම ඔහුට ජාතික හෘදය සාක්ෂියක් නැති තැනක සිදු වන වැඩක් නැති වැඩකි. 

මේ ‘ජාතික' හෘදය සාක්ෂිය කුමක් ද යන්න ඔහු එම ලිපියේ පැහැදිලි කර නැත. ඔහු බලාපොරොත්තු වන්නේ උතුරු නැගෙනහිර දෙමළ ජනයා දෙමළෙන් තමන්ගේ ජාතික ගීයක් ගයාගෙන වෙනම රාජ්‍යයක් හදාගෙන සිටීම විය හැකි ය. ඔහු අපෙන් බලාපොරොත්තු වන ජාතික හෘදය සාක්ෂිය යනු එයට උපකාර කිරීම යයි මම සිතමි. මෙය මගේ හිතලුවක් නො ව මංජුල වෙඩිවර්ධනගේ ගුරුවරයා වන රෝහිත භාෂණ සමග අතිශය දීර්ඝ දේශපාලන සංවාද ක්‍රියාවලියක් ඔස්සේ අවබෝධ කර ගත් දෙයකි. එම දුෂ්කර වකවානුවේ මංජුල වෙඩිවර්ධන එම සංවාදය තුළ සිටියේ නැත. ඔහු කොහි සිටියේදැයි නො ලියන්නේ වීරයකු වන්නට ඔහුට ඇති බොළඳ ආසාවට ඉඩ දෙනු පිණිස ය. (අප තවමත් ඉදිරියට ගෙන යමින් සිටින්නේ එම දේශපාලන සංවාදය ම බව ද කිව යුතු ය.) 

දෙමළ ජනයා වෙනුවෙන් අපේක්ෂා කරන නිදහස ම මුස්ලිම් ජනයාටත් දෙන්නට මංජුල, භාෂණ හෝ ඔවුන්ගේ දේශපාලන ව්‍යාපෘතිය සූදානම්දැයි මම නො දනිමි. එහෙත්, දෙමළ ජාතිවාදයේ පීතෘවරුන් වන කොටි සංවිධානය නම් එයට කැමති නැත. ඊලාම් රාජ්‍යයක් තුළ මුස්ලිම් ජාතියක් පිළිගන්නට ඊලාම් ජාතිවාදීන් අකැමැති වන්නේ ශ්‍රී ලංකාව තුළ දෙමළ ජාතිය පිළි ගැනීමට සිංහල ජාතිකයන් අකැමැති වන ආකාරයට ම ය.

මාක්ස්වාදීන් බොහෝ දෙනෙකුගේ ජාත්‍යන්තරවාදයේ සීමාව ඉන්දියන් සාගරයෙන් සමාප්ත වේ. ආර්ථික ජාතිවාදය පියමං කර ඉන්දියාව සමග එක් වීමේ අභියෝගයට මුහුණ දිය යුතු බව ද, එය කරන්නට ලෝකය සමාජවාදී වන තුරු බලා නො සිටිය යුතු බව ද අපි කීවෙමු. ඒ ගැන බොහෝ වාමාංශිකයන්ගේ කටේ පිට්ටු ය.

සමාජවාදීන්ගේ දේශපාලනය විය යුත්තේ ජාතිවාදයන් ප්‍රවර්ධනය කරන එක නො වේ. ඊනියා ජාතික සමගිය ප්‍රවර්ධනය කිරීම ද නො වේ. සමාජවාදීන් කටයුතු කළ යුත්තේ පුළුල් දේශපාලන ප්‍රජාවන් ගොඩනගන්නට ය.

