Posts

Showing posts from June, 2016

පසු ගෙවුම් ඩයලොග් ටීවී සබදතාවක් ආශ්‍රයෙන් පාරිභෝගිකයන් ගසා කන අන්දම

Image
පසු ගෙවුම් ඩයලොග් ටීවී සබදතාවක් ආශ්‍රයෙන් කම්පැණිය වගේම රජයත් පාරිභෝගිකයන් ගසා කන අන්දම ගැන අපි බලමු. පසු ගෙවුම් ඩයලොග් ටීවී සබදතාවක් වුනත් 2016 ජුනි බිල්පත සකස් වෙන්නෙ 2016 ජුනි 17 සිට 2016 ජූලි16 දිනය දක්වායි. බිල්පත ගෙවන්න ඕනත් 2016.07.07 ට කලිනුයි. මෙන්න අය කිරීම්. සේවා ගාස්තුව 699.00 ජාතිය ගොඩනැගීමේ බද්ද 14.54 රජයේ වෙනත් බදු 14.54 විදුලි සංදේශ බදු 182.02 එකතු කළ අගය මත බද්ද 136.51 කම්පැණියේ ගසා කෑම 1. පසු ගෙවුම් සබදතාවක් වුවත් සේවය ලබා දී අවසන් වෙන්න පෙරම ගාස්තුව ගෙවන්නට වීම. ඒ අනුව එය පෙර ගෙවුම් සබදතාවක් ලෙසට කම්පැණිය විසින්ම නීති විරෝධීව සකස් කරගෙන. දිගින් දිගටම කළ මේ අසාධාරණය සම්බන්ධව විදුලි සන්දේශ කම්ෂන් සභාවට පිටපතක් සහිතව 2014 මැයි වල ඩයලොග් ටීවී ආයතනයට ලිඛිතව දැනුම් දුන්න. විදුලි සන්දේශ කමිෂන් සභාවෙන් මේ වනතුරුත් පිළිතුරක් නෑ. ඩලොග් ටීවී ආයතනයේ කාන්තාවක් දුරකතනයෙන් මා අමතා තමන්ගෙ වැරද්ද සාධාරණීකරණය කරන්න දිගින් දිගටම උත්සාහ දැරූවිට මා කීවේ ලිඛිතව කළ පැමිණිල්ලට ලිඛිතව උත්තරයක් එවන ලෙසයි. අද වනතුරුත් පිළිතුරක් නෑ. 2. සබදතාවේ බිද වැටීමක දී සේවාව ප්‍රකෘති කර ගැන

චම්පික නිහඬ ඇයි?

Image
වැඩේ පිටුපස හිටියේ මේ සූත්තර පුංචා ද? රාජගිරියේදී තරුණයන් දෙදෙනෙකු අනතුරට ලක් වූ සිදුවීමකදී එම රිය පැදවූ බවට ඇතැමෙකු විසින් චෝදනා කරන ලද ඇමති චම්පික රණවක එම රිය පැදවූ බවට සාධක නැති බැවින් ඔහු අදාළ නඩුවේ වගඋත්තරකරුවකු බවට පත් කිරීම අධිකරණය විසින් ප්‍ර‍තික්ෂේප කර තිබේ.  මෙතෙක් අධිකරණය හමුවේ තිබුණ ප්‍ර‍ශ්නය වූයේ ඇමතිවරයා වාහනය පැදවූවා ද යන්නයි. ඔහු රිය පදවා, අනතුරකට සම්බන්ධ වී, ඉන් පසු සිය රියදුරු ඉදිරිපත් කර වගකීමෙන් ගැලවුණු බව සාක්ෂිකරුවන් කීපදෙනෙකු ද, මාධ්‍ය ද, දේශපාලකයෝ ද පැවසූ හ.  එපමණක් නොව, කිසියම් සංවිධානයක් ඇමති චම්පික රණවක අත්අඩංගුවට ගන්නැයි අධිකරණය ඉදිරිපිට උද්ඝෝෂණයක් ද කළ හ.  ඇමති චම්පික රණවක වනාහි ජාතිවාදියකු හා මේ රටේ ජාතිවාදයට විරුද්ධ බලවේගවලට එරෙහිව සෑහෙන ජාතිවාදී වෛරයක් මුදාහළ දේශපාලකයකු බව ඇත්ත ය. එහෙත්, මෙම සිද්ධියේදී ඔහු සම්බන්ධයෙන් ඇතැම් දේශපාලකයන් හා මාධ්‍ය කටයුතු කළ ආකාරය අතිශය ගැටලු සහගත ය.  ඔහු ඇත්තට ම මෙම අනතුරට සම්බන්ධ වූවා නම්, විමර්ශනයකින් එය ඔප්පු කිරීම වර්තමානයේදී එතරම් දුෂ්කර යයි අපි නො සිතමු. ඇමතිවරයාගේ ජංගම දුරකථන විස්තර, වාහනයේ රස පරීක්ෂණ

වර්තමාන අර්බුදයට ජවිපෙ සමාජවාදී විසඳුම

ජවිපෙට ආර්ථිකය සම්බන්ධයෙන් තියෙන දැක්ම මේක නම්, මං හිතන්නෙ ජවිපෙ අවශ්‍ය නැහැ. මේ ආණ්ඩුව දැනටමත් ඒක කරමින් ඉන්නවා. විනාඩි 5.54 සිට තමයි ෆන් ම හරිය තියෙන්නෙ. ඒක තමයි ජවිපෙ වර්තමාන අර්බුදයට යෝජනා කරන සමාජවාදී විසඳුම.  රටට තිබෙන ලොකුම බර තමයි රජය. අඩුවෙන් වැඩ කර හෝ වැඩ නොකර පඩි, වරප්‍රසාද, ලාභ ලබන දේශපාලකයන්, රජයේ නිලධාරීන්, කොන්ත්‍රාත්කරුවන් ආදී විශාල ධනපති හා මධ්‍යම පංතියක් තමයි රජයෙන් ඵල ප්‍රයෝජන ලබන්නේ. මේ ණය අරගෙන තිබෙන්නේ ඒකට. දූෂණයේ යෙදෙන්නේ ආණ්ඩුවේ දේශපාලකයන් විතරක් නෙමෙයි. විපක්ෂයේ, රජයේ සේවයේ, කොන්ත්‍රාත්කරුවන් ආදීන්ගේ සිට ගොවි සංවිධාන හා ඉන් පහළ දක්වාමත් මේ දූෂණවලට සම්බන්ධයි.  ජනතාවගෙන් සැලකිය යුතු පිරිසක් ද යැපෙන්නේ දූෂණයෙනුයි.  ක්‍රමය වෙනස් කරන්නට පෙර ක්‍රමය මොකක් ද කියලා හඳුනා ගත යුතුයි. ජවිපෙට එහෙම අවබෝධයක් නැති බව මේ අදහස්වලින් පෙනෙනවා. ජවිපෙට විතරක් නෙමෙයි ලංකාවේ වාමාංශිකයන් වැඩි දෙනෙකුට තිබෙන්නේ මෙවැනි පටු දැක්මක්.  මේ පිළිබඳ සවිස්තර ලිපියක් සිකුරාදා බලපොරොත්තු වන්න. මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න ඔබගේ අදහස් අපි මහ

වංගු බැහැ හඳුන්නෙත්ති. කෙළින් එන්න!

Image
රාජ්‍ය ව්‍යවසාය පිළිබඳ පාර්ලිමේන්තු කමිටුව හෙවත් කෝප් කමිටුවේ සාමාජිකයන් බාහිර බලපෑම් මත කටයුතු කරන්නේ නම් තමන් සභාපති ධුරයෙන් අස් වන බව කෝප් සභාපති, ජවිපෙ මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති ප්‍රකාශ කර තිබේ. ඔහු මෙම ප්‍රකාශය කරන්නේ කෝප් කමිටුව විසින් මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් ගැන විමර්ශනයක් කරමින් සිටියදී ය. කෝප් කමිටුව බාහිර බලපෑම්වලින් තොර එකක් යයි බලාපොරොත්තු වීම ම වැරදි ය. එය වනාහි පාර්ලිමේන්තු මන්ත්‍රීන් 26දෙනෙකුගෙන් සමන්විත කමිටුවකි. එම මන්ත්‍රීන් එම කමිටුවට පත් කරන්නේ පක්ෂවල පාර්ලිමේන්තු කණ්ඩායම් නායකයන් විසිනි. එසේම, මෙම මන්ත්‍රීවරුන් වනාහි කෝප් කමිටුව වැනි අධිකරණ බලතල සහිත ව්‍යූහයක් නියෝජනය කිරීම සඳහා වෘත්තිකමය හෝ ආචාර ධාර්මික සුදුසුකම් ඇති අය ද නො වෙති. මේ අතරින් ඇතැමෙක් දූෂණ චෝදනාවලට ලක් වූ අයයි. කෝප් කමිටුවේ අවසන් නිගමනය ගනු ලබන්නේ ඡන්ද විමසීමක් ඔස්සේ ය. මෙම කමිටුවේ බහුතර බලය ඇත්තේ එක්සත් ජාතික පක්ෂයට ය. රජයට එහි පැහැදිලි බහුතරයක් හිමි ය. මේ වන විටත්, කමිටු සාමාජිකයන් අතර, අර්ජුන් මහේන්ද්‍රන් වෙනුවෙන් එජාපය සහයෝගය ඉල්ලා සිටිමින් ඇති බව වාර්තා වේ. අර්ජුන් මහේන්ද

ජනතාව බලමුළුගන්වන දේශපාලනයකින් තොරව ඉදිරියට යා හැකි ද?

Image
අජිත් පැරකුම් ජයසිංහ, රාවය 2016-06-26 පුරවැසි බලය, සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරය, දූෂණ විරෝධී පෙරමුණ ආදී විවිධ නම්වලින් ලංකාවේ ක්‍රියාත්මක වන සිවිල් සමාජ දේශපාලනය 2015 ජනවාරි 8 විපර්යාසය වෙනුවෙන් මෙන් ම අද දවසේ ද ලංකාවේ දේශපාලනය කෙරෙහි සාධනීය බලපෑමක් කරමින් සිටින බවට විවාදයක් නැත. එම දේශපාලනය විසින් අරමුණු කරනු ලබන්නේ පුරවැසියන්ගේ විචාරශීලීත්වය අවදි වන ආකාරයෙන් පොදු මහජන කටයුතු පිළිබඳ සංවාදය ශක්තිමත් කිරීමයි. දේශපාලන පක්ෂ හා දේශපාලන කාඩර්වරුන් ගොඩනැගීමේ අදහසක් හෝ ජනතාව අතර ජනප්‍රිය පදනම් ගොඩනගා ගැනීමේ උවමනාවක් එම ව්‍යාපාරවලට ඇති බවක් නො පෙනේ. පුරවැසි දේශපාලනය ලෙස අප හඳුන්වන මෙම සිවිල් සමාජ දේශපාලනයේ සාධනීය මෙන් ම නිෂේධනීය සීමාවන් ද සලකුණු වන්නේ එතැන ය. ලංකාවේ පක්ෂ දේශපාලනය මේ වන විට අන්තයට ම පිරිහී තිබේ. ප්‍ර‍ධාන ධාරාවේ දේශපාලන පක්ෂ ගොනුවීම් වන එජාප, ශ්‍රීලනිප, ඒකාබද්ධ විපක්ෂය, දෙමළ ජාතික සන්ධානය, මුස්ලිම් කොංග්‍ර‍සය, ජනතා විමුක්ති පෙරමුණ වැනි සියලු පක්ෂ මේ වන විට එක් නිශ්චිත ස්වරූපයක් අත් කරගෙන තිබේ. ඒවා දේශපාලනයේ යෙදෙන්නේ මැතිවරණවලදී සිය බලය ගොඩනගා ගැනීම එකම අරමුණ

The lost book

Image
Photo Credit >>   This is so bad and I have no words In fact, my ears believed you said You had lost my book Perhaps I might have expected So simply you say one day 'I tried to find it my best But someone has taken it to read Without asking me If you can order it online I can pay the price' Man, you don’t know, It was not mere book for me My wife called me and asked If it was essential to give the book I insisted giving it Because you came all the way To collect that precious book Do tell me now How I can tell her about this. We don’t have good house Good money and other goods But we have some good books And good old memories in them Books are to be read away But memories are not  You can buy me a book But you will never buy me the touch Of a friend who is no more alive To touch that book again Please forgive me for happening To say this to you A bundle of paper to you Can be a life to another ma

බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් වෙන් වීමේ ඓතිහාසික තීන්දුව හමුවේ ලංකාව

Image
අජිත් පැරකුම් ජයසිංහ, සිළුමිණ 2016-06-26 මෙම සටහන තබන මොහොත වන විට බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයේ සිටිනවා ද, පිට වෙනවා ද යන්න තීරණය කරන ජනමත විචාරණයේ ප්‍ර‍තිඵල නිකුත් වෙමින් තිබේ. ප්‍ර‍තිඵලය බොහෝ විට යුරෝපා සංගමයෙන් පිට විය යුතු ය යන තීරණය වෙත යොමු වෙමින් ඇති බව දක්නට ලැබේ. බ්‍රිතාන්‍යයේ මෙම තීරණය සමස්ත ලෝකයේ ම අනාගතයට බලපාන එකකි. බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් වෙන් විය යුතු ය යන අදහසට සහාය පළ කරන පිරිස් අතර අන්ත දක්ෂිණාංශික, ජාතිවාදී හා ෆැසිස්ට් අදහස් දරණ අය ඉදිරියෙන් සිටිති. බොහෝ විට විවිධ බොරු හේතු ඉදිරිපත් කරමින් බ්‍රිතාන්‍යයේ දේශපාලන රැකවරණ ලබා ගෙන සිටින ලාංකිකයන් අතරින් ද සැලකිය යුතු පිරිසක් යුරෝපා සංගමයෙන් වෙන් වීමට පක්ෂව ඡන්දය දෙන බව අපට දක්නට ලැබිණි. ඔවුන්ගේ මූලික තර්කය වන්නේ යුරෝපා සංගමයට එක් වී සිටින පෝලන්තය, ලිතුවේනියාව වැනි දිළිඳු නැගෙනහිර යුරෝපා රටවල සංක්‍ර‍මණික ශ්‍රමිකයන් නිසා ඔවුන්ට රැකියා අහිමි වන බවයි. නුදුරේදී ම තුර්කිය යුරෝපා සංගමය සමග එක් වීමත් සමග ම තත්වය තවත් නරක අතට හැරෙනු ඇති බව ඔවුන්ගේ අදහසයි. එහෙත්, මේ ලාංකිකයන් හා තවත් එවැනි ආසියාතිකයන් අමතක කරන කාරණය වන්නේ

“දිශාවක් නො දත් සුළඟ”: ප්ලේටෝගේ සිට මාර්ක්ස් ඔස්සේ ඩෙරීඩා දක්වා කියවීමකට නිසි මාහැඟි කව් මිණ

Image
අප විසින් ලියන ලද දිශාවක් නො දත් සුළඟ නම් පද්‍යය පිළිබඳ අප සමග නිරන්තර සංවාදයක යෙදෙමින් අප දරුණු ලෙස විවේචනයට ලක් කරන නිර්නාමික මාක්ස්වාදී විචාරකයකු විසින් ලියන ලද දීර්ඝ විචාරයක් මෙහි නැවත පළ කිරීමට සිතුවෙමි. අධිපති කතිකාව තුළ විචාරය පිළිබඳ ගොඩනැගී තිබෙන විද්වත් අනන්‍යතාව මත පිහිටා ලියන ලද එම විචාරය අවධානයට පාත්‍ර‍ විය යුතු යයි අප සිතන්නේ එය අප ලියූ කවියක් පිළිබඳ විචාරයක් නිසා නො වේ. විද්වත් විචාරකයන් යයි තමන් හඳුන්වා ගන්නා පිරිස් විචාර කරනවා වෙනුවට මුදලට, හිතවත්කමට, සම්මාන ලෝභයට හා වෙනත් වරප්‍ර‍සාද තකා කරන පිට කැසීම් වෙනුවට තමන්ගේ පදනම මත පිහිටා මෙවැනි විචාර කිරීම අගය කළ යුතු ය. අපගේ පාඨකයකු මෙම පරිකථනය හෙවත් ආලෝචනය ගැන මෙසේ අදහසක් පළ කළේ ය: මට නම් හිතෙන්නේ මේ විචාරය ලියල තියෙන්නෙ කලින් පෝස්ටුවකට “විපැරාකරණ සංහිතා“ කියල කමෙන්ටුවක් දාපු කෙනාම තමයි. පැරාට කින්ඩියට වගේ ලියන මේ කමෙන්ටු ඇත්තෙන්ම රසවත්..  මෙම පරිකථනය කින්ඩියට ම ලියූවක් යයි මම නො සිතමි. එහෙම ලිව්වත් කමක් නැත. එහි අන්තර්ගතය ඉතා වැදගත් ය. එබැවින් එම සටහන කිසිදු සංශෝධනයකට ලක් නො කර ඒ අන්දමින් ම මෙහි පළ කරනු ලැබේ.

නිවැරදි තීරණය ගැනීමට එක්සත් රාජධානියේ ජනතාවට ශක්තිය ලැබේවා - අගමැති රනිල් වික්‍ර‍මසිංහ

Image
1977දී පළමු වරට පාර්ලිමේන්තුවට තේරී පත් වූ දේශපාලනඥයකු ලෙස මම පසුගිය වසර හතළිහක් පුරා ලෝක දේශපාලනය තුළ සිදු වූ වැදගත් චලනයන් අධ්‍යයනය කර ඇත්තෙමි. ඒ අතරින් කිහිපයක් මෙසේයි: ඩෙන් ෂියාඕපිං විසින් 1978දී චීනයේ මුල පුරන ලද ආර්ථික ප්‍රතිසංස්කරණ මගින් එරට ආර්ථිකය ලෝකයත් සමග ඒකාබද්ධ කරන ලදී. ප්‍රබල දේශපාලන පෞරුෂයන් වන බ්‍රිතාන්‍ය අගමැති මාග්‍රට් තැචර්, එක්සත් ජනපද ජනාධිපති රොනල්ඩ් රේගන්, ජර්මන් චාන්සලර් හෙල්මට් කෝල් වැනි අයගේ ක්‍රියාමාර්ග හේතුවෙන් සෝවියට් සංගමය හා බර්ලින් තාප්පය බිඳ වැටිණි. ඉන්දීය ආර්ථිකය ප්‍රතිසංස්කරණය කරමින් 1991දී අගමැති නරසිංහ රාඕ විසින් ගන්නා ලද එඩිතර මුලපිරීම් සමග 2016 වන විට ඉන්දියාව වැදගත් කලාපීය බලවතෙක් බවට පත් ව ඇත. 1993 ජනවාරි 1දා සිට ඒකීය යුරෝපීය වෙළඳපොළක් පිහිටුවීම ද මවිසින් නිරීක්ෂණය කරන ලදී. මෙම මුලපිරුම්වල අවසන් ප්‍රතිඵලය වූයේ නව ගෝලීය ආර්ථික පිළිවෙලක් පැන නැගීමයි. එමගින් එක්සත් ජනපදය, යුරෝපා සංගමය, චීනය, ජපානය හා ඉන්දියාව වැනි ප්‍රධාන පාර්ශ්ව අතර විවෘත වෙළඳපොළවල් හා නිදහස් වෙළඳාම ප්‍රවර්ධනය කරන ලදී. වර්තමානයේදී අපි මෙම නව ගෝලීය පිළිවෙලට අයත් වෙමු. එහි දී වෙ

සුන්දර ඉංගිරිසි: ටයි ටයි බොටයි මටයි මැච් එක ටයි

Image
මැච් එක ටයි ටයි කරන්නට අවසන් පන්දුවට දැවැන්ත හයේ පහරක් ගැසූ Liam Plunkett ඊයේ ශ්‍රී ලංකාව හා එංගලන්තය අතර පැවැත්වුණ එක් දින තරගය සම ලකුණු හේතුවෙන් ජය පරාජයෙන් තොරව අවසන් වුණා. ඒ නිසායි මේ සුන්දර ඉංගිරිසි සටහන ලියන්න හිතුණේ. මේක මම කාලයක් ජනරළ පත්තරේට කොලමක් ලෙස ලිව්වා.  ලංකාවේ නූතන භාෂාවන්ට, සංස්කෘතියට වැඩියෙන් ම බලපාන බසක් තමයි ඉංග්‍රීසි. ඉංග්‍රීසි භාෂාව නිසා නිරතුරුව ම සිංහල, දෙමළ භාෂාවන්ට අලුත් වචන එකතු වෙනවා.  ක්‍රිකට් තරගයක් සම ලකුණු නිසා ජය පරාජයෙන් තොරව අවසන් වුණාම එය ගැන ඉංග්‍රීසියෙන් කියන්නේ Match tied කියා ය.  එහෙත්, සිංහලෙන් මෙය තත්සමව යෙදෙන්නේ ටයි-ටයි කියා ය. ඒ වනාහි සම-සම යන අරුත දෙයි. මෙය ශාස්ත්‍රීය බසෙහි සමෝසම ලෙස ද යෙදේ.  මෙසේ ඉංග්‍රීසියෙන් තත්සම වන වචන දෙකක් එකට යොදා නව විශේෂණ පදයක් සාදා ගැනීම ව්‍යවහාරික සිංහල භාෂාවේ අවස්ථා කීපයක ම දක්නට ලැබේ. තිත් වැටුණු රෙද්දක් තිත්-තිත් හෙවත් ඩොට්-ඩොට් කියා ද, කොටු වැටුණු රෙද්දක් කොටු-කොටු හෝ චෙක්-චෙක් කියා ද කියනු ලැබේ.  මෙසේ එක වචනය එක ළඟ දෙවරක් කීම සිංහල භාෂාවේ විශේෂ ලක්ෂණයකි. පහත ඇත්තේ ජනප්‍රිය ගී දෙකකින් උපුටා ග

රෝහිතස් ඩැම්සල්ගේ දන්සැල් වන්දනාව හා දන්සැල් ලංකාව

Image
Damsel in Dansal  දැන් ලංකාවේ අලුත් දන්සැල් රැල්ලක් පැතිර යමින් තිබෙනු ඔබ නිරීක්ෂණය කළා ද? හැම තැන ම දන්සැල් ය. එක එක විධියේ දන්සැල් ය. බත්, තේ, කෝපි, කොත්තමල්ලි, සිසිල් පැන්, කොස්, මයියොක්කා, රොටි, කිරිබත්, පාන්, සුප්, සව්, අයිස්ක්‍රීම් ආදී විවිධ දේ දන්සල්වල පිරිනැමේ. කණ්ඩායම් එක් වී එක්, එක් වේලාවට එක්, එක් තැන්වලදී දන්සැල් දෙනු ලැබේ.  ඇතැමෙක් කාලසටහන් හදාගෙන දන්සැල් යති. මෙදා පාර පොසොන් පෝයට විශේෂ ආමිස හෝ ප්‍රතිපත්ති හෝ පූජා එතරම් දක්නට  නො ලැබුණ මුත්, දන්සැල් නම් හැම තැන ම තිබිණි. වෙසක්, පොසොන් සැරසිලිවලට හෝ දන්සැල්වලට තරම් උනන්දුවක් දක්නට නැත.  මේ දන්සැල් රැල්ල සෑහෙන තරමේ ආහාර අපතේ යැවීමක් ද, ලෙඩ රෝගවලට මුල් වන බඩජාරිකමක් ද ප්‍රවර්ධනය කරන බවක් පෙනේ. පෙරැත්තය නිසාත්, නිකම් දෙන නිසාත්, මිනිස්සු තමන්ට අනවශ්‍ය ආහාර ප්‍රමාණයක් කුසට දමා ගනු දක්නට ලැබේ.  මේ අලුත් තත්වය තුළ  දැන් වෙසක්, පොසොන් පෝයවල කරන ප්‍රධාන වන්දනාවක් වන්නේ දන්සැල් වන්දනාවයි. මෙහෙම ගියොත් දන්සැල් වන්දනාවට ද ගාථාවක් බිහි වනු ඇත. ලංකාවේ පන්සල්, පල්ලි, කෝවිල්වලින් ජනතාවට සුබවාදී අදහස් බෙදා දීමක් සිදු වන්නේ න

මුසම්මිල්ට පස්සෙ රංජිත් සෝමවංශට එම චෝදනාව ම

Image
වමේ සිට දෙවැන්නා රංජිත් සෝමවංශ ය පොදු දේපල අපහරණය අපේ රටේ ඉතා සාමාන්‍ය ක්‍රියාවකි. ඒවා කරන්නේ දේශපාලකයන් පමණක් නො වන බව ද, වැඩිපුර ම පොදු දේපල අපහරණය කරන්නේ රජයේ සේවකයන් බව ද අමතක නො කළ යුතු ය. මූලිකව ම මහජන මුදලින් වැටුප් ලබමින් තමන් කළ යුතු රාජකාරි නො කර ජනතාව රස්තියාදු කිරීම පැහැදලිව ම මහජන මුදල් අවභාවිතාවකි. රජයේ මුදල් යනු පොදු දේපලකි. අප දේශපාලකයන්ගේ පොදු දේපල අවභාවිතාවන් කෙරෙහි වැඩි අවධානයක් යොමු කරන්නේ ඒවා තනි තනි පුද්ගලයන් ලෙස ගත් කල දැවැන්ත නිසා ය. එහෙත්, සමස්තයක් ලෙස ගත් කල වැඩි ම පොදු දේපල අවභාවිතාවක් කරන්නේ රජයේ නිලධාරීහු ය. මුසම්මිල් රිමාන්ඩ් කර ඇත්තේ අතිශය බරපතල වංචාවක් සම්බන්ධ විමර්ශනකට ය. ජාතික නිදහස් පෙරමුණේ විමල් වීරවංශ ගෝලයන් සුවිශේෂ සොර පිරිසකි. ඔවුන් වනාහි අති පිරිසිදු යයි කියන ජවිපෙ දේශපාලනයේ සිට ඔවුන් ධනපති පක්ෂ යයි කියන දේශපාලනයට පැමිණි පිරිසකි. විමල්ගේ සිට පහළ ඇච්චන් බැච්චන් දක්වා සොරකම් කරගෙන කරගෙන ගියේ දිගු කලක් බඩගින්නේ සිටි බඩගිනිකාර බල්ලන් පිරිසක් අහු වුණ ඕනෑම කෑම ගොඩක් කාගෙන, කාගෙන යන පරිද්දෙනි. එහෙත්, නීතිය ක්‍රියාත්මක වන්නේ සර්ව සාධාරණ අන්දමින්

අනිවාර්ය අත්ථකිලමතානුයෝගය වෙනුවෙන් අර්ජුන් මහේන්ද්‍ර‍න් ගෙදර යැවීම

Image
අජිත් පැරකුම් ජයසිංහ, 2016-06-19 රාවය 2015 ජනවාරි 8 ජනාධිපතිවරණයේදී මේ ආණ්ඩුව බලයට ගෙන ඒමට වෙහෙස වූ පුරවැසි බලවේග ආණ්ඩුව සමග සටනට එළැඹ තිබේ. ඒ සඳහා මූලික නිමිත්ත වී තිබෙන්නේ ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති අර්ජුන් මහේන්ද්‍රන් ය. ඔහුට සේවා දිගුවක් ලබා නො දෙන ලෙස පුරවැසි බලවේග උද්ඝෝෂණය කරති. අර්ජුන් මහේන්ද්‍රන් අගමැති රනිල් වික්‍රමසිංහගේ කිට්ටුවන්තයෙකි. ඔහු විදේශිකයකු වීම හෝ දෙමළ ජාතිකයකු වීම හෝ පුරවැසි බලවේග ප්‍රශ්න කරන්නේ නැත. එහෙත්, ඔහුගේ සමය තුළ සිදු වූ භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම් සම්බන්ධයෙන් දැඩි විරෝධයක් එල්ල වී තිබේ. මූලිකව ම එහි බරපතල සදාචාර ප්‍රශ්නයක් ඇත. මහ බැංකු අධිපතිවරයාගේ බෑණාට හිමිකාරිත්වය ඇති පර්පෙචුවල් ට්‍රෙෂරීස් ආයතනය භාණ්ඩාගාර බැඳුම්කරවලින් අධික ලාභයක් උපයා ගත් බවට චෝදනා එල්ල වේ. ඒ සඳහා මහ බැංකු අධිපතිවරයා අභ්‍යන්තර තොරතුරු ලබා දී තිබේ නම්, ඒ වනාහි සදාචාර ප්‍රශ්නයක් නොව බරපතල මුල්‍ය අපරාධයකි. එහෙත්, මුල්‍ය වෙළඳපොළේ තරගකාරී සමාගම් විසින් එවැනි පැමිණිල්ලක් කර නැති වීම විශේෂ තත්වයකි. භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම් ගමේ සීට්ටු වෙන්දේසි පරිද්දෙන් සිදු නො වන බවත්,

දිශාවක් නො දත් සුළඟ

Image
ජීවිතය මැටි පිඬකි කුඩා දරුවෙකු අත කුරුල්ලන් සේ ම නයින් ද ඉන් හැදෙත කුරුල්ලාට ද නාගයාට ද තමා අහිංසකයෙකි ආදරය සොයා යන දඩයක්කාරයින් මැද ජීවිතය වෙහෙස ය දෛනිකව ගතු කියන ආදරය හැමදාම සෙවුමක් විතරම ද බලාපොරොත්තුව පුංචි බිජුවටක කැටි කර උණුසුම් කර රකින්නේ තටු ලැබ අහිමි වන්නට ය කුරුළු බිත්තරෙනුත් නාග බිජුවටෙනුත් උපදින්නේ එකම අනාගතයයි නො දත් අතීතය පසුතැවිල්ලකි අනාගතය පිපිරුණ බිජුවටකි බිත්තර කටු තුඩ ගාන ජීවිතය මතකයක් පමණ ය හැඬුමත් සිනාවත් දෙක ම එක දිය ම ය සුවඳ ද පිළී දුගඳ ද හැඟීම් මාත්‍රයක් පමණ ය මම සිටිමි ද මැරී ඇත් ද නො දනිමි නො හැඟේ ය කුමක් වුවත් කුමට ද අප හැම තරු දුහුවිලි ය අනන්ත කාලයක ඉමක් නො පෙනෙන විශ්වයක හොඳ නරක සොයා කුමට ද ඔබට ඔබවත් හමු වෙද ජීවිතය ගෙන දෝතට යමු ද අපි කඳු මුදුනට පා කර හරින්නට එය දිශාවක් නො දත් සුළඟට පැරකුම් ජයසිංහ, 2016-06-19 මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබ