Posts

Showing posts from November, 2011

ජවිපෙ වාමාංශය මේ එන්නේ කොටුවෙන් පිටට ද?

Image
එදා ඔබ වැළඳ ගත් සහෝදරයෝ අද ඔබේ සැක කරති. ඔබ පාදස්තල මත නංවා පිළිම ලෙස පිදුවෝ අද ඔබේ සිරුරු පරීක්ෂා කරන්නට අවශ්‍ය බව කියති. ඔබේ දහදිය මහන්සියෙන් ඉදි කළ ඔබේ පක්ෂයේ මූලස්ථානය අද ඔබට තහනම් කලාපයකි. අද ඔබ ද ද්‍රෝහීහු පිරිසකි. ලෝකයේ බහුතරය ඔබ වැනි ද්‍රෝහියෝ ය. ඉතින් ඔබත් ලෝකය සමන්විත වී ඇත්තේ සහෝදරයන්ගෙන් හා ද්‍රෝහීන්ගෙන් පමණකැයි සිතා සිටි සමය නිමා වී ද? ඔබ ම තනා ගත් සිරගෙදරකින් පිටතට තබන ඔබේ පා යථාර්ථයේ මහ පොළව පාගන්නට සමත් වේ ද?  රතු කොඩිවල, දෑකැති මිටිවල, මාක්ස් එංගල්ස් ලෙනින් රූපවල සෙවණේ සිදු වන නොමිනිස්කම් හඳුනා ගැනීමට ඔබ සමත් වේ ද?  ජවිපෙ නිල අයිතිය වෙනුවෙන් දැඩිව සටන් නො කරන්නට ඔබ තීරණය කර ඇති බව අපේ නිරීක්ෂණයයි. එහෙත්, ඔබ කරන්නට යන්නේ කුමක්ද යන්න අපට තවමත් පැහැදිලි නැත. 

සරණ අසරණ කළ වතුර බෝතල් වලිය

Image
ජනාධිපති හෙවත් මුදල් ඇමති අයවැය කතාව ඉදිරිපත් කරද්දී ඔහුට වැඩ පෙන්නමින් විපක්ෂයේ මන්ත්‍රීන්ට පහර දුන් පිරිස් අතරින් ජනාධිපති ළඟට වතුර බෝතලයක් විසි කළ අසරණ සරණ ගුණවර්ධනට පමණක් තෝරා දඬුවම් දී තිබේ. ඔහුට සතියක් පාර්ලිමේන්තු තහනම් ය. සමහර විට පඩි කැපෙනවා ද විය හැකි ය. මේ අසරණ සරණ ගුණවර්ධන වතුර බෝතලෙන් ගසා ඇත්තේ විපක්ෂ නායකවරයාට ය. එසේ ගසා ඇත්තේ ලොක්කාගේ කණ ළඟින් යන්නට ය. මූඩිය ගැලවුණු නිසා ලොක්කාගේ සරම ද තෙමමින් වතුර බෝතලය විපක්ෂ නායකවරයාගේ කකුල මුල වැටී ඇත. අසරණ සරණට කෙළ වී ඇත්තේ ඔහු විසි කළ වතුර බෝතලය ගිය කණ ළඟ ඔටුන්නක් ඇති බව අමක වීම නිසා ය. වලි ඔහොම තමා ය. රට පාලනය කරනවා ය නැති ය කියා නැත. ජන රාශිවල පවතින්නේ එයට ම ආවේණික හැසිරීම් ය. වතුර බෝතලය කණ ළඟින් ගිය පසු කලබල වූ මේ අයුතු ජන රාශියේ නායකයා 'කවුද ගැලරියේ ඉඳන් වතුර බෝතල් ගහනවා. පොලිස්කාරයන්ට හොයා බලන්න කියන්න" කියා ද පවසා ඇත.  අනේ පව් වීරෝදාර පොලිස් විරුවෝ! කෙසේ වුවත් අසරණ සරණ එදා වලියේ වීඩියෝ දර්ශනවල සිටි ප්‍රධාන පෙළේ වලිකාරයෙක් නො වේ. සයිඩ් එකෙන් සිට රියල් එක ගලෙන් කුරුල්ලන් දෙන්නෙක් මරන්නට තැත් කළ පොරකි. 

ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණයත් අහන නඩුවල හැටි!

ගණිකා නිවාස ආඥා පනතේ 2 (අ) වගන්තිය යටතේ දඬුවම් පැමිණවිය හැකි වැරදි වන්නේ ගණිකා නිවාසයක් පවත්වාගෙන යාම, කළමනාකරණය කිරීම හා ඊට සහාය වීම මිස පුරුෂයින් සන්තර්පණය කිරීමේ කාර්යය සඳහා ගණිකා මඩමක සේවය කිරීම නො වන බැවින් ජිනා මැඩම්ගේ කොල්ලුපිටිය ලිංගික සේවා මධ්‍යස්ථානයේ සේවය කළ ලිංගික ශ්‍රමිකයන් නිදහස් කිරීමට කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය නියෝග කර ඇත. මෙය ඉතා සාධාරණ නඩු තීන්දුවකි. මක් නිසා ද යත්, මෙම ලිංගික ශ්‍රමික කාන්තාවන්ගෙන් සේවා ලබා ගත් පිරිමින්ට නඩු පැවරීමක් ද සිදු වී නැති බැවිනි. ලංකාවේ පිරිමින් වෙනුවෙන් විශාල සේවයක් කළ ජිනා මැඩම්ගේ ලිංගික සේවා මධ්‍යස්ථානය නම් ලංකාවේ නීතියට පටහැණි ය. ඒ නිසා ඇය ගැන නම් දුක ය. වගකීමක් ඇති, ශ්‍රී ලංකා රජයේ ලියාපදිංචි වෙබ් අඩවියක් වන දිනමිණ පුවත්පත මෙන්න මෙතැන කියන ආකාරයට ඇයට නඩු දමා ඇත්තේ ශ්‍රේෂ්ඨාධිකරණයේ ය. වගකීමක් ඇති පුවත්පතක් නිසා එය ශ්‍රේෂ්ඨාධිකරණයට අපහාස කිරීමක් හෝ බොරුවක් හෝ වෙන්නට නම් බැරි ය.  අනේ අම්මප, ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණයත් අහන නඩුවල හැටි! මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

දෙමළ ජාතික සන්ධානයේ හිටපු මන්ත්‍රී පුතා ජනාධිපති, ආරක්ෂක ලේකම් හා සරත් ෆොන්සේකා මරන්න හැදුවා ය කියා නඩු

Image
කොටි සංවිධානයට එරෙහි යුද්ධයේ අවසන් අදියරේදී එල්.ටී.ටී.ඊ. පාලන ප්‍රදේශයේ රැඳී සිට කොටින්ගේ පරාජයත් සමග අවතැන් වූ ජනයා සමග රජයේ පාලන ප්‍රදේශයට පැමිණීමෙන් පසුව අත්අඩංගුවට ගෙන පුරා මාස අටක පමණ කාලයක් කොළඹ අත්අඩංගුවේ තබාගෙන සිටි දෙමළ ජාතික සන්ධානයේ වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සතාසිවම් කනගරත්නම් රජය 2010 ජනවාරි මස විසින් නිදහස් කර තිබේ. ඔහුට විරුද්ධව කිසිදු චෝදනාවක් නඟා නො තිබිණි. කනගරත්නම් මන්ත්‍රීවරයා යුද්ධයේ අවසන් අදියරේදී යුද මුක්ත කලාපයේ සිදු වූ සිදුවීම් පිළිබඳ ප්‍රබල සාක්ෂියකරුවකු වීම ඔහු මෙසේ රඳවා තබා ගැනීමට හේතු විය. සතාසිවම් කනගරත්නම් නිදහස් කළේ ජනාධිපති මහින්ද රාජපක්ෂට සහාය දීමේ කොන්දේසියක් පිට බව දෙමළ ජාතික සන්ධානය පැවසී ය. මෙම මන්ත්‍රීවරයාගේ පුත්‍රයා ද කොටි සංවිධානය විසින් කොළඹට එල්ල කරන ලද ගුවන් ප්‍රහාරවලට උදව් කළේ ය යන චෝදනාව මත රඳවා තබාගෙන සිටින අතර ඔහු නිදහස් කර ගැනීම සඳහා උදව් කරන බවට ද ආණ්ඩුව එහුට පොරොන්දු වී තිබුණු බව ඒ දිනවල වාර්තා විය. එසේම යුද්ධයේ අවසන් දිනවලදී ඔහු දුටු කිසිවක් ප්‍රකාශ නො කරන ලෙස ද ඔහුට උපදෙස් දී ඇති බව දැනගන්නට තිබිණි. කනගරත්

ජවිපෙ මධ්‍යම කාරක සභාව හෙට - බහුතර බලය සෝමවංශ පිලට

ජවිපෙ මහ ලේකම් ටිල්වින් සිල්වා පක්ෂ මධ්‍යම කාරක සභාව කැඳවා එහි සාමාජිකයන්ට ලියුම් යවා තිබේ.  එම මධ්‍යම කාරක සභා රැස්වීම හෙට පැවැත්වීමට නියමිත ය.  ජවිපෙ නායකත්වයේ මෙම තීරණය ප්‍රේමකුමාර ගුනරත්නම් පාර්ශ්වය අන්දමන්ද කර ඇති බව වාර්තා වේ. හෙට මධ්‍යම කාරක සභා රැස්වීම පිළිබඳ ඔවුන් තවමත් තීරණ්‍යකට එළැඹ නැත.  මේ වන විට ජවිපෙ මධ්‍යම කාරක සභාවේ සංයුතිය මෙසේ ය.  සාමාජික ගණන 23යි. අපගේ නිරීක්ෂණ අනුව, ඒ අතරින් බහුතරයකගේ සහයෝගය හිමි වන්නේ සෝමවංශ අමරසිංහ පාර්ශ්වයටයි.  සෝමවංශ අමරසිංහ පාර්ශ්වය:  ටිල්වින් සිල්වා සෝමවංශ අමරසිංහ අනුර කුමාර දිසානායක විජිත හේරත් නිහාල් ගලප්පත්ති සුනිල් හඳුන්නෙත්ති කේ.ඩී. ලාල් කාන්ත බිමල් රත්නායක ලක්ෂ්මන් නිපුනආරච්ච් සමන්ත විද්‍යාරත්න නලින්ද ජයතිස්ස මහින්ද ජයසිංහ ප්‍රේමකුමාර් ගුනරත්නම් පාර්ශ්වය: ජී. කුලරත්න පුබුදු ජයගොඩ දිමුතු ආටිගල අජිත් කුමාර එස්.කේ. සුබසිංහ රාමලිංගම් චන්ද්‍රසේකරන් දිමුතු අබේකෝන් වරුණ රාජපක්ෂ දුමින්ද නාගමුව චමීර කොස්වත්ත ජිනදාස කිතුලෙගොඩ * * ජිනදාස කිතුලෙගොඩගේ පක්ෂපාතිත්වය පිළිබඳ මෙම සටහන තබන අවස්ථාවේදී තහවුරු කර ගත

අධිවේගී මාර්ගයෙන් ජන ජීවිතයට කාන්දු වන්නේ ණය බර හා පොලියත්, දූෂණයේ ඕජසුත් පමණි

Image
දක්ෂිණ අධිවේගී මාර්ගය අද විවෘත වේ. එක්සත් ජාතික පක්ෂ ලෝක බැංකුව සමග එක්ව 'යළි පුබුදමු ශ්‍රී ලංකා' වැඩසටහන යටතේ යෝජනා කරන ලද මෙම ගාස්තු අය කරන අධිවේගී මාර්ගය සඳහා මුදල් යෙදවීම පිණිස විදේශ ආයෝජකයන් සොයා ගැනීම මුල් ඉලක්කය විය. එහෙත්, එය සාර්ථක වූයේ නැත. අධිවේගී මාර්ගය හදන්න අවසානයේදී සිදු වූයේ රජයට ම ය. මෙම දැවැන්ත  ව්‍යපෘතිය ආරම්භ කිරීමේ හා ඒ සඳහා විශාල වශයෙන් මුදල් ණයට ගනිමින් එය අවසන් කිරීමේ ධෛර්යය තිබුණේ ජනාධිපති මහින්ද රාජපක්ෂට ය. මේ පාර හැදීම තුළ දැවැන්ත වංචා රැසක් සිදු වූ බව පාර ආසන්නයේ ජීවත් වන බල්ලෝ පවා දනිති. ඔප්පු වී නැත. ඔප්පු වන්නට පරීක්ෂණ පැවැත්විය යුතු ය. පරීක්ෂණ පැවැත්විය යුත්තේ මහජනයා නොව ඒ සඳහා මහජන මුදලින් පවත්වාගෙන යනු ලබන ආයතන විසිනි. කොට්ටාව මාකුඹුරේ සිට ගාල්ල පින්නදූව දක්වා දක්ෂිණ ලංකා අධිවේගී මාර්ගය ඉදිකිරීමට රජය වැය කර ඇති මුදල රුපියල් බිලියන 77කි. ඉඩම් අත්පත් කර ගැනීම සඳහා වැය කළ මුදල වන රුපියල් බිලියන 4.7 ක් ක් ද මෙයට ඇතුළත් ය. මෙම මාර්ගය නිසා ඉවත් කරන ලද මිනිසුන් සිය ජීවිත නැවත ගොඩනඟා ගැනීම සඳහා වැය කළ මුදල පිළිබඳ තක්සේරුවක් මෙයට ඇතුළත් වන්න

මාස්ටර් හා දීප්ත(ි කුමාර ගුනරත්න) මරා සත්‍යාපෝල් නම් පරමාදර්ශය උපදින ලලිත සමය

Image
2011 රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළෙලේ 2010 වසරේ හොඳ ම සිංහල නවකතාව ලෙස සුනේත්‍රා රාජකරුණානායකගේ 'කවි කඳුර' හා ජයතිලක කම්මැල්වීරගේ 'චුම්බන කන්ද' නවකතා සම්මානයෙන් පිදුම් ලැබිණි. මෙම කෘති දෙක අතරින් 'චුම්බන කන්ද' ලේඛකයා විසින් කියවන ලදී. මෙවැනි කෘතිවලට සම්මාන ලැබීම ලංකාවේ සුලබ තත්වයකි. ආධුනික මට්ටමේ නවකතාවක් වන 'ස්වයංජාත' එක් වසරක ලංකාවේ සම්මාන පිට සම්මාන ලැබුවේ ය. එබැවින් මෙවැනි කෘති පිළිබඳ ලියනවාට වඩා ඒවා සම්මානයට පාත්‍ර වන ආකාරය පිළිබඳ විශ්ලේෂණය කිරීම රසවත් ය. පසු අවස්ථාවක ඒ පිළිබඳ ලියමි. එරික් ඉලයප්ආරච්චිගේ ලලිත සමය ගොඩගේ සාහිත්‍ය උළෙලේදී සම්මානයට පාත්‍ර කරන ලද නවකතාවකි. ලේඛකයා විසින් ලියන ලද 'ශාස්තෲ' නවකතාව ද ඔහු එම නවකතා තරගය සඳහා ඉදිරිපත් කළේ ය. එය අඩු තරමේ අවසාන සලකා බැලීම සඳහා තෝරා ගත් කෘති අතර හෝ නො තිබිණි. ලේඛකයා මහත් උනන්දුවෙන් 'ලලිත සමය' කියැවූයේ ඔහුගේ ම ලේඛන කලාවේ අසාර්ථකත්වය හඳුනා ගැනීමේ මානයක් සොයමින් ය. එවැනි මානයක් හඳුනා ගැනීමට තරම් විශිෂ්ට ලක්ෂණ එරික් ඉලයප්ආරච්චිගේ 'ලලිත සමය' නවකතාවේ නො තිබිණි. එය ඔහුගේ තු

සරත් ෆොන්සේකාට ප්‍රතිකාර නොලැබෙන්නේ ඇයි? / Whu Sarath Fonseka is not treated.

Image
සරත් ෆොන්සේකා ප්‍රතිකාර සඳහා නවලෝක රෝහලට ගෙන යන්නේ නැත. එය කළ හැකි ද යන්න නීතිපගෙන් විමසා ඇති බව බන්ධනාගාර කොමසාරිස් පවසා ඇත. කලින් ඔහු නවලෝක රෝහලට ගෙන ගියේ රිමාන්ඩ් සිරකරුවකු ලෙස බව බන්ධනාගාර කොමසාරිස්වරයා දිවයින පුවත්පතට කියා ඇත. එය හතර බීරි කතාවකි. එතකොට සරත් ෆොන්සේකාට යුද්ධාධිකරණයෙන් දුන් සිර දඬුවම කුමක්ද?  බන්ධනාගාර කොමසාරිස් කියන පරිදි සිරකරුවන් රැගෙන යා යුත්තේ රජයේ රෝහල් වෙත ය.  දක්ෂ නිලධාරීන්ට ‍, විනිසුරන්ට පාලක පවුලේ උවමනාවන් ඉවෙන් මෙන් දැනේ. කළ යුතු දේ කුමක්දැයි නො කීවත් කරන්නට ඔවුහු දනිති. අවශ්‍ය දේ කළ විට ඒවාට ප්‍රතිලාභ ලැබෙන බවත් ඔවුහු දනිති.  සරත් ෆොන්සේකා සම්බන්ධයෙන් පාලක පන්තියේ ආකල්පය තඩි ප්‍රියන්ත මීට ඉහතදී සිය ත්‍රස්තවාදී කොලමෙන් හෙළිදරව් කළේ ය. ඒ වනාහි කන්න, බොන්න දී මැරෙන තුරු වසා තැබීමයි. මන්ද, ෆොන්සේකා එළියට ඒම පාලක පවුලට අයහපත් වන බැවිනි.  සරත් ෆොන්සේකාගේ මුල් සිර දඬුවම අවසන් වන්නට පෙරාතුව තවත් එකක් දුන් විට ඔහු එළියට නො එන බව තහවුරු වේ. ඒ දඬුවම භාගයක් පමණ ගෙවී යන විට තව එකක් දෙන්නට සැලසුම් මේ වන විට සකසා අවසන් ය.  එහෙත්, සරත් ෆොන්සේකා තද මිනිහෙකි.

රජයට පවරා ගත් සමාගම් පාලනයට පත් කළ අනිසි බලධාරියෝ

Image
රජය විසින් පෞද්ගලික අංශයෙන් යළි පවරා ගන්නා ලද ව්‍යාපාර පාලනය සඳහා නිසි බලධාරීන් පිරිසක් පත් කර තිබේ. ඊට අමතරව, අදාළ සියලු අංශයන්හි සමස්ත අධීක්ෂණය සහතික කිරීමට පරිසර ඇමැති අනුර පි‍්‍රයදර්ශන යාපා මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු ඇමැති අනුකාරක කමිටුවක් හා ඊට සහය වනු සඳහා නිලධාරී අනුකමිටුවක් ද පත් කෙරේ. ඇමති අනුකාරක කමිටුවේ ඉන්නේ බස්නාහිර පළාත් ප්‍රධාන ඇමති ධුරයෙන් පහ කරන ලද රෙජිනෝල්ඩ් කුරේ, එජාපයෙන් කරණම් ගැසූ ලක්ෂ්මන් සෙනෙවිරත්න, පැරණිකමේ තරමට ඇමතිකම මදි යයි අඬන ඩිලාන් පෙරේරා හා අසාර්ථක දේශපාලන පක්ෂයක් නියෝජනය කරන ගීතාංජන ගුණවර්ධන යන අයයි. නීතිඥ කාලිංග ඉන්ද්‍රතිස්ස ව්‍යාපාර රැසක් පාලනය සඳහා පත් කළ නිසි බලධාරියෙකි. තමන් යටතේ පවතින රජයේ ආයතන හරහා 'විශිෂ්ට' මහජන සේවාවක් සපයන දිස්ත්‍රික් ලේකම්වරු පිරිසක් ද කොම්පැනි නිසි බලධාරියෝ ය. මේ අය මේ ව්‍යාපාරවල සිටි ප්‍රධාන විධායක නිලධාරීන්ටත් ඉහළින් සිටින දැවැන්තයෝ ය. අසාර්ථක ව්‍යාපාර ගොඩගැනීම කෙසේ වෙතත් මේ අය හරහා පාලක පවුලේ අයට මේ ආයතනවලට පහසුවෙන් මැදිහත් වීමට නම් පුළුවන. තවත් විස්තර මෙතැනින් කියවන්න. මේ ලිපියට ඔබ කැමති නම් වෙන අය

රජයේ සේවකයන්ට ඇත්තටම පඩි වැඩි කළා ද නැද්ද කියා විදුලි සේවකයන්ට හෝ කියන්න.

ලංකා විදුලිබල මණ්‌ඩල සේවකයන්ට වසර තුනකට වරක් සිදු කරන වැටුප් වැඩි වීමේදී 2012 ජනවාරි මාසයේ සිට ජාතික වැටුප් හා සේවක සංඛ්‍යා කොමිෂන් සභාව නිර්දේශ කර ඇත්තේ සියයට පහළොවක වැටුප් වැඩිවීමක්‌ පමණකැයි කියන වෘත්තීය සමිති 2012 අයවැය මගින් රාජ්‍ය සේවකයන්ට සියයට දහයක වැටුප් වැඩිවීමක්‌ ලබා දුන්නත් විදුලිබල මණ්‌ඩල සේවකයන්ට වසර තුනකටම සියයට පහළොවක වැටුප් වැඩිවීමක්‌ ලබාදීම අසාධාරණ බැවින් ඊට එරෙහිව දැඩි වෘත්තීය සමිති ක්‍රියාමාර්ග ගන්නා බව පවසති. රජයේ සේවකයන්ට 10%ක වැටුප් වැඩි කළා යයි කීම බොරුවකි. ඇත්තෙන් ම ලබා දී ඇත්තේ මූලික වැටුපෙන් 10%ක දීමනාවක් පමණි. දීර්ඝ කාලයකින් රජයේ සේවකයන්ට වැටුප් වැඩි කර නැති අතර කළේ මෙවැනි දීමනා ලබා දීම පමණි. එහෙයින්, රජයේ සේවකයන්ගේ මූලික වැටුප අඩු ය. මූලික වැටුපෙන් 10%ක් කී විට එහි ඇති කජ්ජක් ද නැත. එහෙත්, රජය මහා ලොකුවට කෑ ගසන්නේ රජයේ සේවකයන්ට මාර බක්කක් දුන්නා ය කියා ය. එහෙම දුන්නා නම්, විදුලි බල මණ්ඩල සේවකයන්ට කර ඇත්තේ ලොකු අසාධාරණයකි. ඒ නිසා ඔවුන් වසර තුනට 45%ක වැටුප් වැඩි වීමක් ඉල්ලීම සාධාරණ ය. එවිට අඩු ගණනේ වසර තුනට 30%ක වැටුප් වැඩි වීමක්වත් දීමට සිදු වනු ඇත. චම්ප

ලංකාවේ දුම්රිය වීරයා විජය සමරසිංහ / Sri Lanka's railway hero Wijaya Samarasinghe

Image
දෙමටගොඩ දුම්රිය ස්ථානය  දුම්රිය අධ්‍යක්‍ෂ (සැලසුම්) විජය සමරසිංහ ගැන ඔබ දන්නවා ද? සුද්දන්ගෙන් පසු ලංකාවේ දුම්රිය සේවයට වැඩි ම සේවයක් කළ තැනැත්තා ඔහු ය. ඔහු ජනමාධ්‍ය සමග එක් වී මේ වන විට රට පුරා දුම්රිය මාර්ග විශාල ප්‍රමාණයක් ඉදි කරමින් සිටියි. ඔබ නො දන්නවා වුණාට මේ වන විට මාතර සිට කතරගතමට ගිය දුම්රිය මාර්ගය මඩකලපුව දක්වා දික් වෙමින් තිබේ. "මාතර සිට මඩකලපුව දක්‌වා නව දුම්රිය මාර්ගයක්‌ ළඟදීම ඉදිකිරීමට තීරණය කර ඇතැයි දුම්රිය අධ්‍යක්‍ෂ (සැලසුම්) විජය සමරසිංහ මහතා "දිවයින"ට පැවසීය. මෙම දුම්රිය මාර්ගය මාතර, බෙලිඅත්ත, හම්බන්තොට, මොනරාගල, අම්පාර, ඔලුවිල් හරහා මඩකලපුව දක්‌වා ඉදිකෙරෙන බවද විජය සමරසිංහ මහතා වැඩිදුරටත් පැවසීය. මේ සඳහා යන වියදම දැන් ඇස්‌තමේන්තු කරගෙන යන අතර ලබන වසරේ මුල් භාගයේදී මෙම දුම්රිය මාර්ගය ඉදිකිරීමේ කටයුතු ඇරැඹෙයි." (අද දිවයින) තවත් දුම්රිය මාර්ග රැසක් ඔහුගේ අතේ රෝල් වෙමින් තිබේ. ඒවා නම්, "පානදුර හොරණ දක්වා ද, කුරුණෑගල හබරණ හරහා දඹුල්ල දක්වා ද, මැදවච්චිය සිට ත‍්‍රිකුණාමලය දක්වා ද, වැල්වාය සිට බිබිල හරහා බදුල්ල දක්වා ද, ත‍්‍රිකුණාමලය ස

රට පාලනය කරන අයුතු ජන රාශියේ අයවැය සංදර්ශනය / Budget show of the ruling mob of Sri Lanka

Image
ඊයේ අයවැය ඉදිරිපත් කළ අවස්ථාවේ සිදු වූ සිදුවීම් වනාහි ලංකාවේ රජයේ දේශපාලනයේ ස්වරූපය කදිමට සංකේතාත්මකව නිරූපණය කරන්නකි.  ඒ මෙසේ ය:  අද වන විට මේ රට පාලනය කරන්නේ අයුතු ප්‍රචණ්ඩ ජන රාශියක් හෙවත් violent mob එකක් විසිනි.  ඒ අනුව පාලනයේ මූලධර්ම වී ඇත්තේ මෙවැනි අයුතු ජන රාශියක සාමාන්‍ය තත්වය වන අරාජිකත්වයයි.  මේ රටේ ආණ්ඩුවත්, පසුගිය කාලයේ ග්‍රීස් යකුන් අල්ලා පොලු ගැසූ ජන රාශීනුත් සමාන ය.  වෙනස ඇත්තේ එවැනි ජන රාශිවල සාමාජිකයන් පසුව නැවත තනි තනි පුද්ගලයන් බවට පත් වූ විට ඔවුන් නීතිය ඉදිරියේ නිරාවරණය වීම, ලජ්ජාවට හා පසුතැවිල්ලට පත් වීමයි.  පාලක ජන රාශියට ලජ්ජාවක් හෝ පසුතැවිල්ලක් නැත. රොෂාන් රණසිංහ වැනි තරුණයකුට ඔහුගේ පියා වන් ජෝන් අමරතුංග වැනි මහළු මිනිසකුට අතින්, පයින් පහර දී වීරයකු සේ ආඩම්බරෙන් හැසිරිය හැකි ය.  ඊයේ පාර්ලිමේන්තුවේ තිබුණේ මෙවැනි වැඩකාරයන් බොස්ට වැඩ පෙන්නන සංදර්ශනයකි. උඩතලවින්න සමූහ මිනීමැරුම් නඩුවේ විත්තිකරුවකු බවට පත් වී සිට ලංකාවේ අධිකරණයෙන් නිදහස ලැබූ ලොහාන්රත්වත්ත ද ඊයේ වැඩ පෙන්නීමට සමත් විය. (කියවන්න  උඩතලවින්නේ නීතිය හා හතරෙ කොලනියේ කැළෑ නීතිය ) අධ්‍යාපන

රනිල්ට අලුත් චෝදනා ගෙන ඒම හා සමලිංගිකත්වය

Image
විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහත් අවාසනාවන්ත තත්වයකට පත් වෙමින් සිටියි.  ජාත්‍යන්තර වශයෙන් කෙතරම් කීර්තිමත් තත්වයකට පත් වුව ද, රට තුළ ඔහු පත් වී ඇති ඛෙදජනක තත්වය හමුවේ ඔහුගෙන් ඔහුගේ පංතියට අවශ්‍ය සේවය ඉටු කර ගැනීමට නො හැකි තත්වයක් මතු වී ඇත.  ඔහුට එල්ල කරනු ලබන අලුත් ම චෝදනා වන්නේ සමලිංගික චෝදනා ය. ඔහුට එරෙහිව එල්ල කර ඇති චෝදනා මාලාවේ 16වන චෝදනාව වන්නේ පක්ෂ නායකයා මාතර දිස්ත්‍රික් මන්ත්‍රී බුද්ධික පතිරණට ලිංගික යෝජනාවක් ඉදිරිපත් කර ඔහු එයට අකැමැති වූ පසු බුද්ධිකගෙන් පළි ගැනීමේ ක්‍රියාමාර්ග ගත් බවයි.  මේ ඉලංදාරියා හිටි හැටියේ එජාපයේ නායකයන් වූයේ කෙසේ ද යන්න ද සොයා බැලීම වටී. ඒ කාලයේ ඔහු අපයෝජනයට ලක් වුණා නම්, එය ද වැරදි විය යුතු ය.  පක්ෂ නායකයාගේ ක්‍රියාකලාපය හේතුවෙන් මව්පියන් තරුණයන් පක්ෂ කටයුතු සඳහා එවීමට අකැමැති බව ද චෝදනා පත්‍රයේ සඳහන් වන බව ලක්බිම නිව්ස් පුවත්පත වාර්තා කරයි.  අපි ප්‍රතිපත්තියක් ලෙස සමලිංගිකත්වය හෝ විෂම ලිංගිකත්වය යන දෙකින් එකක් වඩා හොඳ යයි හුවා දක්වන්නේ නැත. ඒ වනාහි පුද්ගල නිදහස හා බැඳුණු තත්වයකි. මේ දෙක ම මිනිස් සමාජයේත්, වෙනත් සත්වයන් අතරත් සුළුතර පි

නැගෙනහිර ටිමෝර නිදහස් සටන්කාමීන්ගේ මිළ

Image
නැගෙනහිර ටිමෝරය යනු පෘතුගීසි යටත් විජිතයකි. 1975දී පෘතුගාලය එය නිදහස් කිරීමත් සමග ම ඉන්දුනීසියාව එරට ආක්‍රමණය කළේ ය. දශකයක පමණ දැවැන්ත අරගලයකින් පසු 2002දී එක්සත් ජාතීන්ගේ මැදිහත් වීමෙන් නැගෙනහිර ටිමෝරයට ස්වයං නිර්ණ හිමිකම ලැබිණි.  නිදහස් නැගෙනහිර ටිමෝරයේ රජය දැන් පැරණි ජාතිකවාදී නිදහස් අරගලකරුවන්ට මුදලින් වන්දි ගෙවීමේ වැඩපිළිවෙලක් ආරම්භ කර තිබේ. ජාත්‍යන්තර අර්බුද කණ්ඩායමේ වාර්තාවක එහි ඇති ගැටලු වෙත අවධානය යොමු කර ඇත.  මෙවැනි අරගලයක සැබෑ සටන්කරුවන් හා ව්‍යාජ වන්දි ඉල්ලන්නන් අර වෙනස හඳුනා ගැනීම අතිශය දුෂ්කර ය.  සමාජවාදී විප්ලව කළ බව කියූ රටවල මෙවැනි ප්‍රශ්න පැන නැඟුණ බවක් වාර්තා වී නැත. මන්ද, නිර්ධන පංති ආඥාදායකත්වයන් ලෙස නම් කරන ලද එකී රටවල ඒකාධිපති පාලනයන් වීරයන්ට මුදලින් වන්දි ගෙවීමක් පිළිබඳ සිතුවේවත් නැති හෙයිනි.  ජාතික විමුක්ති අරගලයකින් පසු පිහිටුවනු ලැබූ නව ලිබරල් ධනවාදී පාලනයක් තුළ වීරයන්ගේ වටිනාකම වුව මිළ කෙරෙන්නේ මුදලිනි.  අදාළ වාර්තාව ගැන විස්තරය මෙතැනින් කියවන්න. මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

රුවන්දි සිල්වාගේ තාත්තා ඇතුළු වාමාංශිකයන් අතින් මිය ගිය වාමාංශිකයන් ගැන..........................

රුවන්දි සිල්වා සොයුරිය විසින් ලියා එවන ලද පහත පළ කරනු ලබන ලිපිය කියවන්නට ලැබුණේ මඳක් ප්‍රමාද වී ය. 1989 සමයේදී ජවිපෙ සෙසු වාමාංශිකයන් දෙස බැලුවේ තදබල වෛරී හැඟීමකිනි. ජවිපෙ කැරැල්ල පිළිබඳ සෙසු වාමාංශික කණ්ඩායම්වලින් මතු වූ විවේචන ‍ඉවසන්නට සූදානමක් එදා ජවිපෙට නො තිබිණි. පැරණි වමේ සුළු පිරිසක් ආණ්ඩුව හා ආරක්ෂක හමුදා සමග එක්ව පිහිටුවා ගත් ප්‍රතිවිප්ලලවාදී අතුරු හමුදා කණ්ඩායම් හේතුවෙන් පැරණි වමේ සියල්ලන් ම එක ම සතුරු කුලකයක ලා ගිනීමට ජවිපෙ නායකත්වයට අවස්ථාව ලැබිණි. එදා ද්‍රෝහී ප්‍රා කඳවුරක් ලෙස සලකා ජවිපෙ විසින් විනාශ කරන ලද රුවන්දි සොයුරියගේ ලිපියේ සඳහන් වන ගොවිපල පිළිබඳ සැබෑ තතු දත් සහෝදරයින් ඇසුරු කිරීමේ අවස්ථාව පසු කලෙක ලේඛකයාට ලැබිණි. ඒ වන විට ලේඛකයා ද සිටියේ මහ ජාතියේ වාර්ගික ස්වෝත්තමවාදය පිටුදකින දේශපාලන ස්ථාවරයක ය. ඒ වනාහි A free society is one where it is safe to be unpopular හෙවත් නිදහස් සමාජයක් යනු ජනප්‍රිය නො වන ස්ථාවරයන් ගැනීමෙන් අනාරක්ෂිත තත්වයට පත් වීමට සිදු නො වන සමාජයක් ය යන අප වෙබ් අඩවියේ මේ දිනවල උද්ධෘත පාඨය ලෙස දක්වා තිබෙන ප්‍රකාශයේ අරුත ලේඛකයාට ‍හොඳින් වැටහෙමින්

සුදු කොඩි නඩුවේ අවසන් අවාසිය රාජපක්ෂලාට ය / Final disadvantage of white flag case is to Rajapaksas

Image
රට තුළදී ආණ්ඩුවට එරෙහිව යුද අපරාධ චෝදනා එල්ල කිරීමට තරම් දිරිමත් වන අය මුහුණ දෙන අනතුර සුදු කොඩි නඩු තීන්දුවෙන් පෙන්නුම් කෙරෙන බව කොළඹ BBC වාර්තාකරු පවසා ඇත.  යුද අපරාධ චෝදනා වනාහි ආණ්ඩුවේ නායකයන්ට ජාත්‍යන්තර වශයෙන් නිරතුරුව ම පවතින භයානක තර්ජනයකි.  සුදු කොඩි රැගෙන යටත් වීමට පැමිණෙන කොටි නායකයන්ට වෙඩි තබා මරා දමන්නැයි ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ එවකට බ්‍රිගේඩියර් ශවේන්ද්‍ර සිල්වාට උපදෙස් දුන් බව තමන්ට පුවත්පත් කලාවේදියකුගෙන් දැගනගන්නට ලැබුණු බව හිටපු හමුදාපකි සරත් ෆොන්සේකා සන්ඩේ ලීඩර් මාධ්‍යකාරිනී ෆ්‍රෙඩ්රිකා ජෑන්ස්ට ප්‍රකාශ කර ඇති බව දැන් ලංකාවේ අධිකරණය පිළිගෙන ඇත.  එම ප්‍රකාශය සත්‍ය ප්‍රකාශයක් ද නැද්ද යන්න මෙම නඩු විභාගයේදී සලකා බැලුණේ නැත.  මෙම නඩු තීන්දුව ලංකාවේ පාලකයන්ට එරෙහිව යුද අපරාධ චෝදනා  නඟන්නන්ට වැදගත් සාධකයක් විය හැකි ය.  අදාළ වකවානුවේ හමුදාපති වැනි වගකිව යුතු තනතුරක් හෙබවූවකු එවැනි ප්‍රකාශයක් කළ බව නීතිය ඉදිරියේ ඔප්පු වී ඇති පරිසරයකදී එම ප්‍රකාශයේ සත්‍යාසත්‍යභාවය විමසීමේ පරීක්ෂණයක් සඳහා පැහැදිලි යුක්තියුක්තභාවයක් ඇති වේ.  වෙනත් වචනවලින් කියනවා නම්, ලංකාවේ යු

ජවිපෙ ගිරා පෝතකයකු සමග පැයක් / An hour with a JVP parrot

Image
ඊයේ කැස්බෑවේ සිදු වූ ජවිපෙ ගුටි ගැසීම ජවිපෙ කණ්ඩායම් දෙක අතර අර්බුදය නව මානයක් කරා යාමකි. දෙපාර්ශ්වය එකිනෙකාගේ ශක්තිය පෙන්වීමේ තරගයක නියැලීමෙන් අනතුරුව දැන් ගැටුම ප්‍රචණ්ඩ අවධියකට එළඹෙමින් තිබේ.  මේ එකිනෙකාගේ ලේ සොලවන්නේ කලක් එකට සිටිමින් අන් අයට එරෙහිව නැඟී සිටි පිරිසකි. ඉතිහාසය පුරා ම වාමාංශික හා විප්ලවවාදී යයි කියන පක්ෂ, කණ්ඩායම්වල ගැටුම් සිදු වී ඇත්තේ මේ අන්දමිනි.  ලේඛකයාට ඊයේ දවසේ ජවිපෙ සෝමවංශ අමරසිංහ කණ්ඩායමේ තරුණ වෘත්තීය සමිති ක්‍රියාධරයකු හමු විය. ලේඛකයා ඔහු සමග සංවාදයක් ඇති කර ගන්නට උත්සාහ කළේ ය. ලේඛකයා ඔහුට පැහැදිලි කරන්නට උත්සාහ කළ දෙය වන්නේ දේවල් පිළිබඳ නිගමන මත පිහිටීම වෙනුවට ඒවා සංවාද ලෙස විවෘත අවසානයන් සහිතව පවත්වාගෙන යාමේ වැදගත්කමයි.  එහෙත්, ඔහුගේ ප්‍රධාන තර්කය වූයේ සත්‍යයන් ඇත්තේ එකක් පමණක් බවයි. විරුද්ධ මත කිසිවකට සවන් දීමේ උවමනාවක් ඔහුට නො වූ අතර, ඔහු දිගින් දිගට ම කතා කළේ ය. ලේඛකයාට කරන්නට සිදු වූයේ ඔහුට සවන් දීම හා ඔහුගේ ශරීර භාෂාව නිරීක්ෂණය කිරීම පමණි. මෙම තරුණයා ලේඛකයාට පක්ෂ ඉතිහාසය පිළිබඳ විස්තරයක් කළේ 1971 කැරැල්ල රෝහණ සහෝදරයාගේ කැමැත්තෙන් තොරව සිදු වූ

මාලදිවයිනේ පිහිටවූ ගුටි කන සිංහයා ලංකාවේ ජාතික සංකේතයක් ද? / Maldive lion and Sri Lanka's national symbol

Image
ලංකාවේ පාලකයන් සාක් සමුළුව නිමිත්තෙන් මාලදිවයිනට ගෙන ගොස් පිහිටවූ සිංහ රූපයක් මේ දිනවලි කළු තෙලින් නෑවෙමින් එ‍රට මහජනයාගෙන් කොටසකගේ වෛරයට ලක් වෙමින් තිබේ.  පකිස්තානයෙන් ගෙනැවිත් සවි කරන ලද පිළිමයක් මේ වන විට ගිනි තබා තිබේ. මාලදිවයිනේ හිටපු ඒකාධිපති මම්මූන් අබ්දූල් ගයුම්ගේ පක්ෂය ඇතුළ මුස්ලිම් අන්තවාදී පක්ෂ පෙන්වා දෙන්නේ මෙම පිළිම මාලදිවයිනට ගෙන ඒම හා එහි පිහිටුවීම නීති විරෝධී බවයි. මාලදිවයින පිළිම වන්දනාව පිටු දකින මුස්ලිම් රටකි.  එහෙත්, ලංකාවේ මිනිස්සු පවා සිංහ පිළිම වන්දනා නො කරති. එය සිංහල ජාතියේ සංකේතයකි.  ලංකාවේ ස්වාභාවිත පරිසරයේ සිංහයන් ජීවත් වන්නේ නැත. ජීව විද්‍යාත්මකව ගත්තොත් සිංහයා ද තවත් එක් තිරිසන් තතෙකු පමණක් වන මුත්, ලංකාවේ සහ ලොව තවත් බොහෝ රටවල ජන සාහිත්‍යයේ සිංහයාට අධිපති භූමිකාවක් හිමි වී ඇත. සිංගප්පූරුවේ ද සිංහයා සංකේතයකි. එහි ද සිංහයෝ ජීවත් නො වෙති. සිංහල ජාතියේ උපත සම්බන්ධ මිථ්‍යා කතාව සමග ද සිංහයකු සම්බන්ධ නිසා සිංහලයෝ සිංහයා සිය සංකේතය කර ගත් හ.  සිංහයා සිංහලයන්ගේ සංකේතයක් මිස ‍ලාංකිකයන්ගේ සංකේතයක් නො වේ.  නිදහසත් සමග ඉංග්‍රීසි යටත් විජිතවාදීන්ගේ අන