චැනල් - 4 වෙනුවෙන් අධ්‍යක්ෂණය වීම හෙවත් හත් පොළේ ගා ගැනීම

මේ දිනවල ලංකාවේ සිංහල ජාතිවාදී බලවේගය මහින්ද රාජපක්ෂ ආණ්ඩුවට එරෙහිව ජාත්‍යන්තර වශයෙන් පුළුල් ප්‍රචාරයක් ලැබෙන අන්දමේ රංගනයක යෙදී සිටිති. 

මහින්ද රාජපක්ෂ ආණ්ඩුව විසින් දැවැන්ත මහජන මුදල් සම්භාරයක් වැය කරමින් පවත්වන පොදු රාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායක සමුළුවේ උත්කර්ෂය යටපත් වන අන්දමේ සංදර්ශන මාලාවක් ඔවුන් විසින් පෙන්වමින් තිබේ. 

මේ සංදර්ශන මාලාවේ එක් කොටසක් ඊයේ අනුරාධපුරයේදී රඟ දැක්විණි. ඒ චැනල් - 4 මාධ්‍ය කණ්ඩායම කිලිනොච්චිය බලා යාම වැළැක්වීමේ සංදර්ශනයයි. ඒ ගමන කොහොම හරි වැළැක්වීමේ උවමනාවක් බලධාරීන්ට තිබුණු බව පෙනේ. මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා අද තමන්ට සැඟවීමට දෙයක් නැතැයි කීවේත් මේ සිද්ධිය ඔලුවේ වැඩ කළ නිසා වෙන්නට පුළුවන. කෙසේ වෙතත්, චැනල් - 4 කිලිනොච්චි ගමන වළක්වා ගැනීමේ ආණ්ඩුවේ ප්‍රයත්නය සාර්ථක විය. ගියා නම් ආණ්ඩුව නන්නත්තාර ය. 

හැබැයි, සිංහල ජාතිවාදීන් චැනල් - 4 කණ්ඩායමේ චිත්‍රපටවල අනුරාධපුරයේදී හා කොළඹදී කරන රංගනයන් නම් ඇත්තෙන් ම චැනල් - 4 පැත්තෙන් බැලුවා ම නම් කියලාවත් කර ගන්නට බැරි තරම් ප්‍රශස්ථ මට්ටමක තිබේ. චැනල් - 4ට අධ්‍යක්ෂණය කරන්නට දෙයක් නැත. මෙහේ කට්ටිය අධ්‍යක්ෂණය වෙනවා ය. 

සිරිකොතේ පැවැත්වුණ මානව හිමිකම් සමුළුව පුංචි පහේ වැඩකි. එය සාර්ථක වූයේ එය කඩාකප්පල් කරන්නට දැරූ ප්‍රමාණාත්මක වශයෙන් විශාල වූ උත්සාහය නිසා ය. එහි ප්‍රතිඵලයක් ලෙස දෙමළ මිනිසුන්ගේ මානව හිමිකම් අර්බුදයේ හා මර්දනයේ තරම මුළු ලෝකයට ම‍ ප්‍රදර්ශනය විය.

තව සමුළු හතක් තබාවත් හෝදා ගන්නට බැරි තරමට අපේ කට්ටිය මේ දින දෙක තුනට හත් පොළේ ගා ගෙන තිබේ.

මම නම් කියන්නේ මේ කට්ටිය හිතා මතා ම ආණ්ඩුවේ ඇඟේ අසූචි තවරනවා ය. 

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න
Read in English blog.parakum.com

Comments

  1. තනිකර විහිළුවක් උනා පැරා අනුරාධපුරේ ෂෝ එක ...

    ReplyDelete
    Replies
    1. ඔන්න සහන් නියම චැනල් එකට ඇවිල්ලා.... ඊයෙ මම කොටපු කොමෙන්ට් ටික අපතෙ ගිහින් නෑ එහෙනම්...

      Delete
    2. එහෙම උනේ මන් මේ ගැන පෝස්ට් එකක් ලියලා තිබුණ නිසා.. පෝස්ට් ලියලා නැති මාතෘකා වලදී දිග කමෙන්ට් එකක් දාන්න වෙනවා... ගණන් ගන්න එපා ඒක ...

      Delete
  2. පැරා අපේ ලොක්ක ගැන දන්නේ නැතුව මෙහෙම කියන්නේ. ලොක්කට ඕන චැනල් ෆෝ එක නෙවෙයි මොකා ආවත් බය නෑ කියලා පෙන්නන ගමන් උන්ව ෂේප් කරගන්න. අනුරාධපුරේ වැඩේ ලොක්ක දැන්වත්ව කළ බව පැහැදිලියි. දැන් ලොක්ක චැනල් ෆෝ එකට පෙන්නයි, අපේ රටේ සමහර මිනිස්සු මේ තරම් දේශප්‍රේමියි කියලා, ඒ වගේම අනිත් පැත්තට චැනල් ෆෝ එකට කියයි ඕන වෙලාවක එන්න කියලා. මිනිහගේ ඔළුව අතගාලා ලස්සනට ටොක්කක් අනියි. ඔට්ටු අල්ලන්න පුළුවන් චැනල් ෆෝ එක ලංකාවෙන් යන්න කලින් මිනිහව ලොක්ක දැපනේ දාගන්න බවට. ලෝකේ ඉන්න රාජ්‍ය නායකයන්ට ලොක්කගෙන් ගේම ගහන විදිහ නම් ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනවා...

    ReplyDelete
  3. නිති බැබළෙනා ලස්සන අපෙ ලක් ......මවගේ
    ගෙන හැර පපා ලොව වැසියන් සිත .....සැමගේ
    බොරු මව මවා පෙරටම රට .........වැසියන්ගේ
    සමළුව පැවතුණා ගජරාමෙට ..............මුන්ගේ

    ReplyDelete
  4. freedom of speech machan
    ඇයි මතක නැද්ද මහලොකු ප්‍රජාතන්ත්‍රෙ තියෙන රටට අපේ ලොක්ක දේශනයකට ගියවෙලේ හැරිල එන්න උන එක. රටේ නායකෙයෙකුට එහෙම වෙන එක හොදනම් කුලියට කහින මාධ්‍ය නඩයකට මෙහෙම වෙනව කියන්නෙ ලොකු දෙයක් නෙවි

    ReplyDelete
  5. http://www.youtube.com/watch?feature=player_embedded&v=hgjA3eFR6Qc

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා