මොන අලුත් පක්ෂ ද? සොරුන් සිටියේ ඔවුන්ට නියම තැනයි.

මහින්දගේ හොර පොල් නඩය පාර්ලිමේන්තුවේත්, ඉන් පිටතත් නටන්නේ ඔවුන්ගේ ම අර්බුදය නිසා ය. අලුතෙන් පක්ෂයක් හදනවා ය කියා කයිවාරු දෙඩුවත් හදන පක්ෂයක් ද නැත. 

මෙම පක්ෂයට එක් වන බව කියමින් මේ දිනවල පුවත්පත් සාකච්ඡා පවත්වන පළාත් පාලන මන්ත්‍රී නඩය ගෙන බලන්න. මොවුන්ගෙන් වැඩිදෙනෙක් පසුගිය වසර දහයක පමණ කාලයක් මෙම තනතුරු දැරූ අයයි. මූලික ලක්ෂණයක් වන්නේ ඔවුන් විසින් කරන ලද කිසිදු මහජන සේවාවක් නැතිකමයි. 

අනෙක් පැත්තෙන් මොවුන් පසුගිය කාලය පුරා ම කළේ කොන්ත්‍රාත් ආදියෙන් ගසා කෑම ය. 

මොවුන් වැඩි දෙනෙක් මීළඟ ඡන්දයේදී අනිවාර්යයෙන් ම පරාජය වේ. 

මහින්දව ගොනාට අන්දාගෙන ගොඩ යන පාරක් කපා ගන්නට ඔවුහු උත්සාහ දරති. මහින්ද වටා සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී පිරිස ද මහින්ද විකුණා පසුගිය ඡන්දය දිනා ගත්, මහින්දගෙන් ගොඩ යන්නට බලා සිටින අයයි. 

ඔවුන්ට අලුත් පක්ෂයක් පිහිටුවන්නට තිබෙන ලොකුම බාධාව අන් කිසිවක් නොව මහින්දගේ දෙගිඩියාවයි. 

මහින්ද, ගෝඨාභය, බැසිල්, නාමල් හතරවරං චෞරයන්ට සිදු වී ඇත්තේ 'ගෙදර ගියොත් අඹු නසී - මග සිටියොත් තෝ නසී' පන්නයේ අලකලංචියකි. 

අලුත් පක්ෂයක් හැදුවත්, නැතත් ඔවුන්ට සිය හොරකම් නිසා හිරේ විලංගුවේ ලගින්නට සිදු වී තිබේ. 

ආණ්ඩුව මොවුන්ට කිසිදු බුරුලක් නො පෙන්විය යුතු ය. මන්ද, මේ අමනයන්ගෙන් කිසිදාක මෛත්‍රීට, රනිල්ට, සරත් ෆොන්සේකාට හා වෙනත් අයට බුරුලක් නො ලැබෙන බැවිනි. 

අනෙක් පැත්තෙන් ආණ්ඩුව බලාපොරොත්තු වූ ආකාරයට ඍජු විදේශ ආකර්ශනය වන බවක් පෙනෙන්නට නැත. ඉදිරියේදී අනිවාර්යයෙන් ම අලුත් ආර්ථික මූලෝපායන් කරා යන්නට සිදු වනු ඇත. ඒවා බොහෝ විට ජනප්‍රිය නැති ලුහුපෙවෙත් (austerity) ක්‍රියාමාර්ග වන්නට ඉඩ තිබේ. 

දූෂිත ජනතාවගේ, නිලධාරි පැළැන්තියේ හා දේශපාලකයන් දූෂණය වෙනුවෙන් බලමුළුගන්වා බලය ඩැහැගන්නට උත්සාහ කරන මෙවැනි සොර කල්ලියකට හිතුමතේ නටන්නට දී ඉදිරි ආර්ථික අර්බුදය තුළ ප්‍ර‍ජාතන්ත්‍ර‍වාදය ආරක්ෂා කර ගන්නට බැරි වනු ඇත. 

එහෙයින්, සොරුන්ට හිමි තැන ඔවුන් සිටිය යුතු ය. 


මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. ආයෝජන ඒවීය ජනාධිපතිවරුන් දෙන්නෙක් ඉන්න රටකට. නිව්ස් බලන ඕන එකෙක් හිතන්නේ ජනාධිපති මහින්දය කියලා. ඊයේ පෙරේදා පාලමකුත් විවෘත කලේ.

    වොයිස් කට් දෙන්නේ තාමත් ජනාධිපති කියලා හිතාගෙන. ජේ ආර් සිරිමාවොන්ට කල වැඩේ නොකර මෛත්‍රි කොරන්න ගියොත් නම්, වැඩි කල් නොයා සිරිසේනට නෙමෙයි කස්ටියටම අඩි 6 ක් යට ඉන්න පුළුවන් වෙයි.

    බෙංගමුවේ ආලවක සහ අනාථ සිල්වා කියන ඒවා වෙන රටක කිව්වා නම් වෙලහකට ඇතුලේ.

    නිදහස ඕනවට වඩා වැඩියි... අන්තීමට ඇට දෙකත් ගලවගෙන යයි.

    ReplyDelete
  2. මේ අලුතෙන් හදන පක්ෂය ගැන නදීෂා හේමමාලි පළ කරන අදහස් අපි මහත් සේ අගයමු.


    ReplyDelete
    Replies
    1. // ආයෝජන ඒවීය ජනාධිපතිවරුන් දෙන්නෙක් ඉන්න රටකට. නිව්ස් බලන ඕන එකෙක් හිතන්නේ ජනාධිපති මහින්දය කියලා. ඊයේ පෙරේදා පාලමකුත් විවෘත කලේ.//
      මාතා, මේ ආණ්ඩුවත් කරන්නේ මිනිස්සුන්ව අන්දන එක තමයි, ආයෝජකයෝ කියන්නේ මෝඩයෝ නෙමෙයි ඔවුන් ආයෝජනය කරන්නේ පිං පිණිස නෙමෙයි, ආණ්ඩුව කරන දෙය කෙලින් කියන්න පුළුවන් වෙන්න ඕනේ වැනි වැනි ඉන්නේ නැතුව, දැන් උබ කියන බයනතිව ඉන්දියාව සමග ගිවිසුම මගින් මේ රට සීග්‍ර දිවුනුවක් ලබනවානම් කෝ මචෝ ගිවිසුම, මේ වැනි වේගවත් දියුණුවකට යන්න පුළුවන් ගිවිසුමක් එලියට දාන්න ඔච්චර බය ඇයි?

      Delete
  3. මීට කලින් ශ්‍රී ලංකා නිදහස් පක්ශය කැඩූ හැම අවස්ථාවකම මහින්ද ඒ පිටිපස්සෙන් හිටියා. අනුර බණ්ඩාරණායක මැතිණිය සමඟ විරසක කරවා අනාථ කිරීම. ජනාධිපති අපේක්ශක වීමට එස් බී වැනි අයගෙන් ඇතිවිය හැකි විරෝධය මර්ධනයට එස් බී ඇතුලු නඩය එජාපයට තල්ලු කිරීම වැනි දේවල් වල මහින්ද පිටිපස්සෙන් ඉඳලා තියෙනවා. ඔහු වෙන පක්ශයක් සාදා ගතහොත් නාමල්ගේ ගේ අනාගතයට හානියක් වෙන්න පුළුවන් නිසා ගිය වර වහේ මෙය බය කිරීමට උත්සාහ කිරීමක් පමණයි. කෙහෙලියට රනිල් කලා වගේ ගියොත් ආයිමත් නොගන්නා විදිහට පක්ශ ව්‍ය්වස්ථා සංශෝධනයක් කලොත් ඔය සද්දෙ අඩුවෙයි.

    ReplyDelete
  4. /අනෙක් පැත්තෙන් ආණ්ඩුව බලාපොරොත්තු වූ ආකාරයට ඍජු විදේශ ආකර්ශනය වන බවක් පෙනෙන්නට නැත/
    ඇයි දන්නවාද? කතා කිරීමේ නිදහස ඇරෙන්නට, අනිත් සැම දෙයම වෙන්නේ පරණ ක්‍රමයටම නිසා. මා දන්නා ජර්මානු සමාගමක් දැනට අවුරුද්දක් තිස්සේ ඇමරිකානු ඩොලර් මිලියන 500 ක ආයෝජනක් සුනිත්‍ය බලශක්තිය නිපදවීමේ ව්‍යාපෘති සඳහා ආයෝජනය කිරීමට උත්සාහ කරනවා. තවමත් රජයෙන් ධනාත්මක ප්‍රතිචාරයක් නැහැ. ඉතින් ආයෝජකයන් ආපසු හැරී යාම පුදුමයක්ද?

    ReplyDelete
    Replies
    1. //මා දන්නා ජර්මානු සමාගමක් දැනට අවුරුද්දක් තිස්සේ ඇමරිකානු ඩොලර් මිලියන 500 ක ආයෝජනක් සුනිත්‍ය බලශක්තිය නිපදවීමේ ව්‍යාපෘති සඳහා ආයෝජනය කිරීමට උත්සාහ කරනවා. තවමත් රජයෙන් ධනාත්මක ප්‍රතිචාරයක් නැහැ.//
      මේ රජයත් බලාපොරොත්තු වෙනවා අල්ලස් ප්‍රශ්නය මේ යුරෝපිය සමාගම් අල්ලස් දීමට අකමැතියි මොකද මෙය ඔවුන්ගේ රටවල දඩුවම් ලැබියයුතු වැරදි නිසා. ශ්‍රී ලංකාවට තොරතුරු දැනගැනීමේ පනත වැනි පනත් උවමනා කරනවා, රටේ මිනිසුන් උවමනා පීඩනය යෙදිය යුතුයි, මේවා ලබාගන්න

      Delete
    2. ඇනෝ ඔබට මේ කරුණ සම්භන්ධයෙන් විස්තර මගේ ඊ මේලයට එවිය හැකිනම් ඒ සඳහා හමුවීමට සුදුසු පුද්ගලයා වෙත යොමු කල හැකියි. එමෙන්ම යහපාලන ආණ්ඩුවේ යූ එන් පී පක්ශයේ යම්කිසිවෙක් යම් ව්‍යාපෘතියක් සඳහා සතයක හෝ අල්ලසක් ඉල්ලා සිටියොත් එම තොරතුරුත් කරුණාකර ලබා දෙන්න.

      Delete
    3. // එමෙන්ම යහපාලන ආණ්ඩුවේ යූ එන් පී පක්ශයේ යම්කිසිවෙක් යම් ව්‍යාපෘතියක් සඳහා සතයක හෝ අල්ලසක් ඉල්ලා සිටියොත් එම තොරතුරුත් කරුණාකර ලබා දෙන්න //

      බැඳුම්කර වන්චාව ගැන ලියා එවන්න ඊ මේල් ලිපිනයක් දෙන්න බැරිද ඉයන් තුමෝ?

      Delete
    4. @ Sa rasa,
      බැඳුම්කර වංචාව කියලා දෙයක් සිද්ධ වුණේ නැහැ. ඒක "ඒකාබද්ධ විනාශය" විසින් ප්‍රචාරය කරපු පචයක් විතරයි.

      Delete
    5. iyan oya ano kiyanava vage ekak math dananva. yahapalana kattiyath e sellamam karanan patan aran. heta aniddda blog lipiyak liyanna inne.

      Delete
    6. @ Lankika Sithuwili February 11, 2016 at 1:17 PM

      ///මේ යුරෝපිය සමාගම් අල්ලස් දීමට අකමැතියි මොකද මෙය ඔවුන්ගේ රටවල දඩුවම් ලැබියයුතු වැරදි නිසා.///

      මේවාට තමයි මට පශ්තාප් භාගයෙන් හිනා යන්නේ...

      ඔය යුරෝපීය සමාගම් අල්ලස් දෙන්න බය යි, ඒ වුණත් තමුන් විකුණන භාණ්ඩයේ ප්‍රමිතිය ඉහළයි, ඒ නිසා වැඩි මිළක් ගෙවපල්ලා කියලා පාරිභෝගිකයන්ගේ මුදල් හූරා කන්න බය නැහැ. ජර්මනියේ නට්සිවාදීන් පිහිටවූ ෆොල්ක්ස්වාගන් සමාගම උදාහරණයක්. එංගලන්තයේ ජෙම්ෆීල්ඩ්ස් සමාගමට හොඳයි මොසැම්බික් රටේ පරිසරයයි මිනිස්සුන්වයි විනාශම කරලා දාන්න. ඔය වගේ උදාහරණ රාශියක් දෙන්න පුළුවන්. ඒ වුණාට ඔය කියන යුරෝපීය සමාගම් යහතින් ඉන්නවා මොකද ඔය කියන යුරෝපීය රටවල ආණ්ඩු ඒ සම්බන්ධයෙන් මුකුත් නොකරන නිසා.

      ජර්මන් සමාගම් ලංකාවේ ආයෝජනය නොකරන්නේ ලංකාවේ නිළධාරීවාදයට වඩා (නිළධාරීවාදය ලෝකේ හුඟක් රටවල බරපතල තත්ත්වයෙන් තියෙනවා) ලංකාවේ ව්‍යාපාරික හවුල්කරුවා/හවුල්කරුවන් ඒ සමාගම්වල පශ්තාප් භාගයට අරින්න හදන නිසා.

      Delete
    7. ඉයන් යහපාලන ආණ්ඩුව මරා බැරා, නාරා කල්ලිය වගේම කොමිස් කාක්කන්ගේ රජ දහනක්.

      එක ප්‍රසිද්ධ උදාහරණයක් දෙන්නම්. ව්‍යවසාය හා සංවර්ධන අ්මාත්‍ය කබීර් හාෂිම්ගේ ලේකම් ලෙස කටයුතු කරන්නේ රිකාෂ් හුසෙන්ය. ඔහු ව්‍යවසාය හා සංවර්ධන අමාත්‍යාංශයට අයත් සෙල් ගෑස්, ලංකා රෝහල සහ රක්‍ෂණ සංස්ථාව යන ආයතන වල ටෙන්ඩර් පරිපාටි වලට පටහැනිව හුසෙන්ගේ හිතුමතයට කටයුතු කරන බවත් පුවත් පත් සහ වෙබ් අඩවි කිහිපයක්ම වාර්තා කොට ඇති ප්‍රසිද්ධ රහසකි.

      හුසෙන් ඇමැති හෂීම් ගේ බිරිදගේ සහෝදරයෙකි. ඔහු රාජ්‍ය දේපල අයථා ලෙස පරිහරණය කරමින් උපයන කෝටි ගණන් මුදල් ඇමැති හෂීම් ගේ බිරිඳට ලබා දෙන බවද වාර්තා වේ.

      මීට අමතරව වෙළඳ හා ජාත්‍යන්තර සම්බන්ධතා අමාත්‍ය මලික් සමරවීර, හිටපු පාර්ලිමේනත්ු මන්ත‍්‍රී නිරුපමා රාජපක්‍ෂ ගේ ස්වාමි පුරුෂයා වන තීරු නඬේසන්ව ලංකාවට ගෙන්වා ගෙන ඇති බවත්, ඔහු රාජපක්‍ෂ ආණ්ඩුව කාලයේ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්‍ෂට විදේශ ආයෝජකයන් ගෙන් කොමිස් මුදල් එකතු කර දුන් තැරැව්කරුවෙකු ලෙස කටයුතු කර ඇති බවත්, සමරවීර ඔහුව ලංකාවට ගෙන්වාගෙන ඇත්තේ එම කටයුත්ත සදහා බවත් වාර්තා රැසක් පළවුණා.

      Delete
  5. එතකොට දැන් මෛත්‍රී ලඟ ඉන්නෙ සුදනො ද ? රනිල් ලඟ ඉන්නේ හොරු නෙවෙයිද ? එයාල සියඹලා ගෙනල්ලම නැද්ද ?

    ආණ්ඩුවට වැඩ බැරිකමට කාටවත් බැන පලක් නැත. රටේ ඇති ලොකුම ප්‍රශ්නය අළුත් පක්ෂය නොවේ. ආණ්ඩුවේ බැරි බැරියාවයි

    ReplyDelete
  6. ඒකාබද්ධ විපක්ෂයේ සිටින සොරු කවුරුන්ද? කරන ලද සොරකම් මොනවාද? නම් ගම් ඇතිව හෙළි කරන්න. ඇයි බයද?

    ReplyDelete
    Replies
    1. //ඒකාබද්ධ විපක්ෂයේ සිටින සොරු කවුරුන්ද? කරන ලද සොරකම් මොනවාද? නම් ගම් ඇතිව හෙළි කරන්න. ඇයි බයද?//

      අපි බය නෑ.. ඔන්න නම ලියාගන්න ..... අර්ජුන් මහේන්ද්‍රන්....ගම සින්ජොප්පූරුව... ඇතිද නැත්නම් තව ඕනෙද?

      Delete
    2. //ඒකාබද්ධ විපක්ෂයේ සිටින සොරු කවුරුන්ද? කරන ලද සොරකම් මොනවාද? නම් ගම් ඇතිව හෙළි කරන්න. ඇයි බයද?//

      "ඒකාබද්ධ විනාශයේ" සිටින සියළුම දෙනා කම්බ හොරු නිසා අමුතුවෙන් අහවලා, අහවලා සහ අහවලා කියලා නම් කරන්න දෙයක් නෑ.

      Delete
    3. "ඒකාබද්ධ විනාශයේ" සිටින එක හොරෙක් තමයි Sa rasa නමැත්තා.

      Delete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා