අවාසනාව වන්නේ රාජපක්ෂවරුන්ගේ අවාසනාව මේ රටේ ද අවාසනාව වීමයි
මහින්ද රාජපක්ෂ ජනාධිපති ධුරයට පත් වී අට වසරක් සම්පූර්ණ ය.
මේ අට වසර ලංකාවේ දැවැන්ත පරිවර්තනයක් සිදු වූ යුගයකි. එම පරිවර්තනය තුළ සාධනීය මෙන් ම නිශේධනීය ලක්ෂණ ද ගැබ් වේ.
මහින්ද රාජපක්ෂ ජනාධිපති ධුරයට පත් වීම යනු ලංකා ඉතිහාසයේ උන්නතිකාමී ම පවුල් පාලනයක ආරම්භයයි. එහෙත්, එය පවා මුළුමනින් ම නිශේධාත්මක නැත. මහින්ද, ගෝඨාභය, බැසිල් හා චමල් යන සිව් සහෝදරයන්ගේත් නාමල් පුතාගේත් දේශපාලන මැදිහත්වීම් ලංකාවට නරක මෙන් ම හොඳ බලපෑම් ද කර තිබේ.
ඉතිහාසයක් මුළුල්ලේ ම විශ්වාස කළ නො හැකි දුෂ්ට මිනිසුන්ගෙන් පිරි ලංකාවේ දේශපාලනය තුළ ජනාධිපතිවරයකුට පළමු වරට විශ්වසනීය බල හවුලක් නිර්මානය කර ගන්නට ලැබුණේ මේ දැවැන්ත විස්තෘත පවුලේ තිබෙන ලක්ෂණ නිසා ය. මෙය බංඩාරනායක පවුල සමග සසඳා බැලුවහොත්, පහත ලක්ෂණ හඳුනා ගත හැකි ය.
බංඩාරනායක පවුල පාරම්පරිකව දැවැන්ත ධනයක් හිමි ව සිටි කොළඹ ඉහළ ප්‍රභූ පවුලකි. රාජපක්ෂ පවුල ධනය හා ප්‍රභූත්වය හිමි කර ගත්තේ තනිකර ම බලය හරහා ය. ඒ නිසා බලය වෙනුවෙන් එකට සිටීමේ දැඩි බැඳීමක් මෙම විස්තෘත පවුල තුළ දැකිය හැකි ය. බංඩාරනායක පවුල තුළ එය තිබුණේ නැත. මැත වකවානුවේදී, බංඩාරනායක අම්මා, පුතා, පොඩි දුව අතර තිබුණේ එකිනෙකා විශ්වාස නො කරන දැවැන්ත අසමගියකි.
මහින්ද රාජපක්ෂ පාලනය ආරම්භයේදී ඔවුන් ඉදිරියේ තිබුණු දැවැන්ත ම අභියෝගය වුණේ කොටි සංවිධානයයි. කොටි සංවිධානය තරම් ම අධිෂ්ටානයකින් යුද්ධය තෝරා ගත් ලංකාවේ පළමු ආණ්ඩුව වුණේ රාජපක්ෂ පාලනයයි. ජාත්‍යන්තර බලපෑම් හමුවේ එසේ කරන්නට හැකි වුණේ මේ සහෝදර සමාගම නිසා ය. පළමු වරට ප්‍රභාකරන්ට තමන් වැනි ම වූ අණක් ගුණක් නැති ප්‍රතිවාදියකු හමු විය. කතාවේ අවසානය අපි දැන් දනිමු.
මහින්ද රාජපක්ෂ පාලනයේ දෙවන අවධිය ආරම්භ වන්නේ යුද්ධයේ අවසානයත් සමගයි. එතැන් සිට ඔවුන්ගේ මූලෝපායන් අතර ප්‍රධාන කොටසක් වන්නේ තමන්ට එල්ල වන යුද අපරාධ චෝදනාවලින් ගැලවීමයි.
මෙහිදී ඔවුන්ට වැරදුණේ පූර්ව යුද සමයේ තමන් ගිලී සිටි ජාතිවාදයෙන් මිදී ශක්තිමත් ධනේශ්වර පාලක පිරිසක් බවට පත් වන්නට ඔවුන් අසමත් වීම නිසායි. ධනවාදය හා ශ්‍රී ලාංකික ජාතිකවාදය ප්‍රවර්ධනය කරනවා වෙනුවට ඔවුන් කළේ අනතුරකදී තමන් වෙනුවෙන් ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කරන අන්ධ ජාතිවාදී බලවේගයක් නිර්මානය කර ගැනීම පිණිස දිගින් දිගට ම සිංහල ජාතිවාදය ප්‍රවර්ධනය කිරීමයි. ඔවුන් එසේ කළේ දෙමළ ඩයස්පෝරාවට හා ජාත්‍යන්තර ප්‍රජාවට තිබෙන බිය නිසා ය.
මේ ජාතිවාදය නිසා ඔවුන්ට මගහැරුණු භයානක ම දෙය වන්නේ සංහිඳියාවයි.
සිය උපන් දිනයට සමාන්තරව පොදු රාජ්‍ය මණ්ඩල නායක සමුළුව පවත්වන මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා අද තමන් අත් පත් කරගෙන තිබෙන තත්වය පිළිබඳ ස්තුතිවන්ත විය යුත්තේ ඔහු පසුපස එන ජාතිවාදී බලවේගයට හා දෑත් ශක්තිමත් කිරීමේ නාමයෙන් ඇඟේ එල්ලී සිටින කූඩැල්ලන්ට නො වේ. නො වේ. ඔහුගෙන් පහර කමින් දිගින් දිගට ම මානව හිමිකම්, නිදහස හා ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් සටන් කළ ඔහුගේ විරුද්ධ බලවේගයට ය. එනම්, මානව හිමිකම් ක්‍රියාකාරීන්, ප්‍රගතිශීලී මාධ්‍යකරුවන්, සිවිල් සමාජ ක්‍රියාකාරිකයන්, වෘත්තීය සමිති, මහජන සංවිධාන, රාජ්‍ය නොවන සංවිධාන ආදියටයි. මන්ද, රාජපක්ෂ පාලනය ලෝකය තුළ යම් ප්‍රමාණයකට හෝ සමබර කිරීමට හේතු වුණේ ඔවුන් කළ අරගලයයි.
අද රාජපක්ෂවරුන්ට ලෝකයට කියන්නට ඉතිරි වී තිබෙන්නේ තමන් යුද්ධය දිනූ ආකාරය නො වේ. යුද්ධයෙන් පසු ජනතාව බ්ම් බෝම්බ ඉවත් කළ ආකාරය, අවතැන් වූ ජනයා යළි පදිංචි කළ ආකාරය, යුද්ධයෙන් විනාශ වූ ප්‍රදේශ සංවර්ධනය කළ ආකාරය, මැතිවරණ පැවැත්වූ ආකාරය, හමුදාව කඳවුරුවලට කැඳවූ ආකාරය ආදියයි. මේ එකක්වත් ඔහු පසුපස එන ජාතිවාදී බලවේගයට කරන්නට අවශ්‍ය වූ දේ නො වේ. විරුද්ධ පක්ෂය අරගල නො කළා නම්, සිංහල ජාතිවාදීන්ට උවමනා පරිදි කටයුතු කෙරුණා නම්, උතුරේ සිදු වන්නට තිබුණේ සිංහල ජනපදකරණයකි. මිලිටරිකරණය උත්සන්න වීමකි. එහෙම වුණා නම් උතුරේ මැතිවරණ පැවැත්වෙන්නේ නැත. උතුරු පළාත් සභාවක් හෝ මහ ඇමතිවරයකු බිහි වන්නේ ද නැත.
රාජපක්ෂ පාලනය දැවැන්ත යටිතල පහසුකම් සංවර්ධනයක් කරමින් සිටියි. ඒ සඳහා ඔහු බය නැතිව ණය ගනිමින් සිටියි. ඔහු ඉදිරියේ විවෘතව තිබෙන අවස්ථාව පිළිබඳ ඔහු බලාපොරොත්තු තබා තිබේ. එහෙත්, තවමත් ඔහුගේ ආර්ථික උපාය මාර්ගය පිම්මක් පනින තත්වයක් දැක ගන්නට නැත. මූලික ගැටලුව වී ඇත්තේ ඔහුගේ රජයට ලෝක පිළි ගැනීමක් ඇති කර ගැනීමට නො හැකි වී තිබීමයි. දියුණු ධනේශ්වර රටවල සහයෝගය දිනා ගන්නට නො හැකි වීමයි. ඒ යුද අපරාධ චෝදනා නිසා ය. එහෙත්, යුද අපරාධ චෝදනාවල හඬ පහසුවෙන් යටපත් කර ගැනීමට ඔහුට හැකියාව තිබිණි. ඒ ජාතික සංහිඳියාව හා ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරීමට ගන්නා ක්‍රියාමාර්ග ඔස්සේ ය.
රාජපක්ෂවරු කෙතරම් ජාතිවාදී වුණත්, ඔවුන්ට දෙමළ ජනයා බලය දිනා ගැනීම නවත්වන්නට බැරි වී තිබේ. අනෙක් පැත්තෙන් ගත් කල ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරීමට ක්‍රියාමාර්ග ගත්තත් ඔහු පරාජය වන්නේ නැත.
ජාතිවාදයෙන් ගැලවෙන්නට පුළුවන්කමක් තිබුණා නම් රාජපක්ෂවරුන්ට මීට වඩා බොහෝ දුරක් මේ රට ගෙන යාමේ හැකියාව තිබිණි.
අනෙක් කාරණය සීමාන්තික පෞද්ගලික ධනකාමය හා උන්නතිකාමයයි. වෙනත් අයට නො දී තමන් ම හොඳ ම සියල්ල අත්පත් කර ගැනීමේ මේ කෑදරකම විසින් රාජපක්ෂ පාලනය දූෂණ නම් කළු සායම් බාල්දියේ ගිල්වා තිබේ.
අනාගතයේදී දූෂණ චෝදනාවලට වැරදිකරුවන් වීමට ඇති බිය විසින් ඔවුන්ගේ වර්තමාන ක්‍රියාමාර්ග තීරණය වී තිබේ.
රාජපක්ෂ පවුල වනාහි ධනවාදය විසින් ප්‍රවර්ධනය කරනු ලබන සීමාන්තික තෘෂ්ණාවේ, පාරිභෝජනවාදයේ හා උන්නතිකාමයේ තරම නිරූපණය කරන ධනවාදයේ ගොදුරකි. ගස්, ගල්, ඉර, හඳ, තරු වන්දනා කරනවා වෙනුවට තමන් අදහනවා යයි කියන බුදු දහමේ හරය අවබෝධ කර ගත්තා නම් ඔවුන්ට අඩු තරමේ තමන් වැටී තිබෙන අගාධය වටහා ගන්නට හැකි ය. ඩඩ්ලි සේනානායක, ජේ. ආර්. ජයවර්ධන වැනි ධනවාදය ප්‍රවර්ධනය කළ ධනේශ්වර පාලකයන්ට ධනවාදයේ අගතියෙන් ගැලවී සිටීමට තිබුණු සංස්කෘතික ශක්තිය රාජපක්ෂ පවුලට නැති වීම නිසා, තමන් නො දත් මුත්, ඔවුහු අවාසනාවන්ත පිරිසකි.
අවාසනාව වන්නේ ඔවුන්ගේ අවාසනාව මේ රටේ ද අවාසනාව වීමයි.
රාජපක්ෂ පාලනය තුළ දෙමළ හා මුස්ලිම් විරෝධී සිංහල ස්වෝත්තමවාදය දිරි ගැන්වෙමින් තිබේ. එහෙත් ඇත්තෙන් ම, රාජපක්ෂ පාලනය තුළ වැඩියෙන් ම අගතියට පත් වන ජන කොටස වන්නේ සිංහල ජාතියයි. අද වන විට සිංහල ජාතිය ඉතිහාසයේ කවර කලකටත් වැඩියෙන් පසුගාමී චින්තනයක් වෙත තල්ලු වී තිබේ. එක පැත්තකින්, ධන තෘෂ්ණාව හා පාරිභෝජනවාදය විසින් සිංහල සමාජයේ සාරධර්ම මුලිනුපුටා දමා ඇත. එසේම, සිංහල බෞද්ධ ජාතිවාදී අන්තවාදය විසින් සිංහලයා තල්ලු කරමින් සිටින්නේ අන්ත පසුගාමී රාජාණ්ඩු පාලනයක් වෙතයි. සිංහලයා විසින් වනසා ගනිමින් සිටින්නේ සියවසක් මුළුල්ලේ ගොඩනැගෙමින් තිබුණු ප්‍රජාතාන්ත්‍රික හර පද්ධතියක උරුමයයි. අප රාජපක්ෂ පාලනයට විරුද්ධ වන්නේ මේ අගතිය නිර්මානය වන්නේ ඔවුන්ගේ අනුග්‍රහයෙන් නිසා ය.
රාජපක්ෂ පාලනය පවතින්නේ ද අප විරුද්ධ වන නිසා ය. සියල්ලන් ම දෑත ශක්තිමත් කරන්නට ගියා නම් මේ වන විට වැඩේ අහවර ය.
මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් මෙතැනින් ගත් බව කියන්න
Read in English blog.parakum.com

\\\\\\රාජපක්ෂ පාලනය පවතින්නේ ද අප විරුද්ධ වන නිසා ය. සියල්ලන් ම දෑත ශක්තිමත් කරන්නට ගියා නම් මේ වන විට වැඩේ අහවර ය. \\\\\
ReplyDeleteඒක ඇත්ත ...එහෙනම් හැළිය මීට කලින් රත් වෙලා...
රට පත්ව ඇති ණය අර්බුධය ගැන වැටහීමක් ගන්න මේක බලන්න ...
ශ්‍රී ලංකාවේ ආර්ථිකයට අනාගතයේදී විය හැකි දේ. ( දෙවන කොටස ) what is happening to Sri Lanka's economy 02.
ලින්ක් එකට ස්තුතියි මහත්මයා.. වැදගත් ලිපියක්
Deleteස්තූතියි KC ඉඩක් ඇති විටක එහි ඇති අනික් දේශපාලනික ලිපිත් කියවන්න ...ඔහේ හිතවතුන්ටත් ලින්ක් ලබා දෙන්න .....
Deleteඊලත කොටස දානවද නැද්ද? ඕක මාකට් කලා ඇති දැන්
Deleteදාන එක නම් දෙයක් නෙවේ. කීප දෙනෙක් එළියට එනකම් ඉන්නේ..
Delete8 වසර ඉදිරි 18 වසරක් වුවද අරුමයක් නැත ජනතාව රටේ නායකත්වයට පත් කරගන්නේ පිරිමියෙක් මිස පොන්නයින් නොවේ. ලකාවේ දේශපාලනයේ දැනට සිටින එකම පිරිමියා මහින්ද පමණි පිරිමියෙක් විපක්ෂයට එනතුරු රාජපක්ෂ පාලනයට අභියෝග කල නොහැක. ම කතා කරන්නේ ලිංග භේදයකින් තොරවය උදාහරණයකට චන්ද්‍රිකා පිරිමියෙකි ජනතාව Masculine Core එක නායකත්වය තුල සොයන්නේ වෙන කිසිවක් නිසා නොව රට පාලනය කිරීමේ බර ඔහුට භාර දී තමන්ගේ වැඩ කරගෙන fun එකේ ඉන්න ඕනෑ නිසාය. මානව හිමිකම්, නිදහස හා ප්‍රජාතන්ත්‍රවාදය ජනතාව ඉල්ලන්නේ නැත ජනතාව ඉල්ලන්නේ මෙවැනි දෙයකි කවුරු හරි කොන්ද පන තියන කෙනෙක් තීරණ අරගෙන රට කරගෙන යන්න අපිට අපේ පාඩුවේ අපේ වැඩ කරගන්න දෙන්න. ලංකාවේ ජනතාව මෝඩ නැත එයට සුදුසුම පුද්ගලයා හැම විටම ජනතාව ඉවෙන් මෙන් තෝරා ගනියි.
ReplyDeleteලංකාවේ ජනතාව මෝඩ නැත. ඔව් ඔව් ණය අරන් රට විකුණලා හරි කන්ඩ දීපන් කියල තමා ජනතාව බලය දෙන්නෙ.
DeletePara, pl state the link of the original article. Thanks.
ReplyDeletePolitics saha 'Desapaalanaya' wachana deka ekama aruthakin boho denaa salakathi. Desapaalanaya karanne pawathina aanduya eseanam , POLITICS yanu kawarakda Para ?
ReplyDelete//මහින්ද රාජපක්ෂ පාලනය ආරම්භයේදී ඔවුන් ඉදිරියේ තිබුණු දැවැන්ත ම අභියෝගය වුණේ කොටි සංවිධානයයි. කොටි සංවිධානය තරම් ම අධිෂ්ටානයකින් යුද්ධය තෝරා ගත් ලංකාවේ පළමු ආණ්ඩුව වුණේ රාජපක්ෂ පාලනයයි. *ජාත්‍යන්තර බලපෑම්* හමුවේ එසේ කරන්නට හැකි වුණේ මේ සහෝදර සමාගම නිසා ය. පළමු වරට ප්‍රභාකරන්ට තමන් වැනි ම වූ අණක් ගුණක් නැති ප්‍රතිවාදියකු හමු විය. කතාවේ අවසානය අපි දැන් දනිමු.//
ReplyDeleteමොනවද පැරා ඔය ජාත්‍යන්තර බලපෑම්!!?? ධනවාදී ධනවාදී රටවල් අතරත් එහෙම ඒව තියෙනවද?? සමහරවිට නිෂ්පාදනය බෙදා ගන්න බැරුව වෙන්න ඇති නේද!!
මොනව උනත් උගුරට හොරා බෙහෙත් බොන්න හදන්නෙ නැතුව එහෙම ඒව තිබුණ කියල පැරා පිළිගන්න එකත් ලොකු දෙයක්. අනේ අපේ අර ගරු සභාපති සහෝදරය (නිර්මාල් මහත්මය) නම් කියන්නෙ එහෙම ජාත්‍යන්තර බලපෑම් කියල දෙයක් තිබුණෙ නැහැලු. ඔය බටහිර රටවල් මෙහෙ යුද්ධෙ නතර කරන්න හැදුවය කියන ඒව මේ අපි වගේ කාෂ්ඨක ජාතිවාදියො හදා ගත්ත හිතළුවක්ලු (ෆැන්ටසියක්ලු). ඒ රටවල් ඇත්තටම කළේ අපිට කොහොමහරි දෙමළ ජාතිවාදෙ මර්ධනය කරන්න කියල උදව් කරපු එකලු. ඔය ඉඳල හිටල හරි පොඩි සද්දයක් දැම්මෙ ඒ රටවල ඉන්න විසුරුණු දෙමළ ජනතාව ගොනාට අන්ඳවන්නලු.
- පු.සා.
පැරා,ඔබට වැරදිලා.රාජපක්ෂවරුන්ගේ වාසනාවයි රටේ අවාසනාව විමයි මෙතැන වෙලා තියෙන්නේ.සමහරුන්ට අනුව මහින්ද යුද්ධේ හරියට කලා කියනවා,නෑ එකත් හරියට කලේ නෑ.ලංකාවේ භූ දේශපාලනයට අනුව මේ යුද්දේ කරන්න තිබුනේ අපි නෙවෙයි.ලංකාවේ දෙමළ ත්‍රස්තවාදයක් නම් තිබුණේ ,පාලකයා ඟානවන්තයෙක් නම් ඒක නැති කරන්න තිබුනේ තමිල් නාඩුව සමඟ එක් වෙලා.මහින්දගේ මැදමූලන භූමිතෙල් මොලෙ නිසා ජනතාව නා ගෙන ඉන්න අතර ජනතාවගේ භූමිතෙල් මොළ වල පිහිටෙන් රාජපක්ෂවරු වාසනාව පාදාගෙන.
ReplyDeleteතමිල්නාඩුවත් එක්ක එකතුවෙලා ඒක නැති කරන්නෙ කොහොමද? තමිල්නාඩුවට තෑගි ඔප්පුවකින් පවරලද? මොන පිස්සු කතාවක්ද ඒක.රටකට ආක්‍රමණයක් ආවම එහෙම පිස්සු කෙළින පාලකයො ලෝකෙ කිසිම තැනක ඉන්නවද?මේ වගෙ අදහස් ඉදිරිපත් කරන්න පුළුවන් මාක්ස් ගෙ පොතයි ලෙනින්ගෙ එකතු කළ ලිපියි කියවල සූස්තියක් ඇදල නිදා ගත්තහම.ඕනම රටක ජනතාව ක්‍රියා කරන විදියට තමයි මේ රටේ ජනතාවත් ක්‍රියා කළේ.ඇමරිකාවට අල් කයිඩා එකෙන් ගහපු වෙලාව අරාබිය එක්ක එකතුවෙලා ඒක විසදන්න ගියෙ නෑ.හතර අතට ගැහුව මිසක්.මාක්ස්වාදියා සුළු ජාතික ත්‍රස්තවාදයේ කසකාරයාය කියන්නෙ ඒකයි.මේ රටේ බහුතරයකට මාක්ස්වාදීන් වෙන්න තරම් කරුණු නැති නිසා තිබෙන්නෙ භූමිතෙල් මොළ තමයි.
Deleteමාක්ස්වාදී පක්ෂ වලට කෙනෙක් එක් වන හේතු හතරක් තිබෙනවා.
පාරම්පරික දරිද්‍රතාව
කුල වැනි හීනමාන සාධක
මානසික රෝග
බිඳුණු පවුල්
මාක්ස්වාදී ඇතුළු ත්‍රස්තවාදී ව්‍යාපාර වලට කෙනෙක් එක් වෙන්නෙ මේ හේතු නිසයි.මාක්ස්වාදීන්ට තමයි විකාර හීන පේන්නෙ
This comment has been removed by the author.
DeleteThis comment has been removed by the author.

Deleteඑකම කොමෙන්ටුව රිපීට් වී ඇත.ඒ ගැන සමාව ඉල්ලමි.
Deleteයකා හරි,දැන් තමිල් නාඩුවත් නෑ,සුද්දොත් නෑ,මාක්ස් වාදින්නුත් නෑ,දැන් දැන් චීනෙත් නැති වේගෙන යනවා.යකා හිටියම ඇති.ටටා යකා.
Deleteඅඩෝ යකා එතකොට උඹ මොකෙද්ද? අෙන් හුත්තො
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDeleteලස්සන ලිපියක්. ආසාවෙන් කියවූවා. ඔබට බොහෝම ස්තූතියි..
ReplyDelete