ඔබේ දරුවාට පාසලේ උගන්වන්නේ සිඟන්නෙක් වැනි අන්ත දිළින්දෙක් බව ඔබ දන්නවා ද?

පරිජත් සහා ඉන්දියාවේ බටහිර බෙංගාලයේ පදිංචි පාසල් ගුරුවරයෙකි. ඉන්දියන් රුපියල් 10,000ක පමණ මුදලක් තිබිය යුතු ඔහුගේ බැංකු ගිනුමේ ඉන්දියන් රුපියල් බිලියන 9.8ක මුදලක් තැන්පත්ව ඇති බව පසුගිය දිනෙක නිරීක්ෂණය කළ හේ ඒ බව බැංකුවට දැනුම් දී ඇත.


මේ මුදල ඉන්දියාවේ මධ්‍යම රජයේ වාර්ෂික අධ්‍යාපන පිරිවැයට කිට්ටු අගයකි. බැංකුව ඉන්දීය රජයට අයත් State Bank of India (SBI) ය. එහි ආදර්ශ පාඨය වන්නේ Safe Banking with SBI යන්න ය.


මෙතරම් විශාල මුදලක් මෙම පුද්ගලයාගේ ගිනුමේ ඇති බව සටහන් වුණ වරද සොයා ගැනීමට බැංකුව තවමත් අසමත් වී තිබේ.


මෙම සිද්ධිය පිළිබඳ පළ වූ බී.බී.සී. වාර්තාව කියවූ ලේඛකයාගේ අවධානය වැඩිපුර ම යොමු වූයේ පහත සඳහන් කරුණටයි.


Mr Saha's monthly salary as a school teacher in the eastern state of West Bengal is 35,000 rupees ($700; £450).


ඒ අනුව, පාසල් ගුරුවරයකු ලෙස පරිජත් සහාගේ මාසික වැටුප ඉන්දියන් රුපියල් 35,000කි.


ඉන්දියන් රුපියලක් මේ වන විට ශ්‍රී ලංකා මුදලින් රුපියල් 2.22කට වැඩි ය.


ඒ අනුව පරිජත් සහාගේ වැටුප ලංකාවේ මුදලින් රුපියල් 77,863ක් හෙවත් රු. 78,000කට ආසන්න වේ.


ලංකාවේ පාසල් ගුරුවරයකුගේ වැටුප ගැන ඔබ දන්නේ මොනවා ද?


ඔබේ දරුවාට පාසලේ උගන්වන්නේ සිඟන්නෙක් වැනි අන්ත දිළින්දෙක් බව ඔබ දන්නවා ද?


මේ කරුණ රටේ ගුරුවරුන්ට හිඟන වැටුප් ගෙවමින් ලෝකයට අධ්‍යාපනය අලෙවි කරන්නට සැලසුම් හදන ලංකාවේ අධ්‍යාපන ඇමතිවරුන්ගේ අවධානයට යොමු කරන්න. 


20 - .ගුරු වැටුප් දිනය



මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

Comments

  1. ඉන්දියන් රුපියල් 9.8ක මුදලක් තැන්පත්ව ඇති බව- මෙතන වරදක් තියෙනවා නේද?

    ReplyDelete
  2. 'ඔහුගේ බැංකු ගිනුමේ ඉන්දියන් රුපියල් 9.8ක මුදලක්' යන්න රුපියල් බිලියන 9.8 ක් ලෙස වෙනස් විය යුතුයි.

    ReplyDelete
  3. ලංකාවේ ගුරුවෘත්තිය පහත් තත්වයකට ඇද දැම්මේ ප්‍රේමදාස ප්‍රමුඛ දේසපාලකයන් ය. රුපියල් 1000ක මාසික දීමනාවකට තම හෙන්චයියලාගේ උ.පෙල වත් සමත් නොවූ දරුවන්ට අභ්‍යාස ලාභී ගුරු පත්වීම් ලබා දුන්නා මතකද? ලංකාවේ සිටින සමහර ගුරුවරු ඉගැන්වීමට නොව කඩයක සීනි කිරීමට වත් නොහැකි උදවියයි.

    කෙසේවුවත් රටවල් දෙකක ජීවත්වන අයගේ වැටුප් සංසන්දනය කිරීම කල යුත්තේ එකම මුදල් ඒකකයකට පරිවර්තනය කිරීමෙන් නොවේ. භාණ්ඩ මිලදී ගැනීමේ හැකියාව සංසන්දනය කිරීමෙනි. උදාහරණ ලෙස වෙළඳපොලේ අවම මිල වන මරුටි කාරයක් මිලට ගැනීමට ඉන්දියානු ගුරුවරයාට මාස හයක වැටුප ප්‍රමාණවත් වන අතර ලංකාවේ ගුරුවරයෙකුට ඒ සඳහා අවුරුදු හතරක පමණ වැටුපක් උවමනාය.

    ReplyDelete
  4. දකුණු ආසියාවේ අධ්‍යාපනයට රාජ්‍ය අයවැයෙන් අඩුවෙන්ම වෙන් කරන රටක් වන්නේ ලංකාව...ගුරුවරයාට හරි හමන් වැටුපක් දෙන්න පුලුවන්ද මෙහෙම කරලා...මේක අඩුම වශයෙන් සියයට හයක් වත් වෙන්න ඕන...මේක ඉලක්ක කර ගෙන වැඩ කරන්නේ නැතිව...ගුණය ඉහල නංවන්න බෑ...අධ්‍යාපනය දේශපාලනකරණය වීම නිසා මේව කාටවත් පෙන්නේ නෑ... ලංකාවේ අද මේ සඳහා වෙන් වන්නේ සියයට දෙකකට පොඩ්ඩක් අඩුවෙන් ...තම පුරවැසියන් සැමදෙනකුටම අධ්‍යාපනය සමාන අධ්‍යාපනයක් ලබා දීම රාජ්‍ය වගකීමක් ලෙස නීතියෙන් පිළිගනු ලැබුවේ එය සමාජ අයිතිවාසිකමක් වශයෙන් ඉදිරියට පැමිණි නිසා...තම සමාජයේ සියලු පුර වැසියන් උගත් පිරිසක්වීම සමාජයේ ඉදිරි ගමනට අත්‍යවශ්‍ය කොන්දෙෂියක්...නැතිනම් ඒ සමාජය ඉදිරියට යන්නේ නෑ...නිදහස් අධ්‍යාපනය සහ අනිවාර්ය අධ්‍යාපනය යන සංකල්ප ඉදිරියට ආවේ අධ්‍යාපනය පුද්ගලිකව භුක්ති විඳින අයිතියක් කියල නොවේ...සමාජ අයිතිවාසිකමක් නිසා...ඒ කියන්නේ මෙය සමාජයට අයිති දෙයක් කියන එක...සමාජ අයිතිවාසිකම් මුදලට විකුණන භාණ්ඩ බවට පත් කිරීමේ නියෝ-ලිබරල් වැඩ සටහන එදා යු ඇන් පි ආන්ඩුව විසින් භාර ගත්ත දා ඉඳල මේක අනිත් පැත්තට යන්න පටන් ගත්ත...මේක දැන් ජනතාවාදී යයි කියන නායකයෝ යු. ඇන්. පි. කාරයෝ බවට පත් කරලා තියෙන ආණ්ඩුවක් යටතේ හිරිකිතයක් නැතිව සිද්ධ කරන්න වැඩ කර ගෙන යනවා...

    ReplyDelete
  5. රැපියල් ද රැපියල් මිලියනද

    ReplyDelete
  6. "ඉන්දියන් රුපියල් 10,000ක පමණ මුදලක් තිබිය යුතු ඔහුගේ බැංකු ගිනුමේ ඉන්දියන් රුපියල් 9.8ක මුදලක් " not really clear.

    ReplyDelete
  7. Now you have come to the real point - when the Uni teachers ask for 6% of GDP for education, that include partial (not total) solutions to these problems.
    Why can't all people in this country (including all political minded people) seprate this issue in Education (school and University) and demand for that 6%. Solution has brought forward to the public, and waiting for an active support from all communities. For the sake of future!

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා