ගනිකා වෘත්තිය නීතිගත කරමු ද? ආදරය දිරි ගන්වමු ද?

ලොව පැරණි ම ගනිකා නිවාසයක් වූ ස්පාටකස් සමයේ පොම්පෙයි ගනිකා නිවාසයේ සිතුවමක්
මේ දිනවල ගනිකා වෘත්තිය ගැන මහා සංවාදයක් ඇති වී තිබේ.එය නීතිගත කළ යුතු ද? නැද්ද?  

ගනිකා වෘත්තිය නීතිගත කිරීමෙන් ලිංගික ශ්‍රමිකයන්ගේ ආරක්ෂාව සැලසෙන බවට නිමල්කා ප්‍රනාන්දු නඟන තර්කය, කැසිනෝ ආර්ථිකය නිසා ගනිකා  වෘත්තිය පැතිරේ යයි කියන්නා වැනි ම මුග්ධ තර්කයකි.

ලෝකයේ ඇති කිසිදු රැකියාවක් අමුතුවෙන් නීතිගත කිරීමක් කර නැත. අවශ්‍ය වන්නේ ලිංගික ශ්‍රමිකයන් අසාධාරණයට ලක් කිරීමට යොදා ගන්නා පාදඩ පනත වැනි 19වන සියවසේ යල් පැන ගිය නීති වෙනස් කිරීමයි. 

සෙසු රැකියාවන්හි මෙන් ම මෙම රැකියාවෙහිදී ද සේවා තත්වය දියුණු කර ගැනීම සිදු කළ යුත්තේ එම රැකියාවේ නියුතු අයගේ ම සංවිධානය වීමෙන් මිස අන් ආකාරයකින් නො වේ. 

ලිංගික ශ්‍රමිකයන් යනු ලෝකයේ ඈත අතීතයේ සිට ම සිටි අත්‍යවශ්‍ය සේවාවක් සපයන පිරිසකි. ලිංගික සේවා සපයන්නන් කටයුතු කරන්නේ මිනිසුන්ගේ හැඟීම් සම්බන්ධයෙන් නිසා මෙම වෘත්තියේ තත්වයන් ඉතා සංකීර්ණ වේ. 

අනෙක් පැත්තෙන්, එම වෘත්තියේ පවතින දැඩි අනාරක්ෂිත ස්වභාවය නිසා කිසිවකු එම ක්ෂේත්‍රයට යොමු වීම දිරිගැන්වීම සුදුසු නැත. ඔවුන් අනාරක්ෂිත වන්නේ සෞඛ්‍යමය වශයෙන් පමණක් නො වේ. සමාජමය වශයෙන් ද ඔවුහු දැඩි ලෙස ම අනාරක්ෂිත ය. සමාජ සදාචාර ආකල්ප නිසා ඔවුහු බැහැර කිරීමට ලක් වෙති. ලිංගික ශ්‍රමිකයෝ බොහෝ විට මත්ද්‍රව්‍ය වැනි වෙනත් දුරාචාරයන්ට ද විවෘත වෙති.

ධනවාදයට එරෙහි අරගලයේදී අපගේ එක් ප්‍රධාන ඉලක්කයක් වන්නේ පාරිභෝජනවාදයයි. ලිංගික රැකියා ද දැඩි ලෙස ම පාරිභෝජනවාදය සමග බැඳී පවතී. ස්ත්‍රී (මෙන්ම පිරිමි) සිරුර ආසාවෙන් පරිභෝජනය කරන භාණ්ඩයක් බවට පත් වීම නො වැළැක්විය හැකි දෙයක් වුවත්, එය දිරිගැන්විය යුතු තත්වයක් නො වේ.  සමාජවාදීන් විසින් දිරිගැන්විය යුතුව තිබෙන්නේ ආදරය මත පදනම් වූ ලිංගිකත්වය හා ලිංගික නිදහස මිස ලිංගික ගනුදෙනු හා සූරාකෑම නො වේ.

ලිංගික ශ්‍රමිකයන් සදාචාරවත් කිරීමට උත්සාහ කිරීම තේරුමක් ඇති දෙයක්දැයි නො දනිමි. එහෙත්, සිය වෘත්තියේ තිබෙන අනාරක්ෂිත ස්වභාවය පිළිබඳ ඔවුන් දැනුවත් විය යුතු ය. එසේ ම, තමන් වෙනුවෙන් සුබසාධන ක්‍රම සකසා ගැනීමට ඔවුන් දිරිගැන්විය යුතු ය. විශේෂයෙන් ම මහළු වියට එළැඹෙන විට ඔවුන්ට ජීවිතය පවත්වාගෙන යාමට මාර්ග සකස් විය යුතු ය. ඔවුන්ගේ දරුවන්ට වෙනත් ‍ජීවන මාර්ග තෝරා ගැනීම සඳහා වැඩි අවස්ථා විවර කර දිය යුතු ය.

ලිංගික ශ්‍රමිකයන් හෙවත් ගනිකාවන් පිටුදැකීම සඳහා හොඳ ම මාර්ගය ලිංගික කුහකත්වය පිටු දැකීමයි. සමාජවාදීන් ආදරය ගැන වැඩිපුර කතා කළ යුතු ය. 

මුළු ජීවිත කාලය පුරා ම එක් මිනිසකු එක් ගැහැනියක පමණක් යහන් ගත විය යුතු ය යන සදාචාරවාදී ආකල්පය පුපුරුවා හැරිය යුතු බව ඇත්තකි. එහෙත්, අනාරක්ෂාව රජයන ධනේශ්වර සමාජ ක්‍රමය තුළ පවුල යනු අනාගත පරම්පරාවේ ආරක්ෂාව හා යහපැවැත්ම පිණිස අත්‍යවශ්‍ය සාධකයකි. ලිංගික නිදහස යනු අනාගත පරම්පරා වෙනුවෙන් මිනිසකු සතු වගකීම් හා පෞද්ගලික නිදහස අතර ගැටුමක සමතුලනයයි. ඒ මැද කිසිදු ‍සමාජ, දේශපාලන හෝ මනෝ විද්‍යාත්මක දර්ශනයකින් පූර්ණ ලෙස විග්‍රහ කළ නො හැකි දෙයක් වූ ආදරය ද තිබේ.

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න
Read in English blog.parakum.com

Comments

  1. //මුළු ජීවිත කාලය පුරා ම එක් මිනිසකු එක් ගැහැනියක පමණක් යහන් ගත විය යුතු ය යන සදාචාරවාදී ආකල්පය පුපුරුවා හැරිය යුතු බව ඇත්තකි.//

    වරෙන්කො අද ගෙදර....

    ReplyDelete
  2. මිස්ටර් පැරකුම් ගොඩක් වෙලාවට උදේවරුවෙ පෝස්ට් දාන්නෙ සයිබරේට පොරටෝක් දිදී ඉස්කෝලෙ අයිස් ගහනවද නැත්නම් කලින් ලියලා සෙට්කරපුවා ඔටෝ පබිලිස් වෙනවද?

    ReplyDelete
    Replies
    1. ගෙදර ඉදන් බ්ලොග් ලියුවාම උයන්නෙ අතුගාන්නෙ වලං හෝදන්නෙ තමුන් ඇවිල්ලද?

      ලියන මගුලක් ඉස්කොලෙදි ලියාගන්නවා කියලා යැව්වාම මේ මිනිහා ගෑනු කීප දෙනෙක් එක්ක යහන්ගත වෙන එක හොදයි කියලා ලියලා....

      ආපු දෙන්කො අද මූ ගෙදර.....

      Delete
  3. තව තවත් හැංගි හැංගි වෙස් බඳින්නේ නැතුව නීති ගත කරා නම් හොඳයි ..

    ReplyDelete
    Replies
    1. ආබාධිත කලල නම් රජයේ මැදිහත්වීමෙන් ගබ්සා කළත් කමක් නෑ.මාසික ආදායම රු ලක්ෂයට අඩු කිසිම යුවලකට දරුවන් හදන්න දෙන්න හොඳ නෑ.ළමයෙක් හදන්න කලින් බෑන්ක් එකවුන්ට් එක රජයට පෙන්වන්න ඕන.මොකටද නිකම් කායික මානසික ආර්ථික දුර්වල හිඟන්නො ටිකක් බිහිකරන්නෙ

      Delete
    2. \\\\\\\\\\\මොකටද නිකම් කායික මානසික ආර්ථික දුර්වල හිඟන්නො ටිකක් බිහිකරන්නෙ\\\\\\\\\

      +++

      Delete
    3. ප්‍රායෝගික ඒ වගේම දාර්ශනික අදහසක් මම කීවෙ.කිසිම වග විභාගයක් නැතිව ළමයි හදල කොල්ලො හමුදාවට කෙල්ලො ගාමන්ට් එකට යවනව මිසක් වෙන ආර්ථික සැලැස්මකුත් නැති එකේ,ඉතාලි හරි ඕස්ට්‍රේලියා යන එකත් ඉස්සර වගේ ලේසි නැති එකේ දුප්පත් මිනිස්සු ළමයි හදනව කියන්නෙ අනාගතේ හිරගෙවල් පිරවීමක්.ඔළු ගෙඩි ගනන නොවෙයි බුද්ධිමත් දරුවනුයි බිහි කරන්න ඕන.දෙමවුපියන්ගෙ අයි කිව් එක බලන එක වටිනවා.සිංගප්පූරුවෙ ලී ක්වාන් යූ මේ වගෙ අත්හදාබැලීම් කළා.ආර්ථික සැලසුම් නැතිව ළමයි විතරක් හැදුවොත් මීට අවුරුදු 20කට පස්සෙත් අහන්න ලැබෙන සටන් පාඨය තමයි " කලා උපාධිධාරීන්ට රැකියා ලබා දියවු ආණ්ඩුව ගෙදර පල අන්තරේට ජයවේවා ජවිපෙට ජයවේවා" කියන එක.

      Delete
    4. යකා@ +++++++++++++++++

      Delete
  4. ඒ වගේම දරුවන් බිහි කරන්නත් හැමෝටම ඉඩ දෙන එක නරකයි.අපේ කුඹුරු වැඩට ආව කම්කරුවෙක්.එයාට අනික් අයට වගේ ගොයම් මිටියක් උස්සගන්නවත් බෑ.ලෙඩෙක්ලු.කිසිම රැකියාවක් කරන්න කායික ශක්තියක් නෑ.බලපුවම කායිකව විතරක් නොවෙයි මානසිකවත් දුර්වලයිලු.ඉතින් මේ මිනිහට ළමයි පස් දෙනෙක්.ළමයිනුත් අහල පහල ගෙවල් වල කොස් පොලොස් කකාලු හැදෙන්නෙ.මගෙ මතය මේවට නියාමනයක් කළ යුතුයි.ලිංගික වැඩේ කරන්න තහනමක් නෑ.ඒත් මේ ලෝකෙට ළමයි බිහිකරන්න නම් දෙමවුපියො ආර්ථික ,හා ජීව විද්‍යාත්මකව ඊට සුදුසුද බලන්න ඕන.නැත්නම් කායික මානසික ව දුර්වල හිඟන්නො ටිකක් බිහිවෙන්නෙ.අයි කිව් ටෙස්ට් එකක් කළත් කාරි නෑ.ප්‍රජාතන්ත්‍රවාදයට මේක කොහොම ගැලපෙයිද මන්ද?

    ReplyDelete
  5. මේ කොමෙන්ටු ලියන ගොඩක් එවුන් මානසික ලෙඩ්ඩු ද කියලා හිතෙනවා අප්පා ....

    යකා කියලා හිතාන ඉන්න එකා නම් යකෙක් නෙමේ මල පෙරේතයෙක්. පොර හදන්නේ පොර ටෝක් දාලා පොරක් වෙන්න. මල පෙරේත යකෙක්. පොර ටෝක් කියලා හිතාගෙන දෙන්නෙම ගොන් ටෝක්.

    මේ ලිංගික සෙල්ලමේදි මොන ධනවාදයක්වත් , සමාජවාදයක් වත් නෑ. පවුල කියන කුටුම්බය තුල ඇති ලිංගිකත්වය හා වෙනත් දෙදෙනෙකු අතර ඇති වෙන ලිංගික සම්බන්ධ තාවය සපුරා වෙනස්. බොරු සංස්කෘත කාරයන්ට නම් මේවා දිරවන්න අමාරු කතා තමා. ඒත් පට්ට ඇත්ත ඒක තමා.

    හැමදාම ගෙදරින් කන එකා ඉන්දලා හිටලා හෝටලේකින් කන්න ආසයි. කන එකටයි එකටයි , --කන එකටයි දෙකටම ඕක නියතයක්. ගෑනිටයි මිනිහාටයි දෙන්නටමත් මේ ධර්මතාවය පොදු සාධකයක්.

    ගණිකා වෘත්තිය නීතිගත කල යුතුමයි. ඒ ගණිකා වෘත්තියේ ස්ටේටස් අප් කරන්න නෙමේ. පාහර පොලිස් කාරයන්ගෙන් ගැලවිලා ඒ අයට රස්සාව කරගෙන යන්න ඕන හින්දා.

    මේවාට යන උන්ටත් කියන්න දෙයක් තියෙනවා. අපිට හරක් මස් ටිකක් කන්න ඕනා උනාම අපි කරන්නේ කඩේකට ගිහින් මස් ටිකක් අරන් ඇවිත් උයාගෙන කන එක. එහෙම නැතිව අපි හරකෙක් මරාගෙන කන්නේ නෑ නේ. ඒක හින්දා ගෙදරට පිටින් කන කෑම සිරිත්තමකට කාපල්ල මගෙ අම්මල .........

    ReplyDelete
    Replies
    1. හරි මම ගොන් ටෝක් දැම්ම කියමුකො.බලපන් උඹ කියන එක කතාවක වත් මුල මැද අග ගැලපීමක් තිබෙනවද කියල.උඹ එක්කො මම කියපු කතාව තේරුම් අරගෙන නෑ .නැත්නම් ඔහේ මොනවහරි ලියන්න ඕන නිසා පිස්සු දොඩවනවා.කවුද මෙතන දේශපාලනය කතා කළේ.මට පේන්නෙ උඹ මගෙ කොමෙන්ට් එකේ කිව්ව මානසික ආබාධිතයෙක්.නැත්නම් පවුලෙ කවුරුහරි ඇති ඒකයි රිදිල තියෙන්නෙ.කොමෙන්ට් එකක් තේරුම් ගන්න බැරි මොන්ගල් බූරුව දුප් පරය.මෙහෙම කතා කරන්නෙ මම සාමාන්‍යයෙන් වරෙත්තු බල්ලන්න්ට විතරයි.

      ගණිකා වෘත්තිය නීතිගත කල යුතුමයි. ඒ ගණිකා වෘත්තියේ ස්ටේටස් අප් කරන්න නෙමේ.//ඇයි අනේ ඒ ගෑනි හරි අම්ම හරි ඒ රස්සාව කරනවද?

      Delete
    2. මම කිව්වෙ යකා මනස් රෝගියෙක්. දැන් යකාට උත්තර දෙන්න වෙන්නේ යකාගෙ අම්මට හච්චිං යන්න. ඒත් ඒ අම්ම පව් නිසාත් යකා මනස් රෝගියෙක් නිසාත් , වඩාත්ම මටත් යකාගෙ මට්ටමට පත් වීමට නොහැකි නිසාත් අපි ප්‍රස්තූත මතෘකාව ගැන කතා කරමු.

      ගණිකා වෘත්තිය නීතිගත කරන්න කියන්නෙ යකාගෙ අම්මාට ඒ වෘත්තියේ නියැලෙන්න අවස්තාවක් ලබා දීම සඳහා නෙමේ. මොන යම් හේතූන් නිසා හෝ එම වෘත්තියේ යෙදෙන අය එය අනීතික වීම නිසාම අප්‍රමාන දුක් කරදර වලට මූන දෙනවා. ඒවා අවම කිරීම සඳහා තමයි නීතිගත කිරීම අවැසි වෙන්නේ. එහෙම නැතිව ඕක අනිතික උනා කියලා ගණිකාවෝ නැති වෙන්නෙත් නෑ , උන් ගාවට යන උන් නැති වෙන්නෙත් නෑ.

      යකා ගොන් ජෝක් නොදා ප්‍රශ්නයක සැබෑ ප්‍රවේශය හඳුනා ගෙන කතා කරන්න.

      Delete
    3. මුලින්ම කියන්න ඕන අනුන්ට පිස්සු කියන්නෙ කොයි වගේ අයද කියල.ඕනම මානසික රෝගියෙක් කියන්නෙ තමන්ට ඇර ලෝකෙටම පිස්සු කියල.සේනක කියල කොමෙන්ට් දාන පිස්සටත් ඒක අදාලයි.
      ඇයි උඹේ අම්මට හච්චින් ගියාද?ගණිකා වෘත්තිය නීතිගත කළොත් උඹේ අම්ම ඒකට යන එක වලක්වන්න සැක්කරයටවත් බෑ.එහෙම කියන්නෙ චින්තනයට පවා ජානමය බලපෑමක් ඇති බව සොයා ගෙන ඇති නිසයි.
      උඹ දවසක් හරි ජේ වී පී කරපු එකෙක් බව මම දැනගත්තෙ කතා කරපු ශෛලියෙන්.එහෙම නැත්නම් එක්ස් කන්ඩායම කියන ලුම්පන් සක්කිලි ගෲප් එකේ ඉන්න ඇති.

      උඹ මොන විදියෙ එකෙක්ද කියල තේරුම් ගන්න වෙන මොකවත්ම ඕන නෑ.මම කිසිම කොමෙන්ට් එකක ගණිකා වෘත්තිය නීතිගත කරන්න එපා කියල නෑ.මම කියන්නෙත් ගණිකා වෘත්තියත් ගබ්සාවත් නීතිගත කරන්න කියලයි.උඹ මනෝ භ්‍රාන්තියක් විදියට මම ඒකට විරුද්ධ වුනා කියල හිතල කොමෙන්ට් කරනව.බලපන් පිස්සු උඹට නේද? එක්කො උඹ හීනයක් දැකල නැත්නම් වෙන කෙනෙකුගෙ කොමෙන්ට් එකක් මගෙ කියල රැවටිලා.මේ සයිට් එක බලන හැම එකාම මේකට සාක්ෂි.

      ආයෙ සැරයක් කියවල්ක බලපන් මම ගණිකා වෘත්තිය එපා කියල තිබෙනවද කියල.ගණිකා වෘත්තිය දැනට තිබෙන විදියෙන් ඒඅක් පාතාලය විසින් පාලනය කිරීමක් වෙන්නෙ.ඉස්සර උතුරට තහනම් බ් අඩු යැව්වා වාගෙ.ගබ්සාවත් එහෙමයි.මුලු ලෝකෙම වැඩිම ගබ්සා නිදහසක් තිබෙන්නෙ ලංකාවෙ.මොකද මාරි ස්ටෝප්ස්ල මාස හයේ හතේ කලලත් ගබ්සා කරන නිසා.මම් නම් කියන්නෙ ගබ්සාව තවත් පුළුල් කරලා ඒ විතරක් නොවේ රාජ්‍ය මට්ටමේ උපත් පාලනයක් කරල කායික මානසික ආබාධිතයො,හිගන්නො බිහිවෙන එක වළක්වන්න ඕන කියල.බලපන් එහෙම නොවෙයිද මගෙ කොමෙන්ට් එකේ තිබෙන්නෙ.

      Delete
  6. "මාසික ආදායම රු ලක්ෂයට අඩු කිසිම යුවලකට දරුවන් හදන්න දෙන්න හොඳ නෑ.ළමයෙක් හදන්න කලින් බෑන්ක් එකවුන්ට් එක රජයට පෙන්වන්න ඕන."
    මේක ලියපු මහත්තයා ගණන් හදල බලන්නකො ඔය කියන විදිහට ලංකාවෙ පවුල් කීයකටද ළමයි හදන්න පුළුවන් වෙන්නෙ කියල. හැබෑට කොහොමද රු. ලක්ෂය කියලම තීරණය කළේ. ඔයාලගෙ ආදායම ඊට පොඩ්ඩක් වැඩිද?ආදායම අඩු අයගෙ ආදායම අඩු එකට හේතුව නිකමටවත් හිතල බැලුවද?

    ReplyDelete
    Replies
    1. මගෙ ආදායම ඊට අඩුයි.විවාහ වෙලා කරදරයක් නැතිව ,ඒ කියන්නෙ මම විදපු දුක් හා දැනට විදින දුක් මගෙ දරුවන්ට උරුම කරන්නෙ නැතිව ජීවත් වෙන්න අඩුම තරමින් මාසික ආදායම රු ලක්ෂයක් වත් ඕන.ඒ කියන්නෙ මධ්‍යම පාන්තික ජීවිතයක් ගත කර මම රැකියා විරහිත උපාධිධාරී පෝලිමේ හිටිය වගෙ මගෙ දරුවන්ටත් ඉන්න නොවෙන්නෙ රට හරි යවල අවුට්පුට් එකක් තිබෙන කෝස් එකක් කරන්න.එහෙම නැත්නම් සමාජ සමබන්ධතා හරහා ජොබ් එකකට දාන්න.මේ වගෙ දේවල් කරන්න පුළුවන් ඒ වගෙ ආදායමක් වත් අඩුම තරමින් තිබෙනවනම් පමණයි.ගැබිනි කාන්තාවක් දකින කොට මට හිතෙන දේ තමයි මේ ළැමයිනුත් මම වගේම කාලකන්නියෙක් වෙයිද කියල.
      මම උපාධිය අරගෙන නොකරපු ඊනියා පහත් රැකියාවක් නෑ.මට ඒ කාලෙ හිතුන දේ තමයි ඇයි මේ අපි වගෙ අය දුක් විදින්න උපදින්නෙ කියල.සල්ලි තිබ්බනම් මාත් ඒ කාලෙ දුක් විදින්නෙ නෑ.රට ගිහින් ඉගෙන ගෙන ඩොක්ටර් කෙනෙක් වෙනව.සල්ලි තිබෙනවනම් ඕ ලෙවල් ඇතිනෙ.ඒකත් ඕන නැතිව ඇති. මේ සිතිවිලි මම ගෙවල් ගානෙ බඩු මල්ල උස්සගෙන ගිහින් දවල්ට කන්නත් නැතිව මිනිස්සුන්ට යාතිකා කරල බඩු විකුනපු කාලෙ ඇතිවුන ඒව.බඩගින්නය කකුල් රිදිල්ලයි ඒ මදිවට කට රිදිල්ලයි තමයි මේ අදහස් නිර්මාණය කළේ.
      ගබ්සාව ගැන කතිකාවක් ඇතිවුන නිසයි මේක කිව්වෙ.

      Delete
    2. සම්පූ....ර්ණ ඇත්ත. (පොඩ්ඩක් දැම්මා)
      මටත් එහෙම හිකිත්ත වෙලාවල් ඇත්තටම තිව්න යකෝ.

      Delete
  7. වටිනා ලස්සන අදහසක්... ආදරය දිරිගැන්වීම ගනිකා වෘත්තිය නීතිගතකිරීමට වඩා වටිනවා. ඇත්තටම පව්ලක් ඕන මිනිහෙකුට වඩා ගැහැනියෙකුට. මේ ක්‍රමය හැදිලා තියෙන්නේම ගැහැනුන්ගේ අවශ්‍යතා මතයි . කොහොම නමුත් මේ ක්‍රමය ඇතුලේ ගැහැනිය තෘප්තිමත් ඒ නිසා ඒක බිඳින්න අමාරුයි. ගැහැනියෙකුට ගනිකාවක් වෙන්න ඕන නැහැ පිරිමින්ට තමයි ගැහැනු ගනිකාවන් වීම අවශ්‍යය. ගැහැනියකට ඕන මවක් වන්න එහෙම නොවේද පැරකුම්.

    ReplyDelete
  8. පැරා හොඳ ලිපියක් පළ කලත් මට ඒකට අදහස් දක්වනවට වඩා අනික් අයට උත්තර දෙන්නයි සිදු වුනේ.ගනිකා වෘත්තිය නීතිගතකර ගණිකාව උපයන මුදල ඇයගේ අතට ලැබෙන වැඩ පිළිවෙළක් අවශ්‍යයි.එසේම ඇයගේ සෞඛ්‍ය ආරක්ෂා කළ යුතුයි.කෙසේ හිඕ මෙය දැඩි ලෙස නියාමනය කළ යුතුයි.සමාජමය වශයෙන් අධෛර්ය කළ යුතුයි.නමුත් වෘත්තීමය ගණිකාවන් ලිංගික වෘත්තිකයන් ලෙස ආරක්ෂාව ලබා දිය යුතුයි.ගණිකාවත් ඇයගේ සේවා ලබාගන්නා තැනැත්තාත් සූරා කන පොලිස් කාරයන්ට නිකම් අල්ලන පාතාලයාගේ මඩිය පුරවන ක්‍රමයනම් වෙනස් කරන්න ඕන

    ReplyDelete
  9. ගනිකා වෘත්තිය අනිවාර්යයෙන්ම නීතිගත විය යුතුයි...!

    ඔය ගැන කතාකරන්න ගිහින් බුකියෙ දි නම් මරණ තර්ජනත් ආවා. (ජ වි පෙ හිතවාදි යෙක් කියාගන්නා චණ්ඩියෙක් ගෙන්)

    ලංකාවෙ ස්ත්‍රී ගහණය 52% යි. ඒ තත්වය තුළ විවාහ වීමේ නිත්‍ය අවස්ථාව අවස්ථාව සැලසෙන්නේ ලංකාවෙ ගැහැණුන්ගෙන් 96% කට විතරයි. ඉදිරියේ දී ගනිකා වෘත්තියේ ප්‍රමාණාත්මක වර්ධනයට ඔය තත්වයත් හේතු වෙනවා.
    ඒ නිසා සදාචාරවාදීන්ගේ ගොන් තර්ක වෙනුවෙන් පෙනී ඉන්නවට වඩා. මේ කාන්තාවන්ගේ සුරක්ෂාව වෙනුවෙන් දැනට ඇති නීතිමය බාදා ඉවත් කර ගැනීම වෙනුවෙන් වත් පෙනී සිටීමයි කළ යුත්තේ.

    ReplyDelete
  10. පැරාගේ ලිපිය ඒක පාක්ෂිකයි.පිරිමින්ගේ අවශ්‍යතාවය ගැන විතරයි හිතල තියෙන්නෙ.තමන්ටත් විවිධ රස විඳීමට අයිතියක් තියෙනවා කියල කාන්තා පාර්ශවයත් ලිංගික ශ්‍රමිකයන් ඉල්ලා සිටියොත් මොකද කරන්නේ කියල මේ ලිපියේ කොතැනක හෝ තියෙනවාද?

    ReplyDelete
  11. ලිංගික ශ්‍රමිකයන් කීවා ම ගැහැනු පිරිමි කියා භේදයක් නැහැග

    ReplyDelete
  12. අපි අපිට අවංක උනාම වැඩේ ඉවරනෙ. ෆැන්ටසිද රැඩිකල්ද අරවද මේවද බයිලනෙ බොස්.. හා නැද්ද .

    ReplyDelete
  13. මගේ අදහස නම් ගනිකා වෘත්තිය නීති ගත කල යුතුමයි. මා ගැහැණුන් සමග සම්බන්ධතාවයක් ඇතිව යහන් ගත වී ඇති නමුත් ගණිකාවක් සමග මේ වන තෙක් හැමනී නැත. දිනක් කරටි කැඩෙන්න ගසල මගේ යාලුවෙකුගෙ බල කිරීමට මරදානෙ පොට් එකකට ගියා, ගසල හිටියට සිහි කම්පනාව තිබුන. මම ඒ ගෑණිට මුකුත් කරේ නෑ. එයා ලගට ඇවිත් කොන්ඩමෙ පෙන්නල කිව්ව කලිසම ගලවන්න මේක දාන්න කියල, මට එපා උනා ඕයි ඒ තැන දැකල. මම හැරිල ආව එන්ඩ. මට නම් බෑ ඕයි කිසිම සම්බන්ධයක් නැති ගෑනියෙක් එක්ක හැමනෙන්න. ලව් නැත්තන් වැඩක් නෑ ඕයි.

    ReplyDelete
  14. ලිපිය සහ කොමෙන්ට් ටික නියමයි ,, මේ සයිබරයේ ඉන්න සොදුරු මිනිස්සු සැබෑලෝකේ ඉන්නවනම්

    ReplyDelete
  15. ආදරය දිරි ගන්වනවට මම කැමතියි. කාමයට වඩා ආදරය උසස් විදිහට දකින ඒ වගේම මානසික හා අධ්‍යාත්මික පක්ෂයෙන් උසස් වින්දනයක් තිබෙන අයට අාදරය තරම් මිහිරි දෙයක් තවත් නැත. කාමය වහානී පිළිකුල් සහගත හැඟීමකි. එවැනි අවකල් දෙයකට ගොදුරු වන්නේ ආදරය පිලිබඳව නොදැනීම නිසාය.

    ReplyDelete
  16. කසාද බඳින ගෑනිත් එක්තරා විධියකට ගණිකාවක් තමයි. ගණිකාවක් මිනිහෙක්ට ආශ්‍රය කරන්නේ සල්ලි වලට. ඒත කසාද බඳින ගෑනි මිනිහට පුක දෙන්නේ සල්ලලි වලට අමතරව සමාජ තත්වය, උගත් කම, රස්සාව වගේම හැඩ රුව, බුද්ධිය වගේ ජානමය හේතු නිසා. දෙකම එකයි.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා