මා සමලිංගික ද?

“ඔයා අපේ පැත්තෙ ද?" කියලා ඊයේ මගෙන් කෙනෙක් ඇහුවා. ඒකෙන් අදහස් කළේ මම ගේ, ලෙස්බියන්, ද්විලිංගික, සංක්‍රාන්ති ලිංගික එහෙම නැතිනම් ලිංගික සමාජභාවය ප්‍රශ්න කරන ප්‍රජාවේ කෙනෙකු ද කියලා. සමාජයේ මේ ජනයාට එරෙහිව තිබෙන භීතිකාවන් නිසා ඔවුන් දැඩි පීඩාවකට පත් වන බව ඇතැම් විට ඔබ නො දන්නවා ඇති. ඒ පිළිබඳ මෙම ලිපියෙන් කියවන්න.

මේ ප්‍රශ්නය වැදගත්. අපි දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටිනකොට ඇතැමෙකු හෙව්වා, මගේ අම්මා හෝ බිරිඳ හෝ වෙන ඥාතියකු හෝ දෙමළ ද කියලා.

සත්ව අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී ඉන්නකොටත් එහෙම හොයනවද දන්නෙ නැහැ.

මම ලංකාවේ ධනේශ්වර ක්‍රමයේ ප්‍රධානතම සූරාකන්නන් පිරිස වන රජය හා සම්බන්ධ මධ්‍යම පංතිකයන්ට එරෙහිව පෙනී සිටිනකොට ඇතැමෙක් මට චෝදනා කරනවා මාත් රජයේ සේවයේ හිටියා ය කියලා.

යම් කිසි පීඩිත ප්‍රජාවක් වෙනුවෙන් පෙනී සිටින අය හැම විට ම ඒ පීඩිත ප්‍රජාවට අයිති විය යුතු නැහැ. සමහරවිට, එකී පීඩිත ප්‍රජාවේ හැම සාමාජිකයෙකු ම තමන්ගේ හිමිකම් වෙනුවෙන් පෙනී නො සිටියදීත්, අපි ඒ හිමිකම් වෙනුවෙන් පෙනී සිටින එක අතහැර නො දැමිය යුතුයි. පීඩක ප්‍ර‍ජාවේ පිරිස් පීඩිතයන් වෙනුවෙන් පෙනී සිටීම තත්වයන් වෙනස් කිරීමට කරන ලොකු දායකත්වයක්.

අපි එක් යුගයක දෙමළ ජනතාවගේ ස්වයං නිර්ණ හිමිකම වෙන්වීමේ අයිතියත් එක්ක ම පූර්ණ වශයෙන් පිළි ගත්තා. යුද්ධය පවතිද්දී ම දෙමළ ජනතාවගේ වෙන් වීමේ අයිතිය නිර්භයව පිළි ගන්නට එඩිතර වූ හා ඒ වෙනුවෙන් සිංහල සමාජය තුළ පෙනී සිටින්නට උත්සාහ කළ වාමාංශික කණ්ඩායම් කීපයක් ලංකාවේ තිබුණා. ඒ අයට ඒ නිසා විශාල වන්දියක් ගෙවන්නට සිදු වුණා. හිරු කණ්ඩායම, අකුණ කණ්ඩායම (ඒ නම මම යොදන්නෙ ඒගොල්ලන් අකුණ නමින් පත්තරයක් කළ නිසායි. ඒගොල්ලන්ට පැහැදිලි නමක් තිබුණෙ නැහැ), නව සමසමාජ පක්ෂය මේ සඳහා උදාහරණයි. කොටි සංවිධානය ප්‍ර‍බලව තිබෙද්දී දෙමළ ජනතාවගේ ස්වයං නිර්ණ අයිතිය යනු හුදු සටන් පාඨයක් විතරක් නෙමෙයි. කොටි සංවිධානය පරාජය කිරීමෙන් පසු දැනට නම් එය හිස් වගන්තියක් විතරයි. දැන් ඒක උස්සන එකෙන් දෙමළ සමාජයේ කාලකණ්ණිකම වැඩි වෙනවා හැර වෙන දෙයක් වෙන්නෙ නැහැ.

ආපහු මුල් ප්‍රශ්නයට ආවොත්, කෙනෙකුගේ ලිංගික නැඹුරුතා කියන්නේ අතිශය පෞද්ගලික, හෙළිදරව් කරන්නටත් අවශ්‍ය නැති දෙයක් වුණත්, මම එහෙම ඇසූ අයට කිව්වේ මම ලිංගික වශයෙන් උනන්දු කාන්තාවන් ගැන විතරයි කියන එකයි. ෆේස්බුක්හි චැට් කරන, තමන්ගේ ශිශ්නයේ පිංතූර එවන, එහෙම එවලා මිත්‍රත්වය අහිමි කර ගත් අයට දැන ගැනීමට තමයි මෙය ප්‍රසිද්ධියේ කියන්නේ. (මං උනන්දු වෙන අංශෙ කට්ටිය ඉතින් දැන් පොර කකා මගෙ පස්සෙන් එන්නට එපා, හොඳේ.)

මා ලියන කියන්න වෙබ් අඩවිය ලිංගික හා ප්‍රජනන සෞඛ්‍ය හිමිකම් වෙනුවෙන්, සමාජ ස්ත්‍රී පුරුෂාදී සමානාත්මතාව වෙනුවෙන් සමාජය දැනුවත් කරන්නට වෙන් වුණ වෙබ් අඩවියක් නිසා මා එ් හා සම්බන්ධ ප්‍රශ්න මතු වූ විට ඒ ගැන වැඩිපුර ලියනවා. කැම්පේන් කරනවා. විශේෂයෙන් ම මෙවැනි ප්‍ර‍ශ්නයක් මතු වූ විට, සමාජය දැනුවත් කරන්නට එය භාවිතා කළ හැකියි. ඒත්, මට මේ කාරණා සම්බන්ධයෙන් විවේචනයකුත් තියෙනවා. 

ගේ, ලෙස්බියන්, ද්විලිංගික, සංක්‍රාන්ති ලිංගික එහෙම නැතිනම් ලිංගික සමාජභාවය ප්‍රශ්න කරන ප්‍ර‍ජාව පීඩිත වූ පළියට ම අහිංසක නැහැ. ඔවුන් ද විෂම ලිංගිකයන් තරමට ම ප්‍ර‍චණ්ඩයි. කුහකයි. අවස්ථාවාදීයි. විෂම ලිංගිකයන් කරන සියලු නරක වැඩ ඔවුන් ද කරනවා. සමලිංගිකයන් නිසා මේ රටේ ළමයින්, තරුණ පිරිමි විතරක් නෙමෙයි අප වැනි අංකල්ලා පවා වීදියේදී කරදරයට, හිංසනයට ලක් වෙනවා. මෙය ඇතැම් විට කාන්තාවන්ටත් අදාළ ඇති. 

සමාජ ජාලවලදී ලිංගිකත්වය සෙවීම එකම අරමුණ කරගෙන, බොරු අනන්‍යතාවලින් සමාජයට කරදර කරන ප්‍ර‍ධාන ම බලවේගයක් වන්නේ සමලිංගිකයන්. ඔවුහු ඉතා ආක්‍ර‍මණශීලී ලෙසත් කටයුතු කරනවා. 

පීතෘ මූලික පවුල් හේතුවෙන් විෂම ලිංගිකත්වය බොහෝ දුරට ස්වාභාවිකත්වයෙන් ඈත් වී තිබෙනවා. වෙනත් වචනවලින් කිව්වොත්, පවුල නිසා ගැහැනියකට හා පිරිමියෙකුට තමන් කැමති විදියට ලිංගික සතුට ලබා ගන්නට බාධා වී තිබෙනවා. 

ඒ අව් අස්සේ සමලිංගිකයන් විවාහ වෙන්නට අවසර ඉල්ලන එක මට නම් මළ විකාරයක්. පවුල ගොඩනැගෙන්නේ දේපල නිසා විතරක් නෙමෙයි. ලිංගික ප්‍ර‍ජනනයත් එයට සම්බන්ධයි. සමලිංගිකයන්ට සමාජයේ සමාන තැනක් ලබා දීම කියන්නේ විෂම ලිංගිකයන් කරන සෑම දෙයක් ම කරන්නට සමලිංගිකයන්ටත් අයිතිය ඉල්ලා සිටීම ද? 

ලිංගික හා ප්‍ර‍ජනන සෞඛ්‍ය හිමිකම්, සමාජ ස්ත්‍රී පුරුෂ හිමිකම් වෙනුවෙන් අරගල කරන්නට kiyanna.lk සමග එක් වන්න. 

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. /* (මං උනන්දු වෙන අංශෙ කට්ටිය ඉතින් දැන් පොර කකා මගෙ පස්සෙන් එන්නට එපා, හොඳේ.) */

    පැරාත් තරුණ කාලේ උන්මාද චිත්‍රසේන කෙනෙකු වගේ ඉන්න ඇති එහෙනම්?

    ReplyDelete
    Replies
    1. LGBTQ ක්‍ර‍වුඩ් එකට වැඩියෙන්ම බාල්දි පෙරලන දි*** පත්තරේ අයිතිකාරයත් GAY.ක්‍රිඩා පිටුවෙන් අහල බලන්න.

      Delete
  2. ප්‍රශ්නයක් ගැණ කතා කරන එකාට ඒ ප්‍රශ්නයම තියේ යැයි සිතීම බොහෝ දෙනෙකු කරන වරදක්.

    ඒ වගේ ම, බෝසතා සිදුහත් ලෙස උපදින්න කාලය දේශය වගේ දේවල් එක්ක කුලය (වෙන්ඩ තාත්තා ගේ ජොබ් එක) ගැන හොය බැලුවේත් ඔය වගේ කාරණයක් නිසා නේද? ඉහල කුලයේ නිසා ඔහුට හැකිවුණා මහණ වී, බුදු වී කුල භේදය ගැන කතා කරන්න.

    ReplyDelete
    Replies
    1. බෝසතා බෝදිලිමාට වඩා යහපත් නේද? බෝදිලිමා හදනවාය කියන්නේ යක්පැටවුලු නේ.

      Delete
    2. බොට වඩා බෝදිලිමත් හොඳයි ඇණයෝ

      Delete
  3. අයිතිවාසිකම් ගැන පක්‍ෂව ලියන කොට ඊළඟට කියන කතාව තමයි, උඹේ දරුවෙකුත් ගේ-ලෙස්බියන් වුනොත් උඹට තේරෙයි ඒකේ තියෙන වරද කියන කතාව.

    මට ඉතාම ආසන්නයේ දී මේ කතාව කීවේ නිකං එකෙක් නොවෙයි ඉතා ඉහලට උගත් දොස්තරෙක්. ඒ අර නලින්ද ජයතිස්ස ගැන මං විවේචනයක් කළ වෙලේයි!

    ReplyDelete
    Replies
    1. පෞද්ගලිකව මට නම් ඒක ප්‍ර‍ශ්නයක් නෙමෙයි. මගේ දරුවන් කියන්නේ මගේ දේපලක් නෙමෙයි. ඔවුන්ගේ ජීවිතය අයිති ඔවුන්ටයි.

      Delete
  4. සුනිලා අබේසේකර, ස්වර්නා මල්ලවාආරච්චිලත් ආප්ප කාරියො කියල කිව්ව නේද ඒ කාලෙ

    ReplyDelete
    Replies
    1. මෙහෙම ගොන්පාට් එකකුත් තිබුණා. සාමයට ෆන්ඩ්ස් එනකොට සමහර සිංහල එන්ජීඕ නෝනලාත් නහය විදලා මූකුත්ති දාගත්තා.

      ජෙන්ඩර් රයිට්ස්වලදිත් ඔහොම විකාර වුණා.

      Delete
  5. විවාහය කියන්නේ උත්සවයක්නේ, කාට හරි තමුන් කැමති කෙනෙත් එක්ක ඒ උත්සවය පවත්වන එක නීතියෙන් සීමා කරනවා නම් එ්ක හරියට කාගේ හරි බර්ත් ඩේ එකට උත්සවයක් ගැනීම තහනම් කරා වගේනේ. ලියාපදිංචි කරන ආයතන තමුන්ගේ රාමුවට ගැලපෙන අය විතරක් ලියාපදිංචි කරවීම ගැනත් පිටස්තරයන්ට විවේචන තියෙන්න බෑනේ, සමලිංගිකයන්ටත් තියෙන්නේ තමුන්ගේම කියලා විවාහ ලියාපදිංචි කරන ආයතනයක් පිහිටුව ගැනීම.

    ReplyDelete
    Replies
    1. විවාහය කියන්නේ උත්සවයක් නෙමෙයි. නීතිමය සම්මුතියක්. එය දේපල හිමිකාරිත්වය එක්ක සම්බන්ධයි.

      Delete
    2. on the spot එතනමJanuary 25, 2017 at 1:09 PM

      මගෙ යාලුවෙක් උගෙ කාර් එක ලොරියක හැප්පුන නිසා ලැබුන වන්දියෙන් උත්සවයක් ගත්තා.
      රු.30,000 ක ලාභයක් සමරන්න.
      රු 50 - ගෝලිප්, රු 1490 - ගල්,රු 2300 - ඇස්කොට්,රු 1000 - රොස්ට් චිකන්.
      මහින්දගෙ කාලේ මේ බජට් එකට 40% Discount ආ..

      Delete
    3. "මගෙ යාලුවෙක් උගෙ කාර් එක ලොරියක හැප්පුන නිසා" මලා

      Delete
  6. "ෆේස්බුක්හි චැට් කරන, තමන්ගේ ශිශ්නයේ පිංතූර එවන, එහෙම එවලා මිත්‍රත්වය අහිමි කර ගත් අයට දැන ගැනීමට තමයි මෙය ප්‍රසිද්ධියේ කියන්නේ."

    ඇත්තටම එහෙම එවනවද පැරා ? මේ උඹේ වයසවත් සලකන්නේ නැතුව (අපහාසාත්මක අදහසකින් වයස සිහිපත් නොකෙරේ) ?

    ReplyDelete
    Replies
    1. අසහනේ තරම තමයි. අනෙක ෆේක් ප්‍රොෆයිල් නේ. අතින් පයින් යන එකක් යැ. අනෙක ඕක දැක්කයි කියල අපට උන්ව අඳුනන්නත් බැහැ නේ. සාමාන්‍ය සමාජයෙදි මහත්තුරු වගේ ඉන්නව ඇති.

      ආ, මේකත් කියන්න ඕනැ. අංකල්ලට කැමති වෙන ම කට්ටියක් ඉන්නවා. උන්ගෙන් තමයි බේරිල්ලක් නැත්තෙ.

      Delete
    2. අනේ මන්ද බං "මේකත් ලෝකයක්ද මරතේලිස්" කිව්වලු. ඔය සමරිසි අයිතිවාසිකම් වල් බූරු නිදහසක් නොවෙන මට්ටමකට දුන්නට කමක් නෑ කියලයි මට හිතෙන්නෙ. මෙතන මෙහෙම දෙයකුත් තේරෙන්නෙ නැද්ද පැරා. මෙහෙ සමරිසි ලොකු තැනවල් මේ ප්‍රශේනේදි "අර නමට බෙදන්න න්‍යාය" නේද භාවිතා කරන්නෙ? එහෙම බෙදවගෙන ආඳ මාළු ඉරටෙන් වළඳන්න වගේ ලෑස්තිය.

      - Anonymous January 25, 2017 at 1:43 PM

      Delete
    3. පැරා,

      මොකක්ද "අර නමට බෙදන්න න්‍යාය" ගැනයි "ආඳ මාළු ඉරටෙන් වළඳන්න" හදන එකයි ගැන අදහස.

      - Anonymous January 25, 2017 at 1:43 PM

      Delete
  7. පැරා ඔයාටත් 'ආසයි බයයි 'වගේද ඒ වගේ දෙයකට

    ReplyDelete
    Replies
    1. ඒක වැදගත් ප්‍ර‍ශ්නයක්. ඇත්තෙන් ම තමන් ලිංගිකව සතුටු වන්නේ කොහොමද කියන එක හරියට සොයා ගන්නට ඕනැ. ඒක ටිකක් සංකීර්ණයි. බොහෝ දෙනෙකුට එය සොයා ගන්නට බැරිව ඇරියස් සමග ජීවත් වෙනවා.

      මේ කාරණේදි මම මේ වන විට මාව බොහෝ දුරට හඳුනාගෙන තිබෙනවා කියලා මම හිතනවා.

      Delete
  8. ///////ගේ, ලෙස්බියන්, ද්විලිංගික, සංක්‍රාන්ති ලිංගික එහෙම නැතිනම් ලිංගික සමාජභාවය ප්‍රශ්න කරන ප්‍ර‍ජාව පීඩිත වූ පළියට ම අහිංසක නැහැ. ඔවුන් ද විෂම ලිංගිකයන් තරමට ම ප්‍ර‍චණ්ඩයි. කුහකයි. අවස්ථාවාදීයි. විෂම ලිංගිකයන් කරන සියලු නරක වැඩ ඔවුන් ද කරනවා//////////////

    ඔව්..ඔව්.අපි,ඔහෙලා වගේ සාමාන්‍ය මිනිස්සුනේ. කොටු පැනීමත් එහෙමයි. අපේ ගේ ගාව බැඳපු ලෙස්බියන් ජෝඩුවක් ඉන්නවා. එක් කෙනෙක් උදේට වැඩට යනවා. ඒ අතරතුර තව කෙල්ලෙක් ගෙදරට එනවා. ඒක පොඩි කොටු පැනීමක්.

    ReplyDelete
  9. 'අනේ බං ඔය සබ්ජෙක්ට් එක ගැන උනන්දුවක් නෑ' කිව්වාම කරේ නැගලා දෙන ටෝක් වල හැටියට උන්ට අහු උනොත් පු* ඉතුරු කරන්නැතුවෙයි කියල හිතෙනවා. එයාලට තියන මනුස්සකම නැති කරගන්නෙත් එයාලම තමා.
    ජයවේවා..!!

    ReplyDelete
  10. සමරිසි යෝජනාව විසිකලේ මමයි.
    අර්ජුන් මහේන්ද්‍රන් අයින් කලේ මමයි.
    ඉන්ද්‍රජිත් කුමාරස්වාමි ගෙනාවේ මමයි.
    විගණකාධිපති ගෙනාවෙත් මමයි.

    .....(හැබෑට වෙන කවුරුවත් මෙව්වා දැනගන හිටියෙවත් නැද්ද?)
    මිත්‍රවරුනි, තවටික දවසක් යනකොට සිරිසේන ජනාධිපති උන්නැහේ කියාවි ගාල්ලේ කොටුතාප්පේ හැදුවෙත් මමයි කියල!

    ReplyDelete
  11. හාමුදුරු ගල් කට්ට ලොක්කට කියනව දැන් සමලිංගික එක නීති ගත කරන්න හදනවා කියල . ලොක්ක කියනව මම තමයි ඒක කැබිනට් එකට ගෙනපුවහම විසි කලේ කියල. . සේරම ඊළඟට අප්පුඩි ගහනවා. ඔන්න අපි සීලාචාර සමාජයකට යන හැටි. අර පැරා කියපු කතාවත් ඇත්ත. අන්කල් ලට කැමති සමරිසි අයත් ඉන්නව.

    ReplyDelete
  12. https://www.facebook.com/notes/%E0%B6%9C%E0%B7%9C%E0%B6%A9%E0%B7%9A-%E0%B6%B6%E0%B6%BA%E0%B7%92%E0%B6%BA%E0%B7%8F/%E0%B7%83%E0%B6%B8%E0%B6%BD%E0%B7%92%E0%B6%82%E0%B6%9C%E0%B7%92%E0%B6%9A%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B6%BA-%E0%B6%BA%E0%B6%B1%E0%B7%94-%E0%B7%83%E0%B6%B8%E0%B6%BD%E0%B7%92%E0%B6%82%E0%B6%9C%E0%B7%92%E0%B6%9A%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B6%BA-%E0%B6%B4%E0%B7%92%E0%B7%85%E0%B7%92%E0%B6%B6%E0%B6%B3%E0%B7%80-%E0%B6%BD%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%B1%E0%B7%94-%E0%B6%85%E0%B6%AF%E0%B7%84%E0%B7%83-/933909293411523

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

කෙනෙකුට පොන්නයා කියා කියන්නට පෙර දෙවරක් සිතන්න