එකම පවුලේ පස්දෙනෙකු කපා කොටා මැරීම හා ජාතිවාදය පිළිබඳ කතාවක්

අනුරාධපුරයේ විහාරහල්මිල්ලෑවේ එකම පවුලක පස්දෙනෙකු කපා කොටා මරා දමා ඇති බවට පුවත මට කෙටි පණිවුඩයකින් ලැබෙනකොට මා සිටියේ සේවා ස්ථානයේ විවේක කාමරයේ සගයින් කීප දෙනෙකු සමග කතා කරමිනි.

ඒ පුවතේ අමුතු ගතිය නිසාත් විහාරහල්මිල්ලෑව කියන ගමේ නම එක්ක මට සිහිපත් වුණේ මායිම් ගම්මානයක් නිසාත් මම කිව්වා ‍මේක කොටින්ගේ වැඩක් ද දන්නේ නැහැ කියලා. මේ ගමේ ඇත්ත නම මොකක්ද දන්නේ නැහැ. එක එක මාධ්‍ය කියන්නේ එක එක නම්. විහාරපාළුගම, විහාරහල්මිල්ලෑකුලම වගේ.

මෙතන හිටිය ජාතිවාදී පක්ෂයකට සම්බන්ධ එක් අයෙක් පසුව මේ සිද්ධිය පිළිබඳ කත‍ා කරමින් කිව්වේ මට හා වික්‍රමබාහු කරුණාරත්න වැනි අයට උවමනා වී තිබෙන්නේ එසේ කොටි සංවිධානය නැවත අවදි වීම දකින්න බවයි. ඔහු කියාගෙන ගියේ සිංහල ජාතිය පීඩාවට පත් වන විට මා සතුටු වන බවයි. බ්ලොග් කමෙන්ට්කරුවන් ඕනෑ තරම් මෙසේ කීවත්, භෞතිකව නිතර හමු වන මිනිසෙක් එසේ මා පිළිබඳව සෙසු අයට කියන විට මම මඳක් සසල වුණා.

1989 කැරැල්ලේ පරාජයෙන් පසුවත් බොහෝ දෙනා සිතා සිටියා ජවිපෙ සම්පූර්ණයෙන් ම අවසන් ය කියා. දැන් සමහරු හිතනවා කොටි සංවිධානය තිබෙන්නේ ඩයස්පෝරාවේ විතරයි කියලා. මම නම් පෞද්ගලිකව විශ්වාස කරන්නේ නැහැ, කොටි සංවිධානය සම්පූර්ණයෙන් ම රට තුළ අකර්මන්‍යයි කියලා. එහෙම වෙන්න බැරි එය ජවිපෙටත් වඩා සුවිසල් හා පැතිරුණු එකක් වී තිබුණු නිසායි. 

ඒත්, මම නම් හිතන්නේ නැහැ, නැවතත් ත්‍රස්ත ව්‍යාපාරයක් ලෙස කොටි සංවිධානයට පැවැත්මක් තිබෙයි කියලා. ඒත්, ජාතිවාදය කියන්නේ ඕනෑම අගතියකට විවෘත දෙයක්. මායිම් ගම්මානවල මිනිසුන් කපා කොටා ඝාතනය කිරීම වැනි දේ නැවත සිදු නො වේ ය කියා විශ්වාස කරන්න බැරි ජාතිවාදයක් දෙමළ සමාජයේ මෙන් ම සිංහල සමාජයේ ද තිබෙනවා. 

අර මගේ වැඩ සගයාත් එවැනි ජාතිවාදියෙක්. මම ඔහු ඇසුරු කරද්දී ඔහු සම්බන්ධයෙන් අගතියක් නැතිව විවෘතව ඇසුරු කළත්, ඔහු මා සම්බන්ධයෙන් කළ අර වෛරය අවුළුවනසුළු ප්‍රකාශය හේතුවෙන් මට හිතුණේ අපි ජීවත් වෙන්නේ කෙතරම් අනාරක්ෂිත සමාජයක ද කියලායි.මේ සමාජය කියන්නේ අහිංසකයන් ලෙස පෙනී සිටින මිනිසුන් වනචාරිත්වයට විවෘත වන ඕනෑම වෙලාවක ම්ලේච්ඡයන් ලෙස හැසිරෙන බව සිතිය හැකි සමාජයක්. 

ඇත්තෙන් ම උක්ත සිද්ධියත් එවැන්නක්. මේ පස් මිනීමැරුම කරන්නේ රුපියල් ලක්ෂ කීපයක මුදලක් පැහැර ගන්නයි.

මේ සිද්ධිය ඇත්තෙන් ම ජාතිවාදය හා සම්බන්ධයි. මන්ද, මරා දැමීම කළ පුද්ගලයා යුද සමයේ හමුදාවේ සිට, යුද්ධනේ පසු හමුදාවෙන් පළා ගිය සෙබළෙක්. විවිධ අවස්ථාවලදී කොටි සංවිධානයෙන් ඉවත් ව ආ ඇතැම් හිටපු කොටි සෙබළුත් මෙවැනි අපරාධවල යෙදුණු බවට වාර්තා වුණා. ත්‍රිකුණාමලයේ පාසල් දැරියක වූ ජූඩ් රෙජී වර්ෂා ඝාතනය එවන් එක් සිද්ධියක්.

ජාතිවාදය මත පදනම් ව මුදා හරින ලද සීමාන්තික ප්‍රචණ්ඩත්වය පශ්චාත් යුද සමයේ සීමාන්තික ධන තෘෂ්ණාව, පාරිභෝජනවාදය හා දරිද්‍රතාව, නූගත්කම වැනි කාරණා සමග සම්මිශ්‍රණය වුණා ම මේ සමාජය ගැන කිව හැක්කේ විය 'නො හැක්කක් නොමැත' කියායි.

මේ සෙබළාගේයි අර මගේ වැඩ සගයාගේයි අතර වෙනස තිබෙන්නේ සමාජ පසුබිම විසින් ඇති කරන බලපෑම තුළ පමණයි. ඒ බලපෑම් ඉවත් කරනු ලබන ම්ලේච්ඡත්වයක් තුළ ඔහුත්, මේ සෙබළාත් අතර වෙනසක් තිබෙයි ද?

මේ සෙබළා ඔහු විසින් මරා දමන ලද පවුලේ හිතවතෙකි. ඔවුහු කලින් දිනයේ එකට මත්පැන් සාදයක් ද පැවැත්වූ හ. මා කී සගයා ද මා සමග මත්පැන් සාද පවත්වන්නෙකි.

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න
Read in English blog.parakum.com

Comments

  1. මිතුරන්ගෙන් ප්‍රවේශම් වෙනු.

    ReplyDelete
  2. ගනන් ගන්න එපා. අපි හැමෝටම සයිලන්ට් සහන් වගේ යාලුවෝ ඉන්නවා!

    ReplyDelete
    Replies
    1. සහන්ට තියෙන්නෙ මානසික රෝගයක්....

      Delete
    2. මෙය ද්වේශ සහගත කමෙන්ටුවක් ..:)

      Delete
  3. /*මේ සිද්ධිය ඇත්තෙන් ම ජාතිවාදය හා සම්බන්ධයි. මන්ද, මරා දැමීම කළ පුද්ගලයා යුද සමයේ හමුදාවේ සිට, යුද්ධනේ පසු හමුදාවෙන් පළා ගිය සෙබළෙක්*/

    පැරා, මේ වාක්‍යයේ තියන තේරුම මොකක්ද? එතකොට යුද සමයේ හමුදාවේ සිට, යුද්ධනේ පසු හමුදාවෙන් පළා ගිය සෙබළෙක් පැරා නෝනව වැඩට ඇරලවන්න උදේ යන වෙලාවෙ පාර අයිනෙ චූ කර කර හිටියොත් එකත් ජාති වාදී වැඩක්ද නැද්ද? මොකද ඔයා නොකිය කියන්න හදන්නෙ මුන් යුද්දෙදි දෙමලු මැරුව පුරුද්දට දැන් මිනී මරනවා කියලනෙ. එතකොට යුද්ද කාලෙ සෙබලු පාරවල් අයිනෙ චූ කරන්න ඇතිනෙ, මොකෝ ටොඉලට් හොයන්නද යුද්දෙ අස්සෙ.

    -ප.ගෝ.

    ප.ලි. පැරා මම මේ ගොන් ජෝක් එකක් නෙවෙයි කියන්නෙ, පොඩ්ඩක් හිතල බලන්න ඔයාගෙ කතාවයි ඔය වාක්‍යයයි.

    ReplyDelete
    Replies
    1. අනික එහෙම තර්ක කරොත් ඉතින් හිටපු ජෙප්පොත් තනි මිනීමරුවො, රට කාබාසිනියා කරපු උන් සහ මංකොල්ල කාරයෝ, 89 කරපුවා ගැන හිතුවොත්.

      -ප.ගෝ.

      Delete
    2. ඔබ උපුටා දැක්වූ කොටසෙන් පසුව එන මේ කොටස ගැන අවධානය යොමු කරන්න.

      "විවිධ අවස්ථාවලදී කොටි සංවිධානයෙන් ඉවත් ව ආ ඇතැම් හිටපු කොටි සෙබළුත් මෙවැනි අපරාධවල යෙදුණු බවට වාර්තා වුණා. ත්‍රිකුණාමලයේ පාසල් දැරියක වූ ජූඩ් රෙජී වර්ෂා ඝාතනය එවන් එක් සිද්ධියක්.

      ජාතිවාදය මත පදනම් ව මුදා හරින ලද සීමාන්තික ප්‍රචණ්ඩත්වය පශ්චාත් යුද සමයේ සීමාන්තික ධන තෘෂ්ණාව, පාරිභෝජනවාදය හා දරිද්‍රතාව, නූගත්කම වැනි කාරණා සමග සම්මිශ්‍රණය වුණා ම මේ සමාජය ගැන කිව හැක්කේ විය 'නො හැක්කක් නොමැත' කියායි."

      මෙතැන තිබෙන්නේ අරයා නරකයි, මෙයා නරක නැහැ කියලා තර්කයක් නොවෙයි. මෙය දැවැන්ත ප්‍රචණ්ඩත්වයක ප්‍රතිඵල. අපි හැමෝ ම ඒ ප්‍රචණ්ඩත්වයේ ගොදුරු. ඒ වගේ ම ප්‍රචණ්ඩත්වය දියත් කරන්නේත් අපිමයි.

      මෙතැනදී අප විසින් කළ යුතුව තිබෙන්නේ කාටවත් ඇඟිල්ල දිගු කරන එක නොවෙයි. මේ උගුලෙන් ගැලවෙන්න ක්‍රම සොයන එකයි. මුලින් ම අපි මේ ප්‍රචණ්ඩත්වයේ විෂම චක්‍රයෙන් ගැලවෙන්න ඕනැ.

      Delete
    3. මිනීමැරීමේ පුරුද්ද කියන පැරාගෙ කතාව තර්කානුකූලයි.ඒක සෙබලුන්ට ,කොටින්ට විතරක් නොවෙයි 87,89 කාලෙ මිනී මැරීම සෙල්ලමක් කරගත්ත ජේ වී පීකාරයන්ටත් ඔට්ටුයි.ජී වීපී කාරයො මරපු අතුරු හමුදා වල අයටටහ් ඔට්ටුයි.හමුදාවට විතරක් බණින්න එපා.හුඟක් අපරාධ කරුවන් සෙබලුන්,ජේ වී පී කාරයන් හා ප්‍රා,කොලකොටි,කලු බලල්ලු වගෙ කල්ලි වල හිටපු අය.ඔය තුනේදිම බ්‍රේන් වොශ් එකක් වෙනව.මිනී මැරීම හා සිවිල් නීතියට යටත් වීම කියන ගුණ ධර්මය ඛන්ඩනය වෙනව.ඊට පස්සෙ ඒ උප සංස්කෘතියෙන් පිටතට ආවත් ඒ ආරෝපිත පෞර්ෂය නැති වෙන්නෙ නෑ.සෙබලුන් නිතරම ඉලක්ක වෙන්නෙ ඒ අය ලියා පදින්චි හමුදාවක සිටි නිසයි.නමුත් පසු ගිය කාලෙ වාර්තා වුන රට කම්පා කළ අපරාධ හුගක් කළේ ජේ වී පී කාරයන් හා ආතුරු හමුදා වල අය.

      කොහොමටත් අපරාධවලට මානසික රෝගී තත්වයන් හා ජානමය හේතු බලපානවා.ඔය පුද්ගලයගෙ රූපෙනුත් මට නම් අමුතු සාහසික නූගත් පෙනුමක් තියනව කියල හිතෙනව.

      Delete
    4. පැරා, නමුත් ඔය දෙවෙනි කොටසින්වත් ඔයා කියන්නෙ කොහොමද මේක ජාතිවාදය හා සම්බන්දයි කියල. ඇත්තටම මොකක්ද ජාතිවාදියි කියන්නෙ, මගෙ අර්ත්කථනයනම් තමන්ගේ ජාතියට ලැදියි කියන එක, ඒ ලැදියාවේ තරම සහ මොලේ තරම අනුව තමයි ජාතිය වෙනුවෙන් යහපත් දෙයක් කරනවාද එහෙම නැත්නම් ජාතිය වෙනුවෙන් මිනී මරනවාද කියන එක තීරණය වෙන්නෙ. නමුත් වාමාන්ශික, සිංහල විරෝදි සහ තවත් කණ්ඩායම් ඒක අර්ත්ථ ගන්වලා තියෙන්නෙ "තවත් ජාතියකට (බොහෝ දුරට දෙමළ ජාතියට ) විරුද්ධව වැඩ කරන" කියන තේරුමෙන්.
      නමුත් මේ සිද්ධිය ඔය කියන කාරනා දෙකෙන් එකකටවත් නියමින් වැටෙන්නෙ නෑ, ඔහු සෙබලෙක් වුන පලියටම මේක ජාතිවාදයට සම්බන්දයි කියනවානම්, ඒක හරියට අර මැක්කගෙ කතාව වගේමයි.

      පැරා, මේක ජාතිවාදයට නෙවෙයි, නරුම වාදයටයි සම්බන්ද, හොකන්දර ඒකාලෙ මිනි මරුවෙත්, දැන් මුන් මරන්නෙත් උන්ගෙ තියන නරුම ගතිය, ඇයි උන් නරුමයෝ උනේ කියන එකට කියන්න තියෙන්නෙ ආර්ථික ප්‍රශ්ණ ප්‍රශ්නත් එක්ක එකතු උන අඩු බුද්ධිමත්කම (නූගත් කම නෙවෙ ).

      ප.ගෝ.

      ප.ලි. මේක අපෙ වාදයක් නෙවෙ, එත් මම වැරදි නම්, කියන්න.

      Delete
    5. \\\\\\\\\\\මේක ජාතිවාදයට නෙවෙයි, නරුම වාදයටයි සම්බන්ද, හොකන්දර ඒකාලෙ මිනි මරුවෙත්, දැන් මුන් මරන්නෙත් උන්ගෙ තියන නරුම ගතිය, ඇයි උන් නරුමයෝ උනේ කියන එකට කියන්න තියෙන්නෙ ආර්ථික ප්‍රශ්ණ ප්‍රශ්නත් එක්ක එකතු උන අඩු බුද්ධිමත්කම\\\\\\\\\\\\\

      100% එකඟයි ... පැරා සෑම විටම හදන්නේ ආණ්ඩුවට පහර ගහන්න .. ඒ වෙනුවෙන් ඕනෙම දෙයක් ඒ පැත්තට මේ පැත්තට හරවනවා ...

      Delete
    6. @ යකා

      \\\\\.ඔය පුද්ගලයගෙ රූපෙනුත් මට නම් අමුතු සාහසික නූගත් පෙනුමක් තියනව කියල හිතෙනව.\\\\

      දැක්ක හැටියේ එහෙම හිතෙනවා නම් තමයි ..ඒත් වඩාත්ම අවලස්සන හිත ඇතුලේ ඉන්න පුද්ගලයා නේද .... ?

      Delete
    7. ආර්ථික ප්‍රශ්න හා අඩු බුද්ධිමත්කම කියන ඒවාටත් ආණ්ඩුව තමයි වග කියන්න ඕනැ.

      Delete
    8. @සහන්
      ආ..... එහෙනම් හිටපන්කො මේ ආණ්ඩුවට අපි ලව් කරන්නම්.

      Delete
    9. ප.ගෝ., ජාතිවාදය කියන්නේ තමන්ගේ ජාතියට ආදරය කිරීම නොවෙයි. වෙනත් ප්‍රජාවන් පෑගීම සඳහා තමන්ගේ ජාතිය උතුම් ය කියා ඉදිරිපත් කිරීමයි.

      මේ සිද්ධිය ජාතිවාදය සමග සම්බන්ධ වෙන්නේ ඔහු සෙබළෙක් නිසා තමයි. ජාතිවාදයේ නමින් දියත් වූ මහා ප්‍රචණ්ඩත්වයේ ඔහු කොටස්කරුවෙක් වුණා, ඍජුවම. ඔහු පමණක් නොවෙයි අපත් කොටස්කරුවෝ.

      මිනිසුන්ගේ නරුමකම ප්‍රවර්ධනය කරන්නේ ප්‍රචණ්ඩ පරිසරයන් තුළයි.

      Delete
  4. බුර්කාව සම්බන්ධයෙන් පසුගිය සමයේ ඇතිවූ කතිකාවත් තුල බුර්කාව තුල සිටින පුදගලයාගේ අනන්‍යතාවය හඳුනා ගත නොහැකි බැවින් රජය බුර්කාව තහනම් කල යුතුයි කියලා ජාතික සංවිධාන කිහිපයක් කරපු යෝජනාවක් දැකලා රෙද්ද කරේ තියාගෙන බ්ලොග් පොස්ට් දමපු මේ ඊනියා සමාජවාදියා නැති බැරි කමට දූවිලි , දුම කාගෙන මෝටර් බයිසිකල් වල යන එවුන්ගේ ජීවිත ආරක්ෂාවට තිබුන එක දෙයක් වුන ෆුල් ෆේස් හෙල්මට් එක තහනම් කලහම ඒ ගැන කටේ පිට්ටු තියාගෙන වගේ ඉන්න එකෙන් පේනවා නියෝජනය කරන්නේ කුමන සම සමාජයක්ද කියලා.

    ReplyDelete
    Replies
    1. ෆුල් ෆේස් හෙල්මට් දාන්නට ඉඩ දෙනු!

      අඳුරු වීදුරු වයිසර් දාන්නට ඉඩ දෙනු!

      ෆුල් ෆේස් හෙල්මට් දිනේවා
      අල්ලන පොලිසිය භංග වේවා

      දියව් දියව් - වහා දියව්
      ෆුල් ෆේස් එක - වහා දියවි

      කාගෙද මේ බලවේගේ
      ගිනිසිළුවගෙ බලවේගේ

      දැන් සන්තෝස ද?

      Delete
  5. MITHURANgen PRAWESAM wenu eka sampurna eththa mokada nitharama yatin walakapanne,ewagema sathurata awi denne,lagama inna ayai,MAGE Adahasa kaka blog eka neweththuweth. me ekthara mithuran WESIN peni sitinnek ho keepadenek.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා