Posts

Showing posts from January, 2012

නයින්ගේ අපේ ප්‍රශ්න හෙවත් ජනාධිපතිතුමාගේ හා අපේ ප්‍රශ්න

Image
උතුරේ ප්‍රශ්නය මගේ හෝ රජයේ පෞද්ගලික ප්‍රශ්නයක්‌ නොවන බවත් එයට විසඳුමක්‌ සෙවීම විපක්‍ෂය, ජනමාධ්‍ය හා සියලු බුද්ධිමතුන් ඇතුළු විවිධ සමාජ ක්‍රියාකාරීන් දායක විය යුතු බවත් ජනාධිපතිතුමා ඊයේ පැවැති විද්යුත් හා මුද්‍රිත මාධ්‍ය ප්‍රධානීන්ගේ හමුවේදී ප්‍රකාශ කර තිබේ. එම ප්‍රකාශය අනුව, එතුමා කට්ටියට එකතු වී විසඳුම් හොයාපල්ලා යයි කියන ප්‍රශ්න හැර අනෙක් සියලු ම ප්‍රශ්න එතුමාගේ ප්‍රශ්න ය. රටේ ආර්ථිකය සම්බන්ධ වැදගත් තීරණ ගන්නා විට මේ අන්දමින් සියලු දෙනාගේ දායකත්වයේ අවශ්‍යතාවක් එතුමාට ඇති බවක් අපි දැක නැත. එසේ නම් රටේ ආර්ථිකය එතුමාගේ ප්‍රශ්නයක් වන්නට ඇත. 18වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගෙනැවිත් ප්‍රජාත්‍රන්ත්‍රවාදය සීමා කරන විට වෙනත් අයගේ අදහස් එතුමාට වැදගත් වූයේ ම නැත. ඒ කියන්නේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය හා මානව හිමිකම් එතුමාගේ ප්‍රශ්නයකි. ගෙන එන්නට ගොස් තදබල සේවක විරෝධය නිසා හකුලා ගත් පෞද්ගලික අංශයේ විශ්‍රාම වැටුප් පනත සම්බන්ධයෙන් ද වෙන අයගේ දායකත්වය අවශ්‍ය වූයේ නැත. එසේ නම්, පෞද්ගලික අංශයේ සේවකයන්ගේ අර්ථ සාධක අරමුදල, භාරකාර අරමුදල ආදිය එතුමාගේ ප්‍රශ්න ය. පෞද්ගලික අංශයේ සමාගම් රජයට පවරා ග

මාධ්‍යකරුවන්ට වචන දෙක තුනක් සොලවා කළ හැකි හරඹ

කවුරුත් කතා නො කරන තහනම් විෂයන් තිබේ.  කොටි සැකකරුවන් යනු එවැනි එක් විෂයකි. කොටි සංවිධානය මර්දනය කර දැන් වසර දෙකහමාර ඉක්මවා තිබේ. එහෙත්, විවිධ ත්‍රස්ත ක්‍රියාවලට සම්බන්ධ යයි සැක පිට අත්අඩංගුවට ගනු ලැබූ සැකකරුවෝ විශාල පිරිසක් තවමත් බන්ධනාගාරවල සිටිති.  වසර බොහෝ ගණනක් තිස්සේ සිර ගෙවල්වල සිටින අය ද ඒ අතර වෙති. ඔවුන්ගෙන් ඇතැමෙකුට එරෙහිව නඩු පැවරීම සඳහා කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නැත.  ඔවුන් කර ඇති වැරදි සම්බන්ධයෙන් ඔවුන්ට එරෙහිව නඩු පැවරිය යුතු ය. සාධාරණ නඩු විභාගයකට මුහුණ දීමට අවස්ථාව ලබා දිය යුතු ය. නැතිනම් ඔවුන් නිදහස් කළ යුතු ය.  කොටි සංවිධානයේ ප්‍රභාකරන්ගෙන් පසු නායකයා වූ කේ.පී.ට හා කලක් නැගෙනහිර පළාතේ කොටි අණ දෙන නිලධාරියා වූ කරුණා අම්මාන්ට එරෙහිව ද නඩු පැවරිය යුතු ය. ඔවුන්ට එරෙහිව ක්‍රියාමාර්ග නො ගන්නේ නම් කොටි සංවිධානයේ පසුපෙළ සාමාජිකයන්ට කරන දඬුවම් යුක්ති සහගත වන්නේ නැත.  දීර්ඝ කාලීනව රඳවා තබා ගන්නවා වෙනුවට ඔවුන් පුනරුත්ථාපනය කර සමාජගත කිරීමට පියවර ගත යුතු ය.  අපට මෙම සටහන තබන්නට සිත් වුණේ පහත සඳහන් වන දිනමිණේ පළ වූ පුවත නිසා ය.  ත්‍රී ජී දුරකථනයක් යනු අද දවසේ සාමාන්

කට බොරු කීවත් දිව බොරු නො කියන දිනමිණ

Image
කට බොරු කීවත් දිව බොරු නො කියන්නේ යයි කියමනක් තිබේ. දිනමිණ පුවත්පතේ රාමන්ගේ දේශපාලන විග්‍රහය මේ කියමන ඔප්පු කරයි. එහි එක් තැනක මෙසේ සඳහන් වේ. සිසු සටන් සම්බන්ධයෙන් නම් සමහර බලධාරීන්ගේ දඩම්බර ක්‍රියා කලාපයන් හේතු වී තිබෙන බව පෙනෙනවා. ඔවුන් ගේ අධිකාරිවාදී ස්වරූපය සමහර තැනක ආණ්ඩුවේ පිළිවෙතට පටහැනි වගෙයි. ඒකාධිපතිවරයාට නම්‍යශීලී විය හැකි නමුත් අදාල සමහර බලධාරීන් නම්‍යශීලි නැහැ. වෘත්තීය සටන් සම්බන්ධයෙන් ද දක්නට ලැබෙන්නේ එවැනි තත්ත්වයක්. අතැම් ක්‍ෂේත්‍ර සම්බන්ධයෙන් ඵලදායී හා නම්‍යශීලි සාකච්ඡාවක් නැහැ වගෙයි. මේ නිසා අවසානයේ ප්‍රශ්නය විසඳීමට සිදු වී තිබෙන්නේ ජනාධිපතිවරයාට, සමහර තැනක එක් නිලධාරියෙක් හෝ බලධාරියෙක් හෝ ඒ ගනයේ දෙතුන් දෙනෙක් නිසා මේ විදියට අපහසුතාවකට ලක් වූ ආණ්ඩුවක් නැති තරම්. ජනාධිපතිවරයා ජනපි‍්‍රය නොවන්නට ප්‍රශ්නය මීටත් වඩා දුර දිග යන්න තිබුණා. සමහර විට පාරට පැමිණි අය මැද පෙරදිග මෙන් පාරෙන් ඉවත් නොවන්නටත් ඉඩ තිබුණා. එහෙත් මෙහෙම ගියොත් එම දවස ඉදිරියේ උදාවෙන්නත් බැරි නැහැ. අපට එරෙහිව අවි අමෝරා ගෙන සිටින බටහිර ජාත්‍යන්තරයට අවශ්‍ය වී තිබෙන්නේ එම දවස උදාකර ගැනීමට වගෙයි. ඊට

කුඩුකාරයෝ ද, සිරකරුවෝ ද මිනිස්සු ය

Image
මැගසින් බන්ධනාගාරයේ ඇති වූ කැරැල්ල ගැන විවිධ අදහස් ප්‍රකාශ වේ. සාමාන්‍යයෙන් කියැවෙන්නේ එය කුඩුකාරයන්ගේ කැරැල්ලක් ය කියා ය. කුඩුකාරයන් ය කියූ විට සාමාන්‍යයෙන් ඔවුන්ට සමාජ අනුකම්පාවක් නො ලැබීම අපේක්ෂා කෙරේ. ඒ නිසා, කවුරුවත් මැගසින් බන්ධනාගාරයේ කැරැලි ගැසූ මිනිසුන්ගේ හඬට ඉඩක් දෙන්නේ නැත.  මත්ද්‍රව්‍යවලට දැඩිව ඇබ්බැහි වූ පුද්ගලයකුට හිටිහැටියේ මත්ද්‍රව්‍ය නො ලැබී යාම හේතුවෙන් ඔහු අධික වේදනාකාරී අසනීප තත්වයට පත් වෙයි. මත්දුව්‍ය භාවිතා කරන්නන්ට ඒවා නො ලැබී යාම හේතුවෙන් ඔවුන් අධික අසහනයට පත් වෙති. එබැවින් බන්ධනාගාරවල සමබරතාව පවත්වාගෙන යන්නට ඇතුළට‍ කුඩු යාම අවශ්‍ය තත්වයක් ඇති වී තිබේ. පොදු සමාජයේ ද තත්වය එයයි. මත් උවදුරට හිටි හැ‍ටියේ තිත තබන්නට බැරි ඒ නිසා ය.   කුඩුකාරයන් ලෙස සාමාන්‍යයෙන් හංවඩු ගැසෙන්නේ මත්ද්‍රව්‍ය භාවිතා කරන සමාජයේ ආර්ථික මට්ටමෙන් පහළ තීරුවේ ජනයා ය. මත්ද්‍රව්‍ය භාවිතා කරන සමාජයේ ඉහළ මට්ටමේ අය නීතියේ බලපෑමට එතරම් ලක් නො වෙති. නිදසුනක් ලෙස ලංකාවේ සංගීතකාරයෝ විශාල පිරිසක් ගංජා උරති. ගංජා ගසා කාටවත් කරදරයක් නො කර ආතල් එකේ සිංදුවක් කියා අනෙක් අයට ද ආතල් බෙදන ඔවුන් මර්දන

නොරොච්චෝලේ - චීන ලංකා වත්මන් සබඳතාවල යථාර්ථය නිරූපණය කරන සංකේතය

Image
ජනතා විරෝධය නො තකා හරිමින් ඉදි කරන ලද නොරොච්චෝලෛ ගල් අඟුරු බලාගාරය ආයෙමත් කැඩිලා ය. එය කවදා හදන්නට පුළුවන් වේදැයි නිලධාරීහු හරියට නො දනිති. ලාබෙට විදුලිය නිපදවීමට යයි කියා ඩොලර් මිලියන 450ක් චීනයෙන් පොලියට ගෙන, චීනයට ම ඉදි කරන්නට දුන් මේ ගල් අඟුරු බලාගාරය හැදූ දවසේ සිට ම කඩෙනවා ය. ඒ කැඩෙන හැම දිනකට ම පෞද්ගලික අංශයෙන් විදුලිය මිළ දී ගන්නට රුත මිලියන 80ක් වැය වෙනවා ය. පෞද්ගලික අංශයෙන් විදුලිය මිළ දී ගන්නා විට නිලධාරීන්ට අත යටින් කැපිලි තිබීම මේ රටේ සාමාන්‍ය තත්වයකි. නොරොච්චෝලෛ බලාගාරය මීට පෙර ද සතියක කාලයක් නවතා දමා තිබී යළි විදුලි ජනනය ආරම්භ කළේ මේ මාසයේ මුල ය. විදුලි බල මණ්ඩලයේ තාක්ෂණික ඉංජිනේරු සංගමයේ ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ ඉංජිනේරු සහායක යූ. ආර්. ඒ සේනාරත්න චෝදනා කරන පරිදි බලාගාරය නිතර, නිතර බිඳ වැටීම පිටුපස ඇත්තේ චීන කුමන්ත්‍රණයකි. ඔහු පවසන පරිදි මෙම ගල් අඟුරු බලාගාරය නඩත්තු කිරීමේ දීර්ඝ කාලීන කොන්ත්‍රාත්තුවක් ලබා ගැනීමේ උවමනාවක් එය ඉදි කළ චීන රජයට අයත් China Machinery Engineering Corporation සමාගමට තිබේ. එම කොන්ත්‍රාත්තුව මාස හයකට ඩොලර් මිලියන තුනක් ගෙවමින් ලබා දෙන්නට පසුගිය

අබ්දූල් කලාම් අපට කියා දුන් පාඩම / Lesson taught to Lanka by Abdul Kalam

Image
මේ දිනවල ලංකාවේ චාරිකාවක නියැලී සිටින හිටපු ඉන්දීය ජනාධිපති අබ්දූල් කලාම් The Island පුවත්පතට වැදගත් ප්‍රකාශයක් කර තිබේ. පුවත්පත පහත සඳහන් ප්‍රශ්නය අසයි. Question: What will be your advice to Sri Lanka’s majority Sinhalese and minority Tamils and Muslims to live together without ethnic tensions? Kalam: My nation, India, with its population of multi-culture, multi-religion, multi-language has a very important tool of living together for more than 60 years. That is: democracy, democracy and democracy. Democracy gives equal rights to every citizen to prosper and live peacefully. Since Sri Lanka and India are close friends, let the people of our two countries enjoy together the fruits of democracy. වාර්ගික ආතතියකින් තොරව එකට ජීවත් වීම පිණිස ශ්‍රී ලාංකික බහුතර සිංහලයන්ටත්, සුළුතර දෙමළ මුස්ලිම් ජනතාවන්ටත් දෙන අවවාදය කුමක්දැයි ඇසූ කල ඔහු පවසන්නේ බහු වාර්ගික, බහු ආගමික, බහු භාෂාමය  ජනගහණයක් ජීවත් වන ජාතියක් වන ඉන්දියාවේ සාමූහික ජීවනය සඳහා වැදගත් වූ උපකරණ වන්නේ ප්‍රජාතන්ත්‍රවාදය,

ඔබේ දරුවාට පාසලේ උගන්වන්නේ සිඟන්නෙක් වැනි අන්ත දිළින්දෙක් බව ඔබ දන්නවා ද?

Image
පරිජත් සහා ඉන්දියාවේ බටහිර බෙංගාලයේ පදිංචි පාසල් ගුරුවරයෙකි. ඉන්දියන් රුපියල් 10,000ක පමණ මුදලක් තිබිය යුතු ඔහුගේ බැංකු ගිනුමේ ඉන්දියන් රුපියල් බිලියන 9.8ක මුදලක් තැන්පත්ව ඇති බව පසුගිය දිනෙක නිරීක්ෂණය කළ හේ ඒ බව බැංකුවට දැනුම් දී ඇත. මේ මුදල ඉන්දියාවේ මධ්‍යම රජයේ වාර්ෂික අධ්‍යාපන පිරිවැයට කිට්ටු අගයකි. බැංකුව ඉන්දීය රජයට අයත් State Bank of India (SBI) ය. එහි ආදර්ශ පාඨය වන්නේ Safe Banking with SBI යන්න ය. මෙතරම් විශාල මුදලක් මෙම පුද්ගලයාගේ ගිනුමේ ඇති බව සටහන් වුණ වරද සොයා ගැනීමට බැංකුව තවමත් අසමත් වී තිබේ. මෙම සිද්ධිය පිළිබඳ පළ වූ බී.බී.සී. වාර්තාව කියවූ ලේඛකයාගේ අවධානය වැඩිපුර ම යොමු වූයේ පහත සඳහන් කරුණටයි. Mr Saha's monthly salary as a school teacher in the eastern state of West Bengal is 35,000 rupees ($700; £450). ඒ අනුව, පාසල් ගුරුවරයකු ලෙස පරිජත් සහාගේ මාසික වැටුප ඉන්දියන් රුපියල් 35,000කි. ඉන්දියන් රුපියලක් මේ වන විට ශ්‍රී ලංකා මුදලින් රුපියල් 2.22කට වැඩි ය. ඒ අනුව පරිජත් සහාගේ වැටුප ලංකාවේ මුදලින් රුපියල් 77,863ක් හෙවත් රු. 78,000කට ආසන්න වේ. ලංකාවේ පාසල්

ආසයි බයයි නො වී ජනාධිපතිතුමනි ගමනේ යා!

අප විසින් ලියන ලද පසුගිය ලිපියකට ප්‍රතිචාර දැක්වූ පාඨකයෙක් මෙසේ කීවේ ය.  " ..........අද පැන නැඟිය හැකි සන්නද්ධ අරගල වනාහි කලින් පැවති ආකාරයේ භූමිය අත්පත් කරගෙන සටන් කරන ආකාරයේ ඒවා නො වේ. අතිශය ප්‍රචණ්ඩ ත්‍රස්තවාදී ප්‍රවණතා ය............... ඇයි උඹ සිංහලයා බය කරලද දෙමළට දෙන්න කියන්නේ උන්ගේ ප්‍රචන්ඩත්වය උපට වගේම උන්ටත් ඊට වැඩි ගුණයකින් අත් විදින්න වෙන බව උන් වගේම උබත් තාම ඉගෙන නැත්නම් මොනව කරන්නද ....  " සිංහල, දෙමළ සමාජයන් දෙකේ ම ප්‍රචණ්ඩත්වයට ලොල් කරන මෙවැනි අන්තවාදී කොටස් සිටින බව රහසක් නො වේ. ඔවුන් හැම විට ම කැමති ප්‍රශ්න සමාදානයෙන් විසඳා ගැනීමට නො වේ. ඒ වෙනුවට ඔවුන් සැම විට ම සොයන්නේ ගැටුම් සඳහා නිමිති ය.  අප විසින් පෙන්වා දෙනු ලැබුවේ  ජාතික සංහිඳියාව ඇති කිරීම පිණිස පියවර නො ගැනීමෙන් ඇති විය හැකි ආදීනවයි.  එසේ කටයුතු නො කිරීම ඇත්තෙන් ම වාසිදායක වන්නේ සිංහල හා දෙමළ ජාතිවාදීන්ටයි. අනෙක් ජාතිය කෙරෙහි වෛරය පතුරුවා සිය දේශපාලන අභිලාෂයන් ඉෂ්ට කර ගැනීමේ ඔවුන්ගේ අරමුණ ඉටු කර ගැනීමට ගැටුම්කාරී තත්වය මෝරා යාම මහඟු අවස්ථාවකි.  එහෙත්, රජයට මෙහි ඇති ගැටලුව වන්නේ රජයේ

නිදහස් සහ විවෘත අන්තර්ජාලය අවුරන නීති පැනවීමේ උත්සාහයට එරෙහිව විකිපීඩියා විරෝධය

තොරතුරු දැන ගැනීමේ මහජන අයිතිය වෙනුවෙන් ඇමරිකන් රජයේ නිදහස් සහ විවෘත අන්තර්ජාලය අවුරන නීති පැනවීමේ උත්සාහයට එරෙහිව  විකිපීඩියා වෙබ් අඩවිය පැය 24ක විරරෝධතාවක් දියත් කර තිබේ. නිදහස් සහ විවෘත අන්තර්ජාලයක් වෙනුවෙන් ඔබේ හඬ ද සලකුණු කරන්න. Imagine a World Without Free Knowledge For over a decade, we have spent millions of hours building the largest encyclopedia in human history. Right now, the U.S. Congress is considering legislation that could fatally damage the free and open Internet. For 24 hours, to raise awareness, we are blacking out Wikipedia. මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට වඩා ඉදිරියට යන බව ජනාධිපති ඉන්දීය විදේශ ඇමතිට කීවේ ඇත්තටම ද?

'ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හමුවී සාර්ථක සාකච්ඡාවක නිරතවූ බව සඳහන් කළ ක්‍රිෂ්ණා මහතා 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට වඩා ඉදිරියට ගිය සංශෝධනයක් වෙනුවෙන් අදහස් පළ කළ බවද කීවේය,' යි දිනමිණ පුවත්පත ජනාධිපති මහින්ද රාජපක්ෂ හා ඉන්දීය විදේශ ඇමති එස්. එම්. ක්‍රිෂ්ණා අතර සාකච්ඡාවලින් පසු ඉන්දීය විදේශ ඇමතිවරයා පළ කළ අදහස් වාර්තා කළේ ය. ජනවාර්ගික ගැටලුව සඳහා විසඳුමක්‌ ලබාදීමට 13 වැනි ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා සංශෝධනය පූර්ණ වශයෙන් ක්‍රියාත්මක කිරීමට සූදානම් යෑයි ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා තමන් වෙත පැවසූ බව මෙරට නිල සංචාරයක නිරතවන ඉන්දීය විදේශ කටයුතු ඇමැති එස්‌. එම්. ක්‍රිෂ්ණා මහතා මාධ්‍ය හමුවකදී ඊයේ පැවසූ බව දිවයින පුවත්පත ද වාර්තා කළේ ය. වාර්තා අනුව පෙනෙන පරිදි 13වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හෙවත් පළාත් සභා ක්‍රමය සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කරන්නට ජනාධිපතිවරයා එකඟ වී ඇති බව පෙනේ. එසේ නම් පසුගිය දිනවල දෙමළ ජාතික සන්ධානය රජය සමග සාකච්ඡාවලදී ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය යටතේ ලැබිය යුතු ඉඩම් හා පොලිස් බලතල ඉල්ලුවා යයි ආණ්ඩුව කළ කලබැගෑනියට හා දෙන්නේ ම නැතැයි කළ ශපථ කිරීම්වල

දෙමළ ජාතිකවාදය කෙරෙහි සානුකම්පිත ආස්ථානයක සිටි සංවිධාන හා සිංහල ජාතිවාදයට ආවඩමින් සිට මෑතදී වෙනස් වූ සංවිධාන එක්ව යාපනයට ගිය දැනුවත් කිරීමේ ගමන

පැහැරගැනීම් හා අතුරුදහන් කිරීම්වලට එරෙහිව යාපනය ඇතුළු උතුරේ ප්‍රදේශ කිහිපයක පත්‍රිකා බෙදාහැර ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම පිණිස යාපනයට යමින් සිටියදී පොලිසිය හා හමුදාව විසින් නවත්වනු ලැබූ පිරිස අයත් වන සංවිධාන නාම ලේඛනය දේශපාලනික වශයෙන් වැදගත් එකකි. ජන අරගල ව්‍යාපාරය, එක්සත් සමාජවාදී පක්ෂය, නව සමසමාජ පක්ෂය, මාවෝවාදී ලංකා කොමියුනිස්ට් පක්ෂය, ලංකා සමසමාජ පක්ෂයේ විකල්ප කණ්ඩායම, සමාජවාදී පක්ෂය, සමාජවාදී සංධානය, ප්‍රැක්සිස් එකමුතුව, පීපල්ස් මාර්ච් සංවිධානය, අපි ශ්‍රී ලාංකිකයෝ, ජනතා නීතීඥ සංගමය, ප්‍රජාතන්ත්‍රවාදය උදෙසා නීතීඥයෝ සංවිධානය, ප්‍රජාතන්ත්‍රවාදය උදෙසා මාධ්‍යවේදියෝ සංවිධානය, මානව හිමිකම් සුරැකීමේ ශිෂ්‍ය සංවිධානය, අන්තර් සමාගම් සේවක සංගමය, සමස්ත ලංකා ටෙලිකොම් සේවා සංගමය, සමස්ත ලංකා සුවසේවා සංගමය ඇතුළු දේශපාලන පක්ෂ සහ සංවිධාන 17ක නියෝජිතයන් විරෝධතාවට එක්ව සිටින බව ලංකා වීව්ස් වෙබ් අඩවිය පවසයි. රතු පාටින් දක්වන ලද සංවිධාන ජාතික ප්‍රශ්නය විෂයෙහි දෙමළ ජාතිකවාදය කෙරෙහි සානුකම්පිත ආස්ථානයක සිටි ඒවා වන අතර සෙසු ඒවා ජවිපෙ සම්‍ග සම්බන්ධව සිංහල ජාතිවාදයට ආවඩමින් සිට මෑ

රිසානා බේරා ගන්නට ගිය වීරයෝ දැන් කොහි ද? ආණ්ඩුව අත සෝදා ගත්තා ද?

Image
සවුදි අධිකරණයක් විසින් නියම කරන ලද මරණීය දණ්ඩනය කොයි මොහොතක හෝ ක්‍රියාත්මක වීමේ අනතුරක සිටින ශ්‍රී ලාංකික ගෘහ සේවිකා රිසානා නෆීක් බාල වයස්කාර දැරියකව සිටියදී විදේශගත කිරීමට කටයුතු කළ ඒජන්සිකරුට හා තැරැව්කරුට වසර දෙක බැගින් බරපතළ වැඩ ඇතිව සිර දඬුවම් සහ රුපියල් හැට දහස බැගින් දඩ නියම කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු සුනිල් රාජපක්ෂ මහතා ඊයේ (16) නියෝග කළේය. වගඋත්තර කරුවන්ට නියම කළ රුපියල් හැටදහස බැගින් වූ දඩය රිසානා දැරියගේ මවුපියන්ට වන්දියක් ලෙස ගෙවීමට නියෝග කෙරිණි. 2005 අපි‍්‍රයල් මස 5 වැනි දින හා මැයි මස 5 වැනි දින අතර කාලය තුළ මුත්තූර් හි රිසානා දැරිය රැවටීමට ලක්කර වංචා සහගතව විදේශගත කිරීම, මුදලට විකිණීම, වහල් වෙළඳාමේ නිරතවීමට හා ඊට ආධාර අනුබල දීම යන චෝදනා හතරකට මෙසේ වරදකරුවන්කර සිර දඬුවම් නියම කරන ලදී. නඩුවේ තුන්වැනි විත්තිකරු වූ තම්බිලෙබ්බේ අබ්දුල් සලාම් වරද පිළි නොගන්නා බවට අධිකරණය ඉදිරියේ පැවැසීය.  වරද පිළිනොගන්නා චුදිතට විරුද්ධව, වරද පිළිගත් පුද්ගලයන් සාක්කි ලෙස කැඳවන බව පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ දිලීප පීරිස් මහතා පැවැසීය.නඩු විභාගයකට ගොස් අධිකරණයේ වටිනා

ඔබේ නගරයටත් ජනාධිපතිතුමා එනවා ද? ක්ෂණික සංවර්ධනයක් බලාපොරොත්තු වන්න

Image
ජනාධිපතිතුමා නිතර නො යන, රජයේ අවධානය එතරම් යොමු නො වුණ යම් කිසි ප්‍රාදේශීය නගරයකට එතුමා යනවා යයි සිතන්න. ප්‍රාදේශීය දේශපාලන බලධාරීහු හා නිලධාරියෝ ඒ ප්‍රදේශය ද හම්බන්තොට සේ ම වේගයෙන් දියුණු වෙමින් ඇති බව  ජනාධිපතිතුමාගේ දෑස හමුවේ මවා පාන්නට දැවැන්ත උත්සාහයක් දරති.  ලේඛකයා මේ දිනවල එවැනි සංදර්ශනයක් නරඹමින් සිටියි. ප්‍රදේශයේ නම ඍජුව සඳහන් නො කරන්නේ ප්‍රාදේශීය බලධාරීන් ගෙදරට පරිප්පු එවනවාට ඇති අවංක බිය නිසා ය. ප්‍රාදේශීය දේශපාලනය ජාතික දේශපාලනය වැනි එකක් නො වේ. ප්‍රාදේශීය දේශපාලනඥයන්‍ට කේලම් කියන අයට සාමාන්‍යයෙන් යමක් කියවා එහි සැබෑ අර්ථය වටහා ගැනීමේ ගැටලු ඇත.  අනෙක් පැත්තෙන් උපන් දා සිට ජීවත් වූ ගමට කුමන අන්දමින් හෝ යම් වැඩක් වෙනවා නම් ලේඛකයා ද කැමති ය.  මේ දිනවල නගරයේ‍‍‍‍‍‍‍‍‍්‍ සිදු වෙමින් ඇති 'සංවර්ධනය' පසුගිය වසර බොහෝ ගණනක් තුළ නිදා සිටි නගරයේ සෙමින් සිදු වූ වෙනස්කම් අභිභවා නගරය ක්ෂණික විපර්යාසයකට ලක් කරමින් තිබේ. එය හරියට ගොළුබෙල්ලෙක් හිටි හැටියේ අශ්වයකුගේ වේගයෙන් දුවනවා වැනි අස්වාභාවික ගතියකින් යුතු සංසිද්ධියකි.  වසර ගණනාවක් තිස්සේ තිබුණු අනවසර කඩ විශාල ගණනක් එක

ජවිපෙ බෙදීම ඇතුළේ ම වැඩක්දැයි ආණ්ඩුවට සැකලු

මේ වන විට ආණ්ඩුව සිය අංක එකේ සතුරා ලෙස ජවිපෙ වාම පාර්ශ්වය පත් කරගෙන තිබේ. ආණ්ඩුවට සිය පැවැත්ම සඳහා ශක්තිමත් සතුරකු අවශ්‍ය ය. ඒ එකී සතුරාට එරෙහිව මාධ්‍ය මෙහෙයවීමට ය. එකී සතුරා කොටි සංවිධානය සමග ගැට ගසා, කොටි ජාත්‍යන්තර ප්‍රජාව සමග ගැට ගසා, මුළු ලෝකය ම ලංකාවට එරෙහි යයි කියා ඒ සතුරන්ගේ තුමන්ත්‍රණවලින් රට බේරා ගැනීමට පෙරට එන්නැයි ඉල්ලා සිටින්නට ආණ්ඩුවට පුළුවන. රටේ බඩු මිළ ඉහළ යාම, මූර්ත වැටුප් අඩු වීම, බදු බර ඉහළ යාම, අනාගතය අනාරක්ෂිත වීම වැනි හේතු මත ඇති වන ජනතා අසහනය යටපත් කිරීමට එමගින් පුළුවන. අදත්, සමාජයේ දේශපාලනික වශයෙන් ක්‍රියාකාරී‍ කොටස් සරසවි සිසුන්ගේ සටන් දෙස සුබවාදී ඇසකින් බලන මුත්, අදේශපාලනික කොටස් සිසුන් දෙස වෛරයෙන් බලති. රටේ බහුතරයක් දිළින්දන්ට සේ ම තමන්ට ද පෞද්ගලික විශ්ව විද්‍යාලයකට දරුවකු ඇතුළත් කර ගන්නට වත්කමක් නැති වුණත් ඒවා හොඳ යයි කියති. මේ වන විට විශ්ව විද්‍යාලවල රැඩිකල් බලවේග සිය අණසක පැතිරවීමට සමත් වී ඇති අතර උසස්පෙළ ප්‍රතිඵල ගැටලුවට, පෞද්ගලික විශ්ව විද්‍යාල පනතට හා සරසවි පරිපාලනය සඳහා පත් කර ඇති බත්බැලයන්ටත්, උසස් අධ්‍යාපන ඇමති එස්. බී. දිසානායකටත් එරෙහිව ශක්ති

කතරගම දෙවියන්ගේ සම්බන්ධීකරණ නිලධාරිකමක් මර්වින් සිල්වා ඇමතිතුමාට

Image
'මහජන' සමබන්ධතා ඇමති මර්වින් සිල්වාගේ දේශපාලන කල දසාව නරක් වි තිබෙන්නේ කාලි මෑණියන්ගේ සාපය වැදීමෙන් බව මුන්නේශ්වරම් කෝවිලේ පූජක තැන පවසා තිබේ. ඇමති මර්වින් සිල්වා මෙම දේවාලයට පැමිණ එහි බිලි පුද පිණිස රඳවා තිබූ සතුන් මුදවා වීරයා වීමේ මාධය සංදර්ශනයක් පැවැත්වූවේ ය. පසුව එම බිලි පූජාවට එරෙහිව අධිකරණ නියෝගයක් ද ලබා ගැනිණි. මෙම මාධ්‍ය ජවනිකාවත් සමග ලංකාවේ සුළුතර ආගම් රාජ්‍ය මර්දනයට ලක් වන බවට මතයක් ලෝකය පුරා පැතිර ගිය අතර, එවැනි ක්‍රියාවල නො යෙදෙන ලෙස රජයෙන් මෙවැනි ජනප්‍රියවාදී දේශපාලකයන්ට උපදෙස් දෙන ලදී. මාධ්‍ය ආවරණයෙන් තොරව ඉන් පසුවත් එවැනි බිලි පූජා පැවැත්වුණු අතර වීරයෝ සද්ද, බද්ද නැතිව උන් හ. ඔවුන් දෙවියන්ට බිය නැතත්, ජනාධිපතිතුමාට හා සහෝදරයින්ට බය ය.  බොහෝ ආගම්වල මෙවැනි ආන්තික ක්‍රියා තිබේ. අහිංසාවාදී බුදුන්ගේ දහම පවා අද වන විට එයින් ජීවත් වන්නන් විසින් හිංසක ආගමක් බවට පෙරළාගෙන තිබේ. පසුගිය කාලයේ යුද්ධයට ආවැඩූ බෞද්ධයෝ මිනිස් බිලි පූජාවක් අනුමත කළ බව ප්‍රතික්ෂේප කළ නො හැක.  දෙවියන් තමන්ගේ පැත්තේ යයි මර්වින් සිල්වා කියන විට අදේවවාදීන් වන අපට නම් අධෝ මුඛයෙනුත් හිනා යන

සරසවි ගිනි ගනී; ආචාර්යවරුන්ට ලෙව කන්නට කටුවක්

Image
සරසවි ආචාර්යවරු ජනවාරි 17දා අනිවාර්යයෙන් සංකේත වර්ජනයක් දියත් කරන බව සරසවි ආචාර්ය සංගමය නිවේදනය කළේ ය. ඒ වැටුප් විෂමතා ඉවත් කරන ලෙස ඉල්ලමිනි. සරසවි අධ්‍යයන හා අනධ්‍යයන කාර්ය මණ්ඩලවල වැටුප් විෂමතා ඉවත් කරන චක්‍රලේඛය හෙට උප කුලපත්වරුන්ට යවන බව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ ‍සභාපත් ගාමිනී සමරනායක පවසයි. සරසවි ආචාර්යවරුන්ගේ දෙවන ඉල්ලීමක් ද ඇත. ඒ වනාහි මේ වන විට 'ප්‍රමිති ආරක්‍ෂණ වරප්‍රදාන හා සුදුසුකම් රාමුව' ලෙස නම වෙනස් කර තිබෙන පෞද්ගලික විශ්ව විද්‍යාල පනත පාර්ලිමේන්තුවට ගෙන ඒමට පෙර වැඩිදුර සාකච්ඡා කිරීමයි. රජය අභ්‍යන්තරයෙන් ද මෙම පනතට විරෝධතා ඉදිරිපත් වී තිබේ. ඒ අනුව, ජාතික නිදහස්‌ පෙරමුණේ නායක ඇමැති විමල් වීරවංශ මහතා සමග ලබන 15 වැනිදා ද, විදුලිබල හා බලශක්‌ති ඇමැති පාඨලී චම්පික රණවක මහතා සමඟ 16 වැනිදා ද, මේ පිළිබඳව සාකච්ඡා කිරීමට නියමිත බව උසස් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් සුනිල් ජයන්ත නවරත්න පවසයි. ජනාධිපති එක දුරකථන ඇමතුමක් දීම මේ විරෝධතා සමනය වීමට නම් ප්‍රමාණවත් ය.  එහෙත්, මේ වන විට සිසු විරෝධතා නිසා විශ්ව විද්‍යාල ගිනි ගෙන ඇත. සරසවි ආචාර්යවරුන්ට හා අනධ්‍යයන කාර්ය

අපි මර්වින්ට - මර්වින් අපිට! මේ තහනම වහා ඉවත් කරනු!

Image
ඇමති මර්වින් සිල්වාටත්, ඔහුට අභියෝත කරන කැලනිය ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීලාටත් මාධ්‍යවලට කතා නො කර කට පියාගෙන ඉන්නැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලොක්කන් අවවාද කර ඇත.  දැන් ඇති ප්‍රශ්නය මෙයයි. මාධ්‍යවලට කයිවාරු ගසන්නේ නැතිනම් මර්වින් සිල්වා වැනි දේශපාලකයන් වෙන කුමක් කරන්න ද?  මාධ්‍යවලට කට පූච්චානම් දෙඩවීම හැර ඔවුන් දන්නා වෙන දෙයක් තිබේ ද?  මොවුහු ඇත්ත වශයෙන් ම චන්ඩි ද නො වෙති. පාතාල නායකයන් ලෙස පෙනී සිටියත්, ඇත්ත ම කීවොත්, ඔය කොළඹ වතු ටිකක ලුම්පන් නායක්වයට වැඩි යමක් ද මොවුන්ට නැත. රාජ්‍ය බලය නැතිනම් ඔවුන්ගේ චන්ඩිකම් කැළේ ය. ත්‍රිවිධ හමුදාවේ, පොලිසියේ, විධායක බලයේ හයියෙන් චන්ඩි පාට් දාන්නට ඕනැ කොකෙකුට පුළුවන. මර්වින් සිල්වා විපක්ෂයේ සිටි කාලයක කළ චන්ඩිකම් ගැන දන්නා කෙනෙක් ඉන්නවා නම් කියන්න.  මෙවැනි චරිත ඇත්තෙන් ම චන්ඩි නො ව මාධ්‍ය ‍ජෝක්කාරයෝ ය. ඔවුන්ගේ චන්ඩි පාට් රූපවාහිනී ප්‍රේක්ෂකයන්ට සිනා උපදවන විකට ජවනිකා ය.  ඒ නිසා මේ තහනම වහා ඉවත් කළ යුතු ය. කන්න, බොන්න නැතත්. අනාගතය අවිනිශ්චිත වුණත් සිනා වී ඉන්නට මේ රටේ ජනතාවට ඇති අයිතියට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගරු කළ යුතු ය.  මේ ලිපිය

ප්‍රංශ කොටි මුද්දරයට ප්‍රචාරක අනුග්‍රහය ලංකා ආණ්ඩුවෙන්

Image
ප්‍රංශ කොටි මුද්දර ප්‍රශ්නය එහෙම පිටින් ම විහිළුවකි.  මුද්දර මුද්‍රණය කිරීම ලංකාවේ ආණ්ඩුවේ ඇස් රතු කළ විහිළුවක් වූ අතර, නො තකා හළ යුතුව තිබුණු තරම් සුළු මුද්දර සංඛ්‍යාවක් මහා ජාත්‍යන්තර ප්‍රශ්නයක් බවට පත් කිරීමටත්, කවුරු හෝ කඩාකප්පල්කාරියකුගේ හුදකලා ක්‍රියාවකට දැවැන්ත ප්‍රසිද්ධියක් ලබා දීමටත් ලංකාවේ ආණ්ඩුව සමත් විය.  ලංකාවේ බලධාරීන් සිදු වූ දෙය පිළිබඳ සොයා බැලුවේ මහා කලබැගෑන්යක් ඇති කිරීමෙන් පසු ය. ‍ප්‍රභාකරන්ගේ රුව හා වෙනත් ඊලාම් සංකේත සහිත මුද්දර මුද්‍රණය කර තිබුණේ ප්‍රංශයේ La Poste තැපැල් සේවාව විසින් සිය පාරිභෝගිකයන්ට මුද්දර තමන්ට අවශ්‍ය පරිදි සකසා ගැනීමට හෙවත් කස්ටමයිස් කර ගැනීමට සලස්වා ඇති ඔන්ලයින් සේවාවක් හරහා ය.  මුද්දර සම්බන්ධයෙන් ලෝකයේ ආකල්ප වෙනස් වී ඇති බව මෙයින් පෙනේ. නවීන තාක්ෂණය සමග අද සිදු වෙමින් ඇත්තේ මෙවැනි ගොළුබෙලි තැපැල් සේවා සෙමින් අභාවයට යාමයි. මෙවැනි උපක්‍රම ඒවා වෙත පිවිසෙන පාරි‍භෝගිකයන්රඳවා ගැනීම සඳහා විය හැකි ය. මුද්දරය යනු තව දුරටත් කලින් තිබුණු පන්නයේ එකක් නො වේ.  ලංකාවේ මිනිස්සු තවමත් මුද්දරය ගැන සිතන්නේ පරණ විදියට ය. ප්‍රංශ මුද්දරයක ප්‍රභාකරන්ගේ

වාහන නලා හා ශබ්ද දූෂණය

Image
වාහනවල හෝන්වලින් නිකුත් කළ හැකි උපරිම ශබ්දය ඩෙසිබල් 195ට සීමා කිරීමට නීති ගෙන ඒමට රජය සැරසේ.  ලංකාවේ ඇතැම් වාහන හිමියෝ අධික ශබ්ද නිකුත් කරන නලා සවි කිරීමට කැමැත්තක් දක්වති.  වාහන නලා අතරින් වැඩි ම ශබ්දය නිකුත් කරන නලා ඇත්තේ පෞද්ගලික බස්වල ය.  පෞද්ගලික බස්වල ඇතැම් විට සයිලන්සරය ගලවා වැඩි ශබ්දයක් නිකුත් කරන සයිලන්සර ද සවි කරනු ලැබේ.  ඇතැම් වාහනවල තිරිංග පද්ධතියෙන් ද අධික ශබ්දයක් නිකුත් කෙරේ.  ඇතැම් වාහන රියදුරන් ධාවනයේදී වැඩිපුර ම භාවිතා කරන්නේ නලාවයි.  ලංකාවේ ඇතැම් මිනිස්සු අධික ශබ්දයට ලොල් ය.  වැඩි ම ශබ්ද දූෂණයක් ඇති කරන්නේ ආගමික ස්ථානවල සවි කර ඇති ශබ්ද විකාශන යන්ත්‍රවලිනි. ශබ්ද දූෂණයට අදාළ නීති ආගමික ස්ථානවලට ද අදාළ විය යුතු ය. ආගම් ඇත්තේ මිනිසුන්ට හිරිහැර කරන්නට නො වේ.  ඡන්ද කාලයට දේශපාලකයන් තරම් ශබ්ද දූෂණය කරන තවත් පිරිසක් නැත.  මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

කිළිටි 'දෙයියන්ගෙ මල්ලි'

ලංකාවේ භාවිතා වන කිළිටි මුදල් සංසරණයෙන් ඉවත් කිරීමට මහ බැංකුව සැරසේ.  එහෙත්, එය කරන්නට යන්නේ අලුත් මුදල් නෝට්ටු නිකුත් කිරීමෙන් මිස තිළිටි මුදල් ආපසු එකතු කරගෙන විනාශ කිරීමෙන් නම් නො වේ. ඒ නිසා අලුත් මුදල් නෝට්ටු ආවත්, පරණ මුදල් නෝට්ටු ද එලෙස ම භාවිතයේ තිබෙනු ඇත.  මේ කිළිටි මුදල් නෝට්ටු අතරින් බහුතරය රු. 10, 20, 50 නෝට්ටු ය. ඒවා බැංකු හරහා එකතු  කර ගත ‍නො හැකි ය. මන්ද, ඒවා බැංකු වෙත පැමිණෙන්නේ නැති තරම් ය. ඒවා ඇත්තේ සිල්ලර වෙළඳපොළේ ය.  ලංකාවේ මිනිස්සු මුදල් නෝට්ටු පරිහරණය කරන්නේ අපිරිසිදු අන්දමට ය. බස් කොන්දොස්තරලා වැනි අය ඇතැම් විට මුදල් නෝට්ටු දෙතොල් අතර පවා රඳවා ගනිති. මාළු විකුණන්නෝ මාළු ලේ ආදිය සමග ම ඒවා  අල්ලති.  කිළිටි මුදල් අත පත ගාන මුදලාලිලා හා කඩ සේවකයෝ ඒ අතින් ම ආහාර ද්‍රව්‍ය ද අතපත ගාති.  බැංකු කවුන්ටරවල සේවය කරන අය ද සෑහෙන්න කිළිටි මුදල් අත ගාති.  කිළිටි මුදල් විෂබීජ පැතිරෙන ප්‍රධාන මාර්ගයකි. ඒති කිළිටි වුණත් සල්ලි දෙයියන්ගේ මල්ලි නිසා කවුරුත් ඒවා වැළඳ ගනිති.  මුදල් නෝට්ටුවට ඇති විකල්පය ක්‍රෙඩිට් කාඩ් ය. එහෙත්, ලංකාවේ ජනගහණයෙන් 5%කටවත් ක්‍රෙඩිට් කාඩ් නැත. ඇත

බලු කරුණාවට වන්නේ ද මතට තිතට වුණ දේ ම ය

Image
Add caption කොළඹ බල්ලෝ වැඩේ වණ කර ගත්  බව අප අනාවැකි කීවේ බල්ලන් නාමල් බේබිගේ කොළඹ වීදි කාර් රේස්වලට අභියෝග කළ අවස්ථාවේ ය.  මෑත කාලේ රෙජිමට අභියෝග කළ එක ම පිරිස වන බල්ලන්ට වැඩේ දීමේ වැඩේ භාර දී ඇත්තේ ඇමති මෛත්‍රීපාල සිරිසේනට බව පෙනේ. ඒ නිසා දැන් ඇමතිතුමාට ගිය ගිය තැන බල්ලෝ පනිති. රෝහල්වල බල්ලෝ පිරිලා ය. බල්ලන් වඳ කරන්නට රුපියල් බිලියනයක් ද, බල්ලන් විසින් කන ලද මිනිසුන්ට බෙහෙත් විදින්නට බිලියන භාගයක් ද වසරකට වැය කරන බව ඇමතිතුමා මාධ්‍යවලට කියා තිබිණි. බලු වැඩේට හවුල්කාර වරාය නියෝජ්‍ය ඇමති රෝහිත අබේගුණවර්ධන ද වරායේ බල්ලන් (කකුල් හතරේ) 4000ක් ඇති බව කියා තිබිණි.  බලු වැඩේට අදාළ මාධ්‍ය කොන්ත්‍රාත්තුව භාර ගෙන ඇත්තේ ලංකාදීපයයි. එහි ඕපාදූප තීරයක පසුගියදා පළ වුණ පරිදි තානාපති නෝනා කෙනෙකු කියා ඇත්තේ ලංකාවේ සංචාරක කර්මාන්තයේ සංවර්ධනයට බල්ලන් බාධාවක් බවයි. එහෙනම් ඉතින් බල්ලන්ට අබ ම අබ සරණ ය. මන්ද, සංචාරක කර්මාන්තය නැති වුණොත් ආණ්ඩුවට අබ සරණ නිසා ය.  බල්ලන් වන්ධ්‍යාකරණය සඳහා කොන්ත්‍රාත්තුව භාර ගත් කොළඹ ඉහළ පෙළේ රාජ්‍ය නො වන සංවිධාන කළේ අමු බොරුවක් බව දැන් පැහැදිලි ය.  ගණන් කළේ කොයි බල

කුඩු ලාල්, කුඩු දුමින්ද හා කුඩු මර්වින්

Image
ලාල් පීරිස් හෙවත් කුඩු ලාල්ට දිවයින පුවත්පත කුඩු ලාල් ය කීමෙන් ඔහුට අපහාසයක් වුණා ය කියා කෝටි විස්සක වන්දියක් ඉල්ලා පැවරූ නඩු දෙකක් නිෂ්ප්‍රභ වී ඇත. රජයට සම්බන්ධ ප්‍රබල පුද්ගලයකුගේ බලපෑම මත ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ප්‍රවාහකයකු යෑයි කියන ලාල් පීරිස්‌ නොහොත් කුඩු ලාල් නමැත්තාට වැල්ලම්පිටිය පොලිසිය විසින් ගිනි අවි බලපත්‍රයක්‌ නිකුත් කිරීමට සූදානම් බව දිවයින පුවත්පතේ පළ වූ අදාළ ප්‍රවෘත්තියේ සඳහන්ව තිබුණු බවත්, එම ප්‍රවෘත්තියෙන් තමන් මත්ද්‍රව්‍ය ජාවාරමේ නියෑළී සිටින අයකු බව හැඟුන බවත් පැමිණිලිකරු සිය පැමිණිල්ලේ සඳහන් කර තිබිණි. පැමිණිලිකරුට කුඩු ලාල් යනුවෙන් සමාජය ආමන්ත්‍රණය කළ බවට සාක්‌ෂිවලින් පැහැදිලි වී ඇතැයි නඩු තීන්දුවේ සඳහන් වේ. මනී මැරූ නිසා එක්තරා සිරිපාල කෙනෙකුට මරු සිරා යයි කියන ලදී. යකඩ කූරු නවා සිර කූඩුවෙන් පළා ගිය නිසා ජිනදාස කෙනෙකුට යකඩයා යයි කියන ලදී. කුඩු නිසා ලාල් පීරිස්ට කුඩු ලාල් යයි කියන ලදී. මේ කුඩු වනාහි පොල් කුඩු නො වේ. මත් කුඩු ය. ස්වාධීනව තරග කර දිනා කොළඹ නාගරික මන්ත්‍රීවරයකුව සිටි කුඩු ලාල් පසුව පළාත් සභාවට ද තරග කරන්නට සූදානම් වුණේ ය. නාම යෝජනා භාර ගැන

දළදා මාළිගා ටී ෂර්ට් හා ලුම්පන් ආගමිකයන් අත ඇති දේපල ආදිය ගැන

Image
දළදා මාළිගාවේ රූප සටහනක් ටී ෂර්ටයක මුද්‍රණය කර තිබුණා ය කියා දියවඩන නිලමේ නිලංග දෑල බංඩාර ඇතුළු පිරිසක් විසින් ඇති කරන ලද මහා කලබැගෑනිය දැන් අධිකරණය දක්වා දුර දිග ගොස් ඇත.  මේ ටී ෂර්ටය කාන්තා ටී ෂර්ටයක් වීම ද විශේෂයෙන් ඉස්මතු කර තිබුණේ එය පිරිමි ටී ෂර්ටයක දළදා මාළිගාවේ රූප සටහනක් මුද්‍රණය කිරීමටත් වඩා බරපතල කාරණයක් සේ ඉස්මතු කරමිනි.  මහනුවර නගරය  ඇතුළු ලංකාවේ බොහෝ පෞරාණික ස්ථාන මේ වන විට සංචාරක කර්මාන්තය වෙත යොමු කර ඇත්තේ පූර්ණ රාජ්‍ය අනුග්‍රහය සහිතව ය. ආගමික නායකත්වය ද එයට අනුබල දී ඇත.  සංචාරක කර්මාන්තය සිදු වන තැන්වල සමරු සිහිවරටන වෙළඳපොළක් ද නිර්මානය වන අතර, මේ ටී ෂර්ටය ද එවැනි එකකි. ටී ෂර්ටයක දළදා මාළිගාවේ රූපය මුද්‍රණය කිරීමට එරෙහිව නීති මගින් කටයුතු කිරීම සඳහා හැකියාවක් තිබේ ද යන්න ද පැහැදිලි නැත.  දළදා මාළිගාවේ රූපය වෙළඳ දැන්වීම්වල, බස්වල පිටුපස, ත්‍රිරෝද රියවල පිටුපස වීදුරුවේ ආදියේ ද අලවා ඇත. කාන්තා ටී ෂර්ටයක මෙය මුද්‍රණය කිරීම වැරදි නම් ඉහත ආකාරයේ තැන්වල මුද්‍රණය කිරීම ගැන කියන්නට ඇත්තේ කුමක් ද?  අනෙක් පැත්තෙන් ලංකාවේ මිනිස්සු බුදුන්ට කරන ලොකු ම අපහාසය වනාහි තැන, න