Posts

Showing posts from November, 2013

උසස් පෙළ සුපර් ස්ටාර්ලාට ටියුෂන් සුපර් ස්ටාර්ලාගෙන් කාර්

Image
Photo courtesy: Gossip Lanka News ගිය අවුරුද්දේ උසස් පෙළ විභාගයෙන් වානිජ අංශයෙන් විශිෂ්ට ම ප්‍රතිඵල ලබා ගත් ශිෂ්‍යාවට ඇ‍ගේ ගිනුම්කරණය ටියුෂන් පංතියේ ගුරුවරයා වන කුමුදු ලියනගේ ලක්ෂ 40ක් වටිනා අලුත් ම අලුත් මෝටර් රථයක් තෑගි කළා. මේ තෑගි කිරීම තුළින් එක පැත්තකින් ඒ සිසුවිය ගිනුම්කරණය විභාගය සමත් වීමේ මුළු අයිතිය ගන්න මේ ගුරුවරයා උත්සාහ කරනවා. එතකොට දේවි බාලිකා විද්‍යාලයේ ශිෂ්‍යාවක වූ ඇයට ඉගැන්වීම සඳහා ඒ පාසලේ ගුරුවරුන් කළ මෙහෙය යටපත් වී මේ ටියුෂන් ගුරුවරයා ඉස්මතු වෙනවා. අනෙක් පැත්තෙන්, මේ ටියුෂන් ගුරුවරයා මේ කරන්නේ ඉතා නිර්මානාත්මක ප්‍රචාරණයක්. ඔහුට මෙයින් ලැ‍බෙන ප්‍රසිද්ධිය ලක්ෂ 40ක් වැය කර ලබා ගන්න අමාරුයි. ගුරුවරයෙක් මෙවැනි දෙයක් කළ පළමු අවස්ථාව මෙය නිසා ඔහුට ලැබෙන ප්‍රචාරය හා සමාන ප්‍රචාරයක් අනාගතයේදී ‍කොයි තරම් වටිනා කාරයක් තෑගි දුන්නත් වෙන ගුරුවරයකුට ලබා ගන්න බැහැ. හරියට සිරස සුපර් ස්ටාර් සීසන් වන් එකේදී සිරසට ලැබුණු තැන වගේ එකක් ඉන් පසු වෙන කිසිම චැනලයකට තබා සිරසටවත් නො ලැබුණා වගෙයි. මෙම සිද්ධිය සොය සොයා කරුණු විමසන පුවතක් වෙනවා විතරක් නොවෙයි, ඊළඟට ‍උසස් පෙළ ඉගෙනුම ලබන ශ

ප්‍රභාකරන් නමින් තම තමන් සමරා ගැනීම

Image
ප්‍රභාකරන්ගේ උපන් දිනයත්, මොනරවිල කැප්පෙටිපොල ඝාතනය කළ දිනයත් නොවැම්බර් 26දා ය. 1818 නොවැම්බර් මස 26 වැනිදා පෙරවරු 8.00 ට බෝගම්බර වධකාගාරයේදී මොනරවිල කැප්පෙටිපොල සෙනෙවියා හිස ගසා මරා දමන ලදී. ප්‍රභාකරන් උපන්නේ ඉන් වසර 136කට පසුවයි. ඉංග්‍රීසීන් විසින් ලංකාව පාලනය කරන ලද සමය තුළ ලංකාවේ කැප්පෙටිපොල සමරන්නට ඉඩක් තිබුණේ නැත. එහෙත් කැප්පෙටිපොල සිංහල මිනිසුන්ගේ හදවත්වල වීරයකු ලෙස ජීවත් වූයේ ය. නිදහසින් පසු ඔහු ජාතික වීරයකු ලෙස නම් කරන ලදී. කැප්පෙටිපොල නායකත්වය දුන් වෙල්ලස්සේ කැරැල්ලේදී කැරැලිකරුවන්ගේ ප්‍රචණ්ඩත්වය සිය දහස් ගණනින් ඉක්මවා යන ප්‍රචණ්ඩත්වයක් පාලකයන් වෙතින් දියත් විය. ප්‍රභාකරන්ගේ තත්වය වෙනස් ය. ඔහු විසින් දියත් කරන ලද සටන ප්‍රචණ්ඩත්වය අතින් පාලකයින්ට නො දෙවෙනි එකකි. දශක ගණනාවක් තිස්සේ ඇදී ගිය එය අවසානයේදී තිරශ්චීන පරාජයකින් කෙළවර විය. ඔහු යටත් වූ බවක් වාර්තා වන්නේ නැත. ඔහු මිය යන්නේ සටනේදී ය. ප්‍රභාකරන් යනු දෙමළ ජාතික විමුක්ති අරගලයේ සංකේතයකි. ඔහු විසින් දෙමළ ජාතියටත්, පොදුවේ ලංකාවටත්, සමස්ත ලෝකයටත් කරන ලද දේශපාලනික මැදිහත්වීම සුළුපටු එකක් නො වේ. ඔහු වීරයෙකු හෝ ද්‍රෝහි

පොලිසියේ කාට හෝ අත ඉස්සුවා නම් මරණය නියත ය

කඹුරුපිටියේ පොලිස් නිලධාරියකු හා ඔහුගේ බිරිඳ පොලුවලින් පහර දී අමානුෂික අයුරින් ඝාතනය කිරීම පිළිබඳ සැකයට භාජනය වී තිබුණු සැකකරුවන් පිරිසක් මේ වන විට මරා දමා හමාර ය. දෙදෙනෙක් සිය දිවි නසා ගත් බව කියැවේ. ඔවුන්ගේ ආයුධ පෙන්වන්නට ගිය ගමන තරමක් මහන්සි වී ලියන ලද පිටපතකි. අනෙකා ඊට පෙර සුපුරුදු සාමාන්‍ය අන්දමින් ආයුධ පෙන්නන්නට ගියේ ය. ඔවුන් ඇත්තට ම මේ මිනී මැරුම කළා ද නැතිනම් ඔවුන් පිටින් යන්නට වෙනත් අය එය සිදු කළා ද යන්න පිළිබඳ පරීක්ෂණයක් නැත. පොලිසියේ කාට හෝ අත ඉස්සුවා නම් මරණය නියත ය. ඒ නිසා මින් ඉදිරියට පොලිසියට කවුරුවත් අත නො ඉස්සිය යුතු ය. මෙහි පාඩම එයයි. එතකොට, මෙවැනි පාඩම් ඉගැන්වීම් නිසා ලංකාවේ අපරාධ අඩු වේවි ද? පොලිසිය පසුගිය කාලයේ පාතාලයේ සෑහෙන පිරිසක් ආයුධ පෙන්නන්නට එක් කරගෙන ගියේ ය. දැන් එතකොට පාතාලයක් නැද්ද? ඒ කියන්නේ ආයුධ පෙන්නන්නට එක්ක යාම ඒ තරම් ඵලදායී වී නැති බව නේ ද?  කඹුරුපිටියේ මිය ගිය පොලිස් නිලධාරියාගේ හා ඔහුගේ බිරිඳ‍‍ගේ ඥාති මිත්‍රාදීන් ඉල්ලා සිටියේ මේ සැකකරුවන් මේ අන්දමින් ම‍රා දමන ලෙස නො වේ ද? දැන් ඔවුන්ට සතුටු ද? දැන් එතකොට මේ රටේ නීතිය ක්‍රියාත්මක වන ආකාරය ම

චාල්ස් බිට් මයි ෆින්ගර්

Image
මේ දවස්වල පශ්චාත් චොගම් ආතල්වලින් පත්තර පිටු පිරෙනවා. මේ අතර තිබෙන හිරිකිතම හරිය තමයි, චාල්ස් කුමාරයා නතර වෙච්ච හෝටලේ, එයා කාපු කෑම, ආයුබෝවන් කියපු හැටි, ඔලුව හොල්ලපු හැටි, එකට ෆොටෝ ගත් හැටි ආදිය ගැන තිබෙන විස්තර. ඒව කියනකොට කෝ යකෝ මේ රටේ හිටපු අධිරාජ්‍ය විරෝධියෝ කොහේ ගිහිල්ලද හිතෙනවා.  චාල්ස් කුමාරයා අපට විතරක් නෙමෙයි, මහා බ්‍රිතාන්‍යයටත් අද වන විට එච්චර අදාළ නැහැ. මට නම් කොහෙත් ම අදාළ නැහැ. චාල්ස් මාව දන්නෙත් නැහැ. මට නම් උෟව දැන ගන්න ඕනැත් නැහැ. චාලි මොන පඩයෙක් ද? චාලි බිට් මයි ෆිංගර් තරම් වත් චාල්ස් කුමාරයා මට නම් වැදගත් නැහැ. ඔන්න නාමල් කුමාරයා කන බොන, අනෙක් වැඩ කරන හැටි නම් අපට අදාළයි. මොකද, ඒ අපේ සල්ලිනේ. අපි මේ චාලිගේ වරුණාව ගහන්නේ මොකද? වෙන මොකක්වත් නිසා නෙමෙයි, අපේ තියෙන යටත් විජිත මානසිකත්වය නිසා.  අපේ හිත ඇතුළෙ තවමත් ඉන්නේ සුද්දාගේ පා මුල දන ගහගෙන බැලමහෙ කරමින් සුද්දාව අනුකරණය කරන දීනයෙක්.  මේ දීනයා ඊළඟට පාලක පවුල ළඟත් මේ වගේ ම දනින් වැටෙනවා. දනින් වැටීම ප්‍රාදේශීය සභා මන්තිරියා දක්වා ම යනවා. මම නම් කියන්නේ අපි මුංව පඩේකට ගණන් ගන්න හොඳ නැහැ. අපි උන්ගෙන් ක

දෙමළ කිවි ජයපාලන් අල්ලා පිටුවහල් කිරීම

Image
විදේශයක වාසය කරන ලංකාවේ ප්‍රකට දෙමළ කවියකු වන ව.අයි.ස. ජෙයපාලන් යාපනයේදී වීසා කොන්දේසි උල්ලංඝනය කළේ ය යන චෝදනාව මත අත්අඩංගුවට ගෙන තිබේ. මෙහි ජෙයපාලන් නම් කවියා අත්අඩංගුවට ගැනීම පිළිබඳ සෙන්ටිමෙන්ටල් ප්‍රශ්නය පමණක් නොව. ජෙයපාලන් නම් විදේශිකයා වීසා රෙගුලාසි උල්ලංඝනය පිළිබඳ අත්අඩංගුවට ගැනීම නම් දේශපාලන ප්‍රශ්නය ද තිබේ. ඇත්තට ම ජෙයපාලන් විදේශිකයෙක් ද? ඔහු කිසියම් තත්වයක් මත ශ්‍රී ලාංකික නම් ජාතිය අත්හළ අයෙකි. එහෙත්, ඔහු තවමත් යම් දුරකට හෝ තමන් ලාංකික දෙමළ ජාතිකයකු ලෙස සලකයි. නීතිය ඉදිරියේ නම්, ඔහු ලාංකික පුරවැසිභාවය අතහැර දැන් නෝර්වේහි පුරවැසිභාවය ලබාගෙන සිටින නෝර්වේ ජාතිකයෙකි. සිය ජාතිය වෙනස් කිරීම මානව හිමිකමකි. එහෙත්, ජාතිය වෙනස් කළ පමණින් මිනිසුන්ගේ සියලු මුල් ඉදිරෙන්නේ නැත. අතීතකාමය, සංස්කෘතික බැඳීම්, දේශපාලනික කාරණා ආදිය නිසා මිනිස්සු දිගින් දිගට ම මුල් රට හා බැඳී සිටිති. පරම්පරා ගණනාවකට පසුව පවා මිනිස්සු මේ බැඳීම පවත්වාගෙන යති. අනෙක් පැත්තෙන් දේශපාලනික හා සමාජ හේතු මත සංක්‍රමණය වූ මිනිස්සු තමන්ගේ මුල් රටේ තමන්ට සංක්‍රමණය වන්නට හේතු වූ කාරණාවල වෙනස්කම් පිළිබඳ සංවේදී වෙති. එස

පොලිසිය හා පාතාල ලෝකය අතර වෙනස කුමක්ද?

Image
පොලිස් නිලධාරීන් දෙදෙනෙකුගේ මරණ සම්බන්ධ සිද්ධි දෙකක් වාර්තා වුණා. එයින් එකක් කැකිරාවේ පදිංචිකරුවකු වූ හිටපු පොලිස් පරීක්ෂකවරයකුගේ ඝාතනයකට සම්බන්ධයි. මේ පොලිස් පරීක්ෂකවරයා ඝාතනය කිරීමට කොන්ත්‍රාත් දෙන්නේ ඔහු සමග එකට ජීවත් වූ කොළඹ හතේ ධනවත් පරම්පරාවකින් පැවත එන කාන්තාවක්. ඔහු ඇයගෙන් රුපියල් මිලියන 100ක් ඉල්ලමින් කරදර කරමින් සිටි නිසා ඇය ඔහු මරා දමන්න කොන්ත්‍රාත්තුවක් දෙනවා. ඇගේ රියදුරා ඇතුළු පිරිසක් විසින් ඔහු මරා කිතුල්ගලදී කැලනි ග‍ඟේ ඔබන්නේ පසුගිය ජුනි 21දායි. හැබැයි, මේ සිද්ධිය ඒ දිනවල ම අසු වෙනවා. ඝාතනයට සම්බන්ධ රියදුරා තලංගම පොලිසියට සිද්ධිය හෙළිදරව් කරනවා. ඒත්, තලංගම පොලිසියේ ස්ථානාධිපති, අපරාධ අංශයේ ස්ථානාධිපති ඇතුළු පිරිසක් එක්ව රුපියල් කෝටියක පමණ පගාවක් මිනීමරු ධනවත් කාන්තාවගෙන් ලබාගෙන සිද්ධිය යට ගහනවා. පසුව කොළඹ අපරාධ අංශය විසින් කරන ලද පරීක්ෂණයකින් පසු මේ පිරිස අත් අඩංගුවට ගෙන රිමාන්ඩ් කර තිබෙනවා. දෙවන සිද්ධියේදී ඝාතනය වන්නේ කඹුරුපිටි‍යේ පදිංචි, මාතර සේවයේ නියුතු පොලිස් කොස්තාපල්ව‍රයෙක්. ඔහු මත්ද්‍රව්‍යවලට එරෙහි මෙහෙයුම් දියත් කළ නිලධාරියෙක්. ඔහුගේ නිවස ආසන්නයේ ම පදිංචි

සාම දේශපාලනය හා සමාජවාදය: සාදු ජන රාවයේ ජයතිලක බංඩාර නම් දේශපාලන සත්වයා

Image
ජයතිලක බංඩාර කියන්නේ සුහද මිතුරෙක්. වචනයේ පරිසමාප්ත අයුරින් ම ‍සහෝදරයෙක්. සටන් සගයෙක්. සංගීතය අනුපාණෙට අරගෙන දේශපාලන පණිවුඩයක් දෙන්න හදන දේශපාලන ක්‍රියාධරයෙක්. ඔහු ගැන කතා කරන්න හිතුණේ පසුගිය දිනවල ඔහු ආරම්භ කළ 'බියෙන් අත්මිදෙමු' නම් සංගීත, දේශපාලන වැඩසටහන නිසායි. ලංකාවේ සංස්කෘතික, දේශපාලන පෙරමුණේ මේ වන විට රජයමින් පවතින දීනත්වයට හේතුව මේ බිය ම නො වෙන්න පුළුවන්. බියට වඩා මෙතැන තිබෙන්නේ කෑදරකම. ධනේශ්වර පාරිභෝජනවාදයේ ගිලීම හා පෞද්ගලික හා පවුල් උන්නතිකාමය. ජයතිලක බංඩාර එක්ක එකට හිර ගෙයි හිටිය, ගුණදාස කපුගේ රජරට සේවයේ සිටි කාලයේ ප්‍රගතිශීලී දේශපාලන පසුබිමක් සහිතව කලා ක්ෂේත්‍රය තුළ ඉදිරියට ආ කරුණාරත්න දිවුල්ගනේ අද ඉන්න තැන මම කියන කරුණ සනාථ කරනවා. හැමෝ ම දෑත් ශක්තිමත් කරන්න යන්නේ බිය නිසා ද? ලංකාවේ නමක් තබාගෙන සිටි කීර්තිමත් පුවත්පත් කලාවේදියකු වූ සුන්දර නිහතමානි ද මැල් පසුගිය දිනවල සිළුමිණේ කර්තෘකම භාර ගත්තා. කර්තෘවරයාට ප්‍රවෘත්ති ගැන තීරණයක් ගත නො හැකි පුවත්පතක කර්තෘ වෙන්න ඔහු තීරණය කරන්නේ බිය නිසා ම ද? ජයතිලක බංඩාර සාදු ජන රාව හා ගී රස වින්දන වැඩසටහන් දිවයිනේ ගම් නියම්ග

ඔන්න ඒ පාර චීනෙත් ..........

Image
ඔන්න ඒ පාර චීනය ද ලංකාව මානව හිමිකම් ආරක්ෂා කිරීම හා ප්‍රවර්ධනය කිරීම කළ යුතු බව කියා තිබේ. කීවේ චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක ක්විං ගැං ය. මේ අදහස දැක්වෙන්නේ, ශ්‍රී ලංකාව මානව හිමිකම් ප්‍රශ්න ආමන්ත්‍රණය නො කළහොත් ලබන මාර්තු මස වන විට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිෂම හමුවේ ජාත්‍යන්තර පරීක්ෂණයක් පිළිබඳ බලපෑම් කරන බවට බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන් විසින් කරන ලද ප්‍රකාශයට අදාළවයි. ජාත්‍යන්තර බලපෑම හමුවේ චීනය ද දිගින් දිගට ම, කොන්දේසි විරහිතව ශ්‍රී ලංකා ආණ්ඩුව ආරක්ෂා කරමින් සිටිනු ඇතැයි බලාපොරොත්තු විය නො හැකි ය. මන්ද, චීනයට ලංකාවට වඩා හෝ ලංකාව තරමට ම ඉන්දියාව, බටහිර රටවල්, ඇමරිකාව හා එක්සත් ජාතීන් වැදගත් නිසා ය. චීනය පසුගිය කාලයේ ලංකාවට ණය සැපයූ ප්‍රධාන පාර්ශ්වයයි. එහෙයින්, ශ්‍රී ලංකා ආණ්ඩුවට පහසුවෙන් චීනය නො තකා හැරිය නො හැකි ය. පසුගිය වසරවලදී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිෂම ඉදිරියේ ලංකාවට එරෙහි යෝජනා සම්මත වෙද්දී චීනය ඒවාට විරුද්ධව ඡන්දය දුන්නා ය. චීනය මේ වසරේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමට තේරී පත් වුණා ය. මුළු ලෝකය ම ප්‍රජාතන්ත්‍රවාදී ලෝක සම්මතයන්ට අවනත වෙම

අවාසනාව වන්නේ රාජපක්ෂවරුන්ගේ අවාසනාව මේ රටේ ද අවාසනාව වීමයි

Image
මහින්ද රාජපක්ෂ ජනාධිපති ධුරයට පත් වී අට වසරක් සම්පූර්ණ ය. මේ අට වසර ලංකාවේ දැවැන්ත ‍පරිවර්තනයක් සිදු වූ යුගයකි. එම පරිවර්තනය තුළ සාධනීය මෙන් ම නිශේධනීය ලක්ෂණ ද ගැබ් වේ. මහින්ද රාජපක්ෂ ජනාධිපති ධුරයට පත් වීම යනු ලංකා ඉතිහාසයේ උන්නතිකාමී ම පවුල් පාලනයක ආරම්භයයි. එහෙත්, එය පවා මුළුමනින් ම නිශේධාත්මක නැත. මහින්ද, ගෝඨාභය, බැසිල් හා චමල් යන සිව් සහෝදරයන්ගේත් නාමල් පුතාගේත් දේශපාලන මැදිහත්වීම් ලංකාවට නරක මෙන් ම හොඳ බලපෑම් ද කර තිබේ. ඉතිහාසයක් මුළුල්ලේ ම විශ්වාස කළ නො හැකි දුෂ්ට මිනිසුන්ගෙන් පිරි ලංකාවේ දේශපාලනය තුළ ජනාධිපතිවරයකුට පළමු වරට විශ්වසනීය බල හවුලක් නිර්මානය කර ගන්නට ලැබුණේ මේ දැවැන්ත විස්තෘත පවුලේ තිබෙන ලක්ෂණ නිසා ය. මෙය බංඩාරනායක පවුල සමග සසඳා බැලුවහොත්, ‍පහත ලක්ෂණ හඳුනා ගත හැකි ය. බංඩාරනායක පවුල පාරම්පරිකව දැවැන්ත ධනයක් හිමි ව සිටි කොළඹ ඉහළ ප්‍රභූ පවුලකි. රාජපක්ෂ පවුල ධනය හා ප්‍රභූත්වය හිමි කර ගත්තේ තනිකර ම බලය හරහා ය. ඒ නිසා බලය වෙනුවෙන් එකට සිටීමේ දැඩි බැඳීමක් මෙම විස්තෘත පවුල තුළ දැකිය හැකි ය. බංඩාරනායක පවුල තුළ එය තිබුණේ නැත. මැත වකවානුවේදී, බංඩාරනායක අම්මා, පුතා, පො

ඥානසාර හාමුදුරුවන්ට ගහපු එක හරි ද?

Image
තනි පුද්ගලයකු ලෙස නො දැනෙන ශක්තියක් සමූහයක් තුළ සිටියදී දැනීම සාමාන්‍ය තත්වයකි.  මහජන උද්ඝෝෂණවලදී මෙම ශක්තිය ප්‍රචණ්ඩ අයුරින් භාවිතා කිරීම මොබ් එකක් හෙවත් අයුතු ජන රාශියක් නිර්මානය කිරීමට හේතු වේ.  මොබ් මානසිකත්වය හා වීරත්වය යනු එකක් නොව දෙකකි. වීරත්වය මතු වන්නේ වඩා අව්‍යාජ, බුද්ධිමත්, සංවේදී හා සිතා මතා ගනු ලබන ක්‍රියාමාර්ග ඔස්සේ ය.  මොබ් මානසිකත්වයෙන් යුතුව යම් යම් ක්‍රියාමාර්ගවලට එළඹෙන බොහෝ පුද්ගලයෝ මොබ් මානසිකත්වය පහව ගිය පසු පශ්චාත්තාපයට ගොදුරු වෙති.  ඥානසාර භික්ෂුව යනු ජනප්‍රිය ජාතිවාදයට හා සිවුරට මුවා වෙමින්, ජාතිවාදය හා ආගම්වාදය කුළුගන්වන්නට පුළුවන් පරිසරයන්හිදී නිරතුරුව ම මොබ් මානසිකත්වයෙන් කටයුතු කරන පුද්ගලයෙකි.  ඔහු සාමාන්‍යයෙන් මැදිහත් වන්නේ ප්‍රතිවිරුද්ධ මොබ් නිර්මානය නො වන තැන්වලටයි. නිදසුනක් ලෙස ඔහු කිසිදු කලෙක මාළිගාවත්තට හෝ වැල්ලවත්තට ගොස් සිය වික්‍රමාන්විත ක්‍රියා සිදු කර තිබේදැයි සිතා බලන්න.  ඊයේ ඔහුගේ මොබට ගැලපෙන මොබක් සිරිකොතේදී හමු විය. යූඇන්පීකාරයන් ය කියන්නේ ලොං හැලුණු වෘකයන් පිරිසක් බව ඥානසාර හිමියන්ට අමතක විය. ලොං හැලුණත් වෘකයා වෘකයා ම ය. මීට පෙර

චැනල් - 4 වෙනුවෙන් අධ්‍යක්ෂණය වීම හෙවත් හත් පොළේ ගා ගැනීම

Image
මේ දිනවල ලංකාවේ සිංහල ජාතිවාදී බලවේගය මහින්ද රාජපක්ෂ ආණ්ඩුවට එරෙහිව ජාත්‍යන්තර වශයෙන් පුළුල් ප්‍රචාරයක් ලැබෙන අන්දමේ රංගනයක යෙදී සිටිති.  මහින්ද රාජපක්ෂ ආණ්ඩුව විසින් දැවැන්ත මහජන මුදල් සම්භාරයක් වැය කරමින් පවත්වන පොදු රාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායක සමුළුවේ උත්කර්ෂය යටපත් වන අන්දමේ සංදර්ශන මාලාවක් ඔවුන් විසින් පෙන්වමින් තිබේ.  මේ සංදර්ශන මාලාවේ එක් කොටසක් ඊයේ අනුරාධපුරයේදී රඟ දැක්විණි. ඒ චැනල් - 4 මාධ්‍ය කණ්ඩායම කිලිනොච්චිය බලා යාම වැළැක්වීමේ සංදර්ශනයයි. ඒ ගමන කොහොම හරි වැළැක්වීමේ උවමනාවක් බලධාරීන්ට තිබුණු බව පෙනේ. මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා අද තමන්ට සැඟවීමට දෙයක් නැතැයි කීවේත් මේ සිද්ධිය ඔලුවේ වැඩ කළ නිසා වෙන්නට පුළුවන. කෙසේ වෙතත්, චැනල් - 4 කිලිනොච්චි ගමන වළක්වා ගැනීමේ ආණ්ඩුවේ ප්‍රයත්නය සාර්ථක විය. ගියා නම් ආණ්ඩුව නන්නත්තාර ය.  හැබැයි, සිංහල ජාතිවාදීන් චැනල් - 4 කණ්ඩායමේ චිත්‍රපටවල අනුරාධපුරයේදී හා කොළඹදී කරන රංගනයන් නම් ඇත්තෙන් ම චැනල් - 4 පැත්තෙන් බැලුවා ම නම් කියලාවත් කර ගන්නට බැරි තරම් ප්‍රශස්ථ මට්ටමක තිබේ. චැනල් - 4ට අධ්‍යක්ෂණය කරන්නට දෙයක් නැත. මෙහේ කට්ටිය අධ්‍යක්ෂණය වෙනවා ය

විජේවීරගේ පරමාදර්ශය හා අද දවසේ ජීවනාදර්ශ

Image
රෝහණ විජේවීර මරා දමා අදට 24 වසරකි. ක්‍රමයෙන් අඩු වී යන උනන්දුවකින් යුතුව ජවිපෙ විසින් 'ආදරණීය රෝහණ විජේවීර සහෝදරයා' සමරමින් සිටියි. අප කිසියම් පුද්ගලයකු සැමරිය යුත්තේ වර්තමානයට ඔහු අදාළ කර ගනිමිනි. මාක්ස්, එංගල්ස්, ලෙනින්, චේ, ගාන්ධි වැනි අය අදටත් අදාළ දාර්ශනික හා ජීවන භාවිතාවන් හඳුන්වා දුන් අයයි. රෝහණ විජේවීර වර්තමානයට අදාළ වන්නේ කෙසේ ද? ඔහු ලංකාවේ කළ මැදිහත්වීම දෙස මැදහත් සිතින් බලන්නට අපි ඔබට ආරාධනා කරමු. ඔහු විසින් නායකත්වය දෙන ලද කැරැලි දෙක ම අතිශය ප්‍රචණ්ඩ ඒවා වූ බව ඇත්ත ය. එහෙත්, ලොව සියලු යුගවල විප්ලවීය අරගල හැමෙකක් ම පාහේ ප්‍රචණ්ඩ ‍ඒවා විය. සමාජ වෙනස්කම් සඳහා මහජනයා අවදි කිරීමේ සංවාදයක්ඇති කිරීමේ අයිතියක් නායකයන්ට තිබේ. එම සංවාදයට එරෙහිව ප්‍රචණ්ඩත්වය භාවිතා කිරීමේ අයිතියක් පවත්නා තත්වය වෙනුවෙන් පෙනී සිටින්නන්ට නැත. ප්‍රචණ්ඩත්වයට මෙම දෙපාර්ශ්වය ම වගකිව යුතු ය. කැරැලිවල මූලය ඇත්තේ මර්දනය තුළයි. ප්‍රජාතන්ත්‍රවාදී අන්දමින් සිදු වූ සමාජ විපර්යාස අවම ය. ඒවා හැම විට ම ප්‍රචණ්ඩත්වය සමග බැඳී තිබිණි. ජේ.ආර්. ජයවර්ධන ලංකාවේ ආර්ථිකය විවෘත කළේ ද ප්‍රචණ්ඩත්වය භාවිතා කරමිනි.

සංගීත් කවි බණ හා ජනප්‍රිය බෞද්ධ කලාව

Image
අද දවල් කොළඹ කොටුවේ සිට පිටකොටුවට පයින් ගියා. මේ කොළඹ ගියේ සෑහෙන දවසකින්. යනකොට සීඩී තට්ටුවක්, තට්ටුවක් ගානේ දාලා තිබුණේ අමුතු කවි පංතියක්. හැම තැනින් ම ඒ කවි පංතිය ඇහෙනකොට කිසියම් කරුණ රසයක් දැනුණා. ඒ නිසා අම්මා ගැන කවි බණක් වන එයින් තැටියක් රු. 130ක් ම ගෙවලා මිළ දී ගත්තා. අ.පො.ස. නෙමෙයි, අ.තැ.ස. (අපොයි තැටි ගත්ත සල්ලි) ඒ තැටියේ අඩංගුව නම් කර තිබුණේ සංගීත් කවි බණ කියායි. අම්මා නමින් වූ මේ තැටියේ රචනය හා ගායනය මානකඳුරේ පඤ්ඤාසාර නම් හාමුදුරු කෙනෙක්. ඔහු මෙවැනි සංගීත් කවි බණ තැටි තවත් නිකුත් කර තිබෙනවා. සර පුවරුවකින් කරන ලද ඉතා සරළ සංගීත ඛන්ඩයක් අතරමැදට වාදනය කරමින්, අතරින් පතර යම් උපදේශාත්මක විස්තරයක් ද කරමින්, එකම ආකාරයකට දිගින් දිගට කරන ගායනය ටික වෙලාවක් යන විට බෝරිං වේ. බෝරිංකම නැති කරන්නට මෙන් ටිකක් දුර යන විට අම්මා අම්මී වෙයි. අවසානය දක්වා අසන්නට රුචියක් ඇති වූයේ නැත. මෙහි ගැයෙන සරළ කවි කාව්‍යාත්මක වශයෙන් දුර්වල මුත්, ගායනයේ යම් මධුරකමක් තිබේ. ගැයුම යම් තරමකට නරසීහ ගාථාවලට සමාන ය. ස්වර පරාසය පටු ය.බෝධි පූජා කවිවල මෙයට වඩා සුන්දරත්වයක් ගැබ් වී තිබිණි. බුදු දහම ආශ්‍රිතව ම

ලංකාවේ ලොකුම අනවසර පදිංචිකාරයා හා ලොකු ම අවතැනුවා අතර ගැටුමක්

Image
අද ජනාධිපතිතුමා ශ්‍රී ලංකා ජාතික කෞතුකාගාරය විවෘත කරන ප්‍රවෘත්තිය කියෙව්වාමයි මතක් වුණේ ලංකාවේ ජනාධිපතිවරයාගේ නිල නිවස පිහිටා තිබෙන්නේ ඒ ආසන්නයේ නේ ද කියලා. ඔය පැත්ත අධි ආරක්ෂක කලාපයක් කළාට පසුව මම නම් සෑහෙන කාලෙකින් ඒ පැත්තේ ගිහින් නැහැ. පුංචි කාලේ අධ්‍යාපන චාරිකාවක් ගිය වෙලාවක ජනාධිපති මන්දිරය ඉදිරිපිට පිළිමයක් වගේ නො සැලී ඉන්න සෙබළා මතක සිටින දර්ශනයක් වුණා. කොළඹ නුවර පාර හැදූ 1830 පටන් ම කොළඹ සිට විවිධ ප්‍රදේශවලට දුර මනින කොඩි ගහ පිහිටා තිබෙන්නේත් මේ ජනාධිපති මන්දිරය ආසන්නයේමයි. මේ නිවසට දිගු ඉතිහාසයක් තිබෙනවා. ඉංග්‍රීසීන් කොළඹ කොටුව අල්ලා ගැනීමෙන් පසු ලංකාවේ අවසන් ලන‍්දේසි ආණ්ඩුකාරයා වූ ජොහාන් ජෙරාඩ් වෑන් ඇන්ගල්බීක්ගෙන් ඉංග්‍රීසීන් විසින් පවරා ගන්නා ල ද මේ නිවස ඉන් පසුව පාවිච්චි වුණේ ආණ්ඩුකාර නිවස හැටියටයි. 1972 සිට එය ජනාධිපති නිල නිවස. 1979 සිට ලංකාවේ විධායක ජනාධිපති ක්‍රමය ආරම්භ වීමත් සමග රටේ සැබෑ රාජ්‍ය නායකයාගේ නිල නිවස බවට එය පත් වුණා.  එහෙත්, ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන වැඩිපුර පාවිච්චි කළේ ඔහුට දෑවැද්දට ලැබුණු පෞද්ගලික නිවසක් වූ වෝඩ් පෙදෙසේ බ්‍රේමර් මන්දිරයයි. ජනාධිපති ආ

විමල්ගේ පාපැදි ගමන

Image
විමල්ගේ පාපැදි ගමන දුටු විට අතීත කතාවක් මතක් විය. ජනතා විමුක්ති පෙරමුණේ පංති පහෙන් එක් පංතියක් වූ පක්ෂ ඉතිහාසය පංතියේ පක්ෂය ගොඩනැඟීම වෙනුවෙන් රෝහණ විජේවීරගේ කැප කිරීම් උත්කර්ෂයට නංවන ලදී. එහි කියැවුණු එක් කරුණක් වන්නේ පක්ෂය ගොඩනැඟීම සඳහා රෝහණ සහෝදරයා මුට්ට කර ගැසීම පවා කර තිබෙන බවයි. එසේම, ගමන් බිමන් යාම සඳහා මුදල් නැති නිසා ඔහු බස් රියවල හොරෙන් ද ගොස් තිබේ. 1983 තහනමෙන් පසු රහසිගතව පක්ෂය ගොඩනැඟීමේ කාර්යයට උර දී සිටි මෙම ලිපිය ලියන මම ද, විමල් වීරවංශ වැනි අය ද, ජවිපෙ නායකයන්ගේ මේ කැප කිරීම් මහත් භක්තියෙන් යුතුව අනුගමනය කළෙමු. පක්ෂයේ වැඩවලට එහෙ මෙහෙ යාමට මුදල් නැති නිසා මම සෑහෙන්න බස්වල හොරෙන් ගොස් ඇත්තෙමි. ඉදිරි දොරටුවෙන් බසයට නැග 'පාස්' ය කියා යද්දී කොන්දොස්තරවරු එතරම් ඒ ගැන සොයා බැලුවේ නැත්තේ ඇයිදැයි මට ප්‍රහේලිකාවකි. වතාවක්, දෙකක් ටික්කන්ගෙන් බේරුණේ අනූ නමයෙනි. වරක් පෝස්ටර් මිටියක් සමග කෝච්චියේ හොරෙන් යද්දී හදිසි පරීක්ෂාවකට ලක් වීම නිසා මම පානදුරේදී දුවන කෝච්චියෙන් ද පැන්නෙමි. ඒ කාලයේ මේවා මහා වීරකම් ලෙස පක්ෂය විසින් අගය කරන ලදී. ඒත්, ඇත්තෙන් ම පක්ෂය තරුණ අපේ ජීවිත

එකම පවුලේ පස්දෙනෙකු කපා කොටා මැරීම හා ජාතිවාදය පිළිබඳ කතාවක්

Image
අනුරාධපුරයේ විහාරහල්මිල්ලෑවේ එකම පවුලක පස්දෙනෙකු කපා කොටා මරා දමා ඇති බවට පුවත මට කෙටි පණිවුඩයකින් ලැබෙනකොට මා සිටියේ සේවා ස්ථානයේ විවේක කාමරයේ සගයින් කීප දෙනෙකු සමග කතා කරමිනි. ඒ පුවතේ අමුතු ගතිය නිසාත් විහාරහල්මිල්ලෑව කියන ගමේ නම එක්ක මට සිහිපත් වුණේ මායිම් ගම්මානයක් නිසාත් මම කිව්වා ‍මේක කොටින්ගේ වැඩක් ද දන්නේ නැහැ කියලා. මේ ගමේ ඇත්ත නම මොකක්ද දන්නේ නැහැ. එක එක මාධ්‍ය කියන්නේ එක එක නම්. විහාරපාළුගම, විහාරහල්මිල්ලෑකුලම වගේ. මෙතන හිටිය ජාතිවාදී පක්ෂයකට සම්බන්ධ එක් අයෙක් පසුව මේ සිද්ධිය පිළිබඳ කත‍ා කරමින් කිව්වේ මට හා වික්‍රමබාහු කරුණාරත්න වැනි අයට උවමනා වී තිබෙන්නේ එසේ කොටි සංවිධානය නැවත අවදි වීම දකින්න බවයි. ඔහු කියාගෙන ගියේ සිංහල ජාතිය පීඩාවට පත් වන විට මා සතුටු වන බවයි. බ්ලොග් කමෙන්ට්කරුවන් ඕනෑ තරම් මෙසේ කීවත්, භෞතිකව නිතර හමු වන මිනිසෙක් එසේ මා පිළිබඳව සෙසු අයට කියන විට මම මඳක් සසල වුණා. 1989 කැරැල්ලේ පරාජයෙන් පසුවත් බොහෝ දෙනා සිතා සිටියා ජවිපෙ සම්පූර්ණයෙන් ම අවසන් ය කියා. දැන් සමහරු හිතනවා කොටි සංවිධානය තිබෙන්නේ ඩයස්පෝරාවේ විතරයි කියලා. මම නම් පෞද්ගලිකව විශ්වාස කරන්නේ නැහ

චැනල් ෆෝ එකට එන්න කියාපිය - මේවට උත්තර දෙන්න කියාපිය

Image
ශ්‍රී ලංකාවට එරෙහි යුද අපරාධ චෝදනා සම්බන්ධ පුවත් හෙළිදරව් කළ චැනල් - 4 රූපවාහිනියේ අධ්‍යක්ෂ කැලම් මැක්රේ ප්‍රමුඛ කණ්ඩායමකට පොදු රාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායක සමුළුව ආවරණය කරන්නට එන්නට වීසා දෙන්නට ලංකාවට සිදු වී තිබේ. එසේ වූයේ එංගලන්තයේ පොදුරාජ්‍ය මණ්ඩලයේ මූලස්ථානය විසින් සමුළුව ආවරණය කිරීම සඳහා සුදුසු බවට අනුමත කර ඇති සියලුම මාධ්‍යවේදීන්ට ඒ සඳහා වීසා ලබාදීමටලංකාවට සිදු වූ හෙයිනි. සිය යටත් විජිත මානසිකත්වයේ මුදුන් මල්කඩ වූ චාල්ස් කුමාරයාගේ ලංකාගමනය වෙනුවෙන් ඕනෑම දෙයක් කැප කිරීමට සූදානමින් සිටින රාජපක්ෂ ආණ්ඩුව මේ කර ඇත්තේ ලජ්ජා විරහිත දන නැමීමකි.  ඇත්තෙන් ම චැනල් - 4 කණ්ඩායම ලංකාවට එන්නට වීසා ඉල්ලන්නට ම ඇත්තේ එය ප්‍රතික්ෂේප කිරීමක් සිදු වුවහොත් එය දැවැන්ත සිද්ධියක් බවට පත් කිරීමේ බලාපොරොත්තුවෙනි. ආණ්ඩුවට සිදු වූයේ 'බල්ලාට ගැසුවා නම් ගූත් ඇදපිය' කියා කිව්වා වගේ දෙයකි. ඒ කියන්නේ ඔය යටත් විජිත හත්වලාම මෙහි තියන්නට තීරණය කළා නම් එහි අතුරු ඵලයක් වූ මාධ්‍ය නිදහස අඩු තරමේ ජාත්‍යන්තර මාධ්‍යවලට හෝ දෙන්නට සිදු වීමයි.  Sri Lanka's Killing Fields සහ No Fire Zone යන වාර්තා චිත්‍රපට දෙක

ගනිකා වෘත්තිය නීතිගත කරමු ද? ආදරය දිරි ගන්වමු ද?

Image
ලොව පැරණි ම ගනිකා නිවාසයක් වූ ස්පාටකස් සමයේ පොම්පෙයි ගනිකා නිවාසයේ සිතුවමක් මේ දිනවල ගනිකා වෘත්තිය ගැන මහා සංවාදයක් ඇති වී තිබේ.එය නීතිගත කළ යුතු ද? නැද්ද?   ගනිකා වෘත්තිය නීතිගත කිරීමෙන් ලිංගික ශ්‍රමිකයන්ගේ ආරක්ෂාව සැලසෙන බවට නිමල්කා ප්‍රනාන්දු නඟන තර්කය, කැසිනෝ ආර්ථිකය නිසා ගනිකා  වෘත්තිය පැතිරේ යයි කියන්නා වැනි ම මුග්ධ තර්කයකි. ලෝකයේ ඇති කිසිදු රැකියාවක් අමුතුවෙන් නීතිගත කිරීමක් කර නැත. අවශ්‍ය වන්නේ ලිංගික ශ්‍රමිකයන් අසාධාරණයට ලක් කිරීමට යොදා ගන්නා පාදඩ පනත වැනි 19වන සියවසේ යල් පැන ගිය නීති වෙනස් කිරීමයි.  සෙසු රැකියාවන්හි මෙන් ම මෙම රැකියාවෙහිදී ද සේවා තත්වය දියුණු කර ගැනීම සිදු කළ යුත්තේ එම රැකියාවේ නියුතු අයගේ ම සංවිධානය වීමෙන් මිස අන් ආකාරයකින් නො වේ.  ලිංගික ශ්‍රමිකයන් යනු ලෝකයේ ඈත අතීතයේ සිට ම සිටි අත්‍යවශ්‍ය සේවාවක් සපයන පිරිසකි. ලිංගික සේවා සපයන්නන් කටයුතු කරන්නේ මිනිසුන්ගේ හැඟීම් සම්බන්ධයෙන් නිසා මෙම වෘත්තියේ තත්වයන් ඉතා සංකීර්ණ වේ.  අනෙක් පැත්තෙන්, එම වෘත්තියේ පවතින දැඩි අනාරක්ෂිත ස්වභාවය නිසා කිසිවකු එම ක්ෂේත්‍රයට යොමු වීම දිරිගැන්වීම සුදුසු නැත. ඔවුන් අනාරක

ඉසයිප්‍රියා යනු කුමක් ද?

Image
දෙමළ විමුක්ති කොටි සංවිධානයේ මිලිටරි මාධ්‍යකාරියක හා කලාකාරියක ලෙස ප්‍රකටව සිටි ඉසයිප්‍රියාගේ මරණය හා සම්බන්ධ යයි කියන වීඩියෝවක් චැනල් ෆෝ ආයතනය විසින් නිකුත් කර තිබේ. එය ව්‍යාජ එකක් බව ආරක්ෂක අංශ පවසයි. ඉසයිප්‍රියා සාමාන්‍ය මාධ්‍යකරුවකු නො වේ යයි කෙනෙකුට තර්ක කළ හැකි ය. ඇය කොටි සංවිධානයේ ලුතිනන් කර්නල්වරියක බව‍ ද කියැවේ. බොහෝ මාධ්‍යකරුවන්ගේ අනන්‍යතාව සිවිල්ද මිලිටරි ද කියා තීරණය කිරීම එතරම් පහසු දෙයක් නො වේ. මන්ද, ඔවුහු හැමවිට ම යුද දේශපාලනික ක්‍රියාවලියක කිසියම් පාර්ශ්වයක අවශ්‍යතාවක් නියෝජනය කරන නිසා ය. සිවරාම් මෙන් ම කීර්ති වර්ණකුලසූරිය ද මිලිටරි මාධ්‍යකරුවෝ ය. කීර්ති වර්ණකුලසූරිය තම පුවත්පතේ ම සහෝදර වාර්තාකරුවකු කොටියකු බව එම පුවත්පතේ ම ලිවීමෙන් වාර්තා තැබූවෙකි. එහෙත් මේ දෙදෙනා ම මිලිටරිය හා ඍජුව සම්බන්ධ නැත. ඉසයිප්‍රියා කෙළින් ම කොටි සංවිධානයට සම්බන්ධව සිටි මාධ්‍යකාරියකි. රාජ්‍ය මිලිටරි මාධ්‍ය ආයතනවල මාධ්‍යකරුවෝ ද කෙළින් ම හමුදාවට සම්බන්ධව සිටියේ යයි තර්ක කළ හැකි ය. ලෝකයේ සෑම සමාජ විපර්යාසයක් ම සිදු වී තිබෙන්නේ එකී විපර්යාසයට පෙර සමයේ තිබුණු නීතිය අභියෝගයට ලක් කළ ක්‍ර

ගහෙන් වැටුණු දරුවාට විදුහල්පති ඇනීම

Image
දරුවකු අතින් ලිංගිකත්වය හා සම්බන්ධ වරදක් සිදු වූ කල පවා ලංකාවේ නීතිය අනුව එය සැලකෙන්නේ දරුවාගේ වරදක් ලෙස නො වේ. වරද සිදු කළ අනෙක් පාර්ශ්වය වැඩිහිටියකු වේ නම්, එම පාර්ශ්වයේ වරදක් ලෙසයි. එය ලංකාවේ නීතිය අනුව ලිංගික දූෂණ ගන‍යේ ලා සැලකේ. නීතිය ඉදිරියේ අනුකම්පාවට ලක් වන ළමයි පාසල් ගුරුවරුන් හා විදුහල්පතිවරුන් ඉදිරියේ යළි අසරණ වන්නේ කෙසේ ද? ගුරුවරු හා විදුහල්පතිවරු ඉන්නේ නීතියට ඉහළින් ද? අකුරැස්ස ප්‍රාදේශීය සභාවේ සභාපති අතින් දූෂණය වූ දැරියක එම ප්‍රදේශයේදී අවමානයට ලක් වීම නිසා ඇය බංඩාරවෙල කුඩා කුසුම් බාලිකා පාසලට ඇතුළත් කරන ලදී. එහෙත්, එම පාසලේ විදුහල්පතිනිය මේ සිද්ධිය පිළිබඳ සොය දැනගෙන ඇය පාසලින් ඉවත් කිරීමට තීරණය කර තිබේ. නේවාසික පහසුකම් සහිත එම විදුහලේ ඉගෙනීම ලබමින් සිටින අතර විදුහල්පතිනිය දිනක්‌ මව කැඳවා දියණිය තරුණයන් දෙදෙනකුගෙන් හා ප්‍රාදේශීය සභාපතිවරයකුගෙන් අතවරයකට භාජනය වී ඇති බවට පැමිණිලි ලැබී ඇතැයි කියමින් විදුහලෙන් අස්‌කර ගන්නා ලෙස දන්වා ඇත. විදුහල්පතිනිය ගෙන් එල්ල වූ දැඩි බලපෑම් නිසාම ඇඳුම් හා පාසල් පොත් රැගෙන දියණිය සමග ආපසු ගෙදර එන්නට මවට සිදු වී තිබේ. දැන් මේ පිළිබඳව

රං ගෝලයා හෙවත් ගොන් රාළයා

Image
දුම්රිය දෙපාර්තමේන්තුවේ 'ගෝලයා' නම් තනතුරක් ඇති බව දැන ගන්නට ලැබුණේ දිනමිණ පුවත්පතේ මේ වාර්තාව හරහා ය. මේ රස කතා ලියන්නේ මහින්ද අබේසුන්දරගේ ගෝලයෝ ය. අබේසුන්දර මහින්ද රාජපක්ෂගේ චක්ගෝලයෙකි. ඇත්තෙන් ම මේ ගෝලයා නම් වචනය රසවත් පසුබිමකින් යුක්ත ය. උම්මග්ග ජාතකයේ කාලගෝලට ඒ නම වැටුණේ කළු බෝලයක් වැනි පුද්ගලයකු නිසා විය හැකි ය.  රිවිරැස පත්තරේ තිබුණු ජයසිරි සේමගේ විසින් අඳින ලස ගුරු ‍ගෝල වෙනස නම් තරගයේදී පාඨකයන්ට කරන්නට තිබුණේ ගුරුවරයාගේ චිත්‍රයත්, ගෝලයාගේ චිත්‍රයත් අතර ඇති වෙනස්කම් දහයක් සොයා සලකුණු කිරීමයි. ඉන් පසු ඒවාට අංක යොදන ආකාරය පුවත්පතේ ඇති චිත්‍රයේ අංක යොදා ඇති ආකාරය සමග ගැලපුණොත් තෑග්ග හිමි වූ බව මට මතක ය. ඇතැම් දිනෙක මට ‍ගෝලයාගේ චිත්‍රයේ වැරදි දහයකට වැඩි ගණනක් හමු වූ අවස්ථා ද තිබිණි.  ශිෂ්‍යයා ‍ගෝලයා ලෙස ආමන්ත්‍රණය කිරීම මහදැනමුත්තා කතාවලදී අපට හමු වේ. දැන් සිටින ගුරුවරු තමන් මහදැනමුත්තන් ලෙස හඳුන්වා නො ගත්තත්, තමන්ගේ සිසුන් ගෝලයන් ලෙස හැඳින්වීමට නම් කැමති ය. මා සිතන්නේ ගෝලයා යයි කීවා ම තමන්ගේ මනස තුළ හෝ ඒ පුද්ගලයාව පහත් මට්ටමක තබා ගන්නට පුළුවන් නිසා වෙන්නට පුළුවන. &q