ඉංග්‍රීසීන් විසින් ශ්‍රී ලාංකික ජාතිය ගොඩනැගුවේ සිංහල මූලිකව ය. 1948දී නිදහස ලැබුණේ එසේ ගොඩනගන ලද සිංහල මූලික ශ්‍රී ලාංකික ජාතියකට ය. සිංහල ජාතිය ද උඩරට, පහතරට, කරාව ආදී දේශපාලන ප්‍රජාවන් එක්සේසත් කර ගනිමින් ගොඩනැගුණේ ශ්‍රී ලංකා රාජ්‍යයත් සමගයි. ඒ වන විට දෙමළ ජනයා ජාතියක් ලෙස සංවිධානය වී නො සිටිය හ. ඔවුන් යාපනය, මඩකලපුව, මන්නාරම, වන්නි හා ඉන්දියානු දෙමළ ලෙස ද කුල පදනමින් ද දැඩි ලෙස බෙදී සිටිය හ. දෙමළ ජාතිය ගොඩනැගීමෙහිදී තීරණාත්මක වැඩ කොටස කළේ කොටි සංවිධානයයි. ප්‍රාදේශීයවාදයන් අතික්‍රමණය කරමින් එක් දෙමළ ජාතියක් සංවිධානය වූයේ දෙමළ අරගලය තුළයි. එහෙත්, සිංහල දේශපාලන නායකයන් අද දක්වා ම උත්සාහ කරන්නේ එහි සිංහල මූලික ස්වභාවය රැක ගන්නට ය. දෙමළ ජාතිවාදය විසින් පවා මුස්ලිම් ජනයාට පිරිනමනු ලැබුවේ යටත් කර ගැනීමයි. වතුකරයේ ජනයා දෙමළ ජාතිවාදයෙන් ද පිටමං කර දමා ඇත.

සිංහල ජනයාට තවමත් උවමනා ශ්රී ලාංකික රාජ්‍යයේ සිංහල මූලිකත්වය තුළ දෙමළ ජනයා යටත් කර ගන්නට ය. දෙමළ ජාතිවාදී කැරැල්ල එයට එරෙහිව ගසන ලද එකකි. 

මංජුල වෙඩිවර්ධන හා ඔහුගේ ගුරුවරයා වන රෝහිත භාෂණ දෙමළ ජාතිවාදය ආදරෙන් වැළඳ ගන්නේ එය පීඩිත ජාතිවාදයක් ය යන පදනමේ සිට ය. එහෙත්, සමාන පීඩිත ජාතිවාදයක් වන මුස්ලිම් ජාතිවාදය ගැන ඔවුන් නිහඬ ය. හේතුව, ඒ ගැන කතා කළහොත් ඔවුන්ගේ ඊලාම්වාදී අනුග්රාහකයන් අමනාප වන නිසා ය. (ජීවන මාර්ග හා දේශපාලනය පටලවා නො ගත යුතු ය.)

මෙම සියලු සංදර්භයන් තුළ ජාතික ප්‍රශ්නයට ඔවුන් දන්නා විසඳුම දෙමළ ඊලමයි. එහෙත්, දෙමළ ඊලම යනු විසඳුමක් නො ව ප්‍රශ්නය ම විස්තාරණය කිරීමකි.

ජාතික ප්‍රශ්නය සම්බන්ධ භාෂණවාදය හෙවත්, සිංහල වාමාංශිකයන් දෙමළ ජාතිවාදයේ සරණ යාම පිටු දැකිය යුතු තත්වයකි.

වාමාංශිකයන්, මාක්ස්වාදීන් දෙමළ ජාතිවාදය සරණ යාමෙන් කිසිවක් සිදු වන්නේ නැත. සමාජවාදීන් වැඩ කළ යුත්තේ ජාතිවාදයන් මත පදනම්ව නො ව, වඩා පුළුල් දේශපාලන ප්‍රජාවන් ගොඩනැගීම වෙනුවෙනි.

වඩා පුළුල් දේශපාලන ප්‍රජාවන් යනු මොනවා ද යන්න නො අසන්න. මන්ද, ඒවා වනාහි පුද්ගලයන් විසින් කරනු ලබන පරිකල්පනයන් නොව, ජනතාව හා ඉතිහාසය විසින් ගොඩනගනු ලබන ඒවා ය. ඉතිහාසය පුරා එය සිදු වී තිබේ. ඇතැම් විට එය සිදු වී තිබෙන්නේ ප්‍රචණ්ඩව ය. අපට කළ හැකි එක ම දෙය මෙම කාර්යයට මැදිහත් වීම පමණි.

ශ්‍රී ලාංකික ජාතිය ගොඩනැගීම ලෙස හඳුන්වන ව්‍යාපෘතියක් ක්‍රියාත්මකව තිබේ. එහි අරමුණ වන්නේ පවත්නා ශ්‍රී ලංකාවේ සිංහල මූලිකත්වය පිටු දැක දෙමළ, මුස්ලිම් ජනයාට සාධාරණ, සමාන අවස්ථා ලබා දීමයි. ජාතික ගීය දෙමළෙන් ගැයීම නම් අභියෝගාත්මක කාර්යයට ආණ්ඩුව අත ගසන්නේ මෙම ව්‍යාපෘතිය තුළයි.

ශ්‍රී ලාංකික ජාතිය ගොඩනැගීම කෙසේ වෙතත්, ලාංකික ජාතිය නැවත හැඩගැසීම යනු වාමාංශිකයන්ට ප්‍රතික්ෂේප කළ හැකි තත්වයක් නො වේ. එහෙත්, එම කාර්යය ඉහත කී ව්‍යාපෘතියත් සමග යම් ආකාරවලින් මිශ්‍ර වී තිබේ. කුමන සංදර්භය තුළ වුව ශ්‍රී ලාංකික ජාතිය නැවත හැඩගැසීමට ඉවහල් වන කතිකාවන් ඉතා වැදගත් ය. මේ මොහොතේ සිදු වෙමින් පවතිනා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කතිකාව වැදගත් සංසිද්ධියක් වන්නේ එහෙයිනි.

රෝහිත භාෂණලා සිංහල ජාතිවාදීන් විසින් ඝාතනය කරන ලද දෙමළ ජාතිවාදය වෙනුවෙන් කුලියට ඇඬීම අතහැර අධ්‍යතන දේශපාලන ක්‍රියාවලියට සම්බන්ධ විය යුතු ය. අවසන් ජාතිවාදී දෙමළ ඊලාම් යුද්ධය යනු සිංහල මෙන් ම දෙමළ ජාතිවාදීන් ද හවුලේ තෝරා ගන්නා ලද ක්‍රියාමාර්ගයක් බව අපි මීට පෙර බොහෝ වර පැහැදිලි කළෙමු. එහි ජයගත් පාර්ශ්වය උදාන ගී ගැයීම හා පරාජිත මංජුල වෙඩිවර්ධනලා ඉච්ඡා භංගත්වය කවියට නැගීම යනු එක ම කාසියේ දෙපැත්ත ය. රතිඤ්ඤා පත්තු කිරීම මෙන් ම කිඹුල් කඳුළු බීමත් එක හා සමාන ප්‍රචණ්ඩ දේශපාලනයන් දෙකක පැතිකඩ බව අප තේරුම් ගත යුතු ය. 

ආනන්ද සමරකෝන් විසින් ලියා, නක්ෂත්‍රකාරයන් විසින් සංශෝධනය කරන ලද නමෝ නමෝ මාතා නම් සාමාන්‍ය අහිංසක සිංදුව දෙමළෙන් ගැයීම පරාජිත ඊලාම් යුද්ධයේ ඉච්ඡා භංගත්වය ගැන කවි ලියනවාට වඩා දේශපාලනික වශයෙන් ඉදිරිගාමී වන්නේ මෙම සංදර්භය තුළ ය. මන්ද, එමගින් එම ගීය සිංහල ජාතිවාදී පදනමින් අර්ථකථනය කළවුන්ට අභියෝග කරන හෙයිනි.



මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. Indian National anthem is in Benagali. It is the language of the composer of the anthem-Rabindranath Thagore. It is not sung in Hindi, the language of the majority of India (in other words the country called Hindustan). Indian constitution says it to sing in Bangali. Sri Lankan constitution says it to sing in Sinhalese!

    ReplyDelete
  2. වෙඩිවර්ධන ගේ අචින්තාව නම් මටත් ඇල්ලුවේ නෑ.

    ReplyDelete
  3. ඔබ කියන දේ ගැන එකඟයි. ලංකාවේ ඉන්නකොට 'අපි සිංහල, සිංහ-ලේ' කියා ගෙන ඉන්න අය මේ රට වලට ඇවිල්ලා වෙන ජාති ආගම් ගණන් කරන්නවත් බැරි තරමේ අයත් එක්ක ජීවත් වෙනවා. ජාතික ගීය දෙමලෙන් කිව්වා කියල අපිට මුකුත් නැති වෙනවද. අපි දෙන positive message එක ඊට වඩා වටිනවා.

    ReplyDelete
    Replies
    1. නැති වෙනවා.....මෙච්චර කල් මට එහාපැත්තේ ඉදන් මාත් එක්කඑකට ජාතික ගීය කියපු දමිළ සහොදරයා මට නැති වුනා. එයා දැන් වෙනම වෙලවෙක නමෝ නමෝ තායි කියනවා.....

      Delete
    2. මහත්තයෝ ඔබ ලග ඉන්න දෙමල සහෝදරයා 'නමෝ නමෝ තායි' කියන්නෙත් ලංකාව වෙනුවෙන්... ඌ 'එන්ගල් පරකාට්ටු ඊලම්' (ඊලමේ ජාතික ගීය පටන්ගන්නෙ එහෙමයි ) කියනවට වඩා නමෝ නමෝ තායි කීම ගැන සතුටුවෙයන්

      Delete
    3. උඩ ඇනෝ මම කියන්න හිතපු දේ මට කලින් කියලා.
      මේකෙන් මනෝ ගනේෂන්ටත් වාසියක් වෙනවා. කොළඹ යූ ඇන් පී දෙමල ඡන්ද ප්‍ර‍මාණයක් එයාගේ පක්ෂෙට කාඩා ගන්න පුලුවන් වෙනවා.

      Delete
  4. මට නම් කිසි අවුලක් නෑ.... මගේ අවුල තියෙන්නේ සිංහළ උන්ට දෙමළ උගන්නන්න යන එකයි... ඒවා නම් අමු ගොබ්බ වැඩ...

    අදහස් වල වෙනසක් නැත්නම් ඕන භාෂාවකින් ගයා ගත්තම අපේ මොකෝ...

    "මේඅරීස් බෝයි චයිල්ඩ් ජීසස් ක්‍රයිස් කියලා සින්දුවක් තියෙනවා" ජේසූ බබ ගැන ඕක රටවල් කීපයකම ඒ අයගේ භාෂාවෙන් ගායනා කරනවා.. හැබයි තේරුම එකයි..

    කඳුළ ඉතින් සමාවෙයන් අපි වෙන්වෙමු අද හවසට කියනවා වගේ තේරුමක් නැතිව, එක මවකගේ දරු කැල බැවිනා යමු යමු වී නොපමා කියන අරථය තියෙනවා නම් කිසි අවුලක් නෑ...

    ReplyDelete
  5. ජාතික ගීය දෙමල බසින් ගයනු අසා විශාල සතුටක් වින්දා.

    ReplyDelete
  6. 'ජාතිය' කියන එක සම්බන්ධයෙන් ලංකාවෙ තියෙන නෛතික පිලිගැනීම ඉවත් කල යුතුයි... උප්පැන්න සහතියේ මවගේ හා පියාගේ 'ජාතිය' අහනවා, ග්‍රාමසේවක සහතිකයක 'ජාතිය' ලියන්න තියෙනවා (කෙනෙක්ගේ චරිතය හා පදිංචිය ගැන දෙන සහතිකයකට ජාතියේ ඇති අදාලත්වය මොකක්ද? ), බැංකුවක KYC ෆෝම් එකක පවා 'ජාතිය' ලියන්න තැනක් තිබෙනවා... දැන් කුලය මොකක්ද කියලා එහෙම අහන්නෙ නෑ නෙ...

    මිනිස්සු තමතමන්ගේ 'ජාතිය' ජාතික උත්සව හරහා සමරපුවාවේ... ඒක රාජ්‍යේ පිලිගැනීමට ලක්විය යුතු නෑ...

    ReplyDelete
  7. //හේතුව, ඒ ගැන කතා කළහොත් ඔවුන්ගේ ඊලාම්වාදී අනුග්රාහකයන් අමනාප වන නිසා ය. (ජීවන මාර්ග හා දේශපාලනය පටලවා නො ගත යුතු ය.)//

    හේතුව, ඒ ගැන කතා කළහොත් ඔවුන්ගේ ඊලාම්වාදී අනුග්රාහකයන් අමනාප වන නිසා ය. (ජීවන මාර්ග හා දේශපාලනය පටලවා නො ගත යුතු ය.)

    ReplyDelete
    Replies
    1. // හේතුව, ඒ ගැන කතා කළහොත් ඔවුන්ගේ ඊලාම්වාදී අනුග්රාහකයන් අමනාප වන නිසා ය. ජීවන මාර්ග හා දේශපාලනය පටලවා නො ගත යුතු ය //

      පැරාට වඩා හොඳින් කඩේ යන්නන් හට ඩොලර් ආදායමක් ලැබීම පැරාගේ ඊරිසියාවට හේතුවක් නොවන බව මතක තබාගන්න!

      Delete
    2. ඩොලර් සම්බන්ධයෙන් මට කිසිම ඉරිසියාවක් නැත. එහෙත් එක බල්ලෙක්වත් මට ඩොලර් දෙන්නට කතා කර නැත. අඩු තරමේ ඩොලර්වලින් කරන රැස්වීමකට ආරාධනාවක්වත් කරන්නේ නැත. ඔබ මට ඩොලර් ලැබෙන මාර්ගයක් සකසා දෙන්නේ නම් කෘතඥ වෙමි. ජාතිවාදියකු නොවන මට රුපියල් ගැන විශේෂ ලව් එකක් නැත.

      Delete
    3. බල්ලෝ ඩොලර් දෙන්නේ නැත... ඩොලර් දෙන්නේ සුදු මහත්වරුය. සුඩු මහත්වරුන් සන්තෝස කොට ඩොලර් ලබාගන්න,,,
      සුදු මහත්වරු සන්තෝස කරන්න ලිබරල් බුල්ශිට් ම ලියන්න අව්ශ්‍ය නැත.... නිවාඩු තියෙන වෙලාවක ඔය බේරුවල වෙරල තීරයට වත් ගොස් නිහතමානීව බීච් බෝය්ස් ලා ගෙන් ඉගෙනගන්න!

      Delete
    4. ඔබේ උපදෙසට ස්තුතියි.

      Delete
    5. //ඔබ මට ඩොලර් ලැබෙන මාර්ගයක් සකසා දෙන්නේ නම් කෘතඥ වෙමි//

      පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර ස්වාමීන් වහන්සේ හමුවී එක් දින පාඨමාලාවක් ලෑස්ති කර ගන්න. 77 321 86 77 අමතා වෙලාවක් වෙන කර ගත හැක.

      රත්නත්‍රයේ පිහිටයි!

      Delete
    6. පැරාගෙ සුදු රැවුලයි කළු ඇඟයි එක්ක ඒ වැඩෙත් එච්චර ලේසි නෑ, සරස තුමෝ.

      Delete
    7. සතුටු කිරීම කෙසේ වෙතත් බීච් බෝයිස්ලා හොඳ සුද්දන්ට (මහත්වරුන්ට) ලංකාව එපා කරවති. මා දන්නා සුදු මහත්වරු වැඩි දෙනෙක් බීච් බෝයිස්ලාගේ කරදර නිසා ලංකාවට ඒම අත්හැර දැම්මේය. බීච් බෝයිස්ලා වැඩි දෙනෙක් නානසාර වර්ගයේ හොඳ සිංහල බෞද්ධයෝය.

      Delete
  8. ඩලස් අලහප්පෙරුම එයා වැඩ කරපු පරණ පත්තරේ නම අරන් මඩ වෙබ් එකක් හදල.
    http://lakmina.com/

    ReplyDelete
  9. We, Sri Lankans scored another first in the world! We do now have two national anthems which is truly an unprecedented feat achieved by the present Yahapalana government led by president Sirisena: yet another colourful feather in his cap.

    We are going to have a few more national anthems representing each community/language. The national anthem in Arabic would be the first among them which will be followed by Malay, English, Portuguese etc. The one representing our indigenous community-Vaddas came into being some time back. You can read it clicking into the following link.
    What a truly wonderful country ours is! We can boast to be the only country in the world with multiple national anthems!

    https://asammathaya.wordpress.com/2016/02/04/%E0%B7%80%E0%B7%90%E0%B6%AF%E0%B7%8A%E0%B6%AF%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7%E0%B6%AD%E0%B7%8A-%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B7%92%E0%B6%9A-%E0%B6%9C%E0%B7%93%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A/


    ReplyDelete
    Replies
    1. https://en.wikipedia.org/wiki/National_anthem

      Delete
    2. What's wrong in having multiple national anthems?

      Delete
  10. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  11. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  12. ඔබේ ලිපියේ අඩංගුවට එකඟයි. විශේශයෙන් මෙන්න මේ අදහස. //මාක්ස්වාදීන් බොහෝ දෙනෙකුගේ ජාත්‍යන්තරවාදයේ සීමාව ඉන්දියන් සාගරයෙන් සමාප්ත වේ. ආර්ථික ජාතිවාදය පියමං කර ඉන්දියාව සමග එක් වීමේ අභියෝගයට මුහුණ දිය යුතු බව ද, එය කරන්නට ලෝකය සමාජවාදී වන තුරු බලා නො සිටිය යුතු බව ද අපි කීවෙමු//

    මේ අදහස මීට පෙර කිසිම ලාංකික මාක්ස්වාදියෙකු කියනවා මා අසා / කියවා නැහැ. දේශ සීමා වලින් තොර ලෝකයක් පතන, බොහෝ ජාත්‍යන්තරවාදීන් පවා, දේශසීමා නොතකා නිදහසේ සංසරනය වියයුතු යැයි දැනට එකඟ වන්නේ (අවිධිමත්) දැනුම සහ තොරතුරු තාක්ශනය ඇතුලු නව තාක්ශනය යන ක්ශේත්‍ර වලදී පමනයි!

    ජාතික ගීය දෙමළෙන් ගැයීම ඇත්තෙන්ම අභියෝගාත්මකයි විශේශයෙන් වර්ධනය වෙමින් යන තීරනාත්මක දේශපාලන තත්වය තුල. මේ ඇරඹුම විශේශයෙන් අගය කල යුතුයි.
    ------
    අවශේශ දෙයක් කියනවානම්, ඔබගේ ලියවිලි වල රෝහිත භාශන හෝ වෙඩිවර්ධන වැන්නන් ගැන ලියවෙනවිට තරමක දීප්තියානු ගතියක් නිරීක්ශනය කල හැකියි! ;-) ඒ, ඔබේ ලිපිවල ඉහල තත්වයට (quality) ගෙන දෙන්නේ හානියක් බව කිවයුතුයි.

    - Dimithri

    ReplyDelete
    Replies
    1. ඒක අඩුපාඩුවක් බව මම පිළිගන්නවා. ඒත්, එකට දේශපාලනය කළ මිනිසුන් අතර කටයුතුවලදී හැඟීම් මතු වෙන එක වළක්වා ගන්නට බැහැ. ඔවුන් සංවාදය මග හරිමින් කට්ටි පැනීමත් එයට එක් හේතුවක්. ව්‍යාජත්වය තුළින් ආචාර ධාර්මික ඉහළ තලයක් අපේක්ෂා කිරීමේ පටු දේශපාලන උපායමාර්ගයට පහර දෙන්නත් අවශ්‍යයි.

      Delete
  13. මෙන්න නවසීලන්තයේ නමෝ නමෝ මාතා එක. එය ඉංග්‍රීසි සහ මාඕරි භාශාද්වයෙන්ම ගැයෙනවා.

    https://www.youtube.com/watch?v=RYdfQvZrakM

    මෙය මා අසා ඇති ලොව හොඳම (තාලය/සංගීතය අනුව) ජාතික ගීයයි.

    - Dimithri

    ReplyDelete
    Replies
    1. බංග්ලාදේශයේ ජාතික ගීය අහලා බලන්න. සමහර විට ඔබ මේ අදහස වෙනස් කරගනියි. මගේ අදහස අනුව නම් හොඳම ජාතික ගීය එයයි.

      Delete
    2. ඔය දෙදෙනාම වැරදි යි. හොඳ ම ජාතික ගීය ඇත්තේ රුසියාවට.

      Russia National anthem Russian & English lyrics

      Russian National Anthem (Full instrumental version)

      රුසියානු ජාතික ගීයේ අනුවාදනය අහලා ම බලන්නකෝ කොච්චර මිහිරි ද කියලා...

      Delete
    3. ලොව වඩාත් විශිෂ්ටතම ජාතික ගීය යනු ප්‍රංශයේ "ලා මර්හ්සේයේස්z" නමින් හැඳින්වෙන අර්ථපූර්ණ මනා පද මාලාවකින් යුත් සොඳුරුතම ගීතයයි.
      පහත ලින්ක් එක බලන්න;

      https://www.youtube.com/watch?v=laWIjgWDesE

      මෙහි අර්ථය ඉංග්ලීශියෙන් උපසිරැසි සහිතව දක්වා තිබෙනවා. අර්ථයත් සමගම අසා බලන්න කොතරම් පරිපූර්ණ ගීයක්ද කියා. සැබැවින්ම ජාතික ගීයක් යනු මෙයයි. අවුස්ට්‍රරයිකයේ නපුරු ජර්මනුන්ට එදිරිව ප්‍රාන්ශුවන් කුළුගැන්වීමට ලිවූ ආකර්ශණීය යුධ ගීයක් පසුව 1789 ප්‍රන්ස විප්ලවයෙන් පසු පරිපූර්ණ ජාතික ගීයක් බවට පරිවර්තනය කරගැනීමට ඔවුහු සමත්වූහ. ගීතය අග භාගයේ "මාහ්ශොං මාහ්ශොං" යන්නත් සමගම අපටද නැගිට පාසරඹයෙන් ගමන් කිරීමට හිතෙනවා නොවේද? ලොව ශ්‍රේෂ්ටතම ජාතික ගීය මෙයයි.

      Delete
  14. සිංහල , දෙමල, ඉංග්‍රීසි, සහ මැලේ භාෂා වලින් සමන්විත එක (hybrid)ජාතික ගීයක් තිබුනානම් වඩා හොඳ යි නේද ?

    ReplyDelete
  15. This comment has been removed by the author.

    ReplyDelete
  16. ටොීාවැදැනෙයයුතුයි

    ReplyDelete
  17. "ලංකාව තුළ දෙමළ ජාතිය පිළි ගැනීමට ..............සිංහල ජාතිකයන් අකැමැති වන ආකාරයට ම ය" මේ වාක්‍යය ලියද්දී ඉහත හිස්තැනට "වාර්ගික හැඟිමෙන් උමතුවී අන්දමන්දව සිටින" කියන වදන් කීපය ඇතුළු කළානම් නිවැරදියි. මේ හරවත් ලිපිය වඩා නිවැරදි කරන්න මේ කොටස ඕන බව මම මේ ගුරුවරියක් විදිහටයි කිව්වෙ. අනෙක් පැත්තෙන් තවම මේ රටේ මිනිස්සු බොහොමයක් ඉන්නෙ කුල වාදය කර පින්නාගන. ගිරව් වගේ කටපාඩම් කරගත්තු නිදහස සමානාත්මතාව වගේ වචන ටිකක් මේ කුලභේදය අස්සට ගහගන කියවනවා. පහුගිය මැතිවරණ වලදි මනාප ගන්න ගිය හැම එකාම තමන්ගේ කුලයේ මිනිස්සු හොයාගන ගිය හැටි බලන්න තිබුණ ඒ ගැන සමික්ෂණයක් කළා නම් . දැනුත් පත්තරේක මංගල යෝජනා තීරය කියවන්න ඕන කුල භේද වාදයේ හැටි බලන්න.

    ReplyDelete
  18. ඇත්තම කියනව නම් දෙමළෙන් ජාතික ගීය ඇහෙද්දි උපන් දවසේ ඉඳල සිංහල වදන් කණ වැකුණ මට ඇති වුනේ ලොකු සතුටක්.

    ReplyDelete
  19. demalen jaathika geeya gayaddi assdekata kadulu pirune ape ratema thawath baasaawakin api aadaraya karapu gawrawaya karapu ape jaathika geeya aseeme sathutatai.

    garu janaadipathi thumaata mage bakthipranaamaya.

    ReplyDelete
  20. //ජාතික කොඩිය, ජාතික ගීය පමණක් නො ව ශ්‍රී ලාංකික ජාතිය ද යනු මිනිස් සමාජයට එතරම් වැදගත් සාධක නො වේ යයි කියන්නට පුළුවන. මන්ද, ශ්‍රී ලාංකික ජාතිය යනු අහෝසි වී යා යුතු දෙයකි. ලෝකයේ පැවතිය යුත්තේ ජාතිවාදයන්ගෙන් තොර එක් මිනිස් සමාජයකි. සමාජවාදීන්ගේ ස්ථාවරය විය යුත්තේ එයයි.//

    පැරා, සමාජවාදී හෝ වෙනත් එවැනි ලේබල් අලවා නොගත්, එහෙත් මෙවැනි සාමකාමී ලෝකයකට (තවම මෙය සිහිනයකි) කැමති නිදහස් ලස්සන මිනිසුන් ලෝකයේ තව සිටිනවා. ඔයාගෙ මේ බ්ලොග් එකට ඒ අයවත් ආකර්ශනය කරගන්න උත්සාහ ගන්න. එතකොට සමහරවිට ඩොලර් ප්‍රශ්නයටත් විසඳුමක් ලැබේවි. බල්ලෝ බුරන එකත් නවතීවි.

    ReplyDelete
  21. පුබුදු ජාත්‍යන්තර ගීයක් ගැන කියන එකට පැරා මොකද හිතන්නේ. මට හිතුනේ ප්‍රශ්නයෙන් පැන යාමක් කියල.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා