ජෝන්, ජෝන්, පිටි කොටපිය - කාර් එපා බස් දීපිය

කාර් පාවිච්චි කරන්නට නුසුදුස්සන් කාර් පාවිච්චි කරන බව ඔය ජෝන් අමරතුංග ගොයියා කියන්නේ.

ඔව්, කාර් පාවිච්චි කරන්නට සුදුසු අය ඉන්නවා. මෙන්න ඒගොල්ලෝ:


  • මහජන මුදලින් වැටුප්, දීමනා, වරප්‍ර‍සාද, රට සවාරි, කොමිස්, වසර පහකට වරක් තීරු බදු රහිත සුපිරි වාහනයක් සඳහා බලපත්‍ර‍යක්, කැමතිනම් ඒ බලපත්‍ර‍ය විකුණා සල්ලි පොතේ දාගැනීමේ අවස්ථාව, අමාත්‍යාංශයෙන් ඇති තරම් වාහන ලබා ගැනීමේ අවස්ථාව ඇති ඇමතිවරු
  • ඇමතිවරුන්ට හිමි සුවිශේෂ වරප්‍ර‍සාද හැර අනෙකුත් සියලු වරප්‍ර‍සාද හිමි පාර්ලිමේන්තු මන්ත්‍රීවරු
  • පළාත් සභා ආණ්ඩුකාර, මහ ඇමති, ඇමතිවරු හා මන්ත්‍රීවරු
  • මහජන මුදලින් විවිධ වරප්‍ර‍සාද, රට සවාරි, කොමිස්, තීරු බදු සහන ලබන ජ්‍යේෂ්ඨ රජයේ නිලධාරීහු
  • අත්සන් නො කර, කැමති වේලාවක ඇවිත් වැඩ කරන්නට හා කැමතිනම් නලින්ද හේරත් සේ වැඩ නො කර ඉන්නට හැකි, ඔවර්ටයිම් කළා කියා තමන් ම පොතේ ලියාගෙන මහජන මුදල් කොල්ල කන, මුළු ජීවිතය ම ප්‍ර‍යිවෙට් ප්‍රැක්ටිස්වලට කැප කර සිටින වෛද්‍යවරු
  • ලාභ ලැබුවත්, පාඩු ලැබුවත් ප්‍ර‍ශ්නයක් නැති රජයේ සමාගම්වල ඉහළ තනතුරුවලට දේශපාලන බලයෙන් පත් වී සිටින නිලධාරි
  • සේවකයන් තලා, පෙළා, ශ්‍ර‍මය සූරා කා සැප විඳින ධනපති
  • රජයේ සැපයුම්, කොන්ත්‍රාත් ආදිය කරමින් දේශපාලකයන් හා නිලධාරීන් සමග එක්ව මහජන මුදල් කොල්ල කන ජාවාරම්කාරයෝ
  • දේශපාලක රැකවරණය ලබමින් අපරාධ, දූෂණ, සොරකම් ආදිය මගින් මුදල් උපයන පාතාලයෝ

හොඳයි! මෙය කියවන වැඩි දෙනෙක් ඉහත සඳහන් වර්ගවලට අයත් නො වේ. ඒ නිසා ඔවුන්ට කාර් අකැප ය.

ත්‍රීවීල් සංගම් තව ත්‍රිරෝද රථ එපා කියනවාලු නේ. ඒකත් ඇත්ත. එතකොට ඒ රියදුරන්ට පාක්වලට වෙලා ඈනුං ඇර ඇර බලා ඉන්න සිදු වෙන වෙලාව තවත් වැඩි වෙනවා නේ. තරුණයන් ත්‍රීවීල් රස්සාවට බහිනවා වෙනුවට වෙනත් ඵලදායී වැඩවලට යොමු වෙන එක හොඳයි කියමුකෝ.

