නැගෙනහිර ටිමෝර නිදහස් සටන්කාමීන්ගේ මිළ

නැගෙනහිර ටිමෝරය යනු පෘතුගීසි යටත් විජිතයකි. 1975දී පෘතුගාලය එය නිදහස් කිරීමත් සමග ම ඉන්දුනීසියාව එරට ආක්‍රමණය කළේ ය. දශකයක පමණ දැවැන්ත අරගලයකින් පසු 2002දී එක්සත් ජාතීන්ගේ මැදිහත් වීමෙන් නැගෙනහිර ටිමෝරයට ස්වයං නිර්ණ හිමිකම ලැබිණි. 


නිදහස් නැගෙනහිර ටිමෝරයේ රජය දැන් පැරණි ජාතිකවාදී නිදහස් අරගලකරුවන්ට මුදලින් වන්දි ගෙවීමේ වැඩපිළිවෙලක් ආරම්භ කර තිබේ. ජාත්‍යන්තර අර්බුද කණ්ඩායමේ වාර්තාවක එහි ඇති ගැටලු වෙත අවධානය යොමු කර ඇත. 


මෙවැනි අරගලයක සැබෑ සටන්කරුවන් හා ව්‍යාජ වන්දි ඉල්ලන්නන් අර වෙනස හඳුනා ගැනීම අතිශය දුෂ්කර ය. 


සමාජවාදී විප්ලව කළ බව කියූ රටවල මෙවැනි ප්‍රශ්න පැන නැඟුණ බවක් වාර්තා වී නැත. මන්ද, නිර්ධන පංති ආඥාදායකත්වයන් ලෙස නම් කරන ලද එකී රටවල ඒකාධිපති පාලනයන් වීරයන්ට මුදලින් වන්දි ගෙවීමක් පිළිබඳ සිතුවේවත් නැති හෙයිනි. 


ජාතික විමුක්ති අරගලයකින් පසු පිහිටුවනු ලැබූ නව ලිබරල් ධනවාදී පාලනයක් තුළ වීරයන්ගේ වටිනාකම වුව මිළ කෙරෙන්නේ මුදලිනි. 


අදාළ වාර්තාව ගැන විස්තරය මෙතැනින් කියවන්න.

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

Comments

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා