රුවන්දි සිල්වාගේ තාත්තා ඇතුළු වාමාංශිකයන් අතින් මිය ගිය වාමාංශිකයන් ගැන..........................
රුවන්දි සිල්වා සොයුරිය විසින් ලියා එවන ලද පහත පළ කරනු ලබන ලිපිය කියවන්නට ලැබුණේ මඳක් ප්‍රමාද වී ය.
1989 සමයේදී ජවිපෙ සෙසු වාමාංශිකයන් දෙස බැලුවේ තදබල වෛරී හැඟීමකිනි. ජවිපෙ කැරැල්ල පිළිබඳ සෙසු වාමාංශික කණ්ඩායම්වලින් මතු වූ විවේචන ඉවසන්නට සූදානමක් එදා ජවිපෙට නො තිබිණි.
පැරණි වමේ සුළු පිරිසක් ආණ්ඩුව හා ආරක්ෂක හමුදා සමග එක්ව පිහිටුවා ගත් ප්‍රතිවිප්ලලවාදී අතුරු හමුදා කණ්ඩායම් හේතුවෙන් පැරණි වමේ සියල්ලන් ම එක ම සතුරු කුලකයක ලා ගිනීමට ජවිපෙ නායකත්වයට අවස්ථාව ලැබිණි.
එදා ද්‍රෝහී ප්‍රා කඳවුරක් ලෙස සලකා ජවිපෙ විසින් විනාශ කරන ලද රුවන්දි සොයුරියගේ ලිපියේ සඳහන් වන ගොවිපල පිළිබඳ සැබෑ තතු දත් සහෝදරයින් ඇසුරු කිරීමේ අවස්ථාව පසු කලෙක ලේඛකයාට ලැබිණි. ඒ වන විට ලේඛකයා ද සිටියේ මහ ජාතියේ වාර්ගික ස්වෝත්තමවාදය පිටුදකින දේශපාලන ස්ථාවරයක ය.
ඒ වනාහි A free society is one where it is safe to be unpopular හෙවත් නිදහස් සමාජයක් යනු ජනප්‍රිය නො වන ස්ථාවරයන් ගැනීමෙන් අනාරක්ෂිත තත්වයට පත් වීමට සිදු නො වන සමාජයක් ය යන අප වෙබ් අඩවියේ මේ දිනවල උද්ධෘත පාඨය ලෙස දක්වා තිබෙන ප්‍රකාශයේ අරුත ලේඛකයාට හොඳින් වැටහෙමින් තිබුණු අවධියකි.
ප්‍රා කඳවුරක් ලෙස වරදවා වටහා ගන්නා ලද අවතැන් වාමාංශිකයන්ගේ ගොවිපළේ ජීවත් වූ කුඩා දැරියක වූ රුවන්දි සිල්වා පසුකලෙක මුණගැසෙන විට ඇගේ ආදරණීය පියා වැනි වාමාංශික සහෝදරයින් මරා දැමීමේ වරදකාරිත්වය කලකට ඉහත ජවිපෙ ක්‍රියාකාරිකයන් වූ ලේඛකයා ඇතුළු පිරිස් ලජ්ජාවට පත් කළේ ය.
අද ඇගේ ලිපිය කියවන විට ලේඛකයාට මතක් වන්නේ ඔහුගේ දියණියෝ ය. අනාරක්ෂිත සමාජයක ජීවත් වන ජනප්‍රිය නො වන මාධ්‍යකරුවකු වන ඔහු වෙනුවෙන් මෙවැනි ලිපියක් ලියන්නට ඔහුගේ දියණියන්ට ද සිදු වේ යයි ලේඛකයා ඇත්තට ම බියෙන් සන්ත්‍රාසයට පත් වෙයි.
සමාජවාදී විප්ලවය වෙනුවෙන් පරිත්‍යාග කිරීම් කළ මිනිසුන් අතින් තවත් එවැනි ම මිනිසුන් කී දෙනෙකුගේ ලේ සෙලවෙන්නට ඇද්ද?
මනුස්සකම විප්ලවයට වඩා වැදගත් ය. විප්ලවය නම් සංකල්පය විප්ලවීය ලෙස උඩු යටිකුරු කළ හැක්කේ යළි මනුස්සකමට මුල් තැන දීමෙනි.
රුවන්දි සිල්වා සොයුරිය ලියූ සම්පූර්ණ ලිපිය මෙතැනින් කියවන්න. පහත පළ වන්නේ එයින් උපුටා ගත් කොටසකි.
මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

It was the 8th of November, 1988. Both I and my sister
were at the school boarding house, after spending our weekend with my father as
we used to do frequently. It never occurred to us that our lives were about
take the most terrible blow soon after that fateful weekend. Before leaving the
house hoping to go back to the school, we never dreamed that it would be our
final farewell to the man who taught us everything about life and love.
On that fateful night, my father was brutally
murdered along with four other friends. An armed gang of the JVP, surrounded
our house before dragging everyone out to be shot in cold blood. Their bodies
were brutally mutilated and the house we grew up was burnt to the ground.
We never heard him crying in pain. We never saw
him in a pool of blood. We never even saw his mutilated body lying in a coffin.
Therefore I still remember him as he always wanted us to remember him: A
father with a heart filled with love for us and with unending passion for
justice - As a human being made out of love and courage.
මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න
ජීවිතය අවබෝධ වෙලා තියෙන්නේ පසු කාළිනව..
ReplyDeleteමේ විමුක්ති කාමී කස්ටියට තියෙන ලොකුම අඩු පාඩුව තමයි තමුන්ගේ අතීත වැරදි ගැන ස්වයන් විවේචනයක් නැති කම. මේ රටේ හිටිය වඩාත්ම ප්‍රගතිශීලි වැඩිහිටි පරපුර ඝාතනය කෙළේ ඔවුන් . අද මේ රටේ දේශපාලනයට ඇවිත් ඉන්න ගස් නැති රටේ එඬරු ගස් වලට පාර හැදුනේ ඒ නිසයි. ඒ විතරක් නෙමෙයි එවැනි අන්තවාදී නොවුන වාමවාදීන්ගේ දරුවනුත් රට හැරලාගිය. රුවන්දි වගේ අය තව කොයි තරම් ඉන්නවද ? සමහරු සදහටම සමාජයට වෛරකරන තත්වයට පත්වෙලා. කොහොම නමුත් මේ ගැන සාකච්චා කරන්න තාමත් ගොඩක් අය බයයි
ReplyDeleteහරිම අවාසනාවන්ත තත්වයක්
"මනුස්සකම විප්ලවයට වඩා වැදගත් ය" 1000% agree! Russia, China and other socilist countries did the same as Americans and Westerners did, but under the brand name of socilisation. These are the people who said Relegeous is Poison but they acted even worse than hannibals in Africa. There is only one true cause - humanity. all other brands are just for power greedness!
ReplyDeleteසව්‍යං විවෙචන කරන්නේ කන්නද මොඩයෝ
ReplyDeleteනිදහස් සමාජයක් යනු ජනප්‍රිය නො වන ස්ථාවරයන් ගැනීමෙන් අනාරක්ෂිත තත්වයට පත් වීමට සිදු නො වන සමාජයක් ය
ReplyDelete