ඒකත් හරි! දැන් එතකොට අපි වැඩට යන්නෙ, එන්නෙ, ගමන් බිමන් යන්නෙ, අපේ දරුවො පාසල් යන්නෙ කොහොමද ජෝන්?

බණ්ඩාරනායක දේශීය ධනපතියන් විනාශ කරන්නට පවරා ගත්ත බස්වලින් පටන් අරගෙන පනස් වසරකට වැඩි කාලයක් මහජන මුදල් කාබාසිනියා කරපු ලංගමට දැන් තමුන්නැහේලා මොනවද කරලා තියෙන්නෙ?

එතකොට අර එක සැරයක් වෙල්ගම ගියා වගේ දුම්රිය ඇමතිට බැරිද උදේ කන්තෝරු කෝච්චියක ගිහින් බලන්න තත්වෙ කොහොමද කියලා? 

වැඩි කරපු බදුවලින් කෝච්චි ඇන්ජින්, පෙට්ටි ගේන්න වැඩපිළිවෙලක් තියෙනව ද? තාම නම් ආරංචි මාත්‍ර‍යක්වත් නැහැ.

පාරවල වාහන වැඩි බව ඇත්ත. ඒ වුණාට කෝ ඒ ප්‍ර‍ශ්නය විසඳන්න මාර්ග සංවර්ධනය කරන්න අලුතෙන් ගෙනාපු යෝජනා?

කල් ගත වන අධි වියදම්කාරී ව්‍යාපෘතිවලට අතගහනවා වෙනුවට ලංකාවට නරකද මෙන්න මේ වගේ වැඩකට ගියා නම්!




මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. ආවේගසීලි ලියමනකි!

    ReplyDelete
  2. සුළු ධනේශ්වර මානසිකත්වය විදහා දැක්වීම කි.

    ReplyDelete
  3. හැබයි ජෝන් බාස් කියලා තියෙන්නේ ෆුට් සයිකලයක් උනත් තියෙන එකා කියන කතාවක්...

    ඒක නැතෙයි කියලා පෞද්ගලික රෝද උඩ ගමන් කරන එකෙකුටවත් කියන්න බෑ... හදවතට එකඟව...

    ReplyDelete
  4. Anonymous said...
    ලංකාව දැන් තියෙන්නේ මරා යුගයේ ගත්ත ණය උගුලේ හිරවෙලා.. ඔය elevated bus හදන්න මේ බදු වලින් ගන්නා මුදල් පාවිච්චි කරන්න බෑ.. ඒවා ගත් ණය ගෙවන්න අවශ්‍යයි.. මම හිතන විදිහට CIF Value එක $30000 වැඩි සුඛෝපභොගී වාහන රටට ගෙන්වීම තහනම් කලත් කමක් නෑ.. රටින් එලියට යන එ දනස්කන්ධය ඉතුරු කරගත යුතුමයි.
    තව අවුරුදු 2 දුක් විදිමු.. 2020 වෙනකොට මෙගාපොලිස් සුරපුරය ක්‍රමක්‍රමයෙන් දියුනු වෙනව, රටට ආයොජකයො ගලාගෙන එනව.. 2030 වෙනකොට දකුනු ආසියාවේ ආස්චර්ය ලන්කාව තමා..

    ReplyDelete
    Replies
    1. අම්මපා ඔය ණය කතාව කවදා වෙනකන් වලංගුද බන්? මරා ඇරෙන්න ගහන්න පදයක් උඹලට ඇත්තෙම නැද්ද? කරන්න බැරිනම් අහවල් එකකටද පැනලා බාරගත්තේ? අනික මරා ගන්න ණය ගැන ඒ කාලේ විපක්ෂේ හිටපු දැන් ආණ්ඩු කරන උන් දැනගෙන ඉඳල නැති වෙන්න බෑනේ? කරන්න බැරිනම් මොකටද ගත්තේ?

      Delete
  5. // මෙගාපොලිස් සුරපුරය ක්‍රමක්‍රමයෙන් දියුනු වෙනව, රටට ආයොජකයො ගලාගෙන එනව.. //

    ආයෝජකයෝ ගලාගෙන එන්නේ ඒගොල්ලෝ ද්‍රව අවස්තාවේ ඉන්නා කස්ටියද?

    ReplyDelete
    Replies
    1. ආයෝජකයෝ ඉන්නේ වායු අවස්ථාවේ. ඒ නිසා ඒගොල්ලන් හමා එන්නත් පුළුවන්. වාෂ්ප වෙලා යන්නත් පුළුවන්. දැනට නම් ඔය ආශ්චර්ය කතා මහින්ද කියපු සුරංගනා කතා මට්ටමේ ම තමයි තියෙන්නේ. දැන් ඉතින් කතන්දර කිය කියා හිටියා ඇති කරලා පෙන්නන්න පටන් ගන්න ඕනැ.

      Delete
    2. ද්‍රවයෙන් හම්බන්තොටට මොකෙක් හරි ආවත් වායුවෙන් මත්තලට ආවොත් ඉතින් මිරකල්ම තමයි :-D

      Delete
    3. //ආයෝජකයෝ ගලාගෙන එන්නේ ඒගොල්ලෝ ද්‍රව අවස්තාවේ ඉන්නා කස්ටියද?//

      නෑ යකෝ මහානුභාවසම්පන්න අති උත්තම රනිල් වික්‍රමසිංහ හාමු උතුමාණන් වහන්සේගේ ආනුභාවයෙන් දෙස්විදෙස් මෙන්ම සක්වල ගලෙන් එහා පිටසක්වල පවා සිටින ආයෝජක උන්නාන්සේලා වෙඬරු පිඩවල් මෙන් උණුවෙලා උන් වතුර කාණු දිගේ ගලාන විත් කැළණියේ ගංවතුර වගේ පිරී ඉතිරී යයි.

      සා රස මෝලෝ තොපේ කාලකණ්ණි මරා ඇතුලු කම්බ හොර හාල්පාරු පරයින්ට ඇපත් නැතිවෙයි. ඒක නිසා දැන්ම පැත්ත මාරු කොරපිය වල් පරය.

      Delete
    4. // ඒක නිසා දැන්ම පැත්ත මාරු කොරපිය වල් පරය. //

      වල්ල නැති පරයොත් ඉන්නවද ඈ?

      Delete
    5. සරසා හරකෝ බලාපිය මත්තල කියන්නේ ප්ලේන් එන්නේ නැති ලෝකයේ එකම ගුවන් තොටුපොල කියලා ෆෝබ්ස් සඟරාවේ තියනවා. අර හුජ්ජ මරාට ආඩම්බර ඇති නේද ඩෝ

      Delete
    6. // සරසා හරකෝ බලාපිය මත්තල කියන්නේ ප්ලේන් එන්නේ නැති ලෝකයේ එකම ගුවන් තොටුපොල කියලා ෆෝබ්ස් සඟරාවේ තියනවා. අර හුජ්ජ මරාට ආඩම්බර ඇති නේද ඩෝ //

      මා රා තුමා ඒවයින් හොඳට හම්බ කොරල දැන් ආතල් එකේ ඉන්නවා....

      මන්ත්‍රී පඩියකුත් ගන්නවා...

      ඔහෙලා එතුමා ගත්තු ණය ගේවනවා...

      දැන් කවුද මෝඩ?

      Delete
    7. මෝඩ නෑ ඩෝ ඒ නිසා තමයි ලඟදිම මරා පවුලම හිරේ යන්නේ. එතකොට තොට පුළුවන් අඬ අඬ විසිට් යන්න.

      Delete
  6. පොදු ප්‍රවාහන සේවා ශක්තිමත් කරලා ආණ්ඩුවට ඕනේ නම් මේ පියවර ගන්න තිබ්බා.වෙල්ගම එක දවසක් කොච්චියේ ගියාට මේ ප්‍රශ්න වලට විසඳුම් ලැබෙන්නේ නැහැ.රෑ හතෙන් පස්සේ ගොඩක් මාර්ග වල බස් නැහැ,තියෙන එව්වායේ ඇගිල්ලක් ගහන්න තරම් ඉඩක් නැහැ.සාමාන්‍ය ජනතාව වාහන ගන්න ඒවැනි තත්වයන් පවා බලපානවා.

    කාර් මිල වැඩි කරන උන්වත්,කාර් මිල වැඩියි කියන උන්වත් පොදු ප්‍රවාහනය ගැන වැඩි කතාවක් නැහැ.

    ReplyDelete

  7. ඉහත රජයේ නිලධාරින් යන කොටසට අමතරව විශේෂ වරප්‍රසාදයන් විදිනා ආරක්ෂක අංශවල ඉහල නිලධාරින් සිටිනවාය, ඔවුන්ගේ ගෙවල් අතුපතු ගැම,වතු සුද්ද කිරීම, කුස්සියේ වැඩ, ළමුන් හා බිරිද පාසැලට, රුකියාවට සහ කඩේට රුගෙන යන්නේද මහජනතාවගේ බදු මුදල් වලින්ය. එම නිලධාරින්ද කාර් පාවිච්වියට සුදුසුය.....

    පැරකුම්ලා ඇතුලු ලංකාවේ බොහෝ දෙනෙක් දොස්තරලාට සහ රජයේ නිලධාරින්ට තීරුබදු සහන ලබා දෙනවාට බොහෝම විරුද්ධය,(පර්මිට් ලබාදීම මගින් සිදුවන්නේ රජයට ගෙවිය යුතු බදු මුදල අඩුවීම පමණි, එලෙස ගෙවිය යුතු බදු මුදලට සහනයක් දෙන්නේ ඔවුන් කරණු ලබන සේවය සලකාය, සමහර ව්‍යාපෘති සහ කර්මාන්තයන් සදහාද මෙවැනි බදු සහනයන් සමහර අවස්ථාවලදී ලබා දෙනවාය, ලබාදෙන සියලුම බදු සහනයන්ට විරුද්ධනොවි රජයේ නිලධාරින්ට පමණක් ලබාදෙන බදු සහනයට විරුද්ධ වන්නේ ඇයිද යන්න මමනම් දන්නේ නැත.)

    මමනම් කියන්නේ අප කාටවත් ලබාදෙන සහනවලට විරුද්ධවීමට වඩා කල යුත්තේ අපිටත් එම සහන ලබා ගැනීමට කටයුතු කිරීමය, වාහන සදහාවන බදු අඩුකර ගැනීමට හෝ සාමාන්‍ය මිනිසුන්ටද එක්වරක් හෝ වාහනයක් ගැනීමට තීරුබදු සහනයක් ලබාදෙන ලෙසවැනි ඉල්ලීමක් පුරවැසියන් ලෙස අපද කල යුතුය, එවිට අපටද කියක් හෝ හොයාගන්නට පුලුවන්ය....

    ආණ්ඩුවට කොහොමත් පොදු ප්‍රවාහන සේවය පිලිබදව තියා කිසිවක් පිලිබදව තවමත් සැලැස්මක් නැත. එලෙස සැලැස්මක් සකස්කර ගැනීමේ උවමනාවක්ද පෙන්නට නැත, බහුතරයක් මිනිස්සුන්ට කොහොමත් ඔය මුකුත් අවශ්‍යනැත, ඔවුන් කියන්නේ අපි හම්බකර ගත්තොත් අපි කනවා කියලාය. දැනටන්ම දේශපාලනයේ ඉන්නා ඔක්කෝටම සැලැස්ම තියෙන්නේ 2020දී තමන්ට වැඩිපුර බලයක් ලබා ගැනීමට. පැරකුම්ටත් අවශ්‍යනම් දැන්ම ඉදන්ම විමුක්තිව ගෙන්න වගේ ට්‍රයි එකක් දෙන්නට පුලුවන්ය. නැත්නම් රනිල්වම 2020 දක්වා ප්‍රමෝට් කල හැකිය....

    ReplyDelete
    Replies
    1. ආරක්ෂක අංශවල ඉහළ නිලධාරීන් ද අර ලැයිස්තුවට ඇතුළත් කළ යුතු බව ඇත්තකි.

      බදු සහන කියන ජාතියට අප සම්පූර්ණයෙන් ම විරුද්ධ විය යුතු යයි මම සිතමි. හේතුව, බදු සහන සඳහා තෝරා ගන්නා පදනම සාධාරණ නැත. එය වනාහි සමාජයේ වරප්‍ර‍සාදිත කොටසකට දෙන තවත් වරප්‍ර‍සාදයකි. එම වරප්‍ර‍සාදය අහෝසි කර සමස්තයක් ලෙස බදු අඩු කළ යුතු ය.

      රජයක පැවැත්ම සඳහා බදු අවශ්‍ය බැවින් බදුවලට සම්පූර්ණයෙන් විරුද්ධ වීමට මහජනතාවට නො හැකි ය. එහෙත්, තමන්ගේ බදු මුදල් සම්බන්ධයෙන් ආණ්ඩුවේ වගවීම ප්‍ර‍ශ්න කරන ක්‍ර‍මවේද තවත් ශක්තිමත් කළ යුතු ය.

      2020දී මං හිතාගෙන ඉන්නේ විමුක්තිව නොව විමුක්ති පෙරමුණට අවස්ථාවක් දීම ප්‍ර‍වර්ධනය කරන්නට ය.

      රනිල් අවස්ථාවක් ඉල්ලා සිටියේ ය. අපි දුන්නෙමු. ජවිපෙ ද අවස්ථාවක් ඉල්ලයි. දීලා බලමු ද?

      Delete
    2. බලමු බලමු, දැන් ආයේ බය නැතිව කතා කරන තරුණ ගැටව් ටිකක් ඉස්සරහට එනවනේ උන්ටත් වැඩක් සෙට් කරමු.

      පොදු ප්‍රවාහන පහසුකම් දියුණු කරන්න කියල පාගමනක් දා ගම්මුද? නිර්මාල්ලට එහෙම කියල, අපට නුවරට විදුලියෙන් දුවන මෙට්‍රෝ බස් සර්විස් එකක් පාස්කරගන්න ඕන.

      Delete
  8. Me anduwe inna un hithan inne mahajanathawa kiyanne amuma amu gobbayo tikak kiyala neda? Apida gobbayo naththam munda gobbayo? Nano car gena kota threewheeler sangam udinma wiruddha wuna, ethakota e wenuwen katha kale na, Dan three wheeler sangam kiyana nisa three wheeler genne nahalu! Apida gobbayo umbalada?

    ReplyDelete
  9. ටීවී එකේ පෙන්නන ඉන්දියන් කොරියන් ටෙලි වලට එපිසෝඩ් ගානට රෙවෙන්න බදු ගහලා ඒ සල්ලි ඔලින් බස් ගෙනාවත් බස් ප්‍රස්නෙ විසඳන්න ඇහැකි.. වයසක මනුස්සයෙක්ට,ලෙඩෙක්ට දැන් තියෙන බස් වල කෝච්චි වල යන්න බෑ.. ජෝනට ඔව්ව තේරෙන්නෙ නෑ.කොටින්ම ජෝනා කියන්නෙ ආණ්ඩුවේ ප්‍රකාශකයා වගේ වෙලානෙ තියෙන්නෙ.
    ජයවේවා..!!

