රජයට පවරා ගත් සමාගම් පාලනයට පත් කළ අනිසි බලධාරියෝ

රජය විසින් පෞද්ගලික අංශයෙන් යළි පවරා ගන්නා ලද ව්‍යාපාර පාලනය සඳහා නිසි බලධාරීන් පිරිසක් පත් කර තිබේ.


ඊට අමතරව, අදාළ සියලු අංශයන්හි සමස්ත අධීක්ෂණය සහතික කිරීමට පරිසර ඇමැති අනුර පි‍්‍රයදර්ශන යාපා මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු ඇමැති අනුකාරක කමිටුවක් හා ඊට සහය වනු සඳහා නිලධාරී අනුකමිටුවක් ද පත් කෙරේ.


ඇමති අනුකාරක කමිටුවේ ඉන්නේ බස්නාහිර පළාත් ප්‍රධාන ඇමති ධුරයෙන් පහ කරන ලද රෙජිනෝල්ඩ් කුරේ, එජාපයෙන් කරණම් ගැසූ ලක්ෂ්මන් සෙනෙවිරත්න, පැරණිකමේ තරමට ඇමතිකම මදි යයි අඬන ඩිලාන් පෙරේරා හා අසාර්ථක දේශපාලන පක්ෂයක් නියෝජනය කරන ගීතාංජන ගුණවර්ධන යන අයයි.


නීතිඥ කාලිංග ඉන්ද්‍රතිස්ස ව්‍යාපාර රැසක් පාලනය සඳහා පත් කළ නිසි බලධාරියෙකි.


තමන් යටතේ පවතින රජයේ ආයතන හරහා 'විශිෂ්ට' මහජන සේවාවක් සපයන දිස්ත්‍රික් ලේකම්වරු පිරිසක් ද කොම්පැනි නිසි බලධාරියෝ ය.


මේ අය මේ ව්‍යාපාරවල සිටි ප්‍රධාන විධායක නිලධාරීන්ටත් ඉහළින් සිටින දැවැන්තයෝ ය. අසාර්ථක ව්‍යාපාර ගොඩගැනීම කෙසේ වෙතත් මේ අය හරහා පාලක පවුලේ අයට මේ ආයතනවලට පහසුවෙන් මැදිහත් වීමට නම් පුළුවන.


තවත් විස්තර මෙතැනින් කියවන්න.

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

Comments

  1. ඊළඟ බජට් එකෙන් නැවතත් අයෝජකයොන්ට දෙයි.

    ReplyDelete
  2. ඕයි මේ මටත් හතේ හත.මාවත් පත්කරනවකෝ ඔය සමාගමක් බලා ගන්න.එතකොට මටත් ජරාපක්ෂලා යන පාරේ ගිහිං ගානක් කපා ගතහැකි.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා