මාලදිවයිනේ පිහිටවූ ගුටි කන සිංහයා ලංකාවේ ජාතික සංකේතයක් ද? / Maldive lion and Sri Lanka's national symbol

ලංකාවේ පාලකයන් සාක් සමුළුව නිමිත්තෙන් මාලදිවයිනට ගෙන ගොස් පිහිටවූ සිංහ රූපයක් මේ දිනවලි කළු තෙලින් නෑවෙමින් එ‍රට මහජනයාගෙන් කොටසකගේ වෛරයට ලක් වෙමින් තිබේ. 


පකිස්තානයෙන් ගෙනැවිත් සවි කරන ලද පිළිමයක් මේ වන විට ගිනි තබා තිබේ.


මාලදිවයිනේ හිටපු ඒකාධිපති මම්මූන් අබ්දූල් ගයුම්ගේ පක්ෂය ඇතුළ මුස්ලිම් අන්තවාදී පක්ෂ පෙන්වා දෙන්නේ මෙම පිළිම මාලදිවයිනට ගෙන ඒම හා එහි පිහිටුවීම නීති විරෝධී බවයි. මාලදිවයින පිළිම වන්දනාව පිටු දකින මුස්ලිම් රටකි. 


එහෙත්, ලංකාවේ මිනිස්සු පවා සිංහ පිළිම වන්දනා නො කරති. එය සිංහල ජාතියේ සංකේතයකි. 


ලංකාවේ ස්වාභාවිත පරිසරයේ සිංහයන් ජීවත් වන්නේ නැත. ජීව විද්‍යාත්මකව ගත්තොත් සිංහයා ද තවත් එක් තිරිසන් තතෙකු පමණක් වන මුත්, ලංකාවේ සහ ලොව තවත් බොහෝ රටවල ජන සාහිත්‍යයේ සිංහයාට අධිපති භූමිකාවක් හිමි වී ඇත.


සිංගප්පූරුවේ ද සිංහයා සංකේතයකි. එහි ද සිංහයෝ ජීවත් නො වෙති.
සිංහල ජාතියේ උපත සම්බන්ධ මිථ්‍යා කතාව සමග ද සිංහයකු සම්බන්ධ නිසා සිංහලයෝ සිංහයා සිය සංකේතය කර ගත් හ. 


සිංහයා සිංහලයන්ගේ සංකේතයක් මිස ‍ලාංකිකයන්ගේ සංකේතයක් නො වේ. 


නිදහසත් සමග ඉංග්‍රීසි යටත් විජිතවාදීන්ගේ අනුග්‍රහයෙන් නූතන ලංකාව පිහිටුවන විට සිංහලයා එහි අධිපති ජාතිය බවට පත් වීම දෙමළ කතා කරන ජනයා විසින් සුහද අයුරින් භාර ගනු ලැබුවේ නැත. මේ ඝර්ෂණය පවතිද්දී, නිදහසින් වසර කීපයකට පසු සිට ම සිංහල නායකයෝ දේශපාලන බලය පාවිච්චි කරමින් සුළුතරය බවට පත් වූ දෙමළ කතා තරක ජනයා පෙළන ක්‍රියාමාර්ගවලට එළඹුන හ. ඉන්දීය සම්භවයක් සහිත දෙමළ ජනයාගේ පුරවැසිභාවය අහිමි කිරීම එවැනි මුල් ම පියවර වූ අතර 1956දී සිංහල පමණක් රාජ්‍ය භාෂාව බවට පත් කරන ලදී. 


සිංහලයන්ගේ මෙම ආධිපත්‍යවාදී ආකල්පය හේතුවෙන් ඒ වන විට ජාතික කොඩියට ද නැග සිටි සිංහයා දෙමළ ජනයා විසින් ආක්‍රමණික සංකේතයක් ලෙස සලකන්නට පටන් ගන්නා ලදී. 


දෙමළ ජාතිකවාදීහු සිංහයාට එදිරිව කොටියා නම් සංකේතය නිර්මානය කළ හ. කොටියා ද ලංකාවේ ස්වභාවික පරිසරයේ ජීවත් වන්නේ නැත. කොටියා රෞද්‍ර ය. 


ඉන් පසු සිදු වූ සිංහ කොටි ගැටුමේ කතාව කවුරුත් දනිති. එය අවසන් යයි ඇතැමෙක් සිතුව ද, එසේ වී නැත. අවසන් වී ඇත්තේ භෞතික යුද්ධයක් පමණි. 


සිංහයා, කොටියා යන සංකේත දෙකින් එකක්වත් කවදාවත් ලංකාවේ සැබෑ ජාතික සංකේත වන්නේ නැත. මක් නිසා ද යත් ලාංකික ජාතියක් ගොඩනැඟීමේ කාර්යයට මේ සංකේත හරහට සිටින බැවිනි. එහෙත්, සිංහලයන්ට සිය ජාතියේ සංකේතය ලෙස සිංහයා භාවිතා කිරීමට පූර්ණ අයිතියක් ඇත. දෙමළ ජාතියේ සංකේත තීරණය කළ යුත්තේ දෙමළ ජාතය විසින් විනා සිංහලයන් විසින් නො වන බව අමුතුවෙන් කිව යුතු නැත. එහෙත්, ලාංකික ජාතියේ සංකේත තීරණය කිරීමේදී පොදු එකඟතාවක් අවශ්‍ය ය.


සිංහලකම, දෙමළකම රැක ගනිමින් ලාංකිකයන් වීමට නම්, සිංහල, දෙමළ දෙජාතියට ම කැප කිරීම් කිරීමට සිදු වේ. ලාංකික ජාතියේ සංකේතය ලෙස සිංහයා ප්‍රවර්ධනය කරන්නට යාම සිංහලයා විසින් අත්හළ යුතුව තිබේ. මේ දෙජාතිය ම එක් වී කතිකා කර වෙනත් ජාතික සංකේතයක් නිර්මානය කර ගත යුතුව තිබේ. 


එසේ නො කර, අපේ සිංහයා ඔබේ ද සංකේතය ලෙස පිළි ගත යුතු යයි දෙමළ ජාතියෙන් ඉල්ලා සිටින්නට බැරි තරම් වූ ඊයම් බරු මෙන් බර ඉතිහාසයක් මේ සංකේත සමග ගැට ගැසී ඇත.


ලංකාවේ ජාතික සංකේතය ලෙස ඇත්තට ම ලංකාවේ පොළවේ ඇති සිංහල, දෙමළ, මුස්ලිම්, මැලේ, බර්ගර්, වැදි වැනි කාටත් පොදු දෙයක් තෝරා ගත යුතු ය. 


මාලදිවයිනේ සිංහ පිළිමය පිළිබඳ සිද්ධිය ගැන ඉන්දි සමරජීව ලියා ඇත්තේ මේවා කරන්නේ පිස්සු මාලදිවයින් ජාතිකයන් සුළු පිරිසක් බවයි. 


ප්‍රජාවන්ගේ සංස්කෘතික හා ආගමික පිළිගැනීම් පිළිබඳ ලිබරල් බුද්ධිමතුන්ට ඊට වඩා ගැඹුරු දැක්මක් අවශ්‍ය ය. 

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

Comments

  1. මම යෝජනා කොරන්නේ.. රිලවා.. හේතු ගොඩයි.. අමතක කොරන්න එපා. බල්ලෙකුත් කුවේනී ගාව උන්න වග...

    ReplyDelete
  2. මෙම සිංහයා ලංකාව නියෝජනය කරමින් ප්‍රදානය කලද එය ඇත්ත වශයෙන්ම සංකේතවත් කරන්නේ ලංකික පීඩිත ජනතාවය. එනම් ලංකාවේ සිටියද මාලදිවයිනට ගියද මැද පෙරදිගට ගියද අතවරයට ලක්වේ.

    ReplyDelete
  3. ඉංදියාවේ ජාතික සංඛේත‍ය ඒ රටේ හැම ජාතියකට (දන්න විදියට ජාතීන් 30 කටත් වැඩියි ) ම පොදු ද?

    ReplyDelete
  4. ලංකාවේ ස්වභාවික පරිසරයේ කොටි නෑ කියන්නෙ කොහොමද? සිංහයෝ නැති වුණාට කොටි හිටිය මේ රටේ. දැන්නම් උන් දෙපා කොටි වගේම සිවුපා කොටිත් ඔක්කොම මරලද දන්නෙ නෑ.

    ReplyDelete
  5. ඒ සිංහයාගේ බිජ්ජ කපලාද.මොකෝ ලංකාවේ ඉන්න සිංහයෝ ඔක්කෝම දැං ඉන්නේ කැරි කාපු රිලව් වගේ.

    ReplyDelete
  6. {කොටියා, දිවියා, ව්‍යාඝ්‍රයා} යන කුලකය හා {tiger, leopard} අතර පරිවර්තනය අමු පටලැවිල්ලකි. මේ නම් මොකක් කිව්වත් ඉරි තියෙන එකා ලංකාවේ නැති අතර තිත් තියෙන එකා ලංකාවේ සිටියි.

    ලංකාවේ සුලබව ව්‍යවහාර වන කොටියා හා දිවියා යන වචන දෙකම යොදන්නේ තිත් තියෙන එකාටයි. මේ වචන වැරදීමකින් යොදන්නේ නැතිය කියන තරමට සමාජ ගත වී ඇත. කොටින්ම දිවියාගේ විද්‍යාත්මක නම අගටද "කොටියා" වැනි කොටසක් යෙදේ. ඒ නිසා කොටියා දිවියා යන නම් දෙකම අයිති leopard ට කියා මට සිතේ.

    ව්යාග්‍රයා කියන්නේ ඉරී එකාටයි. ඉංග්‍රීසියෙන් tiger කියන්නේ ඌට නිසා, ව්‍යාඝ්‍රයා = tiger විය යුතු නොවේද?

    මට හිතෙන හැටියට සිදු වී ඇති වරද නම් කොටියාගේ ඉංග්‍රීසි නම tiger කියන වැරදි අවබෝධය විය හැක. මේක නම් සුද්දෙකුට වැරදුනු තැනක් අපි අදටත් වරද්දා ගෙන හිඳීමක් ද විය හැක.

    [අතුරු කතාවක් ගැන මෙච්චර කියවන්න මට පිස්සුදැයි සිතේ නම් ලංකාවෙන් වෙන රටකට දුන්නු සංකේතාත්මක සිහිවටනයකට ඒ රටේ පිරිසක් ආගමික අන්තවාදී හේතුවකට පහර දීම තුල මේ තරම් බහුබූත හිතෙන එක ඊට වඩා පිස්සුවකි. සිංහයා වෙනුවට කොටියා ම හෝ හැමෝම පිළිගත් ජාතික සංකේතයක් ගිහින් දුන්නත් මුස්ලිම් අන්තවාදීන් කළුතෙල් ගසති. මුස්ලිම් නොවුනත්, එහෙ විපස්සයින්ගේ හැටි ඔහොමත් වෙන්න ඇතිය. කතා කල යුත්තකට මට පෙනෙන්නේ කොටි දිවි ව්‍යාඝ්‍ර පටලවිල්ල පමණි]

    ReplyDelete
  7. LTTE එකේ හිටියෙ tiger කියන සතා උන් ලංකාවෙ නෑ. ලංකාවෙ ඉන්නෙ පුල්ලි තියෙන leopard කියන සතා.

    ReplyDelete
  8. Aiyyo Sinhayata giya kalak? Mahindaya rilawek thagi dunnath ootah inna denne neha. meken penawa Minissu koitharam ekadipathita wiruddada kiyala. hitapu hamudapathiwa balu kara wage dan Sinhayawath balu karala. Me nadagama natanna ape tax salli kochchara wiyadam karanna ethida?

    ReplyDelete
  9. I came flew from Singapore to Colombo on the 17 May 2010 by Cathay Pacific Flight No. CX 711. I flew on business class and while waiting at the business class Lounge inside the airport I saw Mervin Silva, His wife, Malaka Silva, Mervin’s daughter and her Husband and Mervin’s son in law was in the same lounge with Malwathu temple Mahanayake Thibbatuwe Sri Siddartha with 2 other monks. The monks were seated by Dr. Mervin at the corner of the Business Class lounge where the Internet facilities. I saw Mervin came to the Lounge Bar and carried some alcoholic beverages to the monks who were seated at the end of the Lounge away from the other passengers. There was another man from the Singapore Sri Lankan Embassy was aiding Silva and his clans at the airport. He left just before the flight took off.
    What I heard was Mervin and his family with 2 henchmen had gone on a Cruise ship tour to Hong Kong after the general elections 2010 paid by our Tax payers money and the monks had gone to Las Vegas USA for a holiday with our donated money. They all were returning to Sri Lanka with full of joy. I saw mahanayake and other monks were doing lots of duty free shopping at the Singapore airport earlier. Mainly it was ladies perfumes, DVD players, I pod, Ladies wrist watch, Electric Hair iron and a mini DVD player. I saw the monks paid by Visa Gold credit cards for his punchers.
    They were seated on Business class Cathay Pacific CX 711 flight and all arrived on Cathay Pacific flight from Singapore on the 17 may 2009 at 22:40 hrs Katunayake Airport. I also saw Monks and D. Mervin Silva had VIP passports and there for on arrival he was escorted to VIP Lounge at Katunayake airport with the monks. Therefore, Large Luggage bags of Mervin or any other person in this group were not checked by the Sri Lanka Customs. Their Passports were collected by an officer from the Airport Aviation Ltd. and later got disembarkation immigration stamp for their passports while they were at the VIP lounge. I had a friend of mine who was working at the airport and later he told me that, they all left in 12 Luxury vehicles with security respectively to Kandy and Mervin’s residence. This record can be checked with the Immigration arrival and VIP section log book at the gate. What puzzles me where did all the monks duty free shopping go? Especially the electric hair iron, ladies perfumes, ladies wrist watches and the ladies face creams. (Forget about the other stuff) I am not a catholic and still a Very religious Buddhist devotee. But After this incident I am sick and tired of the Sri Lankan monks and will never visit a temple again. (But I will still follow the Buddhism) Buddha was born in Dambadiva (India) But Kandy Dalada Maligawa charges rs. 2000.00 per person from Dambadiva to visit Buddha’s tooth. During the Perahera Maligawa charges Rs. 1000.00 to 30000.00 per seat. Where does all these money goes? FOR MONKS TO DO DUTY FREE SHOPPING I SINGAPORE? What a nonsense is this?

    ReplyDelete
  10. කතුවරයා දක්වන අදහස එනම් ශ්‍රි ලාංකික ජාතිය යන සංකල්පය මම පිළිගනිමි.නමුත් ශ්‍රි ලාංකික වීම සදහා සිංහල ජාතිකයන් සිය සිංහල කම යටපත් කරගෙන සිටියද,දෙමළ හෝ මුස්ලිම් ජනතාව ඒ සදහා සිය ජාතිකත්වය පාලනය කිරිමක් කර ඇති බව නොපෙනේ.ලංකාව තුල තේවසලාමේ නිතිය ක්‍රියාත්මක වීමත්,මුස්ලිම්වරුන් සදහා වෙනම ක්වාසි අධිකරණ ක්‍රියාත්මක වීමත් බරපතල ගැටළුවකි.රට තුල පැවතිය යුත්තේ සියල්ලන්ටම එක නීතියකි.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා