ආගමිකයන් ඇණ කොටා ගන්නා ලෝකයේ අනාගමිකයකු වීම
ආගම් අතර යුද්ධ අලුත් වටයකින් ඇවිලෙමින් තිබේ. බුද්ධගයාවට බෝම්බ ගැසීම සමග මතු වී තිබෙන අලුත් ම තත්වය බෞද්ධයන් හා ඉස්ලාම් ආගමිකයන් අතර යුද්ධයක් විය හැකි ය. බෝම්බ තැබූවන්ට එසේ කිරීමට හේතුවක් තිබෙන්නට පුළුවන. එහෙත්, එකී බෝම්බ තැබීමෙන් සිදු වී ඇත්තේ දුකට තවත් දුකක් එක් වීම පමණි. දුක + දුක =සැප වන්නේ නැත. ආගමිකයන් ආගම් වෙනුවෙන් යුද්ධ කිරීම ඉතා කණගාටුදායක තත්වයකි. මෙවන් ලෝකයක අනාගමිකයකු හෙවත් කිසිදු ආගමක් නො අදහන්නකු වීම ගැන මම සතුටු වෙමි. මට කිසිදු ආගමක් සමග භක්තියක් හෝ වෛරයක් හෝ නැත. එහෙයින් මට නම් කිසි දිනෙක කිසිදු ආගමක් සමග යුද්ධ කිරීමේ උවමනාවක් නැත. අදහන ආගම නිසා කිසිවෙකු තමන් මට වඩා උසස් යයි කීවත්, මට එය උපේක්ෂාවෙන් සලකා බැලිය හැකි ය. මන්ද, මා ජීවත් වන්නේ ඒ ආගමික අවකාශයෙන් බැහැර ලෝකයක නිසා ය. ආගම මිනිසකුගේ පෞද්ගලික දෙයකි. තමන් පිළි ගත්තත්, නො ගත්තත්, අනුන්ගේ ආගම් ඇදහීමේ නිදහසට ගරු කිරීම මිනිසාගේ වගකීමකි. ධනවාදී සමාජ ක්‍රමය විසින් මිනිසුන් තුළ ඇති කරනු ලබන අසීමිත ආශා හා එකී ආශාවන් සපුරා ගැනීමට නො හැකි වීම නිසා ඇති වන අතෘප්තිය හේතුවෙන් අසහනයට පත් වන මිනිසුන්, ත...