සරණ අසරණ කළ වතුර බෝතල් වලිය

ජනාධිපති හෙවත් මුදල් ඇමති අයවැය කතාව ඉදිරිපත් කරද්දී ඔහුට වැඩ පෙන්නමින් විපක්ෂයේ මන්ත්‍රීන්ට පහර දුන් පිරිස් අතරින් ජනාධිපති ළඟට වතුර බෝතලයක් විසි කළ අසරණ සරණ ගුණවර්ධනට පමණක් තෝරා දඬුවම් දී තිබේ.


ඔහුට සතියක් පාර්ලිමේන්තු තහනම් ය. සමහර විට පඩි කැපෙනවා ද විය හැකි ය.


මේ අසරණ සරණ ගුණවර්ධන වතුර බෝතලෙන් ගසා ඇත්තේ විපක්ෂ නායකවරයාට ය. එසේ ගසා ඇත්තේ ලොක්කාගේ කණ ළඟින් යන්නට ය. මූඩිය ගැලවුණු නිසා ලොක්කාගේ සරම ද තෙමමින් වතුර බෝතලය විපක්ෂ නායකවරයාගේ කකුල මුල වැටී ඇත.


අසරණ සරණට කෙළ වී ඇත්තේ ඔහු විසි කළ වතුර බෝතලය ගිය කණ ළඟ ඔටුන්නක් ඇති බව අමක වීම නිසා ය. වලි ඔහොම තමා ය.


රට පාලනය කරනවා ය නැති ය කියා නැත. ජන රාශිවල පවතින්නේ එයට ම ආවේණික හැසිරීම් ය.


වතුර බෝතලය කණ ළඟින් ගිය පසු කලබල වූ මේ අයුතු ජන රාශියේ නායකයා 'කවුද ගැලරියේ ඉඳන් වතුර බෝතල් ගහනවා. පොලිස්කාරයන්ට හොයා බලන්න කියන්න" කියා ද පවසා ඇත.  අනේ පව් වීරෝදාර පොලිස් විරුවෝ!


කෙසේ වුවත් අසරණ සරණ එදා වලියේ වීඩියෝ දර්ශනවල සිටි ප්‍රධාන පෙළේ වලිකාරයෙක් නො වේ. සයිඩ් එකෙන් සිට රියල් එක ගලෙන් කුරුල්ලන් දෙන්නෙක් මරන්නට තැත් කළ පොරකි. 


මහ වලිකාරයෝ පැත්තක ය. මේ කනිෂ්ඨ විද්‍යාලයේ ප්‍රින්සිපල් කර ඇත්තේ පන්තියේ පස්ස පේළියේ සිටි සාමාන්‍ය නරක ළමයකු අල්ලා ඌට තඩි බෑමයි.


මේ වනාහි විනය විරෝධී හැසිරීමකට දුන් දඬුවමක් නොව වෙන මොකක්දෝ එකකට දුන් එකකි. සමහර විට අසරණ සරණගේ වෙන පක්ෂපාතිත්වයන් සලකා දුන් දඬුවමක් වන්නට ද පුළුවන.


කථානායකතුමා තමා පිළිබඳව මෙම තීරණය ගනු ලැබූ මොහොතේ තමා උත්සවයකට සහභාගි වී සිටි අතර එහිදී නැඟුණු චෝදනා තමා ප්‍රතික්‌ෂේප කරන බව අසරණ සරණ පවසයි.


"එදා ඔය කලබලය සිදුවූ මොහොතේ මා සිටියේ පාර්ලිමේන්තුවේ උඩු මහලෙයි. ඔය කලබලය ටී.වී. වලින් පත්තරවලින් ප්‍රදර්ශනය කළා. ඔය එක ඡායාරූපයකවත් පෙනෙන්නට මා හිටියේ නැහැ. ටී.වී. දර්ශනවලින් මගේ රූපේ තිබුණේ නැහැ. ඒත් හුඟ දෙනකුට පෙනිලා තියෙන්නේ මා විතරයි. මා දන්නා තරමින් මම නම් වැරැද්දක්‌ කරලා නැහැ." අසරණ සරණ දිවයින පුවත්පතට කියා ඇත.


මේවා අහලා පණ පලයං පෙරේදා ය.

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

Comments

  1. දුටුගැමුණු රජුගේ කණේ වූ කුණ්ඩලාභරණයට ගෑවෙමින් භල්ලුකගේ මුඛයට හී තලයෙන් විඳි ඵුස්සදේව යෝධයාව සිහිපත් වේ

    ReplyDelete
  2. Mokek hari ekekwa allala danduwam dena eka kekille rajunge prathipaththiyak. Karunai KP e LTTE eke mini maruwa. Eth Sarath Fonsekawa hire damma. Owa ohoma thami.

    ReplyDelete
  3. okama thamayi matath hithune. Weradda water bottle eka MR ge kana gawin giyapu eka. nathnam Awulak naha

    ReplyDelete
  4. satiyakata tahanam karala.. lankawata maara padui ooi.. mun wage un parliment nawoth koi taram paaduwada? meka lokkage kana gawin giya nisa dun daduwamak. eth anith pattata panala anith harakta nelapu eunta kisima daduwamak ne ooi... maarai... ooooiiii....

    ReplyDelete
  5. අසරණ වූ සරණ ගුණවර්ධන සහ ගොඩ ගිය ථේරපුත්තාභයගේ කතාව දන්නවාද ???

    මේ අසරණ සරණ ගුණවර්ධන වතුර බෝතලෙන් ගසා ඇත්තේ විපක්ෂ නායකවරයාට ය. එසේ ගසා ඇත්තේ ලොක්කාගේ කණ ළඟින් යන්නට ය. මූඩිය ගැලවුණු නිසා ලොක්කාගේ සරම ද තෙමමින් වතුර බෝතලය විපක්ෂ නායකවරයාගේ කකුල මුල වැටී ඇත.

    රජුන් හා සමඟ එක් ම යානයෙක හිඳ රාජූපස්ථානයෙහි යෙදුණු ඇමතියෙකු විසින් ඔවුන් නොවිචාරා හීයක් විඳීමෙන් දඬුවම් ලැබිය යුතු වරදක් කර ලදී. මම එසේ කළෙමි. එසේ කරනුයේ ද ඔබ වහන්සේගේ කුණ්ඩලාභරණය ගටා හීය විද්දෙමි. එමතු ද නොව රජුන් නොවිචාරා ම එසේ කළෙමි. එහෙයින් මා වරදට අනුරූප වන සේ මා ගේ ලෙහෙ දැක්වීම කළෙමි

    http://aagiyakatha.blogspot.com/2011/12/w3lanka-lanka-e-news.html

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා