කතරගම දෙවියන්ගේ සම්බන්ධීකරණ නිලධාරිකමක් මර්වින් සිල්වා ඇමතිතුමාට

'මහජන' සමබන්ධතා ඇමති මර්වින් සිල්වාගේ දේශපාලන කල දසාව නරක් වි තිබෙන්නේ කාලි මෑණියන්ගේ සාපය වැදීමෙන් බව මුන්නේශ්වරම් කෝවිලේ පූජක තැන පවසා තිබේ.


ඇමති මර්වින් සිල්වා මෙම දේවාලයට පැමිණ එහි බිලි පුද පිණිස රඳවා තිබූ සතුන් මුදවා වීරයා වීමේ මාධය සංදර්ශනයක් පැවැත්වූවේ ය. පසුව එම බිලි පූජාවට එරෙහිව අධිකරණ නියෝගයක් ද ලබා ගැනිණි.


මෙම මාධ්‍ය ජවනිකාවත් සමග ලංකාවේ සුළුතර ආගම් රාජ්‍ය මර්දනයට ලක් වන බවට මතයක් ලෝකය පුරා පැතිර ගිය අතර, එවැනි ක්‍රියාවල නො යෙදෙන ලෙස රජයෙන් මෙවැනි ජනප්‍රියවාදී දේශපාලකයන්ට උපදෙස් දෙන ලදී. මාධ්‍ය ආවරණයෙන් තොරව ඉන් පසුවත් එවැනි බිලි පූජා පැවැත්වුණු අතර වීරයෝ සද්ද, බද්ද නැතිව උන් හ. ඔවුන් දෙවියන්ට බිය නැතත්, ජනාධිපතිතුමාට හා සහෝදරයින්ට බය ය. 


බොහෝ ආගම්වල මෙවැනි ආන්තික ක්‍රියා තිබේ. අහිංසාවාදී බුදුන්ගේ දහම පවා අද වන විට එයින් ජීවත් වන්නන් විසින් හිංසක ආගමක් බවට පෙරළාගෙන තිබේ. පසුගිය කාලයේ යුද්ධයට ආවැඩූ බෞද්ධයෝ මිනිස් බිලි පූජාවක් අනුමත කළ බව ප්‍රතික්ෂේප කළ නො හැක. 


දෙවියන් තමන්ගේ පැත්තේ යයි මර්වින් සිල්වා කියන විට අදේවවාදීන් වන අපට නම් අධෝ මුඛයෙනුත් හිනා යන මුත්, අප අනුන්ගේ ආගමික නිදහසට ගරු කරන නිසා ඒ පිළිබඳ කිසිවක් නො ලියන්නෙමු. ආගම් නො ඇදහීමේ අපේ ආගමික නිදහසටත් එවැනි ගරු කිරීමක් මේ සමාජයෙන් අවශ්‍ය ය.


මර්වින් සිල්වා තවත් වැදගත් ප්‍රකාශ කර තිබේ. "කාලි දේවාලයේ හිටපු ප්‍රධාන පූජකතුමා වන කාලිමුත්තු පූජකතුමා කරදරවලට මුහුණ දුන් අවස්‌ථාවලදී කතරගම දෙවියන් ඇතුළු වෙනත් දෙවිවරුන්ගෙන් ආශිර්වාදය ලබා ගැනීම සඳහා අවශ්‍ය කටයුතු මා විසින් සම්පාදනය කර දෙන ලදී," යි ඔහු පවසයි. ඒ අනුව, කතරගම දෙවියන්ගේ සම්බන්ධීකරණ නිලධාරිකමක් ද මර්වින් සිල්වා ඇමතිතුමාට ඇති බව පෙනේ.

"සතුන් මරණ ලේ තැවරුණු අපිරිසිදු ස්‌ථානවලට දෙවියන් පැමිණෙන බවට හින්දු ආගමේ කිසිම තැනක සඳහන් වී නොමැති අතර, සත්ත්ව බිලි පූජා පවත්වන්නන්ට දේව ආශිර්වාදය ලැබෙන බවට මා කිසි විටෙකත් විශ්වාස නොකරමි. බිලි පූජාවන්ගෙන් සතුන් බේරා ගැනීමට කැප වී කටයුතු කරන පුද්ගලයන් හට දේව ශාපය වදින බවට මා කිසිදු ආගමකින් හෝ දර්ශනයකින් දැනුවත් වී නැත."



මර්වින් සිල්වා ඇමතිතුමාට රටට කළ හැකි විශිෂ්ට ම සේවය කරන්නට ද එතුමා සූදානම් බව පවසා තිබේ. "ඔබලාට ලේ අවශ්‍ය නම් මාගේ ලේ දෙන්නම්. ඔබලාට ශරීරය අවශ්‍ය නම් මාගේ ශරීරය දෙන්නම්."


දෙන්න ඇමතිතුමනි.


සාදු! සාදු! සාදු!

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

Comments

  1. අන්තිමට බලයට සේවය කිරීම සඳහා සීමාව ඉක්මවා ගිය කාටත්...ලේ තමා දෙන්න වෙන්නේ...ඒක මර්වින් තුමාට දැන්වත් තේරුනොත් හොඳටම ඇති...

    අපි කිසිම ආකාරයක ප්‍රචණ්ඩ ක්‍රියා, අන්තිම හොඳම දෙයක් ලබා ගන්නවත්, අනුමත නොකරන මිනිස්සු විදිහට...මර්වින් තුමාට ලේ දෙන්න කියල කියන එක නොකළ යුතුයි...

    තමන් ගිය වැරදි පාර හඳුනා ගත්තානම් දැන්වත්...ඒක අත්හැර සමාජයට නරකින් නොව හොඳින් සේවය කරන්න කියල ඉල්ලමු...

    ReplyDelete
  2. කාලි මෑණිJanuary 13, 2012 at 11:31 AM

    මූ වගේ වල් බූරුවෙක්ව මරල පූජාවක් කලානම් අපිට කෙසේවෙතත් මහින්දගෙ ආණ්ඩුවටනම් යහපතක්ම වෙයි. සතුන් දහස් ගණනකට වඩා වටින බිලි පූජාවක්..... (ලංකාවට ආවේණික හොඳම තිරිසන් සතා)

    ReplyDelete
  3. අඳුරු කුටිය තුල දොරගුළු ලාගෙන ගයන ගීතිකා යදින යාතිකා
    දෙවියන් හට නැසේ

    පොළොව කොටන තැන පාර තනන තැන ගිනියම් අව්වේ මහා වරුසාවේ
    දෙවියෝ වැඩ ඉන්නේ

    බලන් කඩතුරා හැර දෑසේ......

    සිනිදු සුවැති සළු සිරසින් හැරදා දුවිලි මඩ වැකි පිලි ගත පලදා
    දෙවියන් රුව දක්නට හැක්කේ

    කුසුම් සදුන් දුම් සුවදින් වැලකි ගත නැගී දාදිය සුවදින් සරසි
    දෙවියන් හා එක්විය හැක්කේ

    -Kandyan-

    ReplyDelete
  4. ශරීරය අවශ්‍ය නම් මාගේ ශරීරය දෙන්නම්???? E kiyanne Moo wesa ganiyak ekko Gay Minihek

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා