Posts

Showing posts from January, 2017

බැඳුම්කරෙන් ජීවත් වීම වෙනුවට ඇත්ත සෙවීමේ මාධ්‍යකරණය

Image
මහ බැංකු බැඳුම්කර සිද්ධිය යනු මේ වන විට දේශපාලකයන්ට හා මාධ්‍යවලට හිතෙන හිතෙන හැටියට විකුණාගත හැකි දෙයක් බවට පත් වී තිබේ. සාමාන්‍ය ජනතාවට මේ මහේක්ෂ ආර්ථික කාරණා තේරෙන්නේ නැත. මෙම කරුණු ඔවුන්ට තේරෙන බසින් සරළව කියා දීම මාධ්‍යවල කාර්යයි. මෙතැන සිදු වූ සිදු වීම වන්නේ මෙයයි: මහ බැංකුව 12.5%ක ස්ථිර පොළියට තිස් අවුරුදු කාලයක් තුළ ගෙවීම පිණිස රු. බිලියනයක් අවශ්‍ය බව ප්‍රාථමික මුල්‍ය වෙළඳපොළට දැනුම් දුන්නේ ය. එහෙත්, අවසානයේදී, අසාමාන්‍ය අන්දමට කටයුතු කරමින්, රජය රු. බිලියන 10ක් ම ණයට ගත් අතර එයින් රු. බිලියන පහක් ම රජයට ණයට දුන්නේ එවකට මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍ර‍න්ගේ බෑණා වන අර්ජුන් ඇලෝසියස්ට අයත් පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමයි. මෙම ගනුදෙනුවෙන් පර්පෙචුවල් ට්‍රෙෂරීස් අධික ලාභයක් ලබන්නේ ඒ වන විට ද්විතීයක වෙළඳපොළේ රු. 120කට පමණ විකිණිය හැකි වූ රු. 100 බැඳුම්කර රු. 91 බැගින් මිළ දී ගන්නට හැකි වීමෙනි. එය අති දැවැන්ත ලාභයකි. මහ බැංකු බැඳුම්කර නිකුතුවෙහිදී රජයට පාඩුවක් සිදු වී තිබේ. අර්ජුන් ඇලෝසියස්ගේ සමාගම දැවැන්ත ලාභයක් ලබා තිබේ. එම සමාගමට එවැනි දැවැන්ත ලාභයක් ලබා ගැනීමට හැකි වුණේ ඇලෝසිය

මේ විගණකාධිපතිත් වැඩ කරන්නේ ජවිපෙ ජාතික ලැයිස්තුව ඉලක්ක කරගෙන ද?

Image
ලංකාව තිබෙන්නේ මේ වගේ හාදයන්ට මැදි වෙලා ය    අඩුවෙන් වැඩ කර වැඩියෙන් වැටුප් හා වරප්‍රසාද බලාපොරොත්තු වන ලක්ෂ 15ක මධ්‍යම පංතිකයන්ගෙන් සමන්විත, අකාර්යක්ෂම ඊනියා සුබසාධන සේවාවන් මත සිය පැවැත්ම සාධාරණීකරණය කර ගන්නා රාජ්‍ය අංශය ලංකාවේ ආර්ථික දේහය මත ඇති දැවැන්ත ම පිළිකාව බව අප මීට කලිනුත් පෙන්වා දුන්නෙමු. ලංකාවේ ජනතාවගේ ජීවිත කාලකණ්ණි කරන බදු හා ණයවලට මූලික හේතුව මෙම අකාර්යක්ෂම රාජ්‍ය යන්ත්‍රයට පොම්ප කරන්නට සිදු වී තිබෙන මහජන මුදල් කන්දරාවයි. සමස්තයක් ලෙස ම රාජ්‍ය සේවය ජන පීඩක ය. ඉහළ රාජ්‍ය නිලධාරීන් දේශපාලකයන් තරමට ම හෝ ඊටත් වඩා දූෂිත ය. තීරු බදු රහිත වාහන, විදේශ සංචාර වැනි වරප්‍රසාද රැසක් ද දේශපාලකයන් සේ ම ඔවුහු මහජන මුදලින් භුක්ති විඳිති. ඇත්ත වශයෙන් ම, ජනතාව වැඩියෙන් ම පීඩාවට පත් වන්නේ ප්‍රමාණාත්මකව දේශපාලකයන් සංඛ්‍යාවට වඩා වැඩි මෙම ස්ථරය විසින් කරනු ලබන දූෂණ හා ඔවුන්ගේ අකාර්යක්ෂමතාව හේතුවෙනෙි. එහෙත් ඔවුහු දේශපාලකයන්ට මුවා වී සිය සොරකම් වසාගෙන සිටිති. රාජ්‍ය නිලධාරීන්ගේත්, දේශපාලකයන්ගේත් කුහකකම හොඳින් නිරූපණය කරන අවස්ථාවකි, පෙබරවාරි මාසයේදී ගැසට් කිරීමට නියමිත බව කියන ජාතික විගණ

නැගෙනහිර සුළඟ විසින් බටහිර සුළඟ ජය ගනීවි ද?

Image
මැතිවරණ ව්‍යාපාරයේදී වූ පොරොන්දුවක් ඉටු කරමින් ඇමරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍ර‍ම්ප් පසුගිය සඳුදා අන්තර්-ශාන්තිකර හවුල්කාර වෙළඳ ගිවිසුම අවලංගු කිරීමේ විධායක තීන්දුවකට අත්සන් කළා. ඒ සමග ම එක්සත් ජනපදය සිය ආසියාතික හවුල්කාර රාජ්‍යයන්ගෙන් ඈත් වීම ආරම්භ කරනවා. අන්තර්-ශාන්තිකර හවුල්කාරිත්වය යනු ශාන්තිකර සාගරයට මායිම් වන රටවල් 12ක් අතර බදු කපාහැරීමට, වෙළඳාම දිරිගැන්වීමට සහ ආර්ථික ප්‍ර‍තිපත්ති හා නීති සම්බන්ධයෙන් සමීප සම්බන්ධතා ගොඩනගා ගැනීමට ඉවහල් වන සම්මුතියකි. එය ලෝකයේ ආර්ථිකයෙන් 40%ක් තරම් විශාල කලාපයක්. මිලියන 800ක් වන එහි ජනගහණය යුරෝපා සංගමයේ ජනගහණය මෙන් දෙගුණයක්. ජපානය, මැලේසියාව, වියට්නාමය, සිංගප්පූරුව, බෘනයි, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, කැනඩාව, මෙක්සිකෝව, චිලී හා පේරු මේ රටවල් 12 අතර තිබෙනවා. වසර 2016 පෙබරවාරි මස අත්සන් කරන ලද මෙම ගිවිසුම මේ වන විට ජපානය විසින් ක්‍රියාත්මක කර තිබෙනවා. එක්සත් ජනපදය මෙයට අත්සන් කළත්, රිපබ්ලිකන් බහුතරයකින් සමන්විත කොංග්‍ර‍සයේදී මෙය සම්මත වුණේ නැහැ. එහෙත්, එක්සත් ජනපදය මෙම පුළුල් සන්ධානයේ වැදගත් හවුල්කරුවෙක් වුණා. හිටපු ජනාධිපති බරක් ඔබාමා මෙය

හොරකම් ඇති බව පොඩි අයත් දනිති. හොරකම් අල්ලන හැටි කවුරුත් නො කියති.

Image
නවතම ආර්ථික හා මුල්‍ය අපරාධ විමර්ශන විශේෂඥවරයා බැඳුම්කර වංචාව වනාහි නීතියේ සිදුරුවලින් රිංගා ගහන ලද දැවැන්ත ගේමකි. එය අලුත් දෙයක් නො වේ. හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් ද මේ ගේමෙහි ඔස්තාද් කෙනෙකි. එන්ට්‍ර‍ස්ට්, ෆස්ට් කැපිටල්, පර්පෙචුවල් ට්‍රෙෂරීස් වැනි මුල්‍ය සමාගම් පසුපස ඔහුගේ ද සෙවණැල්ල තිබේ. රජයට ණය දීම මේ වන විට ලංකාවේ මුල්‍ය වෙළඳපොළේ ප්‍ර‍ධාන ම ව්‍යාපාරයයි. සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තයක් ආරම්භ කරන්නට ව්‍යවසායකයෙකුට ණයක් ගැනීම පහසු නැත. බැංකු හා මුල්‍ය ආයතන මහජනතාවට සුළු පොළියක් ගෙවා ලබා ගන්නා තැන්පතු ඍජුව හා වක්‍ර‍ව රජයට ණය දීමට යොදා ගනියි. මේ රජය කෙතරම් පිළලයක් ද යන්න අමුතුවෙන් කියන්නට උවමනා නැත. මහේක්ෂ ආර්ථික තලයේදී රජයේ ණය ගැනීම් කාලයක් තිස්සේ ම සිදු වෙමින් තිබුණේ පාරදෘෂ්‍ය ලෙස නො වේ. මෙය පුළුල් පදනමකින් විමර්ශනය කර සියලු වගඋත්තරකරුවන් නීතිය ඉදිරියට ගෙන ආ යුතු ය. හිටපු මහ බැංකු අධිපතීන් මෙන් ම මහ බැංකුවේ නිලධාරීන් රැසක් ද මේ අතරට වැටේ. ඒ වෙනුවෙන් ජනාධිපති කොමිෂමක් පත් කිරීම යුක්තියුක්ත ය. 2015 පෙබරවාරි බැඳුම්කර නිකුතුව සම්බන්ධයෙන් මූලික ගැටලු මතු වන්නේ අර

මා සමලිංගික ද?

Image
“ඔයා අපේ පැත්තෙ ද?" කියලා ඊයේ මගෙන් කෙනෙක් ඇහුවා. ඒකෙන් අදහස් කළේ මම ගේ, ලෙස්බියන්, ද්විලිංගික, සංක්‍රාන්ති ලිංගික එහෙම නැතිනම් ලිංගික සමාජභාවය ප්‍රශ්න කරන ප්‍රජාවේ කෙනෙකු ද කියලා. සමාජයේ මේ ජනයාට එරෙහිව තිබෙන භීතිකාවන් නිසා ඔවුන් දැඩි පීඩාවකට පත් වන බව ඇතැම් විට ඔබ නො දන්නවා ඇති. ඒ පිළිබඳ   මෙම ලිපියෙන්   කියවන්න. මේ ප්‍රශ්නය වැදගත්. අපි දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටිනකොට ඇතැමෙකු හෙව්වා, මගේ අම්මා හෝ බිරිඳ හෝ වෙන ඥාතියකු හෝ දෙමළ ද කියලා. සත්ව අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී ඉන්නකොටත් එහෙම හොයනවද දන්නෙ නැහැ. මම ලංකාවේ ධනේශ්වර ක්‍රමයේ ප්‍රධානතම සූරාකන්නන් පිරිස වන රජය හා සම්බන්ධ මධ්‍යම පංතිකයන්ට එරෙහිව පෙනී සිටිනකොට ඇතැමෙක් මට චෝදනා කරනවා මාත් රජයේ සේවයේ හිටියා ය කියලා. යම් කිසි පීඩිත ප්‍රජාවක් වෙනුවෙන් පෙනී සිටින අය හැම විට ම ඒ පීඩිත ප්‍රජාවට අයිති විය යුතු නැහැ. සමහරවිට, එකී පීඩිත ප්‍රජාවේ හැම සාමාජිකයෙකු ම තමන්ගේ හිමිකම් වෙනුවෙන් පෙනී නො සිටියදීත්, අපි ඒ හිමිකම් වෙනුවෙන් පෙනී සිටින එක අතහැර නො දැමිය යුතුයි. පීඩක ප්‍ර‍ජාවේ පිරිස් පීඩිතයන් වෙනුවෙන් පෙනී සිටීම ත

ඉතිහාසය ඇඟිලි අතරින් රූරා හැලේ; අලෝකෝ උදපාදි

Image
ආලෝකෝ උදපාදි චිත්‍රපටයේ නිර්මානකරුවා ඉතිහාසය අල්ලා ගන්න උත්සාහ කරන්නේ ඇඟිලි විහිදවූ අතකින් වතුර ගන්නට හදනවා වගේ ය කියා මට හිතෙනවා. ඇඟිලිවල ඉතිහාසයේ වතුර ගෑවෙනවා. ඒත් ඇත්තෙන් ම ඉතිහාසය ඒ ඇඟිලි අතරින් රූරා බිමට හැලෙනවා. එහෙම වෙන්නට මූලික හේතුව මොකක් ද? ඒ හේතුව සංකේතවත් කරන ජවනිකාවක් මේ චිත්‍රපටයේ ම තිබෙනවා. මතකද අර වලගම්බා රජු සොයාගෙන එන සතුරන්ට හමු වන ගැහැනු ළමයා හා ඇගේ බෝනික්කා. ඒ ළමයා බෝනික්කා නළවන දර්ශනය අපි වෙන ම අරගෙන බැලුවොත් ඒක අවුරුදු දෙදාහකට වඩා ඈත අතීතයේ සිදු වූ දෙයක් ය කියන්නට පුළුවන් ද? බෝනික්කන් ලංකාවට ආවේ කොහෙන් ද? බෝනික්කන් විතරක් නෙමෙයි, පිදුරුවලින් හදපු පඹයන් ගැනවත් අපේ ඉතිහාසයේ සඳහන් වෙනවා ද යන්න අධ්‍යයනය කර බැලිය යුතුයි. බොහෝ විට බෝනික්කන්, පඹයන් අපේ රටට ආවේ බටහිරින් වෙන්න පුළුවන්. අද කාලේ අපට හිතෙන්න පුළුවන් බෝනික්කා හැමදාමත් අප ළඟ ඉන්න ඇති ය කියලා. බෝනික්කා කියන වචනෙ නිරුක්තිය හොයාගෙන ගියොත් සමහර විට එය ප්‍රංශ භාෂාව දක්වා වුණත් යන්නට පුළුවන්. මේ රටේ ළමයි එදාත් බෝනික්කන් එක්ක සෙල්ලම් කළා ද? ඒ කාලෙත් ගැහැනු ළමයින් බෝනික්කන් එක්ක සෙල්ලම් කරද්දී පිරිමි ළමයින් රෝ

සමාජ ජාල සිංහල සාහිත්‍යයේ කැරැල්ල

Image
සමාජ ජාල සිංහල සාහිත්‍යය කිව්වා ම ඒක නිකම් හොල්මන් ද පොල්කොළ කියලා කාට හරි හිතෙන එක අසාධාරණ නැහැ. හේතුව එහෙම එකක් තියෙනවා ය කියලා කවුරුවත් ලොකු පොරක් තාම කියලා නැහැ නේ. හැබැයි, තමන්ගේ නිර්මාන අන්තර්ජාලයෙන් පළ කිරීම ඔස්සේ ඉදිරියට ගිය බොහෝ අය අපේ රටේ ඉන්නවා. උදාහරණයක් ලෙස ගත්තොත් ගප්පියා සිංහල ශ්‍රව්‍ය දෘෂ්‍ය කලාවට නෝ බජට් තාක්ෂණය ඔස්සේ නව මානයක් හඳුන්වා දුන් කෙනෙක්. සමාජ ජාල සිංහල සාහිත්‍යය පවතින්නේ බ්ලොග්, ෆේස්බුක් වැනි අවකාශයන්ගේ සිදු වන නිර්මානකරණය ඔස්සේයි. එහි මූලිකත්වය ලැබෙන්නේ ප්‍රකාශනයට මිස ඊනියා සදාචාරයට, සම්මතයන්ට, පොත් ප්‍රකාශකයන්ට, පොත් වෙළෙන්දන්ට හෝ විචාරකයන්ට නෙමෙයි. ඒ නිසා තමන්ගේ ප්‍රකාශනය කළ පසු එය එතනින් අහවරයි. සම්මාන අරවා මේවා පසුපස හඬ හඬා දුවන විකාර අවමයි. පුවත්පත් කලාවෙන් පුරවැසි මාධ්‍යකරණයට ආපු, ගෙවල්වල රූපවාහිනී තියා විදුලි බලයවත් නැති කාලෙ උපන් පනහ පැනපු ඩයල් එකක් වන මේ කියන මා ද මේ වන විට මගේ නිර්මානකරණ මාධ්‍යය කරගෙන තියෙන්නේ සමාජ මාධ්‍ය. අපේ පරම්පරාවේ විතරක් නෙමෙයි, අපට වඩා වැඩිමහළු අයත් දැන් මේ ක්ෂේත්‍රයට පිවිසෙමින් ඉන්නවා. තාක්ෂණික දැනුම නැතිකමේ තමන්ගේ අ

මේ දවස්වල ස්වර්ණා

Image
සබන් ගාගෙන නාන අය ළඟ තැවරි තැවරි ඉන්නකොට තමන්ගෙ ඇඟෙත් සබන් ගෑවෙනවා ය කියා හිතාගෙන ඉන්න ලංකාවෙ කලා සමාජය කාලෙන් කාලෙට කාගෙ හරි ඇඟේ ඇතිල්ලෙනවානේ. මේ දවස්වල ස්වර්ණා. ස්වර්ණා එක්ක බීපු හැටි කියන අය නම් තාම දැක්කෙ නැහැ. ස්වර්ණා ගැන මං කියවපු හොඳම සටහන තමයි පහත උපුටා දක්වන්නෙ. ලිව්වෙ තරංගා කුලරත්න. බොරුවෙන් ම පිරිච්ච සමාජයක ඇත්ත තිත්ත තමයි. බෙහෙතුත් තිත්තයි. මෙතනින් පහළට තියෙන්නේ තරංගා කුලරත්න ලියූ සටහන.  පර්සනල් දැන හැදුනුම්කම් මං පොඩ්ඩකට පැත්තකින් තියනවා. ස්වර්ණා සෙන්සේෂනලයිස් කිරිල්ල මේ දවස් වල තදට කෙරෙනවා පේනවා. ලංකාවේ කට්ටිය තමුන් වැඩිමනත් දේවල් නොදන්න, සර්ෆස් ලෙවල් එකේ දේවල් දන්න ජීවිත වලට මෙෂර්මන්ට්ස් හදන්නෙ, ලයිට් බිල්කාරයො මීටරේ බලන්නැතුව එස්ටිමේටඩ් බිල හදනවා වගේ. එහෙම හදන මෙෂර්මන්ට්ස් වලට රෙදි අරන්, කපලා මහලා, ෂුගර් කෝටඩ් සූට් එක දානවා මීඩියා හරහා. මං හිතන්නෙ, දැන්, ස්වර්ණා ඇඳන් ඉන්නේ මොන සූට් එකද කියන එක ගැන ස්වර්ණා දැනුවත්. ඇහේ මිම්මට මෙෂර්මන්ට්ස් අරන්, කපලා මහලා දුන්න/දෙන අය තමයි දැනුවත් නැත්තෙ. වැ‍ඩේ නැගලා යන නිසාමද මන්දා මට පරණ ආටිකල් එකක් මතකෙට ආවා. 2010

අත් පොරව (කෙටිකතාවකි. අපරාධයකි. ළමයින්ට සුදුසු නැත. සත්‍ය සිද්ධියකි)

Image
ඔහු ත්‍රිරෝද රිය පාරට නො පෙනෙන ලෙස පඳුරු ගොල්ලකට මුවා වන සේ නවතා, ගෙල හරවා පසුපස බලා දඟකාර ලෙස හිනැහුණේ ය. තරුණ විය පියමං කරමින් සිටියත්, ඔහු තවමත් කඩවසම් ය. නවීන විලාසිතාවකට අනුව කොණ්ඩය පැත්තක් බොහෝ අඩු වන සේ කපා ඇත. එක් කණක කරාබුවකි.  නගරයේ ත්‍රිරෝද නැවතුම්පළේදී ඔහු දෙස බැලූ මුල් බැල්මෙන් ම එය ඔහු ළඟ තවමත් ඇති බව ඇය දැන ගත්තා ය. උඩ බොත්තම් නො පියවූ කමිසයෙන් ඝන රන් මාලයත් එහි නැව් සුක්කානම් මාල පෙත්තත් පිටට පනින අයුරු ඇය ආසාවෙන් බැලුවා ය. ඔහුගේ අතට ද අලුත් රන් දම්වැලක් එක් වී තිබේ. ඒ අත තරුණ ය. කඩවසම් ය. තලෙලු දකුණු අත්ගොබයේ වැලමිටට උඩින් කමිස අතට වැසෙන සාවිය දක්වා කළු ලොකු පච්ච රටාවකි.  ඔහු ඇගේ අත ගෙන දෑස් දෙස බලා සුන්දර හිනාවක් පෑවේ ය. “යමු." ඔවුහු අතිනත ගෙන අඳුරු තේක්ක කැලයේ ගැඹුරට ම ඇවිදගෙන ගිය හ. එය රාත්‍රී රෑසියන් හඬන, අජීවී, මූසල කැලෑවකි. තමන් ද ඇවිද යන්නේ යන්නේ අවතාරයක් ලෙස නොවේදැයි ඇයට සිතිණි.  ඇය නිතැතින් ම ඔහුගේ අත දැඩිව අල්ලා ගත්තා ය.     වැඩ කර ගොරෝසු වූ, නිය තුඩු කැඩී ගිය, නො මැකෙන කහට නිය කන්නාවල රැඳි ඇගේ අතට වඩා ඔහුගේ තරුණ දීප්තිය තවමත් රැඳුණ අත සිනිඳු

දූල්වල අලංකාරේ අලංකාරය ඔබ තවම දුටුවේ නැද්ද?

Image
සම්මානලාභී නවකතා කියවීම නිසා අවසානයේදී ගත වූ කාලය වෙනුවෙන් ඇති වූ කලකිරීම හේතුවෙන් දූල්වල අලංකාරය මිළ දී ගැනීමෙන් හා කියවීමෙන් වැළකී සිටියමි. එහෙත්, පසුගිය දිනෙක පුස්තකාලයකදී අත ගැටුණු එය ගෙදර ගෙනැවිත් කියැවූ මට ඇති වූ විස්මය සමග නැවත එය කියවීමට පෙර මෙම සටහන තබමි. ඉතිහාසය නැවත ලියන නවකතා යයි කියමින් ඉතිහාසගත කාන්තා චරිත සංසර්ගයේ යෙදුණු හැටි අවුස්සන හෝ එතනිනුත් එහාට ගොස් ඉතිහාසයේ කාන්තා චරිත සමග රමණය කරන හා ඉතිහාසය උඩ තබා වර්තමානයේ තම තමන්ගේ ඔලුවල පහළ වන විකාර සිතුවිලි මෝචනය කරන ඊනියා රැඩිකල් ඉතිහාස නවකතා රැල්ලට එරෙහිව නියම ඉතිහාස නවකතාව නම් මේ යයි කියන නවකතාවක් ලෙස සුමුදු නිරාගී සෙනෙවිරත්න ලියූ දූල්වල අලංකාරේ සැලකිය හැකි ය. අපභ්‍රංස ගොඩක් කවරයට තබා බැඳ සීරියස් කියවීමක් අවශ්‍ය යයි තමන් ම හෝ තමන්ගේ හිතවතුන් ලවා කියවා ගන්නා කොළඹ සාහිත්‍ය මාෆියාවේ නවකතාව කෙසේ වෙතත්, ඉතා බැරෑරුම් කියවීමක් සැබැවින් ම ඉල්ලා සිටින ගැඹුරු නවකතාවකි, දූල්වල අලංකාරේ. එය වනාහි නැවත නැවත කියවා රස විඳ ගත හැකි නවකතාවකි. දූල්වල අලංකාරේ ප්‍රස්තුත කර ගන්නේ චරිතවලටත් වඩා කාල රාමුවකි. සමාජ පරිවර්තනයකි. එහිදී වඩා වැ

හෝමොසෙක්ෂුඅල් ලොක්කාගේ හෝමොෆෝබියා අරාජික කැබිනට්ටුව

Image
මේ පුවත ගැන කතාව මෙතැනින් පිවිස කියවන්න රට ක්‍ර‍ම ක්‍ර‍මයෙන් අරාජිකත්වයක් කරා ගමන් කරමින් තිබෙන බව වික්ටර් අයිවන් කිහිප වරක් ම කියනු අසා ඇත්තෙමි. මෙය කදිමට නිරූපණය වූ තැනකි පසුගිය කැබිනට් මණ්ඩල රැස්වීම. විශේෂයෙන් ම එහිදී ජී.එස්.පී. ප්ලස් ලබා ගැනීම සඳහා යයි කියමින් යෝජනා කරන ලද නීති සංශෝධන පිළිබඳ සාකච්ඡාව මේ අරාජිකත්වයේ කදිම නිරූපණයකි. ජී.එස්.පී. ප්ලස් ලබා ගැනීම සඳහා රටක් සමලිංගිකත්වය හෝ ගණිකා වෘත්තිය හෝ නීතිගත කළ යුතු නැත. එහෙත්, විදේශ අමාත්‍යාංශය විසින් සකසනු ලැබූ බව කියන කැබිනට් පත්‍රිකාවට ඒ හා සම්බන්ධ යෝජනා ද එකතු වී තිබිණි. ශ්‍රී ලංකාව මහා පරිමාණෙන් සමලිංගික සම්බන්ධතා, ගැහැනු-පිරිමි-සමලිංගික ගණිකා වෘත්තිය මෙන් ම ගබ්සා ද සිදු වන රටකි. සමලිංගිකත්වය කෙතරම් දුරට රටේ මුල් බැසගෙන තිබේ ද යත්, කැබිනට් මණ්ඩලයේ සිටින කිහිපදෙනෙකු ම සමරිසි අය බව ප්‍ර‍කට ය. එසේම, ඔය හුටපටය හා සම්බන්ධව Transactional sex ගැන ද කියැවිණි. හුවමාරු ලිංගිකත්වය ලෙස හැඳින්විය හැකි මෙය ගණිකා වෘත්තියේ ම සුපිරි පැතිකඩකි. එහිදී කලින් ගනුදෙනු කතා කර ගැනීම අනිවාර්ය ලක්ෂණයක් නො වේ. එය ලිංගික තෑගි හුවමාරු කර ගැනීමක

රතනගේ මුට්ටිය, චම්පිකගේ ගැට හා අනුරගේ ගණිතය

Image
අපේ රටේ අනාගතේ පුංචි අපි තමයි  රනිල් කාලයක් තිස්සේ අවස්ථාවක් ඉල්ලමින් සිටියේ ය. වර්ෂ 2015දී මේ රටේ ජනතාව ඔහුට ඒ අවස්ථාව දුන්නෝ ය. ඔහු යම් යම් දේ කරමින් සිටියි. කරනවාටත් වඩා, ඔහු සිටින්නේ මාර උද්දාමයෙනි. ඔහුත්, ඔහු වටා සිටින සහචර නඩයත් ඉන්නේ ආතල් එකේත් සුරතාන්තයේ බව පෙනේ.  මේ ආතල් කට්ටියට කියන්නට තියෙන්නේ මේකයි. මහින්දට කෙළ වූ පසු ඔහු පසුපස යන්නට බැලයන් පිරිසක් සිටිය හ. ඒ නිසා ඔහු තාමත් ජාමෙ බේරාගෙන හිරේ නො ගොස් සිටියි. රනිල් ඔයාට නම් කෙළ වූ දවසට මෙයා කවුරුවත් නැත. ඔයාගේ පක්ෂය පවා ඔයා අවිශ්වාස කරද්දී මෙයා ඔයාව අපි විශ්වාස කළෙමු. ඔයා මේ බැඳුම්කර කේස්සෙකෙන් අපට සුහද කොකා පෙන්නුවේ ය. වසර 2020න් පසු ඔයාට තිරුපතිවල ඉන්න අර ඔයාගේ දෙයියන්ගේ ම පිහිටයි. ඉදිරි වසර තුනේ මොනවා හරි කළොත් ඔයාට චාන්ස් එකක් තිබේ.  ඔයාගේ ඔඩොක්කුවේ සිටින චම්පික එයාගේ රතන, ඥානසාර ආදී සාදුලා ලිහා දමා ඇති බව පෙනේ. මේ හනුමලා ඔය ලෑස්ති වෙන්නේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයකට සූදානම් වන අවස්ථාවේ නැවත වතාවක් රට බෙදෙනෝ යි කියමින් රට ගිනි තියන්නට ය.  මේ අවස්ථාවේදී නම් ඇත්තට ම බලලෝභීන් බොහෝ දෙනෙකුට යුද්දෙ නැතුව පාළු බව පෙ

ධර්මදාසගේ චින්තනය හා ධර්ම දේශකයන්ගේ විරෝධය

Image
‘කැපිටලිසම් කියන එක ලෝකෙට හඳුන්වා දෙන්නේ කාල් මාක්ස්. ඒ එයාගේ දාස් කැපිටාල් කියන ෆික්ෂන් එක ඇතුළේ. සොෂලිසම් කියන සුපර් හීරෝව හදන්න එයා කැපිටලිසම් කියන සුපර් විලන්ව නිර්මාණය කරනවා. එහෙම නැතුව කැපිටලිසම් කියල එකක් ලෝකේ කොහේවත් පැවතුනා නෙමෙයි. ශිෂ්ටාචාරේ පටන් ගත්ත තැන ඉඳන් මිනිස්සු ජීවත් වුණු සාමාන්‍ය විදිහ මාක්ස් කැපිටලිසම් කියල ප්‍රබන්ධගත කරනවා. ඒකට ලෝකේ වටේම ෆෑන්ස්ලා හැදෙනවා. විප්ලවය කියන්නේ ඒකෙ මාකටින් කැම්පේන් එක.’ චින්තන ධර්මදාස විසින් කරන ලද උක්ත ප්‍ර‍කාශය විසින් ලංකාවේ වාමාංශික දේශපාලනය තුළ ඇති කරන ලද කම්පන තරංගය තවමත් ප්‍ර‍තිකම්පනය වෙමින් තිබෙනු දක්නට ලැබේ. යමෙකු ආගමක් විවේචනය කළ විට ආගමික සමාජයෙන් එයට ප්‍ර‍තිචාර දැක්වෙන ආකාර දෙකක් තිබේ. එකක් වන්නේ විවේචකයා මරා දැමීමයි. එසේ කිරීමෙන් තමන්ගේ භක්තිය වැඩිපුර ප්‍ර‍දර්ශනය කළ හැකි ය. ඒ සඳහා වැඩිය කරදර වෙන්නට ද උවමනා නැත.  වර්තමානයේදී නම් කුණුහරුප ටිකක් ෆේස්බුක්හි ලිව්වත් ඇති ය. මේ ප්‍ර‍ශ්නයේදී ද පිරිසක් එසේ කළ හ. අනෙක් පිරිස වන්නේ මෙම විවේචනයට බුද්ධිමය ලෙස ප්‍ර‍තිචාර දැක්වීමෙන් එය පරාජය කළ යුතු යයි සිතන අයයි. බව බ්ලොග් අඩවිය

දීපාල් සිල්වාගේ ආනන්ද භවන් ගීතයේ පසුබිම් කතාවක්

Image
දීපාල් සිල්වාව අපි වින්දෙ වෙන ම තලයක. ඒ නිසා අපි මේ ගීයත් රස විඳිනවා. ඒකෙ ඇතුළෙ තියෙන දේශපාලනයට අපි ගරු කරනවා. ඒත්, කරුණාරත්න අමරසිංහ සූරීන් මේ ගැන මතු කරපු කාරණයකුත් ඇත්තෙන් ම නො සලකා හරින්න බැහැ. ඔහු කීවේ දීපාල් සිල්වා විසින් විකෘති කරනු ලැබුවේ ඉතා සම්භාවනීය හින්දි ගීයක් බවයි. මෙම ගීයේ මුල් ගීතය අඩංගු වුණේ 1943දී තිරගත වුණ කිස්මට් නම් චිත්‍රපටයේයි. එය ගායනා කළේ අමීර්බායි කර්නාටකී නම් කන්නඩ ගායිකාව හා නිළියයි. මහාත්මා ගාන්ධි පවා ඇගේ ගීවලට ඇලුම් කළ බව කියැවෙනවා. මේ ගීයේ නිර්මාපකයා අනිල් බිස්වාස්. මෙය ක්‍රිෂ්ණා වෙනුවෙන් ගයන බැති ගීයක්. මේ ගීයේ මුල් අරුතට ආසන්න වන පරිදි සිංහලෙන් කළ මුල් කාලීන බොදු බැති ගීයක් තමයි මහ බෝධි මුලේ. යූ.ඩී. පෙරේරා ලියූ නිල් පාටින් දක්වා ඇති පද ටිකෙහි සුන්දරත්වය බලන්න. මහ බෝධි මුලේ විදුරස්නේ රැස් විහිදෙන්නා මහ සාත් තුමාණෝ විදුරස්නේ වැඩ ඉන්නා රාසී සදෙව් ලො සුරනා ගුණ ගීත නාද දී අහසේ සුරංගනාවෝ මනරම් රැඟුම් දි දී පුදනා සඳේහි දෙව් ලෝ මල් වැස්ස වහින්නා මහ සාත් තුමාණෝ විදුරස්නේ වැඩ ඉන්නා වෛශාඛ්‍ය චන්ද්‍ර කාන්ති සුරම් මලානීක වී ශ්‍රී කාන්ති පාන