හෝමොසෙක්ෂුඅල් ලොක්කාගේ හෝමොෆෝබියා අරාජික කැබිනට්ටුව

මේ පුවත ගැන කතාව මෙතැනින් පිවිස කියවන්න
රට ක්‍ර‍ම ක්‍ර‍මයෙන් අරාජිකත්වයක් කරා ගමන් කරමින් තිබෙන බව වික්ටර් අයිවන් කිහිප වරක් ම කියනු අසා ඇත්තෙමි.

මෙය කදිමට නිරූපණය වූ තැනකි පසුගිය කැබිනට් මණ්ඩල රැස්වීම. විශේෂයෙන් ම එහිදී ජී.එස්.පී. ප්ලස් ලබා ගැනීම සඳහා යයි කියමින් යෝජනා කරන ලද නීති සංශෝධන පිළිබඳ සාකච්ඡාව මේ අරාජිකත්වයේ කදිම නිරූපණයකි.

ජී.එස්.පී. ප්ලස් ලබා ගැනීම සඳහා රටක් සමලිංගිකත්වය හෝ ගණිකා වෘත්තිය හෝ නීතිගත කළ යුතු නැත. එහෙත්, විදේශ අමාත්‍යාංශය විසින් සකසනු ලැබූ බව කියන කැබිනට් පත්‍රිකාවට ඒ හා සම්බන්ධ යෝජනා ද එකතු වී තිබිණි.

ශ්‍රී ලංකාව මහා පරිමාණෙන් සමලිංගික සම්බන්ධතා, ගැහැනු-පිරිමි-සමලිංගික ගණිකා වෘත්තිය මෙන් ම ගබ්සා ද සිදු වන රටකි. සමලිංගිකත්වය කෙතරම් දුරට රටේ මුල් බැසගෙන තිබේ ද යත්, කැබිනට් මණ්ඩලයේ සිටින කිහිපදෙනෙකු ම සමරිසි අය බව ප්‍ර‍කට ය.

එසේම, ඔය හුටපටය හා සම්බන්ධව Transactional sex ගැන ද කියැවිණි. හුවමාරු ලිංගිකත්වය ලෙස හැඳින්විය හැකි මෙය ගණිකා වෘත්තියේ ම සුපිරි පැතිකඩකි. එහිදී කලින් ගනුදෙනු කතා කර ගැනීම අනිවාර්ය ලක්ෂණයක් නො වේ. එය ලිංගික තෑගි හුවමාරු කර ගැනීමක් ලෙස සැලකේ. සාමාන්‍යයෙන් විවාහ වීමෙන් තොරව සිදු කෙරෙන මෙය තුළ ලිංගිකත්ව හුවමාරුව මගින් භෞතික වරප්‍ර‍සාද ලබා ගැනීමේ පැහැදිලි උවමනාව දක්නට ලැබේ. මෙය ආදරයෙන් වෙනස් වන්නේ එතැනිනි. එහෙත්, එය තුළ ආදරය ද තිබිය හැකි ය. 

සිංහලට ද පරිවර්තනය වී තිබෙන කුෂ්වාන්ත් සිංගේ The Company of Women නවකතාවට පාදක වන්නේ මෙවැනි සම්බන්ධතායි.

මෙවැනි සම්බන්ධතා නීතිගත කිරීමට අමුතු නීති අවශ්‍ය නැත. ඒවා මේ සමාජයේ ඕනෑ තරම් සිදු වේ.හෝමෝෆෝබියාවෙන් පෙළෙන වර්තමාන කැබිනට් මණ්ඩලය තුළ සමරිසි සම්බන්ධතා හරහා පවා එවැනි දේ සිදු වී තිබේ. 

මෙම කැබිනට් පත්‍රිකාව ගෙන ආ බව වාර්තා වූ හර්ෂ ද සිල්වා සහ එයින් සතුන් සමග ලිංගිකව හැසිරීමත් නීතිගත වෙනවාදැයි ඇසූ සුජීව සේනසිංහ යනු අගනාගරික ලොකුකම පෙන්වන, ලොකු ඉස්කෝලවලට ගිය උගතුන් බව කියන, දියුණු මිනිසුන් බව පෙන්වන අය වුව ද ඔවුන් පොළොන්නරුවේ තරම් ම ගොඩේ හාදයන් බව මෙම කැබිනට් රැස්වීමේදී ප්‍ර‍දර්ශනය විය. සුජීව සේනසිංහගේ ප්‍ර‍ශ්නයට පිළිතුරු සපයන්නට රටේ සත්ව හිංසනය පිළිබඳ නීති උපයෝගී කර ගත හැකි ය. හර්ෂ ද සිල්වා වැනි අය එජාපයට සිටින බුද්ධිමතුන් වීම ම විහිළුවකි.

මේ එජාපයේ අනාගතයයි. එජාපයේ හා රටේ අනාගත නායකයන් වන්නට ඉන්නේ තමන් ගෙන එන කැබිනට් පත්‍රිකාව වෙනුවෙන් පෙනී සිටින්නට කොන්ද පණ නැති පිරිසකි. 

මේවා මේ වෙලාවේ අවශ්‍ය යෝජනා නො වේ යයි කෙනෙකුට තර්ක කළ හැකි ය. එහෙත්, ලිංගික නැඹුරුව නිසා කෙනෙකුට විෂම ලෙස සැලකීමක් නො කිරීම සමාජයක දියුණු ලක්ෂණයකි. ඒ සඳහා නීති ගෙන ඒමට විශේෂ කාලයක් අවශ්‍ය නැත. එහෙත්, මේ කරුණු සමාජයේ සංවාදයට භාජනය විය යුතු මතභේදාත්මක කාරණා ය. ඒ වෙනුවෙන් පෙනී සිටිමින් කරුණු ඉදිරිපත් කරන්නට හා හරි දේ වෙනුවෙන් සටන් කරන්නට කොන්ද පණ ඇති නායකයන් අපට නැත.  

මීට කලින් දිනෙක මව්බිම පුවත්පතේ මුල් පුවතින් අවුරුදු 150ක් පැරණි, යල්පැන ගිය අයාල ආඥා පනත සංශෝධනය කිරීමෙන් සමලිංගිකත්වය නීතිගත කරන්නට යන බවට ප්‍ර‍ලාපයක් පතුරුවා හරින ලදී. එහි ඇත්ත නැත්ත පිළිබඳ ලිපියක් මෙතැනින්

මෙම ලිපියත් කියවන්න: ලෙස්බියානු, ගේ, ද්විලිංගික, පාරලිංගික, අන්තර්ලිංගික හා ලිංගිකත්වය විමසන ජනයා යනු කවුරු ද?
 

හෝමොෆෝබියාව


ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. ඔය ඔක්කෝම අයිති වෙන කටගරිය හෝමෝ නේද පැරා.......

    එක අතකින් රාජිත කියන එකත් හරි... අමු ගෝත්‍රික රටක මේ වගේ දියුණු සිතිවිලි වලට ඉඩක් නෑ.. ප්‍රැක්ටිස් කරන එකෙක් ප්‍රැක්ටිස් කර ගත්තාවේ. හරිය ප්‍රජාතන්ත්‍රවාදය වගේම තමයි.

    මේවා නිකන් මාළුන්ට ඉගිල්ලෙන්න කියනවා වගේ වැඩ...

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත තමයි. ඒ වුණාට මෙතන තියෙන්නෙ පට්ට කුහකකමක් නේ. ජාතිවාදයේ පදනමත් ඔය කුහකකම ම තමයි.

      Delete
  2. පැරා. මට තියෙන ප්‍රශ්නේ තමයි සමලින්ගිකත්වේ නීති ගත කළා කියල මොකක්ද තියෙන ප්‍රශ්නෙ කියල.

    ලංකාව යුරෝපයක් වෙන්න ඕනි කියන එක නෙමෙයි මේකෙන් කියන්නෙ. එහෙම උනත් කමක් නැහැ.

    ඇත්තටම ලංකාවේ මොකටද නිදහසක් තියෙන්නෙ කියලත් ප්‍රශ්නයක් තියෙනව.

    මත්දව්‍ය තහනං කියනවනම් කොහොමද ටොන් ගණන් කොකේන් එන්නේ?

    අනික නිල් චිත්තර පටියක් බලන්න එකත් රැගෙන යන එකත් විකිණීමත් තහනම්.

    මිනිස්සු ඉන්නෙ සෙක්ස් ඇරියස් එක්ක.

    ගණිකා වුර්තිය තහනම් නම් කොහොමද තායි ගෑනු ජැන්ඩියට ඇඳලා කොළඹ පුරා යන්නේ?

    උන් එක රැයට ලක්ෂ ගණන් හම්බ කරල මොකද ඒ සල්ලි ලංකාවේ ආයෝජනය කරනවද?

    කුඩු සල්ලි කළු සල්ලි ලංකාවේ සරිසරනවද?

    නෑ. මේ සල්ලි ලංකාවෙන් පිටවෙනව 100% ක්.

    හරි විදිහට හරි වැරදියට හරි බිලියන ගණන් පිට රට යවල ඒ මිනිස්සුන්ටම ඉහට උඩින් නිදහසත් දීල මේ ආගමක් බදාගෙන රටක් කොරගන්නත් බැරිව ඉන්නවනම් ආගම කාරයොන්ට ඕනි විදිහට රටක් කොරවන්න ඕනෑනම් පාර්ලිමේන්තුව වහන එක තමයි විසඳුම.

    ReplyDelete
  3. මම අහල තියෙන්නේ ආතර් සී ක්ලාක් ලංකාවේ පදිංචිවුනේ ඒකාලේ යුරෝපයේ සමලිංගිකයන්ට නීතියෙන් දඩුවම් කළ නිසා සහ ලංකාවේ බෝයි ප්‍රෙන්ඩ් කෙනෙක් එක්ක හිටිය නිසයි කියල.

    හම්බන්තොට පරපුරේ අය තව පරපුරක් විතර ඉස්සරින් කැලෑවෙන් එළියට ඇවිල්ලා හිටියනම් රතනලාට ඔහොම අවුලක් ඇතිවෙන්නේ නෑ.

    ලංකාවේ සෙක්ස් වෙනස් කරන ස්ර්ජරි කරන එකත් තහනම් වෙන්නැති නේද? අපරාදේ හොඳ අනාගතයක් තියන බිස්නස් එකක්, ඔයි රනිල්ගේ පුරවර වලින් එකක් ඕකට දැම්ම නම්, ජනාධිපතිට කියන්න පුළුවන් මම පොලොන්නරුව නම් පරෙස්සම්කරගත්තා කියල.

    ReplyDelete
    Replies
    1. වැරදුනා, ජේ ආරුත් බෑ කියපු එකට රනිල් අත ගහන එකක් නෑ.

      Delete
    2. Para, why did you remove the comment published here? There was nothing insulting.

      Delete
    3. I don't let this space to be used to insult my friends. That is the base of friendship. I don't mind my friends are gay or lesbian. I value them by what they do and not what they like. You can criticize what they do. But not what they like.

      Delete
  4. පුනරුදය සයිබර් අවකාශයට නොගෙන ගම් මට්ටමින් සාකච්ඡා තිය තියා යන්නේ ඇයිද කියලා මාතලන් ඇහුවම පැරා උත්තර දුන්නේ "මේවා පරණ විලාසිතාවේ වැඩ තමා. ඒ උනාට ගම තාම පරණයි" කියලා. ද්විලිංගික, පාරලිංගික, අන්තර්ලිංගික ..... මේ සේරම හරියටම තේරුම් අරගෙන ඒවාට ඇති විරෝධතා නතර කල යුතුය කියන තැනට එන්න මේ විනාඩියට ගම දියුණු උනාද පැරා? මේවා ගැන කතා කරන එකත් උපන්ගෙයි මෝඩකම්. ප්‍රවාහන ප්‍රශ්නය මොනතරම් දරුණුද කියන එක තේරුම් අරගෙන අම්මයි තාත්තයි දරු දෙන්නත් දාගෙන උදේට මෝටර් සයිකලයක යන එක අල්ලන්න උනන්දු නොවෙන පොලිස් කාරයෙක් වගේ මේ දේවල් දිහා බලන්න පුලුවන්නම් ඒක තමයි හරි.

    ReplyDelete
  5. මා මීට කලින්ද මේ මාතෘකාව සම්බන්ධයෙන් මෙම තීරුවේ අදහස් පළකර ඇත. සමරිසියෙකු වශයෙන් මට කිවහැක්කේ ලංකාවේ අනිත් බොහෝ දේ මෙන්ම සමලින්ගිකත්වයද හැමෝම එහෙත් එළිපිට කතා කරන්නට බය විෂයක් බවයි. ගණිකා වෘත්තීය නීතිගත කිරීම, ගංජා භාවිතය (වේදනා නාශකයක් ලෙස) නීතිගත කිරීම, කසිප්පු නිෂ්පාදනය නීතිගත කිරීම ඔවැනි තවත් මාතෘකා කිහිපයකි. ලංකාව වැනි ගෝත්‍රික සම්මජවල මේවා කසාද බැඳපු ගෑනිට හොරෙන් කරන දේවල්ය. අරක්කු, කසිප්පු බොන්නෙත්, වෙසගණන් සොයා යන්නෙත්, කොල්ලෝ ගහන්නෙත් ඔය විදිහටය. හැබැයි වැඩේ කරගත් පසුව අපේ සංස්කෘතියට ඕවා ගැලපෙන්නේ නැතිය.වර්තමාන රජයට මේ ගැන කතාකරන්නට නොහැකිනම් අන් කිසිම රජයකින් අපට වෙනසක් බලාපොරොත්තු විය නොහැක්කේ ඔබ ඉහත දක්වා ඇති පරිදිම කැබිනට් එකේ ඉන්න ප්‍රධානීන් කිහිප දෙනෙක්ම සමරිසියන් බැවිනි. මේ අයට මේ මාතෘකාව කතාකරන්න බය ඇයි? රාජිත කියන විදිහට හාමුදුරුවරු සහ පල්ලියේ අය විරුද්ධ නිසාලු මේක කරන්න බැරි. පන්සල්වල පල්ලිවල වෙන දේවල් ඉතින් මෙතන ලියන්න ගියොත් වෙනම බ්ලොග් එකක් ලියන්න වෙනවා.

    ReplyDelete
  6. ශරීරය කඩවසමි උනාට ඔළුව වැඩවසමි ගොබිබයො එක්ක මෙිවගේ දියුණු සමාජවල පවතින නවින මතවාද සාකචිඡා කිරීමම විහිළුවක් මෙයාලට ගැලපෙන්නෙ කලින් හිටපු මෝඩ මහරජාගෙ වහල්ලුවෙලා මිනිහගෙ කකුල් ලෙවකකා ඉන්න එක පමණි.මෙී හැම එකාගෙම යටිහිත් මාරම මාර වල් නමුත් උඩින් සුදුරෙදි ඔතාගෙන හරිම සුදනො වගේ ලිංගය කියන වචනෙ ඇහුණ ගමන් කෝටියක් සංවර සීලෙ සමාදන්වෙලා වගේ හැසිරෙන්නෙ හෝටල්වල කාමරවලට ඇස් තිබුණනනමි කථාකරන්න කටක් තිබුණනමි ඔය සුදුරෙදි කාරයන්ගේ පැටිකිරිය යසට කියයි.තුහ් නොදකිං මෙහෙමත් සුදනො.

    ReplyDelete
  7. බඩු පොට් වලට අමතරව කොලු පොට්...

    ReplyDelete
  8. සමරිසි අයගේ ජංගි යටින් ඇඳීමට ඉබ්බෙක් වැනි ලොක් එකක් නොමිලේ සපයුනු ලැබේ. ලිංගික උවමනාවක් ඇතිවූ විට, ග්‍රාමසේවක හෝ පොලිසිය වෙත වාර්තාකර යතුර ඉල්ලා ගත යුතුය. වැඩි විස්තර සමරිසි ඉබි යතුරු ව්‍යාපෘතිය ඇමතීමෙන් ලබා ගත හැක. විසි එක් වැනි සියවසේ නාඩගං.

    ReplyDelete
  9. මීට අවුරුදු කීපයකට පෙර රාත්‍රී නිට්ටබුවේ අතුලත පිහිටි පන්සලක බන මඩුවේ නැවතීමට ගියෙමි එහි සිටි උගත් ටියුෂන්ද කරන හිමි නමක් මට අතවර කිරීමට පැමිණියේය. මම ඔහුගෙන් මිදී පැන දිවුයෙමි. ඉන් මාස කීපයකට පසු බස් රතයකදී මම තරුණියකගේ පස්ස අත ගෑවෙමි. ඇය මට පහර දීමට පටන් ගත් අතර එදා ද මම බසයෙන් පැන දිව්වෙමි.

    ReplyDelete
    Replies
    1. මෙහිදී මම මුහුන දුන් අනෙක් පර්ශව දෙකම සමලිංගිකද?

      Delete
    2. @ Anonymous January 19, 2017 at 6:12 PM

      "ඉන් මාස කීපයකට පසු බස් රතයකදී මම තරුණියකගේ පස්ස අත ගෑවෙමි."

      - මෙයින් සනාථ වනුයේ ඔබ දාර්ශනිකයකු වීම සඳහා සියලු සුදුසුකම් සපුරා ඇති බවයි.

      Delete
  10. පැරා මහත්තයෝ ඔයා වෙලාවකට කියනවා මේ යන විධිය හොඳයි තිබ්බ විධියට වඩා කියලා, ඊට පස්සේ කියනවා ක්‍රම ක්‍රමයෙන් අරාජික වෙනවා කියලා......... එකපාරක් බැසිල්ගෙයි තව කාගෙදයි නඩු තාක්ෂණික දෝෂ නිසා ඉල්ලා අස්කරගෙන ආයෙත් නඩුව ගොණුකරන්න ඉස්සෙල්ලා කලබල වෙලා යහපාලන දේවාලෙන් දෙයියෝ පැනලා ගියා කිව්වා.........

    ඔය කියන විධියට රටවල් අරාජික වෙන්නේ නෑ මහත්තයෝ....ඕවා කතා විතරයි...

    මහින්දගේ කාලේ කැබිනට් එකේ ගැටුම් තිබ්බෙ නෑ.... මාර ඩිසිප්ලින්...ඒත් ප්‍රථිපලය කොහොමද? ඒකාලෙ මාධ්‍ය කාරයෝ කියාගන්න උනුත් හරි ඩිසිප්ලින් නේ... ගෝඨාගේ කාටූන් එකක් වත් අඳින් නෑ ගූ බයට....... දැන් හමුදාපතිලගෙනුත් අහනවා "මම මීඩියා මොකක්ද ප්‍රෂ්නේ?" කියලා. ගෝඨාගෙ කාලේ ඔහොම ඇහුවනම් ගුද මාර්ගයේ නැංගුරමකුත් එක්ක තමයි හිරේ යන්න වෙන්නේ...

    යහපාලනය කියන්නේ මහින්දගේ දේශප්‍රේමේ වගේම "මාකටින් ස්ලෝගන්" එකක් විතරයි කියලා තේරුම් අරගන්න. ඕවා එකක්වත් හරියට කරන්න බෑ. මහින්ද දේශප්‍රේමේ ගගා චීනට රට වික්කා, මෙයාලටත් සුද්දෝ නැති නිසා චීනෙටම දෙනවා...

    මේ ආණ්ඩුව ගේන්න දායකවුනා කියලා පස්චාත්තාපයට පත් වෙන්න එපා. මේක කොහොමත් තිබ්බ නරි නාඩගමට වඩා හොඳයි........

    ReplyDelete
  11. “සම ලිංගික සේවනය නීති ගත කරන්න කැබිනට් පත්‍රිකාවක්” යන හිසින් 2017 ජනවාරි 17 මවිබිම පුවත්පතේ පලවූ ලිපියට පිළිතුරකි.

    සම ලිංගිකත්වය නීති විරෝධී ක්‍රියාවක් බව ශ්‍රී ලංකා නීතියේ ඍජුවම සදහන් වන්නේ නොමැත. මූලික වශයෙන් දණ්ඩ නීති සංග්රෝහයේ 365 සහ 365 ඒ යන වගන්ති වල ඇතුළත් “අස්වාභාවික ලිංගික ක්‍රියා” සහ “බලවත් අශෝභන ක්රි්යා” යන යෙදුම් පදනම් කරගෙන, සම ලිංගික හැසිරීම් නීති විරෝධී බවට පොදු විශ්වාසයක් පවතී. යම් නීතියක් අපහැදිළි එය නම් අර්ථකතනය කිරීමට බලය ඇත්තේ අධිකරණයටයි. නමුත් මෙම නීතිය එවැනි අධිකරණයකින් අර්ථකතනය කර ඇති බවට වාර්ථා වී නොමැත.

    අදාල ලිපියට මූලික වී ඇත්තේ පාදඩ පණතයි. පාදඩ පණතේ සමලිංගික සේවනය පිළිබද ඍජුවම සදහන් වන්නේ නැත. පාදඩ පණත යටතේ බල ගැන්වෙන අපරාධ කිහිපයක් ඇත. බලවත් අශෝභන ක්රිවයා මෙන්ම සිගා කෑම, නිකරුණේ සැරිසැරීම, ප්රකසිද්ධ ස්ථාන වල ලිංගික වෘත්තියේ යෙදීම වැනි ක්රිසයා ගණනාවක් එහි ඇතුළත් වේ.

    පාදඩ පනතේ සදහන් වන “බලවත් අශෝභන ක්රි යා” යන යෙදුම යොදාගෙන සම ලිංගික පුද්ගලයන් අත්අඩංගුවට ගන්නා බව සහ නීත්යබනූකූල නොවන හිරිහැර වලට ලක් කරන බව සමීක්ෂණ වලින් සොයා ගෙන ඇත. කෙසේ වුවත්, පොදු පිළිගැනීම අනුව සම ලිංගිකත්වය නීති ගත කිරීමට නම් දණ්ඩ නීති සංග්රවයේ ඉහත කී 365 සහ 365ඒ යන වගන්ති අහෝසි කළ යුතුය.

    මෙම ලිපිය සම්බන්ධයෙන් පැන නැගෙන මූලික ගැටළුව වන්නේ එය විවිධ ලිංගික දිශානතීන් සහ සමාජීය ස්ත්රී පුරුෂභාවී අනන්‍යතාවයන්ට අයත් පුද්ගලයන්ට අදාල වන නීතිය පිළිබද වැරදි තොරතුරක් ඉදිරිපත් කිරීමයි. හුදෙක් පදඩ පණත අහෝසි කිරීම මගින් සම ලිංගික පුද්ගලයන් ඇති කොන් කිරීම සහ වෙනස් කොට සැලකීම අවම වන බව මිථ්‍යා වකි.

    විවිධ ලිංගික දිශානතීන් සහ සමාජීය ස්ත්රී පුරුෂභාවී අනන්‍යතාවයන්ට අයත් පුද්ගලයන් කොන් කිරීමට සහ වෙනස් කොට සැලකීමට බදුන කරන නීති අහෝසි කිරීම ඉතා හොද පියවරකි. නමුත් මෙවැනි වැරදි තොරතුරු සහිත පුවත් පල කිරීම මගින් ඒ සදහා කිසිදු සහයක් ලැබෙන්නේ නැත.


    https://www.facebook.com/photo.php?fbid=10155673964123625&set=a.75562188624.88709.661283624&type=3&theater

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා