ගනිකා වෘත්තිය නීතිගත කරමු ද? ආදරය දිරි ගන්වමු ද?
ලොව පැරණි ම ගනිකා නිවාසයක් වූ ස්පාටකස් සමයේ පොම්පෙයි ගනිකා නිවාසයේ සිතුවමක් මේ දිනවල ගනිකා වෘත්තිය ගැන මහා සංවාදයක් ඇති වී තිබේ.එය නීතිගත කළ යුතු ද? නැද්ද? ගනිකා වෘත්තිය නීතිගත කිරීමෙන් ලිංගික ශ්‍රමිකයන්ගේ ආරක්ෂාව සැලසෙන බවට නිමල්කා ප්‍රනාන්දු නඟන තර්කය, කැසිනෝ ආර්ථිකය නිසා ගනිකා වෘත්තිය පැතිරේ යයි කියන්නා වැනි ම මුග්ධ තර්කයකි. ලෝකයේ ඇති කිසිදු රැකියාවක් අමුතුවෙන් නීතිගත කිරීමක් කර නැත. අවශ්‍ය වන්නේ ලිංගික ශ්‍රමිකයන් අසාධාරණයට ලක් කිරීමට යොදා ගන්නා පාදඩ පනත වැනි 19වන සියවසේ යල් පැන ගිය නීති වෙනස් කිරීමයි. සෙසු රැකියාවන්හි මෙන් ම මෙම රැකියාවෙහිදී ද සේවා තත්වය දියුණු කර ගැනීම සිදු කළ යුත්තේ එම රැකියාවේ නියුතු අයගේ ම සංවිධානය වීමෙන් මිස අන් ආකාරයකින් නො වේ. ලිංගික ශ්‍රමිකයන් යනු ලෝකයේ ඈත අතීතයේ සිට ම සිටි අත්‍යවශ්‍ය සේවාවක් සපයන පිරිසකි. ලිංගික සේවා සපයන්නන් කටයුතු කරන්නේ මිනිසුන්ගේ හැඟීම් සම්බන්ධයෙන් නිසා මෙම වෘත්තියේ තත්වයන් ඉතා සංකීර්ණ වේ. අනෙක් පැත්තෙන්, එම වෘත්තියේ පවතින දැඩි අනාරක්ෂිත ස්වභාවය නිසා කිසිවකු එම ක්ෂේත්‍රයට යොමු වීම දිරිගැ...