    ReplyDelete
  10. පැරා, අපේ ගෙවල් ගාව ඉන්නවා පොල් රංජියා කියල මනුස්සයෙක්. මිනිහා පොල් ලී පරාල අහින එක කරන්නේ. මිනිහා ගස් කපන්න රුසියා. (skilled lumberjack). ගස් වල අතු බාලා, ගස් කොටස් වශයෙන් කපලා, අවට ගෙවල් වලට, ලයිට් කම්බි වලට කිසිම හානියක් නොවෙන්න රංජියා ගස්බිම දමනවා බලන්න ලස්සනයි.
    මිනිහා ගාව ගෝලයෝ 3ක් විතර වැඩ. හවස 2-3 වෙනකොට වැඩ ඉවරයි. හම්බවෙන ගතමනාව ගෝලයොන්ට බෙදලා මිනිහා ගෝලයොත් එක්ක හැමදාම අඩියක් ගහනවා, ගෙදර setup එක full volume දාලා.
    මිනිහට තියෙන්නෙ පුෂ් බයිසිකලයක්, මිනිහා ඕකෙ කඹ ටිකයි, chain saw එකයි පොරෝ ටිකයි බැඳගෙන හැමදාම උදේ වැඩට යනවා.
    ඇත්තටම vehicle permit දෙන්න ඕන මෙන්න මේ වගේ රටට බරක් නැති, තවත් පවුල් 2-3කට රැකියා මාර්ග සපයන, හැමදාම අඩියක් ගහල තව රජයට බදුත් ගෙවන රංජියලා වගේ මිනිස්සුන්ට.
    පොල් රංජි ගස් කපනකොට ගන්න decisions, rational thinking සහ calculated risks ජීවිතේට ඔය so called professionals ල ගන්නෙ නෑ.
    තව පුංචි කතාවක්, ඒකත් පොල් රංජි ගැන. අපි අපේ scheme එකේ අවුරුදු උත්සවයට හැම පාරකම කඹ ඇදීමේ තරගෙට කඹේ ගන්නෙ රංජිගෙන්. මමත් එක්ක රංජි හිතවත් නිසා මම තමයි කඹේ ඉල්ලගන්නෙ. පහුගිය දවසක මගේ අසල්වාසී දොස්තර කෙනෙක් ඇහුවා එයාගේ ළමයට scouting වලට කඹයක් ඕනය, ඒක රංජිගෙන් ඉල්ලලා දෙන්න පුළුවන්ද කියලා. මම කිවුවා අවුරුදු උත්සවයට නිවාඩු දිනවල කඹේ ගත්තට මේ වැහි දවස්වල තියෙන වැඩත් එක්ක ඉල්ලගන්න එක පොඩ්ඩක් අවුල් නේද කියලා. එතකොට මගේ දොස්තර යාලුවා කිව්වා එක දවසකටනේ, කමක් නෑනේ කියලා. මම මගේ යාලුවගෙන් ඇහුවේ එක දවසකට ඔයාට ඔයාගේ stethoscope එක වෙන කෙනෙකුට දෙන්න පුලුවන්ද කියලා.
    Anyway Ranji well deserves a vehicle permit. Joahn බාස්, are u ready?

    ReplyDelete
    Replies
    1. ජෝන් බාස් මුට පරාදයිනේ අම්මපා !

      Delete
    2. Very good analysis. We should get more such genuine people to the lime light and make an awareness about their importance!

      Delete
    3. ඒයි රංජියගෙ නම්බර් 1ක දාපන්.. වැඩක් තියෙනව කරගන්න.

      Delete
  11. ප්‍රවාහන සේවා පිළිබඳව මොරටුව විශ්ව විද්‍යාලයෙන් කලකට ඉහතදී සැළැස්මක් හැදුවා නේද? මා හිතනවා එවැනි සැලසුම් රටට වඩාත් වැඩදායකයි කියා.

    ReplyDelete
  12. I socialism man so I no like this politisans works. But I no blame to president Mithri. He is good. Next time if we no give vot to this politisans that the anser. We must give vote to socialism politisans only.

    ReplyDelete
  13. මගේ යාලුවෙක් මරුටියක හැපිල මලා

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා