කාර් දේශපාලනය හා කාර් සංස්කෘතිය


අජිත් පැරකුම් ජයසිංහ, රාවය 2016-06-12

ඇමතිවරුන් 30 දෙනෙකුට නව වාහන මිලදී ගැනීම සඳහා රුපියල් බිලියන 1.2ක මුදලක් ලබා ගැනීම සඳහා පරිපූරක ඇස්තමේන්තුවක් අමාත්‍ය ගයන්ත කරුණාතිලක විසින් පසුගිය 7දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී. ‍

මේ වනාහි බූරුවාගේ කොන්ද කඩන පිදුරු ගහ වැනි එකකි. මේ වාහන ගැනිල්ල සිදු වන්නේ මහජනතාව පිට අධික බදු බරක් පැනවීමෙන් පසුවයි.

නව ආණ්ඩුව බලයට පත් වී දැන් වසර එකහමාරක් පමණ වේ. ආණ්ඩුව බලයට පත් වූ වහා ම මේ රටේ ධනේශ්වර පාලනයේ ආධිපත්‍යය හොබවන මධ්‍යම පංතියේ වැඩිම වරප්‍රසාදිත පිරිස වන, අඩුවෙන් වැඩ කර, සාපේක්ෂව වැඩි වැටුප්, විශ්‍රාම වැටුප් ආදිය මහජන මුදලින් සූරා කන රජයේ සේවකයන්ට රු. 10,000ක වැටුප් වැඩි වීමක් ලබා දුන්නේ ය. එහෙත්, එම වැටුප් වැඩි වීමෙන් පසු ගත වූ වසර තුළ රාජ්‍ය සේවයේ අංශු මාත්‍රයක හෝ වැඩිදියුණුවක් වී තිබේ ද යන්න ප්‍රශ්නයකි. ඇත්තෙන් ම සිදු වී තිබෙන්නේ රාජ්‍ය සේවය තව දුරටත් පිරිහීම නොවේ ද යන්න සාකච්ඡා කළ යුතු ය.

අද වන විට රාජ්‍ය නිලධාරීහු තමන්ට එෆ්.සී.අයි.ඩී. යන්නට සිදු වේ ය යන තර්කය ඉදිරිපත් කරමින්, තීරණ ගැනීම් කල් දමමින් ජනතාව මහත් අසීරුවට පත් වන අන්දමින් කටයුතු කිරීම රාජ්‍ය ආයතනවල සුලබ තත්වයකි.

සීමා කරනවා යයි පොරොන්දු වුවත්, මේ වන විට සියයක් පමණ වන ඇමති මණ්ඩලය මේ සම්බන්ධයෙන් වග කියන්නේ නැත. ඔවුන් ද කරන්නේ ජනතාව සමග එක් වී ආණ්ඩුව යයි කියන ඔවුන් නො වන එකකට බනින එක ය. මෙයට හොඳම නිදසුන දූෂණ විමර්ශන සම්බන්ධයෙන් ඇමතිවරුන් නිතර ප්‍රකාශ කරන අතෘප්තියයි. ලංකාවේ ජනතාව ඔවුන්ට ඇමති තනතුරු හා ඒ හා සම්බන්ධ පුළුල් බලතල ප්‍රමාණයක් ලබා දී තිබේ. එසේම, මහින්ද රාජපක්ෂ සමයේ මෙන් ජනාධිපතිගේ මල්ලිලා, පුතාලා හැම තැනකම ඇඟිලි ගසන තත්වයක් ද නැත. එහෙම තිබෙද්දී පසුගිය වසරක කාලය තුළ ඇමතිවරුන්ගේ කාර්යසාධනයෙහි ගත යුත්තක් නැත්තේ ඇයි? ප්‍රශ්නය කාර් නැතිකම ද? වැඩ බැරිකම ද? වැඩ බැරි දාසලාට සුපිරි කාර් දෙන එක කටුස්සන්ගේ කරේ රත්තරං බඳිනවා වැනි ය. අශ්වයන්ට අං දෙනවා වැනි ය.

කාර් එක යනු උපයෝගී භාණ්ඩයකි. තවත් යන්ත්‍රයකි. එහෙත්, ලාභය මූලික අරමුණ වන ධනේශ්වර සමාජය වෙනත් ඕනෑම භාණ්ඩයකට පරිද්දෙන් ම එයට ද  පාරිභෝජනවාදී සංස්කෘතික වටිනාකමක් එකතු කර තිබේ. එබැවින් ලෝකය පුරාමත් කාරය යනු සමාජ තත්වයේ ප්‍රදර්ශන භාණ්ඩයක් වී තිබේ.

ලංකාවේ මෙම තත්වය වැඩිදුරටත් විකෘති වී තිබේ. එයට හේතුව කාර් යනු ලංකාවේ දුම්වැටි වැනි දෙයක් වන හෙයිනි. දුම්වැටිවලට බදු පණවන්නේ ඒවා පරිහරණය එපා කරන්නට ය. එවැනි බදු තහනම්කාරී බදු ලෙස හැඳින්වේ. ලංකාවේ කාර්වලට ද බදු පණවන්නේ එසේ ය. එසේ බදු පණවන්නේ මාර්ග තදබදය, පාරිසරික ප්‍රශ්න ආදිය නිසා බව පෙන්නුවත් ඇත්ත තත්වය එය නො වේ.

එහෙම කරනවා නම්, පොදු ප්‍රවාහන සේවා දියුණු කිරීම සඳහාත් රජය පැත්තෙන් තීරණාත්මක ක්‍රියාමාර්ග තිබිය යුතු ය. පසුගිය වසර එකහමාරක කාලය තුළ ලංකාවේ අලුතෙන් එක ම දුම්රියක්වත් කාලසටහනට එක් වී තිබේ ද? එක දුම්රියක හෝ එක පෙට්ටියක් හෝ වැඩි වී තිබේ ද? දුම්රිය ප්‍රමාද වීම අඩු වී තිබේ ද? මහජනතාවට වැදගත් වන ඒකාබද්ධ කාලසටහනකට බස් ධාවනය කිරීම සිදු වී තිබේ ද? බස් සේවාවන් කෙතරම් වැඩි දියුණු වී තිබේ ද? මග දෙපස බස් නැවතුම්පොළවල් කීයක් හැදුවා ද? නගරවල ප්‍රධාන බස් නැවතුම් ස්ථාන කීයක් සංවර්ධනය කර තිබේ ද? එපමණක් නොව, පයින් යන මිනිහෙකුට අත පය කඩා ගන්නේ නැතුව පයින් යන්නට පුළුවන් පදික වේදිකා තිබේ ද? බයිසිකලයකින් යන්නට කැමති මිනිහෙකුට පණ බේරාගෙන ගමන යන්නට පුළුවන් මාර්ග විනයක් තිබේ ද?

මහින්ද රාජපක්ෂලා රටට කෙතරම් හානියක් කළත්, ඔහුගේ රජය යටතේ මෙම කාරණා සම්බන්ධයෙන් මීට වඩා සංවේදීබවක් දක්නට ලැබුණු බව කිව යුතු ය. දැන් ඉතින් අප එසේ කීවා ය කියා රාජපක්ෂ පවුල නැවත බලයට ගෙන ඒමට හීන දකින ප්‍රවේණි දාසයන් උඩ පනින්නට ඕනෑ නැත. අප කියන්නේ සරල දෙයකි. දුර්ගුණ බැහැර කර, යහගුණ ප්‍රවර්ධනය කරමින් රාජ්‍ය පාලනය ගොඩනගන්නට පුරවැසියන් ලෙස අපගේ මැදිහත්වීම කළ යුතු ය.

මෙම බදු පසුබිමෙහි සංස්කෘතික කාරණාවක් ඇති බව පැහැදිලි ය. ඒ බව ඇමති ජෝන් අමරතුංග විසින් කරන ලද ප්‍රකාශයෙන් හා ඉන් පසු කාර් වෙනුවෙන් ඉදිරිපත් කර තිබෙන මෙම පරිපූරක ඇස්තමේන්තුවෙන් පැහැදිලි වේ. වැඩ කරන දේශපාලකයන්ට ඒ සඳහා යෝග්‍ය වාහන ලබා දීම වැරදි නැත. ලංකාවේ දේශපාලකයන් වැඩිපුර රටේ හතර කොණ දුවන්නේ පීත්ත පටි කපන්නට ය. ඒ යන ගමන්වත් ඔවුන් හරි හමන් අධීක්ෂණයක් කරන්නේ නැත. නිදසුනක් ලෙස පසුගිය කාලයේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා තැනින් තැන යන විට කරන ලද මවාපෑම් සලකා බැලිය හැකි ය.

ලංකාවේ දේශපාලකයන්ගේ ගමන් බිමන් ගැන ජනවහරේ ඇති ප්‍රස්ථාව පිරුළකින් කියන්නේ නම් බල්ලට ඇති වැඩකුත් නැත. හෙමින් ගමනකුත් නැත. තාක්ෂණය දියුණු වූ අද කාලේ වැඩ සංවිධානය කරන්නට පස්ස කඩා ගත් කඩි සේ තෙල් පුච්චමින් දුවන්නට ඕනෑ නැත. එසේ ම, පීත්ත පටි කපමින්, කටේ නරිවාදං රෙද්ද පල්ලෙන් බේරමින් ඇවිද්දා ය කියා සිදු වන සෙතක් ද නැත.

මෙතන තිබෙන්නේ කාර් සම්බන්ධයෙන් තිබෙන ලාංකික කුහක සංස්කෘතියයි. ලංකාවේ කාර් සංස්කෘතිය තුළ ඉහළ සිට පහළ දක්වා ම කාරය යනු තමන්ගේ අවශ්‍යතාවට ගැලපෙන මෙවලමකට වඩා පුරාජේරුව ප්‍රකාශ කරන ප්‍රදර්ශන භාණ්ඩයකි. මීට කලකට ඉහතදී මංගල සමරවීර ඇමතිවරයා මේ ගැන පළ කළ අදහසක් සිහිපත් වේ. මතක හැටියට ඔහු කීවේ, තමන් ගමන් බිමන් යන්නේ අතපය දිගහැර යා හැකි වෑන් රියක බවයි.
මෙතැනදී අදාළ වන තවත් කාරණයක් තිබේ. එනම්, මහජන නියෝජිත බලයෙන් හා මහජන මුදලින් සැප විඳින දේශපාලකයා ලංකාවේ මධ්‍යම පංතියේ පරමාදර්ශයකි. ඔහුගේ පාරිභෝජන රටාව තුළින් ප්‍රකාශ වන්නේ ලංකාවේ අධිපති සමාජයේ ආශාවයි. එයට විරෝධය පළ කරන බොහෝ දෙනෙකු තුළින් ප්‍රකාශ වන්නේ දේශපාලනික විරෝධයකට වඩා තමන්ගේ ආශාව කෙරෙහි ඇති දුරස්ථභාවයෙන් ඇති වන කාංසාවකි.

ලංකාවේ වැඩිදෙනෙකුට ඇත්තේ ජපන් කාර් පිස්සුවකි. ඉන්දියන් කාර් තාක්ෂණික අතින් පසුපසින් සිටින බව බොරුවක් නො වේ. එහෙත්, දරා ගන්නට බැරි තරම් ණය වී ජපන් කාරයක් ගන්නවාට වඩා ඉන්දියන් කාරයක හෙමින් යන ගමන් මාර්ග විනය ගැන සටන් කරන එක නරක ද?


සිංහ ලේ කියා ස්ටිකර් අලවාගෙන ඉන්දියන් විරෝධය දේශනා කරමින්, ජපන් කාර් ගැන සිහින දකිමින් බජාජ් ත්‍රිරෝද රථවල යනවාට වඩා වැදගත් වැඩක් දැන් තිබේ. ලංකාවේ සමාගම් කීපයක් රටට ගැලපෙන, අඩු මිළ කාර් නිෂ්පාදනයට අත ගසා තිබේ. මේවා මෝස්තර පැත්තෙන්, තාක්ෂණය පැත්තෙන් සංවර්ධනය කරන්නට දිරි දිය යුතු ය. අධික ලාභය, මහා පරිමාණ නිෂ්පාදනය හා අධිරාජ්‍යවාදී යයි කියන රටවල ලාංඡන අදාළ කර නො ගන්නා, එක් එක් පුද්ගලයාගේ අවශ්‍යතාවන් හා දේශීය තත්වයන් මත වෙනස් කරමින් නිෂ්පාදනය කරන සුළු පරිමාණ කාර් නිෂ්පාදන කර්මාන්තයක් වෙත යොමු වන්නට අවශ්‍ය පසුබිම හා තාක්ෂණික ඥානය ලංකාවට තිබේ. සියරට දේ සිරි සැප දේ කියන දේශප්‍රේමී පාරිභෝගිකයන්ට දැන් මේ දේශීය නිෂ්පාදකයන් දිරි ගන්වන්නට අනගි අවස්ථාවක් ලැබී තිබේ. 

ලංකාවේ සමාගමක් දේශීය මෝටර් රථ ගැන සිතන ආකාරය මෙතැනින් 

මේ ලංකාවේ හැදූ තවත් කාරයකි.





මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. ඒ උනාට කාර ගැන ටිකක් දන්න එකෙක් හැටියට නම් කියන්න තියෙන්නේ ඉන්දියන් කසි කබල් වලට වඩා ජපන් සෙකන්ඩ් හෑන්ඩ් එකක් ගැනීමෙන් මුදලට වැඩි වටිනාකමක් ලැබෙනා බවයි... ඉන්දියන් එකක් කවදාවත් ආයේ විකුණන්න පුළුවන්ද ගත්ත ගානටවත්... ඒත් ජපන් වාහන හොඳට මේන්ටේන් කලා නම් ගත්ත ගානටත් වඩා ගානකට විකුණන්න පුළුවන්...

    වාහන ගැන තියෙන්නේ ආශාවකට වඩා ෂෝ එකක් නේද....?

    ReplyDelete
    Replies
    1. මේ තත්වය කාලයක් තිස්සෙ පවත්වගන්න පුලුවන් වෙලා තියෙන්නෙ ටොයොටා සහ මරුටි වලට විතරයි. ඉන්ඩියන් ජැපනීස් කියල නෙවෙයි. දැන් අනිත් ජපන් බ්‍රෑන්ඩ්වලටත් වටින කමක් දෙන්න අලුත් බද්දෙන් පුලුවන් වුනා.

      Delete
    2. කාර් මිල වැඩිවීමට හේතුව රුපියලේ අගය අඩුවීම සහ බදු වැඩිවීමයි.

      මිල රුපියල්වලින් නොව සිගරැට්වලින් කීවා නම් වෙනස අඩු වේවි.

      Delete
    3. ඇත්තටම ඔය ලංකාවේ කාර් හදනවා කියන කතාව බොරුවක් !
      ඔය වැඩිහරියක් දෙනා කරන්නේ ! චීනෙන් කාර් ගෙන්නන එක !

      මෙන්න බලන්න පැරා බොරුවක් නම් !

      http://www.alibaba.com/showroom/electric-car.html

      මමත් රැවටිලා හිටියා ඔය මේ රටේ ඉන්න නිෂ්පාදකයෝ කියා ගන්න අයෙගේ බොරුවට

      අනික ඔය සයුරි මෝටර්ස් ගෙන්නන exactly චීන කාර් එක මේ තියෙන්නේ ! මෙහෙ හදනවලු අනේ මෙහෙමත් මුන්ගේ බොරු !

      http://www.alibaba.com/product-detail/chinese-battery-car-prices-car-tires_60457261386.html

      මිනිස්සු රවට්ටන්න ෆොටෝස් වගයකුත් දාලා ගලවනයිස් බට පාස්සන

      Delete
    4. මේ උත්සාහයන් බොරු ය කියා එක හෙළා බැහැර කරන්නට උත්සාහ කරන ඔබ ඉදිරිපත් කරන්නේ ඉතා දුබල සාක්කි.

      Delete
    5. ///ඒත් ජපන් වාහන හොඳට මේන්ටේන් කලා නම් ගත්ත ගානටත් වඩා ගානකට විකුණන්න පුළුවන්...///

      මේ කතාව සම්පූර්ණයෙන් ම වැරදියි. ලංකාවේ තියෙන ජපන් වාහන අතුරින් වැඩි වටිනාකමක් ඇති සෙකන්ඩ් හෑන්ඩ් මාර්කට් එකක් ඇත්තේ ටෝයෝටා මෝටර් රථවලට පමණයි. තරමක් දුරට නිසාන් මෝටර් රථවලටද සෙකන්ඩ් හෑන්ඩ් මාර්කට් එකක් තියෙනවා. ඒත් මැස්ඩා, හොන්ඩා, මිට්සුබිෂි වැනි කාර් විකුණන්න අමාරුයි. ඒවා අඩු ගණන්වලට තමයි විකුණන්න වෙන්නේ.


      ///ඉන්දියන් එකක් කවදාවත් ආයේ විකුණන්න පුළුවන්ද ගත්ත ගානටවත්///
      මරුති සුසුකි මෝටර් රථවලට හොඳ සෙකන්ඩ් හෑන්ඩ් මාර්කට් එකක් තියෙනවා. ඊට හේතුව ඒවා දහ අතේ ණය නොවී මිළදී ගැනීම හැකියාවක් තිබීමත්, ජපන් මෝටර් රථවලට වඩා අමතර කොටස් මිළ බෙහෙවින්ම මිළෙන් අඩු වීමත් යනාදී කරුණු නිසා.

      Delete
    6. ///ජපන් වාහන හොඳට මේන්ටේන් කලා නම්...///

      ඔන්න ඕක තමයි ප්‍රශ්නේ.... ලංකාවේ වැඩි දෙනා දහ අතේ ණය වෙලා, දරුවන්ගේ පවා කණකර උගස් කරලා ජපන් වාහනයක් ගන්නවා. ඊට පස්සේ කෑම බීම ගන්න තියෙන මුදල්වලින් වාරික ගෙවනවා. ඒ නිසා වාහනය මේන්ටේන් කරන්න සල්ලි නෑ. ඊළඟට වාහනය ගන්න එකා අමාරුවේ.

      Delete
    7. ඉන්දියන් කාර් ගත්තු එකාට තමුන්ගේ කාර් එක මේන්ටේන් කරන්න සල්ලි තියෙනවා, මොකද ඌ කාර් එකට ගෙවන වාරිකය අඩු නිසා. ඒක නිසා සෙකන් හෑන්ඩ් ඉන්දියන් කාර් එක ෂුවර්.

      Delete
    8. චීනෙන් කෑලි බෑලි ගෙනල්ලා යකඩ බැරල් උඩ තියාගෙන ඒවා පූට්ටු කළ පමණින් එය මෝටර් රථ නිෂ්පාදන සමාගමක් වෙන්නේ නෑ, පැරා.

      Delete
  2. මා ළඟ නම් තිබිලා තියෙන්නෙ ඉන්දියන් පපඩම් කාර් ම තමයි. ගන්නෙ බ්‍රෑන්ඩ් නිව් කොම්පැනියෙන්. මුල් එක 9.30ට අරන් අවුරුදු හතහමාරකට පස්සෙ 8.75කට වික්කා. කිසිම රෙපෙයාර් එකක් නැතුව ඒ ටික පැද්දා. ඊළඟටත් ඒ කොම්පැනියෙන් ම තව අලුත් එකක් ගත්තා. වාහනේ හයිය ගැන දන්න නිසා යන්නෙ හෙමින්. එහෙම ගිහිල්ලත් මේ ළඟදි මෝටර් සයිකල්කාරයෙක් මූණට ම ඇන්නා. ඉන්ෂුවරන්ස් එකට 1.40ක් බඩු. වාහන පාවිච්චි කරපු අවුරුදු දහයකට පස්සෙ මුලින් ම ගැරේජ් ගියා. මං කැමති ම නැති වැඩේ ඒක. මොකද, ලංකාවේ සුපිරිම කාර් තිබුණට ගරාජ් තියෙන්නෙ ඔස්ටින් මොරිස් යුගයේ.

    පාවිච්චි කළ අනෙක් බඩු කිසිවක් වැඩි ගණන්වලට විකුණන්න බැහැ. කාර් විතරයි පුළුවන්. ඒකට හේතුව මේ කාර් සංස්කෘතිය. මං දන්නෙ නැහැ ලෝකෙ වෙනත් රටවලත් මේ වගේ තත්වයක් තියෙනවද කියලා.

    මට නම් කාරය කියන්නේ මගේ ජීවිතේ පහසු කර ගන්න තියෙන තවත් උපකරණයක් විතරයි. මං ඒක ඇතුළෙ ජීවත් නොවන නිසා මට ඒකෙ උපරිම සැප ඕනැ නැහැ. ඒ වගේ ම කිලෝමීටර් ලක්ෂ ගණන් දුවපු වාහන වැඩි ගානට අරගෙන ගරාජ් ගානෙ රස්තියාදු වෙන්න මට වෙලාව නැහැ.

    අනෙක් පැත්තෙන් මගේ ජාත්‍යන්තරවාදය තවම තියෙන්නේ දකුණු ආසියානු මට්ටමේ. ඒ නිසා මං ඉන්දියාවට ලව්. කවුරුහරි මට සල්ලි දීලා ඇති තරම් රටක ඇවිදපන් කිව්වොත් මං යන්නෙ ඉන්දියාවට.

    ReplyDelete
    Replies
    1. කාර් මිල වැඩිවීමට හේතුව රුපියලේ අගය අඩුවීම සහ බදු වැඩිවීමයි.

      මිල රුපියල්වලින් නොව සිගරැට්වලින් කීවා නම් වෙනස අඩු වේවි.

      Delete
    2. පැරා හිමීට ගියාට හැප්පෙන අනිත් වාහනයේ වේගය අධික නම් ප්‍රතිඵලයේ වෙනසක් නෑ.

      Delete
  3. .
    කාර් එක තියෙන්නේ මගේ පහසුව සඳහා මිස මා ඉන්නේ කාර් එකේ පහසුව සඳහා නොවන නිසා මා නම් කාර් එක හෝදන්නේවත් නැත.
    වස්රකට වරක් පමණ, වහින වෙලාවක ෂැම්පු ටිකක් ඉස එළියේ ගාල්කර තියනවා පමණි.

    ReplyDelete
    Replies
    1. මං නං ඌට ඊට වඩා ටිකක් සලකනවා. මාස තුනකට විතර පාරක් වෙලාව තිබුණොත් දඩාවතේ යන බල්ලෙකුව නාවනවා වගේ නාවනවා. යට පැත්තට නම් අත තියන්නෙ නැහැ. සර්විස් එකට ගියාම තමයි ඉතින් ඌ හිතේ හැටියට නාගන්නෙ. වැඩිපුර හෝදන්න හොඳත් නැහැ. අපි ඉන්නෙ තෙත් කලාපෙනේ. දිරනවා. කාර් දිරුවෙ නැතත් ඒවා වෙනුවෙන් ඕනෑවට වඩා මහන්සි වෙන එවුන් දිරනවා.

      Delete
  4. වාහනවලට ආනයන බදු වැඩිම රටත් ශ්‍රීලංකාවද?

    ReplyDelete
    Replies
    1. නෑ... කියුබාවේ ආනයන බදු ලංකාවට වඩා වැඩියි. හැබැයි ලෝකයේ වාහන ආනයන බදු වැඩිම රටවල්වලින් එකක් තමයි ලංකාව.

      Delete
  5. මටනම් කාර් පිස්සුවක් නැහැ. කාර් පාත නිසා අපේ ගෙදර සහ මම යන ගමන් ගොඩක් යන්න බැරි වෙනවා. උත්තරේ ජීප් හරි තරමක් උස suv රථ...
    ඒවා පට්ට ගණන් නිසා ගන්න වෙන්නේ සෙකන්ඩ් නෙමෙයි සමහර විට තර්ඩ්, ෆෝත් හෑන්ඩ් වාහන...
    එක පාරක් ගත්තේ ටෙන්ත් හෑන්ඩ් එකක්... ;)

    මම මළාට වාහන හෝදන්න මහන්සි වෙන්නේ නැහැ, අදාළ නඩත්තු කටයුතුනම් නිවැරදිව කරනවා...
    දැන් තියෙන එකා කිලෝමීටර දහ දාහෙන් දහ දාහට සර්විස් කරන නිසා පෙනුම පට්ට අවුල් වෙච්ච වෙලාවට වාහන හෝදන තැනකට දාල හෝද ගන්නවා...
    දැන්නම් ඒකත් ඕනේ නැහැ, හැමදාම වහිනවනේ...

    ReplyDelete
    Replies
    1. You fool. Do things you can do only. If you think vehicals very hight prise dont bye.

      Delete
    2. The thing is, Mr. Ratathota Wisthara, that he ain't got no money to buy a new car. So he's settled for an old one.

      Delete
    3. @ Ratathota Wisthara,
      ඔබගේ වටිනා උපදෙසට ස්තුතියි...
      හැකිනම් ඉංග්‍රීසි පමණක් නොව සිංහල පන්තියකටද යාම මැනවි...

      @ AnonymousJune 11, 2016 at 11:58 AM
      මා වෙනුවෙන් ඉදිරිපත් වීමට ස්තුතියි...

      Delete
    4. SUV තමයි . මමත් පාවිච්චි කරන්නේ.. පැහැදිලිව පාර සහ වටපිටාව පෙනෙනවානේ

      Delete
  6. මම මේ අවුරුද්දේ ජනවාරි මාසේ 2016 TOYOTA RAV 4 එකක් ගත්තා ලංකාවේ සල්ලි වලින් රුපියල් ලක්ෂ 30 විතර. හැබැයි එකත් මාස් පතා ගෙවන්න.

    ReplyDelete
    Replies
    1. TOYOTA RAV 4 මෝටර් රථය ලංකාවේ නම් රුපියල් ලක්ෂ 30 කට ගන්න හැකියාවක් නැහැ. ඊට වඩා හුඟක් වැඩියි.

      Delete
  7. මම හැදුණු වැඩුණු 1970 දශකයේ වැඩිහිටියෝ නිතරම කිව්වේ ජපන් කාර් ගන්න එපා; ඒවා නිකං ටොයිස් බඩු; ඒවා හයියට හදලා නෑ; හැප්පුණොත් පපඩම වගේ චප්ප වෙනවා; ගන්නවා නම් යුරොපියන් කාර් එකක් ගන්න කියලා. ඒ නිසා මට නම් ජපන් කාර් ඇලජික්. රැකියාවක් කරන්න පටන් ගත්තු කාලේ ඉඳලා අද වෙනකම් මම පාවිච්චි කරන්නේ Peugeot කාර්.

    ReplyDelete
    Replies
    1. තව අවුරුදු දහයකින් යනකොට ලංකාවේ කට්ටිය කියයි භූතානෙ හදපු කාර් ගන්න එපා. ඒව ටොයිස් බඩු වගේ. ඉන්දියාවෙ හදපු ඒව ගන්න කියලා.

      එතකොටත් කාලෙන් කාලෙට ප්‍රවෘත්ති ප්‍රචාරය වෙයි අහවල් ඉස්කෝලෙ කොල්ලෙක් කාර් එකක් හදලා ය, උන්ට අත දිය යුතු ය බ්ලා බ්ලා බ්ලා.

      Delete
    2. මමත් එහෙම හිතනවා. ලංකාවේ මිනිස්සුන්ගේ ආකල්ප එහෙම තමයි. ඔය කොච්චර කිව්වත් ඉන්දියන් කාර් බාලයි කියලා, ඒක අද සත්‍යයක් නෙවෙයි. මා පාවිච්චි කරන මාරුති සුසුකි මෝටර් රථය දැන් වසර 14 ක් පැරණියි. ඔබ එය දැක්කොත් හිතයි එය වසර දෙක තුනකට වඩා පැරණි නැතුව ඇති කියලා; එහෙම නැත්නම් මා එය පාවිච්චි නොකොට ගේ ඇතුළේ තබා ගත්තා කියලා. ඒත් එය කි.මී. 150,000 ට වඩා ධාවනය කොට තිබෙනවා. තවම මළකඩ බින්දුවක් වත් නැහැ. මෙතෙක් සිදු කළ අලුත්වැඩියා කිරීම්: ක්ලචය මාරු කිරීම (1 වතාවක්), බ්‍රේක් පද්ධතියේ තෙල් සහ වොෂර් යනාදිය මාරු කිරීම (2 වතාවක්), ටයිමිං බෙල්ටය මාරු කිරීම (1 වතාවක්), ඉග්නීෂන් කොයි මාරු කිරීම (1 වතාවක්), ෂොකැබ්සෝබර මාරු කිරීම (3 වතාවක්), නළාව මාරු කිරීම (1 වතාවක්) යනාදී ඕනෑම මෝටර් රථයක කළ යුතු දේවල්.

      මාරුති යනු ජපානයේ සුසුකි මෝටර් රථ නිෂ්පාදකයාට අයත් ඉන්දියානු නිෂ්පාදන ඒකකයයි. එනම් මාරුති උද්‍යෝග් සමාගම ජපානයේ සුසුකි හි Division එකක්. එහි කිසිදු කොටසක් ඉන්දියානු රජයට අයත් නැහැ. ලංකාවේ සමහරුන් ඉන්දියානු මෝටර් රථවලට මෙතරම් විරුද්ධ වන්නේ සහ ඒවා ගැන අමු කෙප්ප පතුරවන්නේ 1980 දශකයේ ජ.වි.පෙ. විසින් (සහ එක්තරා දුරකට ජේ.ආර්. රජයේ සමහර කොටස් විසින්) රට පුරා ගෙන ගිය ඉන්දීය විරෝධී මතවාදයේ තවමත් එල්බ ගෙන සිටින නිසා. එසේ නැතිව ඒ මෝටර් රථවල ඇති තාක්ෂණික ප්‍රශ්න නිසා නෙවෙයි.

      ජපානයේ සුසුකි ඉන්දීය ජනයාට දැරිය හැකි මිළකට ඇල්ටෝ, සෙලෙරියෝ, වැගන්-ආර් යන මෝටර් රථ ඉදිරිපත් කළාක් මෙන් දැන් ප්‍රංශයේ රෙනෝල්ට් මෝටර් රථ නිෂ්පාදකයා ද දැරිය හැකි මිළකට "රෙනෝල්ට් ක්විඩ්" නමැති මෝටර් රථය ඉදිරිපත් කරලා තියෙනවා. මෙය දැන් ලංකාවේත් මිළ දී ගන්න පුළුවන්. සියළුම යුරෝපීය මෝටර් රථ නිෂ්පාදකයන් මේ වන විට ඉන්දියාව තුළ යම් මට්ටමක හෝ මෝටර් රථ නිෂ්පාදන ක්‍රියාවලියකට අවතීර්ණ වෙලා තියෙනවා. තව ටික කාලයකින් ලංකාවේ සිටින ඉන්දීය විරෝධීන්ට සිදු වන්නේ හූල්ල හූල්ල සිටීමයි.

      Delete
  8. You put good post agane. Thak lots toyou to talk aboet people. Garment service very bad and wast mony only. No meen pay increes garment service people. No meen give new hight valive vehicals to bad ministers who no work. But it good to give brand new hight valive vehicals to good piliticans like president Mithri. How ever this not presidents falt.

    ReplyDelete
  9. This comment has been removed by the author.

    ReplyDelete
  10. බොහෝ වෙලාවට මගේ කාර් එකහෙදෙන්නෙත් වැස්සෙන් තමයි.... මාස හයෙන් හයට කරන සර්විස්එ කේදිත් හෝදලා දෙනවා.. වැස්සක් එන වෙලාවට වාහනේ ගරාජයෙන් එළියේ නවතා තැබුවහම ඉබේම හේදෙනවනේ..

    ReplyDelete
  11. //වැඩ කරන දේශපාලකයන්ට ඒ සඳහා යෝග්‍ය වාහන ලබා දීම වැරදි නැත// මෙන්න වැඩ කරන දේශපාලකයෙක් . පහුගිය කාලේ ඌව පළාත පුරා ඇවිදලා තිබ්බේ තෙසක් රියකින් .http://duishengeadawiya.blogspot.com.au/2016/06/blog-post_11.html

    ReplyDelete
  12. Kopamana kabal vahayak gaththath genum milata wada keeyak ho wediyen wikunanna puluwan ekama rata lankawa withari neda

    ReplyDelete
    Replies
    1. හරියට හරි. මෙය ඉතා ශෝචනීය තත්ත්වයක්. පරිසරයට සහ මනුෂ්‍ය සෞඛ්‍යයට හානි කර දෙයක් පරණ වාහන ධාවනයේ යෙදීම. මාර්ග අනතුරුවලට මෙය එක හේතුවක්, මන්ද පරණ වාහන හොඳ ධාවන තත්ත්වයේ තියා ගැනීමට මුදල් වියදම් කිරීමට අයිතිකරුවන් මැළි වන නිසා.

      Delete
  13. ජපානයෙන් ආනයනය කළ 2012 Toyota Axio (non-hybrid) unregistered කාර් එකක මිළ බංග්ලාදේශයේ නම් ලංකා රුපියල්වලින් ලක්ෂ 32 යි. ලංකාවේ කීයද?

    ReplyDelete
  14. මමනං සතියකට සැරයක් අවම හෝදනවා කාර් එක, ඉන්නේ වියළි කලාපේ හින්ද දූවිලි වදිනව නිතරම, ඇතුළෙත් දූවිලි රැඳෙනව. ඉතිං වැකියුම් ක්ලිනරෙන් ඇතුල පිරිසිදු කරලා රෙදි කෑල්ලක් තෙමල දූවිලි අයින් කරලා ප්‍රෙෂර් වොෂර් එකෙන් පිට හෝදලා ස්ප්‍රේ වැක්ස් එකකුත් උලනව, ව්‍යයාමෙටත් එක්ක හොඳයි නේ, පැය 3 ක් වත් යනව වාහනේ හෝදන්න ගියාම ඉතිං

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා